පැරිසිය සම්බන්ධයෙන් අපගේ වගකීම

පැරිසියේ සිදු වූ සංකේතාත්මක වශයෙන් ඉතා වැදගත් සමූහ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ කවුරු ද?

ඍජුව වගකිව යුතු පුද්ගලයන්, සංවිධාන හා සමාජ කණ්ඩායම් හෙළිදරව් වනු ඇත. එහෙත්, වගකිව යුත්තේ ඔවුන් පමණක් ම ද? 

නැත. අපි සියලු දෙනා ම පාහේ අඩු වැඩි වශයෙන් මෙවැනි සියලු සිදුවීම්වලට වගකිවයුතු ය.

හදවතට තට්ටු කර බලන්න. ඔබත් කිසියම් දිනෙක, තමන් සෙස්සන්ට වඩා උසස් යයි සිතන කිසියම් අන්තවාදයක් ප්‍රවර්ධනය කර නැද්ද? එය ලිංගික, ආගමික, ජාතික, කුල, පාසල්, මතවාදී ආදී කුමන හෝ ස්වරූපයක් විය හැකි ය. 

සෑම ආකාරයක ම වර්ගවාදයන්, වර්ගවාදීන් හා ත්‍රස්තවාදීන් රාජ්‍ය ත්‍රස්තවාදය ද සමග පිටුදැකිය යුතු ය. 

ලිංගික, ජාතික, ආගමික, ගෝත්‍රික, කුල, ආර්ථික, මතවාදී ආදී ස්වෝත්තමවාදයන් කිසිවක් දිරි ගැන්විය යුතු නැත. 

සුළුතරයන් ගැන සමාජ සංවේදිත්වය වර්ධනය කර ගත යුතු ය. අසාධාරණයට ලක් වන සුළුතරයන් වෙනුවෙන් අරගල කළ යුතු ය. එහෙත්, සුළුතර ස්වෝත්තමවාදයන් ද බහුතර ස්වෝත්තමවාදයන් හෙළා දකින ආකාරයට ම හෙළා දැකිය යුතු ය.

පැරිසියේ මෙන් ම, අන්තවාදයේ ගොදුරු බවට පත් වී සිටින ලෝකයේ සැම තැන ම ජනයා වෙනුවෙන් ශෝක වීමට මේ අවස්ථාව නිමිති කර ගනිමු. 

අන්තවාදයන්ගෙන් මිදෙන ශීලයක් සමාදන් වෙමු. 

නිදහස් චින්තනය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා මානුෂිකත්වය අගයමු.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ගෝත්‍රික ක්‍රමයට සමාජය පටන්ගත්ත අපිට එකෙන් මිදෙන්න සෑහෙන අපහසුයි නේද ?

    ReplyDelete
  2. තමන්ගේ "එක/ කෙනා/ කොටහ/ තැන" අනුන්ගේ "එකට/ කොටහට/ තැනට/ එකාට" වඩා හොදයි, උසස් කියල හිතන එක මනුශ්‍ය ස්වභාවය පැරා... එහෙම හිතන එක නවත්වන්න නම් කවදාවත් බැරිවෙයි...
    හැබැයි අනුන්ගේ දෙයටත් තමන්ගේ දෙයට වගේම සමාන අයිතීන්,දැනීම් තිබෙන බව බවත්, තමන්ගේ සතුට වෙනුවෙන් අනුන්ගේ දෙයට හානිකල නොහැකි බවත් ඉගැන්වීමයි කලයුත්තේ..

    ReplyDelete
  3. සිංහල බෞද්ධයා පරම පිවිතුරුයි තමා. අපේ ගුණ ධර්ම වෙන කවුරු ලඟවත් නෑ. මේවා මම කියන දේවල් නෙවෙයි, අති උත්තම ධර්මපාල උත්තමයන් වහන්සේ කියපු දේවල්. මේ අති පුණ්‍ය දේශයේ ඉපදෙන්න පින් කරලා තියෙන්න ඕන යකෝ.

    ReplyDelete
  4. සුලු තරයට අරගල කරන් කලින් එක්කොම එක මිනිස්සු කියල පිලි අරන් හිටපන් බන්....

    ReplyDelete
  5. මේ සිදුවීම්වල ට ලේ බොන රාජපක්ෂ ද්‍රකියුලා සහ ඇවන්ගාඩ් සම්බන්ධයක් ඇතැයි රාවයක් යයි

    ReplyDelete
  6. ප්‍රංශයට මුස්ලිම් උප ජානාධිපතිවරයකු පත්කල යුතුයි. ප්‍රංශ ජාතික ගීය අරාබි බසින්ද ගැයීමට ඉඩ දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනේ වැරදුනා,
      එල්ටීටීඊ සංවිධානය පීඩිත ජාතීන්ගේ ජාතිකවාදී සංවිධානයක් නමුත් මුස්ලිම් සටන්කාමී සංවිධාන ජාත්‍යන්තරවාදී සංවිධාන. එමනිසා එල්ටීටීඊ සංවිධානය සමඟ යුද්ධ කිරීම වැරදියි. නමුත් සමාජවාදී නොවන ජාත්‍යන්තරවාදී අරමුනු වෙනුවෙන් සංවිධාන පිහිටුවීම තහනම්. ඒවා විනාශ කල යුතුයි. එහෙම තමයි මාක්ස් කියලා තියෙන්නේ.

      Delete
  7. පැරා කියන දේ හරි වුනත් ලෝකෙ යන විදිහට යන්න වෙලා නේද... නැත්තං.. දැනටමත් අපි පරක්කු වැඩියි.. කේජු කෑල්ලේ සීන් එක බං. එහෙං ලොකුයි කිව්වාම කපුටා කෑල්ලක් කනවා. මෙහෙං ලොකුයි කිව්වාම තව කෑල්ලක් කනවා. බයියොයි ටොයියොයි කියලා බෙදිලා බෙදිලා අන්තිමට සිංහල කියන එක නැත්තටම නැති වෙනවා.

    විකිපීඩියාව කවුද හැක් කරලා අන්න බලාපං ගිහිං ශ්‍රී ලංකාවේ ජාතීන් කියලා දාලා තියෙන්නේ ටොයියොයි බයියොයි මුස්ලිම් දෙමල මැලේ බර්ගර් සහ වෙනත් කියලා....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා