සුභාවිත සංගීතකාරයෝ කාලා වරෙව්!

මම අවුරුදු පනහක චමින්දයෙක්මි. ඒ වුණාට අපට අද කාලේ හමු වන ඇතැම් කොල්ලන්ට වඩා මං තාමත් යං ඇට් හාට් යයි මට සිතේ. 

මට ඔය සුභාවිත ගීත ගැන තුන් තිස් පැයේ දොඩවන අය දිරවන්නේ නැත. නම් කියන්නට අකැමැති මුත්, මේ යුගයේ ලංකාවේ මාර සංගීත කෙළිකාරයන් මට නම් දිරවන්නේ නැත. මොකුත් කියන්න විදියක් නැත. හේතුව, මට ස්‍රැතියට කුණුහරුපයක්වත් කියන්නට බැරි ය. ඒ වුණාට අනෙක් එවුන්ට ස්‍රැති මාරු වෙන වෙලාවල් නම් මට තේරෙනවා ය. හැබැයි සංගීතය කියන්නේ ඔය ස්‍රැතිය, අරක, මේක විතරක් නෙමේ ය කියා ද මම සිතමි. සංගීතවේදය ආවේ සංගීතයට පස්සේ බව මතක තබා ගත යුතු ය. සංගීතවේදයට පිටින් ද සංගීතය නිර්මානය විය හැකි ය. එය හසු කර ගැනීම සංගීතවේදයේ වැඩකි.

සාහිත්‍යය ගැනත් කියන්නට තිබෙන්නේ ඔය කාරණාව ම ය. සුභාවිත ගීත ගැන කියමින් ප්‍රබුද්ධ වෙමින් අන් අයට වඩා වෙනස් වන්නට හැදීම ද තවත් එක් ස්වෝත්තමවාදයකි. එය ද ආගම්වාදයේ, ජාතිවාදයේ, කුලවාදයේ, පාසල්වාදයේ, ප්‍රාදේශීයවාදයේ තවත් විකාශයක් විතර ය. 

මං මේ සිංදුවට කැමති එය මේ සංගීත, සාහිත්‍ය, භාෂා, රූප, රංගන, විචාර, සදාචාර සීමාවන් අතික්‍රමණය කරන නිසා ය. එය නිර්මානයකට වඩා ක්‍රියාවකි. භාවිතාවෙන් කැරැල්ලකි. ඒ නිසා ම නිර්මානයකි.

එය රස විඳිමු. ඒ ගැන කතා කරමු. අහන පළමු ප්‍රශ්නය මෙය විය හැකි ය. 

මේවත් ගීත ද? මට දෙන්නට තිබෙන උත්තරය මෙයයි. ඔව්! මේවා ගීත තමා ය. ගීතවලට වඩා මෙහි තිබෙන්නේ ජීවිතයයි. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රැප් කරන්නෙ හොරෙන් ...........
    අපි බැහැල ඉන්නෙ හඳෙන්

    ReplyDelete
  2. 17 හැවරිදි කොටදෙනියාවේ පාසැල් සිසුවා රටට කියන්න ඕන දේ සිංහල රැපෙන්

    https://www.youtube.com/watch?v=aM-MHZfogwU

    පැරා මේක අහලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. Youtube එකේ manakkalpitha කියලා සර්ච් කරාම තව ඇති.

      Delete
  3. පැරා මෙවන් දෙයක් අගය කිරීම ගැන අවංකවම සතුටු වෙමි.... අර පොඩි එකාගෙ කුණුහබ්බ, සූජීට ෆෝන් එක දෙන්න කියපු අම්මව ආතල් එකට ගත්ත උන් මේවට ගූ බයයි. මොකෝ රිදෙන්නම දෙනවා නේ.. කුණුහබ්බෙත් ක්ලාස් එකක් තියෙනවා..

    ReplyDelete
  4. පැරාට ඇති අසනීපය ටක්කෙටම අඳුනගන්න අද පුළුවන් උනා . ඩොක්ටර්ස්ලා කියන නම නම් දන්නේ නෑ .
    මාතලන්ට තියෙන අසනීපයත් ඕකමයි.
    මම නම් ඕකට කියන්නේ වැරදි පාරේ ගිහින් හරි කමක් නෑ පොර වෙන්න තියෙන ආසාව කියලා.

    බ්‍රෙසියර් වීසි කරන ගෑණු , කුණුහරුප සිංදු කියමින් ගංජා ගහන්න කතා කරන එවුන් , ගණිකා රස්සාවේ
    උත්ප්‍රේරකයක් විදියට නිළිකම භාවිතා කරන එවුන් , ........................................................................
    ප්‍රොමෝට් කරන්න තමන්ට තියෙන ඉතාම කුඩා සිවිල් බලය භාවිතා කරන්නේ ඒ නිසා.
    ඉතාම කුඩා පිරිසක් අතරේ ගොන්පාට් එකක් දාලා පොරවෙන්න මාතලන් දරන උත්සාහය ගැන මට නම්
    ලොකු අවුලක් නෑ . මොකද පොර වැඩියෙන්ම දාන්නේ ගොන්පාට් නිසා .

    නමුත් පැරා ට ඒ විදියට වැඩ කරන්න බෑ . ළමයින්ට ශිල්ප දෙන ගුරුවරයෙක් හැටියටත් , වසර පනහක්
    ජීවිතය පසු කල මුහුකුරා ගිය මිනිසෙකු ලෙසත්.
    මිනිසෙකු තුල විවිධ ආශාවන් ඇතිවෙනවා . එත් අපි කැලෑ සතුන් මෙන් ඒ සියලු ආශාවන් ක්‍රියාවන් බවට
    පත් කරන්නේ නෑ. මිනිසා ශිෂ්ට යැයි කියන්නෙත් , අශිෂ්ටයන් වෙනුවෙන් නීතිය හා සිරගෙවල් ඇත්තෙත්
    ඒ නිසයි.
    මාතලන්ගේ දැක්මට අනුව එන්රිකේට බ්රෙසියර් විසිකරන්න ලංකාවේ ඔක්කොම කෙල්ලෝ ආසය. ඒත් ඒකට
    එයාලට අවස්ථාවක් නැතිය. ඒ නිසා බ්රෙසියර් විසික්කා කොරපු කෙල්ලට ඔක්කෝම ඉරිසියාය ... නදීෂාට අරක
    කරන්නට ඔක්කොම ආසා නමුත් අවස්තාවක් නොලැබෙන නිසා නදීශාටත් , එයැයිට අරක කොරන අයටත් අනිත් ඔක්කොම
    පට්ට ඉරිසියයිය . මෙවන් බොහෝ දේ සමාජයේ සිදු නොවිය යුතු දේ සිදු නොවෙනුයේ මිනිසා සතු ශිෂ්ටත්වය නිසා බව
    තේරුම් ගන්නට මාතලන් වැනි ළදරු මනස් ඇති බ්ලොග් බබාලට හා ඒවාට කඩේ යමින් කොමෙන්ට් කොටන බ්ලොග්
    කොට්ටෝරුවන්ට නොහැකි වුවත් පැරාට හැකියාවක් ඇති සිතමි.
    පැරා ජනවාරි 8 මහින්ද පරාජය වෙනුවෙන් පෙනී සිටි අයෙකු නිසා වඩා යහපත් සමාජයක් වෙනුවෙන් වගවිය යුතු කෙනෙකු
    ලෙස කල්පනා කල නිසා මෙය ලියුවෙමු. අපි ආසා සියලු දේ ශිෂ්ට සමාජයට නොගැලපෙන බව නැවතද ලියමි.

    කිසිවෙකුගේ සිත රිදවීමට නොවේ. මාතලන් උදාහරණයක් පමණයි. එකම කෙනා ඔහු නොවේ .

    ReplyDelete
    Replies
    1. ඔය සංගීත ප්‍රසංගයකදී එන්රිකේට බ්‍රෙසියර් එකක් විසිකරපු කතාව ලංකාවේ මිනිස්සු සෝෂල් මීඩියා වල පතුරු ගැහුවා. නමුත් ඇත්තටම සිදුවුනදේ කවුරුත් හරියට දැනගෙන හිටියද කියලා සැකයි. ඔය සිද්ධිය කලින් ප්ලෑන් කරලා ෂෝ එකේ ගිමික් (gimmick) එකක් විදිහට තමයි කලේ. නමුත් ලංකාවේ බහුතර ලින් මැඩි මානසිකයන්ට ඕක මැජික් උණා. අන්තිමේ ඕකෙන් මේකෙන් නාගත්තේ ලොක්ක තමයි.

      මේ දාලා තිබෙන රැප් එක මටනම් තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් යන ඔයවගේ සින්දුත් තේරෙන්නේ බාගයයි. මේකනම් බාගයක්වත් තේරෙන්නේ නැහැ. හැබැයි පැරා දක්වන අදහසට මම එකඟයි. සංගීතය හෝ වෙනයම් කලාවක් හොඳ නරක කියල වර්ග කරන්න බැහැ. මට මතකයි අපි තරුණ කාලේ ඔය අමරදේව, නන්දා මාලිනී වගේ අය ප්‍රබුද්ධ ගණයටත් ජෝතිපාල වගේ අය රස්තියාදු කාරයන්ට සින්දු කියන අය විදිහටත් ලේබල් කරලා තිබුණා. සමහරු තමන්ගේ උගත්කම සහ උසස් කලා රුචිකත්වය පෙන්වන්නම ඔය ප්‍රබුද්ධ ගීත ඇහුවා. දැන් වෙන්නෙත් ඒකම තමයි.

      Delete
    2. සේනක ඉඳුවර මේ ගීතය මනින මිම්මෙන් ම ‘මගේ පුංචි රෝස මලේ' කියන සුභාවිත ගීතය මැනලා බැලුවොත් මාර වැඩක් තමයි වෙන්නෙ. පුංචි රෝස මල කියන්නෙ පොඩි ළමයෙක් ය කියලා අර්ථකථනය කරලා, මේ ගීයේ නිර්මාපකයන්ව ළමා කාමුකයන් ලෙස අත්අඩංගුවට ගන්න කියාවි.

      ඒ ගීයේ ඇත්තෙන් ම ළමා කාමුකයෙක් ගැන කියවුණත්, එහෙම කියවෙන එක වැරදි ද? ළමා කාමුකයෙකුගේ මනෝභාවය කලාත්මකව විවරණය කිරීම තහනම් ද?

      එතකොට ව්ලැඩිමීර් නබකොව්ගේ ලොලිටා කෘතිය ගැන ඔහුට කියන්න තියෙන්නෙ මොකක් ද?

      සිංහල සාහිත්‍යෙය් විශිෂ්ට කෘති දෙකක් වන ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ හා හේමරත්න ලියනආරච්චිගේ පාදඩයකුගෙන් කියන නවකතා කියවා බලන්න.

      කලාවෙන් කරන්නෙ යථාර්ථය පරාවර්තනය කරන එක. ඒක සදාචාර කටයුත්තක් නෙමෙයි.

      Delete
    3. පත්තර මල්ලි , සින්දු ඇනෝ ඔය අගේට කියලා තියෙන්නේ.... අනික නිල් චිත්‍රපටි වලත් තියෙන්නේ යථාර්ථය පරාවර්ථනය කරලා තමා.
      ඒ උනාට ඒවා අටේ නිව්ස් වලින් පස්සේ ටෙලිකාස් කොරනවට පැරා කැමතිද ? කඩඉම් ප්‍රස්නයක් නෙමේ නිසා උත්තර දෙන්න ඕනා.
      ඒ උනාට උත්තර දෙන්න හයියක් තියෙද මන්දා ....
      කරුමක්කාරයෝ මාර පොතක් කියලා පැරා හිතුවට ඒ වගේ පොතක් ලියපු එක ගැන ගු.අ . දැන් දුක් වෙනවා ඇති. අනික ගු. අ . ගෙන් ආදර්ශ
      ගන්න ගියොත් සසරටම අනාත තමා. ගු.අ . ලා හිටගෙන ජරා කරපු හොඳ දිය පොකුණේ තමා දැන් ඉන්න අක්මුල් නැති හරක් ටික දුව දුව
      රෙන්නේ ...........

      Delete
    4. නිල් චිත්‍රපට පරාවර්තනය කරන්නේ යථාර්ථය නෙමෙයි. එමගින් පරාවර්තනය කරන්නේ ලිංගික ෆැන්ටසි. ඒක යථාර්ථය ය කියලා හිතන එවුන් තමයි ඉන් පස්සේ එච්චර දිග ශිශ්න හදා ගන්න ක්‍රීම් ගාන්නේ. නන්ස්ටොප් සංසර්ගයේ යෙදෙන්න ව්‍යාග්‍රා ඕවඩෝස් ගන්නේ. ගෙදර ගෑනිගෙන් පෝන් ස්ටාර්ලා කරන දේවල් බලාපොරොත්තු වෙලා දීග කඩා ගන්නේ.

      අටේ නිව්ස්වලින් පස්සෙ පෝන් දාන්නේ පිස්සුවට ද? ඒවා ඇවිල්ලා වෙන ම නිශ්චිත ප්‍රේක්ෂකයන්ට වෙන් කරපුවා. මේවත් එහෙම තමයි. මේ බ්ලොග් වුණත් එහෙමයි. ඒකනේ අපේ බ්ලොග්වල යන ඒවා අටේ ප්‍රවෘත්තිවලින් පස්සෙ දාන්නෙ නැත්තෙ.

      ගුණදාස අමරසේකර කියන පුද්ගලයා කෙසේ වෙතත්, ඔහු මේ රටේ බිහි වුණ හොඳ නවකතාකාරයෙක් බව පිළිගන්න වෙනවා.

      මම කියපු හේමරත්න ලියනආරච්චිගේ නවකතාව කියවලා බලන්න. කේ.කේ. සමන් කුමාරගේ සර්පයකු සමග සටන් වැද කියවා බලන්න.

      පැරණි සාහිත්‍යයෙනුත් උදාහරණ සොයා ගන්න පුළුවන්.

      Delete
    5. “ගු.අ . ලා හිටගෙන ජරා කරපු හොඳ දිය පොකුණේ තමා දැන් ඉන්න අක්මුල් නැති හරක් ටික දුව දුව රෙන්නේ ..........."

      ඒකත් අර රැප් එකේ බාසාවමනෙ බං

      Delete
    6. මෙහෙමයි මහත්මයෝ...

      අපි හරක් වෙන්න පුළුවන්.. ඒත් ඔහේලා මී හරක්.. අපේ අං පාරෙන් මහින්ද කියන සර්ව බලධාරියත් බල්ලා මාක් කොලා. මේ උන්නැහේ අපි විතරක් නෙමෙයි, ළෝකයක් රැවැට්ටුවා. දැන් එයා එයාගේ අනන්‍යතාවය පිළිබඳ ගැටළුවකට මුහුණ දීලා. අපිට දුකයි. එයාටත් දුක ඇති. හැබයි ළෝකයා හමුවේ අපි මිලේඡ්ච ජාතියක් කියලා ඔප්පු වෙලා හමාරයි. ජනාධිපතිවරු නිදන කාමර අස්සේ රිංගන්න ගියාම එහෙම වෙනවා. මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න යන එක දැන්වත් නවත්වනවා නම් හොඳයි....

      Delete
    7. වැඩිය ඕන නෑ... ජසයා හා ලෙන්චිනා කෝලම යූ ටියුබයෙන් නරඹා ස්වයං වින්දනයේ යෙදි සැතපෙන්න...

      ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවා නම්...

      Delete
  5. https://m.youtube.com/watch?v=UhM3v-TXvXw

    පැරා මේකෙ 1.33 විනාඩියෙ ඉඳල පොඩ්ඩක් රැප් පාට් එක අහල බලන්න..පුද්ගලිකව මම කැමති ඒ රැප් ස්ටයිල් එකට.

    ReplyDelete
  6. මටනම් මේ වගේ ගීත රස විදින්න බැහැ. නමුත් ඒ ගැන දුක්වෙන්නේ නැහැ. රසවිඳින්න දන්නා ටික පිළිබඳව මම ඉතා සෑහීමට පත්වෙනවා.

    ReplyDelete
  7. අහන්න අමාරුයි, බස් එකේ දාන එවට වඩා යමක් තියෙනවා වගෙයි. ඔය සමාජය මාසයක් දෙකක් ආශ්‍ර‍ය කලොතින් රස විඳන්නත් බැරි වෙන එකක් නෑ.

    ReplyDelete
  8. අපේ ගෙවල් ගාවත් ඉන්නවා මේ වාගේ එකෙක් හැමදාම හාවසට දෙකක් දාගෙන එනකොට රැප් කරනවා..බලාගෙන යනකොට අපේ ගමේ එවුන් ඌට සලකනවා මදි කියලයි මට හිතෙන්නේ මේ සින්දුව ඇහුවාම ..අනිවාර්‍යයෙන් ඒවාත් පට්ට ගීත වෙන්න ඕනෑ ..ගමේ එවුන් බැනලා තියෙන්නේ බොරුවටනේ කුණුහරුප කියනවා කියලා ..මේ සින්දුව පෙන්නලා බලන්න ඕනෑ ..

    ReplyDelete
    Replies
    1. චැහ්… ඇයි යකො අපේ ඒබරං ආතා මීහරක් දක්කනවා රැප් කර කර ගංසබා පාර දිගේ

      ජහ පුතා ජහ හොයි හොයි තොගෙ අ***ට කැ# බල්ලෝ තෝ අද මස්කඩේට දෙනවා පරයා කියල ..

      තව එකක් ඇයි සිංදුවෙ කුනුහරුප කියද්දි වීඩියෝ එකේ ටයිට්ල් එක " ko ca**iya" කියල .. කියන්න හොඳනං ලිව්වම මොකෑ … හැක්

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  9. මේ පෝස්ට් එක කියවන්න කලින් ඔය රැප් එක ඇහුවා කනාවට වගේ..
    මේකයි .., රැප් කියන ස්ටයිල් එකත් නැට්ටෙන් අල්ලගත්තු උන් තමයි ගොඩක් ඉන්නෙ.ජොයින්ට් එකක් ගහල,පොලිසියෙ කූඩුවෙ ඉඳලා,කුණුහරප අමුවට කියලා,සීතලට අඳින ඇඳුම් ගිණි මද්දහනෙ ඇඳලා රැපස් ල වෙන්න හදන එක විහිලුවක්.
    ගැලපෙන විදිහට වැඩේ කරන්න ඕනෙ.මනඃකල්පිත කියන හාදයාගෙ රැප් වලත් හෝල් සේල් කුණුහරප තියෙනවා.ඒ උනාට නොගැලපෙන විදිහට නෙමෙයි.. පොඩි කොල්ලො ටිකක් නෙ කරන්නෙ.. බලමු ඉස්සරහට..
    ජයවේවා..!!

    ReplyDelete
  10. [im#]http://i66.tinypic.com/s5z4hg.jpg[/im]

    ReplyDelete
  11. මටත් පේන්නෙ මේක ඇමරිකානු රැප් ස්ටයිල් එක වලිගෙන් අල්ලගෙන කරපු ගොන්පාට් එකක් වගේ... සිංදුවක අදහසේ තාත්වික භාවය වැඩිවෙන්න කුනුහරුපයක් දෙකක් දාගෙන කීම අවුලක් නෑ... නමුත් මේක 'කුණුහරප කියල' හිට් කරගන්න හදාපු ගොන් වැඩක් වගේ...

    ReplyDelete
  12. මම කැමතියි නෑනට
    නෑන කැමති නෑ මට!

    ReplyDelete
  13. onna aawa amuma gona

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා