රෝහණ විජේවීර නම් ආදරණීය 'සාමාන්‍ය මිනිසා' ගැන ලියවුණ පළමු කතාව

මෙතෙක් ඉතිහාසය අනුව, ලංකාවේ දේශපාලනයට හොඳින් හෝ නරකින් වැඩි ම බලපෑමක් ඇති කළ පුද්ගලයන් ලෙස මා සලකන්නේ පහත සඳහන් සිව්දෙනා ය.

1. ජේ.ආර්. ජයවර්ධන
2. රෝහණ විජේවීර
3. වේලුපිල්ලේ ප්‍රභාකරන්
4. මහින්ද රාජපක්ෂ

මේ අය තරම් ලංකාවේ වෙනත් කිසිදු දේශපාලකයකු සමාජයේ වෛරයට ද ලක් වී නැත. මොවුන් අතරින් ධනේශ්වර ප්‍රභූ සමාජයට අයත් වන්නේ ජේ.ආර්. ජයවර්ධන පමණි. අනෙක් අය බොහෝ දුරට සමාන සමාජ මට්ටම්වලින් පැමිණෙන ගැමියෝ ය. මහජන මුදල්වලින් දැන් ධනවත් වී ලොකුවට හිතාගෙන සිටියත්, රාජපක්ෂ පවුලත්, ප්‍රභාකරන් පවුලට වඩා ලොකු වෙනසක් නැති එකකි.

මේ අය සියලු දෙනා අතර, ඉතා නරක දේශපාලකයන් මෙන් ම සංවේදී මිනිස්සු ද ජීවත් වූ බව ඔවුන් පිළිබඳ ලියැවුණු ලේඛනවලින් කියැවේ.

මේ අතරින් විජේවීර හා ප්‍රභාකරන් යනු පහළ සමාජ පංති පදනම් කරගෙන දේශපාලන ව්‍යාපාර ගොඩනැගූ අයයි. එහිදී ඔවුන් පෙන්වූ සුවිශේෂ ම ලක්ෂණ වන්නේ අරමුණ කෙරෙහි ඇපකැපවීම හා පරිත්‍යාගයයි. මෙම ඇපකැපවීම කෙතරම් එකක් ද යත් එය වරෙක අතිශය කෘර ප්‍රචණ්ඩත්වයකි. පරිත්‍යාගය ජීවිත පරිත්‍යාගය දක්වා දිගු වූවකි.

මෙම පුද්ගලයන් පිළිබඳ සංවිධාන විසින් ගොඩනගනු ලබන වීර කතා තුළින් ඔවුන්ගේ සැබෑ චරිත විවරණය වන්නේ නැත. එසේ ම, එමගින් ඔවුන්ගේ සැබෑ වටිනාකම ඇගයෙන්නේ ද නැත.

සංවිධානයට යම් ආකාරයක සම්බන්ධයක් තිබුණු ඇඩෙල් බාලසිංහම් විසින් ප්‍රභාකරන් පිළිබඳ ලියන ලද Will to Freedom කෘතිය ප්‍රභාකරන් චරිතය දෙස ආලෝකයක් හෙළන එකකි. සාම සාකච්ඡා පැවති වකවානුවේදී මම එය කොටස් වශයෙන් හිරු පුවත්පතට පරිවර්තනය කළෙමි. එසේ කළේ සිංහල අප දෙමළ අරගලය කුමක් ද යන්න තේරුම් ගත යුතු යයි මා විශ්වාස කළ හෙයිනි. ඒ වෙනුවෙන්, දෙමළ අරගල සාහිත්‍යය ඒ අන්දමින් ම පරිවර්තනය කළ යුතුව තිබිණි. එහෙත්, අපගේ ව්‍යායාමය බොහෝ දෙනෙක් වැරදියට අර්ථකථනය කළ හ. අද වන විට මා විසින් පරිවර්තනය කරන ලද කොටස්වල පත්තර කෑල්ලක්වත් මා අත නැත. ඒවා ළඟ තබා ගැනීම තබා ලංකාවේ ජීවත් වීමවත් කළ නො හැකි තත්වයක් තිබිණි.

ලංකාවේ විප්ලවීය අරගල දේශපාලන හා සංස්කෘතික වශයෙන් තේරුම් ගන්නට අවශ්‍ය අය අනිවාර්යයෙන් ම Will to Freedom කියවිය යුතු ය.

විජේවීරගේ චරිතය දෙස එවැනි මානුෂීය ආලෝක ධාරාවක් හෙළන කිසිදු කෘතියක් මම දැක නැත. ඔහු පිළිබඳ පළ වූ නඩු වාර්තා, 1971 කැරැලිකරුවන් විසින් ලියන ලද පොත් හා ලිපි, රචනා ආදියෙහි ඇත්තේ ද්වේෂ සහගත පදනමකි. එහි වරදක් ඇතැයි ද මම නො සිතමි. හේතුව විජේවීරගෙන ඒ අයට ලැබුණේ ද ද්වේෂය පමණක් නිසා ය.

විජේවීරට සමීපව සිටි ඔහුගේ බිරිය චිත්‍රාංගනී විජේවීර කියන දේවල ඇත්තේ ද විජේවීරගෙන් මිදුණු සගයන් කියන දේ ම වැනි වූ ද්වේෂයකි. එය ද අසාධාරණ යයි මම නො සිතමි. හේතුව, ඇය වනාහි බලහත්කාර විවාහයක ගොදුරක් හා විජේවීරගේ දරුවන්ගේ මව මිස විජේවීර සමග ආදර සම්බන්ධයක් තිබුණු අයෙක් නො වන බැවිනි.

විජේවීර චරිතය ගැන මානුෂීය ආලෝක ධාරාවක් හෙළන පළමු ලේඛනය මට මේ සතියේ කියවන්නට ලැබිණි. එය ලියා ඇත්තේ තිස්ස කොරතොටයි. විජේවීර සැඟවී ජීවත් වූ 1983 -1985 සමයේ ඔහුට නවාතැන් දී, ඔහුත්, පවුලත් සමග ජීවිතය බෙදා ගත්, දේශපාලනයක් නො කළ, සාමාන්‍ය, බුද්ධිමත් ගැහැනියකගේ සමග සම්මුඛ සාකච්ඡාවක් වන එය ඉතා සුන්දර කතාවකි.

1988 කාලයේදී මම ගමනායක සමග යම් ඇසුරක් කර ඇත්තෙමි. ඒ වන විට ඔහු 23 හැවිරිදි මට සහෝදරයකුට වඩා පියකු බඳු විය. ඔහු තුළ තිබූ සංවේදී මිනිස් ගුණ ගැන මට අත්දැකීම් කීපයක් තිබේ. ඒවා පසු කලෙක ලියමි.

මට විජේවීර කිසි කලෙක හමු වී නැත. ඔහු පිළිබඳ මට සුවිශේෂ හැඟීමක් කවදාවත් තිබුණේ නැත. පක්ෂයේ වැඩ කරන කාලයේ පවා මට නම් දැන් ඔය ජවිපෙ, පෙසප සමහරුන්ට තිබෙන අන්දමේ අන්ධ භක්තියක් ඔහු හෝ වෙනත් කිසිදු විප්ලවවාදියකු පිළිබඳ තිබුණේ නැත.

එහෙත්, විජේවීර ගැන සුසිලා පත්මිනී ජයතිලක නම් මෙම සාමාන්‍ය ගැහැනිය කියන කතා ටිකත් එක්ක මට ඇත්තෙන් ම ඔහු ගැන ගෞරවයක් ඇති විණි. ඒ ගෞරවය ඇති වන්නේ ඔහු තුළ ජීවත් වූ ආදරණීය සාමාන්‍ය මිනිසා වෙනුවෙනි.

මෙම සම්මුඛ සාකච්ඡාව මව්බිම පුවත්පතේ වෙබ් අඩවියේ පළ වී ඇත. එහෙත් එය අසම්පූර්ණ ය. එබැවින් එය මෙහි නැවත පළ කරමි. එහි මවිසින් කරන ලද පරිවර්තනය Ceylon Today පුවත්පතෙහි පළ වී තිබේ.
(කියවීමේ පහසුව සඳහා පහළට යන්න)
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!









මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. So sad story. Thank you very much for this translation Mr. Ajith Parakum. Another side of Wijeweera has been seen by us by now. Respect to comrade Sisira (if this story is a true one) for his hard efforts while in the death chamber to save another couple of innocent lives who helped the organization during hard times.

    ReplyDelete
  2. I have always respected Wijeweera for his vision and courage that he had on developing the lives of poor people. At the time he did his poltics his strategies were appropriate. If he had lived today he would have used different strategies to come to power. If he had belived in capitalism instead of socialism he would have been another "Lee Quan Yu" in Sri Lanka. My personal belife is that Wijeweera had better capacity than Lee. Though I respect him, I have never been a member of JVP.

    ReplyDelete
  3. මේ තරම් හොද, දක්ෂ, දැනුවත්, උගත් සහ බුද්දිමත් කැපවීමෙන් වැඩ කරන මිනිස්සු පිරිසක් විප්ලවීය සමාජවාදය වැනි මහපොලවේ පැල කල නොහැකි කෘතීම බීජයක් වෙනුවෙන් නිරපරාදේ ජීවිත පූජා නොකර මේ රටේ ආර්ථිකය ගොඩ නගන්න දායක වුනා නම් අද ලංකාව සිංගප්පුරුව තිබෙන තැනට ඉහලින් තිබෙන්න ඉඩ තිබුන.

    ReplyDelete
  4. අනේ මංදා , සමහර වෙලාවට පැරාට අමු කැවිලද කියලත් හිතෙනවා . එහෙම නැත්නම් තමන්ට ඉන්න ඉතා සුළු පාඨක පිරිස
    ගැන තියෙන අඩු තක්සේරුවක් නිසා ඒ අයව අන්ඳන්න ලියනවද මන්දා....

    මේ වගේ කතා ඕනේ කෙනෙක් ගැන ලියන්න පුළුවන් .. මරුසිරා , සරදියෙල් , සොත්ති උපාලි , පොට්ට නව්ෆර් , බිල් ලාදින් .
    ප්‍රබාකරන් වාගේ ඕනේ කෙනෙක් ගැන මේ වගේ ලාමක ටින් ටින් කතා ලියන්න පුළුවන්.. නයිටි කතාවට මැච් වෙන චරිතවත් බව ....
    ආසයි ඈ ..... ඒක කියවද්දී මට නිකමට මතක් උනා විජේවීර chitranganee ට ලව් නොකලට ( පැරාත් කියන විදියට ) ළඟ ළඟ
    ලමයි පහක් හැදුව බව. ලව් නොකලට එළකිරි මැෂින් ඔපරේටර් කෙනෙක් .

    මුන් මොන මනුස්සයෝද පැරා ... මුන් මේ ලෝකෙට ආව අමනුස්සයෝ .... දරුවෝ කී දෙනෙක්ට අම්ම අප්පා නැති උනාද මේ
    කාලකන්නියා නිසා. 71 දීම මරලා දැම්මා නම් අපේ රටට වෙන්නේ සෙතක් ... අවාසනාවට 71දී ඒක උනේ නෑ . ප්‍රභාකරන්ව
    මරලා දැම්ම ඒකත් ඒ වගේමයි. ඌ දෙමළා නිසයි මූ සිංහල නිසායි වෙනස් වෙන්න දෙයක් නෑ . මේ වගේ එවුන් රටකට ඉපදෙන්නෙම
    ඒ රටේ කරුමෙට.
    ඔය ලියල තියෙන හතර දෙනාම නෙමේ ශ්‍රිලංකාවේ දේශපාලනයට වැඩිම බලපෑමක් කරේ. කවදා හරි ලංකාවේ ඉතිහාසය නිවැරදිව ලියවුණොත්
    ඔය නම් අතර ඉහලින්ම ලියැවෙන්නේ රනිල් වික්‍රමසිංහ නම. ලංකා දේශපාලනය තුල ඉතාම විචක්ෂණශීලීව හා දුරදක්නා නුවනින් යුතුව ,
    අතිශය දුෂ්කරථා මධ්‍යයේ රට වෙනුවෙන් නිර්භයව නිවැරදි තීන්දු ගත් හා ශ්‍රී ලංකාව ශිෂ්ට රටක් ලෙස ප්‍රතිනිර්මාණය කර දියුණුව කරා යොමු කිරීමේ
    නියමු කර්තව්‍ය වෙනුවෙන් ඔහුට හිමි නිසි ගරුත්වය නිතැතින්ම ඔහුට හිමි විය යුතුයි. මෙය පිළිගැනීමට අකමැති බොහෝ අය වර්තමානයේ සිටිය හැකි
    නමුත් අනාගතයේ එය නිසැකවම පිළිගනු ඇත .

    ReplyDelete
    Replies
    1. රනිල් ඉතිහාසගත වෙනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ රනිල් හා ඉතිහාසය විසිනුයි. වර්තමානයේ රනිල්ට තිබෙන්නේ එහෙම වීමේ විභවයක් පමණයි.

      මෛත්‍රීපාලටත් එවැනි විභවයක් තිබුණා. එහෙත්, ඔහුට එසේ වීම සඳහා අවශ්‍ය පසුබිම නැහැ. මේ රටේ ජනතාව ඔහු වෙනුවෙන් නිර්මානය කර දුන් පසුබිම භාවිතා කරන්නට තරම් ඔහුට දේශපාලන අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ.

      Delete
    2. //ඔය නම් අතර ඉහලින්ම ලියැවෙන්නේ රනිල් වික්‍රමසිංහ නම. ලංකා දේශපාලනය තුල ඉතාම විචක්ෂණශීලීව හා දුරදක්නා නුවනින් යුතුව, අතිශය දුෂ්කරථා මධ්‍යයේ රට වෙනුවෙන් නිර්භයව නිවැරදි තීන්දු ගත් හා ශ්‍රී ලංකාව ශිෂ්ට රටක් ලෙස ප්‍රතිනිර්මාණය කර දියුණුව කරා යොමු කිරීමේ නියමු කර්තව්‍ය වෙනුවෙන් ඔහුට හිමි නිසි ගරුත්වය නිතැතින්ම ඔහුට හිමි විය යුතුයි. මෙය පිළිගැනීමට අකමැති බොහෝ අය වර්තමානයේ සිටිය හැකි නමුත් අනාගතයේ එය නිසැකවම පිළිගනු ඇත//

      රනිල් 2005 කරන්න හදපු දේ බලාගන්න තිබ්බා රනිල් 2005 ආවනම් ! හැබැයි 2001-4 කාලය ඇතුළත වැඩ කරපු හැටි ගැන අවබෝදයක් තියන අයට ඒක තේරුනා. ඒ නිසා තමයි මහින්ද දින්නේ. මහින්ද රට විනාශ කළාද නැද්ද කියල බලාගන්න 2005 දි තිබ්බ ලංකාව ගැන හොයල. පොඩි එකෙකුටත් පුළුවන්නේ යෝජනා ටිකක් ගෙනල්ල අයෙත් මිනිස්සු කෑ ගහනකොට පරණ ටිකම දෙන්න. අයවැයක් හදනවා කියන්නේ විද්වත් පිරිසක් එකතු වෙලා වගකීමෙන් කරන්න ඕනේ එකක් නේද ? ජනාධිපතිවරනෙන් පස්සේ ආව අයවැයේත් අන්තිමට කිව්ව කිසම දෙයක් කෙරුනේ නෑ. දැන් ආණ්ඩුව අයවැය පියවන්නේ ණය වලින්.

      රනිල් මේ අයවැය හරහා රට විනාශ කරනවා අපේ අයට පඩි වැඩි කරනවා නම් බඩු ගණන් අඩු කරනවා නම් ඒ ඇති. විදේශිකයින්ට රටේ ඉඩම් ගන්න පුළුවන් විම මේ අයට ප්‍රශ්නයක් නැ. සිපා ප්‍රශ්නයක් නැ. ජිනිවා යෝජනා ක්‍රියාත්මක විම ප්‍රශ්නයක් නැ. 2016 අයවැය ගැන කියනව නම් රට ලොකු ආර්ථික අනතුරක තියෙන්නේ. ඒකට හේතුව මේ රජය ආවේ සහනාධාර දෙන පොරොන්දුව පිට; රජයේ පඩි වැඩි කළා. තෙල් මිල අඩුකළා. හැබැයි රටට ලොකු ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තියේ. ඒක පියවගන්න පඩි අඩු කරන්න, මිල වැඩි කරන්න වෙනවා. රනිල් ඒ දේ කරන්නේ නැ කියන්නේ ලංකාව ග්‍රික ආර්ථික අර්බුදය දිහාවට යනවා කියන එක තමයි. රට දවසින් දවස ගොඩ ගන්න බැරි තත්වෙට පිරිහෙනවා. මොළයක් නෙවෙයි අලයක් ! නලුවෙක් ද? එළුවෙක් ද බන්??

      Delete
    3. මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි !!!

      එක්තරා රටක මහදැනමුත්තා රජ වූ අතර ඉතිරි ගෝලයෝ ටික රටේ ඇමතිවරු බවට පත් විය. රටේ වාහන වැඩි බවට ඇමතිවරු විසින් මහදැනමුත්තාට පැමිණිළි කළ අතර මහදැනමුත්තා විසින් අණ කළේ වාහන සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීමට නොහැකි ලෙස බදු පණවන ලෙසයි. මේ සිද්ධිය රජවීමට පෙර මුට්ටිය සිර කරගත් එළුවෙක් ඔහු වෙත පැමිණ වූ කල හිස ගසා දමා මුට්ටිය ඉවත් කරන ලෙස අණ කිරීමක් වැනිය. රසෙසු සිද්ධීන්වලදී ක්‍රියා කළ ආකාරය මීට නොදෙවෙනිය.

      Delete
    4. රනිල් බදු ගහලා කාර් නම් ගත්තා

      Delete
  5. ඔව් . ඔබ හා එකඟයි .. ඉතිහාසය එය තීරණය කරාවි ...
    මෑත කාලීනව ඉතිහාසයේ රන්වන් ඉඩක් වෙන්කර ගත හැකිව තිබූ නායකයා මහින්දයි. එහෙත් ඔහුට ඒ සඳහා අවශ්‍ය දැක්ම තිබුනේ නෑ .
    මෛත්‍රීපාලටත් අදාලව ඔබ කියනා දේ හරි. හේතුව දන්නා දේ හසුරුවා ගැනීමට අවශ්‍ය බුද්ධිය නොමැතිකම .
    එහෙත් රනිල් වික්‍රමසිංහ ඉඳුරාම උගත් බුද්ධිමතෙක් . ඔහු මේ සියල්ල නිසි ලෙස හසුරවා ගන්නවා නිසැකයි. එය ඔහු වෙනුවෙන් නොවේ ..
    අප රටේ උන්නතිය වෙනුවෙන් හේතු වේවි ....

    ReplyDelete
    Replies
    1. දේශපාලනය යනු Jillmart උපා දැමීමක් මිස මහජනතාව සමඟ සහභාගිවන ක‍්‍රියාදාමයක්යැ’යි කල්පනා නොකරන රනිල් වික‍්‍රමසිංහ ඒ නිසාම යළි 2004 කරා ආපස්සට යෑම ආරම්භ කර ඇත්දැයි සැක කිරීමට හේතු පහළ වෙමින් තිබේ.

      පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවෙහිදී මෛත‍්‍රීපාල සිරිසේන නොවන්නට රනිල් වික‍්‍රමසිංහ තවමත් විපක්ෂයේ ය. සමහර විට පක්ෂ නායකත්වයත් නැතිව සාමාන්‍ය විපක්ෂ මන්ත‍්‍රීවරයකු වන්නට ද ඉඩ තිබුණි. පොදු අපේක්ෂක පෙරමුණෙන් ඉවත් නොවූයේ නම් සමහර විට මෛත‍්‍රීපාල සිරිසේනට රාජපක්ෂ ආණ්ඩුවේ අගමැති පදවිය ලබා ගන්නට ඉඩ තිබුණි. අද පවා තවමත් රටේ බහුතර බලය ලබාගැනීමේ විභවය තිබෙන්නේ සංධාන කල්ලියටයි. දැන් පැවැත්වෙන මැතිවරණයකදී දැඩිව පිරිහී ඇති රජයට ඔවුන් වඩාත් ප්‍රබල නව අපේක්ෂකයෙක් (ගෝඨාභය වැනි) සමග පැමිණියහොත් එය එජාපයට විශාල අභියෝගයක් වනු ඇත.

      Delete
    2. රනිල් වික්‍රමසිංහ යනු ඇමරිකාව පෙන්වාදෙන ඕනෑම ක්‍රියාමාර්ගයකට අනුකුලතාවය දක්වන දුබල පාලකයෙක්. ඔහුට නවීන ලෝකය පිළිබද මනා වැටහීමක් තිබෙන බව කිව්වත් අද තොරතුරු තාක්ෂණයෙන් කළහැකි බොහෝ දේ පිළිබද ඔහු යාවත්කාලින වී නැතිබව ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන මුලිකම විදි පිළිබද ඔහු දක්වන නොදැනුවත් කම සහ මෙය ක්‍රියාත්මක කිරීමට දක්වන අලස භාවයෙන් පැහැදිලියි.

      අවසාන ලෙස මහින්දගේ යුගයේ සිදුවූ විශාල මෝඩ වැඩ අතර සිදුවූ වටිනාම දෙය හම්බන්තොට වරායයි. අපි දක්ෂ නම් කලයුත්තේ තෙල් පිරිපහදු කිරීමට සමත් විශාල තෙල් ටැංකි සංකීර්ණයක් ඇති කිරීමයි, යම් විදියකින් සේතු සමුද්‍රම් පටන්ගත් තොත් මෙම වරායට කරපු මුළු ආයෝජනයම වතුරේ යනු ඇති.

      Delete
    3. රනිල් බදු ගහලා කාර් නම් ගත්තා

      Delete
  6. වටිනාම දෙය හම්බන්තොට වරායයි.
    කාලා වරෙන්කො . රට වටේ මුහුද තියෙද්දී ගොඩබිම වරායක් හදපු මජරි මෝඩ කාලකන්ණි ....
    මේවට උත්තර ලියන අපිට පිස්සු ....

    ReplyDelete
    Replies
    1. In a world of maritime geopolitics, countries such as Oman and Sri Lanka emerge as strategic players whereas in the Cold War they were sideshows.

      http://edition.cnn.com/2014/04/09/opinion/sri-lanka-strategic-value-parag-khanna/

      Delete
    2. Lankika Sithuwili,

      හම්බන්තොට වරායේ ඇති විභවය තේරුම් ගැනීමට තරම් අපොහොසත් නමුත් බටහිර පන්නයට හැසිරීමත් නූල් සූත්තර ටිකකුත් පමණක් දන්නා මාධ්‍ය මගින් පුම්බන ලද පුස් චරිතයක් සුපිරි වීරයෙකු යැයි සිතා සිටින පරිණත බුද්ධියක් නැති අයෙකුට ඔය ලිපියේ වැදගත්කම වැටහෙනු ඇතැයි මා සිතන්නේ නැහැ.

      පුරාණ මාගම රාජධානිය ඇසුරු කොටගත් හම්බන්තොට පුරාණ ‘ගොඩවාය’ වරාය හේතුවෙන් අනාදිමත් කාලයක සිට වෙළඳ කේන්ද්‍රස්ථානයක් ලෙස ජනාවාසව පැවැති බවටත්, ශ‍්‍රී ලංකාවේ සෑම රාජ්‍ය යුගයකට ම ඉතා වැදගත් ප‍්‍රදේශයක්ව පැවැති බවටත් සාධක පවතී.

      බොහෝ ඉතිහාසඥයන් පවසන්නේ මෙම ප‍්‍රදේශය පුරාණයේ පටන්ම මුහුදු යාත‍්‍රිකයින්ගේ යාත‍්‍රා ආරක්‍ෂිතව නවතා තැබිය හැක ස්ථානයක් ලෙසින් පැවති බවත් මැලේසියානුවන් ශ‍්‍රී ලංකාවට පැමිණි තොටුපළ නිසා හම්බන්තොට වූ බවත්ය. ලන්දේසින් විසින් උඩරට රජු අවනත කරගැනීමට ‘ලුණු ලේවාය’ තම පාලනට ගෙන ඒ සඳහා ‘මැලේ රයිෆල් රෙජිමේන්තුවක්’ මෙහි ස්ථාපිත කළේය.

