ජාතිවාදියෝ සූදානමිනි. ඔබ සූදානම් ද?

ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා මුල පිරුවේ ය. 

සකලවිධ ආණ්ඩු විරෝධීහු නව ජවයක් ලැබුවා වැනි ය. 

සිංහල, දෙමළ ජාතිවාදයෙන් තමන්ට ගොඩ යන්නට පාරක් කැපෙනු ඇතැයි බොහෝ දෙනෙක් දත මැදගෙන සිටිති. 

ඉදිරියේදී තමන්ට රජ කෑමක් ලැබෙනු ඇතැයි මාධ්‍ය ඈනුම් අරිමින් බලා සිටියි. 

මේ පෙරේත කාලකන්නින් මැදින් රටකට ඉදිරියට යාම පහසු නැත. එවැනි සංදර්භයක නිර්භයව මෙම කාර්යයට අතගැසීම ගැන අප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ දෙපළට සුබ පැතිය යුතු ය. එය දැවැන්ත අභියෝගාත්මක මුලපිරීමකි. ඔවුන් එයට එළඹ තිබෙන්නේ ඇති වන්නට හෝ නැති වන්නට බලාගෙන විය හැකි ය. 

එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ, ලංකාවේ පසුගාමී සමාජය තුළ අයවැයට සිදු වූ දෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් සිදු වන්නට තිබෙන ඉඩ බොහෝ ය.

ජනාධිපති මෛත්‍රීපාල ජාතිවාදී සළු පිළි ඇඳ ගැනීම හා ගාමිනී සුමනසේකර, මාලින්ද සෙනෙවිරත්න වැනි අය බා ගැනීම මෙම සංදර්භය තුළ තේරුම් ගන්නට පුළුවන. 

එහෙත්, ජාතිවාදයෙන් තෙම්පරාදු වූවන් විශ්වාස කළ නො හැකි ය. 

මහින්ද, විමල්, උදය, දිනේෂ්, ඥානසාර පමණක් නොව ජාතිවාදයේ රස දන්නා ජවිපෙ, පෙසප, චම්පික, රතන වැනි අය ගැන ද පරිස්සම් විය යුතු ය. එසේම, කොටි සංවිධානයේ නටබුන් ද උතුරේ සියතින් ගිලිහුණු බලය ගැන යළි බලාපොරොත්තු තබා ගනු ඇත. මොවුන් මනා අවබෝධයකින් කටයුතු කරනු ඇත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතාන්ත්‍රික කතිකාවක් මත පදනම් විය යුතු ය. එහෙත්, ජාතිවාදීන්ට ඒ කතිකාව හයිජැක් කරන්නට ඉඩ නො දිය යුතු ය. 

මෙහිදී ජනමාධ්‍ය මෙහෙයවීම ඉතා වැදගත් ය. ආණ්ඩුව මෙතෙක් එහිදී සාර්ථක වී නැත. 

ජනමාධ්‍ය මෙහිදී දෛනික උදර පෝෂණය හා ලාභයට වඩා රටේ හා ජනතාවගේ අනාගතය ගැන සිතා වගකීමකින් කටයුතු කරනවා නම් ජාතිවාදීන්ට ඒ තරම් නටන්නට ලැබෙන්නේ නැත. 

සමාජ මාධ්‍ය පැත්තෙන් ඉදිරියේදී අපට තිබෙන කාර්යභාරය සුළු පටු නො වන බව ද, අපගේ ශක්තිය ද සුළු පටු නැති බව ද අප මතක තබා ගත යුතු ය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉස්සරහට දමා බැලූ සිරි පැරකුම් මුට්ටිය යූ ටියුබ් මට්ටමෙන් ම ආපසු ඇද ගන්නට සිදු වුණේ සමාජ මාධ්‍යවල බලය නිසා ය. 

අරගලය අත නො හැර ඉදිරියට යන්නට අප අපට ම දිරි වඩා ගත යුතු ය.

ප.ලි: මේ ටිකත් කිව යුතු ය. මේ වන විට ලාච්චු හිස් වී තිබෙන රාජ්‍ය නොවන සංවිධාන ද යළි ව්‍යාපෘති ලියාගෙන වැඩේට එන්ටර් වෙනු ඇත. එහෙත්, කිව යුත්තේ ඔවුන් එනවාට වඩා නො එනවා නම් හොඳ බව ය. මන්ද, ඔවුන් විසින් සාමය සඳහා වන ස්වේච්ඡා මහජන ව්‍යාපාර ව්‍යාපෘතිගත කර අලෙවි කරමින් අල කර දමනු නිසැක ය.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,

    ජාතිවාදය බොහෝදෙනා දකින්නේ සිංහල, දෙමල හෝ මුස්ලිම් ජාතීන්ගේ කොටස් තම ජාතින් උසස් ජාතිය බව කියමින් අන් ජාතින් හෙලා දකිමින් අන් ජාතීන්ට හිරි හැර කරමින් පවත්වන ක්‍රියාවලියක් ලෙසයි.

    මම නම් මෙය දකින්නේ වෙනස් විදියකිනුයි, ඔබ හිතන්න ඔබට විශාල මුදල් ඇති ආයෝජන අවස්ථා ඇති ධනපතියෙක් කියල නැත්නම් ඔබත් සමග ඔබවනිම ධනපතියන් කොටසක් සිටිනවා යයි සිතමු. ඔබල දකිනව මිනිසුන් සමගියෙන් දිවුණු වන රටක් තිබෙනවා මේ රටේ විවිද සම්පත් තිබෙනවා, මෙරට මුලික වෙළද නැව් මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබෙනවා.

    දැන් ඔබලාට උවමනායි මෙහි ආයෝජනය කිරීමට, ඔබ මේ රටට ඇවිත් බලනවා ඩොලර් බිලියන 2 ආයෝජනය කිරීමට, දැන් ඔබ දැනගන්නවා උවමනා කරන ඉඩම් මිලදීගෙන ඔබට උවමනා අනෙකුත් සම්පත් සොයාගැනීමට ඩොලර් බිලියන 1 යන බව, ඔබ මොකද කරන්නේ ඔබ බලනවා මෙරටේ ජනකොට්ටාස 3 මුලිකව පවතිනවා, ඔබට අයින්ස්ටයින්ගේ වගේ අදහසක් පහළවෙනවා !!

    මොකද්ද ඒ? ඔබ රහසිගතව ආයතනයක් ඇතිකරනවා මෙම ආයතනයේ මුලිකම වැඩේ තමයි සෑම ජාතියේම ජාතිවාදී අදාළ ජාතියේ "ලේවලට කතාකලහැකි " නායකයන් සොයා ගැනීම, දැන් සිදුවෙන්නේ ඔවුන් සමග මිත්‍ර සම්බන්ධතා ගොඩනගන මෙම ආයතනය අදාළ ජාතිවාදී සංවිදානයට උවමනා අරමුදල් සපයනවා, හිතන්න රුපියල් මිලියන 500 කියල (රුපියල් 10000 ට මිනීමරන රටේ මේක කිරිකජු) මේ ආකාර යට දෙපිරිසම මරාගන්න විට අධාල රට වෙලදම් කිරීමට නෙමෙයි මොනම දෙයකටවත් ආයෝජනය කිරීමට කිසිවෙක් නොඑන මට්ටමට ගෙන එනවා, දැන් අධාල ධනවත් ඔබ නැවත කියනවා ඔය රටේ මේ සම්පත් මම ඩොලර් මිලියන 100ට ගන්න කැමති කියල, මේ අවස්ථාව වන විට අධාල සම්පත් වල මිල අඩුවෙලයි තියෙන්නේ උදාහරණ ලෙස පෙර ප්ර්ච් 1 රුපියල් ලක්ෂ 15 ට විකුනපු එක දැන් ලක්ෂ 1ට ගන්නේ නැතිතරම්.

    දැන් කොහොමද ජාතිවාදයේ ලාභය.

    දැන් ඔබට අතීත මතක සටහනකට ගෙන යන්නම් 1983 කළු ජුලියෙදේ https://www.youtube.com/watch?v=KQI_p02uE2M
    හරිම වැදගත් දෙයක් සිදුවී තිබෙනවා එනම් ලෝක මාධය ශ්‍රී ලකාවට පැමිණ වාර්තා කිරීමයි, මෙහිදී මෙම මහතා සදහන් කරනවා "strange coincidence"
    ඇත්තටම මේ දෙවාල් strange ත් නෑ coincidence එකකුත් නෙමෙයි මේ සියලු දේ සිදුවන්නේ මනා සැලසුමකට අනුවයි.

    දැන් අපි පවතින තත්වය බලමු අපරටට පැමිණෙන George Soros ගේ Open Society http://www.dailymirror.lk/84709/george-soros-open-society-to-start-work-in-sri-lanka

    කරන්නෙත් මෙයයි https://www.youtube.com/watch?v=ncdisau7rBs

    මේ නිසා පැරා ඔබකියන

    //මහින්ද, විමල්, උදය, දිනේෂ්, ඥානසාර පමණක් නොව ජාතිවාදයේ රස දන්නා ජවිපෙ, පෙසප, චම්පික, රතන වැනි අය ගැන ද පරිස්සම් විය යුතු ය. එසේම, කොටි සංවිධානයේ නටබුන් ද උතුරේ සියතින් ගිලිහුණු බලය ගැන යළි බලාපොරොත්තු තබා ගනු ඇත. මොවුන් මනා අවබෝධයකින් කටයුතු කරනු ඇත.
    //

    සියලු පුද්ගලයන් සහ සංවිදාන අතකොලු ලෙස ක්‍රියාකරන අය පමණයි ඇත්ත තත්වය ගැන බොහෝ උගතුන් දැනුවත් උනත් කරන්නේ රගපෑමක් පමණයි !!

    ප්‍රශ්නය මෙරටේ මිනිසුන්ට සිදුවෙන දේ හිතන්න තරම් කාලයක් නොමතිවීම, ඔවුන්ට ටෙලි නාට්‍ය වැනි වැදගත් දේවලට අමතරව මුහුනුපොතේ ඔප දුප වැනි වැදගත් රාජකාරි තියනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාසිතිවිල කියන හාදයගෙ අදහස්වල තියෙන්නේ අර "බටහිර විරෝදී/ ඇමරිකානු විරොදී" බටහිර අපිට කෙලවෙනෝ, බටහිර බලාගෙන ඉන්නේ අපිව නැතිකරන්නෝ කියන වම් ගොන්බිජ්ජන්ගෙ මෝඩ තර්ක පමනයි.. ඔය බටහිර විරෝදය ලෝකයෙන් ප්‍රතික්ශේප වූ එකක්...
      අපි දියුනු වන්නට නම් ඇමරිකාව, යුරෝපය සමග සිතගත යුතුයි.. ලංකාවට වුනු ලොකුම හෙනය තමා ඔය වාමාන්සික ගොන්බිජ්ජන් මිනිස්සුන්ට දියකර පෙවූ පදනම් විරහිත බටහිර විරොදය...

      සිංගප්පූරුව, මැලෙශියාව, තායිවානය, ද.කොරියාව හා ඉන්දියාව පවා බටහිර සමග අත්වැල් බැදගෙන දියුනු වෙද්දී ලාංකික වාමාන්ෂික ගොන්බිජ්ජන්ට ඔනෑ වුනේ බටහිර විරොදී රාජ්‍යක් ගොඩ නම්වන්න

      Delete
    2. Max,

      //"බටහිර විරෝදී/ ඇමරිකානු විරොදී" බටහිර අපිට කෙලවෙනෝ, බටහිර බලාගෙන ඉන්නේ අපිව නැතිකරන්නෝ//

      ඔබට කරුණු වැටහෙනවා හොරයි "Mondragon සමුපකාරය" ආසියාවේ ක්‍රමවේදයක් නොවන ආතර බටහිර ක්‍රමවේදයක්, මිට අමතරව මේ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ ඇමරිකාව එංගලන්තය ලෙස නෙමෙයි, විශාල බහුජාතික සමාගම් ජාලය ක්‍රියාකරන ආකාරය අනුවයි, මම සමාගම්වල ඒජන්තයකු ලෙස වැඩකරන්නේ ඇමරිකානු රජයයි, මෙහිදී මෝඩ වම්මුන් වගේ අධිර්ජ්‍ය වාදීන්ට බැන බැන සිටීම නෙමෙයි කලයුත්තේ ප්‍රායෝගික ක්‍රමයක් මහින් ප්‍රශ්නය විසදිමයි "Mondragon සමුපකාරය" ස්පාන්යේ වසර 50ට වැඩි කලක් පවතින ආයතන ක්‍රමයක් මේ ප්‍රශ්නය ජයගත්, මෙයත් බටහිර ක්‍රමයක් බව මතකතබා ගන්න ඔබ එල්ලකරන බටහිර විරෝදය නිකම්ම පුස්සක් !!


      //සිංගප්පූරුව, මැලෙශියාව, තායිවානය, ද.කොරියාව හා ඉන්දියාව පවා බටහිර සමග අත්වැල් බැදගෙන දියුනු වෙද්දී//

      මෙහි කිසි අත්වැල් බැදගැනීමක් නෑ මේ සියලු රටවල් තමන්ගේ අනන්‍යතාවයක් ඇති කරගෙනයි මුහුණ දුන්නේ.

      ඔබ සිංගප්පූරුව ගැන කියපු නිසා අපි බලමු ඔවුන් කරපු දේ

      01. මිනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීම මහින් රජය විවේචනය කිරීම සීමාවීම
      02. මිනිසුන් දැඩි විනයකින් පාලනයවිම සහ දැඩි දඩුවම් ලබාදීම
      03. ජාතිවාදී ආගම් වාදී පිරිස් සදහා දැඩි දඩුවම් දීම
      04. පරිපාලන අංශ පරිගණක ගත කිරීම මහින් ඕනෑම රජයේ ආයතනයකට ගොස් ඕනෑම සංකීර්ණ වැඩක් කරගැනීමට අදාළ මුදල ගෙවූ පසු උපරිම විනාඩි 30කින් කරදීම
      05. ජනතා නියෝජිතයන්ට විශාල වැටුපක් ලබාදීම මසකට අවමය ලංකාවේ මුදලින් ලක්ෂ 30 පමණ, සහ වංචාවලට හසුවුනොත් වසර 20 පමණ හිර දඩුවම් ලැබීම
      06. වංචාවකින් තොරව රටවාසීන් බදුගේවිය යුතු වීම

      මෙම හේතු නිසා විදේශ බලවේගයකට බලය පෙරලීමට නොහැකියි මන්ද දුෂණ චෝදනා රටේ පාලකයන්ට එල්ලකල නොහැකි අතර උද්ගෝෂණ පැවැත්විය නොහැකියි වගේම සිවිල් සමාජයට වෙන රටවල නටන නැටිලි නටන්න බෑ.

      Delete
    3. ඔබ ඇමරිකාව ලෝකයේ මිනිස්සුන්ට දුන් ආධාර ගැන දන්නවානම් ඇමරිකාව මිනිස් ජීවිත මායිම් කරන්නෑ ඔය වගේ ගොන් කථා කියන්නෑ...
      ඇමරිකාව තෙල් ඇති රටවලට අතගැසීමේ කිසි වරදක් නෑ.. මොකද රුසියාව, චීනය වැනි ඒකාහ්දිපති රාජ්‍ය වලින් ලෝකය ආරක්ශා කරගැනීමට හා බටහිර වටිනාකම් ආරක්ෂාකර ගැනීමටත්, ධනවාදී ලෝකය කාලකන්නි සමාජවාදයෙන් ආරක්ශා කරගැනීමටත් ඇමරිකාව වැනි බලවත් රටක් ලෝකයේ සිටිය යුතුමයි...

      Delete
  2. මෙය පැරණි අධිරාජ්‍ය විරෝධී කතිකාවේ ම නව ස්වරූපයක්.

    ඔබේ තර්කය 100%ක් ම ප්‍රතික්ෂේප කරන්නට මට හේතු නැහැ. ඒ වගේ ම මෙය 100%ක් ම සත්‍යත් නැහැ.

    දේශීය මෙන් ම ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ගේත්, දේශපාලකයන්ගේ මෙන් ම ජනතාවය කියන කපටින් බහුල මිනිස් රැළේත් කූට උවමනාවන් බහුලයි. ඒත්, ඒ සියල්ල මැදින් සෑම මිනිසකු තුළ ම යහපත්බවට තිබෙන කැමැත්ත ආමන්ත්‍රණය කරන්නට අපි උත්සාහ කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. පැරා,

      //සෑම මිනිසකු තුළ ම යහපත්බවට තිබෙන කැමැත්ත ආමන්ත්‍රණය කරන්නට අපි උත්සාහ කළ යුතුයි.//

      මෙය හරියට කජු පුහුලමක් මතින් ගල්රෝලක් ගමන්කලවිට පුහුලම නොතැලි තිබේව! කියල ප්‍රර්ථනා කරනවා වගේ වැඩක්, මිනිසුන් සියලු දෙනා තුල හොද සහ නරක තියනවා එහිදී හොද මතුකර ගන්නවා කියල නියායාත්මකව කියන්න පුළුවන් නමුත් ප්‍රයෝගික නෑ.

      මම ඔබට උදාහරණයක් දෙන්නම් ඔබ සමාජවාදය පිළිබද මට වඩා හොදට දන්නවා කියල මා විශ්වාසය කරනවා නමුත් ඔබ http://lankasithuwili.blogspot.com/2016/01/mondragon.html සංකල්පය ගැන දැනුවත්ද ? මෙය අද ඊයේ ක්‍රියාත්මක වූ දෙයක් නමෙයි මෙහි මුල් පියවර ගන්න යුගයේ ඔබත් ඉපදී නෑ, නමුත් අද වනවිට mondragon සමුපකාරය ස්පාන්යේ 7 වෙනි විශාලතම වියාපාරය වෙනවා මෙහි වසරක මුළු ආදායම ඩොලර් බිලියන 40 ක් එනම් ශ්‍රී ලාංකිකයන්ගේ මුළු ජාතික ආදායමට සමානයි.

      මෙවැනි ශුර වැඩපිළිවලක් නැතිව මිනිසුන්ගේ හැගීම් වලට කතාකිරීමෙන් පලක් නෑ පැරා!

      දැන් ජාතිවාදී ප්‍රශ්නය බලමු අපි මුලින්ම සිංහල ජාතිවාදී ප්‍රශ්නය බලමු, අද වනවිට මේ පැත්තේ ඉන්න සෙම්පතිවරයා තමයි ගලගොඩ අත්තේ ඥාණසාර හිමි,
      මේ හාමුදුරුවෝ නොර්වේ යන්නේ කුමක් සදහාද ? ඔබ හොදට දැනගන්න මේ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන වැදි බන දොඩන ඇමරිකාව ප්‍රමුක රටවල් තමයි මේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ආධාර සපයන්නේ (සැ .යු: මෙය සාස්තර බලා සොයාගත්දෙයක් නොවනබව සලකන්න )

      බොහෝ අය කියනවා මා දැක තිබෙනවා "ශ්‍රී ලංකාවෙන් ඇමරිකාව ලබාගන්නේ මොනවද ඇමරිකාවට ශ්‍රී ලංකාව සත පහක වැඩක් නෑ " වැනි කතා, ඇත්තටම එක්කෝ මේ උදවිය ලෝකය ගැන කිසිම දැනුමක් නෑ නැත්නම් මේ රටේ ඉන්න මෝඩ මිනිසුන් රැවටීමට කටයුතු කරනවා.

      මේ කිසිදෙනෙක් කියන්නේ නෑ ලෝකයේ ප්‍රධානම නැව් මාර්ග ශ්‍රී ලංකාව පසුකර යනබව, ශ්‍රී ලංකාව මුලික නාවික කේන්ද්‍රස්ථානයක් කිරීම මගින් මෙම වෙළද බලය පාලනය කළහැකි බව, ඔබ ටිකක් සොයා බලන්න ඇමරිකාව අතගසා නැති තෙල් ඇති රටක් ගැන මුළු ලෝකයේම ඇත්තේ රටවල් 2 පමණයි ඉතුරුවී ඇත්තේ (ඉරානය සහ වෙනිස්වෙලාවයි) දැන් වෙනිස්වෙලාව සදහාත් කුමන්ත්‍රණ පවතී.

      දැන් අපි දෙමල ජතිවාදය ගැන බලමු, කිසිම වැඩක් නැති රටේ උතුරු කරේ සිටින විග්නේශ්වර්රම් බැලීමට ඇමරිකානු නියෝජිතවරිය යන්නේ ඇයි ? ලෝකය වටේ මිනිස් ජිවිත තුට්ටුවකට මායිම් නොකරන ඇමරිකාව හදිස්යේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කරුණාව පහල වී ඇත්තේ ඇයි ?

      මේ පිළිබද හොදින් කල්පනා කිරීමේදී ඔබට පැහැදිලි වියයුතුයි සිදුවන්නේ කුමක් ද කියල


      Delete
    2. ඔබ ඇමරිකාව ලෝකයේ මිනිස්සුන්ට දුන් ආධාර ගැන දන්නවානම් ඇමරිකාව මිනිස් ජීවිත මායිම් කරන්නෑ ඔය වගේ ගොන් කථා කියන්නෑ...
      ඇමරිකාව තෙල් ඇති රටවලට අතගැසීමේ කිසි වරදක් නෑ.. මොකද රුසියාව, චීනය වැනි ඒකාහ්දිපති රාජ්‍ය වලින් ලෝකය ආරක්ශා කරගැනීමට හා බටහිර වටිනාකම් ආරක්ෂාකර ගැනීමටත්, ධනවාදී ලෝකය කාලකන්නි සමාජවාදයෙන් ආරක්ශා කරගැනීමටත් ඇමරිකාව වැනි බලවත් රටක් ලෝකයේ සිටිය යුතුමයි...
      ග්‍රීන්කාඩ් හිමියෙක් වන මම ඔනෑම විටකදී ලෝකයේ ශ්‍රේෂ්ටම රටක් වන ඇමරිකාව වෙනුවෙන් පෙනීසිටීමට සූදානම් ඒ නිසයි

      Delete
    3. වැරැද්ද තිබෙන්නේ ඔබ ඉදිරිපත් කරන කරුණුවල නෙමෙයි. ඔබගේ තර්කනය තුළයි. මේ තර්කනය ඉතා පැරණි ජාතිවාදී හා මාක්ස්වාදී පදනම්වලින් පැන නගින්නක්.

      නූතන ලෝකයේ සමාජයන් අතර සම්බන්ධතා ගොඩනැගෙන ආකාරය මීට වඩා පුළුල් දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කරන්නට පුළුවන්. එහෙම කැමති නැතිනම් ඔබ මේ ඉදිරිපත් කරන කුමන්ත්‍රණ න්‍යායයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. මේක සරළයි. ජනප්‍රියයි. ඇත්ත ඊට වඩා ගැඹුරුයි. සංකීර්ණයි.

      ඇත්ත සොයා ගන්න මහන්සි වෙනවාට වඩා මේ වගේ සරළ සූත්‍රයකින් විග්‍රහ කර ගන්න එක හරි පහසුයි.

      කරුණුමය වශයෙන් ගත්තා ම ඇමරිකාව හා යුරෝපා රටවල් ද ජාතිවාදී බව නිවැරදියි. අනෙක් ජාතීන්ගේ විනාශය මත සිය ජාතියේ සමෘද්ධිය අපේක්ෂා කිරීම ජාතිවාදයේ ස්වරූපයක්. දෙමළ ජාතියේ විනාශය මත සිංහලයාගේ සමෘද්ධිය අපේක්ෂා කිරීමත් එවැනි ම දෙයක්.

      එහෙත්, ලෝක ජනතාව සාධාරණත්වය වෙනුවෙන් කරන අරගල සියල්ල මේ ජාතිවාදයන් තුළ දිය වී යන්නේ නැහැ. කිසිම ජාතික රාජ්‍යයකට එසේ කරන්නත් බැහැ. එහෙම පුළුවන් නම්, රාජපක්ෂගේ සිංහල ජාතිවාදී ආණ්ඩුවට දෙමළ ජනතාව සමූලඝාතනය කරන්න වුණත් පුළුවන් වෙන්න ඕනැ.

      ලෝකය ඉදිරියට යන්නේ ප්‍රතිගාමිත්වයේ හා ප්‍රගතිශීලිත්වයේ අරගලවල සම්ප්‍රයුක්තයකයි.

      සාධාරණත්වය වෙනුවෙන් කරන මිනිස් අරගල සියල්ල කුමන්ත්‍රණ න්‍යායන් ඇතුළේ ස්ථානගත කර යථාර්ථවාදී නොවන ෆැන්ටසි ඇතුළේ ජනතාව සිර කරන්නට උත්සාහ කරන්නේ කිසියම් බලලෝභී අරමුණු සහිත පිරිස් බව ඉතිහාසය පෙන්වා දී තිබෙනවා.

      ඔබ ද අයත් වන්නේ එවැනි වර්ගයකටයි. වෙනස ඔබ අලුත් භාෂාවක් කතා කරන එක විතරයි.

      Delete
    4. පැරා,

      මෙය අපි මිට වඩා සරලව බලමු, අපි ගමු George Soros ව ඔහු කරනලද වංචා දුෂණ සහ අක්‍රමික තා නිසා සියදිවි නසාගත් මිනිසුන් දහස් ගණනක් නමුත් මේ මිනිසා Human Rights Watch ආයතනයට ඩොලර් මිලියන 100 ක් ලබාදෙනවා, ලිබියාවේ ගඩාෆි ඉවත් කිරීමට Human Rights Watch ආයතනයි විවිද බොරු කියා ප්‍රවර්ධනය කලේ

      ඔබ මෙය බැලුවොත් පෙනේවි මේ මිනිසුන් කරන දෙය

      https://www.youtube.com/watch?v=ncdisau7rBs

      ඔබේ තර්කය හරියට "කොටි ත්‍රස්තවාදය පැවති කාල වල නැගෙනහිර නිදන් හැරිම සිදුකලේ නෑ නමුත් සාමය පවතින කාලයේ අනවසය්රයෙන් නිදන් හාරනවා මෙනිසා මෙම පුරාවස්තු ආරක්ෂා වට කොටි ත්‍රස්තවාදය උවමනයි" වගේ තර්කයක්.

      Delete
    5. Max,

      //ඔබ ඇමරිකාව ලෝකයේ මිනිස්සුන්ට දුන් ආධාර ගැන දන්නවානම් ඇමරිකාව මිනිස් ජීවිත මායිම් කරන්නෑ ඔය වගේ ගොන් කථා කියන්නෑ...//

      ඔබට පුළුවන් එක උදාහරණයක් ලබාදෙන්න ඇමරිකාව කිසිවක් තමාගේ වාසියට හේතු නොවන ලෙස අන් රටකට සැලකියයුතු ආධාර සපයන ලද

      ඇත්තටම රුසියාව කෙසේවතත් චීනය නම් මම දකින්නේ නෑ සමාජවාදී රටක් ලෙස චීනය ඇමරිකාවට වඩා ධනවාදී රටක්.
      මෑතකාලයේ ඇමරිකාවේ රෙද්ද උස්සල පෙනුවේ මේ කුඩා මිනිසා http://lankasithuwili.blogspot.com/2015/12/edward-snowden.html

      Delete
    6. ගඩාෆි කියන්නෙ ඉවත්කල යුතු කෲර ඒකාධිපතියෙක් නොවේද? ඔහුව ඉවත් කලත් තම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරගැනීමට නොහැකිවීමට ලිබියාවේ මිනිසුන්ගේ ගෝත්‍රවාදය හා ආගම්වාදය හේතුවුවත් එමගින් ගඩාෆි හොද මිනිහෙක් වෙන්නේ නෑ.. ඒකාධිපතියෙකු බටහිර විරෝදී වූ පමනින් යනු සුදු චරිතයක්ය, ඔහු ගැන පලවූ සියලු චෝදනා බොරුය කියා ඒකාධිපතියන් සුද්ද කිරීමට යෑම බටහිර විරෝදී වම්මුන්ගේ පිලිකුල් සහගත ගතියක්

      Delete
    7. ස්නෝඩන් යනු ලෝකයේ වැඩිම ත්‍රස්ථවාදී තර්ජන ඇති රටක අනිවාර්යෙන්ම තිබිය යුතු ආරක්ෂක ක්‍රම උපායක බ්ලූ ප්‍රින්ටස් රුසියාවට විකුනා නමක් හදා ගන්නට තැත් කල අයෙක්.. ඔහු හෙලි කලා කියන ඒවා න්‍යායාත්මකව කල හැකි ඒවා ලෙස මීට වසර ගනනකට පෙරම පරිගනක විද්‍යාඥයින් දැන සිටියා...
      ස්නෝඩන්ට පවා ඇමරිකාව තම රටේ පුරවැසියන් මර්ධනය සදහා යොදාගත්තාය කියා ඔප්පුකර කියන්නට කිසිදු සාධකයක් තිබුනෙ නෑ.. (වෙනත් රටවල් ගැන ඔත්තු බැලීම සාධාරනයි, ඇමරිකාව බටහිර ලෝකයේ පැවැත්ම සදහා එය එසේ කල යුතුමයී
      බතහිර විරෝදී වාමාන්ෂිකයින්ට හා ලිබරිටේරියන් අදහස්දරන්නන්ට ඇරෙන්නට ඒදේ බහුතරයකත ලොකු ප්‍රශ්නයක් වුනෙත් නෑ.

      මම හිතන්නේ ස්නෝඩන් සිද්ධියේදී හෙලිවුනේ චීනය තම පුරවැසියන්ගේ අන්තර්ජාල සමාජ ජාල අස්සට පවා ගොස් කරන මර්ධනය ගැන කථා නොකරන වම්මුන්ගේ හෙලුව කියලා පමනයි

      Delete
    8. Max

      //ගඩාෆි කියන්නෙ ඉවත්කල යුතු කෲර ඒකාධිපතියෙක් නොවේද? ඔහුව ඉවත් කලත් තම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරගැනීමට නොහැකිවීමට ලිබියාවේ මිනිසුන්ගේ ගෝත්‍රවාදය හා ආගම්වාදය හේතුවුවත් එමගින් ගඩාෆි හොද මිනිහෙක් වෙන්නේ නෑ..//

      අහන්න ඕන ප්‍රශ්නය ඕක නෙමයි, එදා ගඩාෆි සිටි ලිබියාවද භයානක දැන් ලිබියාවද? සධාම් හුසේන් සිටි ඉරාකයද සාමකාමී දැන් ඉරාකයද ?
      ඔය ප්‍රශ්න වලට අවංකව උත්තර දිය හැකිනම් එතන උත්තරය තිබෙනවා.

      //අනිවාර්යෙන්ම තිබිය යුතු ආරක්ෂක ක්‍රම උපායක බ්ලූ ප්‍රින්ටස් රුසියාවට විකුනා නමක් හදා ගන්නට තැත් කල අයෙක්//

      ඔබ නිකම් මනස්ගාත කියවන්නේ ස්නෝඩන් මුලින්ම පැන ගන්නේ හොන්කොං වලට ඇමරිකාව ඔහුව එම රටින් ඉල්ලා සිටිනවා, මහලොකු දියුණු තක්ෂණය ඇති රටේ ලෝකබලවතාට බෑ නිවැරදිව නමක් ලියාගන්න, මෙනිසි ඔහුට හැකිවන්නේ රුසියාවට පැනගන්න, ඔහු රුසියාවට පැනගත් පසු ගුවන් තොටුපොලින් රටට ඇතුළුවීමට අවසර දෙන්නෑ ඔහුගේ පාස්පෝට් එක ඇමරිකාව අවලංගු කල නිසා, මාස 6 පමණ ඔහු ජිවත්වනේ මොස්කොව් ගුවන්තොටුපලේ දියි.

      බෝලිවියා ජනපති Edward Snowden ව රැගෙන යනු ඇති බව ඇමරිකාව සැක සිතා වියානා සම්මුතිය උල්ලංගනය කරන ලෝකබලවතා ගේ ලජ්ජා සහගත ක්‍රියාව නිසා රුසියාව තුලට ඇතුළු වීමට ඔහුට වරම් ලැබෙන්නේ.

      //ස්නෝඩන් යනු ලෝකයේ වැඩිම ත්‍රස්ථවාදී තර්ජන ඇති රටක අනිවාර්යෙන්ම තිබිය යුතු ආරක්ෂක ක්‍රම උපායක බ්ලූ ප්‍රින්ටස් රුසියාවට විකුනා//
      මොකද්ධ ආරක්ශක උපාය? රටේ සියලු පුරවැසියන්ගේ තොරතුරු නීති විරෝදී ලෙස රජය ලබාගැනීමද ? ඔබ ග්‍රීන් කාඩ් තිබුනට ඇමරිකාවේ සිදුවන දේ මොකද්දකියල දන්නේ නැති ළදරුවෙක් වගේනේ කතාකරන්නේ, ඔබ දන් නැත්ද ඇමරිකානු අධිකරණය විසින් මෙසේ තොරතුරු ලබාගැනීම නිතිවිරෝධී බවට තීන්දුවක් දැනටමත් දී ඇති බව.

      වාමාංශික ක්‍රමය ගැන මාහා පිළිකුලින් කතාකරන ඔබ වාමාංශික ක්‍රමයේ මේ පිළිකුල් සහිත අවයවයක් වන මිනිසුන් ගේ පුද්ගලික තොරතුරු එකතු කිරීම ගැන රටේ කතා කිරීමේ නිදහස රජය උල්ලංගනය කිරීම ගැන මේ කරන දෙබඩි රංගනය කුමක්ද ?

      මෙහිදී වැදගත් කරුණක් Edward Snowden ගේ වැඩපිළිවල නිසා හෙළි වෙනවා එනම් අනවශ්‍ය තොරතුරු රාශියක් එකතුකිරිම නිසා ත්‍රස්තවාදී ආක්‍රමණයක් ගැන තොරතුරු සොයාගැනීම අතිශයෙන් දුෂ්කර වන බව මෙය සිදු වන්නේ පිදුරු ගොඩක් තුල ඉදිකට්ටක් සෙවීම වැනි ක්ර්යක් නිසා බව අද ඇමරිකාවේ ඉහලම බුද්ධිමතුන් පිළිගෙන හමාරයි ඔවුන් Edward Snowden ට දොස් කිව්වත් මෙවැනි අනවශය තොරතුරු එකතුකිරිම නිසා නිවැරදි ට්‍ර්ස්තවදිය අල්ලාගැනීමට අපහසුවන බව කියන්නේ වාදයකින් තොරවයි.

      ඇත්තටම මේ ත්‍රස්ත කණ්ඩායම් ඇතිකරන්නේ වෙන කවුරුවත් නෙමෙයි UNCLE SAM ම තමයි අහකයන නයි රෙද් අස්සේ දා ගෙන දැන් කනවා කනවා කියනවා.

      ඔබ ටිකක් ඉතිහාසය (සිංහල ඉතිහාසය කෙසේ වෙතත් ඇමරිකානු ඉතිහාසය ඔයුට වඩා පරිස්සමට) කියවල බලන්න

      Delete
    9. https://www.youtube.com/watch?v=XorKTwkFPDU
      ගඩාෆි ඉන්හකලේ සහ ඇමරිකාව සුරන්ගනාලෝකය නිර්මාණය කල පසු

      Delete
    10. //අහන්න ඕන ප්‍රශ්නය ඕක නෙමයි, එදා ගඩාෆි සිටි ලිබියාවද භයානක දැන් ලිබියාවද? සධාම් හුසේන් සිටි ඉරාකයද සාමකාමී දැන් ඉරාකයද ?//

      ඒකට උත්තර දීලා තිබෙනවා.. ලිබියාවේ හ ඉරාකයේ මිනිස්සුන්ගේ ගෝත්‍රවාදී, ආගම්වාදී කම නිසා ඔවුන්ට බටහිරෙන් ලැබුනු ප්‍රජාතන්ත්‍රවාදය දරාගන්න බෑ... ඉරාකය හා ලිබියාවේ ත්‍රස්ත කන්ඩායම් ඇතිවෙන්නේ ඒනිසා.. ඒක බටහිර වරදක් නොව කාන්තාරවාසී ගෝත්‍රිකයින්ගේ වරදක්

      //ඔහු රුසියාවට පැනගත් පසු ගුවන් තොටුපොලින් රටට ඇතුළුවීමට අවසර දෙන්නෑ ඔහුගේ පාස්පෝට් එක ඇමරිකාව අවලංගු කල නිසා, මාස 6 පමණ ඔහු ජිවත්වනේ මොස්කොව් ගුවන්තොටුපලේ දියි.//

      රුසියාවට කවදාවත් තනිවම නිර්මානය කල නොහැකි ආරක්ෂන පද්ධතියක් ගැන තොරතුරු ඇති මිනිසාට රුසියාව දේශපාලන රැකවරන ලබාදෙන්නේ ඇමරිකානු මිනිස්සුන්ගේ සිවිල් අයිතීන් උල්ලංඝනය වීම ගැන රුසියාවට ඇති අමාරුවට කියාද හිතන්නෙ?


      //බෝලිවියා ජනපති Edward Snowden ව රැගෙන යනු ඇති බව ඇමරිකාව සැක සිතා වියානා සම්මුතිය උල්ලංගනය කරන ලෝකබලවතා ගේ ලජ්ජා සහගත ක්‍රියාව//

      ස්නෝඩන් කියන්නේ ඇමරිකාවේ සතුරෙක්.. ඔහු කල වරදේ බරපතලකම අනුව ඔහු මරාදැම්මත් ඇමරිකාවට දොස්කියන්න බෑ.. ඔහු ඇමරිකානු මිනිස්සු මිලියන ගානක ආරක්ෂාව අනතුරේ දාපු කෙනෙක්

      //ඔබ දන් නැත්ද ඇමරිකානු අධිකරණය විසින් මෙසේ තොරතුරු ලබාගැනීම නිතිවිරෝධී බවට තීන්දුවක් දැනටමත් දී ඇති බව.//
      ඔබ දන්නවාද ස්නෝඩන් කල පාවාදීම නීතිවිරෝදී බව... අනෙක ත්‍රස්තමර්ධනය ගැන ඔබ මෙලො දෙයක් දන්නා බව පේන්නෙ නැති හැඩයි.. ඉස්සෙල්ලා මේගැන කියවා සිටින්න.. ඇමරිකානු විරෝදී ගොබ්බ වාමාන්ෂික කන්නාඩි දමාගත්තහම මේවා පේන්නේ නෑ..

      //වාමාංශික ක්‍රමයේ මේ පිළිකුල් සහිත අවයවයක් වන මිනිසුන් ගේ පුද්ගලික තොරතුරු එකතු කිරීම ගැන රටේ කතා කිරීමේ නිදහස රජය උල්ලංගනය කිරීම ගැන මේ කරන දෙබඩි රංගනය කුමක්ද ?//

      ඔබ කථාකරන්නේ මෝඩයෙක් වගේ... වාමාන්ෂික රාජ්‍ය මිනිස්සුන්ගේ තොරතුරු එකතුකරන්නේ කාලකන්නි සමාජවාදයට විරුද්ධව මිනිසුන්ගේ ඇතිවෙන ස්වාභාවික විරෝදය මැඩලන්න.. ඇමරිකාව තොරතුරු එකතුකලේ මිනිසුන්ව ත්‍රස්ථ ප්‍රහාරයකින් ආරක්සා කරන්න... මම කලින් කීවා වගේ ස්නෝඩන්ට වත් ඇමරිකාව මේ තොරතුරු මර්ධනය සදහා යොදාගත්තායි කියන්න බැරිවුනා... කාලකන්නි වාමාන්ෂික රාජ්‍ය මිනිසුන් මර්ධනය කිරීමයි ශ්‍රේෂ්ට නිදහස් ධනවාදී රාජ්‍යක් තම පුරවැසියන් ඉස්ලාමීය මිනීමරුවන්ගෙන් ආරක්ශාකරගන්න උත්සහා කිරීමත් යන දෙක සමානයි කියා හිතෙනවනම් ඔලුව පරික්ශාකරගන්න

      //මෙහිදී වැදගත් කරුණක් Edward Snowden ගේ වැඩපිළිවල නිසා හෙළි වෙනවා එනම් අනවශ්‍ය තොරතුරු රාශියක් එකතුකිරිම නිසා ත්‍රස්තවාදී ආක්‍රමණයක් ගැන තොරතුරු සොයාගැනීම අතිශයෙන් දුෂ්කර වන බව //

      ඕක එක මතයක් විතරයි... ස්නෝඩන් හෙලිකල තොරතුරු රැස්කිරීමේ ක්‍රමවේදය නිසා ප්‍රහාර වලක්වාගත් බව ඇමරිකානු ආරක්ෂක විසේෂඥයින් හෙලිකලා... අනෙක බටහිර විරෝදී ගොබ්බයින්ට නොතේරුනාට අන්තර්ජාලය හරහා ඔනෑතරම් ත්‍රස්ථ ක්‍රියා සැලසුම්කිරීම් සිදුවෙනවා

      Delete
    11. ඔබට තව දුරටත් කියන්නට තිබෙන්නේ ඔබගේ දැක්ම යල් පැන ගිය පටු එකක් බව පමණයි. දේශපාලනය ඔය විදියට විග්‍රහ කරගෙන දැන් බොහෝ කාලයක්. ඒකෙ කිසිම අලුත්කමක් නැහැ. එහෙත්, ධනවාදය හෝ සමාජවාදය හෝ ඔයිට වඩා ගොඩක් පුළුල් තැනකින් විග්‍රහ කර ගන්නේ නැතිව වැඩක් නැහැ.

      ඔබ කරන්නේ මේ මතවාදය වෙනුවෙන් කැම්පේන් එකක් නිසා ඔබ කොයි තරම් කරුණු දැක්වූවත් පිළිගන්නේ නැහැ. ඒක ඔබ වැනි මතවාදීන්ගේ සාමාන්‍ය ලක්ෂණයක්.

      අප කියන්නේ ලෝකයේ දේශපාලන සම්බන්ධකම් ඔය තරම් සරළ නැති බවයි.

      මතවාදවල හිර වෙනවාට වඩා අප උත්සාහ කළ යුත්තේ පුළුල්ව හා විවිධ දෘෂ්ටි කෝණවලින් ප්‍රශ්නය දෙස බලා තේරුම් ගන්නට උත්සාහ කිරීමයි.

      Delete
    12. Max
      //ඒකට උත්තර දීලා තිබෙනවා.. ලිබියාවේ හ ඉරාකයේ මිනිස්සුන්ගේ ගෝත්‍රවාදී, ආගම්වාදී කම නිසා ඔවුන්ට බටහිරෙන් ලැබුනු ප්‍රජාතන්ත්‍රවාදය දරාගන්න බෑ... ඉරාකය හා ලිබියාවේ ත්‍රස්ත කන්ඩායම් ඇතිවෙන්නේ ඒනිසා.. ඒක බටහිර වරදක් නොව කාන්තාරවාසී ගෝත්‍රිකයින්ගේ වරදක්//

      මම අහන්නේ ගඩාෆි ඉන්නකොටද රට සාමකාමී නැත්නම් දැන් ද ? තව සරලව ගඩාෆි ඉන්නකොටද මිනිසුන් වැඩිය මරුනේ දැන් ද ? හරි සරලයි නේ ඔබ වැල්වටාරම්නේ දොඩවන්නේ.

      //
      රුසියාවට කවදාවත් තනිවම නිර්මානය කල නොහැකි ආරක්ෂන පද්ධතියක් ගැන තොරතුරු ඇති මිනිසාට රුසියාව දේශපාලන රැකවරන ලබාදෙන්නේ ඇමරිකානු මිනිස්සුන්ගේ සිවිල් අයිතීන් උල්ලංඝනය වීම ගැන රුසියාවට ඇති අමාරුවට කියාද හිතන්නෙ?//

      අපෝ නෑ නමුත් ඔහුට රුසියාව දේශපාලන රැකවරන ලබාදෙන්නේ ඇමරිකාව සිදුකල රංගනයෙන් පසුවයි, එතකන් ඔවුන් ඔහුව රටට ඇතුල් වීමට වත් අවසර දෙන් නෑ

      //ස්නෝඩන් කියන්නේ ඇමරිකාවේ සතුරෙක්.. ඔහු කල වරදේ බරපතලකම අනුව ඔහු මරාදැම්මත් ඇමරිකාවට දොස්කියන්න බෑ.. ඔහු ඇමරිකානු මිනිස්සු මිලියන ගානක ආරක්ෂාව අනතුරේ දාපු කෙනෙක්
      //

      කොහොමද හැබෑට ඔහු අනතුරේ දැම්මේ කියමු බලන්න එකක් දෙකක්, ඔහු wikileaks මුලදී කළා වගේ නෙමෙයි එය සිදුකලේ, ඔහු පෙන්වාදුන්න ඇමරිකානු රජය ඇමරිකානු නිතිය උල්ලංගනය කරමින් මෙය කරන ආකාරය, ඔබට තේරෙනවද "ඇමරිකානු රජය ඇමරිකානු නිතිය උල්ලංගනය" කළා කියල කියන්නේ Edward Snowden නෙමෙයි ඇමරිකානු අධිකරණයයි, මෙය ඇමරිකානු අධිකරණ තීරණයකුයි "Court rules NSA program illegal" http://edition.cnn.com/2015/05/07/politics/nsa-telephone-metadata-illegal-court/

      අඩුගානේ ඔබට දැන්වත් තේරෙනවද මේ නීතිවිරෝධී ක්‍රියාව Edward Snowden ගෙන් තොරව කරලියට නොපැමිණෙන බව ?

      තව දෙයක් ඔබ දන්නවද කිසිම ඇමරිකානු අධිකරණයකින් Edward Snowden වැරදි කරුවකු වී නැති බව ?

      //ඇමරිකාව තොරතුරු එකතුකලේ මිනිසුන්ව ත්‍රස්ථ ප්‍රහාරයකින් ආරක්සා කරන්න//
      //ඕක එක මතයක් විතරයි... ස්නෝඩන් හෙලිකල තොරතුරු රැස්කිරීමේ ක්‍රමවේදය නිසා ප්‍රහාර වලක්වාගත් බව ඇමරිකානු ආරක්ෂක විසේෂඥයින් හෙලිකලා..//


      හැබෑට කියකින් ආරක්ෂා කරලා තියනවා ද ? ඔබ දන්නවද ඔය තොරතුරු එකතුකිරිම මගින් මෙතක් කිසිම වැඩක් වී නැති බව ඔවුන්ම පිළිගන ඇතිබව



      Delete
    13. පැරා,

      //කොයි තරම් කරුණු දැක්වූවත් පිළිගන්නේ නැහැ//

      කොහෙද ඔබ කරුණු දක්වල තියෙන්නේ?, මමනම් පැහැදිලිව උදාහරණ සහිතව කරුණු දක්වල තියනවා.

      Delete
    14. https://www.washingtonpost.com/news/wonk/wp/2013/06/12/no-edward-snowden-probably-didnt-commit-treason/

      Delete
    15. පැරා,

      //
      මතවාදවල හිර වෙනවාට වඩා අප උත්සාහ කළ යුත්තේ පුළුල්ව හා විවිධ දෘෂ්ටි කෝණවලින් ප්‍රශ්නය දෙස බලා තේරුම් ගන්නට උත්සාහ කිරීමයි.//

      මා පුළුල් දෘෂ්ටි කෝණ ලෙස සලකන්නේ ඇයි අප රට සතු සම්පත්, මුදල් උපයන මාර්ග වල නොයෝදවන්නේ ? හොදම උදාහරණය අද දිවයින පුවත් පතේ සදහන් වුනා තිරිකුනාමලේ තෙල් ටැංකි පිලිබදව මේ ගැන මම ලිපියකුත් ලිව්වා http://lankasithuwili.blogspot.com/2016/01/blog-post_9.html

      මිනිසුන් හැටියට අපි රජයෙන් ඇසිය යුත්තේ ඇයි මේවා යොදා නොගන්නේ කියල? මේ පිළිබද වැඩපිළිවලක් සකස් කල හැකියි රටේ විශාල නාවුක හමුදාවක් ඇති අපට ඇයි බැරි මෙම ආයතන පනගන්වන්න. වැදගත්ම කරණය ඇයි ඔබල මෙවැනි විශාල නාස්ති කිරීම් ගැන රජයට බලපෑම් කරන්නේ නැත්තේ ?
      මම දකින නවීන ලෝකය තුල රටක් ආධායම් රැස්කළ හැකි මාර්ග පිළිබද දැනුවත් උදවිය අදහස් ඉදිරිපත් කලයුතුයි, සෙසු අය මේවා ක්‍රියාත්මක කිරීමට බලපෑම පීඩනය යෙදිය යුතුයි. එසේ නැතුව අපිට නවීන දර්ශනයක් තිබෙනවා වැනි මනොලොකවල මිනිසුන් අතරමන් කිරීම නෙමෙයි.

      Delete
    16. @Lankika Sithuwili
      උඹ ගැන හරි දුකයි මචන්. තමන්ගේ තියෙන වැදගත් අදහස් ඒවා තේරුම් ගන්න පුළුවන් තරම් බුද්ධියක් තියෙන කුහකත්වයක් නැති උන්ට කියපන්. ඒ වගේ උං එක්ක සාකච්චා කරන්න මහන්සි වෙයන්. තමන්ගේ අදහස් නිකරුනේ බාල්දු කරලා කානු දිගේ අරින්න මහන්සි වෙන්න එපා. රත්‍රන් පවුම් පේමන්ට් එකේ දාල විකුණන්න ගියාම රත්රන් උනත් පීචන් වෙලා යන බව තේරුං ගනිං.

      Delete
    17. ලාංකික සිතුවිලි,

      ඔබගේ අදහස් දැක්වීම අති විශිශ්ට නමුත් මුන් වගේ කුහක ගොබ්බයින්ට කියල වැඩක් නැහැ කාලය අපරාදෙ.

      මැක්ස් නමින් තප්පුලාපු මැටිමෝල් කේප්ප වැස්සිගෙන් පැනයක් අසමි;

      //ස්නෝඩන් කියන්නේ ඇමරිකාවේ සතුරෙක්.. ඔහු කල වරදේ බරපතලකම අනුව ඔහු මරාදැම්මත් ඇමරිකාවට දොස්කියන්න බෑ.. ඔහු ඇමරිකානු මිනිස්සු මිලියන ගානක ආරක්ෂාව අනතුරේ දාපු කෙනෙක්//

      හැබැයි ලංකාවට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මිනිස්සු මරන්න බෑ නේද? ලංකාව වගේ ද ඇමරිකාව???

      Delete
  3. තියෙන විවස්ඨාවත් එකසිය ගානට උල්ලංගන්ය කරන උන්ට තව විවස්තා දාහක් ගෙනාවත් වැඩක් තියෙනවද පැරා. තවත් ගොන් ආතල් එකක් ඉතර්යි. බැසියරේ වගේ. සිකැරට් දුන්කොල නවත්තනවා වගේ

    ReplyDelete
  4. පැරකුම් මහතා,
    අපි කැමැති උනත් නැතත් රටේ ව්‍යවස්ථාව රටේ සියලුම පුර වැසියන්ට හා රට වැසියන්ට බලපානවා. අපි සියලුම දෙනා එයට අනුගත විය යුතුයි. ඒ අනුව ඔබට ඔබේ මතය රටට කියන්න හා එය ඔබේම වෙබ් අඩවියේ පලකරන්න පුළුවන්. නමුත් ඔබ ඉදිරිපත් කරන්නේ පොදු කරුණක් නිසා මේක බලන අපිටත් කරුණු හරියට දන ගන්න ඕනෑ.මොකද මම මගේ වියදමින් ඔබේ මේ අඩවිය බලන්න එන්නෙ. මා මෙන්ම අනෙක් සියලු දෙනාමත් එහෙමයි කියලයි මම හිතන්නෙ. ඉස්සරවෙලාම ඔබ පහදන්න ජාතිවාදය සහ ජාතික වාදය අතර වෙනසක් ඔබ දකිනවාද? ඉන් පස්සේ අනෙක් කරුණු ගැන සාකච්චා කරමු.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. nationalism හා racism අතර වෙනස එන්නේ මෙහෙමයි. ලෝක ඉතිහාසය තුළ සමාජය විවිධ දේශපාලන ප්‍රජාවන් තුළ සංවිධානය වෙනවා. සිංහල කියන්නේ එවැනි race එකක් හෙවත් ජාතියක්. Sri Lankan කියා දෙයක් තිබේ නම් එය සිංහලට වඩා පුළුල් දේශපාලන ප්‍රජාවක්. එය Nationality හෙවත් ජාතියක් ලෙස සලකන්නට පුළුවන්. එහෙත්, එහෙම හැබෑ ශ්‍රී ලාංකික ජාතියක් මෙ මහ පොළවේ නැහැ. ශ්‍රී ලාංකික යෙදුම ම සිංහල ආධිපත්‍යවාදී ප්‍රකාශයක්. ජාතියක් ගොඩනැගීමට කරන අරගලයක් ජාතිකවාදයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එහෙත්, එයත් ස්වෝත්තමවාදයක් (chauvinism) ම තමයි. මේ කාරණා මීට කලින් මේ අඩවියේ සෑහෙන්න සාකච්ඡා කර තිබෙන බවත් කිව යුතුයි. කමක් නැහැ. අලුතෙන් පටන් ගනිමු.

      Delete

  5. //ස්නෝඩන් කියන්නේ ඇමරිකාවේ සතුරෙක්.. ඔහු කල වරදේ බරපතලකම අනුව ඔහු මරාදැම්මත් ඇමරිකාවට දොස්කියන්න බෑ.. ඔහු ඇමරිකානු මිනිස්සු මිලියන ගානක ආරක්ෂාව අනතුරේ දාපු කෙනෙක්
    //

    හැබැයි ලංකාවට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මිනිස්සු මරන්න බෑ නේද ?. ලංකාව වගේ ද ඇමරිකාව ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා