අජිත් සජිත් වී සජිත් අජිත් වීම

අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ මන්ත්‍රීවරුන්ට ගිනි අවි පුහුණුවක් ලබා දීම ඉතා හොඳ දෙයක් බවයි. 

එහෙත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබා තිබියදී තව මොන ගිනි අවි පුහුණුවක්දැයි සජිත් ප්‍රේමදාස අසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුහුණු කරන්නට වෙන දේවල් නැද්දැයි ද ඔහු අසයි. 

මම මෙතෙක් සිතා සිටි විදියට නම් මෙවැනි අදහස් තිබිය යුත්තේ අජිත් පී. පෙරේරාට ය. සජිත් ප්‍රේමදාසට නො වේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙන නිසා ඔවුන්ට ගිනි අවි පුහුණුවක් ද දිය යුතු බව ඇත්ත ය. පසුගිය කාලයේ සුමනදාස අබේගුණවර්ධන මව්බිම පුවත්පතට කර තිබූ ප්‍රකාශයක් අනුව, අතීතයේ දිනෙක එස්.බී. දිසානායකගේ අත්වැරැද්දකින් ඔහුගේ බිරියට වෙඩි නො වැදී බේරී ඇත්තේ අනූනමයෙනි. 

එහෙත්, අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුළ තිබිය යුත්තේ ගිනි අවි ප්‍රතික්ෂේප කරන්නට අවශ්‍ය ආත්ම ශක්තියයි. සජිත්ට එය තිබේ. අපි එය අගය කරමු. අජිත්ට එය නැත. අපි කණගාටු වෙමු. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වෙනත් පුහුණු වීම් රැසක් තිබේ. ඒ ගැන ඔබත් අදහස් දක්වන්න. 

තුවක්කු සංස්කෘතිය පිළිබඳ හොඳ සංවාදයකට පදනම නිලේන්ද්‍ර දේශප්‍රියගේ තණ්හා රතී රඟා චිත්‍රපටයෙහි තිබිණි. අවාසනාවකට ප්‍රසන්න විතානගේගේ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය ගැන තරම් මේ චිත්‍රපටය ගැන සමාජ සංවාදයක් ඇති වූයේ නැත. 

තන්හා රතී රඟා: පීඩිතයන්ට සන්නද්ධ අරගලය ඔස්සේ විමුක්තිය සලස්වා ගත හැකි ද?



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ත්‍රස්තවාදය ඉවර කරයි කියල බෑඟිරි ගල ඉවරවෙලා දැන් මොකටද ආවුද ඉල්ලන්නෙ.. තමුන්ට චන්දය දුන් අහින්සක මිනිසුන්ට උන්ගෙ ඉල්ලීම් වලට උත්තර දෙන්නද...

    ReplyDelete
  2. සියල්ල දන්නේ තමන්ය තමන් තමයි මේ රටට මග පෙන්වන්න ඉන්න මහා දාර්ශනිකයා කියන සිතිවිල්ලෙන් මිදන හැටි වයසක අයටයි පරිනතය කියාගන්නා අයටයි ආධුනික අයටයි ඔක්කොටම කියා දෙන්න වැඩ මුළුවකට අරන් මොළ සෝදන්න පුළුවන් නම්

    ReplyDelete
  3. මම දන්නා පරිදි ලංකාවේ සල්ලි තියෙන මනුස්සයෙකුට ආයුධයක් තබා ගැනීම සදහා බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාවක් ඇත. සෑම පොලිස් නිලධාරියකුටම නිවරදි එල්ලයට වෙඩි තැබිය හැකි වුවද නැතද කියා සැලකීමට ලක් නොකර ආයුධයක් ලබා දී ඇත. හමුදා, පෞද්ගලික ආරක්ෂක අංශ ආදී බොහෝ දෙනකුට ආයුධ තබා ගැනීමට ඇති අයිතිය පිලිබදව සාකච්ජාවකට ලක් නොකර මන්ත්‍රිවරුන්ට ආයුධයක් ලබා දීම පිලිබදව සාකච්ජාකර ඇත.

    ඉහත සියලුම මිනිසුන් අතට ආයුධයක් ලබාදී තිබෙන්නේ මිනිසුන් බිය කිරීම සදහාය අවශ්‍ය අවස්ථාවකදි අවම බලය හෝ අාත්ම ආරක්ෂාව හෝ වෙන ඕනැම මගුලක් නිසා මිනිසුන් මරා දැමිමට එම මිනිසුන්ට බලය ලබාදී ඇත.

    ඔවුන්ට ආරක්ෂාවීමට ආයුධයක් අත දැරීමට අයිතියක් තිබෙනම් එය සාමන්‍ය ජනතාවටද ලබාදිය යුතුය. නැතහොත් සියල්ලන් අත ආයුධයක් නැති, ආයුධයක් අවශ්‍ය නොවන සමාජයක් සකස්කල යුතුව ඇත. මේ ක්‍රියාමාර්ග දෙකෙන් තොරව මන්ත්‍රිවරුන්ට ආයුධ ලබාදීම පිලිබදව සාකච්ජාකර පලක් නැත.

    බලපත්‍ර සහිත ආයුධ ලබා දුන්නද නැතද ඔවුන් කරමින් සිටිනුයේ ජනතාව පිඩාවට පත් කිරීම සදහා උදවු කිරිමය. ඒ සදහා අවශ්‍ය නීතී සකස්කර දීමය අප විරුද්ධ විය යුත්තේ ඔවුන් විසින් ජනතාව පිඩාවට පත්කිරීම සදහා සිදු කරමින් සිටින ක්‍රියාකලාපයන්ටය. ආර්ථිකය සංවර්ධනය කිරීම, මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, අධ්‍යපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, වැනි ක්ෂ්‍රේත්‍ර පිලිබදව ඔවුන් කිසිවක් නොකර සිටිම පිලිබදව ඔවුන් විරුද්ධව ජනතාව සංවිධානය කල යුතුය. එය සිදුකල යුත්තේ කෙලෙසද යන්න ජනතාව විසින්ම විසදිය යුතුව ඇත.

    ReplyDelete
  4. අජිත් සජිත් වෙලාය කියලා සමහරු දැන් කාලෙක ඉඳලා කියනවා නේද? ඒ අජිත් පැරකුම් ගැනයි.

    ReplyDelete
  5. //අතීතයේ දිනෙක එස්.බී. දිසානායකගේ අත්වැරැද්දකින් ඔහුගේ බිරියට වෙඩි නො වැදී බේරී ඇත්තේ අනූනමයෙනි. //

    ඔන්න දැන් නේ මේ මන්ත්‍රීලට පිස්තෝල පුහුණුවේ යහපාලන ලොජික් එක තේරුං ගියේ, මන්ත්‍රී බිරින්දෑලා ගෙන් බොහොම බවලත් ඉල්ලීමක් එන්න ඇති, බීලා ඕක වනනකොට විය හැකි විපත්තීගෙන් උන්දැලා ගලවාගන්න කියලා. ඔයි ඉහල නම සඳහන් තුමාගේ, බියර්ම බීල සියදිවි නහගත්තු මලය එයාගෙ නෝනව මරන්න ඕක වන වන ඉස්කොල අස්සෙත් රිංගුවනේ. පස්සෙන් නේපාලයේ රාජාන්ඩු පාලනය අහවර වුනෙත් රජ කුමාරය කුඩු ගහල වනපු වැනිල්ලකින්නේ.

    මේ පිස්තෝල පුහුණුව මැති ඇමති වරුන්ට විතරක් නොවේ, එතුමන්ලාගේ කුමාර (කුමාරියන්ට) ත් ලබා දුන්නොතින් පාරෙ තොටේ යන එන, ඊ්ළඟ ඡන්දෙටත් ඡන්දෙ දාන්න හිතාන ඉන්න අපේ ආරස්සාවට හොඳයි.

    ReplyDelete
  6. සජිත් කිව්ව කතා වලින් අනුමත කරන්න පුළුවන් එකම කතාව මේ ගිනිඅවි ප්‍රතික්ෂේප කිරීමේ කතාව විතරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා