සීයා ආයෙ බැන්දා
මේ දවස්වල අන්තර්ජාලයේ තිබෙන නාකි මනමාලකම් ගැන ඔබ දන්නවා නේ. මේ ලියන මාත් පනස් විය ඉක්මවූවෙක් නිසා මා පෙනී සිටින්නේ වියපත් වූවන්ට ආදරයට, ලිංගිකත්වයට, රැකවරණයට තිබෙන අයිතිය වෙනුවෙන්.
මෙතනදී මතු වන ගැටුමට හේතුව වන්නේ වියපත් මව්පියන්ගේ මේ අවශ්‍යතා ගැන දරුවන් ඉතා අසංවේදී වීමයි. ඔවුන් හිතන්නේ වියපත් වෙනකොට ඒවා අවශ්‍ය නැති ය කියායි.
වැඩිහිටියන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හිමිකම් පිළිබඳ ලිපියක් මෙතැනින් කියවන්න.
හැබැයි මෙහිදී දරුවන් මව්පියන්ගේ මෙවැනි සම්බන්ධකම්වලට විරෝධය දක්වන්නට ප්‍රධාන හේතුව තමයි දේපල අයිතිය හා සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න.
වියපත් වී ඇති වන ආදර සම්බන්ධකම්වලදී බොහෝ විට දරුවන් මව්පියන් කෙරෙහි දක්වන ප්‍රතිචාරය තුළ ආදරය, අවබෝධය දකින්නට ලැබෙන්නේ නැහැ. එතැනදී දරුවන් බොහෝ විට ආත්මාර්ථකාමීයි. ආදරයක් තිබෙනවා නම් දරුවන් මුලින් ම කළ යුත්තේ අවබෝධ කර ගැනීමයි.
වියපත් ආදරයේ පාර්ශ්වකරුවන් එසේ කරන්නේ දේපල තණ්හාව වැනි දේ නිසා ය කියන එක ඉතා සුලබ කතාවක්. ඒත්, ඒ සියල්ල මැදින් එතැන ආදරයක් නැති ය කියන්නට බැහැ. ආදරය කියන්නේ අනෙක් සියලු භෞතික දේවලින් පූර්ණ ලෙස විනිර්මුක්ත දෙයක් නෙමෙයි. හැබැයි, එතන ආදරයත් තිබෙනවා.
ප්‍රසන්න විතානගේගේ පවුරු වළලු චිත්‍රපටය මෙම ප්‍රශ්නය ඉතා විශිෂ්ට අන්දමින් සාකච්ඡාවට භාජනය කළා. මා සිතන පරිදි ප්‍රසන්න විතානගේගේ මෙතෙක් සිනමා චාරිකාවේ අග්‍ර ඵලය තමයි පවුරු වළලු.
ස්ටැන්ලි හවුටන් කියන්නේ 19වන සියවසේ හා 20වන සියවසේ මුල් දශකයේ ජීවත් වූ ඉංග්‍රීසි ලේඛකයෙක්. හෙන්රික් ඉබ්සන්ගේ ආභාසයෙන් නාට්‍යකරණයේ යෙදුණු හවුටන්ගේ The Dear Departed (සමු ගත් ආදරණීයයා) නාට්‍යය මේ ප්‍රශ්නය ඉතා ගැඹුරින්, උපහාසාත්මක ලෙස විවරණය කරනවා.
එහි කතාවේ ප්‍රධාන චරිතය වන ඒබල් මහලු මිනිහෙක්. ඔහුගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ නිවසක ජීවත් වන ඔහු එක් දිනෙක බීමතින් ගෙදරට පැමිණීමෙන් පසු මිය ගොස් ඇති බව දකින්නට ලැබෙනවා. අනෙක් දියණිය එන්නට කලින් නිවස හිමි කාන්තාව ඒබල්ගේ ලියන මේසය හා ඔර්ලෝසුව ඔහුගේ කාමරයෙන් පිටතට ගෙන එනවා. එපමණක් නොවෙයි, නිවසේ පිරිමියා ඒබල්ගේ සෙරෙප්පු කුට්ටමත් ගන්නවා.
ඔවුන් ලහි ලහියේ මේ සියල්ල කරන්නේ අනෙක් දියණිය සිය සැමියා සමග පැමිණෙන්නට කලින්. ඔවුන් පැමිණි පසුත් ඔවුන්ගේ අවධානය ප්‍රධාන වශයෙන් යොමු වන්නේ මහල්ලාගේ රක්ෂණය හා සෙසු වත්කම් වෙතටයි.
මේ අතර දෙමව්පියන්ගේ උවමනාවක් සඳහා මහල්ලාගේ කාමරයට යන නිවසේ කුඩා දියණිය සීයා අවදි වෙමින් සිටින බව කියනවා. මොහොතකින් ඔහු පහළට එනවා. ඉන් පසු මොකක්ද වෙන්නේ කියා මා නො කියන්නේ ඉංග්‍රීසියෙන් මේ රසවත් කෙටි නාට්‍යය කියවන්නට කැමති අය වෙනුවෙනුයි.
මෙම නාට්‍යය කලකට ඉහතදී අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය විෂය නිර්දේශයටත් අයත් වුණ නිසා එම විෂය ඉගෙන ගත් අයට මතක් වෙනවා ඇති.
එය මෙතැනින් ඔබටත් කියවන්නට පුළුවන්.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ඔතන ප්‍රශ්ණය තියෙන්නේ ළමයි හදන ආකාරය අනුව
ReplyDeleteඔහු වැපිරූ දෑ ඔහු අද නෙලනවා...
අපේ දෙමාපියන් හා දරුවන් අතරේ තියෙන්නේ මහා අධිකාරි බලයක් වගේ දෙයක්..
එහෙම නැතිව දරුවන් මිතුරන් මෙන් සලකා කටයුතු කළාම ඔය ප්‍රශ්ණ කිසිවක් නෑ..
එතකොට නාකි වෙලා වැන්දඹු උනාම ආයේ බඳින්න (xඕනx)වෙන්නේ නෑ, හය්යෝ සොරි වෙලානේ.
Deleteපැරා මේකේ මූලාශ්‍රය හොයල දෙන්න කෝ
Delete/මේ අතර, “2008දී කරන ලද ලෝක බැංකු අධ්‍යයනය“කින් හෙළි වූ කරුණක් වන්නේ දරුවන් සමග ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 37.1%ක් පමණක් බවයි. තවත් 39.7%ක් ජීවත් වන්නේ වැඩිහිටි නිවාස වැනි විකල්ප වැඩිහිටියන් බලා ගැනීමේ ක්‍රම තුළ ය.//
මේ දත්තය මා ගත්තේ විද්වතකුගේ පත්‍රිකාවකින්. එහෙත්, මා ඒ මුල් වාර්තාව සොයාගෙන බැලූ කල දැනගන්නට ලැබුණේ මේ දත්තයේ වරදක් ඇති බවයි. එය නිවැරදි විය යුතුයි. මුල් වාර්තාව මෙතැනින් http://siteresources.worldbank.org/INTSRILANKA/Resources/LKAgingFullRep.pdf
Deleteමෙය මෙසේ නිවැරදි කරන ලදී. ලංකාවේ වැඩිහිටියන්ගෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන්නේ තනිව හෝ වැඩිහිටි නිවාස වැනි විකල්ප වැඩිහිටියන් බලා ගැනීමේ ක්‍රම තුළ බව ද 2008දී ලෝක බැංකු අධ්‍යයනයකින් හෙළි විය.
Deleteමුල් වාර්තාව සොයා ගැනීමට පෙළඹවීම සම්බන්ධයෙන් ස්තුතියි.
ලින්ක් ඒකට සහ නිවැරදි දත්තවලට ස්තූති,හරිම අවිශ්වාසබල් ඉලක්කමක්ෙන් තිබ්ෙබ්.
Deleteඒ අඹ මල් සුවඳ දිගේ - වන බඹරෝ රොනට එන්න
ReplyDelete- දෛව ස්ත්‍රිය
අපේ සමාජය විවාහය, ආදරය යන්න දකින්නේ ඉතා ප්‍රාථමික ලිංගික අවශ්‍යතාවයක් ලෙස. මේක සංස්කෘතික ගැටලුවක්. ආගමික ඉගැන්වීම් පවා නිර්වචනය කරගන්නේ ඊට අනුවය.
ReplyDeleteWhen we really looking at it love is just a sugar coating to cover the animalistic urge for reproduction.The basic animal needs are growth,survival & reproduction.So the ultimate goal of every animals life is to just f*ck.
DeleteThe Dear Departed නාට්‍ය ගැන අහලා තිබුනට ලින්ක් එකෙන් ගිහින් තමයි හරියටම කතාව කියෙව්වේ.. ස්තූතියි..
ReplyDeleteThanks for the link!
ReplyDeleteමමත් ඒක ඉංගිරිසියෙන් කියෙව්වා. හොඳට තේරුණා.. තැන්කු..
ReplyDeleteසීයා ආයෙ බැන්දා.....ආච්චි කොටහලු වෙලා
ReplyDeleteමාර ගොන් ආතල් පැරාටත් ඉතින් .......
kugarලා එහෙම සිරිලංකාවේ ඇත්තෙම නැද්ද
"හැබැයි මෙහිදී දරුවන් මව්පියන්ගේ මෙවැනි සම්බන්ධකම්වලට විරෝධය දක්වන්නට ප්‍රධාන හේතුව තමයි දේපල අයිතිය හා සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න."
ReplyDelete- අජිත්
"කරුණාකර පොඞ්ඩකට නවතින්න. වතුපිටි වල ඛේදවාචකය ගැන කතා කරන කොට මහාධිකරණ තුමාගේ පපුව පත්තු වෙනවා. පිරිසිදු මනුෂ්‍ය හැඟීම පිළිබඳ සංකේතයක්!"
- අසඩක්
පෙර දිග මිනිස්සුගේ සංස්කෘතියට අනුව අවංක හැඟීම් ප්‍රකාශ කිරීම නොහොඹිනා කටයුත්තකි.එබැවින් වංචනිකව ජීවත් වෙති
ReplyDeleteමළගිය ඇත්තෝ කියල සිංහලෙන් කලේ මේක නේද?
ReplyDeleteහ්ම්ම්ම් සරළයි වික්ටර්ට ප්‍රේමය අහිමිද
ReplyDeleteගෑණි මැරුණට පස්සෙ, ජීවිතයෙ සැන්දෑසමය දරුවන්ට වාත වෙවී, ලේලිලාට චාටර් වෙවී, කඳුළු පෙරාගෙන,දුකම අනුභව කරමින් ඉන්නවට වඩා, නීතියානුකුලව කසාදයක් කරගෙන, අනිත් අයට වාත නොවී සතුටෙන් ජීවත් වෙන්න මිනිසෙකුට අයිතියක් නැද්ද?
ReplyDeleteඔය ලෙලුම් කොල්ල හොටු පෙරාගෙන විලාප තියන්නේ, ඔය තියනවා කියන දේපල අර ගෑනු ළමයට අයිති වෙයි කියන ඊර්ෂ්‍යාවට මිසක්, තාත්තට හෙනයක් ගැහුවා කියල දුකෙන් නොවෙයිනේ.
අනික, වික්ටර් තියා කවුරු හරි, ගෑණු දෙන්නෙක් බැරිනම් සීයක් ගත්තත්, ඒක අපේ ජීවිත වලට බලපාන්නෙ නැත්නම් අපි ඒ ගැන කලබවෙන්න ඕනේ නෑ නේද?