ගාලු කුමාරි මොඩ් වෙලා; තව කට්ටියත් එහෙම වෙනවාලු

පොදු ප්‍රවාහනයේ සිදු වන සංවර්ධනාත්මක පියවර අගය කළ යුතුයි. කාර්යාල වේලාවෙන් බැහැරව බෙලිඅත්ත සිට කොළඹටත්, කොළඹ සිට බෙලිඅත්තටත් ධාවනය වන දුම්රියක් වන ගාලු කුමාරි නවීකරණය වෙලා. කලිනුත් හැබැයි ගාලු කුමාරිට දිව්වෙ තරමක් හොඳ තත්වයේ S 12 වර්ගයේ දුම්රියක්. දැන් ඒ වෙනුවට අලුත් ම අලුත් S 13 දුම්රියක් සේවයේ යොදවා තිබෙනවා.
එහි පළමු පන්තියේ ටිකට් වෙන්කරගෙන යා හැකි වායු සමනය කරන ලද මැදිරි දෙකක්, දෙවන පන්තියේ මැදිරි දෙකක් සහ තුන්වන පන්තියේ මැදිරි හතක් අඩංගුයි.
පළමු පන්තියේ කොළඹ සිට මාතරට සහ බෙලිඅත්තට රු. 1000යි; ගාල්ලට රු. 600යි; ගාල්ල සිට මාතර සහ බෙලිඅත්තට රු. 500යි.
දුම්රිය සේවය සංවර්ධනය කිරීම සඳහා රජය පහත දැක්වෙන දුම්රිය ආනයනය කිරීමට පියවර ගෙන තිබේ.‍
DEMU (ඩීසල් විද්‍යුත් බහුත්ව ඒකක) බලවේග කට්ටල තුනක් ඉන්දියාවෙන්  
S14 බලවේග කට්ටල නවයක් චීනයෙන් 
දුම්රිය එන්ජින් 12ක් ඇමරිකා එක්සත් ජනපදයෙන්
දුම්රිය එන්ජින් හතක් ඉන්දියාවෙන්
අරුවක්කාලු වෙත කසල ප්‍රවාහනය සඳහා දුම්රිය තුනක් චීනයෙන් 
ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 160ක්
ඉන්දුනීසියාවෙන් දුම්රිය මැදිරි 75ක්
ඉන්දියාවෙන් දුම්රිය ඉන්ධන බව්සර 30ක් සහ කන්ටේනර් වැගන් 20ක් 6
ඉන්දුනීසියාවෙන් ඩක්කු 20යි
ඉන්දීය ආධාර යටතේ මහව සිට ඕමන්තෛ දක්වා කිලෝමීටර් 130ක දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා පසුගිය ජුලි 18දා ඉන්දීය සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කරන ලදී. එක්සත් ජනපද ඩොලර් මිලියන 91.3ක් වැය වන, අවුරුදු තුනක් තුළ සම්පූර්ණ වන මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය ස්ථාන 12ක්, බෝක්කු 218ක්, පාලම් 90ක් සහ දුම්රිය හරස් මාර්ග 78ක් සංවර්ධනය කිරීමට නියමිත ය.
පහත දැක්වෙන්නේ අලුත් දුම්රියේ ඡායාරූප කීපයක්


මේ ළඟදී එන්නට නියමිත S 14 දුම්රියක්
Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා