පාතාලයට බය මාලිමාව
මේ වන විට පාතාලය රටම ග්‍රහණයට අරගෙන බව කවුරුත් දන්නවා. පාතාලයට අභියෝග කරන්නට යම් යම් ආකාරවලින් උත්සාහ කරපු දේශපාලකයන්ටත්, පොලිස් නිලධාරීන්ටත් පෙරමුණු ගණනාවකින් අභියෝග එල්ල වුණා. මාලිමා ආණ්ඩුව බලයට පත්පවීමත් සමගම පොලිසිය ඉහළ මට්ටමෙන්ම දේශපාලනීකරණය වීමක් දක්නට ලැබුණා.
මේ අතර තමයි ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවන් ඇප ලබාගැනීම් වාර්තා වෙන්නෙ. පොඩි ලැසී තමයි මුලින්ම එළියට ආවෙ. ඉන් පස්සෙ මැඩගස්කරයේ සිට විශාල මහජන මුදලක් වැය කර ලංකාවට ගෙනාපු කුඩු සළිඳු. මුන්ට ඇප ලැබෙනකොටම ඕනැ කෙනෙකුට තේරෙන්නට ඕනැ උන් රටින් පනින බව. හැබැයි ඉතින් මොනවා හෝ හේතු මත ඒක නොතේරෙන අය අපේ රටේ වගකිව යුතු බලධාරීන් අතර ඉන්නවා.
මේ අතර ඊයේ ඇමති සුනිල් වටගල පැවසුවේ මත්ද්‍රව්‍ය හා පාතාලය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලය සම්පූර්ණයෙන්ම පොලිසියට පවරා ඇති බව හා දේශපාලන ඇඟිලිගැසීම් නොමැති බවයි.
පොලීසියේ ඇතැමුනුත්, පාතාලයත් සම්බන්ධ බව ද ඔනෑම කෙනෙක් දනිති. එහෙයින් අදාළ ඇමතිවරුන් පාතාල හා මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නේ නම් කසිවක් සිදු වන්නේ නැත. එසේම, වර්ධනය වන අරාජිකත්වය පාතාලය විසින් තවත් තීව්‍ර කරනු ඇත.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.