රාජ්‍ය සේවය කප්පාදු කිරීම හමුදාවලින් ඇරඹීම


රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ හයකින් අඩු කළ යුතු බවට ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ බාහිර න්‍යායාචාර්ය කෙනෙකු ලෙස කටයුතු කරමින් සිට දැන් පීල්ල මාරු කරමින් සිටින මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ එය හමුදාවෙන් ආරම්භ කළ යුතු බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති හා බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමති යටතේ පාසල් 1-5 සහ 6-13 ලෙස වර්ගීකරණය කරද්දි ඒකට විරුද්ධ වුණ අපේ ගමේ පාසලක මුග්ධ ආදි ශිෂ්‍ය සංගමයක් හා ගුරුවරුන් තර්ක කළේ එය හොඳ දෙයක් නම් රාජකීය විද්‍යාලයෙන් ආරම්භ කර පෙන්වන ලෙසයි. අන්තිමට එම පාසල මහින්දෝදය ව්‍යාපෘතියෙන් ඉවත් කරන ලද අතර අවශ්‍ය පහසුකම් ලැබුණේ නැත. නිර්මාල් රංජිත් හිතාගෙන ඉන්නේ තමන් මාර ගැටයක් ගැසූ බවයි.

ලංකාවේ හමුදාවල 2023 වන විට ලක්ෂ තුනක පමණ භට පිරිස් සිටියා. ඒවා අඩු කිරීම ඒ කාලෙම ආරම්භ කළා. ඒවා කළේ ක්‍රමානුකූලව. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ යෝජනා 2023 අයවැයෙන් ඉදිරිපත් කළා. ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එහෙම ඒ කටයුතු කාර්යක්ෂමව මෙහෙයෙව්වා.

2030 වන විට ලක්ෂයක නිත්‍ය සංඛ්‍යාවක් දක්වා ආරක්ෂක භට පිරිස් අඩු කිරීමට රජය තීරණය කර තිබෙන බව තෙන්නකෝන් පැවසුවා.

දුමින්ද හුළංගමුවලා ඒ කාලෙත් හිටියා. ඒගොල්ලන්ට සද්ද දාලා සමාජය කළඹන්නට සීයාගෙ කාලෙ අවස්ථාව ලැබුණෙ නැහැ. වැඩක් කරන ක්‍රමයක් තියෙනවා.

ආරක්ෂක හමුදා අඩු කරනවාය කියන්නෙ වියදම් අඩු කරන එකම නෙමෙයි. ආරක්ෂක හමුදා නවීකරණය සඳහා අවශ්‍ය පුහුණුව හා සම්පත් වෙනුවෙන් යන වියදම වැඩි වෙන්නත් පුළුවන්. ආරක්ෂක වියදම් ශීර්ෂයෙන් ආරක්ෂාවට යන වියදම් විතරක් ගණනය වෙන්නෙ නැහැ.

ආරක්ෂක වියදම් ගැන සලකා බැලීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය පවා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බව අප අමතක නොකළ යුතුයි. එසේම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ජාතික ශිෂ්‍ය භට බලකාය වැනි ආයතන සඳහා වන වියදම්වලින් කොටසක් අධ්‍යාපනය සඳහා කරනු ලබන වියදම් ලෙස ද ගණනය කළ හැකියි.

භට පිරිස් අඩු කිරීම ආරම්භ කළ යුත්තෙ ඉහළ තනතුරුවලින් බව හිටපු හමුදා නිලධාරියකු වන කරු ජයසූරිය මහතා පවසනවා. ඒ සමගම ඒ අයගේ කාර්ය මණ්ඩලත් අඩු වෙනවා.

කෙසේ වෙතත්, පසුගිය කාලයේ ආරක්ෂක හමුදාවලට සිදු කළේ අත්‍යවශ්‍ය බඳවාගැනීම් පමණයි. රාජ්‍ය සේවයෙත් බොහෝ දුරට එහෙමයි. විරැකියාවට විසඳුම් ලෙස උපාධිධාරීන් වැනි අයට රජයේ රැකියා ලබාදීම රනිල් වික්‍රමසිංහගේ කාලයේ කෙරුණේ නැහැ.

අලුත් අදහස්, දැනුම, විශ්ලේෂණ ගෙන එන අපේ චැනල් එක ෆලෝ කරන්න. https://whatsapp.com/channel/0029Vaqi3yx77qVJdzXZ7d0p

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න