ගල් අඟුරුත් එපා නම්, න්‍යෂ්ඨික ශක්තියත් එපා නම් විදුලිය ගන්නේ මොන රෙද්දෙන් ද? | Socialist solution for the energy crisis
(2011 මාර්තු 16, W3Lanka ) චම්පික රණවක ඇමතිතුමාට නොබෙල් තෑග්ග හිමි විය යුතු ය. එතුමා සොයා ගැනීමක් කර තිබේ. ඒ ගල් අඟුරුවලින් විදුලිය නිපදවීම තව දුරටත් ලාභදායී නො වන බවයි. එහෙත්, ලංකාව ගල් අඟුරු හීනය දකින්නට පටන් ගත් අනූවේ දශකයේ පටන් ම ලංකාවේ පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් හා සමාජ සංවිධාන රැසක් ම මෙය දුටුව හ. ගල් අඟුරු බලාගාර ඉදි කිරීමට විරෝධය පළ කළ හ. නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමේ අදහස ප්‍රවර්ධනය කරද්දී දේශපාලකයන් පැවසුවේ එමගින් විදුලිය ඉතා අඩු මිළට සැපයිය හැකි බවයි. එහෙත්, දැන් විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසන්නේ ගල් අඟුරුවල මිළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති නිසා එය තව දුරටත් ලාභ බලශක්ති ප්‍රභවයක් නො වන බවයි. ගල් අඟුරු බලාගාර අදහස මුලින් ගෙන ආ අනූව දශකයේදී මෙන් නො ව, නොරොච්චෝලේ බලාගාරය හදන්නට පටන් ගත් 2006 වන විට මේ බව පැහැදිලි වෙමින් තිබිණි. තතු දත් විදුලි ඉංජිනේරුවකු වන චම්පික රණවක ඒ බැව් දැන දැනත්, නිහඬව බලා සිටියේ ය. The Minister has said that when Sri Lanka ordered its first shipment, coal was at US$ 69 per tonne...