කොළඹ ගෙවල් කඩපු හැටි මතක් කර ගන්න / Remember how houses of the poor people of Colombo were demolished
ආණ්ඩුව කොළඹ මිව් වීදියේ ගෙවල් කැඩූ හැටි මේ වීඩියෝවේ දැක්වේ. මිනිසුන්ට ඉවත් වීමට දුන්නේ පැය දෙකකි. ගෙවල් කැඩුවේ සුනාමිය ගෙවල් කැඩූ තාලයට ය. මේ නිවාස වනාහි මිනිසුන් පරම්පරා ගණනාවක් ජීවත් වූ ඒවා ය. ඇතැමුන්ට නීත්‍යානුකූල ඔප්පු තිරප්පු ද තිබිණි. රජයට බදු ගෙවා තිබිණි. ඒ නිවාස අනවසර නිවාස ලෙස නම් කරන ලදී. පොදු ජනතාවට කොළඹ ජීවත් වීමට නැති මේ අවසරය ආණ්ඩුව දෙන්නට යන්නේ කාට ද? චීනයෙන් හා වෙනත් රටවලින් එන ආයෝජකයන්ට ය. ආණ්ඩුව සිය නාස්තිකාර වියදම් වෙනුවෙන් මුදල් සොයා ගන්නට කොළඹ එහි වැසියන්ගෙන් උදුරාගෙන පිටරටට විකුණමින් සිටියි. මෙවර කොළඹ ඡන්දයට පාලක පවුලේ තාත්තලා, පුතාලා, බාප්පලා බැහැලා ඉන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම සරළය. කොළඹ නගරයෙන් දුප්පතුන් ඉවත් කිරීමේ සැලසුම නිල වශයෙන්ම ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කරන්නේ 2010 අගෝස්තු 12 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. එහිදී අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා ප‍්‍රකාශ කරන්නේ කොළඹ හා ඒ ප‍්‍රදේශයේ සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම් වෙනත් කටයුතු සඳහා බදුදීම හෝ විකිණීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ ව...