ජොනීට ප්ලාස්ටික් පෙට්ටි; අපට මිනී පෙට්ටි
ජනාධිපති මරන්නට ත්‍රස්තවාදීන් සමග කළ කුමන්ත්‍රණවලට හිලව් වෙන්නට බැල මෙහෙ කරන්නට ආණ්ඩුවට පැන්න ජොනී ආණ්ඩුවට සල්ලි හොයා දෙන්නට තම නැණ පමණින් ගත් පියවර නිසා මේ වන විට මහා අලකලංචියක් සිදු වී තිබේ. මේ රටේ අසංඛ්‍යයක් ප්‍රශ්න තිබියදී ජොනීට තිබෙන ලොකුම ප්‍රශ්නය එළවළු ප්‍රවාහනයේදී ගෝනිවල ඒවා ඇසිරීමයි. ගෝවා ගෝනියට පටවා ඒක උඩ නැග තද කරන බව ඇත්තක් විය හැකි ය. එහෙත්, මේ රටේ පාරිභෝගිකයාට මැස්සෙක්වත් වසා නැති සුපර් එළවළු අධි මිළට කන්නට වත්කමක් නැත. දැනටත් කැරට් කිලෝව වෙළඳපොළේ රු. 160කි. තක්කාලි කිලෝව රු. 200කි. අමු මිරිස් කිලෝව රු. 300කි. ජොනීගේ කූඩ නීතියෙන් පසු එළවළු වෙනුවට තණකොළ කන්නට පටන් ගන්නට මේ රටේ මිනිසුන්ට සිදු වනු ඇත. ජොනී වැනි හරකුන් බලයට පත් කර ගත් අප වැනි මී හරකුන්ට තණකොළත් නරක නැත. එළවළු වෙළෙන්දා කියන්නේ ප්ලාස්‍ටික් කූඩවල ලස්සනට එළවළු අසුරාගෙන ආ විට කිලෝවකට එකතු වන ප්‍රවාහන වියදම අධික බවයි. ගොවීන් කියන්නේ තමන්ට වෙළඳපොළට එළවළු ගෙන එන්නට පෙට්ටි ගන්නවාට අමතරව, ඒ පෙට්ටි ආපසු ගෙන යන්නට ද ලොරි කුලී ගෙවන්නට සිදු වී ඇති බවයි. පාරිභෝගිකයා කියන්නේ එළවළු මිළ...