අධිකරණ ඥාන සාරය

ඥානසාර ඊයේ අධිකරණයේදී අඩව්වක් ඇල්ලුවේ ය. 

ඥානසාර අරගලය මෙසේ කැටි කර දැක්විය හැකි ය.

ප්‍ර‍ගීත් එක්නැලිගොඩ මරා දමනු ලැබුවේ ඔහු සිංහල ජාතිවාදියකු නො වූ නිසා ය. (ඔහු ත්‍ර‍ස්තවාදියකු වූ බවට කිසිදු සාක්ෂියක් නැත.) ඒ නිසා ඔහු මරා දැමීම නිවැරදි ක්‍රියාවකි. එබැවින් ප්‍ර‍ගීත් එක්නැලිගොඩ මරා දැමූවන් අත්අඩංගුවට නො ගත යුතු ය. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො කළ යුතු ය. 

ඥානසාර සිංහල ජාතිවාදී පදනමින් නීතිය අභියෝගයට ලක් කරන ආකාරය අර්ථකථනය කළ හැක්කේ එසේ ය.

ඥානසාර විවෘත අධිකරණයේදී ම නිතියට අභියෝග කළේ ය. එහෙත්, ඔහු ඒ වෙලාවේ අත්අඩංගුවට ගත්තේ නැත. සාමාන්‍ය මිනිහෙක් නම් උසාවියේදී ඈනුමක් ඇරියත් ඒ වෙලාවේ ම අත්අඩංගුවට ගනු ලැබේ. 

ඥානසාර සාමාන්‍ය මිනිසකුට වෙනස් වන්නේ ඔහු ජාතිවාදී චීවරධාරියකු නිසා ය. 

ඔහු වැනි අය පෙනී සිටින්නේ ජාතිවාදී මිනීමරුවන්ට සදාකාලික මුක්තිය ලබා දීම වෙනුවෙනි.

එය අමුතු තත්වයක් නො වේ. 

වැලිකඩ ඝාතනය වැනි පැහැදිලි සාක්ෂි සහිත ජාතිවාදී ඝාතන රැසක වගඋත්තරකරුවෝ අදත් නිදහසේ ජීවත් වෙති. 

ප්‍ර‍ගීත් එක්නැලිගොඩ ඝාතකයන්ටත් ඒ අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබිණි. 

එක් මිනිස් ප්‍රාණියකු නො සිටියා නම්. 

එක් ගැහැණියක විසින් අඛණ්ඩව ගෙන යන ලද අභීත අරගලයක් නො තිබුණා නම්. 

සන්ධ්‍යා එක්නැලිගොඩ, ඔබට ශක්තිය හා ධෛර්යය පතමු!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලංකාවේ නීතිය සාධාරණත්වය ක්‍රියාත්මක වන්නේ කවදාද? අපි බලා සිටිමු.

    ReplyDelete
  2. සන්ධ්‍යා එක්නැලිගොඩත් ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ වැන්දබු බිරියත් දිරිය කාන්තාවන්.ඔවුන් පසු පස්සේ කවුරු සිටියත්,නැතත් ඔවුන් තමන්ට සිදුවුවා යැයි හැඟෙන අසාධාරණය,අයුක්තිය වෙනුවෙන් නොබියව සටන් කරන්නාවූ .

    ReplyDelete
  3. Ven. Monk was arrested on the charges of scolding Sandya Ekanaligoda, the wife of the Sinhala Kotiya. Prageeth Eknaligoda had been mailing ashes of the dead to the democratically elected executive president of the country to instil fear in the mind of the president. The aim of that nasty trick was to create a fear-psychosis in the mind of the president who was the commander in chief of our armed forces which were waging a determined war against the LTTE at that time. Sandya’s husband was also running illegal human smuggling racket. The smuggled people included the Tamils from North and East who were smuggled to Europe. Both the projects were funded by the LTTE.

    As Ven. Monks declares he was enraged to see this traitor’s wife in the courts premises when he was leaving the premises. This woman declared at the Human Right Commission in Geneva that she had credible evidences to proof that our armed forces used chemical weapons against LTTE, a charge that didn’t get mentioned even in the Darusman report which is highly biased against Sri Lankan government. On the other hand the members of the intelligence community are imprisoned under the false charges of killing this very same traitorous Sinhala Kotiya. Both the husband and wife had/have been on the payroll of LTTE and anti-Sinhalese Buddhist NGOs

    ReplyDelete
    Replies
    1. All what you say about Prageeth are mere allegations. Any one can make any kind of allegations. But the murder is a court case now. It is law of the country. So why can't you respect it?

      Delete
    2. /anti-Sinhalese Buddhist NGOs / :)

      Delete
    3. /anti-Sinhalese Buddhist NGOs / :)
      චීන්නු ද, ජපන්නු ද, ..., නැත්නම් මොංගෝල් ද?

      Delete
    4. No one is above the law!

      Delete
  4. ඊයේ කළුතර පාරේ ලැගල පිරිත් කිව්වා. අද උසාවි ගේට්ටුව ලග බිම ලැගගෙන පිරිත් කියනවා. ඔන්න ආයේ කියන්න නම් එපා උන්නාන්නේ හදන්නේ නෑ පිරිත් මණ්ඩප මහන්සි වෙලා කැටයම් කපල. බිම ලැගල පිරිතට මේ ඝණයෝ කල තරම් අපහාසයක් කලේ නෑ තම්බි හරි දෙමලු හරිවත්. නමට හරි බෞද්ධ කමට ආදරේ නම් ඔය කෑගහන බෞද්ධයෝ කරන්න ඕනේ මහින්දගේ ඉදුල් ලොවින්න නැතුව උමතු වෙලා ඉන්න මේ ඝණයෝ ටික කුදලල ගෙනිහින් පිස්සන් කොටු දාන එක.දෙසන්න පැදුරු කඩමාල්ලක් දෙන්නේ ඔය කට්ටියට නම්.

    බෞද්ධයාට තියෙන තැනත් නැති කරන්නේ මේ පිස්සු ඝණයෝ මිසක් වෙන කවුරුවත් නෙවෙයි.

    ReplyDelete
  5. ප්‍රගිත් එක්නැලිගොඩ වෙනුවෙන් ඔහුගේ බිරිද විසින් කරනු ලබන අරගලය ඉදිරියටත් ගෙනයාමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමි.


    ReplyDelete
  6. [එක් ගැහැණියක විසින් අඛණ්ඩව ගෙන යන ලද අභීත අරගලයක් නො තිබුණා නම්.]

    තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් ඇය අරගලයක් ඉදිරිපත් කරන්නේ තනිවම කියන එක මහා විහිළුවක්, ඇයට හොඳ දේශපාලන සහයෝගයක් ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. ඇය අත බුරුල් කළා නම් දේශපාලන සහයෝගයෙන් කරන්නට දෙයක් නැති වෙනවා. ලසන්ත සම්බන්ධයෙන් එහෙම වුණා.

      Delete
  7. දකුනේ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිදට දැනෙන දුකම තමා උතුරේ සිංහල හමුදාව යුධ අපරාද කරද්දී ඝාතනය වුනු සිය ගනන් දෙමල තරුනයින්ගේ බිරින්දෑවරුන්ට හා මව්වරුන්ට දැනෙන්නෙත්...
    හැබැයි කාලයක් පැරා උතුරේ යුධ අපරාද ගැන පරීක්ශනයක් ඉල්ලනකොට ඒක " පිටරට වීසා ගහ ගන්න වාමාන්ෂිකයින් දෙමල ජාතිවාදීන් පසුපස යෑමක්ය" වගේ පඩත්තල කතා කීව වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. යුද අපරාධ පරීක්ෂණ කෙසේ වෙතත්, ඇතැම් වාමාංශිකයෝ නම් ඒක තමයි කළේ. ඒක බොරුවක් නෙමෙයි. නම් වශයෙන් ලිස්ට් එකක් හා විස්තර වුණත් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ලියන ඔබත් එයින් එකෙක් වෙන්න හොඳට ම ඉඩ තියෙනවා. ඒ නිසා නිකම් අවුස්සා නො ගෙන ඉන්නවා නම් හොඳයි.

      Delete
    2. අජිත් ඔබ වමෙන් ඉවත්ව ගොස් අන්ත දක්ෂිණාංශිකයකු වී තිබෙනවා. කමක් නැහැ නමුත් දැන් දැන් ඔබ මිනීමරු සිංහල ජාතිවාදයට කත් ඇදීමට පටන් ගැනීම ඛේදජනකයි. ඔබ විසින් එම අහින්සක දමිළ වැසියන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් පෙනී සිටි සැබෑ වාමාංශිකයන්ට නිග්‍රහ කිරීම අතිශය පිළිකුල් සහගත ලෙස හෙළා දකිමි. අන්ත දූශිත මිනීමරු රාජපක්ශ රෙජීමයේ මරන වරෙන්තුව අතදරාගෙන අහින්සක දමිළ සිවිල් වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කොට හුදෙක් අවසන් මොහොතේ ජීවිතාරක්ශාවට විදේශගත වුණත් ඔවුන්ගේ සටනට පරිභව කිරීම කොතරම් දුශ්ටද? දමිළ විමුක්ති අරගලය ලඝු කරමින් ජනඝාතක මිනීමරු සිංහල ජාතිවාදීන්/ රජයේ කුලී හමුදාකෙරෙහි සානුකම්පිතව බලන ඔබ ඔවුන්ට යෝජනා කරන විසඳුම කුමක්ද? එම සැබෑ වාමාංශිකයින් අවසන් මොහොතෙත් එසේ විදෙස්ගත නොවුණා නම් ඔවුන්ට වෙන්නෙත් ප්‍රගීත්ට වුණු දේමයි. ඔබට වඩා විශාල රිස්ක් එකක් සහිතව අප කටයුතු කලා. ඔබට අධික ලෙස කෝපවීමටහේතුවක් එහි නැති බවත් කිව යුතුමයි. කරුණාකර කුහක නොවී හෘද සාක්ෂියට එකඟව කතා කරන්න.

      Delete
  8. ඥානසාර විවෘත අධිකරණයේදී ම නිතියට අභියෝග කළේ ය. එහෙත්, ඔහු ඒ වෙලාවේ අත්අඩංගුවට ගත්තේ නැත. සාමාන්‍ය මිනිහෙක් නම් උසාවියේදී ඈනුමක් ඇරියත් ඒ වෙලාවේ ම අත්අඩංගුවට ගනු ලැබේ.//////// විනිසුරුවරයා විසින් කල යුතුව තිබුනේ

    1) ඥානසාර මත්පැන් බී සිටිනවද කියා බැලීම​ට වෛද්‍යවරයෙකුට යොමු කිරීම
    2) මනෝ වෛද්‍යවරයෙකු වෙත යවා මානසික තත්ව වාර්තාවක් ගැනීම

    ReplyDelete
    Replies
    1. මුතුහෙට්ටිගමගෙත් මානසික වාර්තා ගත්තානේ.කෝ වැඩක් වුනේ නැහැනේ වෛද්‍යවරුන්ටවත් අහු වෙන්නේ නැහැ ඔය රෝග. හැබැයි උන් තමයි මේ සමාජයටම රෝග පතුරුවන්නේත්.

      Delete
  9. ඤාණසාර තෙර සහ පිරිස කවුරුන්හෝ විසින් ලෙසටම නටවන බව නම් පෙනෙනවා.ගන්න වෙනත් පියවර පැහැදිලිව තියෙනකොට තියෙන පචම,ජරාම,තදටම අවාසි වෙන පියවර මුලින්ම තෝරාගැනීම සැක කටයුතුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මුලින්ම හොයන්න ඕනෙ නානසාර කාගෙහරි කොන්ත්‍රතුවකට රට ඇතුලේ බුද්ධාගම විනාසකරන්න හදනවද කියලා. මටනන් පේන්නේ එහෙමයි. පෙන්නන්නෙ බෞද්ධයෝ වෙනුවෙන් පෙනී සිටිනවා වගේ. පොඩ්ඩක් හිතලා බලන්න මහනායක සෙට් එක ටීවී එකේවත් දකින්නෙ කලාතුරකින් අනිත් හාමුදුරුවො පෝය දවසට විතරයි. ඒත් මෙයා දවසකට ඒක පාරක් හරි මොකක් හරි චැනල් එකක යනවා කතාවක්. සීයට අනූවක්ම කරන්නෙ මොකෙක්ටහරි අමුවට බනින එක. එතකොට වෙන ආගමක නැත්තන් විදේශ සංචාරකයො හිතන්නෙ ආ.. මෙහෙම අයද හාමුදුරුවරු කියන්නෙ කියලා. මෙවුන්දලා රටේ නමත් කනවා ආගමත් කනවා. වල් පාහර හැත්ත.

      Delete
    2. මට තියෙන බරපතළ සැකය නම් ටී.එන්.එල් චැනල් එකේ නානසාර උන්නාන්සෙට දෙන පුදුමාකාර පබ්ලිසිටිය? පොරගෙ ප්‍රෝග්‍රෑම් පැය ගණන් පෙන්නුවෙ ටී.එන්.එල් එකෙන්. පස්සෙ පස්සෙ බුවා නැගල යනකොට ගෝඨල එක්කත් සෙට් වුණා. කපටි මරා හැමවෙලේම කරා වගේ පොරගෙ ජනප්‍රියත්වයෙන් වැඩ ගන්න ගිහින් වැඩේ චොර කරගත්ත. උග්‍ර නව ලිබරල්වාදී ශාන්/ රනිල් වගේ පිරිස් මේ වගේ පට්ට ගෝත්‍රික වනචාරී අපත බෙබෙකුට දක්වපු සුවිශේෂ අනුග්‍රහය අතිශය විශ්මයජනකයි.

      Delete
  10. යුද අපරාධ වලට සම්බන්ධ අය, ත්‍රිවිධ හමුදාවේ ඉන්නවානම්, චෝදනා ඉදිරිපත් කර, සාධාරණ නඩු විභාගයකින් පසු, සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් සිදුවන්නේ, ත්‍රිවිධ හමුදාවේ පාරිශුද්ධත්වය ආරක්‍ෂා වීම බව, මෙවැනි වෘෂභ උන්නාන්සේලාට තේරෙන්නේ නැත. තේරුනත්, ඒ බව පෙන්වන්නේ නැත. මන්ද යත්, එවැනි පරීක්‍ෂණ මගින් රෙදි ගැලවෙන්නේ, උන්නාන්සේලා සට්ටඹිකම් කරන අපරාධ නායකයන්ගේ ය.

    ReplyDelete
    Replies
    1. නානසාර කියන්නෙ නූල් රූකඩයක්. පොරට මිශන් එකක් දීල කමාන්ඩ් කරාම වයින් කරපු බෝනික්කෙක් වගේ සැලැස්ම නියමෙට ක්‍රියාත්මක වෙනව. බො.බ.සේ. එකෙ හිටපු දිලන්ත විතානගේ කියන්නෙ ඉතාම සටකපට කොන්ත්‍රාත් කාරයෙක්. පොරගෙ දුව පසිනි විතානගේ ගෙ කෙරුවාවෙන්ම පේනව මිනිහගෙ අරමුණු මොනවද කියන එක.

      බොදු බලසේනා ලේකම් ගලගොඩත්තේ ඥාණසාර සහ අනෙකුත් විධායක කමිටු සාමාජිකයන් වන්නේ හපුතලේ පංඥාසාර, විතරන්දෙනියේ නන්ද සහ ගිහි සාමාජික ඩිලන්ත විතානගේ බොදු බල සේනාවේ ප්‍රධනින් ද වෙයි. ආණ්ඩුවේ සමහර නායකයන් පවා මොවුන් ගැන කතා කිරීමට පවා තැති ගනි .

      බොදු බල සේනා සංවිධනය පිහිටු වීමට පෙර මෙම හිමිවරුන්ගෙන් බහුතරයක් සහ ඩිලන්ත විතනගේ නෝර්වෙ බලා ගොස් ඇත.

      මෙම සංචාරය වර්ල්ඩ් විවු ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් Arne Fjortoft සහ ඩිලන්ත විතානගේ විසින් සංවිදානය කොට ඇත.

      ශ්‍රි ලංකාවේ නෝර්වීජියානු තානාපති වන Ms. Grete Løchen ට අනුව, 2011 අප්‍රෙල් මස දිනයක ගලගොඩත්තෙ ඥාණසාර නෝර්වේ දෙමල ඩයස්පොරා නියොජිතයන් හමුවීමට අවස්තාව සලස් වා ගැනීමේ හැකියාව පිලිබදව ව්ර්ල්ඩ් වීවු ජත්‍යන්තර අරමුදල (Worldview International Foundation) සමග සාකච්ච කොට ඇත. මෙම හමුවෙ අරමුන ලෙස ඔවුන් දක්වන්නෙ ශ්‍රි ලංකාව තුල පවතින වාර්ගික හා දෙශපලණික අභියොග වලට විසදුම් සෙවීමේ ක්‍රියාමාර්ග හා හැකියාවන් පිලිබදව පොදු ගිවිසුමක් ඇතිකර ගැනීමයි.

      අවසන් සැලස්මේ ප්‍රතිඑලයක් ලෙස ඔක්තෝම්බර් 20-26 කාලයතුලදි සමගි සන්ධානය ඇතිකිරීමේ සමුලුවක් නෝර්වේ රටේ දී NOREF සංවිදානයෙ හවුල් කාරීත්වයෙන් පැවැත්වීමට තීරනය විය.

      තවදුරටත් ඇය සදහන් කරසිටියේ “මෙම වියපෘතියේ නොර්වේ දායකත්වය වන්නේ වරක් පමනක් කරන ගෙවීමක් පමණි”

      එමනිසා තානාපති තුමිය ගේ ප්‍රකාශයට අනුව මෙම සංචාරයේ වියදම නොර්වේ විසින් දරනලද අතර මෙම පිරිස 2011 – ඔක්තෝම්බර් – 20/ 26 කාලයතුල නොර්වේ සංචාරය කරන ලදී. මෙම සංචරයෙන් කෙටිකලකට පසුව හිමිවරු බහුතරය හා ඩිලන්ත විතානගේගේ සැලසුම් හා සංවිදානයෙන් 2012 මැයි මස 07 දින බොදු බල සේනා සංවිදානය කල එලි දක්වන ලදී.

      සත්‍ය වශයෙන්ම නෝර්වේ කුමක් සිදු වුනිද කාට නම් අනුමාන කලහැකිද? නමුත් ඔවුන්ගේ සංචාරය අවසන බොදු බල සේනා නම් සංවිදානය බිහිවිය.

      නොර්වේ LTTE හිතවාදී බව හා ඔවුන් ගේ සාම ක්‍රියාවලියට බරපතල ලෙස විරුද්ද මේ අය තමතමුන් ගැන තිබුනු ආකල්ප වෙනස් කොටගෙනද?? බරපතල ලෙස මතුවන සැකයනම් මෙය ලංකාවේ නායකයන් දිනා ගැනීමේ නෝර්වේ බලල් අතක්ද? මට නොතේරෙන දෙයනම් එයයි.

      ඇතැම් විට මෙය ගෝඨා මරා ඇතුළු කල්ලිය විසින් නූගත් ජාතිවාදී සිංහලයින් දිනාගැනීමට ගසන ගේමක් වියහැක. අනෙක් අතින් වත්මන් රජය විසින් සිංහල ජාතිකවාදය වඩාත් උගත් වැදගත් ශීලාචාර පිරිසකගේ නායකත්වය යටතේ අභියෝගාත්මක ලෙස නැගීසිටීම වැලැක්වීමට එය වඩාත් ගර්හිත මැරවර භික්ෂුවක් අත තබා සිංහලයන් අතර අප්‍රසාදයට පත්කිරීමට ගෙනයන ක්‍රියාවලියක්ද වියහැක. දැන් දැන් පෙනෙන ලෙසට නම් ඉහත සඳහන් සියළුම පාර්ශ්ව (රජය, විපක්ශය සහ බෞද්ධ විරෝධීන්) තම අන්‍යෝන්‍ය අරමුණු වෙනුවෙන් ගෙනයන මියුචුවල් ගේමක් මෙන් පෙනෙයි.

      Delete
    2. හොඳ විග්‍රහයක්. බොහොම ස්තුතියි.

      Delete
  11. මා නම් කියන්නේ නීතිය වුවද තැනට සුදුසු පරිදි වැඩ කල යුතුය.. උසාවියේ සිදු වූ සියලුම දේ.. සහ ඥාණ සාදු විසින් කරන කියන ලද සියලු දේ කිසිම වාරණයක් නැතුව පටිගත කොට රජයේ මාධ්‍යයේ විනාඩි 30ක් පමණ හෝ වැයකොට පෙන්වූවා නම් අත් අඩංගුවට ගත්තේ නැතත් කමක් නෑ.. ඒ අත්අඩංගුව කියන්නේ එයාට ඕනි දේ.. ඕනි දේ සප්ලයි කරන්නෙ නැතුව කරපු දේ පෙන්නුවා නම් වටිනවා..

    ReplyDelete
    Replies
    1. තවත් නානසාරල එනව නම් හොඳයි.මොකද ඔය ජාතිවාදයෙන්ම තමයි උන් නැතිවෙන්නෙ. අන්ත දූශිත මිනීමරු රාජපක්ශ රෙජීමයට වුනෙත් ඔය ටිකම තමයි. ජනඝාතක මිනීමරු සිංහල ජාතිවාදී පාහර හැත්ත අකුලෝලම පල.

      Delete
  12. මතු බුදු වන අපේ හාමුදුරුවන් "අප්පකිච්චො ච සල්ලහුකවුත්ති" ගාථා ධර්මය රාජ්පුරුෂයින්ට පහදා දෙන අන්දම........
    https://www.facebook.com/photo.php?fbid=10153957758058793

    ReplyDelete
    Replies
    1. අයියෝ මෙච්චර පොරටෝක් ඉෂූ කරන ඔයා බලලා තියෙන්නේ Crocodile Dundee විතරද? ලැජ්ජයි හලෝ...

      Delete
    2. එන්න ඔයාට ඊළඟ Crocodile Dundee එකේ පොඩි කෑල්ලක් ඉල්ලා දෙන්නම්!

      Delete
  13. නානසාරගේ සිව්රගලවා පුකට මඩුවලිගයෙන් තැලිය යුතුය හිටං !

    ReplyDelete
  14. මේව තනිකරම දේශපාලන ගේම්. එහෙම තියෙද්දි සමහරු කියනව රටේ බුදු දහමට අපහාස කරල බුදු දහම නැති කරන්න කරන කුමන්ත්‍රණයක්ද කියල. මේවට ආගම ගාවගන්න එපා. මෙතනදි ආගම කියන එක තනිකරම නොවැදගත් සාධකයක්.

    ReplyDelete
    Replies
    1. නොවැදගත්වෙන්නෙ කොහොමද,ඔය කාලකන්නි කරන හැම දේකින්ම බේරිල ඉන්නෙ,ආගම ඉස්සරහට දාල.

      Delete
  15. රටට ජාතිඋඅට් කෙලෝපු රෝහණ විජේවීර 'සුන්දර මිනිසෙක්" වෙලා රට ජාතිය බේර ගන්න මිනිස් සිත් පුබුදොපු ඥාණනසාර හාමුදුරුවො "ඥාණසාර" වෙච්ච තොපිව දීයම කාපන් !

    ReplyDelete
  16. අසාරේ සාර මතිනෝ
    සාරේ චා සාරදස්සිනෝ
    තේ සාරං නාධිගච්චන්ති
    මිච්ජාසංකප්පගෝචරා

    ඥාණසාර නමැති හිකනලා ගැන මට කියන්න තියෙන්නේ ඔච්චරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා