Posts

Showing posts with the label ජී.එස්.පී. ප්ලස් බදු සහන

ඇමරිකන් ජී.එස්.පී. තීරු බදු සහනය නැවත ලැබීම හා ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය

Image
ශ්‍රී ලංකාවට නැවත වතාවක් ජී.එස්.පී. තීරු බදු සහනය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. ජනාධිපති බැරැක් ඔබාමා පසුගිය ජුනි 29 දා මේ සම්බන්ධ ලේඛනයට අත්සන් තැබුවේ ය. ඒ අනුව ශ්‍රී ලංකාවට 2017 දෙසැම්බර් 31 දක්වා මෙම සහනය හිමි වේ.   පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වුණු සාකච්ඡාවකදී ජී.එස්.පී. තීරු බදු සහනය ලැබුණු පසු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවායෝජකයෝ එකඟතාව පළ කළ හ. ජී.එස්.පී. හෙවත්   Generalized System of Preferences යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍ය 122කට තීරු බදු රහිතව භාණ්ඩ 5000 ක් එක්සත් ජනපදයට අපනයනය කළ හැකි ය.   එය ශ්‍රී ලංකාවට දැවැන්ත ආර්ථික වාසියකි. මෙම තීරු බදු සහනය 12.5% කි. එය හිමි වීමෙන් ලංකාවට තරගකාරී මිළකට සිය නිෂ්පාදන එක්සත් ජනපද වෙළඳපොළට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.   ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබන ප්‍රධාන නිෂ්පාදනය වන ඇඟලුම්වලට ජී.එස්.පී. අදාළ නො වන හෙයින් එදා ආණ්ඩුව මේ හානිය නො තකා හැරී ය. එහෙත්, එයින් රබර්, ප්ලාස්ටික්, පෝසිලේන්, වීදුරු හා කොහු වැනි අමුද්‍රව්‍ය භාවිතා කරන කර්මාන්ත රැසකට පාඩු සිදු විය...

ඇමරිකාව ලංකාවට බය වී ජී.එස්.පී. ප්ලස් දෙයි (දිවයින මානසිකත්වය පුවත්පතෙන් උපුටා ගත් පුවතක්)

Image
ඇමරිකාව දැන් දුප්පත් වෙමින් තිබේ.  ජනාධිපතිගේ දුරකථනය තැබීමට දුරකථන  සිටගැනීමක් (telephone stand) මිළ දී ගැනීමට පවා ධවල මන්දිරයට මුදල් නැත. කීර්ති පාටකුලසූරිය විසිනි ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා ලංකාවට බිය වී තිබේ. (US President Barak Obama is afraid of Sri Lanka) විශේෂයෙන් ම ලංකාවේ දිවයින ඇතුළු සිංහල පුවත්පත් කියවීමෙන් හා අයි.ටී.එන්. ඇතුළු රූපවාහිනීවලට සවන් දීමෙන් පසු නුදුරු අනාගතයේදී තමන් පරද්දන මේ ශ්‍රී ලංකාව නම් රට සමග ෂේප් එකේ සිටිය යුතු බව බරක් ඔබාමා තීරණය කර තිබේ. (Obama has decided to shape Sri Lanka)  ලංකාවට ජී.එස්.පී. බදු සහන ලබා දීමට ගත් පියවර ලෝකයේ වෙනත් රටවල් 129කට ද වාසියක් (chance) වී ඇක.  ජී.එස්.පී. බදු සහනය අහිමි වීම ලංකාවෙන් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන ඇඟලුම් සඳහා බලපෑවේ නැත. එහෙත්, ලංකාව එරට ටයර් සපයන ප්‍රමුඛයා වී සිටි අතර ජී.එස්.පී. නැති වීම නිසා එම ටයර් වෙළඳපොළ සීයට 28.5කින් වැටිණි.  මෙම ටයර් වෙළඳපොළ අල්ලා ගන්නා ලද්දේ චීනය විසිනි. ඒ නිසා, ඇමරිකාව නැවත ජී.එස්.පී. සහනය දෙන්නට තීරණය කර තිබෙන්නේ චීනයත්, ලංකාවත් කෙටවීම...

අපේ අලුත් සතුරා බැන් කී මූන් | Sri Lanka finds out an enemy in (Ban Ki-)Moon

Image
(2010 ජුලි 07,  W3Lanka )  සතුරා විසින් වට කර ගත්තේ යයි හැ‍ඟෙන කල බොහෝ රුසියානුවන්ට සැබෑ මානසික සහනයක් දැනේ. දේශපාලකයන්ට එය වගකීම්වලින් පළා යාම සඳහා මාර්ගයක් ලෙස පාවිච්චි කළ හැකි ය. ටික කලකට ඉහතදී පුවත්පත් කලාවේදියකු සමග කළ සාකච්ඡාවක් මට සිහිපත් වේ. කියුබාව ඇමරිකානු නාවික හමුදා විසින් වටකිරීමට භාජනය වී සිටි සමයේ කියුබානු කැබිනට් රැස්වීමක‍ට සවන් දුන් මෙම පුවත්පත් කලාවේදියා වාර්තා කළ පරිදි ජනේලයෙන් පිටත ඈත සිතිජයේ එක දිගට නතර කර තිබුණු එක්සත් ජනපද යුද නැව් දෙසට ඇඟිල්ල දිගු කළ ෆිදෙල් කැස්ත්‍රෝ මෙසේ කීවේ ය. "උන් ගියොත් එහෙම අපට මේවා කාඩ්බෝඩ්වලින් හරි හදා ගන්න වෙනවා." -මොස්කව්හි ලෙවාඩා මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂක, සමාජ විද්‍යාඥ ඇලෙක්සේයි ලෙවින්සන් ප්‍රභාකරන් වෙල්ලිමුල්ලිවයික්කාල්හිදී අවසන් සටනින් පැරදුණ දවසේ සිට ලංකාවේ ආණ්ඩුවට සතුරකුගේ පුරප්පාඩුවක් තිබේ.  දෙමළ ඩයස්පෝරාව සතුරා ලෙස පෙන්නන්නට දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත. එකක්, දෙමළ ඩයස්පෝරාවේ රුද්‍රකුමාරන් වැනි නායකයන්ගේ රූපය ම වුව සිංහලයන් තුළ බියක් ඇති කිරීමට තරම් නොවේ. ඩයස්පෝරාවේ සිටින කොටින් යයි කියන සෙසු පූසන් ඡාය...

ජී.එස්.පී විවාදය: බටහිර රටවලට විදේශිකයන් මරන්නට ඇති අයිතිය අපට අපේ මිනිසුන් මරන්නට ද තිබිය යුතු ය | GSP debate: Sri Lanka government too must have the right to kill her people in the same way the West killed Arabs

Image
(2010 ජුලි 02,  W3Lanka )  කුමන්ත්‍රණ ගැන සිතන්නට ලංකාවේ අපි ස්වභාවයෙන් ම ප්‍රිය කරන්නෙමු. අප සිතා ඉන්නේ ලෝකයේ හරි මැද අප ය කියා ය. ඒක හෝ වෙනත් මොකක් හෝ හේතුවක් ද අහේතුවක් ද මොකක්ද මරගාතයක් නිසා මුළු ලෝකය ම අපට විරුද්ධව කුමන්ත්‍රණය කරමින් සිටින බව සිතන්නට අපි කැමැත්තෙමු. මෙම තත්වය කිසියම් පුද්ගලයකුට තිබේ නම්, ඔහු හෝ ඇය වහා මානසික සායනයකට යොමු කරනු ලැබේ. එහෙත්, ජාතියකට මෙම රෝගය වැළඳී ඇති කල කළ යුතු දේ කුමක්ද යන්න තව ම සොයාගෙන නැත. මේ අපේ අනාගත රාජ්‍ය නායකයකු වන්නට සිහින මවන ඇමති මෛත්‍රීපාල සිරිසේන අද දිනමිණට කරන ප්‍රකාශයකි. (අපට සිටි රාජ්‍ය නායකයන් මීට වඩා 'හොඳ' ප්‍රකාශ කර ඇති බැවින් මෙය මොහුට නුසුදුසුකමක් වන්නේ නැත.) "ජී. එස්. පී. ප්ලස් සහනය ඉවත් කිරීමේ ප්‍රයත්නය පිටුපස විශාල කුමන්ත්‍රණයක් තිබෙනවා. එයත් සිදු කරන්නේ මා මීට පෙර සඳහන් කළ බටහිර ඇතැම් රටවල් පමණයි." "අපේ මානව අයිතින් ගැන කතා කරන මේ මහත්වරු ඉරාකයේ , ආෆ්ගනිස්තානයේදී සිදුවන යුද අපරාධ ගැන කතා කරන්නේ නැහැ," යි ද ඔහු කියයි.  මේ නම් අපූරු තර්කයකි. බටහිර රටවලට විදේශිකයන් මරන්නට ඇති අයිතිය අ...

ජනාධිපතිගෙ යුද සමය ගැන කමිටුවට හපා කන්න දත් තිබේලු | Sri Lanka President's Commission on Lessons Learned and Reconciliation has teeth

(2010 මැයි 26,  W3Lanka )  පසුගිය යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ පිළිබඳව සොයා බලන්නැයි එක්සත් ජාතීන්, බටහිර රටවල්, මානව හිමිකම් සංවිධාන හා දෙමළ විදෙස්ගත ප්‍රජාව වෙතින් එල්ල වන පීඩනය හමුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා පත් කරන ලද 'ඉගෙන ගත් පාඩම් හා එකඟතාව ඇති කර ගැනීම පිළිබඳ කමිටුවට' කලින් පත් කරන ලද කමිටුවලට මෙන් නොව හපා කන්නට දත් ඇති බව ද තනි තනි පුද්ගලයන් පවා වැරදිකරුවන් කිරීමේ බලය එහි වරමෙහි අඩංගු බව ද විදේශ කටයුතු ඇමති ජී.එල්. පීරිස් නිව්යෝක්හිදී ජනමාධ්‍යවලට පවසා තිබේ.  Peiris dismissed charges that past Sri Lankan commissions of inquiry had achieved little. "Of course it has teeth," he said of the new commission, saying its mandate gave it power to determine whether individuals should be held responsible. ලංකාවේ මානව හිමිකම් වාර්තාව ප්‍රශ්න කරමින් සිටින බටහිර රටවල් ෂේප් කර ගැනීම සඳහා ඇමති ජී.එල්. පීරිස් මේ දිනවල යුරෝපා, ඇමරිකා සංචාරයක නියැලී සිටියි. ඔහු 2002 කොටි සංවිධානය සමග අත්සන් කරන ලද සාම ගිවිසුමේ ඉංජිනේරුවකු වන අත...

ජී.එස්.පී. ප්ලස් රැක ගන්න ආණ්ඩුවට තවත් අවස්ථාවක්: හැබැයි මානව හිමිකම් තත්වය නැංවුවොත් පමණයි

Image
(2010 පෙබරවාරි 16- W3Lanka )   පුහු ආඩම්බරකම් පෙන්වන්නට ගොස් දසලක්ෂයක් පවුල්වල ජීවනෝපාය හා සම්බන්ධ ඇඟලුම් කර්මාන්තය අනතුරේ හෙළමින් යුරෝපා සංගමයෙන් ලැබෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි කර ගන්නවා වෙනුවට රටේ මානව හිමිකම් තත්වය නංවා ගතහොත් එම සහනය අහිමි වීම වළක්වා ගැනීමේ අවස්ථාවක් ලංකාවේ රජයට තවමත් තිබේ.  මේ සඳහා මාස හයක කාල සීමාවක් ලබා දී ඇති අතර යුරෝපා සංගමයේ අධ්‍යයන මගින් හඳුනාගෙන තිබෙන මානව හිමිකම් අඩුපාඩු ඉක්මණින් නිවැරදි කර ගැනීමට ලංකාව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව යුරෝපා සංගමයේ වෙළඳ කොමසාරිස් කැරෙල් ඩි ගුච්ට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  ජී.එස්.පී. ප්ලස් ඔස්සේ ලැබෙන බදු සහන නිසා ලංකාව වසරකට ඩොලර් මිලියන 150ක පමණ ආදායමක් ලබන බව තක්සේරු කර තිබේ. මෙය සුළු ගණනකැයි උදම් අනන ලංකාවේ දේශපාලකයන්ට මෙම සහනය අහිමි වුවහොත් ඇති වන වෙළඳ තරගකාරිත්වය කර්මාන්තයට අහිතකර අන්දමින් බලපාන අන්දම පිළිබඳ අවබෝධයක් නැත. එසේ වුවහොත්, රටට සිදු වන පාඩුව ඩොලර් මිලියන 150ක් නොව අතිවිශාල ගණනකි.  දිළිඳු රටවල් 16කට යුරෝපා සංගමය විසින් මෙම සහනය ලබා දී තිබුණේ එම රටවල සමාජ හා මානව හ...

ජී.එස්.පී. වෙනුවෙන් ලංකාව කටයුතු කරන්නේදැයි යුරෝපා සංගමය තවමත් අවදියෙන්

Image
(2009 ඔස්තෝබර් 28 - W3Lanka ) ලංකාවේ රජය ජී.එස්.පී. බදු සහන සඳහා අවශ්‍ය පරිදි මානව හිමිකම් තත්වය වර්ධනය කර ගනු ඇතැයි ඊයේ ලක්සම්බර්ග්හිදී රැස් වූ යුරෝපා සංගම් විදේශ ඇමතිවරු බලාපොරොත්තු පළ කර තිබේ. එසේ නොමැති වුවහොත් ඊළඟ පියවර ලෙස එම සහනය ඉවත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් ‍කෙරෙනු ඇති බව යුරෝපා සංගමය පවසයි. දැනට යුරෝපා සංගමයේ සභාපතිත්වය දරන්නේ ස්වීඩනයයි. ලංකාව යුද අනාථයන්ට ස්වේච්ඡාවෙන් හා ගෞරවනීය ලෙස යළි ගම් බිම් කරා යාමට ඉඩ සැලැස්විය යුතු බව යුරෝපා සංගම් විදේශ ඇමති රැස්වීමේ සභාපතිත්වය හෙබවූ ස්වීඩන තානාපති කාල් බ්ලිඩ්ට් පැවසීය.  පසුගිය අප්‍රේල් මාසයේදී ලංකාව දෙමළ කැරැළිකරුවන්ට එරෙහිව අවසන් සටන දියත් කරමින් සිටියදී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමති බර්නාඩ් කවුච්නර් සමග එක්වීමට අපේක්ෂා කළ ස්වීඩන් විදේශ ඇමති කාල් බ්ලිඩට් හට ලංකාව විසින් වීසා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික විරසකයක් ඇති විය.  ලංකාව බ්ලිඩ්ට් හට වෙනම චාරිකාවක් සදහා ඇරැයුම් කළත් එය භාර ගැනුණේ නැත. 1980 දශකයේදී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන ආධාරකරුවකු...

මහ බැංකුව ජී.එස්.පී. ප්ලස් මිදි ඇඹුල බව පවසයි.

Image
(2009 ඔක්තෝබර්  22 - W3Lanka ) ලංකාව යුරෝපයට කරන අපනයනවලින් ජී.එස්.පී. ප්ලස් බදු සහන හිමි වන්නේ 1.4%ක පමණ සුළු ප්‍රතිශතයකට නිසා මෙම බදු සහන අහිමි වීම ලංකාවේ අපනයන කෙරෙහි බල නො පාන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් 20දා පැවසීය. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. "According to the European Commission’s estimate, the total value of benefits in terms of lower import duties under the GSP+ scheme for the year 2008 was euro 78 million which is only 1.4 per cent of Sri Lanka’s total exports in the same year. Therefore, the loss of preferential duty margin by around 6 to 7 percent arising from a potential withdrawal of the GSP plus facility is not expected to have an adverse impact on Sri Lanka’s exports."  ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි. ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් ලංකාවේ ඇඟලුම් අපනයනවල මිළ 10%කින් පමණ වැඩි වන අතර එය ඉල්ලුම...

ජී.එස්.පී. ප්ලස් නැති වන්නේ පොලිසිය හා කම්කරු දෙපාර්තමේන්තුව නිසා මිස යුද්ධය නිසා නොවෙයි

Image
(2009 ඔක්තෝබර්  20 - W3Lanka ) පොලිස් ප්‍රචණ්ඩත්වය, හිංසනය හා ළමයින් සේවයේ යෙදවීම වැනි කම්කරු නීති උල්ලංඝනය කිරීම් ලංකාවට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන නො ලැබීමට ප්‍රධාන හේතු බව යුරෝපා සංගම් මුලාශ්‍ර පවසයි.  පොලිසිය ප්‍රචණ්ඩව හැසිරෙන බව හා මිනිසුන් හිංසාවට පත් කරන බව යුරෝපයේ පමනක් නොව ලංකාවේ ද බොහෝ දෙනෙක් දන්නා කරුණකි. යුද්ධයේ අවසානයෙන් පසු ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය වෙමින් සිටිය ද ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ ප්‍රශ්න ලංකාවේ ඇත. කොළඹ හතේ බංගලාවක සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියන් දෙදෙනෙක් අභිරහස් අන්දමින් මිය ගොස් තවම මාස කීපයකි. ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තුවට අයත් පඩිපාලක සභා විසින් විවිධ කම්කරු ශ්‍රේණි සඳහා අදාළ වැටුප් පිළිබඳ පළ කරන පුවත්පත් දැන්වීම්වල පවා ළමයින්ට ගෙවන වැටුප් පිළිබඳ සඳහන් වන සදර්භයක් තුළ ලංකාවේ ළමයින් සේවයේ යෙදවීම සිදු වන බවට ඕනෑවටත් වඩා සාක්කි තිබේ.  මෙතැන යුද්ධය හෝ ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග හා අදාළ කාරණා නැත. ලෝකයේ දිළිඳු රටවල් 16කට යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා දෙන්නේ මානව හිමිකම් හා අදාල ජාත්‍යන්තර ප්‍රඥප්ති...

ජී.එස්.පී. ප්ලස් ඉවරයි? ආණ්ඩුව යුරෝපයේ මිනිසුන්ට ලංකාවේ දුප්පතුන්ගේ මුදලින් යට ඇඳුම් ඇන්දවීමට යයි

Image
(2009 ඔක්තෝබර්  19 - W3Lanka ) ලංකාවේ කාන්තාවන් බහුතරයක් වන ඇඟලුම් කම්කරුවන්ගේ සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රයෙන් ජීවනෝපාය සරි කර ගන්නා දස ලක්ෂයක පමණ පිරිසකගේ ජීවිතවලට ඍජුව ම බලපාන යුරෝපා සංගමය විසින් සපයනු ලබන ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය පිළිබඳ වැදගත් පියවරක් අද ගැනීමට නියමිත ය. විශේෂඥයන් පිරිසක් විසින් කරනු ලබන නිර්දේශ ඇතුළත් වාර්තාවක් අද දින යුරෝපා සංගමයට භාර දෙනු ලබන අතර එතැන් සිට දෙමසක් ඇතුළත යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය පිළිබඳ අවසන් නිගමනයට එළඹෙනු ඇත. ලකාවේ රජය ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කරන බවට මෙම විශේෂඥ පිරිස දැනටමත් චෝදනා කර තිබේ. රොයිටර් සහ තවත් ජාත්‍යන්තර ජනමාධ්‍ය කීපයක් ම යුරෝපා සංගමයේ මුලාශ්‍ර උපුටමින් පවසන්නේ ලංකාවට මෙම තීරුබදු සහනය නො ලැබීමට ඉඩ ඇති බවයි. ඇඟලුම් නිෂ්පාදන ඇතුළු භාණ්ඩ වර්ග 7200කට මෙම සහනය හිමි වේ. ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට යුරෝපා සංගමය විසින් කරනු ලැබූ ඉල්ලීම ජාත්‍යන්තර වෙළඳ ඇමති ජි.එල්. පීරිස් ප්‍රමුඛ රජයේ බලධාරීන් විසින් පුන පුනා ප්‍රතික්ෂේප කරන ලදී. ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය අහිමි වුව...

යුරෝපා සංගමය කොන්දේසි පිට ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහන දෙන්නට යයි

Image
(2009 ඔක්තෝබර් 01 - W3Lanka ) යුරෝපා සංගමය විසින් ලංකාවට ලබා දෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය කොන්දේසි මත තවදුරටත් ලබා දීමට ඉඩ ඇතැයි ඒ හා සම්බන්ධ සාකච්ඡාවලට සහභාගි වූ නම සඳහන් නොකරන ලද තානාපති නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි. ජී.එස්.පී. ප්ලස් බදු සහන පිළිබඳ අවසන් තීන්දුව මෙම මස මැද භාගයේදී යුරෝපා සංගමය විසින් ගන්නට නියමිතය. ජී.එස්.පී. ප්ලස් බදු සහන ලැබීමට නම් එම රටවල් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, සංවර්ධනය හා යහපාලනය හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති 27ක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ. ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ යුරෝපා සංගමය විසින් ලබාගෙන තිබෙන වාර්තා ලංකාවට අහිතකර වීම නිසා ජී.එස්.පී. ප්ලස් බදු සහන නොලැබීමට ඉඩ තිබෙන බව අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් එස්. රනුග්ගේ පසුගියදා ප්‍රකාශ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා ඔහු පරිපාලන නිලධාරීන්ගේ සංචිතයට මාරු කළේය. බෙන්තර ගඟෙන් එහා ඉපදුණු කෙනෙක් ලෙස ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා ගන්නා ආකාරය තමන් දන්නා බව ජනාධිපතිවරයා පසුගියදා කීවේය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ආරංචි මාර්ග පවසන...

ඇඟලුම් කර්මාන්තයේ අනාගතය තීරණය කරන යුරෝපා සංගමයේ මානව හිමිකම් චෝදනාවලට ලංකාවේ ප්‍රතිචාර සඳහා අවසන් දිනය අද

Image
(2009 සැප්තැම්බර් 17 - W3Lanka) ශ්‍රී ලංකාවේ අපනයනවලට යුරෝපා සංගමය විසින් ලබා දී තිබුණු ජී.එස්.පී. ප්ලස් බදු සහනය දීර්ඝ කරන්නේ ද  යන්න තීරණය කිරීම හා අදාල වූ යුරෝපා සංගමය විසින් ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ ලබාගෙන තිබෙන වාර්තාවලට ප්‍රතිචාර දැක්වීමට ලංකාවට ලබා දී තිබෙන කාල සීමාව අදින් අවසන් වේ. ලංකාවේ පිරිහුණු මානව හිමිකම් වාර්තාව හේතුවෙන් යුරෝපා සංගමය විසින් ලංකාවට සුනාමි ව්‍යසනයේ ආදීනවවලින් ගොඩ ඒම සඳහා ලබා දුන් ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි කරන තත්වයක් නිර්මානය කර තිබේ. ලංකාවේ ඇඟලූම් අපනයනවලින් 52%ක්ම මිළ දී ගන්නේ යුරෝපයේ නෙක්ස්ට්, ටෙස්කෝ, මාක් ඇන්ඞ් ස්පෙන්සර් වැනි අලෙවිකරුවන් විසිනි. ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් මෙම නිෂ්පාදනවල මිළ 10%කින් පමණ ඉහළ යනු ඇති අතර, එම සහනය ලබන බංග්ලාදේශය වැනි රටවලින් හා චීනය, වියට්නාමය වැනි ලාභ ශ‍්‍රමය මත පදනම් වූ මිළ අඩු නිෂ්පාදන වෙළඳපොළට එවන රටවලින් ලංකාව දැඩි තරගයකට මුහුණ දෙයි. 250,000ක් ශ‍්‍රමිකයන් ඍජුවම ඇඟලූම් කර්මාන්තයට සම්බන්ධ අතර දසලක්ෂයක් පමණ ලාංකිකයන් දිවි ගැට ගසා ගන්නේ එයිනි. ඇගලූම් අපනයනය ලංකාවේ ප‍්‍රධානම විදේශ ආදායම් උ...