ගල් අඟුරුත් එපා නම්, න්‍යෂ්ඨික ශක්තියත් එපා නම් විදුලිය ගන්නේ මොන රෙද්දෙන් ද? | Socialist solution for the energy crisis

(2011 මාර්තු 16, W3Lanka) චම්පික රණවක ඇමතිතුමාට නොබෙල් තෑග්ග හිමි විය යුතු ය. එතුමා සොයා ගැනීමක් කර තිබේ. ඒ ගල් අඟුරුවලින් විදුලිය නිපදවීම තව දුරටත් ලාභදායී නො වන බවයි.


එහෙත්, ‍ලංකාව ගල් අඟුරු හීනය දකින්නට පටන් ගත් අනූවේ දශකයේ පටන් ම ලංකාවේ පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් හා සමාජ සංවිධාන රැසක් ම මෙය දුටුව හ. ගල් අඟුරු බලාගාර ඉදි කිරීමට විරෝධය පළ කළ හ. 


නොරෝච්චෝ‍ලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමේ අදහස ප්‍රවර්ධනය කරද්දී දේශපාලකයන් පැවසුවේ එමගින් විදුලිය ඉතා අඩු මිළට සැපයිය හැකි බවයි. එහෙත්, දැන් විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසන්නේ ගල් අඟුරුවල මිළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති නිසා එය තව දුරටත් ලාභ බලශක්ති ප්‍රභවයක් නො වන බවයි. 


ගල් අඟුරු බලාගාර අදහස මුලින් ගෙ‍න  ආ අනූව දශකයේදී මෙන් නො ව, නොරොච්චෝලේ බලාගාරය හදන්නට පටන් ගත් 2006 වන විට මේ බව පැහැදිලි වෙමින් තිබිණි. තතු දත් විදුලි ඉංජිනේරුවකු වන චම්පික රණවක ඒ බැව් දැන දැනත්, නිහඬව බලා සිටියේ ය.

The Minister has said that when Sri Lanka ordered its first shipment, coal was at US$ 69 per tonne and the energy cost of a unit was Rs. 3.20. When the second shipment was ordered, the coal prices had increased to US$ 140 per tonne resulting in an increase in the per unit energy cost to Rs. 6.50.

However the next shipment has also been ordered and the coal prices have further increased to US$ 160 per tonne, the Minister has said. (පාලක පක්ෂයට සම්බන්ධ Colombo Page වෙබ් අඩවිය, 2011-03-15) 

මේ වනාහි ගල් අගුරු විදුලියේ ආර්ථික පිරිවැය පමණි. චම්පික රණවක ඇමතිතුමා ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමේ පාරිසරික පිරිවැය ගැන කියන්නේ කුමක්දැයි දැන ගන්නට අපි කැමැත්තෙමු. 

මුල් කාලයේ ගල් අඟුරු විදුලිය ප්‍රවර්ධනයේ යෙදුණු දේශපාලකයන්ට හා නිලධාරීන්ට ඒ ක්ෂේත්‍රයේ මහ සමාගම්වලින් වාසි ලැබිණි. 

රණවක ඇමතිතුමා ප්‍රවර්ධනය කරන්නේ න්‍යෂ්ඨික ශක්තියයි. ඒ පිටුපස ද වාසි රැසක් ඇති බවට සැක නැත. 

දැන් මේ සටහන කියවමින් සිටින පිරිසක් දත මැද ගෙන සූදානම් වන්නේ මේ ප්‍රශ්නය අසන්නට ය. ගල් අඟුරුත් එපා නම්, න්‍යෂ්ඨික ශක්තියත් එපා නම් විදුලිය ගන්නේ මොන රෙද්දෙන් ද යන්න ඒ ප්‍රශ්නයයි. 

මෙන්න පිළිතුර:

බලශක්ති අර්බුදයට ඇත්තේ එක ම එක තිරසාර විසඳුමකි. ඒ වනාහි බටහිරට බැන බැන ඇමරිකන්කාරයන්ගේ පරිභෝජන රටාව කොපි කිරීම නො ව, සමාජයේ පරිභෝජන රටා වෙනස් කර ගැනීමයි. ජීවිතය වැඩි වැඩියෙන් බලශක්තියට ප්ලග් ක‍ර ගැනීමෙන් වැළකීමයි. සරළව කියනවා නම්, වැඩිපුර සොබා දහම දෙසට යොමු වීමයි. 

තවත් සරළව කියනවා නම්, උදාහරණයක් ලෙස විදුලි බල හා බල ශක්ති ඇමතිතුමා වැනි දේශපාලකයන් ආරක්ෂකයන් පිරිවරාගෙන, තෙල් පුච්චාගෙන, පාරවල් තලමින්, යමරෙට වැඩ තරනවා වගේ පීත්ත පටි සොය සොයා බොරුවට එහෙ මෙහෙ දුවනවා වෙනුවට මාදිවෙල නිල නිවසක වත්තේ වම්බටු පැලයක් සිටුවීම වැනි දිවි නැගුමක් කරනවා නම් රටට වැඩදායක ය. මන්ද, සෑහෙන බල ශක්තියක් පිරිමැසේ. අද කාලයේ වැඩ වැඩි මිනිසුන්ට ලෝකය වටේ දුවන්නේ නැතිව අවශ්‍ය පුද්ගලයන් සමග සම්බන්ධ වීමේ හැකියාව නවීන තාක්ෂණයෙන් ලබා ගත හැකි ය. 

සාමාන්‍ය ජනතාව වන අප ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන භාණ්ඩ වන්දනාවට ගොදුරු වී බලශක්ති අවශයතා වැඩි කර ගන්නවා වෙනුවට ආපසු සොබා දහම වෙත නැඹුරු වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. 

මේ වනාහි නවීන තාක්ෂණය ප්‍රතික්ෂේප කිරීම නො වේ. ‍තෝරා බේරා පරිහරණය කිරීමයි. එන, එන හැම එක ම වැළඳ ගැනීම භාණ්ඩ වන්දනාවයි. 

හෙළ උරුමකාරයන් නො දන්නවා වුණාට සිංහලයන්ගේ සැබෑ උරුමය තුළ සොබා දහම හා තාක්ෂණය සමග බැඳුණු දියුණු ජීවිතයක් තිබිණි. සිංහලකම යනු රෙදි බැනියම් ඇඳගෙන ඇමරිකන්කාරයන් හා බටහිරුන් කරන දේ කිරීම නො ව, ඒ සැබෑ සිංහල ජීවිතය සොයා යාමයි.   


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ක්ෂය වන ඉන්දන බාවිතය ලාබදායක නොවන බව නොදැන නොවේ මෙම යෝජනා ක්‍රම පිටුපස
    විශාල කොමිස් කුට්ටි පැවතීම මෙයට හේතුවය් ,අද හදන පාරක් ගන්න කොපමණ කාලයක් එහි පැවැත්ම පවතීද යන්න ඔබ හොදින් දන්නා කරුණක්
    මෙ කොමිස් ක්‍රමය නැතිකර දමනතුරු ,යම් යෝජනාක්‍රමයක පාරදෘෂ බව පෙනේනේ ක්‍රමයක් හදන තුරා ,කිසිදු යෝජනා ක්‍රමයක් ජනතාවාදී යෝජනා ක්‍රමයක් වන්නේ නැත . මේවාට වියදම ගන්නේ දෙසපාලුවන්ගේ බුදල් වලින් නොව ජනතාව ගෙවන ලෙස ජනතාව උගසට තබා ගන්නා නය මුදල් වලිනි ,මැටි ගේපැලේ හාල් මිටක් රත්කර ලුනුමිරිසක් සමග බුදින බහුතරයක් වන ජහමනයා සමග සුළුතරයක් වන අතමිට ඈත්තන් මේ නයමුදල ගෙවීමේ කොටස්කරුවෝය,සමහර විට මේ විදුලි යෝජනා ක්‍රමයක සෘජු ප්‍රතිලාබ නොලබන අදුරේ කුප්පි ලාම්පුවෙන් දෙවි ගෙවන්නාද යෝජනා ක්‍රමයේ නය මුදල ගෙවන්නේ දය්වයෙ සරදමක් ලෙසය.

    ReplyDelete
  2. we can use csp (Concentrated solar power) http://en.wikipedia.org/wiki/Concentrated_solar_power

    ReplyDelete
  3. අපායෙ විදුලිය නිපදවන ක්‍රමය තිබුනා මෙන්න මෙතන.
    http://lankatruth.com/sin/index.php/king-story/10188-2011-03-15-07-25-58

    ReplyDelete
  4. බලශක්ති ප්‍රශ්නයට පිලිතුර නම් හරිම අගෙයි . . . !!

    ReplyDelete
  5. ඔය කියන අයගේ රෙදි ටික පුච්චලා විදුලිය නිපදවාගන්න බැරියැ :D

    ReplyDelete
  6. න්‍යශ්ඨික බලය තව දුරටත් භාවිතා කිරීම සැලකිය යුතු තරම් ගැටලු සහගත බවට කරුනු කීපයක් ම තිබෙනවා,ගල් අඟුරු සම්බන්දයෙන් අමතිතුමා සඳහන් කරන තත්වයද සපුරා සත්‍ය වෙයි.මේ අනුව මුලු ලෝකයම දැන් යොමු වෙමින් සිටින්නේ renewable energy sources වෙතයි.උදාහරනයක් ලෙස Australia & UK සිය බලශක්තිය පිලිබඳ වැඩ පිලිවෙලේදී 2020 වන විට සිය බලශක්ති අවශ්යතාවයෙන් 20%,renewable මඟින් සපයා ගන්නටද Switzerland, එය 50%ලෙසද සඳහන් කර තිබේ, ඒ අනුව ලංකාවේ අපි සුලං,මුහුදු රල,සූර්ය,පොලොවේ තාපය යන renewables කරා යා යුතු වෙමු.

    ReplyDelete
  7. කොහොමද ලොකු ඩය්නමොවක් හදල ගාලු මුවදොර,පාර්ලිමේන්තුව කිට්ටුව පිට්ටනියෙ එහෙම බඩ බහින්න නිකන් ඇවිදින කෂ්ටියගෙ ශ්‍රමයෙන් කරකවන්න දැම්මොත්. ශරීර සවුක්කියටය් රටේ ආර්ථිකේ ටය් දෙකටම නරකද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා