තමන් කණ පිට ගසාගෙන බලන්නට වමට පුළුවන් ද?

තමන් ලංකාවට වඩා ඕස්ට්‍රේලියාවේ ජීවිතය ප්‍රිය කරන්නේ ඇයි ද යන්න මගේ මිතුරියක් පසුගිය දවසක මට කීවා ය.

ඇය කියන්නේ අනුන්ගේ සිත රිදවන්නට අකැමැති හා ඒ නිසා ම අනුන් කෙරෙහි සැලකිලිමත් මිනිසුන් ඇයට බොහෝ විට ඒ රටේදී හමු වන බවයි.

මෙය බොහෝ සරළ කාරණයකි. එහෙත් එය ඉතා ගැඹුරු ය.

ලෝකෙන් උතුම් රට ය කියන, උතුම් සද්ධර්මය පවතිනවා ය කියන අපේ රටේ මිනිස්සු, සමහරවිට මේ ලියන මාත් ඇතුළුව, අනුන්ගේ සිත් රිදවන්නට මෙතරම් කැමති ඇයි?

මං මේ කියන කාරණය අදාළ වෙන්නෙ එදිනෙදා ජීවිතයෙදියි. අපට ගෙදරදි, ගමේදි, පාර තොටේදි, වැඩපළේදි හමු වන මිනිසුන් ඇයි මෙතරම් අනුන්ගේ හිත් රිදවන්නට කැමති?

අපේ මිනිසුන්ට ලැබෙන ඉතා සුළු බලයක් පවා ඔවුන් භාවිතා කරන්නේ අනුන් පීඩනයට පත් කරමින් තමන්ගේ අධිකාරය පතුරුවන්නටයි. තමන් අත තිබෙන බලයෙන් අනුන්ට උපකාර කර සතුටු වන්නට ඇයි අපේ මිනිසුන් වැඩිදෙනෙකුට බැරි?

මම සාමාන්‍යයෙන් මෙයින් වළකින්නට සෑහෙන්න උත්සාහ කරනවා. ඒත්, මේ මාධ්‍ය ජීවිතයෙදි නම් ඒ වැඩේ කරන්න අමාරුයි. විශේෂයෙන් ම මම මේ කියන කතාව දේශපාලනයට නම් අදාළ නැහැ. සමස්ත ජන ජීවිතයක් එක්ක සම්බන්ධ ඒ වැඩේදි බබා උක්කුං නැහැ. ඒ නිසා මම නම් දේශපාලන ගේම්කාරයන් සම්බන්ධයෙන් කිසිම අනුකම්පාවක් නැහැ.

මේ කාරණයට අදාළව පසුගිය දිනෙක අපේ පාඨකයෙකු පළ කළ අදහසක් ගැන මම ටිකක් හිතුවා.

එම පාඨකයා නිර්නාමිකව හිඳිමින් කිව්වේ මෙයයි:

Dear Ajith,

As far as I understand, your vision is based on all values are baseless and that nothing can be known or communicated. It is often associated with extreme pessimism and a radical skepticism that condemns existence. In simple form, you would believe in nothing, have no loyalties, and no purpose other than, perhaps, an impulse to destroy.

ඇත්තට ම මං එහෙමද කියන එක මං හිතුවා. මම කිසිවක් විශ්වාස නො කරන කෙනෙක් ද?

මට ආගමක් නැහැ. මං මාක්ස්වාදයවත් ආගමක් විධියට පිළිගන්නේ නැහැ. ඒත්, මට විශ්වාසයන් ඇත්තේ ම නැද්ද? කල්පනා කරගෙන යනකොට ඒ කතාවේ ඇත්තක් නැත්තෙත් නැහැ.

හැබැයි මට පක්ෂපාතිත්වයන් නැතැය කියන එක මට පිළිගන්න බැහැ. මං කිසිදු දේශපාලනඥයෙකුට හෝ දේශපාලන පක්ෂයකට පක්ෂපාතී නැති වෙන්න පුළුවන්. ඒත්, සාමාන්‍ය ජීවිතයේදි මම මිත්‍රත්වයට පක්ෂපාතීයි. ඒ කාරණය ගැන දන්න මගේ බිරිඳ කියන්නේ මං මෝඩ ලෙස පක්ෂපාතී බවයි. ඒ පක්ෂපාතිත්වයන් ආපසු නො ලැබීම නිසා මම දුකට, ලැජ්ජාවට පත් වූ අවස්ථා අනන්තයි. මං දැන් හිතන්නේ මං දෙන දෙය ගැන විතරයි. ආපසු ලැබුණත්, නැතත් ඒ ගැන නො සිතා ඉන්නට මම උත්සාහ කරනවා.

මට විනාශ කිරීමේ පෙළඹවීමක් හැර වෙනත් අරමුණක් නැති ය කියන එක නම් මං හිතන්නේ සාහසික ප්‍රකාශයක්. හැබැයි, වාමාංශිකයන්ට මාව එහෙම පෙනෙන එක සාධාරණයි. වම සම්බන්ධයෙන් සුබවාදීව හිතන්නට මට හරි අමාරුයි. මගේ ජීවිතෙන් වැඩි කාලයක් ගෙවුණේ වාමාංශික දේශපාලනය වෙනුවෙන්. මං වැඩිපුර ඇසුරු කළේ වාමාංශික ක්‍රියාකාරිකයන්ව. එහෙත්, මිනිස්කම පැත්තෙන් ගත්තා ම ඉතා ම දුර්වල මිනිස් කොට්ඨාසයක් තමයි වාමාංශිකයන් කියන්නේ. ඔවුන් සියලු මිනිස් සම්බන්ධකම් විග්‍රහ කරන්නේ පක්ෂයට සාපේක්ෂවයි. පක්ෂය කියන්නේ පක්ෂය වෙනුවෙන් ම පවතින අද්භූත සතෙක්. මේ අද්භූත සතා නිසා වාමාංශිකයන්ට පුළුවන් අද තමන් වෙනුවෙන් ජීවිතය දෙන්නට ඉදිරිපත් වූ මිනිසා හෙට පක්ෂය වෙනුවෙන් මරා දමන්නට. මම හිතන්නේ වාමාංශික අවකාශයේ පක්ෂපාතිත්වයන් තිබෙන්නේ පක්ෂය සමග විතරයි. මිනිසුන් සමග නැහැ. දේශපාලන ගමන් මාර්ගයේ තමන් ඉදිරියට අරගෙන ආ කුමාර් ගුනරත්නම්ගේ ජීවිතය අවසන් කරන්නට වුණත් අනුර කුමාර දිසානායකට හැකි වන්නේ ඒ නිසායි. විජේවීරට නන්දන මාරසිංහ ගැන අංශු මාත්‍රයක අනුකම්පාවක් ඇති නො වන්නේ ඒ නිසායි. මේ වාමාංශික මිනිස්භාවයේ පරමාදර්ශී තත්වයන් තිබෙන්නේ උතුරු කොරියාවේයි.

ඇත්තෙන් ම විනාශ කිරීමේ පෙළඹුම තිබෙන්නේ වාමාංශිකයන්ටයි. නිදසුනක් ලෙස, මේ මොහොතේ ලංකාවේ වාමාංශිකයන් කරන දේශපාලනය සලකා බලන්න. ඉතා පැහැදිලිව ම, ලංකාවේ සිටින අසංඛ්‍යයක් වාමාංශික කල්ලි කණ්ඩායම්වලට බලයට පැමිණීමේ විභවයක් නැහැ. එයට හේතුව වන්නේ ඔවුන්ට ධනේශ්වර පක්ෂ සමග එකතු වෙන්නට පුළුවන් වුණත්, තවත් වාමාංශික පක්ෂයක් සමග එකතු වෙන්න බැහැ. ඔවුන්ට බලය හිමි වුණොත් බොහෝ විට සිදු විය හැකි දෙයක් වන්නේ සෙසු වාමාංශික කණ්ඩායම් මර්දනයට ලක් වීමයි.

ඒ වගේ ම වාමාංශිකයන්ට ලංකාවේ මේ මොහොතේ පවතින ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කිසිදු වැඩපිළිවෙලකුත් නැහැ. කුමන අඩුපාඩුකම් මධ්‍යයේ වුණත්, 2015 ජනවාරි 08දා බලයට පැමිණි ආණ්ඩුව ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු සමග පොරබැදීමක යෙදී සිටින බව කිව යුතුයි. ලොකු ප්‍රාතිහාර්යයක් දකින්නට නැති වුණත්, ඔවුහු අරගලයක් කරනවා. ලංකාවේ රජයේ අය වැය පරතරය හා ණය බර අඩු කර ගන්නට, ආයෝජකයන් හා සංචාරකයන් ආකර්ශනය කර ගන්නට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කරන්නට, නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවන්නට හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට පාලකයෝ යම් උත්සාහයක් දරනවා. ඒක පරිසමාප්ත නැහැ. දිගු කලක සිට රෝගී වී සිටින දේශපාලන ක්‍රමයක් තුළ අපට එකපාරට ම එවැනි තත්වයක් බලාපොරෛාත්තු වන්නට බැහැ. ඒ වගේ ම කලින් සිට පැවති රෝග ලක්ෂණ මතු වන එකත් වළක්වන්නට බැහැ.

ජනතාව ලෙස අප කළ යුතුව තිබෙන්නේ සිදු වන දේ ගැන අවදියෙන් සිට, ධනාත්මක විවේචනයන් කිරීමයි. ඒත්, වාමාංශිකයන් කරන්නේ මොකක් ද?

වාමාංශිකයන්ගෙන් කොටසක් එ්කාධිපති මහින්ද රාජපක්ෂ දිගට ම බලයේ තබා ගන්නට උත්සාහ කළා. ඒ වෙනුවෙන් ඡන්ද කැඩීමේ කුමන්ත්‍රණවල නියැලුණා. ඒ වගේ ම මහින්ද රාජපක්ෂ පැන්නීමේ අරගලයට උර දුන්න ඇතැම් වාමාංශිකයන් ද ඉන් පසු, ආණ්ඩුවට ඉදිරියට යන්නට කාලයක් නො දී, ධනාත්මක විවේචනය වෙනුවට කුහක අවලාද ඉදිරියට ගත්තා. එහි උච්චස්ථානය ලෙස පසුගිය දිනවල ජවිපෙ නායකයකු වන බිමල් රත්නායක “ජනවාරි 08 ලෝක ඉල්ලන් කෑමේ දිනය බවත් එදින රාජපක්‍ෂලාට ඉගෙනගන්න සැලැස්වීම හා රාජපක්‍ෂලා ගෙදර යවපු එක ජනතාව කල විශාල වරදක්" බවත් කිව්වා. ඔහු තමන්ගේ අදහස කිව්වේ ෆේස්බුක්වල තිබුණ අදහසක් ලෙසයි. තමන්ගේ අදහස වෙනුවෙන් පෙනී සිටින්නට ඔහුට ධෛර්යය නො තිබීම එයට හේතුව වන්නට ඇති.

විනාශ කිරීමේ පෙළඹුම කියන්නේ මෙන්න මේකට ය කියලායි මම නම් හිතන්නේ.

වාමාංශිකයන් ගැන අතිශය අසුබවාදී වීම අත්‍යවශ්‍ය දෙයක්. මන්ද, වාමාංශිකයන් මේ රටේ පරම්පරා දෙකක්, තුනක් ගඟේ යැව්වා. ඒවායින් පාඩමක් ඉගෙන නො ගත්, විජේවීරගේ කතා විලාසයේ සිටන් කොපි කරන අනුකරණවාදීන් කැලතක් නැවත මතු වී ඉතිහාසය පුනරුච්චාරණය කරන්නට උත්සාහ කරමින් ඉන්න සංදර්භයක තවත් පරම්පරාවක් ගඟේ යවන්නට ඔවුන්ට ඉඩ නො දිය යුතු බවයි මම නම් හිතන්නේ.

වම රැවටිලිකාරිත්වයෙන් මුදාගෙන අව්‍යාජ සංවාදයට නිරාවරණය කළ යුතුයි. මේ බ්ලොගය වම සම්බන්ධයෙන් දරන ස්ථාවරය එ්කයි. වම ආගමික මාක්ස්වාදයෙන් මිදී, විවෘත සංවාද අවකාශයක් බවට පත් විය යුතුයි. ඒ වෙනුවෙන් අතුණුබහන් එළියට ඇද ගන්නට වම සූදානම් විය යුතුයි.

මම නම් ඒකට සූදානම්. අවුරුදු තිහක විතර අපේ දේශපාලන භාවිතාව ගැන දන්නා අයට අපවත් ප්‍රශ්න කරන්නට පුළුවන්. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මගේ අදහස නම් වම නියෝජනය කරන අදහස් පොතක හෝ ලියවිල්ලක ඉතා අනර්ඝ ලෙස විවාද කල හැකි ආකර්ශණීය දෙයක් වුනත් ප්‍රායෝගික නැති ධර්මයක් ලෙසයි. අසීමිත සම්පත් තියෙන රටකට හෝ ලෝකයකට නම් සමාජවාදය ප්‍රායෝගිකයි. හැමෝටම හැමදේම නොමිලේ බෙදන්න පුළුවන්. තව ජීවියෙක් ලෙඔකෙට බිහිකරන්න වියදමක් නැත්නම්, (එම ජීවියා ලොකු මිනිසෙකු වන තෙක් අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර, නිවාස ආදිය නොමිලේ දෙන්න පුලුවන් නම්) සීමාවකින් තොරව ජනහහනය වැඩි වෙන්න බාධාවක් නැහැ. ජනගහනය සම්පත් ප්‍රාමණයට ඔරොත්තු දෙන ප්‍රමාණය ඉක්මවූ පසු, තිබෙන සම්පත් ප්‍රමාණයට මිලක් නියම වෙනවා. එහෙම නොවුනොත් තිබෙන සම්පත් ප්‍රමාණය කීප දෙනෙකුට බෙදා දීලා අනික් අය බලන් ඉන්න වෙනවා. උදාහරණය ලංකාවේ නොමිලේ දෙන 'නිදහස්' අධ්‍යාපනය.

    ReplyDelete
    Replies
    1. මිනිසුන් ජවිපෙට කැමැත්තක් දක්වන්නේ ඔවුන් බොහෝ දෙනෙකු ගේ අවංක භාවය නිසා. ඔවුන් එය ඔවුන්ගේ ආර්ථික ක්‍රමයට ජනතාව කැමති යැයි වැරදි වටහා ගැනීමක් කරනවා. ධනවාදී (ධනපතිවාදී නොවේ) ආර්ථික ක්‍රමයක් පිලිගන්නා අවංක පාලනයක් තමයි රටකට ජනතාවකට අවශ්‍ය. එවන් කට්ටියක් බිහිවුන දාක සහ (වහල් මාන්සිකත්වයෙන් මිදී) වෙනස වටහාගන්න මිනිස්සු බුද්ධිමත් වුන දාට අද ඉන්න දේශපාලකයින්ට තැනක් නැතිවෙනවා.

      Delete
    2. ඉයන් සහ පැරා,

      //මං දැන් හිතන්නේ මං දෙන දෙය ගැන විතරයි. ආපසු ලැබුණත්, නැතත් ඒ ගැන නො සිතා ඉන්නට මම උත්සාහ කරනවා. //

      පැරා මේක ඉතා හොද ගුණයක්, මමත් බොහෝකලක් සිට මෙය අනුගමනය කරනවා, මෙනිසා කවුරුහරි නැවත උපකාර නොකළ කියල කිසිවිටකත් මගේ හිතේ කලකිරීමක් ඇතිවෙලා නෑ. යම් උපකාරයක් මට කිරීමට නොහැකි නම් කෙලින්ම කරනවා බැරිනම් බැරි බව කියනවා.

      //මම හිතන්නේ වාමාංශික අවකාශයේ පක්ෂපාතිත්වයන් තිබෙන්නේ පක්ෂය සමග විතරයි.//
      මගේ මාම කෙනෙක් සිටිය දැඩි වාමන්ශිකයෙක් මම දැකපු වැදගත් දෙයක් තමයි ඔහු තුල තියන කුහක කම සහ ඉර්ශියාව, නමුත් සහෝදරයා කියල වාමාංශික දේශපාලනය ගැන ඉතා කිට්ටුවෙන් කතාකිරීමට ඔහුට හැකියි. මම වාමන්ශිකයන්ගේ දැකපු දෙයක් තමයි මුලින් තමන් රැවටී පසුව අනුන් රැවටීම.

      නමුත් ලෝක දෙසපාලනයේදී වාමාංශික දේසපාලනය ගැන වයසෙන් වැඩි වෙනවිට මම දුටුව දෙයනම් සමහර රටවල වාමාංශික ක්‍රමවේද යොදල දියුනු වෙලා තියනවා උදාහරණ mondragon සමුපකාරය. http://lankasithuwili.blogspot.com/2016/01/mondragon.html

      ප්රශ්නය අපරටේ මෙය යොදා නොගනිමයි.

      Delete
    3. වාමාංෂික කුහකකම universal එකක්... මොකද ඔවුන්ට අනුව ධනවදී සමාජය කියන්නේ විනාෂ කලයුතු, විනාෂ වෙන එකක්.. ඒනිසා ඒක විනාෂ කිරීම අවුලක් නෑ..
      ලංකාවේ විතරක් නෙමේ ඇමරිකාවේ වම්මුත් එහෙමයි..
      ඇමරිකාවේ කිසිම සමාජවාදී රටක නැති සුව පහසුව ඇතුව ජීවත්වෙන ගමන් මිලියන ගනනක් මරාදාපු සෝවියට් සමූහාන්ඩුවෙයි, පොල්පොට් ලගෙයි ගුනගායනා කරපු, කාලකන්නි කැස්ත්‍රෝගේ කියුබාවෙන් බේරිලා ඇමරිකාවට එන මිනිස්සු පාවාදෙන්නන් ලෙස හැදින්වපු නෝම් චොම්ස්කි වගේ කුහක වම්මු බිහිවෙන්නෙ ඒකයි..

      Delete
  2. 'ලෝකෙන් උතුම් රට ය කියන, උතුම් සද්ධර්මය පවතිනවා ය කියන අපේ රටේ මිනිස්සු, සමහරවිට මේ ලියන මාත් ඇතුළුව, අනුන්ගේ සිත් රිදවන්නට මෙතරම් කැමති ඇයි?'


    අජිත් ඔය ගැන මමත් නිතරම හිතනවා. මට හිතෙන්නේ අපිට පොඩි කාලේ ඉඳලා ප්‍රාණ ගාථ කරන්න එපා කිව්වා මිසක් සත්තුන්ට හා මිනිස්සුන්ට ආදරය කරන්න කියල දීලා නැ නේද, හොරකම් කරන්න එපා කිව්වා මිසක් අනුන් දුක් මහන්සියෙන් හම්බ කරන දේවලට respect කරන්න කියල දීල නැ නේද, කාමයේ වරදවා හැසිරෙන්න එපා කිව්වා මිසක් තව කෙනෙකුගේ සැපත දැක සතුටු වෙන්න කියල නැ නේද

    මම දකින වෙනස තමයි මෙහෙ පොඩි ළමයින්ට 'එපා' කියන දේ වෙනුවට හොඳ දේ කියා දීමයි. උදාහරණයක් විදිහට love, compassion, empathy etc. පොඩි කලේ ඉඳලම ළමයි ඒවාට පුරුදු කරනවා. මෙහේ කොයි තරම් මිනිස්සු අනිත් අය වෙනුවෙන් voulnteer වැඩ කරනවද.

    ඔබේ මිතුරිය ඇත්තටම ගරු කරන්න ඕනේ කෙනෙක්. මොකද මං දන්නා වැඩි දෙනෙක් ලාංකිකයො මෙහෙ ඉන්නේ 'අනේ අපි නම් මෙහෙ ඉන්නේ නැ , මෙහෙ ළමයි හදන්න බෑ ,health system හොඳ නෑ , අපෙන් tax කරලා කුඩු කාරයන්ට දෙනවා ' ඔහොම කිය කියා නේ. ඒ අතින් අවංකව කතා කරන ඔබේ මිතුරියට අපේ ප්‍රණාමය.

    Thank you for starting a conversation on this.

    ReplyDelete
    Replies
    1. sorry typo...should be 'volunteer'

      Delete
    2. ලෝකෙන් උතුම් රට...
      Read this in Facebook.

      This happened last evening. This car carrying 5 guys pulls up next to my tuk while I zip from Chambers in Col 5 to College House in Col 7.

      They start passing comments and decide to take pictures of me. At which point I pull out my camera to return the courtesy and they roll the shutters up and speed off.

      If they are uncomfortable with me doing it to them, I am as or more uncomfortable with them treating me this way. This is the malady that plagues SL.

      A single woman being harassed on the streets. No excuse or reasoning justifies this. It is plain wrong. I have every right to travel alone at any time of day wearing what I choose to, without being harassed as much as a man does.

      I know I generalise when I say that Sri Lankan men do NOT know how to behave and treat women. There are the exceptions but this seems to be the norm. And somehow our society is ok with it.

      Victim blaming: which has happened to me too. Blaming it on your attire, for walking alone, for being out late etc.

      Then I am told I generalise and blame all SL men. I don't. I just use the phase "SL men" to mean the vast majority of SL men. There have been men who have accused me of being prejudiced against our own brown ones and being partial to others.

      But guess what? Even a month of a European summer in summer clothes didn't invite one adverse comment nor did I feel unsafe or threatened at ANY point. Instead I have been gallantly walked back in the dead of night when I lost my way. In clothes I would never dare wear in Colombo nor dare to walk alone so late at night.

      it's sad that a woman is made to feel threatened in her own country irrespective of attire or time of day. It's ironic you actually are safe in a country not your own where you do not even ,speak the language.

      To all those men who have told me I'm biased/ prejudiced, please go tell your friends/ family/ sons to stop behaving like animals!

      Delete
    3. 200 pct agree. While there are some SL men who respect women, the majority vent their sexual frustration at any woman, at any time. They don't have the discipline to manage their feelings like many western men are capable of doing. I think our education, culture as well as the women who do not know how to sexually please their men are all to blame.

      Delete
  3. මේ පින්බිමේ ඉපදීමට පින් ඇතත්, අමාමහ සද්ධර්ම රත්නයේ පහස ලබමින් ජීවත් වීමට පින් නැති කාලකණ්නින්ට ඔය වගේ මිත්‍යා දෘෂ්ඨික, සදාචාරයක් නැති රටවල් සුරලෝක වගේ පෙනෙනවා තමයි.

    ඹය රටවල තියෙන අනේකවිධ විෂමාචාර, විනෝදාස්වාදය ලෙස දකිමින්, ගිනි දැල්ලට ඇදී ගොස් විනාශවන කණාමැදිරින් ලෙස, ඒවායේ ඇලීගැලී සසර දිගු කරගන්නා පාපතරයන්ට එවැනි දේ සිතීම සාමාන්‍යයය.

    අපට උඹලාට කියන්නට ඇත්තේ එක දෙයකි. එවැනි පහත් දේවල් (ගණීකා සේවනය, මත් ද්‍ර‍ව්‍ය, මත් පැන්, වැරදි කාම සේවනය වැනි, මිනී මැරුම්) නොමැති, සම්බුද්ධ ධර්මයෙන් පෝෂිත සුපේෂල සංස්කෘතියක් ඇති මේ රටට අපහාස කරමින් පව් රැස් නොකොට තොපි ගිය දිල්ලියකට ගිහින් කට වහගෙන හිටපියව්, තොපි ජාතක කළ මිනිස්සුන්ටත් පවි නොදී.

    ලබන් ආතමයකදී හෝ මේ රටේ වාසය කරමින්, නියම සිංහල බෞද්ධයින් ලෙස තිස්තුන් පැයේම ශ්‍රී සද්ධර්මයේ පහස ලැබීටම පින් කරපියව්.

    මේ රටේ මුර පවුර බඳුවූ ගරුතර සංඝරත්නය මර්ධනය කිරීමට පනත් ගෙන එමින්, මිත්‍යාදෘෂ්ඨික අන්‍යාගමික පූජකයන් පාලනය කිරීමට පනතක් තියා චක්‍රලේඛයක්වත් නොහදමින්, මේ රටේ සිංහල බොද්ධ පදනම විනාශ කිරීමට වලිකන උන්ටික පුළුවන්නම ඔය රටවල් වලට ගෙන්න ගනිල්ලා, අඩුම ගානේ. ඒ පින හොඳටම ඇති.

    තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. Which country you are talking about...'Thavthisa heaven?' hikis.

      Delete
    2. AnonymousJanuary 23, 2016 at 11:29 AM,
      බලන්න ඔබ අදහස් පල කරන්නේ ද්වේශයෙන් නේද ?
      අද බෞද්ධ ලෙස පෙනීසිටින බොහෝදෙනා අඩුගානේ බුදුරජානන් වහන්සේ දෙසනා කරලා තියෙන්නේ මොනවද ? කියල බැලීමට සුත්‍ර පිටකයේ කිසිම ග්‍රන්ථයක් පරිහරණය කරලා නෑ.
      ඔබ අහල බලන්න බෞද්ධ පිරිසකගෙන් “සියල්ල සිදුවන්නේ කර්මයන් නේද?” කියල 90% දෙන උත්තරය ඔව් යන්නනයි නමුත් බුදුදහමේ නෙමෙයි මෙහෙම උගන්වා ඇත්තේ නිඝන්ට නාත පුත්තගේ දර්ර්ශනයේ.
      ඒ අනුව බෞද්ධ ලෙස පෙනීසිටින බහුතරය නිඝන්ට නාත පුත්තගේ ශ්‍රාවකයන්
      බුදු දහමේ
      01. ක්‍රමය 02. චිත්තය 03. ඉර්තු 04. ආහාර ලෙස අංග 4 දැක්වෙනවා

      අපේ පැරා වැනි මහත්වරුන්, මට පෙනෙන හැටියට බුදුදහම ලෙස සිතන්නේ රටේ භික්ෂුන් වහන්සේලා පවසන දෙයයි මෙහිදී මේ භික්ෂුන් වහන්සේලා ගේ වැරදි දුටුවිට එය බුදුදහමේ වැරදි ලෙසයි නිර්වචනය වනෙනේ.

      Delete
    3. බුදු දහම ලෙස සිතිය යුත්තේ සුප්‍ර‍තිපන්න සංඝයා වහන්සේ විසින් දේශනා කරන දේ නැත්නම් පල්ලියේ පාස්ටර්ලා කියන දේ ද? නිකන් පවි පුරවා නොගන්න.

      තෙරුවන් සරණයි!

      Delete
    4. Ano or Annie 11.29 a.m. Jan 23rd

      'අමාමහ සද්ධර්ම රත්නයේ පහස ලබමින්' සිටින ඔබේ comment එකේ ඇති වෛරී සහ අපහාසාත්මක වචන දිහා බලන්න. ඔබට පිළිතුරු දී ඇති Lankika Sithuwili හෝ ඔබට පහලින් හා ඉහලින් comments දා ඇති කිසි කෙනෙක් හෝ මේ post එක දාපු Para හෝ එවැනි වචන පාවිච්චි කර නෑ. මා දන්නා සමහරු ඉන්නවා පටන් ගන්නේ 'නමෝ බුද්ධාය' කියල ඉවර කරන්නේ 'තෙරුවන් සරණයි' කියලා නමුත් කතා කරන්නේ එක්කෝ කාට හරි බනින්න නැත්නම් අපහාස කරන්න.

      මා හිතනවා ඔබ දන්නවා ඇති කියලා ධර්මය කියන්නේ ඉපදීම සහ මරණය පිලිබඳ Universal Law එකක් කියල. එය සිංහල Buddhists අයට විතරක් දේසනා කරපු දෙයක් නොවෙයි. ඒ ධර්මය තේරුම් ගන්න වෙනත් ආගම, ජාති සහ වෙනත් රටවල අයට බුද්ධිය තියෙනවා. මා දන්නා western අය ඒ ධර්මය ප්‍රායෝගිකව ජීවිතය ආලෝක කරගන්න යොදා ගන්නවා. ඔබ වගේ අය බුදු හාමුදුරුවෝ මේ සංසාරයෙන් නිදහස් වෙන්න කියලා දීපු ධරමයේ හිරකාරයෝ වෙලා ඉන්නවා (imprisoned instead of liberating).

      හොඳට මතක තියාගන්න බුද්ධ ධර්මය තියෙන්නේ ජීවිතය අවබෝධ කර ගන්නයි, කලකිරෙන්න නෙවෙයි. ඔබ වගේම 'සද්ධර්මය', 'සංඝරත්නය' ගැන කට ඇරියොත් කතා කරන මා දන්නා කෙනෙක් දැන් psychiatry treatment ගන්නවා. එයාට පෙන්නේ 'ගිනි දළු' විතරයි. ඒ අතරේ Lotto ගන්නත් පෝලිමේ ඉන්නවා. තමන්ගේ හිත තමන්ම රවට ගැනීම අවසන් වුනේ psychiatrist ළඟ.

      මා දැකල තියෙනවා මේ bloggerලා සමහරුන්ට කට්ටිය බනිනවා ඔවුන් සිංහල buddhist අය විවේචනය කරනවා කියල. නමුත් මට තේරෙන විදිහට නම් ඔව්න් උපහාසයෙන් ලියන්නේ මේ සිංහල buddhist නමින් සමහරු කරන විකාර වලට. තමන් විවේචනය කරපු අයට බුදු හාමුදුරුවො ඉවසීමෙන් පිළිතුරු දුන්නා, මෛත්‍රී කලා. ධර්මය තියෙන්න ඔබ වගේ blind faith අයට නෙවෙයි. යමක් විමසා බලන්න පුළුවන් අයටයි.

      මේකට ඔබේ ප්‍රහාරය එල්ල ක‍රන්න කලින්, ඉඳ ගෙන ඉන්නේ මොකක් උඩද බලන්න, උඩට ගත්ත වස්ත්‍රය පහලට දාගන්න, පොඩ්ඩක් මෛත්‍රී භාවනාව කරලා ඉන්න හොඳේ please.

      Delete
    5. AnonymousJanuary 23, 2016 at 12:30 PM,
      මා කරපු විත්තරයේ “පල්ලියේ පාස්ටර්ලා කියන දේ ද? “ සදහන් වෙනේ කොහෙද ?
      කරුණාකර ඔබ http://www.aathaapi.org/Thripitaka.html ගොස් හෝ මේ පොත් පන්සලකට ගොස් හෝ මිලදීගෙන අඩු ගානේ පිටු කීපයක් වත් කියවන්න.
      මේවා සිංහලයට පරිවර්තනය කර ලියල තියෙන්නේ පාස්ටර්ල නෙමෙයි මෙරටේ සිටිය සුපේශල ශික්ෂාකාමී මහා සංඝ රත්නය විසින්.
      මේ ග්‍රන්ථ කියවල ඔබම තීරණය කරන්න ඔබ බෞද්ධක් ද? කියල
      තෙරුවන් සරණයි !

      Delete
    6. Ano Jan 23 11.29 a.m.

      "ඹය රටවල තියෙන අනේකවිධ විෂමාචාර, විනෝදාස්වාදය ලෙස දකිමින්",
      Sour grapes .... he he.

      "තොපි ගිය දිල්ලියකට ගිහින් කට වහගෙන හිටපියව්, තොපි ජාතක කළ මිනිස්සුන්ටත් පවි නොදී"
      Is this the language of a 'buddhist'?

      "ලබන් ආතමයකදී හෝ මේ රටේ වාසය කරමින්"
      Any one wanting to practise in the buddhist path should aspire to be born in a western country. That's the bitter truth.

      Take care Ano.

      Delete
    7. AnonymousJanuary 23, 2016 at 2:24 PM

      my sentiments exactly. I wish you blog.
      Good luck

      Delete
    8. Thank you Ian. I am no blogger, just a fan including yours. (I had to come Ano, as I am not sure how to create a profile without revealing too much of personal info. Need to play around and figure it out).

      Delete
    9. AnonymousJanuary 23, 2016 at 11:29 AM

      මට නම් හිතෙන්නේ මෙය මීවනපලානේ ජයරත්න සටයිල් කොමෙන්ට් එකක් බවයි.

      බොහෝවිට එවැනි උපහාසාත්මක පහරදීම හදුනා ගන්නට අපේ මිනිස්සු අසමත්. "වෙසක් ලබනවා තොරන් බදිනවා" වගේ ඒවා උපහාසයට ලක්කළ ගීත වෙසක් කාලෙටම දන්සල් වල ඇහෙන්නේ මේ හේතුව නිසාමයි.

      Delete
    10. Man upathinma bauddayek. eth man budu dahame thiyena godak dewal piligannawa eth 100% newei 90% withara. aththa athi satiyen dakina mata oba tumata kiyanna deyak thiyenawa. oba thuma methana pastors la gana kiyala thiyenawa. api hamoma piligath yuthu eka aththak thiyenawa. e thamai christhiyani agama nanam me wenakota budda drmaya ithiri wela na. ekata hethuwa mekai. muslim antha wadi kalli lokaye mmusilim agama pathiraweeme wegaya adu wela thiyenne christhiyani jana kotas ema muslim kriya waliyata erehiwa nagi sitina nisa. ehema nathuwa christiyani kattiyath bauddayo wage mamma mage nowei. mage athmaya nowei kiya kiya hitiyata hitiyanam christiyani agama loke ithiri wenne na. buddayo kohomath podi kale idanma agamen hikmawana hinda api echchara satan kami naa. ithin christiyan agama nathnam muslim katiiya mulu lokema ikmaninma allanawa. api wage samakami agamaka inna kattiyak muslim janathawara itha lesiyen lokayen athugala danna puluwan. man me kiuwe mata danena deyak pamanai. ehema nathuwa christhiyani agamata kade yamak nowei. hamotama theruwan saranai.

      Delete
  4. ඔය මධ්‍යම පාන්තිකයින්ගෙ කුහක්කම නම් ලංකාවෙ තියෙන සීමිත අවස්තා නිසා ඇතිවෙච්ච එකක්.. වෙනත් අග්නිදිග ආසියාතික රටවල මධ්‍යම පාන්තිකයින්ට ලේසියෙන් කරන්න පුලුවන් වාහනයක් ගැනීම, සැපපහසු ගෙයක් හදාගැනීම, ලමයින්ට හොද උසස් අධ්‍යාපනයක් ලබාදීම, පවුලත් එක්ක මුදල් වියදම් කර සාප්පු සවාරියක් යෑම ආදී දේවල් ලංකාවෙ මධ්‍යම පාන්තිකයට කරන්න නම් රිඹ යන්න මහන්සි වුනත් අමාරුයි....

    වාමාංෂික කුහකකම එකක්... මොකද ඔවුන්ට අනුව ධනවදී සමාජය කියන්නේ විනාෂ කලයුතු, විනාෂ වෙන එකක්.. ඒනිසා ඒක විනාෂ කිරීම අවුලක් නෑ.. ලංකාවේ විතරක් නෙමේ ඇමරිකාවේ වම්මුත් එහෙමයි..
    ඇමරිකාවේ කිසිම සමාජවාදී රටක නැති සුව පහසුව ඇතුව ජීවත්වෙන ගමන් මිලියන ගනනක් මරාදාපු සෝවියට් සමූහාන්ඩුවෙයි, පොල්පොට් ලගෙයි ගුනගායනා කරපු, කාලකන්නි කැස්ත්‍රෝගේ කියුබාවෙන් බේරිලා ඇමරිකාවට එන මිනිස්සු පාවාදෙන්නන් ලෙස හැදින්වපු නෝම් චොම්ස්කි වගේ කුහක වම්මු බිහිවෙන්නෙ ඒකයි..

    ReplyDelete
    Replies
    1. ඈත්තටම ඔයා ඉස්කෝලේ කියේ පන්තියට ගිය ඵකෙක්ද?

      ඔයා මාක්ස්වාදය දන්නෙත් නෑ.........ධනවාදය දන්නෙත් නෑ..........
      නිකම්ම නිකන් උදරපෝශක පෙත්තප්පු කෙනෙක් කියලා තේරෙනවා............වෑඩිමනක්, දේස්පාලකයකුට හේත්තුවෙලා මස්කටු කාලා දෑන් ඵක නෑතිව හන්ටර්වෙලා ඉන්න බයි පෑටියෙක් කියලත් තේරෙනවා...............

      ඔයා පලමුවෙනි චේදෙන් විස්තර කරන මද්‍යම පාන්තිකයන්ගේ අර්බුදයට තමා ධනවාදයේ අර්බුදය කියන්නේ..............ඵ්කට උත්තරය තමා මාක්ස්වාදය තුල තියෙන්නේ..............

      මේ දෙකේ අන්තර්සම්බන්දය ඔයාට තේරුම්ගන්න බෑරිවීම පුදුමයක් නෙවෙයි.............ඵ්ක තේරුම්ගන්න මොලේ පොඩ්ඩක් විතර ඔන !

      ( පොල්පොට් සමාජවාදියෙක් කියන ඵකෙන්ම ඔයාගේ උගත්කම තේරෙනවා...........පොල්පොට් කියන්නේ CIAකාරයෙක් කියන ඵක නොදන්න කෙනෙක් නෑ නේ........පොල්පොට් ඵයාගේ ෆෑසිස්ට්වාදී කල්ලියට කම්පුචියා කො.ප කියන වචනය පාවිච්චිකරපු ඵකෙන් කියන්න පුලුවන්ද ඌ කොමියුනිස්ට්වාදියෙක් කියලා...........හිට්ලර් ඵයාගෙ පක්ශෙ හදුන්වාගත්තේ ජාතික සමාජවාදී කියන නමෙන්.......
      ඵ් හින්දා ඉතිහාසය ටිකක් ඉගෙනගෙන ඵන්න ! )

      Delete
    2. හිට්ලර් - ජාතික සමාජවාදී
      මහින්ද - ජාතික ධනවාදී

      Delete
    3. //ලපකුමාර සමාජවාදියෙක් කියන ඵකෙන්ම ඔයාගේ උගත්කම තේරෙනවා...........ලපකුමාර කියන්නේ CIAකාරයෙක් කියන ඵක නොදන්න කෙනෙක් නෑ නේ........ලපකුමාර ඵයාගේ උදරපෝෂක කල්ලියට ජනතා විමුක්ති පෙරමුණ කියන වචනය පාවිච්චිකරපු ඵකෙන් කියන්න පුලුවන්ද ඌ සමාජවාදියෙක් , විමුක්ති වාදියෙක් කියලා...........හිට්ලර් ඵයාගෙ පක්ශෙ හදුන්වාගත්තේ ජාතික සමාජවාදී කියන නමෙන්.......
      ඵ් හින්දා ඉතිහාසය ටිකක් ඉගෙනගෙන ඵන්න ! //

      Delete
  5. අද කියවන්ඩ ලැබුණ හොඳ බණක් සහ ධර්ම සාකච්ඡාවක්. තව තවත් පිරිස් ධර්ම සාකච්ඡාවට පැමිණෙත්වා

    ReplyDelete
  6. සිංහල අය බොහොමයක් ෆේස්බුක් හා බ්ලොග් කොමෙන්ට් දාන්නේ ද්වේශ සහගත ලෙස..පටන්ගන්නේ කුණුහරුපවලින්..අශික්ශිත වචන වලින්. වෙනත් රටවල බ්ලොග් සහ ෆේස්බුක් කොමෙන්ට්ස් බලන්න. ඒවා සිංහල ඒවාට වඩා බොහොම ශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. Ano-that's true. Most people do not even know the basics of decent communication.

      Delete
  7. //ලෝකෙන් උතුම් රට ය කියන, උතුම් සද්ධර්මය පවතිනවා ය කියන අපේ රටේ මිනිස්සු, සමහරවිට මේ ලියන මාත් ඇතුළුව, අනුන්ගේ සිත් රිදවන්නට මෙතරම් කැමති ඇයි?
    කවුද හැබෑටම ඔහොම කියන්නේ. මම නම්කවදාවත් ඔහොම කියලා නෑ. උතුම් රටවල්වත් උතුම් මිනිස්සු කියලා දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. //කවුද හැබෑටම ඔහොම කියන්නේ. මම නම්කවදාවත් ඔහොම කියලා නෑ//

      ඔබ වගේ වැඩකට නැති තුට්ටු දෙකේ අය කිවුවේ නැති උනාට මේ රටට එන සංචාරකයෙකුට කතා කරලා බලන්න ඒ මිනිස්සු අපේ රටට ගැනත් මිනිස්සු ගැනත් කොච්චර පැහැදීමකින්ද යන්නේ කියලා.

      http://www.sundaytimes.lk/93640/marco-pierre-white-samples-sri-lankan-cuisine

      වෙන රටවල සංචාරක කර්මාන්තයට ආයෝජනය කරන විදියට අපි මොනවද කරන්නේ. ඒත අපේ රටට ලෝකයේ සංචාරකයන් මෙච්චර එන්නේ උතුම් රටක් නිසා තමයි. අනෙක අපේ මිනිස්සුන්ගේ තියෙන අව්‍යාජත්වය සහ අවංකත්වය.

      හැම දෙයක් ගැනම සෘණාත්මකව දකින ඔබ වගේ අය තමා ලංකාවට තියෙන ලොකුම පිළිලය. දියුණුවෙන්න තියෙන ලොකුම බාධාව.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා