විමලාලෝකනය හෙවත් විමල් ආපසු හැරී බැලීම

මීට කලකට ඉහතදී දිගු කාලීනව හිරේ විලංගුවේ වැටුණු අය ආපසු ගෙදර ආවේ ම නැත. දැන් තත්වය වඩා හොඳ ය. බන්ධනාගාර නිලධාරීන් සමග සහ හිරගෙදර අයිතිකාරයන් වී සිටින පරණ සිරකරුවන් සමග ලොකු කොක්කක් දමා නො ගත්තොත් සිංහල සිරකරුවන්ට නම් කවදා හෝ ගෙදර පැමිණිය හැකි යයි බලාපොරොත්තුවක් තබා ගත හැකි ය.

දෙමළ සිරකරුවන් සම්බන්ධයෙන් නම් ගැරන්ට් කරන්නට බැරි ය. මන්ද, නඩු නැතුව, ඇප නැතුව අවුරුදු දහයකට වඩා ඉන්න අයත් ඉන්නවා ය. එසේම, කොයි වෙලාවේ හරි ජාති ආලෙ නැගලා ගියොත් වැලිකඩ-1, බිඳුණුවැව වැනි සමූහ සංහාරවලට හිර ගෙවල් විවෘත ය.

ගෝඨාභය බලවත් කාලයේ රඟ දැක්වුණු වැලිකඩ-2ට ජාතිවාදයක්වත් තිබුණේ නැත. එතැන තිබුණේ තනිකර ලේ පිපාසයයි.

කොහොම වුණත්, හිරගෙදරදී පිටතදීට වඩා මිනිසුන්ගේ ජීවිත අනාරක්ෂිත ය.

විමල් වීරවංශ මෑත කාලීනව ගත කළ ජීවිතය අනුව ඔහුට සිරගෙය අපායක් වෙන එකත්, එහි සිටිනවාට වඩා මැරෙන එක හොඳයි කියා හිතෙන එකත් පුදුම විය යුතු තත්වයක් නො වේ.

විමල් සමග එකට දේශපාලනය කළ අප 1989දී සිරගත වන විට විමල්ට එයින් ගැලවී සිටීමේ හා ජීවිතය ද බේරා ගැනීමේ අවස්ථාව ලැබිණි. එහෙත්, එකට සිට මිය ගිය මිනිසුන් වෙනුවෙන් වූ හෘදය සාක්ෂිය විමල් අහිමි කර ගත්තා යයි මම සිතමි.

විමල්ට එල්ල වී තිබෙන චෝදනාව පැහැදලි දූෂණයකි. එහෙත්, එම චෝදනාවට ලක් විය යුතු තවත් විශාල පිරිසක් ආණ්ඩුවට සහයෝගය දැක්වීම ඔස්සේ බේරී ගිය අතර දැනටත් විශාල පිරිසක් අඩු වැඩි වශයෙන් එම දූෂණය ම කරමින් සිටිති.


විමල්ගේ නඩුවේ ම විත්තිකරුවන් විය යුතු ආශු මාරසිංහ සහ ලසන්ත අලගියවන්නට එරෙහිව චෝදනා එල්ල නො වීම හා විමල් පමණක් ඉලක්ක වීම පසුපස පැහැදිලි දේශපාලන මෙහෙයවීමක් ඇති බව පෙනේ.

කණගාටුදායක තත්වය වන්නේ විමල්ගෙන් වාහන ලැබූ ඔහුගේ හිතවතුන්, ඥාතීන් පවා ඔහුට පිටු පා ඇති බව දැනගන්නට ලැබීමයි.

කෙසේ වෙතත්, දැන් නඩුව තිබෙන්නේ අධිකරණයේ ය. පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශයට දේශපාලන අතපෙවීම් ඇතත්, අධිකරණයට ඒ අන්දමින් දේශපාලන අතපෙවීම් ඇති බවක් මෑත කාලීන නඩු තීන්දු අනුව පෙනෙන්නේ නැත.

විමල් වීරවංශ දැන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන්නේ කාට එරෙහිව ද යන්න පැහැදිලි නැත. ඔහුගේ දූෂණ චෝදනා යට නො ගසා විමර්ශනයට යොමු කළේ නම් ආණ්ඩුව බව පිළි ගත හැකි ය. එහෙත්, ඔහුට ඇප නො ලැබීම පසුපස තිබෙන්නේ පොදු දේපල නීති මිස වෙනත් හස්තයක් නො වේ.

මාරාන්තික උපවාසයක් කරමින් විමල් දැන් ඉල්ලා සිටින්නේ කුමක් ද? නීති නො තකා හරිමින් තමන් නිදහස් කර හරින ලෙස ද?

විමල් වීරවංශලා නීතියට උඩින් සිටි කාලයක් තිබිණි. එසේම, වර්තමානයේදී මෙන් ම, තෝරා ගත් පුද්ගලයන් සිරගත කිරීම පමණක් නො ව, ඝාතනය කළ යුගයක් ද තිබිණි. එම යුගයේ දූෂණ හා අපරාධවල නියැලුණු ප්‍ර‍ධානීන් රැසක් ම තවමත් නීතියට උඩින් බේරි බේරී සිටිති.

විමල් වීරවංශ පමණක් සිරගත විය යුතු නැත.

ඔහු සම්බන්ධයෙන් අජිත් පී. පෙරේරා කියා තිබූ කාරණය ඔහු නැවත සිහිපත් කර ගත යුතු ය. සාපේක්ෂව කෙටි කාලයක් සිරගත වී සිටි පමණින් මෙතරම් ඉක්මණින් බලාපොරොත්තු සුන් කර ගන්නේ නැතිව, හොඳ නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට උත්සාහ කළ යුතු ය.

විමල් මෙම කාලය විමලාලෝකනයක් හෙවත් ආපසු හැරී බැලීමක් වෙනුවෙන් යොදා ගන්නවා නම්, ඔහු පටන් ගත් පොත් ලියනවා නම්, පොතක් කියවනවා නම්, අනාගතය වෙනුවෙන් යහපත් දායකත්වයක් කරන්නට ඔහුට තවමත් කාලය තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඒ කාලේ විමල්ලා නීතීයට උඩින් හිටියා නම් මේ කලේ යහපාලන සෙට් එක නිතීයට උඩින් ඉන්නවා.....ඉතින් පැරා කඩේ යන අයෙගෙත් ඒ හැටි වෙනසක් නෑ...

    විමල් ප්‍රශ්ණ කරන්නේ ඩ්ෆෙන්ඩර් කුමාරිට පැය භාගෙන් ඇප ලැබිලා, උඩුවෙ සාදුට මහ නායකයන්ගේ අවමංගල්ලේට යන්න ඇප ලැබුනා නම්, තිලින් ගමගේට මහේස්ත්‍රාත් කෙනෙක් හින්දා ඇප ලැබුනා නම් තමන්ට ඇප ලැබෙන්නේ නැත්තෙ මේක දේශපාලන දඩයමක් හින්දා කියලයි මිනිහගේ චෝදනාව.....ඒ කාථාව ඇත්ත....විමල් තාම වරදකරිවෙක් නොවෙයිනේ,.....තාම චෝදනා විභාග කරනවා......ඇප ලබා දෙන්නැතුව තියෙන්නේ මේකේ දේශපාලනයක් තියෙන හින්දා...

    පැර පොඩ්ඩක් කට අරිනවකෝ මේ දේපපාලන දඩයමට විරුද්දව.....කාගේ උනත් දරුවෙක්නේ ඕයි....

    ReplyDelete
    Replies
    1. විමල්ට විතරක් නඩු වැටෙන්නේ දේශපාලන දඩයමක් නිසා විය හැකියි.

      ඒත් ඇප දෙන්නේ අධිකරණයයි. විමල්ගේ කේස් එක පොදු දේපල අපහරණය. ඒකට ඇප දෙන්න බැරි විදියට නීති දැම්මෙ සුද්දාගේ කාලෙමයි.

      හිරුනිකාට වුණත්, පැහැරගෙන ගිය මිනිහා ශේප් කර නො ගත්තොත් බඩු ම තමා.

      Delete
  2. විමලා වගෙ ego එකක් තියෙන, කාලයක් තමන්ට ඔනෙ විදිහට ජීවත් වෙච්ච එකෙක්ව කඩන්න නම් කාලයක් ඔහු තමන්ට වඩා පහත් යයි සැලකූ අය ( ආරක්ශක නිලධාරීන් ) යටතේ දිගුකාලයක් හිරේ තැබිය යුතුයි..
    උපවාසයට නම් කරන්න තියෙන්නෙ මිනිහාව Dentist Chair එකක ගැටගසා නහයට ඇතුලුකරන ලද බටයකින් දියර ආහාර ලබා දීම... අවශ්‍ය පොශනය ලැබෙන නිසා මිනිහා මැරෙන්නෙ නෑ නමුත් එකෙ වෙදනාව නිසා දවස් කිහිපෙකින් ආයිත් කන්න පටන් ගනියි... මෙය Guantanamo Bay සිර කදවුරෙ සාර්තකව ක්‍රියාත්මක වෙන ක්‍රමයක්

    ReplyDelete
  3. AnonymousMarch 23, 2017 at 8:29 PM

    හරිම අපුරුයි ඇනෝ මේවගේ ඇමරිකානු ක්‍රමයේ ප්‍රජාට්න්ට්‍රවාදය හරිම වට්ටිනවා.
    විමල් ගේ පඩ ෂෝ ගැන නම් හොදට පුරුදුයි නමුත් මේවගේ වංචනිකයන් විතරද ඉන්නේ අද කෘෂිකර්ම ඇමති මසකට මිලියන ගණනක් පාවිච්චි නොකරන ගොඩනැගිල්ලකට කුලිය ගෙවනම මේවා පොදු දේපල අවබාවිතය නෙමෙයිද පැරා

    ReplyDelete
    Replies
    1. විමලාට ගහනකොට ඔහේල වගෙ මැදමූලන සට්ටැඹියන්ට අර්ශස් අමාරුව වැඩිවෙන්නෙ හැංගි හැංගි මරාට කැහැපු එක එලිපිට කරන්න වෙන නිසාද... මේ හොරකම නෙමේ විමලයා වගෙ කාලකන්නි අවුරුදු ගානක් තිස්සෙ රටේ ජාතිවාදය අවුස්සල මැදමූලන තිරිසනාව බලයට ගෙනල්ල කරපු පාහර වැඩවලට නහයෙන් කන්න දෙන්න නෙමේ කන්න නොදී මැරෙන්න අරින්නයි තියෙන්නෙ

      Delete
    2. කෑම ප්‍රතික්ශෙප කරන කෙනෙකුට ජීවිතයට තර්ජනයක් නම් බලෙන් කැවීම අයිතිවාසියම් උල්ලංඝනයක් නෙමේ... කන්න නොදී තිබීමයි වරද

      Delete
    3. AnonymousMarch 23, 2017 at 9:42 PM

      මේ වගේ කොන්ද පනනතුව දොඩවන්නේ නැතුව මාරා ගැන ලියල තියන දේ කියවනවා
      http://lankasithuwili.blogspot.com/2015/01/blog-post.html

      රටේ පාලකය කවුරු උනත් වැරදි කරන සිට වැරදි යයි කියල තියනවා

      Delete
  4. ව්ලැඩිමීර් පුටින් රුසියාව ගොඩගත්තු විදිය තමා අපට ගැලපෙන්නේ.. උනන්දුවක් තියෙන කෙනෙක් හොයාගෙන බලන්නකෝ..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා