රනිල්ගේ සිට මේක බලන ඔබ දක්වා කළ යුතු දේ

උපදෙස් සැපයීම අජිත් පැරකුම් විසිනි

මගේ ‘ගොඩයමු’ මූලෝපායෙ කොනක තියෙන්නෙ සිංහල බෞද්ධ ගොවිගම ඡන්ද පදනම කුචු කවලා පොහොට්ටුවෙයි, සජබෙයි සපෝට් එකෙන් රනිල් ජනාධිපතිවරණෙ දිනලා 2029 වෙනකල් රනිල් ටර්ම් එකක් ඇදලා මේක ගොඩදාල දෙන එක. ඒකට මං සම්පූර්ණ ස්වේච්ඡා සහයෝගය දෙනවා. ඊට පස්සෙ, සජිත්, අනුර, චම්පික, නාමල් වගේ දැනට වඩා මෝරපු කෙනෙකුට (සමහරු නාකි මයිනො එතකොට) කරගෙන යන්න පුළුවන්.

මේ වැඩේ වැඩි බරක් අදින්න පුළුවන් රාජපක්ෂ බලවේගයට. ඒ නිසා දැනට මහින්දානන්ද, ජොනී, රත්තරං වගේ අයට ඇමතිකම් පවා දුන්නට කමක් නැහැ. උන්ටත් මේ ඇරෙන්න වෙන පාරක් නැහැ. රනිල් එක්ක වැඩේ ගොඩදාගත්තොත් නාමල්ට 2029 ට්‍රයි කරතැහැකි. ෂෝට්කට් හොයන්න ගියොත් සෙත්තපොච්චි.

චම්පික අනුගමනය කරන්නෙ ජවිපෙ බලයට ඇවිත් මාස හයකින් විතර ඔක්කොටම කෙළලා තමනුත් කෙළවාගත්තට පස්සෙ චාන්ස් එක ගන්න. ඒක චම්පික මෙතෙක් ඉතිහාසයේ ගහපු මෝඩම දහං ගැටය බව කණගාටුවෙන් ප්‍රකාශයට පත්කරනවා. හේතුව, ඔහු බලාපොරොත්තු වෙන දෙය කරන්න අනුර ඉඩදෙන්නෙ නැහැ. ජවිපෙට සුරක්ෂිතම මාර්ගය දැන් තියෙන වාසිය මැතිවරණයකදී පාවිච්චි කරලා විපක්ෂ නායකත්වය ගන්නට ට්‍රයි කරන එක.

චම්පික රනිල් ගාව නැහැ මං ගාව තියෙනවා කියලා හයිලයිට් කරන සහකම්පනය, කුසලතාවට තැන දීම, විවෘතබව, අවංකබව වගේ ඒවා එයා ළඟත් නැහැ. කොටින්ම දැන් නම් ප්‍රායෝගිකවාදයත් නැහැ. ඇත්ත කතාව චමිපික ආස වුුණත් රනිල් චම්පිකව ගන්නෙ නැහැ. එක අතකට පව්, මේ වගේ අතිශය වැදගත් පරිවර්තනීය වකවානුවක ශෙහාන් සේමසිංහ වගේ අය ගන්න අත්දැකීම් ගන්න චම්පිකට අවස්ථාව ලැබුණා නම් හොඳයි. හැබැයි, පොහොට්ටුවෙන් ආපු තරුණ එවුන් ටික මෙතනදී මාර ගොඩනැගීමක් වුණා. උන්ට සුපිරි අවස්ථා ටිකක් රනිල් දුන්නා. උන් හැදුණා. උන්ගේ දියුණුවට මූලික හේතුව එදා සිට නායකත්වයට ගරු කිරීම පුහුණු වීම. අධි උන්නතිකාමය දුකට හේතුවකි.

සජිත්ටයි චම්පිකටයි දැන් තියෙන්නෙ එකතු වෙන්න. 2029 වෙනකොට ෆොන්සේකලා, කිරිඇල්ලලා, මද්දුම බංඩාරලා වගේ කරදර අවසන් වෙලා තියෙයි. හැබැයි ඉතින් දෙන්නට දෙන්නාත් කරදර තමයි.

අන්ත වාමාංශිකයන්ට සහ අරගල අරාජිකවාදීන්ට එහෙම සල්ලි ටිකක් අතට එන ඇඩ්වටයිසිං, වීඩියෝ නිෂ්පාදන, යූටියුබ්, එන්ජීඕ වගේ වැඩ දැන් තියෙනවා. ඒවා කරගෙන හොඳට බීලා ඉඳලා රට ගිහින් එසයිලම් ගහගන්නකල් කෆා කෆා කෑලි කෆා ක්‍රීඩාව කරන එකයි තියෙන්නෙ කොටුව ඇතුළෙ.

එසයිලම් ලැබිලා ඔන්ලයින් විප්ලව කරන එවුන්ට තියෙන්නෙ ඩෝල්ලෙකෙන් කාලා හරි ඩස්බින් එකක් ඇදලා හරි ඇවිත් වෘත්තීය හොටුපෙරීමේ කලාව ෆේස්බුක් එකෙන් ප්‍රගුණ කරන එක.

උදේ පාන්දර ස්ට්‍රෙස් රිලීස් කරගැනීම සඳහා කමෙන්ට් පාවිච්චි කර දවස සතුටින් ගෙවන්න.

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා