Posts

Showing posts with the label අධිවේගය

ඉබ්බෙකුට අධිවේගී මාර්ගයේ එහා පැ්තේ වලේ සිටින ඉබ්බියකු බලන්නට යාමට ඇති අයිතිය

අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ සිට කොට්ටා‍වට ගියෙමි.  පාර පුරා බලු කුණු ය. මෙතෙක් කරදරයක් නැතිව ජීවත් වූ පාරට මේ මොනවා වී ඇද්දැයි බල්ලෝ කල්පනා කරනවා ඇත.  ලේඛකයා සිය කුඩා කාරය අධිවේගී මාර්ගයේ යා හැකි උපරිම වේග සීමාව වන පැයට කිලෝ මීටර 100ට ආසන්නයෙන් පැදෙව්වේ ය. බොහෝ වාහන ඔහු ඉස්සර කර ගියේ ය.  එක් කාරයක් ගිය වේගය අඩු තරමේ පැයට කිලේ මීටර 180ක්වත් විය හැකි ය.  අධිවේගී මාර්ගයට ඇතුළු වන හා පිට වන වේලාවන් ප්‍රවේශ පත්‍රයේ සටහන් වන නිසා අධිවේගයෙන් රිය පැදවූවන් පහසුවෙන් අල්ලා ගත හැකි ය.  කොහොම ගියත්, මාකුඹුරෙන් හයිලෙවල් පාරට වැටුණු පසු යා යුත්තේ ඉබි ගමනෙනි.  පාරේ එන අතර මග කුඩු වී ගිය ඉබි සිරුරක් දුටුවෙමි. ඉබ්බන්ට ඉතින් නම් කිසි දාක පාරෙන් එහා පැත්තේ වලේ සිටින ඉබ්බියන් සොයා යන්නට ලැබෙන්නේ නැත.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න