උදුල් ප්‍රේමරත්න, රාජ්‍ය නොවන සංවිධාන හා නෙත් බැලුම්ගල

මිනිස්සු හොඳ වැඩ කිරීමට සහජයෙන් ම කැමති ය. එය මිනිස් ගතියයි. එහෙත්, මිනිසා තුළ ම වනචාරී තිරිසනා ද ජීවත් වෙයි. යහපත් පරිසරයන්හිදී මිනිසා ද අයහපත් පරිසරයන්හිදී තිරිසනා ද මතු වෙයි.

ධනවාදයේ පදනම ලාභයයි. ලාභය සඳහා පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කෙරේ. පරිභෝජනය නරක දෙයක් නො වේ. එහෙත්, පාරිභෝජනවාදය ප්‍රතිගාමී ය. එමගින් පරිභෝජනය අවශ්‍යතා වෙනුවෙන් නොව පරිභෝජනය වෙනුවෙන් ම කළ යුතු යයි ප්‍රවර්ධනය කෙරේ. උන්නතිකාමය ද පාරිභෝජනවාදය සමග අත්වැල් බැඳගෙන යන්නකි.

ලාංකීය ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන පරමාදර්ශී මිනිසා වනාහි කුඩු විකුණා හෝ මහජන මුදල් ගසා කා හෝ සාධාරණ ක්‍රමයකින් හෝ ධනය රැස් කළ, දැසි දැස්සන් පිරිවරාගෙන තට්ටු ගණන් උස මහ මන්දිරවල ජීවත් වන, අධි සුඛෝපභෝගී යාන වාහනවල එහා මෙහා යන, සංදර්ශනාත්මක මිනිසෙකි.

පොදු සමාජය සිතන්නේ ජීවිතයේ අරමුණ එවැනි තත්වයකට යාම ය කියා ය. අධ්‍යාපනය, රැකියා, දේශපාලනය ආදී සියලු කටයුතු නාභිගත කර තිබෙන්නේ එකී අරමුණ වෙනුවෙනි.

කවුරුන් හෝ සමාජයට වැඩදායී දෙයක් කරනු දකින විට පොදු සමාජය සාමාන්‍යයෙන් සිතන්නේ එසේ කරන්නේ කුමක් හෝ යටි අරමුණක් ඇතිව ය කියා ය.

කොටින් ම මා මේ බ්ලොගය ලියන්නේත් ඩොලර්වලට ය කියා කියන අය සිටිති. වැඩේ කියන්නේ මං ඒ ඩොලර් ගන්න කැමති බව කීවත් දෙන්න කෙනෙක් නැත.

පසුගිය දවස්වල අපේ පෙරටුගාමී විප්ලවවාදීන් සොයා ගත් කාරණයක් වුණේ මා වැඩ කරන්නේ ආණ්ඩුවෙන් තනතුරක් ගන්නට ය කියා ය. වැඩේ කියන්නේ මට ඕනෑ වුණත් මට එහෙම දෙයක් දෙන්නට තරම් උන්ට මාව විශ්වාස නැත.

පාලකයන්ට, විප්ලවවාදීන්ට මාව විශ්වාස කරන්නට බැරිකමේ කීර්තිය මා උපයා ගත්තේ මේ බ්ලොග් ලිවිල්ලෙන් ම ය.

මගේ අත්දැකීම ගැන මා කීවේ උදුල් ප්‍රේමරත්න ගැන කතා කරන්නට පිවිසෙන්නට ය.

උදුල් වැලිකඩ ඝාතනය හෙළිදරව් කිරීම, බට්ටිට පහර දීම හා කොණ්ඩයා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හිංසනයට ලක් කිරීම පිළිබඳ පෙනී සිටින විට ඔහු එසේ කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන මුදල් වෙනුවෙන් යයි ඇතැමෙක් කී හ. එසේ කී අය අතර ප්‍රධාන පාර්ශ්වයක් වන්නේ මේ අපරාධවලට වගකිව යුත්තෝ ය. ඔවුන්ගේ සට්ටැඹියෝ ය. පහත පළ කර තිබෙන හඬ පටයේදී උදුල් අන්දන්නට හදන නෙත් එෆ්.එම්. බැලුම්ගලේ බබා ද කරන්නේ එය ම ය.



රාජ්‍ය නොවන සංවිධාන යනු මුළුමනින් ම නිශේධාත්මක පාර්ශ්වයක් නො වේ. රාජ්‍ය නොවන සංවිධාන යනු සමාජ වැඩ සඳහා විධිමත් යාන්ත්‍රණයකි. යහපත් සමාජ අරමුණු වෙනුවෙන් මුදල් වැය කරන්නට කැමති මිනිසුන්ට ඒ සඳහා අවස්ථාව ද, වෘත්තීය මට්ටමෙන් සමාජ වැඩවල යෙදෙන්නට කැමති අයට ඒ සඳහා අවස්ථාව ද රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබේ.

රාජ්‍ය නොවන සංවිධාන ද ධනවාදී පාරිභෝජනවාදී රැල්ලේ තවත් ගොදුරකි. සමාජ වැඩ වෙනුවට ධනය ඉපැයීම හා පාරිභෝජනවාදය රාජ්‍ය නොවන සංවිධානවල මූලික අරමුණ කර ගැනීම එයට හේතුවයි.

යහපත් චේතනා සහිතව රාජ්‍ය නොවන සංවිධාන සමග එකතු වන හොඳ මිනිසුන් සමාජ ප්‍රශ්න විකුණන තැරැව්කාරයන් බවට පත් කිරීමේ හැකියාව වත්මන් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යූහයට තිබේ.

බොහෝ හොඳ මිනිස්සු රාජ්‍ය නොවන සංවිධාන ව්‍යූහය තුළ කුණු වී යන ආකාරය මම දැක ඇත්තෙමි. එය ඇත්තෙන් ම කණගාටුදායක ය.

එහෙත්, අනිවාර්යයෙන් ම එහෙම විය යුතු නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. තිත්ත ඇත්ත ඒකය. ඩොලර් එකට රුපියල් 100ට වඩා ගෙවන බැවිනි. දිනෙක අපි මෙය ජයගනු ඇත.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හිතාපල්ලා කියන පණවුඩය ඉතා ප්‍රභලව ගෙන එන කදිම වියමක් පැරා ස්තුතියි ඔබට

    ReplyDelete
  4. පාරිභෝජනවාදය ප්‍රතිගාමී ය. එමගින් පරිභෝජනය අවශ්‍යතා වෙනුවෙන් නොව පරිභෝජනය වෙනුවෙන් ම කළ යුතු යයි ප්‍රවර්ධනය කෙරේ. //
    ඔන්න පැරා වැරද්දාගෙන තියෙන තැන.. වම්මු හුගකට ඇඩ්‍රස් නැතිවෙන්නෙ එතැනදී... මොකද ඔය 'අවශ්‍යතා වෙනුවෙන් කෙරෙන පරිභෝජනය හා පරිභෝජනය වෙනුවෙන්ම කෙරෙන පරිභෝජනය' අතර ඉර අදින්න කාටවත් බෑ.උදාහරනයකට පුෂ් බයිසිකලයක් පදින මිනිහෙකුට මරුටිය විකුනල ඇල්ටෝ එකක් ගත්ත පැරාව පරිභෝජනවාදියෙක් විදිහට පේන්න පුලුවන්. මොකද ඒ මිනිසාගේ අවශ්‍යතා වන බස්වල දුක්විදීමෙන් තොරව ගමන් කිරීමේ අවශ්‍යතාවය මරුටියෙනුත් ඉටුවෙලා ඉවරයි.. ඒවගේම BMW එකක් තියාගෙන තවත් BMW එකක් මිලදීගන්නා කෙනා පැරාට අනුව පරිභෝජනවාදියෙක්.. ඒත් ඔහුට ඒ සදහා පැරාට නැති 'අවශ්‍යතාවයන්' තිබිය හැකියි.. (උදා. බිරිදටත් වාහනයක් අවශ්‍යවීම, වැඩි සැපපහසුව වගේ )
    ඒනිසා එක්කෝ මිනිසාට මූලික අවශ්‍යතාවයන් (ආහාර, වස්ත්‍ර, නිවාස වැනි ) පමනක් සපයාගෙන ඉන්න කියන්න ඔනෑ, නැතිනම් එතැනින් එහාට ඔනෑම පරිභෝජනයක් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් තමා...

    ලෝකයේ විව්‍යසායන් සියල්ලම වගේ දියුනු වෙලා තියෙන්නේ පරිභෝජනවාදය නිසා තමා... ඇමරිකාවේ, යුරෝපයේ පමනක් නොවේ ජපානයේ, චීනයේ, කොරියාවේ ආර්තික දියුනුවත් ලෝක පරිභෝජනවාදයේ ප්‍රථිඵල තමා..
    ඔබ රෂ්මි බන්සල් ගේ "Stay hungry Stay foolish" පොත කියෙව්වොත් ඉන්දියානුවන්ගේ පරිභෝජනවාදය නිසා ඒරටේ විව්‍යසාය කොතරම් දියුනුවෙලා තියෙනවද කියා තේරෙයි..
    වෙනකක් තබා ලන්කාවෙන් මහල යවන ඇදුම් යුරෝපයේ මිනිස්සු අදින්නෙත් ඔවුන් පරිභෝජනවාදියො නිසා.. නැතිනම් 18 වැනි සියවසේ වගේ කපු රෙද්දෙනුයි සත්ව හම්වලිනුයි හදාපු ඇදුම් ඇදගෙන ඉන්න තිබුනනේ.. ඒවයිනුත් විලිවැසීමේ 'අවශ්‍යතාවය' ඉටුවෙනවනේ..

    ලිපියේ අනෙක් කරුනුවලට එකගයි...

    ReplyDelete
    Replies
    1. පාරිභෝජනවාදයේ සීමාව ලකුණු කරන්න බැරි බව මම පිළිගන්නවා. එය ඒ, ඒ තත්වයන් මත තීරණය වෙනවා. උදාහරණයක් ලෙස දියවැඩියාව වැනි රෝග තත්වයක් මත ආහාර පාරිභෝජනය සීමා කරන්නට සිදු වෙනවා. මිහිතලය උණුසුම් වීම පිළිබඳ සංවේදී වන්නට සමාජය පොළඹවන්නට පුළුවන් නම් ඒකත් දියවැඩියාව ගැන පෞද්ගලිකව කෙනෙක් සංවේදී වෙනවා වගේ ම දෙයක්.

      පාරිභෝජනවාදය හා භාණ්ඩ වන්දනාව අතරත් සීමාව ලකුණු කරන්නට අමාරුයි. කොහොම වුණත් මේවා දිරි ගන්වන මතවාද සමාජයේ එමටයි. ඒ නිසා එය අධෛර්යය කරන මතවාද නැතිනම් සමාජයේ තුලනයක් ඇති වන්නේ නැහැ.

      Delete
    2. පැරා කියන්නේ ධනවාදය විසින් පරිභෝජනවාදය ප්‍රවර්ධනය කරන බවයි. ඔහු හෝ වෙනත් කෙනෙක් මරුටි හෝ බී එම් පරිභෝජනය කිරීම ධනවාදී ක්‍රමය තුල විග්‍රහ කල යුතු පුදුම දෙයක්ද? පරිභෝජනවාදයට විරුද්ධ පුද්ගලයකු වුවද පද්ධතිය තුලදී එයින් ස්වායක්තව නොපවතී.ධනවාදී පද්ධතිය තුලදී පරිභෝජනය කල යුතු සහ නොකල යුතු නමින් පැහැදිලි ඉරක් ඇදිය නොහැකි වීම යන සන්සිද්ධියම ඔහුගේ ප්‍රකාශය තහවුරු වීමකි. The line is uncertain within the system as no one knows what they want.

      Delete
  5. Udul yantham godagiya wage kiyalayi matanam hithune.. :)

    ReplyDelete
  6. මුන් මොන තරම් ජඩ ආයතනයක්ද? වැරදිලාවත් උදුල් කරන ප්රඩකාශයේ වෙන අදහසක් ගම්යු වුනා නම් උදුල ඉවරයි නේ......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා