තැඹිලි පාට සාරි ඇඳීමට වඩා බොහෝ දේ අවශ්‍යව තිබේ

Praja.lk (Follow our Whatsapp channel: https://whatsapp.com/channel/0029Vaqi3yx77qVJdzXZ7d0p )

තැඹිලි පාට කිරීමේ මෙම ඡායාරූපය සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය නැති කිරීම වෙනුවෙන් ව්‍යාපෘති මත පදනම්ව උද්දේශනය ක්‍රියාත්මක කරන ඉහළ පෙළේ රාජ්‍ය නොවන සංවිධානවල අතිවිශාල ජයග්‍රහණයකි. මෙම කාරණා වෙනුවෙන් අවුරුදු පතා අතිවිශාල ධනස්කන්ධයක් වැය කරනු ලැබේ.

එහෙත්, බිම් මට්ටමේ සමාජභාවය මත පදනම්ව ප්‍රචණ්ඩත්වයට ලක්වන පිරිස් අඩු තරමේ එය කුමක්දැයි කියාවත් දන්නේ නැත. අඩු තරමේ 2005 අංක 24 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පනත කියා එකක් මේ රටේ අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක බව දන්නේ නැත.

‘ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත’ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන්ම 12වන වගන්තියට පටහැනි බවයි. එමගින් සම ලිංගික විවාහ සිදු විය හැකි බවක් ද කියැවිණි.

ඒ පිළිබඳව කාදිනල් හිමියන්ගේ අදහස වූයේ ලිංගිකත්වය තෝරාගැනීමට නොහැකි බව හා උපතින් ලැබෙන ලිංගිකත්වය භාරගත යුතු බවයි.

ත්‍රෛනිකායික මහනායක හිමිවරු එය ආගමට හා සංස්කෘතියට පටහැනි බව ප්‍රකාශ කළහ.

කාන්තාවන් 23ක් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත. එය ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාවයි. එහෙත්, බිම් මට්ටමේදී දේශපාලනයේ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට ඉවහල් වන යටිතලයක් නිර්මාණය වී නැත.

එය අවුරුදු පනහකට අධික කාලයක් තිස්සේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක්ද? මෙය තනිකරම මාලිමා රැල්ලේ ප්‍රතිඵලයකි. රාජ්‍ය නොවන සංවිධාන ජයග්‍රහණයක් නොවේ.

මාලිමා රැල්ල නිර්මාණය වූයේ ඉහත දක්වන ලද සමාජභාවී සමානාත්මතා විරෝධී රැල්ල වැනි අගතීන් මත පදනම්වය.

ලංකාවේ සමාජභාවය පිළිබඳ අර්බුදය එයයි. තැඹිලි පාට සාරි ඇඳීමට වඩා බොහෝ දේ අවශ්‍යව තිබේ.

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න