Posts

Showing posts with the label ආදායම් බදු

බද්දක් පැනවීම සඳහා ආණ්ඩුවට W3Lankaගෙන් යෝජනාවක්

Image
මහජනයාගේ සාක්කු පල්ලේ ඇති පොට්ට කාසි පවා සොය සොයා සුද්ද කරමින් ඉන්න අපේ දේශප්‍රේමී ආණ්ඩු රත්නය ආරක්ෂා කිරීම පිණිස යෝජනාවක් කරමි. හැමදාම ආණ්ඩුවට බැන බැන ඉන්නවා ය කියා අපට බනින මහත්වරුනි, සතුටු වන්න. යෝජනාව මෙසේ ය: දැන් කාලේ පාරක බැස යන්නටත්, වැඩපොළක ඉන්නටත්, ගෙදරට වී ඉන්නටත් බැරි කරදරයක් තිබේ. ‍පේදුරුතුඩුවේ පන්සල් හදන්නට දෙවුන්දරතුඩුවේ සම්මාදමේ යන්නෝ ද, සංගමන්කන්දේ දන්සල් දෙන්නට කොළඹ සම්මාදම් කරන්නෝ ද, තවත් විවිධ රෝග පීඩාදිය සුව කර ගන්න‍ට එන්නෝ ද වැල නො කැඩී ආධාර පත්‍රිකා රැගෙන එන තත්වයක් උදා වී තිබේ.  ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ නම්බුකාර හිඟන්නන්ට ද බලපත්‍රයක් නිකුත් කර, බද්දක් අය කරන ලෙසයි. මේ වනාහි හිඟන්නා‍ගේ පාත්තරයට වහන හෙනහුරා‍ට තහනම් ආකාර බද්දක් (a prohibitive tax) පැනවීම සඳහා කරන යෝජනාවකි.  ඕනෑ නම් මේ බලපත්‍ර නිකුත් කිරීමේදී අත යට ගානකුත් තබා ගන්නට දේශපාලකයන්ට පුළුවන. අසූචි කප්පරක් කෑ යක්කුන්ට පඩෙත් කජ්ජක් යැ! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ලංකාවේ මිනිසුන් බදු නො ගෙවන බව පුන පුනා කීමේ ගොබෙල්ස් න්‍යාය

Image
( 2010 ඔක්තෝබර් 03,  W3Lanka )  ලංකාවේ කෝටි දෙකක් ජනතාව සිටියත් බදු ගෙවන්නේ ලක්ෂ තුනක් පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පොළොන්නරුවේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් පැවසූ බව රේඩියෝවක කියනු ඇසිණි.  මෙහි ඇති සත්‍ය කරුණ නම් මෙරට ආදායම් බදු ගෙවන්නන් සිටින්නේ ලක්ෂ තුනක් පමණක් බවයි. එක්කෝ ජනමාධ්‍යවලට වැරදී ඇත. නැතිනම් ජනාධිතිට වැරදී ඇත.  වැරදීම මිනිස් ගතියකි. ජනාධිපති සමාව තමන් කැමති අයට පමණක් දීම රාජ ගතියකි. එහෙත් මේ වැරදීම නිතර සිදු වන එකක් නිසා එය පසුබිමේ ඇති කරුණු ටිකක් ලිවිය යුතුව තිබේ.  මේ රටේ මහජනතාවගෙන් බොහෝ දෙනෙකු සිතාගෙන ඉන්නේ තමන් බදු ගෙවන්නන් නො වන බවයි. තමන් බදු ගෙවන්නන් නො වන නිසා ආණ්ඩුව දෙන දෙයක් භාර ගෙන, ඔවුන් කරන දේ ප්‍රශ්න නො කර දීන ව සිටිය යුතු ය යන මානසිකත්වය ඔවුන් තුළ ඇති කර තිබේ.   ලක්ෂ දෙසීය ඉක්මවා තිබෙන ලංකාවේ ජනගහණයෙන් ආදායම් බදු ගෙවන මට්ටමේ ඉන්නේ ලක්ෂ තුනක් පමණක් නම් හෙවත් සියයට 1.5ක් පමණක් නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ රටේ ආදායම් විෂමතාවේ මට්ටමයි. එනම් රටේ ජනගහණයෙන් 98.5%ක් සාමාන්‍ය හෝ පහළ ආදායම් ඇති...