පුංචි ආදර පතක්


පරාජිත හද දැවේ ගිනි වැද
හිස් ය පාළු ය දෙවොල තනි වුණ
තාරකාවක එළි සිඟිත්තක
එල්ලිලා ඉමි කළු අමාවක

පෝය ගෙවි ගෙවි සඳත් එක්කම
ඉරත් එක්කම දුව ගියෙමි මම
හති වැටී බිම දන නැමෙන විට
හිස් බවකි ඉතිරි වූ එකම දෙය

අත ගාන විට හිස් පසුම්බිය
එහි කොණක විය ඈත දවසක
දෙද්දි එය එක් උපන් දිනයක
පුංචි ආදර පතක් සැඟවුණ

ආදරෙයි මං එහි ලියා ඇත
මෙතෙක් දවසක් නො දුටුවෙමි එය
පසුම්බිය හිස් වන විටත් ප්‍රිය
හිස් නො වන ඔය හදවත ය සුව


අජිත් පැරකුම් ජයසිංහ
2017-03-31


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කවියක් ලියනවට වඩා කුඹුරක් කොටන එක වටිනව අයුබොවන්.

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකැයි මේ පැත්තෙ කරන්නෙ? ගොවිරාළ ඉන්න ඕනැ කුඹුරෙනෙ.

      Delete
    2. ‍හේනටත් 4G LTE ආවරණයක් ලැබුනා කිව්ව.ඹ්ං ඉතින් පැල් රකින ගමං W3Lanka පැත්තට ගොඩවුනා.

      Delete
  2. පසුම්බිය හිස් නොවුණා නම් ඒ ආදර පත හෝ එහි ලියා තිබූ ආදරෙයි මං යන්න හෝ දකින්නේ නෑ නේද?

    ඒකෙන් හැටි.....!

    ReplyDelete
  3. චන්දස් රැකුණු අපුරුම විරිතක් සහිත හදවතට දැනෙන වදන් සහිත කවක්. අපුරුයි

    ReplyDelete
  4. කවියත් ලස්සනයි. ආලෝකය දිහාවටම එල්ල කරලා ගත්ත පින්තුරෙත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. පිංතූරෙ මගේ නෙමෙයි. අන්තර්ජාලෙන් අහුලා ගත්ත එකක්.

      Delete
  5. ++++++++++++++++++++++
    ෂේප්! 

    ReplyDelete
  6. ගංජාකාරයන්ගේ, කුඩුකාරයන්ගේ, බඩුකාරයන්ගේ කවි අතරට ඇණමුරිච්චිකාරයෙකුගේ පල්හෑල්ලක්! මේවා කවි ද බං?

    උඹ අර ටයිප් සෙටින් කෙල්ලට යවපු sms කවි ටිකක් අපි ළඟ තියෙනවා. දාන්න ද මචං? ඊශා හිතනවා අති තෝ කවි ලියන්නේ එයා ගැන කියලා. අපි දන්නවනේ උඹේ දස වැඩ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා