පුද්ගලයන් පැහැරගෙන යාමට වරදකරුවන් වන අයට මරණ දඬුවම දුන්නොත් හිරුනිකාට මෙනවා වෙයි ද?


පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පුද්ගලයකු පැහැරගෙන යාම, පහරදීම, සිරකර තබාගැනීම සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවලට ලක් වී තිබේ. 

පසුගිය කාලයේ අතුරුදහන් වීමට ලක් වුණේ ද මෙසේ පැහැරගෙන යන ලද පුද්ගලයන් ය. 

පුද්ගලයන් පැහැරගෙන යාම ලංකාවේ ඉතිහාසය තුළ බරපතල සමාජ ගැටලුවක් වී තිබේ. එය ළමා අපචාරවලටත් වඩා සංඛ්‍යාත්මකව ඉහළ හා සුලබ අපරාධයකි. එසේම, පැහැරගෙන යාම කරන්නේ ම සාක්ෂි විනාශ කරමින්, මුක්තිය තහවුරු කර ගනිමින්, එම පුද්ගලයා විනාශ කර දැමීමට ය. එය ඉතා පැහැදිලි කුමන්ත්‍රණයකි. 

මෙවැනි භයානක වරදක් වන පුද්ගලයන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් දැඩි දඩුවම් පැමිණවිය යුතු ය. වැරදිකරුවන් වන අයට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නැයි කෙනෙකුට ඉල්ලා සිටින්නට පුළුවන. 

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පසුගිය කාලයේ මරණ දඬුවම ඉල්ලා සිටිමින් අඩව් ඇල්ලුවා ය. 

පුද්ගලයන් පැහැරගෙන යන්නන්ට මරණ දඬුවම දෙනවාටත් හිරුනිකා කැමතිදැයි නො දනිමි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සහ සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවය
    http://transyl2014.blogspot.ca/2016/01/blog-post_61.html

    ReplyDelete
  2. දෙසැම්බර් 16දා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වන ප්‍ර‍ණ්ඩත්වයත් මාතෘකා කර ගත් සම්මන්ත්‍ර‍ණයක අතරමගදී එයට පැමිණි හිරුනිකා මෙතෙක් කෙරුණු කතා කිසිවක් නො දැන පැවසුවේ තමන් කුඩා කාලයේදී මව්පියන්ගෙන් මුදල් සොරකම් කළ බව හා එයට දඬුවම් ලෙස පියා වයරයකින් පහර දුන් බවයි.

    ඇය පැවසූ පරිදි ඇගේ පියා පහර දීම සඳහා ක්‍ර‍ම තුනක් භාවිතා කළේ ය.
    1. අතින් කණට
    2. බඳ පටියෙන්
    3. වයරයකින්

    ReplyDelete
    Replies
    1. ගැහුවාට හරියට ගහලා හදලා නැහැ වගේ.එක අතකට කකුළුවෝ කොහොමද පැටවුන්ට කෙලින් යන්න කියලා දෙන්නේ හිටං..:D

      Delete
  3. ඇහැට ඇහැක්; පැරා ඔබ සාධාරන නැහැ -මෙතන දී වඩා සුදුසු යුත්තේ ඇයව පැහැරගෙන ගොස් අර ඇය පැහැර ගෙන ගිය මිනිහා ලවා නඩු ඇස්සවීමයි.

    ReplyDelete
    Replies
    1. ඇය ගෙන් ඇසිය යුතුයි පුද්ගල පැහැරගැනීමකට දිය හැකි උපරිම දඩුවම වියයුත්තේ කුමක්ද ? කියල
      You can always impose harsh punishment to other person, but when you are at the receiving end you can find an excuse for not imposing it.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ආ අර අපි මරණ දණ්ඩනය ගැන විවාද කළ කාලේ, මම රසිකගේ පොස්ට් එකකට යෝජනා කරා මරණ දන්ඩනයට පක්ෂ අය ගෙන් කැමති පත්‍ර‍යක් අත්සන් කරවා ගන්න යෝජනා කරමු කියලා,

      රසික මේක බලනවනම් මෙන්න මම ඇණයා එදා ඇනෝවෙක් විදියට කරපු යෝජනාවට ඔතර්ස් රයිට් ක්ලේම් කරනවා. මොකද රසික පස්සෙත් ඒක සයිට් කරලා තිබ්බා ඇනෝවෙක් කිව්වා කියලා.

      Delete
  4. සාමාන්‍යයෙන් සමාජයේ මේ වගේ ආන්දෝලනාත්මක දෙයක් සිදුවූ විට එම සිද්ධිය, එයට අදාල පුද්ගලයාගේ මානසික අවුලක් බවට ඌනනය කෙරෙනවා. මානසික රෝග විශේශඥවරු සයිකො ඇනලිස්ට් ලා වැහි වැහැලා. මේකට හොඳ ඉල්ලුමකුත් තියෙනවා.

    මේකත් අර දේවල් කුමන්ත්‍රන න්‍යායන් මගින් පහදන්න තේරුම්ගන්න යනව වගේ වැඩක් මටනම්.

    - Dimithri

    ReplyDelete
  5. Dhanda neithi sangrahaye 36 waganthiya ta anuwa Hirunika naduwen nidahas vieme idakada thibe. Heathu : 1. Samaaja agathiyak karana oonema pudhgalayek athadanguwata geniemata purawesiyaata aithiyak aetha. 2. Adhaala pudgalayaa siya pawla ath hera aniyam sambandhaya pawathwamin sita atha. 3. Pradeasaye wedi manaapayakin mahajana niyoojiththwayata pathwoo aeya ta prabhoo bhoonikaawada himiya. 3. Oyawage visandum raja kaale sita kerie atha. ;;; gan husaavi , samatha mandala ; variga sabhaa ;; ......

    ReplyDelete
  6. This is I think pure jelousy on Hirunika. She has done something wrong. It is taking a person into a vehicle and take to an office and advice him on his adultery. Can you compare that with the crimes done by previous regime. (Prageeth, Lasantha, 2 univerity students, Lalith Kugan etc.etc.)They are still missing (means killed) for merely for doing nothing. This person has taken the wife of some one who had a daughter. He was never hospitalized after abducted by Hirunika. But today for the whole country this is like the biggest crime that has happened in the history of Sri Lanka.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා