ඇවන්ට්ගාඩ් ජාවාරම සහ ආණ්ඩුව සත් සමුදුරෙන් ම නෑම

මේ ලියන මට ඇවන්ගාඩ් එකේ නිස්සංක සේනාධිපති සල්ලි දී නැති බව මුලින් ම කිව යුතු ය.

ඇවන්ට්ගාඩ් කොම්පැනියේ සන්නද්ධ මුහුදු ආරක්ෂාව සපයන මිනිස් බල ජාවාරම මේ වන විට ආණ්ඩුව ඇතුළට රිංගා ඇඟ මස් කා වැඩෙමින් තිබෙන පිළිකාවක් වී තිබේ.

ඇවන්ට්ගාඩ් විසින් කා ඇත්තේ මාරපන, විජේදාස, වජිර තුන්කට්ටුව පමණක් නො වන බව ද අප මතක තබා ගත යුතු ය. එමගින් කැබිනට් සාමූහිකත්වය ද කා දමා තිබේ. එක එකා හිතෙන හිතෙන දේ කියන අරුම පුදුම තත්වයක් ඇති වී තිබේ.

නිමල් සිරිපාල නිදසුනකට ගන්න. ෆේස්බුක්වලට රැවටී ජනවාරි 8 කර ගත් මෝඩකම ගැන ජනතාව අද පසුතැවෙන බව මේ ඇමතියා කියයි. ඔහු ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුවට විරුද්ධව ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරයි. උගේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ඌ කරන රෙද්දක් ද නැත. කරන්න බැරි නම් දාලා පල! මූ එහෙම කරන්නේ නැතිව වෙන කාට ද බනිනවා ය. යකෝ මේක මාර ආණ්ඩුවක් ය. ආණ්ඩුව ඇතුළේ ම විපක්ෂය ය. මුන්ට වයර් මාරු වෙලා ය. මෙවැනි කාලකන්නින් තබාගෙන ආණ්ඩු කළ හැකි නම් ගුද මාර්ගයේ ඇබයක් ගසාගෙන කක්කා දමන්නටත් පුළුවන. 

ඒකාධිපති රාජපක්ෂ රෙජිමට විරුද්ධව දීර්ඝ අරගලයක් කළ මිනිසුන් නො තකා හරිමින් ආණ්ඩුව රාජපක්ෂගේ ඇම්බැට්ටයන් සමග කූට්ටාලි වූයේ ය. උන් මේ ආණ්ඩුව ඇතුළට කෙතරම් අඬු බඬු විහිදුවා තිබේ ද යන කාරණය ඇවන්ට්ගාඩ් සිද්ධියෙන් හොඳින් පැහැදිලි කර ගත හැකි ය. 

පොලිසියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණයේ, රජයේ සේවයේ සිටින රාජපක්ෂ සේවකයෝ ආණ්ඩුවේ ගොබිලන්ගේ කණෙන් රිංගනවා ය. මුන්ට ඒවා තේරෙන්නේ නැත. ඇත්තම කිව්වොත්, මුන් දන්න දේශපාලනයේ තරම එච්චර ය. 

කෝ දූෂිතයන්ට එරෙහිව පියවර ගත්තාදැයි දැන් ආඩම්බරෙන් අසන්නේ නිමල් සිරිපාල ද සිල්වා වැනි දූෂිතයෝ ය. ආණ්ඩුවට සෙට් වූ නිසා ලැබුණු සමාව හේතුවෙන් මුන්ට දැන් උන්ගේ ම අතීතය අමතක වෙලා ය. මුන් රාජපක්ෂ ගාව පොල් නො ගෑ බව ජනතාව දන්නවා ය. 

ඇවන්ට්ගාඩ් සිද්ධිය මේ ආණ්ඩුව සත් සමුදුරෙන් ම නා ගත් අවස්ථාවකි. ඇවන්ට්ගාඩ් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට හා තවත් අයට එරෙහිව නීති මගින් කටයුතු කරන්නට සුළු කාරණයක් ප්‍රමාණවත් ය. ඒ වනාහි නාවික හමුදාව විසින් කරමින් සිටි සේවාවක් පාරදෘෂ්‍යභාවයකින් තොරව, ඒකාධිකාරයක් ලෙස තමන්ට හිතවත් පුද්ගලයකුගේ සමාගමකට පවරා දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමයි. ඇවන්ට්ගාඩ් හරහා අවි ජාවාරම් සිදු වූයේ ද යන්න ගැන නිසි විමර්ශනයක් සිදු නො වන බව පැහැදිලි ය. 

ඇවන්ට්ගාඩ් අධිපතිවරයා තමන්ට අල්ලස් පිරිනැමූ බව රාජිත සේනාරත්න පවසයි. අල්ලස් දීම, ගැනීම පමණක් නො ව අල්ලස් පිරිනැමීමක් පිළිබඳ තොරතුරු වසන් කිරීම ද නීතිමය පියවර ගත හැකි කාරණා ය. 

ඇවන්ට්ගාඩ්ට එරෙහිව කතා කරන ඇමතිවරුන් එසේ කරන්නේ කොමිස් නො ලැබුණු නිසා ය කියන්නට පවා එඩිතරකමක් කොමිස් ගත් ඇමතිවරුන්ට තිබේ. 

මේ අල්ල පනල්ලේ සිරිසේන කළේ ඇවන්ට්ගාඩ් කොම්පැනිය නාවික හමුදාවට පවරා ගන්නා එක ය. එහෙම පවරා ගත්තේ කුමන නීතියකින් ද යන්න ද පැහැදිලි නැත. 

මේ ජාවාරම නාවික හමුදාවට මේ තරම් ලාභ ලැබෙන අන්දමින් කරන්නට බැරි ය. එසේ බැරි වන්නේ වෙන මොකවත් නිසා නො ව මෙය ඉතා පැහැදිලිව ම ජාත්‍යන්තර මට්ටමේ ජාවාරමක් නිසා ය. ජාවාරම් කරන්නට දන්නෝ වනාහි රාජපක්ෂලා හා සේනාධිපතිලා වැනි ජාවාරම්කාරයෝ ය. නාවික හමුදා පටිපාටි මැද මෙවැනි ජාවාරම් කරන්නට බැරි ය. 

අනෙක් පැත්තෙන් ආරක්ෂක හමුදා බිස්නස්වලට බැස්සවීම යනු මෙවැනි රජයකින් අපේක්ෂා කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තියකට අනුකූල ක්‍රියාවක් නො වේ. 

අවසානයේදී ඇවන්ගාඩ් හරහා නීතියට පටහැණිව ක්‍රියා කළ රාජපක්ෂලාට වෙච්ච දේකුත් නැත. ඇවන්ට්ගාඩ් බිස්නස් එකත් නැත. මෙයින් උගත හැකි පාඩම මෙසේ ය:

සිරිසේනලා දන්නා දේශපාලනයකුත් නැත. ආර්ථික විද්‍යාවකුත් නැත. 

හැබැයි, කවුරුවත් උඩ පනින්නට ඕනෑ නැත. තවමත්, රාජපක්ෂ ක්‍රමයට වඩා මෙම ක්‍රමය ඉතා දහස් වාරයක් හොඳ ය. අප අරගල කරන්නේ මෙතැනින් ඉදිරියට යන්නට මිස අන්ධකාර රාජපක්ෂ යුගය කරා ආපසු යන්නට නො වේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේකට හේතුව රටේ කරුමක්කාරයො රනිල් මහත්මයාට චන්දෙ නොදෙන නිසා ශ්‍රීලංකා සිරිසේනයෙක් මේක අස්සෙ ගහගන්න වෙච්ච එක... 2020 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා පිරිසිදු බහුතරය ඇති යූඑන්පී ආන්ඩුවක් පිහිටවන්න... 2030 වෙද්දී රට ආසියාවේ ස්විට්සර්ලන්තය වෙලා තියෙයි

    ReplyDelete
    Replies
    1. හා උබ ඉස්සෙල්ලම කියපං රනිල් මහත්තයාගෙ ඇත්ත ආගම මොකක්ද බොරු ආගම මොකක්ද කියලා?

      Delete
  2. [සභාවේ හිකෙන් පුනා]:

    ReplyDelete
  3. මුංගෙන් බාගයක් අමු කපටියෝ. අනිත් බාගේ අමු ගොන්නු.

    ReplyDelete
  4. ජනවාරියේ පිහිටවපු මෛත්‍රීපාල-රනිල් ආණ්ඩුවේ පතිවත බිඳුණේ මාර්තුවේ දී යි.
    http://rasikalogy.blogspot.com/2015/03/sad-reality-of-life.html

    ළඟදී ම බබා හම්බවෙයි.

    ReplyDelete
  5. මුන්ට බබා හම්බ වුණාට කමක් නැත. අප කල්පනා කළ යුත්තේ මෙතැනින් ඉදිරියට යන හැටි ගැන ය. ආපස්සට නම් කොන්දේසි විරහිතව බෑ තමා ය. මහින්ද උස්සාගෙන එන්නේ නැතිව වෙන විධියකින් එනවා නම් වරෙව්! අපිත් ඉන්නවා ය.

    ReplyDelete
  6. මහින්දලා ගෝඨලා මීට හොඳා කියන දවසත් වැඩි ඈතක නෑ වගේ....

    පැරාගේ මේ වගේ එකක් දැක්කාමයි...

    මම නම් කියන්නේ බ්ලොග් කියන්නේ මේවට කියලයි...

    ReplyDelete
  7. මූලික වශයෙන් කලයුතු දේවල් දෙකක් තියනව.
    1.පරීක්ෂණයක් කර දඬුවම් දියයුතු අයට දඬුවම් කිරීම.
    2.ව්‍යාපාරය රජයට පවරාගෙන රජය විසින් හෝ (මේක සාර්ථකව කල ව්‍යාපාරයක් බව කියවුනා, ඒක වෙන්න ත් පුළුවන් මොකද හමුදාවෙන් කරන නිසා) වෙනත් පාර්ශවයකට වෙන්දේසි කර විකිණීම.

    ReplyDelete
  8. මෙතැන මේ "තවමත්"කියන වචනය ඉතා වැදගත්.මමත් හිතනවා මේ ආණ්ඩුව තවමත් අර මර පාලනයට වඩා එක දශමයක් හරි හොඳ බව.නමුත් "යහපාලනය"ගැන අපේ බලාපොරොත්තු එන්න එන්න වියකෙන බව කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම බලාපොරොත්තු තියා ගත්තෙ ඇයි? තිබුන එකට වඩා පොඩ්ඩක් හොඳ වුනාම ලංකාවට වගේ රටකට ඉහටත් උඩින් කියන එක හිතුවනම් දුකක් නෑනෙ

      Delete
  9. ඒ ටෝටල් එකෙන්නෙ. ඒකෙ ආරම්භයට සාපේක්ෂව මේකෙ ආරම්භය විග්‍රහ කලොත්?

    ReplyDelete
  10. මට මේ නිකම් හිතුන දෙයක් ලියන්නේ..
    නාවික හමුදාවෙන් කලා නම් ඔයිට වඩා සල්ලි ආණ්ඩුවට ලැබිය හැකිව තිබුනා හෝ නොතිබුනා හෝ එක අමතක කරල බැලුවොත් හිනාත් යන දේ තමයි ඉස්සර ආණ්ඩුවෙන් කරපු ඔක්කොම වගේ දේවල් සල්ලි වියදම් හෝ නාස්ති කරන ඒවා, ඇවොන්ගාර්ඩ් විතරයි ආණ්ඩුවට සල්ලි ලැබෙන දේකට කලේ. ඒකත් රැකට් එකක් වගේ පෙනෙන දෙයක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා