කුරුණෑගල මන්ත්‍රී ධුරයට මෛත්‍රීයි පොහොට්ටුවයි අතර ගැටුම්

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර බරපතල ගැටුමක් නිර්මාණය වී තිබේ.
Sinhala Tamil English Translations and Content Writing
මෙම මන්ත්‍රී පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර පත් කිරීමේ උත්සාහය කිසිසේත් අනුමත කළ නොහැකි, නීති විරෝධී, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පටහැනි කි‍්‍රයාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මාධ්‍යවලට ප්‍රකාශ කර තිබේ.
සාලින්ද දිසානායකගේ මරණයත් සමග 2015 මහමැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ මීළඟ අවස්ථාව හිමි වීමට නියමිතව තිබුණේ ශාන්ත බණ්ඩාරට ය. එහෙත්, ශාන්ත බණ්ඩාර ඒ වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත් කර තිබුණු හෙයින් ඊළඟ අවස්ථාව හිමිවිය යුත්තේ එච්ඩී.එම්.ඩී.බී. හේරත්ට ය.
ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු වන අතර ඩී.බී. හේරත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිතවාදියෙකි. 2015 මහ මැතිවරණයේදී ශාන්ත බණ්ඩාර මනාප 42884ක් ලබාගත් අතර එච්.එම්.ඩී.බී. හේරත් මනාප ඡන්ද 42789ක් ලබාගත්තේ ය.
මෙම තත්වය තුළ සාලින්ද දිසානායකගේ මරණින් දින දෙකකට පසු ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය. ඔහුගේ අපේක්ෂාව වන්නේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාගැනීමයි. මෙම ක්‍රියාමාර්ගයට ඔහුට උපදෙස් දී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ආරංචි මාර්ග පවසයි. මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් බහුතරයක් අයත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.
මේ වන විට කුරුණෑගල තේරීම් භාර නිලධාරිවරයා මේ පිළිබඳ නීතිපතිවරයාගෙන් විමසා තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා