Posts

Showing posts with the label නිමල් ලන්සා

කුඩුත් හාමුදුරුවන්ගෙ; නඩුත් හාමුදුරුවන්ගෙ

Image
ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති ද වේ.  පොලිස් විශේෂ කාර්ය බලකාය අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට ය. එම අමාත්‍යංශයේ සර්ව බලධාරියා ජනාධිපති සහෝදර ගෝඨාභය රාජපක්ෂ ය.  බස්නාහිර පළාත් ඇමති නිමල් ලන්සාගේ නිවසේ කුඩු තිබේදැයි සොයන්නට පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණියේ ය. සෝදිසිය කර තිබෙන්නේ සෝදිසි වරෙන්තුවක් නැතිව බව කියනු ලැබේ.  ඊට පසු එයට විරෝධය පළ කරන්නට‍ මෙන් ජනාධිපතිවරයා ලන්සාගේ නිවසට පැමිණියේ ය. පැමිණියේ තවත් ජනාධිපති සහෝදරයකු වන ගම්පහ දිස්ත්‍රික් නායක හා ඇමති බැසිල් රාජපක්ෂ සමගයි.  ආණ්ඩුවේ දේශපාලකයන්ගේ නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමග ගෑවීම මෑත වකවානුවේදී සුලබ වී ඇත. එවැනි දේශපාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ඉහළම නායකයන්ගේ මැදිහත්වීම ද දක්නට ලැබේ.  මීගමුවේ ලන්සාගේ "හොඳ නම" පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවෙන් කෙළෙසී ඇති බව කියැවේ. ලන්සා හා ඔහු සමග ගනුදෙනු කරන ධනවත් ව්‍යාපාරිකයන් පිරිසකගේ නිවෙස් සෝදිසි කිරීම පිටුපස යම් නිශ්චිත තොරතුරු තිබෙන්නට ඇත. ඇතැම් විට මෙම සෝදිසිය පිළිබඳ ‍ඔත්තුවක් මෙම නිවෙස් හිමියන්ට කලින් ලැබෙන්නට ද ඇත.  මීගමුවේ එක්සත් ...