Posts

Showing posts with the label සරත් නන්ද සිල්වා

ජොනීගේ ඇනීම හා සරත් නන්දගේ ඇන ගැනීම

Image
දූෂිත පාලකයන් ගැන විමර්ශන කළ යුත්තේ පොලිසිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වැනි මහජන ආයතනයි. ඊට අමතරව, ජනමාධ්‍යවලටද එහිදී සුවිශේෂ වගකීමක් තිබේ. එහෙත්, එවැනි ආයතන පාලකයන්ගේ පාලනයට නතු වී තිබෙන සංදර්භයකදී පාලකයින්ගේ දූෂණ ගැන විමර්ශන සිදු වන්නේ නැත. විමර්ශන පසෙක තිබියදී චෝදනා එල්ල කරන මහජනයාට, මහජන නියෝජිතයන්ට හා ජනමාධ්‍යවලට ද යහතින් ඉන්නට ඉඩ සැලසෙන්නේ නැත. දූෂිත පාලකයන් හැම විට ම තමන් වටා තවත් දූෂිතයන් රොත්තක් රැස් කර ගනියි. මහජන මුදලින් යැපෙන මේ සොරු මහ හොරාගේ ආරක්ෂක පලිහ වෙති. මහ හොරාගේ ආරක්ෂාව තමන්ගේ ද ආරක්ෂාව බව ඔවුහු දනිති. පළමු වීඩියෝවෙහි සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු රඟන්නේ එම භූමිකාවයි. දෙවන වීඩියෝවේ සිටින සරත් නන්ද සිල්වා රඟන්නේ කුමන භූමිකාවක් ද යන්න පැහැදිලි නැත. ඔහු පුනරුත්ථාපනය වී තිබේ ද? ඔහු කරන ප්‍රකාශය තුළ ද වැදගත් කාරණයක් තිබේ. මාධ්‍ය වාර්තා මත පදනම්ව නඩු පැවරිය නො හැකි බව කියා සරත් නන්ද සිල්වා සිය පැරණි මිතුරා වූ මහින්ද රාජපක්ෂ සුනාමි අරමුදල් වංචා නඩුවෙන් බේරා ගත්තේ ය. ඒ සුනාමි අවස්ථාවේ අග්‍රාමාත්‍ය අරමුදල නම් රාජ්‍ය අරමුදලට ලැබුනු රුපියල් මිලියන 82ක අරමුදල් නීත...

සරත් නන්ද සිල්වා අංශක 180ක් හැරෙමින් සිටියි

Image
පසුගිය දිනෙක සරත් නන්ද සිල්වාට ජනාධිපති හමු විය.  මහින්ද රාජපක්ෂගේ කසාදයට පවා අත්සන් කළ ඔහු අගවිනිසුරු කාලයේ සුනාමි ආධාර දූෂණ චෝදනාවෙන් සිය මිතුරු ජනාධිපති අපේක්ෂකයාව බේරාගත්තේ නීතිය කැ ළ ේ ගහලා ය.  මේ හරිම බඩු දෙක නැවත සෙට්වීම අපූරු සිද්ධියකි.  ඔන්න දැන් සරත් නන්ද සිල්වා අංශක 180ක් අනෙක් පැත්ත හැරෙමින් සිටියි. මේ දිනවල ජනමාධ්‍ය ඇසුරු කර බලන්න.  මොවුන් සමග ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනඟන්න ගිය අයට සම්මා සම්බුදු සරණයි!  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

හිටපු අග විනිසුරු තීන්දු දුන් පරණ කේස් ඇවිස්සීම හොඳ දෙයක් ද?

Image
(2010 පෙබරවාරි 06- W3Lanka )   හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ලබා දුන් ඇතැම් නඩු තීන්දු පිළිබඳ යළි සලකා බැලීම සඳහා විශේෂ කොමිසන් සභාවක් පත්කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතිය ගොඩනැගීමේ ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කෙළේය. හිටපු අගවිනිසුරුවරයා විසින් එරෙහිව තීන්දු ලබා දී ඇති ආණ්ඩු පක්‍ෂයේ සියලු දෙනා වෙනුවෙන් මේ කොමිසම පත්කරන ලෙස ද ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හත්දෙනෙක් හෝ දහතුන්දෙනෙක් පත්කරන ලෙස ඉල්ලා සිටින බව ද ඇමැති පුෂ්පකුමාර හදිසි නීති විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය. එහෙත්, අප නම් කියන්නේ මේ ඔස්සේ සිදු වන්නේ පරණ කුණු ඇවිස්සී පැරණි ගන්දස්කාරයන් යළි පැතිරීම බවයි. එබැවින් මෙය තේරුමක් නැත. එකල අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ගේ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලද මුදල් පෞද්ගලික ගිනුමකට බැර කිරීමෙන් රු. අට කෝටි තිස් ලක්ෂයක් පිළිබඳ විශ්වාසය කඩ වුණේ ය යන පදනම මත 2005දී රහස් පොලිසිය විසින් ආරම්භ කරන ලද පරීක්ෂණයෙන් සිය මානව හිමිකම් කඩ වන්නේ යයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අ...

කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

Image
(2009 සැප්තැම්බර් 23 - W3Lanka) බාලසූරිය කංකානමලාගේ අභය පද්මසිරි බාලසූරිය  මහනුවර මල්වතු පාර්ශවයේ භික්ෂුන් වහන්සේ නමකට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ දේපළ නඩුවක් පැවැරීය. එම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම ප්‍රශ්නගත වු බැවින් එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරන ලෙස පැමිණිලිකරු අභියාචනය කළේය. මෙකල අභියාචනාධිකරණයේ සභාපති ධුරය හෙබවූ අගවිනිසුරු සරත් නන්ද සිල්වා පැමිණිලිකරුට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නඩුව මාරු කිරීමේ මුල් නියෝගය අවලංගු කළේය. හිටපු අගවිනිසුරුවරයා, මහනුවර දිසා-විනිසුරුවරයා , භික්ෂුන්වහන්සේ සහ නඩුවට අදාල සමාගම් නියෝජිතයා නිතර හමුවන අය බැවින් තමනට අගතියක් වෙතැයි සිතූ පැමිණිලිකරු සිය නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුව යොමු කිරීමෙන් පසුව නඩුව යළිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර මේ ක්‍රියාදාමයෙන් එවකට අභියාචනාධිකරණ සභාපති වූ සරත් නන්ද සිල්වා වෛර බැඳගත් බව අභය පද්මසිරි බාලසූරිය සඳහන් කරයි.  මේ වෛරය පිරිමසාගැනී...