කුමාර් ගුනරත්නම්ට නැවත ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා දෙනු

ප්‍රේමකුමාර් ගුනරත්නම් අත්අඩංගුවට ගත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආණ්ඩුවට එරෙහිව ශිෂ්‍ය හා වෙනත් අරගල ඇවිලවීමෙන් පසුව බව පැහැදිලි ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර පහළ මධ්‍යම පංතික ජනතාව අතරේ බලය පිහිටුවා ගැනීම සඳහා ඇති වී තිබෛන අරගලය නිසා කුමාර්ගේ අත්අඩංගුවට ගැනීම පිටුපස ජවිපෙ සිටින බවක් මතු කරන්නට ද ඇතැමෙක් උත්සාහ කරති.

කෙසේ වෙතත්, පසුගිය ජනවාරි 01දා ලංකාවට පැමිණීමෙන් පසු පුරා මාස නවයකට වඩා කාලයක් වීසා නොමැතිව ලංකාවේ සිටින්නට ඉඩ දුන් ඕස්ට්‍රේලියානු පුරවැසි කුමාර් ගුනරත්නම් හිටි හැටියේ අත්අඩංගුවට ගැනීම දේශපාලන අරමුණකින් යුතුව කළ දෙයක් බව පැහැදිලි ය.

කුමාර්ට ලංකාවට එන්නට මහින්දගේ ආණ්ඩුවෙන් වීසා ලැබුණේ ද ජවිපෙට හා මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එරෙහිව ඔහු පාවිච්චි කිරීමට බව සිතිය හැකි ය.

ටික දිනකට ඉහතදී විමල් වීරවංශ ද පාස්පෝට් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූයේ ය. ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් ලබාගැනීම හා තත් කාලයේ වලංගුව පවත්නා විදේශ ගමන් බලපත‍්‍ර එකකට වැඩි සංඛ්‍යාවක් භාවිත කිරීම සම්බන්ධයෙන් ආගමනික හා විගමනික පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ද ඔහු චෝදනාවට ලක් වී තිබේ. ඔහු සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍ර‍මසිංහ විශේෂ මැදිහත් වීමක් කළේ ය.

කුමාර් ගුනරත්නම් චෝදනාවට ලක් වන්නේ වීසා කාලය ඉක්මවා රට තුළ රැඳී සිටි විදේශිකයකු ලෙසයි.

එහෙත්, කුමාර්ට හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට කියන්නට දෙයක් තිබේ. ඒ වනාහි කුමාර් රටින් බැහැර වුණේ එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයෙන් තර්ජන එල්ල වූ නිසා බැවින් ඔහුට ආපසු එන්නට අවස්ථාව දිය යුතු බවයි. එම යුගයේ සාධාරණ හේතු ඇතිව හෝ නැතිව රටින් බැහැර වූ දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙකුට සංවර්ධිත රටවල් රස වැටී නැවත සිය රටට එන්නට කිසිදු උවමනාවක් නැතිව තිබෙන සංදර්භයක් තුළ කුමාර් ගුනරත්නම් එසේ එන්නට අවශ්‍ය බව කියද්දී එයට සවන් දීම යුකිති සහගත ය.

ඔහුගේ ඉල්ලීම සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඕනෑ තරම් මාර්ග ආණ්ඩුවට තිබේ. විමල් වීරවංශ වෙනුවෙන් කළා සේ විශේෂ මැදිහත්වීමක් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි ය.

කුමාර් ගුනරත්නම්ගේ දේශපාලනය මේ මොහොතේ ආණ්ඩුවට අභියෝගයක් විය හැකි ය. අපි එම දේශපාලනය සමග එකඟ නැතිමුත්, එසේ දේශපාලනය කරන්නට ඔහුට හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඇති අයිතියට ගරු කළ යුතු ය.

කුමාර් ගුනරත්නම්ට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා දිය යුතු ය. එහෙත්, එය ඔහුට පමණක් සීමා නො කළ යුතු ය. ලංකාවට ආපසු එන්නට කැමති, ජීවිත අවදානම හේතුවෙන් විදේශගත වූ සියලු දෙනාට ආපසු සියරට එන්නට කැමති නම් ඒ සඳහා අවස්ථාව දිය යුතු ය. බොරු හේතු මත අත්අඩංගුවට ගැනීම හා රඳවා තැබීම නතර කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අමුවෙන්ම කිව්වොත් ,අතින් අරන් පුකෙන් තියාගන්න ආණ්ඩුව කැමතිවෙයිද අජිත් සෑර්,

    ReplyDelete
  2. යහපාලන ආණ්ඩුව මෙලෙස කටයුතු කරමින් සිටින්නේ තමන්ට විරුද්ධව ජනතාව සංවිධානය කිරීමට උත්සහදරන සමාජ ව්‍යාපාරයන් සහ දේශපාලන බලවේගයන් අඩපන කිරීම සදහාය,

    ලංකාවේ ඉපදි, අවුරුදු 50ක් පමණවන ඔහුගේ ජිවිත කාලයෙන් අවුරුදු 40කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ ජිවත්වු කුමාර් ගුණරත්නම්ට දේශපාලනය කරන බැවින් රටතුල ජිවත්වීමට ඉඩ නොදීම බරපතල ගැටලුවක්ය.

    මා විශ්වාස කරන පරිදි කිසියම් විදේශිකයකු හෝ ලංකාවට පැමිණ ජිවත්වීමට හෝ දේශපාලනය කිරීමට ඉල්ලා සිටින්නේනම් එම පුද්ගලයාට ඒ සදහා අයිතිය ලබා දිය යුතුය.

    තවද ලංකාවේ පුරවැසිභාවය ලබාගත් ඕනතරම් විදේශිකයින් පිරිසක් සිටියදි ලංකාවේ ඉපදුන පුද්ගලයකුට නැවත ලංකාවේ පුරවැසිකම ලබාදීම ගැටලුවක් වන්නේ ඇයි?

    මෙය නිතිමය ප්‍රශ්නයක් නොවනබව ඕනැවටත් වඩා පැහැදිලිය.

    ReplyDelete
  3. මේ අමාවක බ්ලොග් අඩවියේ මා පලකල කමෙන්ටුවක්.මෙතැනටත් එය අදාල නිසා උපුටා දක්වන්නම්.

    කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන භාවිතාව නිසා තමයි රට හැර යන්න වෙන්නේ.නැතුව සැප ගන්න කියලා නෙමේනේ ඔහු වෙනත් රටක රැකවරණය ලබන්නේ.ඔහුට මේ රටේ දේශපාලනය කිරීමට තිබෙන අයිතිය පිළිගතයුතුයි.

    මම පෙරටුගාමියෙක් නොවුනත් ඔහුට මේ රටේ දේශපාලනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා.මේ විදියේ මෝඩ ක්‍රියාවන් තුලින් ආණ්ඩුව නා ගන්නවා වගේම කුමාර්ලාට හොඳ ප්‍රචාරයක්ද නොමිලේම ලබා දෙනවා.

    ReplyDelete
  4. එහෙන්ම... හොරෙන් හැංගිලා ඉන්න ඕන නෑ.. මූ ලක් මවගේ දරුවෙක්..

    කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ලබා දෙනු...

    ReplyDelete
  5. පුරවැසිභාවය ඉල්ලලා ඒක ලබාදීම ප්‍රතික්ෂේප කරලද ? නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඉල්ලලද නැද්ද කියලනම් දන්නේ නැහැ හැබැයි උසාවිනම් ගියා මොන මොනවටද

      මම දන්න තරමටනම් වෙන නමකින් තමයි ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අරගෙන තියෙන්නේ ඒ නිසා කුමාර ගුණරත්නම් කියල කෙනෙක්ට ලංකාවේ පුරවැසිකම ඇති (ඒක නැතිවෙන්නේ ඒ නමින් ඉන්න පුද්ගලය වෙන රටක ගිහිල්ල පුරවැසිකම ගත්තොත්නේ) එනිසා කුමාර් ගුණරත්නම් කියන නමට පුරවැසිකම ඉල්ලන්න ඕනද දන්නේ නැහැ

      අනිත් නමටනම් ලංකාවේ (නොයෙල් මුදලි) පුරවැසිකම ඉල්ලන්න ඕන ඇති.

      මම නීතීය දන්නේ නැත.

      හැබැයි ප්‍රශ්නේ පුරවැසිභාවය හෝ ලංකාවේ ඉන්න හෝ දෙන්නේ නැත්තේ දේශපාලනය නිසා

      Delete
  6. ඉල්ලලා නැහැ.

    ReplyDelete
  7. කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාව තුළ දේශපාලනය කිරීමේ අයිතිය තිබේ. එය නීත්‍යානුකූල කරන ලෙස ආණ්ඩුවට බල කළ යුතුය. ඔහුගේ දේශපාලනයට එකඟ වෙනවාද නැද්ද යන්න අදාළ නැති කතාවකි.
    ඒත් ඉල්ලා නැත්නම් දෙන්නෙ කොහොමද? ඒකත් ප්‍රශ්නයක්.
    ලංකාවේ පුරවැසි භාවය හිමි විදේශිකයන් විශාල සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් ජන්මයෙන් ශ්‍රී ලාංකිකයන් නොවන බවත් පැහැදිළි කරුණකි.

    ReplyDelete
  8. අජිත් පැරකුම්ලා වාගේ ලොකුවට දන්නේ නැති නිසයි අහන්නේ...

    විමල් වෙනුවෙන් ආණ්ඩුව කඩේ ගිය එක හරිද ...

    එක වරදක් කරපු නිසා දිගටම වැරදි කරන්න ඕනද ..

    ආගමන විගමන වැරදි කරන ඔක්කොම අයට දඬුවම් නොකර ඉන්න ඕනද...

    එහෙම නැතිනම් දේශපාලනය කරන අයට විතරක් ආගමන විගමන නීති බල

    නොපාන බවට විශේෂ පනතක් සම්මත කරන එක හොඳා නේද..

    වෙන්ඩ ලෙනින් අලි පුකෙන් ආව එකෙක්ද...

    ලංකාවේ නීතිය හැම එකාටම එක සමාන වෙන්ඩ ඕනා කියලා ලියන එවුන් පිස්සොද..

    එහෙමත් නැතිනම් අජිත් පැරකුම් ලාට ඕනා උනාම කබරගොයිත් තලගොයි වෙනවාද...

    අවසාන වශයෙන් සීතාම්බර පට සළුවක් ඇඳන් කෑගල්ල ටවුම පැත්තේ පොඩි වටයක්

    ගියානම් ඔයිට වඩා හොඳ නැද්ද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා