අලුත් කුරුල්ලෙක් ඇවිදින්

ඊයෙ උදේ මං වැඩ කර කර ඉන්නකොට අලුත් ම අලුත් කුරුළු ගීතයක් ඇහුණා. 

මට මතක් වුණේ පදවිය පැත්තෙ ඉන්න කොහාගෙ සද්දෙ. ඒ කොහා මෙහේ කොහාට වඩා වෙනස්. ඇඟ නම් එක සමානයි. ඒත්, ඇස් වටේ තියෙන්නෙ දීප්තිමත් නිල් පාට රවුමක්. මෙහෙ කොහාගෙ ඇස් වටේ තියෙන්නෙ රතු පාට රවුමක්. 

පදවියෙ ඉස්කෝලෙ උගන්නන කාලෙ උදේට ඇහෙන ස්වර හතරෙ සිංදුව ගැන විපරම් කරනකොටයි මට මේ කොහා හමු වුණේ. ඒ කොහාගෙ ගීය මෙහෙ කොහාගෙ ගීයට වඩා වෙනස්.

බෙවිස් මනතුංග ඉන්න දඹුල්ලේ ගල්පොතුයායෙදි පසුගිය උදෑසනක ඒ වගේ කුරුළු හඬක් ඇහුණා. ඒත්, දිගට ඇහුණෙ නැති නිසා ඒ හඬම ද කියන්න අමාරුයි.

පදවියෙ ඉන්න කාලෙ අපේ චමරියෙ හිටියා ගාමිනී චන්ද්‍රදාස. හැමදාම උදේට කුරුල්ලෙක් ඇවිත් ‘ගාමිනී - ගාමිනී' කියනවා. 

අපේ ඊශාගෙ පුංචි අම්මා කියනවා එයාගෙ ගෙදර පැත්තෙ කුරුල්ලෙක් ‘ඉදලක් සත පහයි' කියනවා ය කියලා. ඒ ගැමි කාන්තාව කියූ තේරවිලි ටිකක් මෙතනින්. තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත

හැමදාම පාන්දර "අජිත්, අජිත් වේස කොටිය" කිය කියා මට බනින
කුරුල්ලෙක් ගැන මං ලියපු කවියක් මෙතනින්. 
පාන්කිරිත්තෝ 

මේ සටහන ලියන වෙලාවෙත් කුරුල්ලෙක් ‘කිචොක් - කිචොක්' කියනවා.

උඩහ කන්ද පැත්තෙන් ශාස්ත්‍රීය මට්ටමේ ගීත ඉහළ ස්වරවලින් කියන හඬවලුත් ඇහෙනවා. 

මේ කවිය ලිව්වෙ ඊයෙ උදේ. ටිකක් පොලිෂ් කළා අද උදේ. 

කුරුළු ගීයක් අහන එක දේශපාලනය ගැන කතා කරනවාට වඩා හොඳයි. 


අලුත් කුරුල්ලෙක් ඇවිදින් 


අලුත් කුරුල්ලෙක් ඇවිදින් 
අලුත් ම ගීයක් ගයතෙයි 
අලුත් උදෑසනක් අරන් 
පරණ හිරු පිපී හිනැහෙයි 


කුරුලු සංධ්වනිය මැද්දෙන්
අලුත් ගීය මතුව ඇසෙයි 
පැරණි ගස් කොළන් අතරින් 
නව දළුව පින්නෙ දිළිසෙයි 


යුග ගණන් ගෙවුණු ගල් කුළු
මතින් පා පොඩිති එසවෙයි 
සෝඩි ටිකිරි දෙපයින් මුත් 
ගලේ මං ලකුණු මතු වෙයි 


නො දන්න ස්වරයක් හොයන්න
අලුතින් ගීයක් ගයන්න 
සරසවියනි නුවණ දෙන්න 
අලුත් අලුත් දෑ තනන්න


(2016 - 01 - 24)





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /''කුරුළු ගීයක් අහන එක දේශපාලනය ගැන කතා කරනවාට වඩා හොඳයි''/
    .
    කොහොමද ඔයාට දැනෙන්නේ සනීපයි වගේද " අජිත් වේස කොටියා?

    ReplyDelete
    Replies
    1. ඔව් ජාතිවාදියො. කොහොමද අපි උඹලට දුන්න වැඩේ.

      Delete
    2. "කොහොමද අපි උඹලට දුන්න වැඩේ"

      නැට්ටෙ ඉඳන් ගොම... හක...හක....

      Delete
  2. මටත් අලීම තන්තොසයක් ට්යෙනෙ බන්

    අපිට ලෙජ්ජා නා බන් එ උනාට මේක අපේ රාජ්ජය යකෝ !

    ReplyDelete
    Replies
    1. සිංහල නො දන්න මොංග ලේ

      Delete
  3. /* සරසවියනි නුවණ දෙන්න */

    පව්.......!

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඉතින් පව් කියන වචනෙත් පාවිච්චි කරන්න බැහැ. සිංහලේ තියෙන හුඟක් සාහිත්‍යමය යෙදුම් අපට භාවිතා කරන්න බැරි වෙනවා.

      Delete
  4. සිංහ-ලේ නෙවෙයි ලියපු හැටියට නම් සක්කි-ලේ වගේ.
    නාටු නෙවෙයි බන් "නාථ දෙවියෝ". දෙවි වරුන්ටත් අපහාසයක් තොපි වගේ ම්ලේච්චයෝ ඒ දෙවි වරුන්ගේ පිහිට අපිට ප්‍රර්ථනා කරන එක. හැබැයි සිංහල අකුරුත් නොදැන සිංහලේ කබල් ගාන්න ගියොත් අ-නාථ වෙලා තමයි උබල නවතින්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා