ලබුදූව සිරිධම්ම හෙයාකට් එක හා සිසුවාගේ විකට් කූරු කට් පහරේ දේශපාලනය
“සැකකාර සිසුවා පාසලට නො ගැලපෙන ලෙස කොණ්ඩය කපාගෙන පැමිණීම නිසා කොණ්ඩය කපාගෙන එන ලෙස කියා විනය භාර ගුරුවරයා සිසුවාට පහර කීපයක් ගැසූ විට මෙයට පෙර ද තමන්ට තමාගේ බෙල්ලට පහර දීම නිසා බෙල්ල රිදෙන නිසා බෙල්ලට පහර නො නෙ ලෙස ද සිසුවා පවසා ඇතැයි කියති.
“ඒ සමගම ගුරුවරයා සිසුවාගේ කමිස කොලරයෙන් අල්ලා යළිත් ඔහුගේ බෙල්ලට පහර දී ඇති බව කියති. සිසුවාට පහර දී ගුරුවරයා පිටුපා යන විට සිසුවා අසල තිබූ විකට් ඉන්නකින් ගුරුවරයාගේ හිසට පහර දී ඇති බව පොලිසිය පවසති.
“සැකකාර 17 හැවිරිදි සිසුවා අත්අඩංගුවට ගෙන 12 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි."
(2016 ජනවාරි 12 ලංකාදීප පුවත්පත)
දැන් මෙම සිසුවා 18 දින දක්වා රිමාන්ඩ් කර තිබේ.
මෙතන සිදු වී තිබෙන දෙය පුවත්පත් කලාවේ මූලධර්මයකින් පැහැදිලි කළ හැකි ය. එනම්, බල්ලෙකු මිනිසකු කෑවොත් එය පුවතක් වන්නේ නැත. එහෙත් මිනිසකු බල්ලකු කෑවොත් එය පුවතකි.
බාල වයස්කාර දරුවන්ට අමානුෂික අන්දමින් පහර දෙන විදුහල්පතිවරුන් හා ගුරුවරුන් රිමාන්ඩ් කරනවා නම් සෑම දිනක ම ගුරුවරුන් දහසක්වත් රිමාන්ඩ් කිරීමට සිදු වනු ඇත.
ගුරුවරුන් සිසුන්ට වධ දීම ඒ තරම් ම සුලබ ක්‍රියාවකි.
වසර 22ක කාලය තුළ අනුරාධපුර, කොළඹ, කලුතර දිස්ත්‍රික්කවල පාසල්වල සේවය කර අත්දැකීම් ඇති ගුරුවරයකු වන මම මෙසේ ගුරුවරුන් ළමා හිමිකම් උල්ලංඝනය කරනු අනේක වාර්යක් දැක ඇත්තෙමි. මා අතින් ද කලාතුරකින් හෝ එසේ සිදු වී ඇති බව ස්වයං විවේචනාත්මකව පවසමි. ගුරු වෘත්තිය තුළ තිබෙන්නේ දරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා දරුවන්ට ශාරීරිකව හා මානසිකව වධ දීම සාමාන්‍ය තත්වය බවට පත් වූ පසුබිමකි.
ගුරුවරු හැමදාමත් දරුවන්ගේ කොණ්ඩාවල පැටලෙති. ගුරුවරුන්ට දරුවන් කොණ්ඩා කැපුවත් වැරදි ය. වැව්වත් වැරදි ය. පාසල් දරුවන් කොණ්ඩා කැපිය යුතු ආකාරය හා කොණ්ඩයේ ආලේප කළ යුතු නො කළ යුතු දේ ගැන ගුරුවරුන් අධික ලෙස වෙහෙසෙන්නේ මේ වන විට ගුරු වෘත්තියේ තිබෙන ලොකුම ප්‍රශ්නය එය සේ සලකා ය.
මහජන මුදලින් වැටුප් ගන්නා, ඉතා අඩු ඵලදායිතාවකින් යුත් සේවයක් සපයන, දරුවන්ට ප්‍රමාණවත් අන්දමින් ආදරය නො කරන, නිතර ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කරන, අඩු වැටුප් ලබන, ආර්ථික හා සමාජමය වශයෙන් අසහනයට පත් වී සිටින, අමතර මුදල් උපයා ගැනීම කෙරෙහි බොහෝ විට සිත යොදවා සිටින, වෘත්තීය හිමිකම් වෙනුවෙන් සංවිධානගත වීමට අඩු කැමැත්තක් දක්වන, නිලධාරීන් හා දේශපාලකයන් ඉදිරියේ ඇඹරෙන ලංකාවේ ගුරුවරුන්ට අනාගත පරපුර වැනසීම සඳහා දිගින් දිගට ම ඉඩ දිය යුතු නැත.
මෙම දරුවා ඔසවා තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්, අධ්‍යාපන බලධාරීන් හා සමස්ත සමාජය ම ගුරුවරයාට එරෙහිව ඔසවන්නට අසමත් වී තිබෙන පොල්ලකි. ඒ අරුතින් ගත් කල ඔහු කර තිබෙන්නේ සමස්ත සිසු පරපුර වෙනුවෙන් ම කැරැලි ගැසීමකි.
සිසුවකු ගුරුවරයකුට පහර දීම හරි වැඩකැයි අපි නො කියමු. එහෙත්, ගුරුවරුන් ශික්ෂණය නො කර අනාගත පරම්පරා ශික්ෂණය කිරීම ඔවුන්ට පැවරීමෙන් සිදු වී තිබෙන්නේ බරපතල සමාජ පරිහාණියකි.
ලංකාවේ පාසල් දරුවන්ට සිදු වන මෙවැනි අසාධාරණකම් වාර්තා කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම ෆේස්බුක් පිටුවෙහි සාමාජිකත්වය ගෙන මෙම සංවාදය ඉදිරියට ගෙන යන්න. අපේ දරුවන් මිනිසුන් කිරීම වෙනුවෙන් අපි අපේ අධ්‍යාපනය නිවැරදි කළ යුතුව තිබේ.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
“ඒ සමගම ගුරුවරයා සිසුවාගේ කමිස කොලරයෙන් අල්ලා යළිත් ඔහුගේ බෙල්ලට පහර දී ඇති බව කියති. සිසුවාට පහර දී ගුරුවරයා පිටුපා යන විට සිසුවා අසල තිබූ විකට් ඉන්නකින් ගුරුවරයාගේ හිසට පහර දී ඇති බව පොලිසිය පවසති.
“සැකකාර 17 හැවිරිදි සිසුවා අත්අඩංගුවට ගෙන 12 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි."
(2016 ජනවාරි 12 ලංකාදීප පුවත්පත)
දැන් මෙම සිසුවා 18 දින දක්වා රිමාන්ඩ් කර තිබේ.
මෙතන සිදු වී තිබෙන දෙය පුවත්පත් කලාවේ මූලධර්මයකින් පැහැදිලි කළ හැකි ය. එනම්, බල්ලෙකු මිනිසකු කෑවොත් එය පුවතක් වන්නේ නැත. එහෙත් මිනිසකු බල්ලකු කෑවොත් එය පුවතකි.
බාල වයස්කාර දරුවන්ට අමානුෂික අන්දමින් පහර දෙන විදුහල්පතිවරුන් හා ගුරුවරුන් රිමාන්ඩ් කරනවා නම් සෑම දිනක ම ගුරුවරුන් දහසක්වත් රිමාන්ඩ් කිරීමට සිදු වනු ඇත.
ගුරුවරුන් සිසුන්ට වධ දීම ඒ තරම් ම සුලබ ක්‍රියාවකි.
වසර 22ක කාලය තුළ අනුරාධපුර, කොළඹ, කලුතර දිස්ත්‍රික්කවල පාසල්වල සේවය කර අත්දැකීම් ඇති ගුරුවරයකු වන මම මෙසේ ගුරුවරුන් ළමා හිමිකම් උල්ලංඝනය කරනු අනේක වාර්යක් දැක ඇත්තෙමි. මා අතින් ද කලාතුරකින් හෝ එසේ සිදු වී ඇති බව ස්වයං විවේචනාත්මකව පවසමි. ගුරු වෘත්තිය තුළ තිබෙන්නේ දරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා දරුවන්ට ශාරීරිකව හා මානසිකව වධ දීම සාමාන්‍ය තත්වය බවට පත් වූ පසුබිමකි.
ගුරුවරු හැමදාමත් දරුවන්ගේ කොණ්ඩාවල පැටලෙති. ගුරුවරුන්ට දරුවන් කොණ්ඩා කැපුවත් වැරදි ය. වැව්වත් වැරදි ය. පාසල් දරුවන් කොණ්ඩා කැපිය යුතු ආකාරය හා කොණ්ඩයේ ආලේප කළ යුතු නො කළ යුතු දේ ගැන ගුරුවරුන් අධික ලෙස වෙහෙසෙන්නේ මේ වන විට ගුරු වෘත්තියේ තිබෙන ලොකුම ප්‍රශ්නය එය සේ සලකා ය.
මහජන මුදලින් වැටුප් ගන්නා, ඉතා අඩු ඵලදායිතාවකින් යුත් සේවයක් සපයන, දරුවන්ට ප්‍රමාණවත් අන්දමින් ආදරය නො කරන, නිතර ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කරන, අඩු වැටුප් ලබන, ආර්ථික හා සමාජමය වශයෙන් අසහනයට පත් වී සිටින, අමතර මුදල් උපයා ගැනීම කෙරෙහි බොහෝ විට සිත යොදවා සිටින, වෘත්තීය හිමිකම් වෙනුවෙන් සංවිධානගත වීමට අඩු කැමැත්තක් දක්වන, නිලධාරීන් හා දේශපාලකයන් ඉදිරියේ ඇඹරෙන ලංකාවේ ගුරුවරුන්ට අනාගත පරපුර වැනසීම සඳහා දිගින් දිගට ම ඉඩ දිය යුතු නැත.
මෙම දරුවා ඔසවා තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්, අධ්‍යාපන බලධාරීන් හා සමස්ත සමාජය ම ගුරුවරයාට එරෙහිව ඔසවන්නට අසමත් වී තිබෙන පොල්ලකි. ඒ අරුතින් ගත් කල ඔහු කර තිබෙන්නේ සමස්ත සිසු පරපුර වෙනුවෙන් ම කැරැලි ගැසීමකි.
සිසුවකු ගුරුවරයකුට පහර දීම හරි වැඩකැයි අපි නො කියමු. එහෙත්, ගුරුවරුන් ශික්ෂණය නො කර අනාගත පරම්පරා ශික්ෂණය කිරීම ඔවුන්ට පැවරීමෙන් සිදු වී තිබෙන්නේ බරපතල සමාජ පරිහාණියකි.
ලංකාවේ පාසල් දරුවන්ට සිදු වන මෙවැනි අසාධාරණකම් වාර්තා කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම ෆේස්බුක් පිටුවෙහි සාමාජිකත්වය ගෙන මෙම සංවාදය ඉදිරියට ගෙන යන්න. අපේ දරුවන් මිනිසුන් කිරීම වෙනුවෙන් අපි අපේ අධ්‍යාපනය නිවැරදි කළ යුතුව තිබේ.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
සිසුන්ගේ විනය විරෝධී හැසිරීම් මැද ගුරුවරුන් කළ යුත්තේ කුමක් ද යන ප්‍රශ්නය මේ පිළිබඳ සාකච්ඡා කරද්දී එක් ගුරුවරියක් විසින් මතු කරන ලදී. අධ්‍යාපනයේ තව බොහෝ ප්‍රශ්න ඇත. ගුරුවරුන් ඒ ගැන සංවේදී නො වී දරුවන්ගේ විනය ගැන පමණක් අධි සංවේදී වන්නේ මන්ද යන්න මට ප්‍රශ්නයකි.
ReplyDeleteදරුවන්ට තිරිසනුන්ට ලෙස සැලකීමට ඉඩ දෙන තාක් කල් සිසු දරුවන්ගේ විනය පිළිබඳ ප්‍රශ්න වෙනත් ආකාරයකින් හසු කර ගන්නට උත්සාහ කරන්නේ නැත. මේ තිරිසන් පහර දීම් මුලින් ම නැවැත්විය යුතු ය.
ලංකාවේ පාසල් තුල විශේෂයෙන් පාසල් නේවාසිකාගාර තුල සිදුවන අම්නුෂික ළමා හිංසනයට විරුද්දව බ්ලොග් කරුවෝ එකතුවෙලා, UN COMMITTEE ON THE RIGHTS OF THE CHILD අන්තරජාතික කාර්යාලයට පැමිණි කරමු. පැරා කැමතිද එය කරන්න ? මම එහෙම කියන්නේ මේ ක්‍රමයෙන්ම හැදී කොන්ද කඩා ගත් අය පිරුන අධිකරණයකින් දරුවන්ට සාධාරණය ඉටු වෙන්නේ නැති නිසාය.
Deleteකොච්චර එපා කිව්වත් අනෙක් ගුරුවරු ගුරුවරියන් විවේචනාත්මකව බැලුවත් තාමත් බුරිය පේන්න ඇදන් එන ගුරුවරියන් ගැනත් කතාකල යුතුමය...ඒ ආකාරයෙන් ඇදන් එනගුරුවරියන්ගේ බුරි දෙස බලා ස්වයන් වින්දනයේ යෙදෙන නව යොවුන් සිසුන් කිහිප දෙනෙකුම මට හමු වී ඇත...
Deleteලබුදූවේ සිරිධම්ම යනු ගැටඹේ විහාරයේ හාමුදුරුවෝ ය. ඔහු ජේආර්ට දුෂාඨයා කී නිසා ඉන් කිපුණු ජේආර් ගැටඹේ විහාරය පාවිච්චි කරන රජයේ ඉඩම් කොටසක් වෙනකර වැටක් බැන්දා. ඒ 1981 දී.
ReplyDeleteපසුව ජනාධිපති මාධ්‍ය ලේකම් ඇස් පියසේන යොදවා වැඩේ ෂේප් කර ගත්තා!
සිරිධම්ම 1985 දී පමණ මිය ගියා.
මේ සිද්ධිය වුණේ 1982 දී යි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට එහිමියන් කීවේ 'ද්‍රෝහියා' කියල යි.
Deleteළමුන් ගේ කොණ්ඩා ගැන සොයන එඩිසන් සහ අයිසා නම් ගුරුවරු දෙදෙනෙකු ආනන්ද විද්‍යාලයේ සිටියෝය.
ReplyDeleteඔවුන්ගෙන් එඩිසා නම් මැරයෙකි.
මෙවැනි ගුරුවරන් මානසික ලෙඩකින් පෙළෙන අය යැයි සිතේ.
රසික
Deleteඔබ "එඩිසා නම් මැරයෙකි" කියලා කියන්න ඔබසතු ඔප්පු කල හැකි සාධක තිබෙනවාද ?
සිව් වසරක් පමණ ආනන්ද විද්‍යාලයේ ගතකර ඇති ඔබ පාසලේ බාහිර ක්‍රියා කාරකම්වලට ඉතා සුලු වශයෙන් සහබාගිවී ඇති ඔබ, සිසුන් 5000.පමණ එකවර ඉගෙනුම ලබමින් සිටින පාසලක විනයභාර ගුරු එඩිසන් සර් ගැන දන්නේ ඉතාම සුළු දෙයක් පමණි.. කොණ්ඩය පමණක් නොව ඔහු සිසුන්ට ආවේනිකවූ දඟකාරකම් ' පුද්ගලික ප්‍රශ්න වලදී ඒවා දුර දිග යාමට ඉඩනොදී සිසුවාත් පැමිණිලිකරුත් සමබරව රැකගනිමින් තමන් සේවයකරන ස්ථානයේ නමට කැලලක් නොවන සේ රාජකාරි කල ගුරුතුමෙකි .
නගරයේ දරුවන් පාසලින් පිටතදී කරන දඟකාර කම් ගමේ පාසලක කරන දගකාරකම් වලට වඩා බොහෝ වෙනස්ය ඔබට එවන් සුළු අත්දැකීමක් තිබුනට වඩා බොහෝ දඟකාර කම්කල සිසුන් එකල එහි ඉගෙනගත් අතර ,ඔවුන් අද ජීවිතය වර්ණවත් ලෙස ගතකරමින් සිටිති. අදටත් ඔවුන් එඩිසන් ගුරුතුමාට ගෞරවය පාමින් සිහිකරති
ඔබට අයිසා ගැන අදහසක් ඇතොත් ඇත්තේ ඒ ඔබ කවුරුන් හෝ මගින් අසා දැනගත් දෙයක් පමණක් බව මට හැඟෙ.
කෙසේ වෙතත් ඔබනම් සමහර ගුරුවරන් ගැන නොදන්නා කමින් මානසික ලෙඩකින් පෙළෙන පෙන බව පෙනේ
එඩිසා මැරයෙකු යැයි කීවේ ඔහු තම බලය පාමින් කොණ්ඩය වැවී ඇති, කමිස කලිසම්වල අඩුපාඩු ඇති, පමාද වී පාසලට එන සිසුන්ට මැරකම් කරනු මා දැක ඇති නිසයි.
Deleteඑනම් හන්දියේ චණ්ඩියෙකු මෙන් හැසිරීමයි.
පැයකට එකක් ඇති ගමේ බස් එක වැරදී හෝ දුම්රිය ප්‍රමාදයක් නිසා හෝ කලාතුරකින් ප්‍රමාද වී පාසලට පැමිණි දිනවල මාත් එඩිසා ගේ චණ්ඩිකම්වලට මුහුණ පා තියෙනවා. පහර දීම්වලට ලක් නොවුණු නමුත්, ඔහු ගේ ක්‍රියා කලපය නිසා සැම විටම වුනේ සිදු වූ ප්‍රමාදය තවත් වැඩි වීමයි!
එඩිසා මිය ගිය විට ඇතැම් ආදී සිසුන් ඔහුට කර තිබුණු උපහාර දැක මා පුදුම වූ බව ඔහු ගැන මට වඩා දැනුවත්කමක් ඇති ඔබේ කතාවට එකඟ වෙමින් මට කිව හැකියි.
මා පාසලේ සිටි කාලය සාපේක්‍ෂව අඩුමුත්, ඒ සුලු කාලය තුළ දී හෝ මට ඔහු පෙනුනේ මැරයෙකු ලෙස නම්, එය වැදගත් කරුණක්.
ඔබ දිගු කාලයක් තුල වැඩි අත්දැකීම් ලබා, ඔහු ගේ මැරකමේ සහ හොඳකමේ සාමාන්‍ය අගය වටහා ගෙන තියෙනවා විය යුතුයි. මා නම්, එඩිසාව දුටු මතකයේ හැයි හැම දිනකම ඔහු හිටියේ සිසුන්ගේ කොණ්ඩ ගැන හෝ ප්‍රමාද වීම් ගැන මැරකම් කරමිනුයි.
අයිසා, එඩිසා සමග එකට හැසිරෙමින් එඩිසා ගේ පහනෙන් එළිය දුටු අයෙකු ලෙසයි මා දුටුවේ. ඔහු මැරයෙකු යැයි මට සිතී නෑ.
නැවතත්, මගේ නිරීක්‍ෂණ කාලය අඩු වීම හෝ වැඩිවීම මෙහිදී අදාල නෑ.
හැම විනාඩියේ ම අකුණු ගහන්නේ නැති වුනත්, එක අකුණකින් අයෙකු මිය යන්නට ඉඩ තියෙනවා!
අකුණු උදාහරණයට හේතුව මේ දැන් ලැබුණු පුවතකි.
Deletehttp://www.abc.net.au/news/2016-01-14/severe-thunderstorm-for-sydney-hunter/7089142
///සිසුන්ට ආවේනිකවූ දඟකාරකම් ' පුද්ගලික ප්‍රශ්න වලදී ඒවා දුර දිග යාමට ඉඩනොදී සිසුවාත් පැමිණිලිකරුත් සමබරව රැකගනිමින් තමන් සේවයකරන ස්ථානයේ නමට කැලලක් නොවන සේ රාජකාරි කල ගුරුතුමෙකි . //
Delete//සිසුවාත් පැමිණිලිකරුත් සමබරව රැකගනිමින් තමන් සේවයකරන ස්ථානයේ නමට කැලලක් නොවන සේ රාජකාරි කල ගුරුතුමෙකි//
උබේ ඔය එඩිසා මරු පොරක් නේ බන්. මකබැවිල අපායේ ගියේ නැතුව හිටිය නම් කතා කරලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කම දෙන්න තිබුන. බුවා කරන්නෙත් ඔය රාජකාරියමයි. හැබැයි චුට්ටක් වෙනස් විදියට.
ගුරුවරු ඉන්නේ ගහල වහල ශේප් කරන්නද ? උබ වගේ මීහරකෙක්. මෝඩ මුසලයෙක්. පණු බේත් බීපන් වෙලාවට නැති නම් මොලේට කිරි පනුවෝ ගහවි.
ගුරුවරයාගේ භූමිකාව නොදන්නා උබ වගේ ගොලයන්ගෙන්ම ඔය මැර එඩිසා ගැන හිතා ගන්න පුළුවන්.
AnonymousJanuary 14, 2016 at 12:18 PM පිලිත්රක්
Deleteඅනේ ඇනෝ ඔහේ මොනවද ඇනෝ දන්නේ එඩිසන් සර් ගැන ඔහෙට ලියන්න පුළුවන් අපහාස කරන්න විතරයි එකත් හරි දැනීමකින් කරන්න. අනික කාටද අද අපහාස කරන්න බැරි ?
මොලේට කිරි පනුවෝ ගහවි එකට නම් ඉතින් තමන්ගේ දොස්තර නෝනා ගෙන් බෙහෙත් ගන්න පුලුවනේ ඔහේ කලබල වෙන්න එපා .
ගුරුවරයාගේ භූමිකාව යි ප්‍රධාන ශිෂ්‍ය විනයභාර ගුරුවරයාගේ භූමිකාව වෙනස ඔහෙට වැටහෙන්න නැති එක ඔයාම හිතන්න ඇනෝ
උදේ 6.30 /01.30 අතරත් ළමුන් 5000 පමණ ඉගෙනගන්න පාසලක තව 1.30 සවස6.00 දක්වා 300 පමණ සිසුන් පාසල තුලම බාහිර ක්‍රියා කාරකම් කරන විට විශේෂයෙන් හවසට ගුරු බවතුන් පාසලේ නැතිවිට ඔහු කල සේවය අගයන්න ඔබට නොහැකි බව තේරෙනවා මේවට ඔහුට විශේෂ දීමනා දෙන්නේ නැ එකම සුදුසු කම ඔහුගේ උස මහතත් කටහඬේ රළු බවත් විතරයි සහ කැපවීමයි [ඔහු විදුහලේ රසායන විද්‍යාව උගන්වන ගුරුවරයෙක්]
"සිසුවාත් පැමිණිලිකරුත් සමබරව රැකගනිමින්" "ඒවා දුර දිග යාමට ඉඩනොදී මෙන් එකල කොළඹ මරදානේ පැමිණිලි කරුවන් සමග සහජීවනයෙන් කටයුතු කරන විට නිතිය අතට අරගෙන කරන්න නම් අමාරුයි එහෙම කරන්න පුළුවන් කියාලා හිතන්න පුළුවන් ඔහේ වගේ සියල්ල දත් වුනත් නිතිය කරන්න/කියන්න ගිහින් අනාගන්න අයට පමණයි
එඩිසන් සර් ගැන නොදන්නා ඔබ ගැන අපට කනගාටුයි
//මරදානේ පැමිණිලි කරුවන් සමග සහජීවනයෙන් කටයුතු කරන විට නිතිය අතට අරගෙන කරන්න නම් අමාරුයි//
Deleteමරදානේ චණ්ඩින්ට බයේ නගුට දෙපරන්දේ ඇතුලට ගහගෙන ඇවිත් නීතිය අතට අරගෙන කොල්ලොන්ට චන්ඩි කම් දාන නොන්ඩි කවදත් ඉන්නවා. ඔය අපායේ ලොක්ක ගාවට ගිය වැඩ බැරි උන්ද විතරක් නෙවෙයි.
ඔහෙත් නියම චන්ඩි බුවෙක් බව පේනවා. හැබැයි ඉතින් එ ඒකාලේ එකෙක්ද දැන් ඉන්න එකෙක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්.ඔබේ අදහස් වලින් . කතා කරලා පහදලා දීලා යමක් වටහා ගන්වන්න පුළුවන් පිරිසක් මරදානේ ඉන්නේ එහෙම නැතිවඔහේ හිතාගෙන ඉන්න බාල චන්ඩි එහෙ නැහැ එවන් මිනිසුන්ට බයේ නගුට දෙපරන්දේ ගහගෙන අතුල ට එන්න වෙන්නේත් නැ කාටවත් එ අවට සිටින්නේත් එම පාසලේම ඉගෙනගත් ආදී සිසුවන්.බොහොමයක්ම 5 හේ කඩ ඉමෙන් පස්සේ පාසලට අතුලුවුවන්ට වඩා ලැදිකමක් ඔවුන් පාසල පිළිබඳව දක්වනබව පෙනියනවා
Deleteනමුත් ඉතින් කොල්ලන්ට චන්ඩිකම් දාපු එඩිසන් සර් ගේ ඔය කියන චන්ඩිකම ඔබ සිතන්නේ මහා ලොකු චන්ඩිකමක් කියාද අනික මේ චන්ඩි කම ඔය රසික තුමාට පමණක් සිදුවුනේ කෙසේදැයි ද ඒවන්දෙයක් අනෙක් සිසුනට නොදැනුනේ ඇයිදැයි ඇනෝ ඔහේ සොයා බලා අපටත් දන්වන්න .ඔහු පාසලේ ගත කල අයුරු අප නොදනිද ? නමුත් අපට ඒ ගැන අබමල් රේණුවක තරම් වත් අවුලක් නැත එය රසික ගේ කැමැත්තයි නමුත් ඔහුගේ සමහරක් අදහස්වලට නම් එකඟ විය නොහැක
චණ්ඩින්ට චන්ඩි වෙන්නත් නොන්ඩින්ට නොන්ඩි වෙන්නත් බැරි නම් ඉතින් මේ රටේ ඉන්න අමාරුයි. හැබැයි පොඩි එවුන්ට චන්ඩි පාට් දැන් නොන්ඩි නම් මට ටිකක් පෙන්න බැහැ. ඒවගේම ඒ වගේ චණ්ඩින්ට ට සුදු හුණු ගාන නොන්ඩි දැක්කමත් එහෙමයි. ඔයාල වගේ නොන්ඩි පරම්පරාවක් හදපු එක තමයි ඔය වගේ චන්ඩි කලේ.
Deleteහොදට ගහල අපුරු විනයවත් සමාජයක් හදල තියෙන්නේ ඔය වගේ නොන්ඩි චන්ඩි තමයි. අර බයගොතයා ඔය වගේ නොන්ඩි චණ්ඩින්ට සෙල්ලම් කර්නල් ලයිසන් දුන්නේ සමාජෙට එන එවුන්ගේ කොන්ද දෙකටම කඩල පරම්පරා හතක්ම රට හුරගෙන කන්න. කොහෙද ඉතින් එහෙම දෙයක් තේරුම් ගන්නත් ඉස්කෝලේ ගිහින් චන්ඩින් ගෙන් ගුටි කාල විතරක් ආවට පුළුවන් වෙන්නේ නැහැනේ.
හැබැයි පොඩි එවුන්ට චන්ඩි පාට් දැන් නොන්ඩි නම් මට ටිකක් පෙන්න බැහැ ඒවගේම ඒ වගේ චණ්ඩින්ට ට සුදු හුණු ගාන නොන්ඩි දැක්කමත් එහෙමයි.. ............... එහෙනම් ඉතින් එවැනි දඟකාරකම් කරන ළමයි හදා වඩාගත් දෙමව්පියනුත් නොන්ඩි චන්ඩි වෙනවා නේද ඇනෝ කියන ආකාරයට
Deleteඔවු එහෙම නොන්ඩි චන්ඩි දෙමවුපියන් නිසා තමයි දරුවන්ට දඩුවම් කිරීමේදී දෙමවුපියන්ට සීමාවල් පනවා තිබෙන්නේ වර්තමාන ළමා ආරක්ෂක ආයතන මගින්. සමහර රටවල දරුවන්ට දඩුවම් කිරීමේ එහෙම අයිතියක් දෙමව්පියන්ට නැහැ. එහෙම නොන්ඩි චන්ඩි මම දැකල තිබෙනවා. බොහෝවිට පිරිමි දරුවන් නව යොවුන් වයසට එනකොට සමහර පියවරු නිවසේ තමාගේ ආධිපත්‍ය බිදවැටීමට ලක්වීම නිසා එහෙම චන්ඩි ස්වභාවයක් ගන්න මානසිකත්වයක් ගැන වාර්තා වෙලා තිඑබනවා අපේ සමාජයේ.
Deleteදගකාරකම් හදාගන්න දඩුවම් කරන විදියක් අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛනයක ලියල එවල පාසල් වලට එවල තිබෙනවා කාලෙකට කලින්. වරදක ඇති විට, ශිෂ්‍ය වාර්තා පොතේ ඒ බව ලියා, ඊට දෙන දඩුවමද ලිවීමෙන් ද දඩුවමට හේතුව ළමයාට පැහැදිලි කිරීමෙන් ද පසු පමණයි. ළමයෙකුට ගහන්න පුළුවන් අඩියක් දීල වේවැලකින්, අතට, අඩියක් පමණයි වේවැල උපරිම එසවීමට හැකි. ඔය පස්සට වේවැලෙන් ගැසීම සම්පූර්ණ නීති විරෝධී වැඩක් නීතියේ හැටියට නම්. එවැනි දදුවමකින් ශිෂයෙකු හික්මීමට හැකි නිසා තමයි එවැනි උපරිම සීමාවක් දමා තිබෙන්නේ. වාර්තා පොතේ ලියන්න කියන්නේ ගුරුවරයාගේ මානසිකත්වය කෂනිකව කෝපයට පත් වුනා නම් එය නිවීම සදහා. ඊට පසු ගුරු වරයෙක් දරුවෙකුට දඩුවම් කරන්නේ ඇත්තටම ඔබ ඔය කියන කරුණාව නිසා දරුවා හදාගන්න.
එහෙම නැතිව පිස්සි වගේ අපු ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ළමයින්ට තඩි බාන ගුරුවරු දෙමවු පියෝ නොන්ඩි චන්ඩි.
එහෙම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒ අය ළමයට හිතේ හැටියට ගහන්නේ ළමය තමන්ට නොගහන නිසා නේ. ඒ අය නොන්ඩි චන්ඩි නැතුව වෙන කවුද ?
ළමයි හදන්න දඩුවම් ඕනේ නැහැ. ඒක මිත්‍යාවක්. දඩුවමක් අත්යවශ වෙලාවක දඩුවම් කල යුත්තේ කාල වෙලාව අරගෙන දරුවාට වරද පැහැදිලි කරදී, දරුවාට ඇති කරුණාව අනුකම්පාව මත පද්මන් වෙලා පමණයි. එහෙම නැතුව හතේ කේන්තියෙන් ගහන හැම පහරක්ම නොන්ඩි චන්ඩි පහරක්.
එහෙම නැතිව පිස්සි වගේ අපු ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ළමයින්ට තඩි බාන ගුරුවරු දෙමවු පියෝ නොන්ඩි චන්ඩි..........ඇනෝ ඔබට හෝ ඔබේ දරුවන් ප්‍රධාන චරිත වශයෙන් මෙවැනි පහර දීම් වශයෙන් පාසලෙන් හෝ සමාජයෙන් දීම් අත්දෑකීම් ලබලා තියනවද
Deleteළමයි හදන්න දඩුවම් ඕනේ නැහැ. දඩුවම් .... මෙයින් අදහස් කරන්නේ පහරදීම පමණක් ද එතකොට ළමා උසාවියකින් ළමයාට නියම කරන දඬුවම ?
මට එහෙම ගුටිකන්න නම් වෙලා නෑ. හැබැයි සමාජයෙන් ඒවගේ අත්දැකීම් තිබෙනවා ඒවගේ සිද්දි ලග ඉදල සහ ඒවගෙන් තුවාල වුන වෙන අයගේ ළමයි දැකල.
Deleteඅනික ගැන නම් ඔයාල ඔක්කොම පටලවාගෙන. උසාවි වලින් දඩුවම් කරන්නේ අපරාධ කරුවන්ට. ළමා උසාවි වලින් දඩුවම් කරනවා නම් ඒ ළමා අපරාධ කරුවන්ට.
වරදක් කල ළමයා සහ අපරාධයක් කල ළමය කියන දෙකේ වෙනස තේරුම් ගීම ඔබට වැදගත් වේවි. උදාහරණයක් විදියට කොන්ඩේ මෝස්තරයක් කපන ළමය අපරධ කරුවෙක් නොවෙයි. පමාවී පාසලට පැමිණෙන ළමය අපරාධ කරුවෙක් නොවෙයි.
එත් ස්ත්‍රී දුෂණයක් කලොත් ළමය වුනත් ළමා අපරධ කරුවෙක්.
මන් හිතන්නේ ඔබට දැන් වැටහෙනවා ඇති. ළමයි හදන්න දඩුවම් ඕනේ නැති බව කිවේ ඇයි කියල.
අපරාධ කරුවෝ විශෝධනය කරන්න නම් ඉතින් උසාවි වලින් දඩුවම් නියම කරනවා නීතිය සහ අනෙක් කරුණු සළකා ඉතා දීර්ග ලෙස බැලීමෙන් පසුව. එම දීර්ග සළකා බැලීමෙන් අසාධාරණයක් වෙලා නම් අභියන්චනයටත්. එතනිනුත් සාධාරණය වුනේ නැති නම් ශ්‍රේෂ්ඨාධිකරණය ට යන්න අවස්ථාව තිබෙනවා ඕනෙම අපරාධ සක කරුවෙකුට.
ළමයි හදන්න අඩුවම් ඕනේ නැහැ. ළමා අපරාධ කරුවෝ ඉන්නවා නම් ඔවුන් විශෝෂණය කරන්න අධිකරණයක් හෝ අධිකරණ කීපයක දීර්ග නඩු විභාගයකින් පසුව සිද්ද වෙන්න පුළුවන්.
රසිකයා කියන පොන්නයා දන්නෙ තමන්ට පාර වදිනකොට ඇනෝ ඇවිදින් තමන්ගෙ පැත්තට ලකුණු දාගන්න විතරයි...මුං වගේ පොන්නයො ඔස්ට්‍රේලියාවෙ නාකි සුද්දන්ට පුක දීලා සල්ලි හොයාගෙන ලංකාවට පෙන්වනවා මාර පොරත්වයක්...දන්න එකා දන්නවා ඔලුවෙ කොන්ඩෙත් නැති තඩි පොන්නයෙක් කියලා
Delete@ Anonymous January 15, 2016 at 8:25 PM
Deleteඔබේ ලෙඩ සහ චර්‍යා ඔබේ ය. මට ඒවා නැත.
මගේ අදහස් මගේ නමින් දැක්වීමට අවශ්‍ය ශක්තිය මට ඇත.
ඔබේ රෝග සුව වී ආත්ම ශක්තිය ද ලැබේවා.
මම කියූ කරුණු වලට උත්තර දෙන්න. මමත් ඇනෝ. ඔයත් ඇනෝ. මම ඇනෝ ඔය කිව්වා විදියේ ගුරු වරු කියාගන්න අයට විවේචන ඉදරිපත් කලා. කරුණු දැක්වුවා. ඔය ඇනෝට ඒවාට ප්‍රති උත්තර දෙන්න බැරි වුනා. ඔයාට කේන්ති ගියා ඔයාගේ ගුරු පරපුරේ පුහුණුව අනුව. ඒ පාර වෙන අයට බැන්නා.
Deleteවිහිලු නැතුව නිකම් කොහෙවත් ඉන්න උන්දලට (රසිකට හෝ වෙන කෙනෙක්ට) බනින්න එපා. කරුණු දක්වන්න හෙමින්. ඒක අමාරුම නම් පොතක ලියල පස්සේ මෙහි ලියන්න.
AnonymousJanuary 15, 2016 at 8:25 PM
Delete"රසිකයා කියන පොන්නයා දන්නෙ තමන්ට පාර වදිනකොට ඇනෝ ඇවිදින් තමන්ගෙ පැත්තට ලකුණු දාගන්න විතරයි...මුං වගේ පොන්නයො ඔස්ට්‍රේලියාවෙ නාකි සුද්දන්ට පුක දීලා සල්ලි හොයාගෙන ලංකාවට පෙන්වනවා මාර පොරත්වයක්...දන්න එකා දන්නවා ඔලුවෙ කොන්ඩෙත් නැති තඩි පොන්නයෙක් කියලා"
ඔලුවෙ කොන්ඩෙ නැති උන් ඔක්කොම පොන්නයොද? එතකොට අර වීරයෙක් කිව්ව ලබුදූවේ හාමුදුරුවෝ ??
මගේ මල්ලී පැරා මෙන්ම රජයේ ගුරුවරයෙකි. දැන් ඔහු තම විෂයය වෙනස් කර චිත්‍ර සහ සෞන්දර්යය උගන්වයි. ඔහු කොණ්ඩය වවා, ඉතාලියානු තොප්පියක් ද පැලඳ සේවයට යයි.
ReplyDelete(මෙන්න මේ වගේ: http://www.island.lk/2005/10/15/sat-1-1.jpg)
අමාත්‍යාංශයෙන් නිළධාරීන් පැමිණ කොණ්ඩය කපන්නට ඔහුට කියා තිබේ. එවැනි නීතියක් ඇති චක්‍ර ලේඛනයක් පෙන්වන ලෙස ඔහු අභියෝග කර ඇත.
මේ සාරි-බුරි නීතියට ද පසුවය!
මගේ මාමා ද පිට දිගට දැමූ දිග කොණ්ඩයක් වැවූ ගුරුවරයකි, ඔහු කීවේ ආදි කාලයේ පිරිමින් සියල්ල දිගු කොණ්ඩයක් වැවූ බවයි. ඒ ගැන කිසිවෙකු එහුට අභියෝග කළ නො කළ නමුදු යම් කරුණකට උසාවියේ පෙනී සිටි අවශ්තාවක නඩුකාරයෙක් ගුරුවරයකු දිගු කොණ්ඩයක් වැවිම ගැන පරිභව කොට දඩ ගසා තිබුනා.
Deleteඅද ඔක්කොමලා ඇනෝ නිසා මමත් ඇනෝ,
"අද ඔක්කොමලා ඇනෝ නිසා මමත් ඇනෝ,"
Deleteමට හිතෙන්නෙ මෙතන ඉන්නෙ ඇනෝලා නෙවෙයි ඇනකොන්ඩලා කියලා. හැම එකාම බලන්නෙ අනිකාව ගිලින්න. උඹලා සමහරු ගුරුවරු නේද ? අනේ නොදකින් !
බෙලි කැඩෙන්න ගහල දැන් ඔය හදල තියෙන්නේ අපූරු විනයක් තියෙන මිනිස්සු ටිකක්! ගහල බය කරලා කොන්ද කඩපු සමාජයක් හදපු එකේ අදීනව කාටවත් පෙන්නේ නැහැ. මේ ජරා දේශපලුවොන්ගේම පස්සේ වැද වැද යන මිනිස්සු හැදුවේ ඔය ක්‍රමයෙන් තමයි.
ReplyDeleteඅනෙක ගහල බැනල විනය පාලනය කරලා හදන විනයවත් ළමයි දාන්න පුළුවන් විනයවත් සමාජයක් තියෙනවද ? අපේ ඉස්කෝල වල ළමයෙක් ගන්න තැන ඉදලම නීති හදල තියෙන්නේම පොඩි කලේ ඉදල කඩන්න පුරුදු කරන්න. පාසල්වල නීති තද වැඩියි. පොඩි කලේ ඉදලම ළමයි හිතන්න පුරුදු වෙන්නේ නීති කඩන කෙනා ලොක්කෙක් කියන එක. විදුහල්පතිලට සෙල්ලම් කර්නල් තනතුරු දීල කරපු විහිලු වල සමහර විපාක තමයි දැන් ඔය එන්නේ.
අනික් එක තමයි මම දන්නා විදියට නම් අධ්‍යාපන අමාත්‍යංශයේ තියෙනවා ළමයෙකුට ගහන්න පුළුවන් විදිය චක්‍රලේඛනයක ලියල. ඒවා වියදම් කරලා හදල තියෙන්නේ පොත් වල ලියල තියන්න නෙවෙයි. ගුරු වරුන්ට පිළිපදින්න.
වරදක ඇති විට, ශිෂ්‍ය වාර්තා පොතේ ඒ බව ලියා, ඊට දෙන දඩුවමද ලිවීමෙන් පසු. ළමයෙකුට ගහන්න පුළුවන් අඩියක් දීල වේවැලකින්, අතට අඩියක් පමණයි වේවැල උපරිම එසවීමට හැකි. ඉතින් මේ ශිෂ්‍යාගේ වාර්තා පොත පරීක්ෂා කර එසේ ලිය නැති නම් දඩුවම් කල අය අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි ?
කෝ ළමාරක්ෂණ අධිකාරය ?
මේ සිදුවීමේදී පේනවා මේ සිසුවා මිට පෙරත් මෙවැනි වැඩවල දී ඇති බව, නමුත් තම බෙල්ලේ ආබාදයක් තිබෙන බව කියන විට එම ගුරුවරයා එම සිසුවාගේ බෙල්ලට පහර දීමෙන් පේනවා ගුරුවරයාගේ මැර මානසිකත්වය.
ReplyDeleteමම හිතන්නේ මෙවැනි ප්‍රශ්න ඇති ගුරුවරයට මානසික ආබාදයක් ඇද්ද නැද්ද යන්න පරික්ෂා කිරීමෙන් පසුව හොද මානසික මට්ටමක තිබෙනවානම් පමණයි නැවත ඉගැන්වීමට අවසර දිය යුත්තේ
ලංකාවේ පාසල් තුල විශේෂයෙන් පාසල් නේවාසිකාගාර තුල සිදුවන අම්නුෂික ළමා හිංසනයට විරුද්දව බ්ලොග් කරුවෝ එකතුවෙලා, UN COMMITTEE ON THE RIGHTS OF THE CHILD අන්තරජාතික කාර්යාලයට පැමිණි කරමු. පැරා කැමතිද එය කරන්න ?
ReplyDeleteරජ කාළේට යන්න ට්‍රයි කොරා එකේ.. පොඩි උන්ටත් උන් කැමති විදියකට ඉන්න දෙන්නේ අඳින්න දෙන්නේ කවදද පැරා... ඉගෙනගන්න ඕන එකාට ඕන විදියකට ඇවිත් ඉගෙනගන්න පුළුවන් රටක් කවදා හැදෙයිද පැරා...
ReplyDeleteමාතා,
Deleteමම ගියේ පුද්ගලික පාසලකට, අපි යනකාලේ සිටිය අපුරු ගුරුවරයෙක් (දැනුත් ඉන්නවා මම හිතන්නේ ) ඔහු ගේ පන්තියේ තමයි ඉහලම විනයක් තිබුනේ නමුත් ළමයකුට පහරක් ගසනවා මට මතක නෑ, ඔහුතුල කරුණාව පමණක් නෙමෙයි එක්තරා පවුරුෂත්වයක් තිබුන, යමක් කිව්වම සිසුන් පිළිගත්තා, ඔහුගේ පන්තියේ තමයි ඉහලම සාමාර්ථ ඇති ළමයි සිටියේ.
ඉගැන්වීම හැමෝටම කරන්න බෑ, මගේ මතයේ හැටියට වැඩිම වටුප්දෙන වුර්තිය ක් බවට ගුරුවුර්තිය පත්කළ යුතු අතර නොසුදුසු අය ඉවත්කරන වැඩපිළිවලක් උවමනා කරනවා.
දැනට නම් කරන්නෙ නුසුදුසු අයට උසස්වීම් දීල අධ්‍යාපන පරිපාලනයට පත් කරන එක.
Deleteමේ ඉන්නෙ අනිත් පොන්නයා...මු හෝටලේ වැඩ කරන අතරෙ උගෙ ගෑණිට දැන් අල්ලපු ගෙදර එකා ගහන්නෙ...
Deleteඔයාගේ හෝ ඔයාට සම්බන්ධ වෙන පාර්ශ්වයකගේ විනය තකලා වගේ ඔයාගේ ගුරුවරු. ඒ නිසානේ මේසා හොද විනයක් දායාද කරලා තිබෙන්නේ ගුටි බැට එක්කම.
DeleteAnonymousJanuary 15, 2016 at 8:26 PM
Deleteඒ ගෑනිගෙ ෆෝන් නම්බර් එක පුලුවන්නම් දීපන්කො මචං
ඉතාම හොඳ ලිපියක්...
ReplyDeleteඅපේ අධ්‍යාපන ක්‍රම උඩු යටිකුරු කල යුතුයි...
හැම කෙනාටම හරි පුදුම ඉස්කෝලේ කියන පොත කියවීම අනිවාර්යය කරන්න ඕනේ...
Mama paasal giye kolamba , denatath yam aakaarayakain pasindu paasalakata. Aea kaale ae paasale lamunta nila andumak nirdesa karala thibune neha. aeya bahu aagam saha bahuvidha baasaa kathaa karana sisun athulath paasalak. Ae nisaa apita igena ganna amaaru uneth neha , hemoomath ekka suhadawa vividha sansruthien sathutin vindimin api ape lamaa kaalaya gewwa. ae athiethaya kotharam nidahas da , sundarada .
ReplyDeleteබෙල්ල රිදෙන නිසා බෙල්ලට පහර නොදෙන ලෙස සිසුවා පවසා ඇතිවිටත් නැවත බෙල්ලටම පහර දීමෙන් පෙනෙන්නේ මෙම ගුරුවරයා යම් මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. හිසේ තුවාලයට අමතරව මොහුගේ මානසික රෝගයටද ප්‍රතිකාර කල යුතුයි.
ReplyDeleteලංකාවේ වැඩිහිටියන් ගැන සිතුවොත්, බලන බලන හැමතැනම ඉන්නෙ විවිධ මාදිලි වල පිටකොන්දක් නැති හෙන්චයියෝ, බොරුකාරයෝ, අසහනකාරයෝ - පුද්ගල නිදහස කියල දෙයක් අහලාවත් නැහැ. මේ ඉන්ටර්නෙට් එකේදී විතරයි ස්වාධීන මිනිසුන් කිහිප දෙනෙක් හරි හමුවන්නේ.
ReplyDeleteමෙවැනි කොඳු නැති මිනිසුන් බිහිවීම ඇරඹෙන්නේ අපේ රටේ පාසල් අධ්‍යාපනයේ සිටමයි."නිදහස් අධ්‍යාපනය" කියන වචනය ඉස්සරහට දාල වහලුන් (උගත් / නූගත්) බිහිකරනවා කාගෙත් ආශිර්වාදය ඇතිව. වහලුන් බිහිකරන ගුරුවරු මිනීමරුවන්ටත් වඩා භයානකයි. මිනීමරුවන්ව හිරේ දමන්න හෝ පුලුවන්. ඒත් "ලයිසන් සහිත" ගුරුවරු නොනවත්වා වහලුන් බිහිකරනවා. පසුව මිනීමරුවන්, අපරාධකාරයන් වෙන්නේත් ඒ වහලුන්ම තමයි.
කීපදෙනෙකුට පමනක් මොන වාසනාවකට හෝ පසුව තේරෙන්න පටන් ගන්නවා තමන් නිවහල් වියයුතු බව. ඔවුන් අමාරුවෙන් හෝ එසේ කරනවා.
අනෙක් අයට,රටට "අබ සරනම තමයි".
මෙය හුදු ගුරුවරුන්ගේ අත්තනොමතික පහරදීම් පිලිබදව ප්‍රශ්නයක් ලෙස පමණක් ගැනීම ගැටලුවට විසදුමක් නොවෙය. සැබවින්ම ගුරුවරුන්ගේ හැසිරීම සහ ළමුන්ගේ විනය සම්බන්ධව සහ රටේ පවතින අධ්‍යාපන ක්‍රමයේ විශාල ගැටලු ප්‍රමාණයක් ඇත. එමෙන්ම රටේ සියලුම තැන්වල මෙවැනි ප්‍රචන්ඩත්වයන් දක්නට ඇත. එය දුබලයන් යටකිරීම සදහා වන ප්‍රචන්ඩත්වයන් සේම යටත් කිරීමට විරෝධය පෑම් ලෙසද දැකිය හැකිය. සමස්ථයක් ලෙස ගැනිමේදි මෙවැන්න සිදුවන්නේ සමාජයක් ලෙස අපි සියලු දෙනාම අනෙකාගේ අයිතින් සහ නිදහස පිලිබදව කල්පනා නොකිරීම සහ ඒ පිලිබදව වන නොසැල කිල්ල නිසාය.
ReplyDeleteළමා හිංසනයන් ගුරුවරුන්ට අමතරව, රජය විසින් පවත්වාගෙන යන අධ්‍යාපන ක්‍රමයෙන්ද, දෙමාපියන් ඇතුලු සමිප නැදැයන්ගෙන්ද සිදුවනවාය. මමද ළමයින්ට සමහර අවස්ථාවලදි පහර දී තියෙනවාය. එලෙස නොකර සිටිනවානම් හොදයැයි බොහෝවිට සිතෙන්නේ සිදුවීමක් අවසන් විමෙන් පසුවය.
පවතින අධ්‍යපන ක්‍රමය තුල බොහෝ ගැටලු ඇත. එහෙත් සමාජයතුල මෙම අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන ධනාත්මක කතිකාවක් නැත. වෙනස්විය යුත්තේ කුමන ආකාරයකට යන්න පිලිබද කතිකාවකට වඩා බොහෝවිට ඇත්තේ අධයාපනය වැඩක් නැති බැවින් මෙය පෞද්ගලිකව ලැබිමට අවස්ථාවක් ලබාදිය යුතුයි යන සාකච්ජාවක්ය.
පාසැලක් තුලින් ළමුන්ගේ මුලික හික්මවීමක් ඇතිකල යුතුය. ඔවුන් සමාජයට පැමිණිමේදි අනෙකාට ගරු කිරිමට, සමාජයේ පවතින පොදු නිති පද්දතියට අවනත වීමට පුහුණු කරනු ලබන්නේ පාසැල තුලින්ය. මේ සදහා සමාජයෙන් සහ නිවසින් විය යුතු බලපෑමද ඉතාමත් වැඩිය.
අද සමාජයේ ජිවත්වන මිනිසුන් සමාජයේ පොදු සම්මුතින්ට යටත් වන්නේ නැතිය. ඔවුන් රූ 10 -12 වෙනතුරු අනෙකාට බාධාවක් වන පරිදි පාටි දානවාය, ඒවා නැවැත්වීමට යන පොලිසිය ඔවුන්ට පහර දෙනවාය, බොහෝමයක් රියදුරන් මාර්ග නීතී පිලිබදව කිසිදු තැකිමක් කරන්නේ නැතිය, මිනිසුන් තමන්ගේ ඕනෑම කටයුත්තක් සිදුකර ගැනීමට යාමේදි වෙනත් ප්‍රබලයකුගේ (දේශපාලකයෙකුගේ, නිලධාරියකුගේ,...) හෝ එම ආයතනයේ සේවකයෙකුගේ උදවු ඉල්ලනවාය. පිලිවෙල අනුව කටයුතු කර ගෙන යාමට කිසිවකු කැමති නැත. දුම්රිය ටිකට් ගැනිමේදි සහ බැංකුවලදි හැර අනෙත් බොහෝ ස්ථානවලදි පිලිවෙලට ගරු කරන්නේ නැත.
එවැනි සමාජයක ගුරුවරුන්ගෙන් පමණක් යහපත බලාපොරෝත්තු විය නොහැකිය. සිසුන්ද විනය ගරුක වේයැයි අපේක්ෂා කිරීම අනුවන කමක්ය. සමාජයක් ලෙස අපගේ ආකල්ප වෙනස් කරගැනිමෙන් සහ පවතින සමාජ තත්වයන් වෙනස් කිරිමකින් තොරව මෙය පාර්ශවියව වෙනස් කල නොහැකිය. අප සමාජයක් ලෙස වෙනස් නොවනතුරු මට අනෙකාගෙන් වෙන පිඩනයෙන් සහ හිංසනයෙන්ද, මගෙන් අනෙකාට ඇතිවන පිඩනයෙන් සහ හිංසනයෙන්ද ගැලවීමක් නැතිය.
පහත anonymous පෙන්වා දී ඇති කරුණ නිවරදි කිරීම සදහා ඉහත තුන්වන ජේදයේ “අධ්‍යපනය වැඩක් නැති බැවින් මෙය පෞද්ගලිකව ලැබිමට අවස්ථාවක් ලබාදිය යුතුයි යන සාකච්ජාවක්ය“ යන වාක්‍ය ඛණ්ඩය “ පවතින අධ්‍යපන ක්‍රමය තුල ගැටලු ඇති බැවින් මෙය පෞද්ගලිකව ලැබිමට අවස්ථාවක් ලබාදිය යුතුයි යන සාකච්ජාවක්ය“ ලෙස සංශෝධනය කරන ලදී
Deleteඑය නිවරදි කිරීමක් ද වෙනස් කිරීමක් පමණක් ද ඔබ කියල සිතා බලන්න.
Delete"පවතින අධ්‍යපන ක්‍රමය තුල දැනට ලැබෙන අවස්ථා සීමා සහිත බැවින් වැඩි අවස්ථා ප්‍රමාණයක් ඇති කිරීමට අද්‍යාපනය පෞද්ගලිකව ලැබිමට–ත් අවස්ථාවක් ලබාදිය යුතුයි" කියල තමයි හැබැයි මම දන්නා සාකච්චාව නම් තිබෙන්නේ. දියාරු කරලා වටේ යන්නේ මොකටද ?
ලැබෙන අවස්තා සීමාවීම යනු පවතින අධ්‍යපන ක්‍රමය තුල ඇති එක් ගැටලුවක් පමනි,
Delete//එහෙත් සමාජයතුල මෙම අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන ධනාත්මක කතිකාවක් නැත. වෙනස්විය යුත්තේ කුමන ආකාරයකට යන්න පිලිබද කතිකාවකට වඩා බොහෝවිට ඇත්තේ අධයාපනය වැඩක් නැති බැවින් මෙය පෞද්ගලිකව ලැබිමට අවස්ථාවක් ලබාදිය යුතුයි යන සාකච්ජාවක්ය.
ReplyDelete//
මෙන්න මේ "යකාට" පිස්සු. කවුද අධ්‍යාපනය වැඩක් නෑ කියන්නේ ? පුද්ගලික විශ්විද්‍යාල ඕනේ කියල කියන්නෙත් අධ්‍යාපනේ වැඩක් තියෙන නිසා. දැනට උසස් අද්‍යපනය හැමෝටම ලැබෙන්න නැති නිසාත් ලගදී වත් එසේ නොමිලේ ලැබෙන්නට පුළුවන් කමක් පෙන්නේනට නැති නිසාත් අධ්‍යාපනය වැඩි දෙනෙකුට ලබාදෙන්න තමයි පුද්ගලික විශ්විද්‍යාල ඕනේ කියල කියන්නේ.
අධ්‍යාපනේ වැඩක් නැති නම් කවුද පුද්ගලිකව සල්ලි දීල ගන්නේ ? එහෙම අදහසකින් සාකච්චා කරන්න නම් අන්තවාදී වෙලා මද්‍ය්ස්ත යි කියල හිතන ඔහෙට වගේ පිස්සු තියෙන්න ඕනේ අනික් අයටත්.
ප්‍රදීප් මංගලට ඔහු කැමතිනම් නොයෙකුත් තර්ක ඉදිරිපත් කරමින් තම මතයේම එල්ලී ඉන්න පුලුවන්, ඒහෙම කරන්න අයිතියත් ඔහුට තිබෙනවා. ඒත් ඔහු නිහතමානීව තම අතපසුවීම නිවැරදි කරගෙන තිබෙනවා, එය හැදිච්ච මිනිහෙකුගේ ලක්ෂනයක්. මා එය අගය කරනවා. ඔබත් ඔබ පාවිච්චි කල අපහාසාත්මක වචන නිවැරදි කරගන්නේ නම් ඔබේ අධ්‍යාපනයේදී නොලද වටිනා දෙයක් දැන් හෝ ඉගෙන ගත හැකියි. අපි හැමෝම මෙතන කතා කරන්නෙ අපි ලබපු / ලබන අධ්‍යාපනයේ දුර්වලකම් ගැන නොවේද ?
Deleteඅධ්‍යාපනය කියන්නේ ඒ තවර ගන්න "බොරු මහත්තය" කමට නෙවෙයි. ඒ ඔහේ දන්නා අධ්‍යාපනේ වෙන්න ඇති.
Deleteඑය නිවරදි කිරීමක් ද වෙනස් කිරීමක් පමණක් ද ඔබ කියල සිතා බලන්න.
"පවතින අධ්‍යපන ක්‍රමය තුල දැනට ලැබෙන අවස්ථා සීමා සහිත බැවින් වැඩි අවස්ථා ප්‍රමාණයක් ඇති කිරීමට අද්‍යාපනය පෞද්ගලිකව ලැබිමට–ත් අවස්ථාවක් ලබාදිය යුතුයි" කියල තමයි හැබැයි මම දන්නා සාකච්චාව නම් තිබෙන්නේ.
"මහත්තයෙක් යනු කව්ද", "අධ්‍යාපනය යනු කුමක්ද" "නිවැරදි කිරීමක්ද" "වෙනස් කිරීමක්ද" වැනි කරුනු වලට නොයෙක් අර්ථකථන දෙන්න පුලුවන්, වාද විවාද කරන්න පුලුවන්. නමුත් වැදගත් වන්න්නේ අවසන් ඵලය නොවේද.
Deleteකාගෙවත් කොමෙන්ට්ස් වල අඩංගු කරුනු ගැන තර්ක කරන්නෙ මට උනන්දුවක් නැහැ. එහෙම කැමති අයගෙ අයිතියත් මම පිලිගන්නවා.
මම පෙන්වා දෙන්න උත්සාහ කලේ වෙනත් දෙයක් - ඔබ වැනි "අධ්‍යාපනය ලැබූ ඇත්ත මත්තයකු" අන් අය සම්බන්ධව භාවිතා කරන වචන නුසුදුසු බවයි. ඔබට එය නිහතමානීව හොඳින් තේරුම්ගත් බව පේනවා. සමහර අය anonymously වෙනත් අයට අපහාස කරනවා. ඔවුන් එයින් යම් මානසික වින්දනයක් ලබනවා ඇති.
සමාවන්න, මගේ කොමෙන්ටුව මා ඉල්ලා අස්කර ගන්නවා - ඔබ බලාපොරොත්තුවන "දිනුමත්" ඔබට ලැබෙනවා. ඔබේ අධ්‍යාපනය තුලින් ඔබ ඉගෙනගත් "වචන" ඔබ පාවිච්චි කරන්න. මා නිහඬ වෙනවා - මා ලද අධ්‍යාපනය එයයි.
ඔයත් අධි සදාචාරයෙන් වලිගෙ පාගාගෙන වගේ පෙන්නේ. ඒක මේදවස්වල ලංකාවේ බොහොම බහුල රෝගයක්.
Deleteකුලය, ආර්ථික වත්පොහොසත් කම්, ජාතිය, ලිංගය, රැකියාව, ජීවත් වන ස්ථානය වගේ දේවල් අනුව පහර ගැසීමත්, මතයට පහ ගැසීමත් වෙනස් කියල නොදන්නා ඔබ සාකච්චා නොකර නිහඩ වෙන ඒක හොදයි. සමහර එහෙම අය විරුද්ද මත දරාගන්න බැරුව බ්ලොග් වහල පැනල ගියා. ඒවත් ඉතින් විදිමත් අධ්‍යාපනය ලැබුනට, ක්‍රීඩා සහ සමාජ අධ්‍යාපනය නිසියාකාරව නොලැබීම නිසා වුන දේවල් වෙන්න පුළුවන්.
//කාගෙවත් කොමෙන්ට්ස් වල අඩංගු කරුනු ගැන තර්ක කරන්නෙ මට උනන්දුවක් නැහැ. එහෙම කැමති අයගෙ අයිතියත් මම පිලිගන්නවා.//
මේ අනුව නම් ඔබ ලද අධ්‍යාපන කුමක් ද කියා මට සිතාගන්න අමාරුයි. අර පැරා කිව්වා වගේ පාසලේදී අධික ලෙස දඩුවම් කරලා බයකරලා කොන්ද කඩලා හදපු මිනිස්සු කොහොමත් තර්ක කරන්න බයයි. පොඩි කලේ ළමයි තාරක කරනකොට "කට වහනවා" කියල කියල ගුරුවරු කන පැලෙන්න ගැහුවම එහෙම බය වෙනවා. ලොකු වුනත් ඒ බය යන්නේ නැහැ.
මට නම් පේන්නෙ මුන් දෙන්නගෙම නට් බුරුල් වෙලා.....
DeleteAnonymousJanuary 15, 2016 at 9:40 AM එතකොට ඔයාගේ කොහෙද බුරුල් වෙලා තියෙනේ ?
Deleteමල්ලී මම ලොකු විභාග පාස් කොරලා නැහැ ඒ උනාට හොඳට බන අහලා තියනවා. මගේ එහෙම ලේසියෙන් මොනවත් බුරුල් වෙන්නේ නැහැ. මට නම් මේවායේ මේ ලියල තියන බහුබූත දේවල් තේරෙන්නෙ නැහැ. හරියට දහම් පාසලක ඉගෙන ගත්ත එකෙක්වත් මේ බහුබූත දෙසාබාන පඬියො අතර ඉන්නවද?
Deleteඅයියේ,
Deleteබණ අහන එක කොච්චර හොද ද ? එත් බන තලන්න එපා.
දහම් පාසල් පන්සල් යන එක කොච්චර හොද ද ? එත් පන්සල් සූදුවට ඇබ්බැහි වෙන්න එපා :D (http://ctkumara.blogspot.jp/2012/07/blog-post_24.html)
ඔයා දහම් පාසලෙන් හරියට ඉගෙන ගත්ත නම් ඉතින් ලොකු විභාග පාස් නොකලට "පන්සල් සුදුව" ඉගෙන නොගන්න හේතුවක් තියෙන්න විදියක් නැහැ.වාර්තා අනුව නම් ලංකාවේ ළමා (පිරිමි ළමුන්ට) අපචාර වැඩිපුර වෙලා තිබෙන්නේ පන්සල් ආශ්‍රිතව. ඒවාට ලක් වෙන අය එමගින් ඇතිවෙන මානසික ව්කුර්ති නිසා වැඩිහිට්යෝ වුනාට පස්සේ ළමයින්ගෙන් පලිගැනීමෙන් සතුටු වෙනවා. ඔයාටත් "පන්සල් සුදුව" එහෙම වුනා නම් කියන්න ලජ්ජා වෙන්න එපා. හොද මනෝ වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර ගෙන ප්‍රකුර්තියට එන්න තවම ප්‍රමාද නැති වෙන්න පුළුවන්.
උතුරු කොරියාවේ පාසල් ශිෂ්‍යයෙක් තමන්ගේ කමිස සාක්කුවේ තියෙන "කිම් ඉල් සුං"ගේ පින්තුරේ පොතක අඳිනවා.එකට ඒ ශිෂ්‍යට ගුරුවරියගෙන් ලැබෙන්නේ නහයෙන් ලේ එනතුරු වදින පහර කිහිපයක්.පාසල් ගුරුවරුන්ගේ මිලේච්චත්වය ඒ වගේ රටවල් වල සාමාන්‍ය දෙයක්."යොක් කාං" කියන උතුරු කොරියානු දරුවෙක් ලියු පොතක මේ කතාව සඳහන්.පාසල් දරුවන්ට ගුරුවරුන් මිලේච්චත්වය පාන්නේ අපේ වගේ නාමික ප්‍රජාත්‍රන්ත්‍රවදයක් සහිත රටවල් වල විතරමද ?
ReplyDeleteහ්යොක් කං (Kang Chun-Hyok) විසින් ප්‍රංශ බසින් ලියන ලද "Ici, C'est Le Paradis; Une enfance en Coree du Nord" පොත (This is Paradise/ 이 낙원) ඉතාම අතිශයෝක්තියෙන් යුතුව උතුරු කොරියාවට මඩ ගැසීමට ලියන ලද පොතක්. සාපේක්ශව උතුරු කොරියාව නොදියුණු පසුගාමී රාජ්‍යක් වුණත් ඔය කියන තරම් අහේනියක් එරට තුල නැහැ. ඇතැම් උතුරු කොරියානුවන් දකුණු කොරියාවේ සේවය කරන අතර මෙරට ඔවුන්ට ඇතැම් සහනාධාර පවා ලබාදෙනවා.
Deleteඇත්තටම ඔය කතාවේ තිබෙන්නේ ඉතිහාසයේ උතුරු කොරියාවේ තිබූ අඳුරු යුගයන් එකතු කොට "තාමත් එහෙමමයි" තියරියෙන් එම කාලයන්වල අත්දැකීම් ලෙස එකතු කොට තිබීමයි. උදා:- ලංකාවේ 83 කලු ජූලිය, 71-88 කැරලි, උතුරේ භීශණය ඇතුලු කාලවල අතිදරුණු සිදුවීම් සියල්ලම එකට කැටි කොට ඔක්කොම "මරා" ගෙ කාලෙ හිටපු එකෙක්ගෙ ඇත්දැකීම් වුණා යයි කිව්ව වගේ.
උතුරු කොරියාවේද චීනයේ මෙන්ම සිසුන්ට යම්තරමකට දඬුවම් තිබුණත් මේ කතාව නම් තනිකර අතිශයෝක්තියක් පමණයි.
ඔබ හරි. ඇත්තටම "කං චෙඔං හිඔක් (강 천 혁)" හෙවත් "හිඔක් කං" විසින් ලියපු ඔය පොත පිටු 204ක එක්තරා ප්‍රබන්ධාත්මක නවකතාවක් පමණයි. උතුරු කොරියාවේ බරපතල ප්‍රශ්න තිබෙන නමුත් මෙය හුදෙක් දේශපාලන ප්‍රචාරන ව්‍යාපෘතියක කොටසක් පමණයි.
Deleteබොහෝ ලාංකිකයෝ කිසිදු වගවිභාගයකින් තොරව මෙවැනි ඕනෑම පල් හෑල්ලක් විශ්වාස කරනව. ඉතින් ඔයවගේ කප්පරක් කෙප්පත් අතිශ්‍යෝක්තියෙනුත් තමයි මරාව කුජීත කලේ ලංකාවෙ. දැන් සිරාට වෙලා තියෙන්නෙත් ඒකමයි. ළඟදීම අන්තර්ජාලෙට සීමා පණවන්ට සූදානම් බවට ලංකාවෙ ආරන්චියක් තියෙනව නේද?
මේ මගේ පාරදීසයයි පොත මා කියවූ එකකි. එහි ඇත්තේ අතිශෝක්තියක් නම් උතුරු කොරියාව සම්බන්දව නිවැරදි තොරතුරු ගත හැක්කේ කෙසේද? ඔබ දෙදෙනා ඒ පිලිබඳ නිවැරදි තොරතුරු දන්නවා නම් කරුණ කර ඉදිරිපත් කරන්න.
Deleteතවමත් උතුරු කොරියාව කියන්නේ ලෝකයට හුදකලා වෙච්චි රටක්.ඒ රටේ ළමා කාලය ගත කරපු දරුවෙකුගේ කතාවයි ."යෝක් කාං"
Deleteමේ මගේ පාරදීසයයි පොතෙන් තමයි මමත් ඒ කතාව ඇසුවේ.නමුත් ඇත්තටම දැනටත් උතුරු කොරියාව ලෝකයේ අනෙක් රටවල් වලට වඩා සංවෘත රටක් නේ.අපි කොහොමද මේ පොතේ තියෙන දේ ඇත්ත හෝ බොරු කියා පිළිගන්නේ.
මනෝජ්, ඔබට උතුරු කොරියාවට යන්න බැරි වුනාට, ඔබට උතුරු කොරියාව ගැන හරියටම දැනගන්න ඕනේ නම් යන්න චීනයේ අග්නිදිග ලයෝනින්ග් හි ෂේන්යැන්ග් වෙත. එහි යාලු ගගට එපිටින් තිබෙන්නේ උතුරු කොරියාව. උතුරු කොරියානුවන් උදේට යාලු ගගේ පාලම හරහා ඇවිත් චීනය පැත්තේ කෑම කඩ එහෙම කරනවා. හැන්දෑවට ආයේ පාලමෙන් උතුරු කොරියාවට යනවා. උතුරු කොරියාව ඔය කියන තරම් හුදෙකලා වෙලා නැහැ. උතුරු කොරියාව සමග ගොඩක් රටවල් සම්බන්ධ කම් පවත්වන්නේ රහසේ. හරියට අපේ රටවල් වල ප්‍රභූන් පාතාල කල්ලි එක්ක තියෙන සම්බැන්ධය වගේ. ඔවුන්ට ආහාර ආධාර ලබා දෙනවා චීනය ජපානය ඇමෙරිකාව වගේ රටවල්. ආහාර නොදුන්නොත් ඔවුන් ගගෙන් පීනලා චීනයට එනවා. ඔවුන් ලදී පිපිරවූ බව කියන අධි භාරික හයිඩ්‍රජන් බෝම්බය පවා නිමවීමට රහසේ යම් රටවල් ආධාර කල බව කටින් කට කියවෙනවා.
Deleteමම මේ පොතේ කරුණු ගැන ලිපියක් ලියා තිබෙන්නේ.එය පලවූ විට එහි ලින්ක් එකක් මෙහි දමන්නම්.ඔබට පුළුවන් මාගේ වැරදි වේනම් ඒවා නිවැරදි කරන්න.
Deleteඋතුරු කොරියාවේ පාලකයාගේ කොන්ඩ කට් එක ලංකාවේ පාසැල් සිසුවෙකු කැපුවොත් ඔහුට ගුරුවරු දඬුවම් කරාවිද?
Deleteඋතුරු කොරියාව ගැන ළඟදී පළ වූ වාර්තාවක මා දැක්කා උතුරු කොරියානුවන් තණකොළ කන බව. තණබිමක පළා නෙළන උතුරු කොරියානුවකුගේ රූපයකුත් එහි තිබුණා මතකයි.
Deleteමේ විදියට ම ලංකාවේ පාවරක පිදුරු හතු නෙළන මිනිසුන්ගේ පිංතූර අරගෙන ලංකාවේ මිනිස්සු බඩගින්නට පිදුරු කනවා ය කියා කියන්නත් පුළුවන්.
මාධ්‍ය වැඩ කරන්නේ එහෙමයි. සිරිසේනගේ මඩු වලිග කතාව ජනවහරේ එන සාහිත්‍යමය යෙදුමක්. එයින් අදහස් කරන්නේ එයට දැඩි දඬුවම් දිය යුතු බව මිස ඇත්තට ම මඩු වලිගෙන් ගැසිය යුතු බව නෙමෙයි. ඒත්, ඇත්තෙන් ම එය බටහිර මාධ්‍යවල වාර්තා කළේ 'Said concert organisers should be 'whipped with toxic stingray tails' ලෙසයි. <a href="http://www.dailymail.co.uk/news/article-3375352/Organisers-Enrique-Iglesias-concert-Sri-Lanka-whipped-toxic-stingray-tails-says-president.html#ixzz3xHwXnewL>Daily Mail.Co.UK</a>
මාධ්‍ය හා මතවාද නිර්මානය ගැන මෙවැනි උදාහරණ එමටයි. බුද්ධිමත් පාඨකයන් ඒ ගැන සවිඥානක විය යුතුයි. මාධ්‍ය අධ්‍යයනය වැනි විෂයන් පාසල් විෂය නිර්දේශවලට ඇතුළත් කළ යුතුයි. දැනට තිබෙන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය නම් වෛකල්පිත විෂයට අමතරව සිංහල, ඉංග්‍රීසි වැනි විෂයන් හරහා සියලු දරුවන්ට මෙම දැනුම ලබා දිය යුතුයි.
ඉහත ලින්ක් එක හරියට වැඩ නො කරන නිසා මෙන්න එය නැවතත්: Daily Mail.Co.UK
DeleteAne yako api guruwarungen gutikapu widiyata manawa himikam giyanam thamath eyalata Nadu gahuwanam ekkenek 10parak marila yako Ada api polawe paya bahala inne e dewiwaru nisa ara huththige Kolkata thibunane hariyata konde kapan enda uge thaththa uta gahuwanam u thathythata gahana eke waradak na ehenan udalage katawal thibunata nikan kathakaranda epa math guruwarayek pukadeela newei methenta awe iganagana guruwarun kiyapu widiyata idala meke mulinma ekek kiyala thiyei guruwaru kisideyak karaganda Bari thamunge Wada witharak Karana aya kiyala uba waren man wadakarana iskoleta ugannana widiya pennanda
ReplyDeleteෂා!. ඔය ගුරු දෙවි වරුන්ගෙන් ගුටි කාල බොහොම විනය ඇති රටට වැඩදායක පුරවැසියෙක් වෙලා කුණුහරුපෙන් කලවම් සිංගිරිසියෙන් ලියල තියෙන්නේ. ඉස්කෝලෙක වැඩ කරනවා කිව්වේ කක්කුස්සි හොද්නවද ඉස්කෝලේ ? ඉතින් ඔයාගේ භාෂාව භාවිතයේ හැටියට කියන්න තියෙන්නේ හෙට අනිද්දම ඔයාටත් හොද පොලු පාරක් ඔලුවෙන් පැණි බේරෙන්න ලැබේවි කියල.
Deleteඔහෙට නෙවෙයි ගහන්න ඕනේ. හිරේ යන්න තරම් (ඔහේ කියන විදියට) ඔහෙට ගහලත් කිසි විනයක් නැති ඔහේ වගේ මිනිහෙක් හදපු ඔහේගේ ඔය ගුරු දෙවිවරුන්ට. කාටවත් ඇහෙන්න කියන්න එපා. ඒ කට්ටියට ආඩම්බර හිතේවි හොදේ.
පැරා - මේ වගේ කාලීන මාතෘකා ලියන කොට පෙර දැණුම් දීමක් කිරීම යුතුකමක්, එදාට තියන මීට්න් කල් දාගන්න, මේවා බදාදම ලියන එක නම් අන්තිම කැතයි හොඳේ.
ReplyDeleteමම වැඩිකාලයක් ගිය ගමේ ඉස්කොලේ පිනා හැමදාම උදේ රැස්වීමේ දී කීප දෙනෙකුට දොයි දොයි ගාලා ගහනවා, ඊට ඉස්සරින් කියන ලස්සන වචන සෙට් එකකුත් තිබුනා; කඩප්පුලියා, (අනික්වා මතකා නෑ) එහෙම කියන අතර දත් කන සද්දේ අදත් ඇහෙනවා ඇහෙනවා වගේ, නිතර ගුටිකාපු අය බොහොමයක් පාසල් හැරගියා, අවවාද දෙනවා කියලා සිරිතක් ඔහුට තිබ්බේ නෑ, හැබැයි ඔහුගේ මේ ක්‍රියාවන් ගමේ බොහෝ දෙනෙකු ඉහලින් අනුමත කළා, 77 දේශපාලන පෙරලියත් එක්ක දේශපාලන හෙන්චයියකු වූ ඔහු මාරුකරාට පසු පාසලේ අධ්‍යාපන තත්වය වේගයෙන් දියුනු වුනා, ඔහුගේ වසර 10 පමණ කාලයේ විශ්ව විද්‍යාලයට ගියේ එක් අයකු පමණත් වුවත් වසර කීපයකට පසු සෑම වසරකම 5-10 අතර ප්‍රමාණයක් තේරුනා. නමුත් ගමේ වැඩිහිටියන්ගේ පොදු මතය විදුහලේ හිටි හොඳම ගුරුවරයා ඔහු බවයි, ඔහු හොඳින් මට්ටු කර හොඳ විනයක් පවත්වාගෙන ගිය අයෙකු බවයි, වසර කීපයකට පෙර මට හමුවූ ඔහුගේ කාලයේ පාසැල් හැරගිය මිතුරෙකු කීවේ, .... සර් ගහල අපව හදන්න හැදුවා එයා කියන දේ අහලා හැඳුනානම් අපටත් ඉගෙන ගෙන රස්සාවක් කරන්න කිබුනා කියා, එගේ යාළුවා ගේ මතය මට ප්‍රහේලිකාවත් මොකද මම හොඳින් දන්නවා ඔහු ගුටිකෑවේ නිතිපතා පාසල් නොපැමිණීම නිසා, ඔහු පාසල් නොගියේ මව අසනීපයෙන් සිටින දිනවල ගෙදර ඉන්න කියා තාත්තා අනකරන නිසායි, නමුත් ඔහු හිතාන ඉන්නේ ඒ විදුහල්පති වරයා කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතුව පහර දුන්නේ ඔවුන්ගේ යහපතට කියායි.
ඔය මගේ පරන පිනා එයාගේ පාසැල් හැදිල්ලට(?)කොච්චර ජනප්‍රියද කියනවා නම් ඒ ජනප්‍රියත්වය නිසාම එයාගේ දුව පලාතේ දේශපාලන නායකත්වයකට ආවා, එයා අද අපේ සීමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් අතුරින් අයෙක්. ඉතින් ඔන්නොහොමයි අපේ සිරි ලංකාවේ ජන මතය.
ඔයි විනය භාර ආචාරිය වරු ඉන්නව නේද, මං කිව්වේ ඉස්කෝල වල ඉන්න අය. ස්කොලේ ඉන්න හොඳම හිංසකයා තෝරලා තමා ඒ තනතුර පිරිනමන්නේ.
ReplyDeleteඔයි හිංසකයන්ට පරිනාමය ගැන ඒ හැටි තේරුමක් නෑ, එයාලා හදන්නේ එයාල කැමති නැති දඩබ්බර ජාන තියන උන්ගෙන් පාසල සහ සමාජය බේර ගන්න, ඒත් වෙන්නේ එයාලා නොහිතූ දෙයක්; දඩබ්බර ජාන තියන වුන් පාසැලෙන් එලෙව්වාම එයාලාට ඔය අහිංසක ජාන තියන අයට වඩා ඉස්සරින් එයාලගේ දඩබ්බර ජාන වැඩි වැඩියෙන් මතු පරපුරට උරුමකරන්න අවශ්තාව ලැබෙනවා. ඉතින් ඊළඟ පරම්පරා වලත් දඩබ්බර ජානම වැඩි පුර තියෙන එක තමා ලෝක සොබාවේ.
හැබැයි, ඔයි හිංසක ආචාරිය වරුන්ට මේ ජාන කතාව මීටර් වූනොතින්, වේවැල්, පොලු, අතින් පයින් තැලීම වගේ සාම්ප්‍රධායික විනය හැඩගැස්වීමේ විධික්‍රම වෙනුවට දඩබ්බරයන් ගේ ජාන පොම්පය ඉවත් කිරීම වගේ නූතන ක්‍රම අනුගමනය කරන්නත් බැරි නෑ.
හැබැයි දැන් හිංසක රාජකාරිය කරන්න අකමැති ගුරුවරුත් ඉන්න හිංදා ගොඩක් ඉස්කෝල වල හිංසක රාජකාරියත් ප්‍රැන්චයිස් කරලා තියනවා, එ් කියන්නේ සිස්සයෝ අතරිනුත් හොඳ හිංසක ගතිගුණ තියන ඈයෝ තෝරලා එයාලට සිස්ස නායක කම් හෙවත් කොන්ඩෙන් ඇඳීම, ටොකු ඇණීම, වගේ සුළු සුළු බුලිං වැඩ බාර දීලා තියෙන්නේ.
ළමයින්ට හෝ වැඩිහිටියන්ට දඬුවම් කිරීමේදී තරහ යන එවුන්ට (තරහවකින් දඬුවම් කරන අයට) එසේ දඬුවම් කිරීමේ බලතල හෝ වරප්‍රසාද නොදිය යුතුය. “මං ළමයින්ට ගහන්නෙ නෑ, ගහන්නෙ වැරැද්දට“ කියා කියමින් ගහන ගුරුවරු මා දැක ඇත. ඒත් එසේ පහර දෙන්නේ සිනාසෙන ගමන් ය. ඔවුන් අතින් ශාරීරික හානියක් සිදු වීමේ ඉඩකඩ අවම ය. මානසික රෝගී ගුරුවරුන්ට දඬුවම් කිරීමේ බලතල නොදීම විදුහල්පතින්ගේ වගකීමයි. ඒත් විදුහල්පතිවරුත් මානසික රෝගීන් නම්? එහෙම එවුන් විදුහල්පතිකමට පත් නොකිරීමට අධ්‍යාපන අධ්‍යක්ෂකලා වග බලාගත යුතුය. උනුත් මානසික රෝගීන් වුනොත්...අධ්‍යාපන ඇමති මානසික රෝගියෙක් වුනොත්?
ReplyDeleteදරුවන්ට ප්‍රමාණවත් අන්දමින් ආදරය නො කරන, නිතර ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කරන, අඩු වැටුප් ලබන, ආර්ථික හා සමාජමය වශයෙන් අසහනයට පත් වී සිටින, අමතර මුදල් උපයා ගැනීම කෙරෙහි බොහෝ විට සිත යොදවා සිටින, නිලධාරීන් හා දේශපාලකයන් ඉදිරියේ ඇඹරෙන ලංකාවේ ගුරුවරුන්ට අනාගත පරපුර වැනසීම සඳහා දිගින් දිගට ම ඉඩ දිය යුතු නැත. +++++++++++
ReplyDeleteඅනෙකුත් බොහෝ රාජ්‍ය සේවකයන් මෙන් ගුරුවරුද මහත් අතෘප්තිකර වෘත්තියක නියැලී සිටිති. ගුරු වෘත්තියෙන් පුරුෂ පක්ෂය ගිලිහී යමින් ඇති බවක්ද පෙනේ.
ReplyDeleteදණ්ඩනය යනු ප්‍රචණ්ඩත්වය යයි සිතන්නේ, අධ්‍යාපන මනෝවිද්‍යා මූලධර්ම අමතක කළ, ගුරුවරුන් විසිනි. (සමහර ගුරුවරුන් එවැනි විෂයයක් ගැන නොදනිති) ශාරීරික දණ්ඩනයෙන් corporal punishment තොරව දණ්ඩනය පනවන්නේ ප්‍රතිපත්ති මගින් බව දන්නා විදුහල්පතිවරුන්ද හිග බව, අර කුරුණෑගල දැරිය විදුහල්පතිගේ අපහාස ඉවසාගත නොහී, සියදිවි නසාගැනීමෙන් පැහැදිළි වෙයි.
පෞද්ගලික පාසල්වල ඇත්තේ මෙහි අනික් පැත්ත ය. ඒ පාසල්වල ඉගැන්වීම කරන නමුත් සදාචාර අධ්‍යාපනයක් සිදු නොවේ.
දවසකට පැය 6 ක් පමණ පාසලේ සිටින, අනෙක් මුළු කාලසීමාවම මේ විෂම ලෝකය දකින, විෂම දෑ පරමාදර්ශී කරගන්නා දරුවකු හික්මවීම, සැබැවින්ම දුෂ්කරක්‍රියාවකි.
සිප්හල හෙවත් ශිල්ප ශාලාවේදී හික්මවීමද ලැබෙයි. (ලබාදිය යුතුයි) නමුත්, ඒ සඳහා, කාලීන ගැලපීමක් සහිත ක්‍රමවේධ යොදාගතයුතු වේ.
ඕක ගුරුවරුන්ගේ පමණක් නෙවෙයි. සමහර දෙමව්පියන්ගෙත් මතයක්. සමහර දෙමව්පියෝ කියනවා ගහල හැදුවේ නැත්නම් වැඩක් නෑ කියල. අපේ කාලේ ඉස්කෝලෙ ගිය කී දෙනෙක් කියනවද ඒ කාලේ සර්ල අපිට ගැහුව නිසා තමයි අපි හැදුනේ කියල. මම කියන්නේ ඕක අමු බොරුවක්. ඒ කාලේ සර් කෙනෙක් අපිට හොර වැඩක් නිසා ගැහුවොත් අපි හැදිල තියෙනවද/ මොන බොරුද, ඒ ගුටි කාල අපි ඊලඟ පාර ඒ වැඩේම අහු නොවෙන්න කරා. දරුවෙක හදන්න පුළුවන් ගහල නෙවෙයි, කරුණාවෙන් කියල දීල.
ReplyDeleteමගේ දරුව නිසා මම ඒක හොඳින්ම දන්නවා.