ඇමරිකාවට PPE අපනයනයට ලංකාවට දොරටු ඇරෙයි


බඩගින්නේ සිටින මිනිසකුට මාළුවකු අල්ලා දෙනවාට වඩා වටින්නේ බිලී පිත්තක් දීමයි. එවිට ඔහු මාළුවා අල්ලා ගන්නා හැටි ඉගෙන ගනු ඇත. ශ්‍රී ලංකාව කොවිඩ්-19 සමග මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාව හමුවේ ජාත්‍යන්තර මිතුරුකම් මැනිය හැකි එක් ආකාරයක් වන්නේ එම රටවලට අපනයන සිදුකිරීම සඳහා වෙළඳපොළ විවෘත කර දීමයි.

Translations by Creative Content Consultants

එක්සත් ජනපදයට පෞද්ගලික සෞඛ්‍යාරක්ෂක උපකරණ හෙවත් PPE අපනයනය කිරීම සඳහා වෙළඳපොළ විවෘත කරගැනීම පිණිස ඇඟලුම් කර්මාන්තයේ මෙහෙයුම්කරුවන් 100ක පමණ පිරිසක් සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය හෙවත් USAID, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පුහුණුවක් ලබා දී තිබෙනවා. මෙය සංවිධානය කර තිබෙන්නේ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයයි.

එම වෙබිනා මාලාවේදී එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලන රෙගුලාසි සමග අනුගත වීමේ ක්‍රියාවලිය සහ එක්සත් ජනපද වෙළඳපොළට පිවිසීමේ ක්‍රියාවලිය පැහැදිලි කර දී තිබෙනවා.

කොවිඩ්-19 නිසා පෞද්ගලික සෞඛ්‍යාරක්ෂක උපකරණ වෙළඳපොළ පුළුල් වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඉහළ ප්‍රමිතියකින් යුක්ත නිසා එම වෙළඳපොළට පිවිසීමේ හැකියාවත් රටට තිබෙනවා.

එක්සත් ජනපදය තමයි තනි රටක් ලෙස ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් මිල දී ගන්නා රට. එක්සත් ජනපදය තමයි රටක් විදියට ශ්‍රී ලංකාවෙන් වැඩියෙන් ම අපනයන මිල දී ගන්නේ. වසර 2018 වන විට, ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට අවුරුද්දකට ඩොලර් බිලියන 2.7ක වටිනාකමින් යුත් භාණ්ඩ අපනයනය කරනවා. ඒ අතරින් වැඩි ම ප්‍රමාණයක් වන්නේ ඇඟලුම්. මේ අතර එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට අපනයනය කරන භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 373ක් පමණයි. දෙරට අතර වෙළඳ ශේෂය ඩොලර් බිලියන 2.3කට වැඩියි. එහි වාසිය තිබෙන්නේ ශ්‍රී ලංකාවටයි.

ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන හා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන විස්තර මෙම ලිපියේ.

ඇමරිකන්, චීන, ඉන්දියන් ආදර, කුමන්ත්‍රණ කතා පසුපස ඇති වෙළඳාම

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා