Posts

Showing posts with the label ඛනිජ තෙල්

බාල ගුවන් යානා ඉන්ධන, දිනමිණ හා දිවයින

Image
පහත සඳහන් පුවත් දෙක සසඳා බලන්න. බාල තෙල් පාඩුව කෝටි 14යි ශිරාන් රණසිංහ (දිවයින, මැයි 09) මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet oil) මෙට්‍රික්‌ ටොන් හත්දහස්‌ පන්සියය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දහහතරක්‌ (මිලියන 140 ක්‌) යැයි තෙල් සංස්‌ථා මුදල් අංශය ගණන් බලා තිබේ. නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්‌තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ බව මුදල් අංශයේ ප්‍රධානියෙක්‌ "දිවයින" ට පැවැසීය. සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් (සිංගප්පූරු බී. පී.) නමැති සමාගමකින් මෙම ඉන්ධන තොගය ඛනිජ තෙල් සංස්‌ථාව මිලදී ගෙන ඇත. මීට දින කිහිපයකට පෙරාතුව ASDRAL EXTRA ESS නමැති නෞකාවකින් මෙරටට ගුවන් යානා තෙල් මෙට්‍රික්‌ ටොන් විසිදහසක්‌ රැගෙනවිත් තිබේ. මෙම මෙට්‍රික්‌ ටොන් විසිදහසින් ප්‍රමිතියෙන් තොර මෙට්‍රික්‌ටොන් 7500 ක්‌ වෙනම ටැංකියක අසුරා තිබී ඇත. ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්‍ෂණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්නයක්‌ ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් ස...

තෙල් හම්බ වෙලා ද මෙයා / Have we found oil in Mannar Basin?

ලංකාවට තෙල් ලැබිලා යි මහා හා හූවකි. එහෙත්, බලාගෙන ගියා ම ඒකත් තවත් ඡන්ද ගුංඩුවකි. ඇත්ත පුවත රොයිටර් පළ කර ඇත්තේ මෙසේ ය: අපේ අදහස් කියවීමට පහළට රූටන්න.  Sri Lankan President Mahinda Rajapaksa on Sunday said natural gas has been found off the Indian Ocean island nation in the Mannar Basin, in a well Cairn India Ltd. said required more exploration to see if it is commercially viable . Cairn, a subsidiary of London-listed Cairn Energy Plc , said the find was Sri Lanka's first confirmed hydrocarbon discovery. "Explorers have informed me that they have found a gas deposit in the seabed," presidential spokesman Wijayananda Herath quoted Rajapaksa as saying to an audience in the hill city of Kandy. Cairn Lanka, a subsidiary of Cairn India, has one of eight blocks in the Mannar Basin and began drilling in August. It struck a 25-metre hydrocarbon column showing primarily gas with "other liquid hydrocarbon potential" in the CLPL-Dorado-91H/1z wildcat well, ...

සුසිල් ප්‍රේම ජයන්තට මුහුදෙන් හමු වූ තෙල් ඉන්දියාව හංගලා ද?

Image
SL 2007-01-001 ඉන්දියාවට කැනීම් සඳහා දී ඇති කොටසයි ලබන වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සම්පත තිබේ දැයි සත්‍ය වශයෙන්ම පැවැසිය හැකි බව ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන ඉන්දියාවේ “කෙයාන්” ලංකා සමාගම පවසයි. -දිනමිණ 2011 අගෝස්තු 19 මේ 2010 මැයි 01 දා දිනමිණ පළ කළ වාර්තාවකි. (දිනමිණ කියවන්නේ ඇයිදැයි අපේ පාඨකයෝ අසති. අප දිනමිණ උපුටා දක්වන්නේ ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම්වල නිරුවත පෙන්වීමටයි. මෙවැනි පුවත් ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් ද නිතර ප්‍රචාරය වේ. ඒවායෙන් සිදු වන බලපෑම දිනමිණට වඩා බෙහෙවින් වැඩි ය.) මෙරට තෙල් කැණීම් ලබන වසරේ ඇරැඹේ සුභාෂිණී සේනානායක ශ්‍රී ලංකාවේ තෙල් කැණීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කෙරේ. තෙල් කැණීම් සඳහා සිදුකරන ලද පරීක්ෂණ කටයුතු සදහා ගවේෂණ කටයුතු සියල්ල සිදු කොට අවසන් බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා දිනමිණ ට ප්‍රකාශ කෙළේය. තෙල් කැණීම් කටයුතුවලදී මේ රටේ වාසනාවට තෙල් ලැබුණහොත් ඉදිරි කැණීම් කටයුතු පුළුල් කරන බවද හෙතෙම ප්‍රකාශ කෙළේය. මුහුදේ සිදුකරන ලද පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් බව පැවසූ ඇමැතිවරයා දිනකට තෙල...

අනුර කුමාර දිසානායක නම් ගවේශනාත්මක පුවත්පත් කලාවේදියා

Image
(2011 ජුලි 02,   W3Lanka )   ලංකාවේ ගවේශනාත්මක පුවත්පත් කලාව අන්තයට ම පිරිහී ඇත. ගවේශනාත්මක පුවත්පත් කලාවේ යෙදුණු මාධ්‍යකරුවන් ඝාතනය, බිය ගැන්වීම, රටින් පිටුවහල් වන තත්වයට පත් කිරීම මෙන් ම වාම නැඹුරුවක් සහිත මාධ්‍යකරුවන් මාධ්‍ය සංවිධාන හිමිකරුවන් බවට පත් වීම හා මතවාද දේශනා කරන්නන් බවට පත් වීම මේ තත්වය ඇති වන්නට හේතු වී යයි අපි අනුමාන කරමු. අද වන විට මාධ්‍ය කලාව යනු ලංකාවේ දක්ෂ තරුණ තරුණියන් ආකර්ශනය කර ගන්නා වෘත්තියක් නො වේ. අද වන විට එයට පිවිසෙන බොහෝ තරුණ තරුණියන්ගේ පවා අරමුණ දේශපාලනය සමග සෙට් වී කෙටි කලකින් රාජ්‍ය මාධ්‍යයක හෝ ඇමති මාධ්‍ය කණ්ඩායමක බලය ඇති බඩ රස්සාවක් සොයා ගැනීමයි. දක්ෂ විකල්ප මාධ්‍යකරුවන් පිරිසක් බිහි කරන්නට ජවිපෙ පවා අසමත් විය. ජවිපෙ ජනමාධ්‍යයන්ගේ සිටි මහා විප්ලවවාදීන් ලෙස පෙනී සිටි අය අද ඉන්නා තැන් ගැන සොයා බැලූ විට බල්ලෝ ද බත් කන එක නවත්වනු ඇත. කෙසේ වෙතත්, ගවේශනාත්මක මාධ්‍යකරුවකුගේ භූමිකාව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් රඟ දක්වන අපූරු අවස්ථාවක් අපට ඊයේ දක්නට ලැබිණි. ඊයේ පුවත්පත් සාකච්ඡාවකදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසි...

දිනමිණට ලංකාවේ මුහුදෙන් තෙල් හම්බ වෙලා | Dinamina newspaper has found petroleum from Sri Lanka's sea

Image
(2010 මැයි 01 -  W3Lanka )  දිනමි‍ණේ ප්‍රවෘත්ති ලියන නංගිලා ගැන අපි මීට කලින් කීප වතාවක් ලියා තිබෙනවා. ඒ නිසා නැවත මොකවත් ලියන්නේ නැහැ. මේ අද දිනමිණ පත්තරයේ 'මෙරට තෙල් කැණීම් ලබන වසරේ ඇරැඹේ' මැයෙන් පළ වූ ප්‍රවෘත්තියකින් උපුටා ගත් කොටසක්. මුහුදේ සිදුකරන ලද පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් බව පැවසූ ඇමැතිවරයා දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි බවත් තෙල් ධාරිතාවය දෙගුණ කර ගත හැකි බවද පැවැසීය. මෙමගින් තාර, ගෑස්, රසායනික ද්‍රව්‍ය වැනි අතුරු නිෂ්පාදනද දෙගුණයක් පමණ ලබා ගතහැකි වන බව අවධාරණය කළ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදිය හැකි වන බවද කීය. මෙම ප්‍රවෘත්තියෙන් කියවෙන ආකාරයට මුහුදෙන් තෙල් ලැබී හමාර අතර දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කිරීමට ද පුළුවන. අපට ඇති ප්‍රශ්නය වන්නේ මෙසේ ලියන්නේ නොදන්නාකමටද නැතිනම් සිතාමතා ම ජනතාව නොමග යවන්නටද යන්නයි.