කුඩු කන්ටේනරය නිදහස් කරන්න ලියුම් දුන් පළියට අගමැතිතුමා අස් වෙන්නේ මොකට ද?
ඉස්සර නම් කුඩු සමග කියවුන නම් වුණේ මර්වින්, දුමින්ද ආදියයි. දැන් පකිස්තානෙන් ගෙන්වූ කුඩු තොගය සම්බන්ධව අගමැති දි.මු. ජයරත්නගේ හා ඔහුගේ පුතාගේ නම ද සඳහන් වී තිබේ. එහෙත්, මේ කුඩු ජාවාරම්කරුවන් කර තිබෙන්නේ මේ බබාලාව නො මග යවා තමන්ගේ වැඩේ කර ගන්නට මාන බැලීමයි. නො දන්නාකමට අනේ අපේ අගමැති කාර්යාලයෙන් කුඩු කන්ටේනරය නිදහස් කරන්නැයි කියා ලියුම් පවා දී තිබේ. මෙවැනි සුළු දේකට අගමැතිතුමා ඉල්ලා අස් විය යුතු නැත. මෙම ලිපිය පළ කිරීමෙන් පසු අනුරාධ ජයරත්න මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි කුමාරදාස ගිරිබාව මහතා අප අමතා පහත සඳහන් ප්‍රකාශය කළේ ය: අනුරාධ ජයරත්න මහතා අගමැතිතුමාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහු මෙතෙක් කිසිදු අවස්ථාවකදී වැරදි ක්‍රියා කිසිවකට නම සම්බන්ධ නො වූ දේශපාලක පුත්‍රයෙක්. ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මහ නාහිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ගිය විට මල්වතු මහ නාහිමියන් පැවසුවේ ඔහුගේ ගුණාංග හේතුවෙන් ඔහු දේශපාලනයට එනවාට පවා තමන් අකැමැති බවයි. මහනුවර දිස්ත්‍රික්කය පුරා ම ඔහු සම්බන්ධයෙන් ප්‍රසාදයක් තිබෙනවා. මෙම පුවත පළ වීමෙන් ඇතැම් බලව...