Posts

Showing posts with the label සීවලී හිමි

සීවලී හිමිද සීවලී බුදු හිමිද? | Seevali Thero or Seevali Buddha?

Image
(2010 අප්‍රේල් 06- W3Lanka  )  කොටුව දුම්රියපොළ ඉදිරිපිට සරත් ෆොන්සේකා නිදහස් කරන්නැයි ඉල්ලමින් උපවාසයේ යෙදී සිටි බුද්ධ පුත්‍රයන් සුනඛ කලේබර සේ කුදලා බසයෙන් පොලිසියට වඩම්මාගෙන යන අන්දම බොදුනුවන්ගේ පහන් සංවේගය පිණිස කෙසේ හේතුභූත වූවාදැයි අපි නොදනිමු. පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බාර්කාර ඇමතිවරයෙකුගේ මැරවරයෝ තවත් බුද්ධ පුත්‍රයකු ‍පරලෝකප්‍රාප්ත ක‍ළහ.  මේ අතර දඹුල්ලේ සන්ධාන චංඩියා වන ජනක බංඩාර තෙන්නකෝන් හා ඔහුගේ සුබ අනාගතය වන ප්‍රමිත බංඩාර තෙන්නකෝන් ගලේවෙලදී බුද්ධ රූපයක සිරස කැඩුවේ යයි යන ප්‍රචාරය බොරු යයි ඔප්පු කිරීම සඳහා පොලිසිය විසින් කරන ලද පරීක්ෂණය පිළිබඳ වාර්තා කරමින් ආණ්ඩුවේ ඉපියාව රුවිතෙට ගිය හොරණෑව වන දිනමිණ තවත් පිස්සුවක් නටා ඇත.  "ගලේවෙල පොලිස් බලප්‍රදේශයේදී බුද්ධ ප්‍රතිමාවකට හානි සිදුකර එහි සිරස කඩා දැමීමේ සිද්ධියට ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් හෝ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කිසිදු සම්බන්ධයක් නොමැති බවට පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි...." ආදී වශයෙන් සඳහන් කරන දිනමිණ මෙසේ ද කියයි. මෙම සිද්ධිය සම්බන්...