      යටත් විජිත ආරම්භ අවධියේම හම්බන්තොට නගරය ද පෘතුගීසින් අතටත් පසුව ලන්දේසින් අතටත් පත්විය. ලන්දේසීන් විසින් සිය නැගෙනහිර සේනාංකය ස්ථාපිත කළ ස්ථානය ද හම්බන්තොට විය.

      හම්බන්තොට පිළිබඳ වඩාත් සවිස්තර වාර්තා සපයන්නේ ඉංග‍්‍රීසි පාලන අවදියයි. හම්බන්තොට නාගරික ජනාවාසයක් ලෙස දියුණු වන්නේ ද මෙම යුගයේදීය. හම්බන්තොට නාවික වරායක් ලෙස දියුණුව පැවති අතර බි‍්‍රතාන්‍ය වාර්තාවලට අනුව ‘වෝකර් පුත‍්‍ර’ සමාගම විසින් සෑම මසකම භාණ්ඩ නැව් කිහිපයක් මෙම වරාය තොටුපලින් යැවූ බව වාර්තා වෙයි.

      හම්බන්තොට වරායක් ඉදිකිරීම සඳහා මූලික ම සාධකය වන්නේ ජාත්‍යන්තර නෞකා මාර්ගය පෙනෙන මානයේ වීමයි. ජාත්‍යන්තර නැව්වලට අවශ්‍ය ඉන්ධන සකස් කළ ආහාර, ඖෂධ හා වෙනත් සේවාවන් සැපයීම සඳහා හම්බන්තොට සිට ඇඹිලිපිටිය දක්වා ප‍්‍රදේශය ආවරණය වන ආර්ථික කලාපයක් සමග නැගෙනහිර ප‍්‍රදේශයේ වන සංවර්ධනය සඳහා කේන්ද්‍රස්ථානයක් කර ගැනීමේ හැකියාව උදාවී ම ද අතුරු ඵලයකි.

      ආසියානු, අප‍්‍රිකානු හා ඕෂනියානු මහද්වීප තුනට කේන්ද්‍රීය භූගෝලීය පිහිටීමක දිවයිනක් ලෙස ශ‍්‍රී ලංකාව පිහිටා තිබීම වටිනා තත්ත්වයකි. එය ම යුගයෙන් යුගයට එක්ව අද වන විට දැවැන්ත ආර්ථික ශක්තියකට උරුමකම් කියන මැදපෙරදිග, ඉන්දියා, චීන, මලයා අර්ධද්වීපය, ඕස්ටේ‍්‍රලියාව යන කලාපයට මැදිව සිටීම ලොව දෙවන හා සිව්වන ආර්ථික ශක්තීන් වන චීනය හා ඉන්දියාව ආසන්නයේ සිටීමත් හම්බන්තොට වාරයක් ඉදිකොට එය සක‍්‍රීය මෙහෙයුම් කලාපයක් බවට පත් කිරීම කෙරෙහි හේතු වී තිබේ.මැදපෙරදිග හා අප‍්‍රිකානු කලාපයේ සිට පැමිණෙන නෞකාවන් හා අග්නිදිග ආසියා හා ඕෂනියා කලාපයේ සිට ගමන් ගන්නා නෞකාවන්ට සිය ගමන් වාරය අතරතුර දී සේවා පහසුකම් සලසා ගත හැකි අතර මැදි ස්ථානයක අවශ්‍යතාවක් පවතී. ඒ සඳහා සුදුසු ම ස්ථානය වන්නේ හම්බන්තොට යි. ජලය, ඖෂධ ආහාර හා පලතුරු ලබා ගැනීමේ මෙන් ම, ඉන්ධන හා කාර්ය මණ්ඩල හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ද මාගම්පුර වරායට කළ හැකි සුවිශේෂී කාර්ය භාරයක් වේ. එය ජාත්‍යන්තර අවශ්‍යතාවක් මෙන් ම රට ට විදේශ විනිමය ලබා ගත හැකි ක‍්‍රමවේදයකි.

      එමෙන් ම ඉන්දියානු අර්ධද්වීපයේ බටහිර හා නැගෙනහිර අතර කෙරෙන භාණ්ඩ හුවමාරුවේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ද ඉතා පහසුවෙන් ම හම්බන්තොට භාවිත කළ හැකි ය.

      චීනය හා ඉන්දියාව වටා ඒකරාශී වන ජාත්‍යන්තර වෙළඳ ජාලයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව පත් වන විට, හොංකොං, සිංගප්පූරු, ඩුබායි වරායයන්ගේ තත්ත්වය හම්බන්තොටට ලැබෙනු ඇත. මාගම්පුර වරාය සතු හෙක්ටයාර් 2000ක පමණ භූමිය ලොව පුරා කර්මාන්තකරුවන්ට විශේෂ බදු පහසුකම් යටතේ සිය කර්මාන්තශාලා පවත්වාගෙන යාමට ඉඩකඩ සලසා දෙයි.

      එමෙන් ම Free Trade Zone වාතාවරණයක් යටතේ ජාත්‍යන්තර ආයෝජකයින් හම්බන්තොට වරාය සිය අවශ්‍යතාව පරිදි පරිහරණය කළ හැකි ය.

      ශ‍්‍රී ලංකාවේ ඉතා දුෂ්කර ම හා දරිද්‍රතාව ඉහළ මට්ටමක පවතින කලාපයක් තුළ මෙම වරාය ඉදිවීම නිසා ම දිස්ත‍්‍රික්ක කීපයක ම ජනතාවට සෙත සැලසෙනු ඇත.

      01. උගත් තරුණ තරුණියක් සඳහා ඍජු රැකියා අවස්ථා 5,000-6,000ක් අතර ප‍්‍රමාණයක් ලැබේ.
      02. ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් හට වක‍්‍ර රැකියා අවස්ථා ද 25,000-50,000ක් අතර ප‍්‍රමාණයක් උදා වේ.
      03. ප‍්‍රදේශයේ ගොවීන්ට සිය එළවළු හා පලතුරු සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය වීම.
      04. ජාත්‍යන්තර නෞකා අවශ්‍යතා සඳහා වන ශ‍්‍රම වෙළඳපොළට පුහුණු ශ‍්‍රමිකයන් ලෙස බැඳීමට අවස්ථාව උදා වීම.
      05. නව ව්‍යාපාරික අවස්ථා උදාවීම හා නිර්මාණය කර ගැනීමට හැකි වීම.
      06. සංවර්ධන අවශ්‍යතාවන් සඳහා කාර්මික වරායක් ලෙස යොදා ගැනීම ආදිය ගෙනහැර දැක්විය හැක.

      මේ අනුව ප‍්‍රාදේශීය සංවර්ධනය ඇති කිරීමට හැකිවීම හා විදේශ විනිමය ලබාගෙන රටේ ආර්ථික තත්ත්වය ඉහළ නංවා ගැනීමට අරමුණු කර ගැනීම, වඩදිය බාදියෙන් තොර වීමත් වියළි දේශගුණයක් පැවතීමත්, කලාපයක් ලෙස ගත් කළ මාතර, හම්බන්තොට, මොණරාගල, අම්පාර වැනි දරිද්‍රතාව පදනම් කරගත් දිස්ත‍්‍රික්කවල ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් වීම.

      Delete
    3. හම්බන්තොට වරාය සැපයීමට අපේක්‍ෂිත සේවා

      01. සාමාන්‍ය නැව් බඩු හෙවත් සාමුප‍්‍රදායික නැව්බඩු (සිමෙන්ති, පොහොර, පිටි, යකඩ, දැව වැනි).
      02. රෝ රෝ (Raw Raw) පහසුකම් - වාහන ප‍්‍රවාහන පහසුකම් නෞකා මෙහෙයවීම් (ආනයන/ප‍්‍රති අපනයන).
      03. බන්කරින් (Bunkering - fill the fuel containers of ships/ refueling) පහසුකම් සැලසීම.
      04. නෞකා සඳහා එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය (Ship Stores) සැපයීම, වෛද්‍ය පහසුකම් සැපයීම.
      05. ජලය සැපයීම.
      06. නෞකා සඳහා කාර්ය මණ්ඩල සැපයීම, කාර්ය මණ්ඩල හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියා කිරීම.

      07. නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියා (Dry Doc) වියළි තටාකාංගන පහසුකම් සැලසීම.
      08. වරාය භූමිය තුළ කර්මාන්ත ශාලා ඇරඹීමට පහසුකම් සැලසීම.
      09. බහළු මෙහෙයුම් පර්යන්ත ඇති කිරීම.
      10. ගල්අඟුරු බල උත්පාදන කටයුතු සඳහා උපයුක්ත කර ගැනීම

      වරාය භූමිය වටා වන කි.මි. 15ක දුර ප‍්‍රමාණය හරිත බිම් තීරුවක් ලෙස (Green belt) මීටර් 12-15ක් අතර ප‍්‍රමාණයකින් ප‍්‍රදේශයට උචිත ශාඛ ගහනයක් ලෙස පවත්වා ගැනීමට නියමිත ය. ශ‍්‍රී ලංකා පාරිසරික පනතට අනුකූලව වරායේ භාවිතය ට ගන්නා ජලය හා නොයෙක් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය ද මූලික ම සැලසුමකි.

      හම්බන්තොට ප‍්‍රධානත ම දේශගුණික තත්ත්වයන් වන සුළං හා අධික සූර්යතාපය වරායෙහි කටයුතු සඳහා බලශක්ති ප‍්‍රභවයක් ලෙස යොදා ගැනීමට ද සැලසුම් කර ඇත. කෙසේ නමුත් මෙම සැලසුම් සාර්ථක කරගැනීම රජය සතු වගකීමකි.

      Delete
    4. The truth about Hambantota Harbour project by unbiased observers;

      http://www.ft.lk/article/455721/Hambantota-and-Colombo-South--A-tale-of-two-ports

      http://www.dailymirror.lk/59873/hambantota-port-records-rs-5-4bn-revenue-in-2014

      Delete
    5. AnonymousJanuary 7, 2016 at 1:01 PM,

      ඔබ ඉදිරිපත් කරන තොරතුරු ඉතා වටිනවා, හැකිනම් ඔබේම බ්ලොග් අඩවියක මෙම තොරතුරු ඉදිරිපත් කරන්න.
      ඇත්තටම හම්බන්තොට වරාය ඉතා වැදගත් ආයෝජනයක්, නමුත් මෙය සියල්ල අවසන් නොකර මත්තල ගුවන්තොටුපල හැදීම මෝඩ වැඩක් මොකද හම්බන්තොට බොරතෙල් ගබඩා කිරීම සහ පිරිපහදු කිරීමකින් තොරව ආධායම් උපයන්න බෑ.

      මෙය අවසන් වී ආධායම් උපයන මට්ටමට පත්වුනාම මත්තල හැදුවනම් වටිනවා, අවාසනාවට මහින්ද සිදුකලේ ගේම් ගැසීමයි, කණගාටුවට කරුණ නම් පවතින රජයත් නිකම් ඉන්දු - ඇමරිකා සම්බන්ධය ශ්‍රී ලංකික ආර්ථිකය වනසනු ඇති මේ පිළිබද ලිපියක් ලිව්වා http://lankasithuwili.blogspot.com/2016/01/george-soros.html

      Delete
  7. පැරා,

    මේ කතාව කියවුවම මට මතක්වුනේ මම කලකට ඉහතදී බලපු චිත්‍රපටියක් එකේ සිටිය මිනිමරුවෙක් ඔහු පාතාලයට සම්බන්ධ කොන්රත් කරුවෙක්, මේ දවස හරියටම නත්තල් දවසක්, ඔහුට පැවරෙනවා තව අයකුගෙන් බලෙන් මුදල් වගයක් ලබාගන්න, මිනිමරුවෙක් උනත් ඔහු තම දරුවන්ගේ දයාබර පියෙක් හැටියටයි හැසිරුනේ, මේ සිදුවීම වෙනවිට දරුවන් සමග එකතුවී නත්තල් ගසක් හැඩ කරමිනුයි ඔහු සිටියේ, හිටපුගමන් ඔහුට මතක්වෙනවා ඔහුගේ කොන්ට්‍රත්තුව ඔහු අදාළ පූද්ගලයාගේ දුරකථනය අමතා ඔහුව මුණගැසීමට උවමනා බව කියනවා කියා ඔහු තම දරුවන්ට කියනවා ඉක්මනින් තමන් එන බව, ඉන්පසු ඔහු අදාළ පුද්ගලයා මුණ ගැසී මුදල් ඉල්ලනවා ඔහුලග ඉල්ලපු මුදල නැතිබව දැනගත් විට වෙඩිතබා මරාදමන මේ මිනිසා ඔහුලග ඇති මුදල් සියල්ල ගෙන, ඉතා ශාන්ත දාන්ත ලෙස තම දරුවන් වෙත ගොස් නත්තල් ගස සරසනව.

    ඔහු ශාන්ත පුද්ගලයෙක් ලෙස නිවසේ සිටින අතර මිනීමරුවන් ආතර මිනිමරුවෙක්.

    මේ සිදුවීම් වෙන විට වයස 13 ක් 14 පමණ වයසේ සිටි මට තවම මතකයි ජනතා විමුති පෙරමුණ සිදුකල මිනීමැරුම්, මෙවාට අණ දුන්නේ මේ මානුෂික ගුණධර්ම ඇති මිනිසා බව මතක තබා ගත යුතුයි.

    ඒ වගේම ඔහු තුල ශිලාචාර ගති තියෙන්න පුළුවන්, ඔහු මේ කන්තාවට නැගණියකට වගේ සලකන්න ඇති.

    මට මේ කතාව කියවන විට මතකයට එනවා සුත්ත පිටකයේ අන්ගුත්තර නිකායේ සදහන් වෙනවා විවිද පුද්ගල චරිත පිළිබද

    මට මතක විදියට

    සමහර ය ඉන්නවා ලෝකයට හරිම කරුණාවන්තයි නමුත් තම පවුලට පිඩා කරනවා
    තව ය සිටිනවා ලෝකයටත් පිඩා කරනවා තම පවුලටත් පිඩා කරනවා
    තව පුද්ගලයෙක් සිටිනවා ලෝකයට පීඩා කරනවා නමුත් පවුලට කරුණාවන්තයි
    තව අයෙක් සිටිනවා තම පවුලටත් ලෝකයටත් කරුනාවන්තව සලකනවා.

    ඔබ ටිකක් හිතා බලන්න ඔබ කරන ක්‍රියාවකින් විශාල මිනිසුන් ගණනක් දුක්විදිනවානම් හවසට අඩුගානේ සැනසිල්ලේ නින්දට යන්න පුලුවන්ද ?
    මෙහිදී මිනිසුන් කළු හෝ සුදු ලෙස වර්ගකිරීම නිවැරදි නෑ ඔවුන්ට විවිධ චරිත තිබෙනවා.

    මෙහිදී කොමෙන්ටුවක රනිල් වික්‍රමසිංහයන් ගැන සදහන් වුන නිසා මම කැමතියි මට දැනෙන ලෙස විස්තර කරන්න
    http://www.w3lanka.com/2016/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මෙන්න ලින්ක් එක

      http://lankasithuwili.blogspot.nl/2016/01/blog-post.html

      Delete
    2. ඔබ සසඳන පාතාල නායකයා හා විජේවීර අතර තිබෙන්නේ මූලධාර්මික සමානකමක් විතරයි. දේශපාලන ව්‍යාපාරවල ගැඹුර ගැන ඔබට කිසිදු අවබෝධයක් ඇති බව මෙම ප්‍රකාශය තුළින් පෙනෙන්නේ නැහැ.

      අපි වඩා තේරෙන උදාහරණයකින් අරගෙන බලමු. උදාහරණය තමයි ගෝඨාභය රාජපක්ෂ. වර්තමානයේ හෙළිදරව් වෙමින් පවතින කෘෘරත්වයන් බොහොමයක් ඔහුගේ නිර්මාණ. එහෙත්, ඔහු එයට යොමු වූ නිශ්චිත ඓතිහාසික දේශපාලන සංදර්භයක් තිබෙනවා.

      මෙම ලිපියේ ම කමෙන්ටුවක යමෙක් ඔහු රාජ්‍ය නායකත්වයට ගෙන ඒමට යෝජනා කරන්නේ ඇයි? ඒකට හේතුව තමයි, දේශපාලනිකත්වය.

      මේක ඔබ කියන හුදකලා ඝාතකයා තුළ තිබෙන දෙයක් නෙමෙයි.

      Delete
    3. පැරා,

      //මෙම ලිපියේ ම කමෙන්ටුවක යමෙක් ඔහු රාජ්‍ය නායකත්වයට ගෙන ඒමට යෝජනා කරන්නේ ඇයි? //

      මේක තමයි මනුස්ස මනසේ විචිත්‍රත්වය.

      මිනිසුන්ට බලය ලබුනම් හිතන විදිය වෙනස්, මට මතක් වෙනවා උසස් පෙළ ඉවරකර ගෙදර සිටින කාලයේ vinet නමැති අන්තර්ජාල සේවා සපයන ආයතනයක් පැමිණියා මෙය තිබුනේ පංචිකාවත්තේ, ඇත්තෙන්ම මෙය මෝටර් රථ අමතර කොටස් නිපදවන ආයතනයක අනුබද්ධ (sideline business ) ලෙසයි පටන්ගත්තේ, අඩු මිලට අන්තර්ජාල ගතවිය හැකි නිසා මමත් මෙය ලබාගත්ත මෙය 1997 දී පමණ, ඔවුන් වෙබ් අඩවි නඩත්තුවත් කරමින් තමයි සිටියේ, මේ කාලයේ මාවිසින් අනවසරයෙන් ඔවුන්ගේ Hosting server වෙත පිවිසිය හැකිඋනා (මිට හේතුව ඔවුන්ගේ ආරක්ෂක ක්‍රම එතරම් දියුණු නැතිවීමත් හේතුවක් ) අනෙක් අතට වයසේ වැරැද්ද, කොහොම හරි මට දැකගත හැකි උනා ඔවුන්සතු සියලු අඩවි, නමුත් මොහොතකින් මට මතක්වුනා මෙම අඩවිය තුල වැරදි වැඩක් කලානම් මේකේ Server administrator කොපමණ පීඩනයකට පත්වෙනු ඇද්ද කියල, මා සිදුකලේ මෙයින් ඉවත්වීමයි.

      මිනිස් මනස හරිම විචිත්‍රයි ගෝඨාභය රාජපක්ෂ තමයි මේ යුද්ධය දිනීමට මුලික වූ පුද්ගලයා හැටියට මම දකින්නේ ඔහු තමයි සැලසුම හදන්නේ සියලුම අංශ එකතු කර සතුරා මැඩ පැවැත්වීමට, මෙය වැනි සියලු අංශ ඒකාබද්ද කිරීමක් සුද්දාගෙන් නිදහස් වූ දාසිට සිදුවී නෑ. නමුත් අවාසනාව කියන්නේ ඔහු මෙය හොදට වගේම නරකට යොදාගත්තා power corrupts, absolute power corrupts absolutely කියන කියමන සනාත කරමින් ඔහු ඉතා වැරදි වැඩ වල යෙදුන.

      අපිට බලය ඇත්නම් සහ දුර්වලයකු අපට බලපෑම් කරනවානම්, අපි අදාළ පුද්ගලයා විනාශ නොකිරීමට ඔහුගේ පැත්තෙන් සිතන්න මනස සකස් වෙනවා අඩුයි.

      නමුත් පරිපාලකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ දැක්වූ දක්ෂ කම පවතින රජයට පෙන්වන්න බැරිවෙලා තියෙනවා, හිතන්න ටිකක් ඔහු කල හොද දේවල් වලට සමාන යමක් මේ රජයට කරන්න පුළුවන් උනාද පසුගිය වර්ෂය තුල?

      ඔබ නිකන් හිතල බලන්න ලෙනින් වාමාංශික ලෝකය වන්දනාමාන කලත් ඔහුත් මෙවැනි දේ සිදුකර ඇතිබව Shooting of the Romanov family
      මට අහන්න ලැබිල නෑ වාමන්ශිකයකු කණගාටු වෙනවා ලෙනින් මේ කුඩා දරුවන්ට වෙඩි තබා මැරීම පිලිබදව.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. [ඇඩෙල් බාලසිංහම් විසින් ප්‍රභාකරන් පිළිබඳ ලියන ලද Will to Freedom කෘතිය ප්‍රභාකරන් චරිතය දෙස ආලෝකයක් හෙළන එකකි. සාම සාකච්ඡා පැවති වකවානුවේදී මම එය කොටස් වශයෙන් හිරු පුවත්පතට පරිවර්තනය කළෙමි. එසේ කළේ සිංහල අප දෙමළ අරගලය කුමක් ද යන්න තේරුම් ගත යුතු යයි මා විශ්වාස කළ හෙයිනි. ඒ වෙනුවෙන්, දෙමළ අරගල සාහිත්‍යය ඒ අන්දමින් ම පරිවර්තනය කළ යුතුව තිබිණි.]

    දැන් අපි "රාජපක්ෂ පාලනය" තේරුම් ගන්න විමල් වීරවංශ ලියපු පොතක් බැලුවම හරිද ? ඇඩෙලා ගේ පොතක් කියවල අපි ට පුළුවන් දෙමළ අරගලයේ ප්‍රචාරාත්මක ස්වරූපය දකින්න ඔය පොත ලියන්නේ ප්‍රභාකරන් ජීවත්ව ඉන්නකොට. ඒ වකවානුවේ LTTE ය හෝ ප්‍රභාකරන් ගැන යන්තම් හෝ විචාරාත්මක ලියවිල්ලක් ඇඩෙලා වගේ මුදුන් මුලටම සම්භන්ධ තැනකින් එලියට එයි කියල හිතනවානම් එක විහිළුවක්.

    මේ වගේම දෙයක් මංජුල වෙඩිවර්ධන ලියල තිබුන තමිලිනි මරුන වෙලාවේ. LTTE යේ තමිලිනි ගේ මට්ටමේ දේශපාලන නායිකාවක් කියන්නේ 'ප්‍රචාරණය' (propaganda) කියන එකේ උපරිමය ටම අවබෝධයක් ඇති කෙනෙක්. නැතුව LTTE ය අවුරුදු 35 විතර කරගෙන ගිය දේවල් කරන්න වෙන්නේ නැහැ. තමිලිනි දන්නවා හැම වචනයක් ම , හැම හුස්මක් ම හරි තැනදී අවශ්‍ය විදියට පිට කරන්න. එහෙම කෙනෙක් එක්ක සාකච්චාවක් කරලා ඇවිත් මෙන්න LTTE කාන්තාවක් අගේ කතාව කියනව අපි නොදන්නා පැත්ත බලන්න කියන්නවනම් එහෙම කියන කෙනා දැනගෙන හෝ නොදැනගෙන ඇඳගෙන

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණය මෙන් ම මා කියන කාරණය ද සම්පූර්ණයෙන් ම වැරදි නැහැ. හැබැයි ‘විල් ටු ෆ්‍රීඩම්‘ කියවා බලන්න. ඇඩෙලා ප්‍රභාකරන් දෙස ඇතුළතින් වගේ ම පිටතින් ද බලන්න සමත්කමක් දක්වනවා.

      Delete
    2. අජිත්

      විල් ටු ෆ්‍රීඩම් පොතේ සිංහල පරිවර්තනයක් නැවත කල හැකියි නේද? ඔබ කිවූ නිසාම මට පොත කියවීමට කැමැත්තක් ඇතිවුණා. වත්මන් නිදහස් වාතාවරණය තුළ ඔබ එහි පරිවර්තනයක් හෝ පුවත්පතකට (ලංකාදීපෙ "දියත" වැනි හෝ ලේක් හවුස් වුණත් කමක් නැහැ ) ලිපි පෙලක් ලියන්න පුලුවන් නම් අප වැනි ඉන්ග්‍රීසි නොදත් නූගත් මුදල් හදල් හිඟ සාමාන්‍ය පාඨකයන්ට වැදගත් වේවි.

      Delete
  10. පැරො, චිත්‍රාංගනි විජේවීර ලංකාදීපෙට දීලා තිබ්බ සාකච්ඡාවකින් විජේවීරගේ රෙදි ගලවලා තිබ්බා.ඒක කියෙව්වේ නැද්ද?

    ReplyDelete
  11. may be he was nice with them. But that rule: Don't come out with nightie to the outside? And before that banning love affairs in the party. I sometimes wonder what he saw in Soviet union?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා