ලංකාව දකුණු ආසියාවේ සිරියාව බවට පත් කරමු ද?

ශ්‍රී ලංකාව ක්‍ර‍ම ක්‍ර‍මයෙන් දේශපාලන අරාජිකත්වයක් වෙත චලනය වෙමින් ඇති බව ඇතැම් විශ්ලේෂකයෝ පවසනවා. මේ වන විටත් පවතින්නේ යම් ආකාරයක මෘදු අරාජිකත්වයක්. රාජ්‍යයේ විධායකය හා රාජ්‍ය යන්ත්‍ර‍ය අතර මනා සම්බන්ධීකරණයක් ඇති බවක් දකින්නට බැහැ. ආර්ථිකයේ තිබෙන තත්වයත් අස්ථාවරයි. මෙවැනි තත්වයන් හමුවේ රටක් අතිශය භයානක තත්වයකට පත් වන්නට පුළුවන්. මේ සඳහා වර්තමානයේදී හොඳම ජාත්‍යන්තර උදාහරණය ලෙස සැලකිය හැක්කේ සිරියාවයි.

සිරියානු ප්‍ර‍ශ්නය විසින් ජාත්‍යන්තර අර්බුදයක් නිර්මානය කර තිබෙනවා. මැදපෙරදිග කලාපයේ රටවලට අමතරව රුසියාව කෙළින් ම එයට මැදිහත් වී තිබෙනවා. සිරියානු සරණාගතයන් කලාපයේ හා යුරෝපා සංගමයේ රටවලට දැවැන්ත ප්‍ර‍ශ්නයක් නිර්මානය කර දී තිබෙනවා. ඒ නිසා එක් රටක ප්‍ර‍ශ්නයක් දැන් තවදුරටත් හුදකලා අභ්‍යන්තර ප්‍ර‍ශ්නයක් පමණක් වන්නේ නැහැ.

සිරියාව මේ තත්වයට පත් වූ ආකාරය අධ්‍යයනය කර බැලීම ලංකාවට වැදගත්. සිරියාවේ අර්බුදය නිසා, එක්සත් ජාතීන්ගේ තක්සේරු අනුව, 2016 අවසන් වන විට ලක්ෂ හතරකට වඩා ජනයා මියගොස් තිබෙනවා. ලක්ෂ 63ක් පමණ රට තුළ අවතැන් වී සිටිනවා. ලක්ෂ 48ක් විතර සරණාගතයන් බවට පත් වී තිබෙනවා. එය වර්තමාන ලෝකයේ දැවැන්ත ම මානුෂීය අර්බුදයයි.

සිරියාව ප්‍ර‍ංශයෙන් නිදහස ලැබූ 1946 වසරේ පටන් ම දේශපාලන අස්ථාවරත්වයක පැවති රටක්. ඒ රටට දේශපාලන ස්ථාවරත්වය උදා වුණේ 1970දී හාෆිස් අල්-අසංද් බලයට පත් වීමෙන් අනතුරුවයි. සමාජවාදී බාත් පක්ෂයේ සාමාජිකයකු හා සුළුතර ඉස්ලාම් අලාවි ආගමික ප්‍ර‍ජාවට අයත් හාෆිස් අල්-අසාද් බලය අල්ලා ගත්තේ ලේ නො සැලූ කුමන්ත්‍ර‍ණයකින්. හාෆිස්ගේ අභාවයෙන් පසු බලයට පත් වූ ඔහුගේ පුත් බෂීර් අල්-අසාද් මේ දක්වා එරට ජනාධිපති පදවිය හොබවනවා. වසර 2006දී ඔහු ජනමතවිචාරණයකින් ඔහුගේ ධුරය තහවුරු කර ගත්තා.

සිරියානු ජනගහණයෙන් 90%කට වඩා අරාබි ජාතිකයන් වෙනවා. ජනගහණයෙන් 87%ක් ම අදහන්නේ ඉස්ලාම් ආගමයි. ඔවුන් අතරින් වැඩි පිරිස සුන්නි මුස්ලිම්වරුයි. සිරියාවේ ජනගහණයෙන් 10%ක් පමණ ක්‍රිස්තියානුවෝයි. ෂියා මුස්ලිම්, කුර්දි ආදී සුළුතර ජනකොටසුත් එරට ජීවත් වෙනවා. වසර 2016 සංගණනය අනුව එරට ජනගහණය මිලියන 17කට වැඩියි. වැඩිම ජනගහණයක් ජීවත් වන නගරය වන්නේ පසුගියදා දැවැන්ත යුද්ධයක් වාර්තා වූ, උතුරුදිගින් පිහිටි ඇලෙපෝ නගරයයි.

තුර්කියට, ඉරාකයට, ජෝර්දානයට හා ලෙබනනයට මායිම්ව පිහිටි සිරියාවේ කොටසක් වන ගෝලාන් කඳුකරය 1967දී ඊශ්‍රායලය විසින් අල්ලා ගන්නා ලදී. සිරියාව සමාජ තත්වය පිළිබඳ දත්ත අනුව බොහෝ දුරට ශ්‍රී ලංකාව වැනි රටක්. එහෙත්, අර්බුදකාරී තත්වය, යුද්ධය හා ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් පසුගිය වසර පහක පමණ කාලය තුළ සිරියාවේ ආර්ථිකය දැවැන්ත කඩාවැටීමකට ලක් වුණා.

සිරියාවේ මෑත කාලීන අර්බුදය පැන නැගුණේ බෂීර් අල්-අසාද්ගේ පාලනයට එරෙහිව ප්‍ර‍ජාතාන්ත්‍රික හිමිකම් වෙනුවේන් පැන නැගුණු උද්ඝෝෂණ සමගයි. අරාබි ලෝකයේ සෙසු රටවල පැන නැගුණු, අරාබි වසන්තය ලෙස හැඳින්වුණු, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ප්‍ර‍තිසංස්කරණ සඳහා වූ උද්ඝෝෂණ ද මෙම තත්වයට ඉවහල් වුණා. සිරියාවේ අසාද් පිය පුතු පාලනය මර්දනකාරී පාලනයක් වුණත් එහි ආගමික අන්තවාදී නැඹුරුවක් නො පැවතීම වැනි සාධනීය ලක්ෂණ ද තිබුණා. 2011 මාර්තු මාසයේදී සිරියානු රජය විසින් රාජ්‍ය උද්ඝෝෂණ සම්බන්ධයෙන් ළමයින් 15දෙනෙකු අත්අඩංගුවට ගැනීම හා වධබන්ධනයට ලක් කිරීමට එරෙහිව මතු වූ ජනතා විරෝධය ඉක්මණින් ම අති විශාල උද්ඝෝණයක් දක්වා වර්ධනය වුණා. සිරියානු රජයේ මර්දනකාරී ක්‍රියා හේතුවෙන් දහස් ගණන් ජනයා මිය ගියා. සිරියාවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සඳහා උද්ඝෝෂණ හේතුවෙන් පැන නැගුණු අර්බුදය අවසානයේදී යොමු වුණේ අතිශය ප්‍ර‍තිගාමී තත්වයකටයි.

අසාද්ගේ පාලනයට එරෙහිව කැරැලි ගැසූ සිරියානු ජාතික සන්ධානය ලෙස හැඳින්වෙන සිරියානු විපක්ෂ බලවේග අද වන විට දහසකට වැඩි විවිධ සන්නද්ධ කණ්ඩායම් රැසක් බවට පත් වී තිබෙනවා. එහි එක් මධ්‍යගත දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. සිරියාවේ ප්‍ර‍ජාතාන්ත්‍රික ප්‍ර‍තිසංස්කරණ අපේක්ෂා කරන කණ්ඩායම්වල සිට ඉස්ලාමීය රාජ්‍යය වැනි ආන්තික කල්ලි දක්වා දහස් ගණනක් සන්නද්ධ කණ්ඩායම්, සිරියානු රජයට සහාය දක්වන කුර්දි හා වෙනත් සන්නද්ධ කණ්ඩායම්, අර්බුදයට සම්බන්ධ වූ තුර්කිය, රුසියාව ආදී බලවේග රාශියක් මැද සිරියාව මේ වන විට පවතින්නේ පූර්ණ අරාජිකත්වයක් මැද යයි පැවසිය හැකියි. මේ සියල්ල මැද අවසානයේදී නැවත බලවත් වී තිබෙන්නේ බෂීර් අල්-අසාද්ට පක්ෂපාතී බලවේගයයි. එහෙත්, සිරියාවට සාමය හා ස්ථාවරභාවය අත්පත් කර ගැනීමට තව බොහෝ දුර යාමට සිදු වෙනවා.

ගැඹුරට විහිදී ගිය දේශපාලන පදනමකින් තොරව ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය වෙනුවෙන් ඇති වූ ජනප්‍රියවාදී උද්ඝෝෂණවලින් ඇති විය හැකි නරක ම ප්‍ර‍තිඵලයකට පිළිබඳ හොඳම උදාහරණය ලෙස සිරියාව සැලකිය හැකියි. මෙය ලංකාවට අදාළ වන්නේ මෙරට වර්තමානයේදී ගොඩනැගෙමින් තිබෙන අරාජිකත්වය ද තරමක් දුරට සිරියාවට සමාන වන නිසායි. පාලක සන්ධානයේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල නායකත්වය හොබවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂය හා සෙසු බලවේග අතර ද, විවිධ ජාතිවාදී හා ආගම්වාදී කණ්ඩායම් අතර ද, වාමාංශික පක්ෂ හා කණ්ඩායම් අතර ද ඇති වී තිබෙන බල අරගල හා ගැටුම් සමාජ බෙදීම හා අරාජිකත්වය පෝෂණය කරයි. මේ අතර රජයේ ඇති වී තිබෙන කඩාවැටීම හේතුවෙන් ප්‍ර‍ධාන වශයෙන් ම රජයෙන් ජීවනෝපාය හා වරප්‍ර‍සාද ලබා ගන්නා මධ්‍යම පංතිය දැඩි පීඩනයකට ලක් වී තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනික වශයෙන් වැඩියෙන් ම සක්‍රිය බලවේගය වන මෙම සමාජ පන්තිය තුළ ඇති වී තිබෙන අනාරක්ෂිත හැඟීම සමාජය තුළ දරුණු කුණාටුවකට හේතු විය හැකි බවට සංඥා නිකුත් වෙමින් තිබේ. ඒවා කල් ඇතුව ග්‍ර‍හණය කර ගැනීම වගකිවයුතු සියලු පාර්ශ්වවල කාර්යය විය යුතු ය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Ngo wala inna umbalath Dan kela hala hala balan inne mekatath oya santhasiya wenakam kiyala api dannawa

    ReplyDelete
  2. පැරා,

    ජහපාලන විප්අලේ බැහැල නෑ වගෙයි මචං. මදැයි අපිත් අල කෑල්ලක් කන්න හිටිය උඹල දුන්න බලාපොරොත්තු උඩ. දැන් මචං පනුයි ලුකයි කමු නේද?

    ReplyDelete
    Replies
    1. දේශපාලනය කියන එක තේරුම් ගන්න....... අල ගණන්, හාල් ගණන්, මිරිස් ගණන් කාර් ගණන් කියලා නාහෙන් අඬන අය ඕවා ගොඩක් ලාබ ඉන්දියාවට සංක්‍රමණය වෙන්න

      චන්ද දිනීම එකක්, රටක් ගෙනයාම තව එකක්. චන්දෙදි කියන සුන්දර කතා ඇත්තටම කරන්න බැරි බව දන්නේ චන්දේ දාන අය නෙමෙයි, චන්දේ ඉල්ලන අය. දැන දැන ඕවා කියන්නේ නොකිව්වොත් ලංකාවේ පරදින නිසා. රනිල් අච්චර පැරදුනා මෙච්චර පැරදුනා කියන්නෙත් ඒ නිසාමයි. රනිල් බොරු පොරොන්දු නොදෙන දේශපාලනේ නිසා පැරදුනා.

      Delete
  3. සිර්තියාවෙ ප්‍රශ්නය මුලින්ම ඇතිවෙන්නේ බෂීර් අසාද්ගේ පාලනයට විරුද්ධව ජනතාවගෙන් එල්ලවන සාමකාමී විරොදතා ඔහුගේ රජය ඉතා කෲර ලෙස මර්ධනය කිරීමත් සමග.. ඊට පස්සේ ජනතාව ආයුධ අතට ගන්නවා.. මුලින්ම මෙක එකාධිපතියාට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය උදෙස සටනක් උනත් අසාද්ට එරෙහිවෙන ජනයා අතර කුර්දිවරුන්, PKK වගේ ප්‍රජානත්ත්‍රවාදී කණ්ඩායම් වගේම අල් කයිඩා, අල් නුස්‍රා වැනි අන්තවාදී කන්ඩායම්ද සිටිනවා.. මේ සංවිධානවලට අවශ්ය සෙකියුලර් එකාධිපතියෙක් වෙන අසාද්ගේ රජය පෙරලා දමා සුන්නි ඉස්ලාම් ආගමික රජයක් ස්තාපිත කිරීම... මේ සංවිධාන වලට සවුදි, කුවේට්, කටාර්, තුර්කිය වැනි සුන්නි රටවලින් ආධාර ලැබෙනවා... අලවිට්-ෂියා ජාතිකයෙක් වුනු අසාද්ට ඉරානය, පලස්තීන හමාස් සංවිධානය හා ලෙබනනය ආධාර කරනවා බලයේ සිටින්නට..
    සිර්තියාවෙ ප්‍රශ්නය මුලින්ම ඇතිවෙන්නේ බෂීර් අසාද්ගේ පාලනයට විරුද්ධව ජනතාවගෙන් එල්ලවන සාමකාමී විරොදතා ඔහුගේ රජය ඉතා කෲර ලෙස මර්ධනය කිරීමත් සමග.. ඊට පස්සේ ජනතාව ආයුධ අතට ගන්නවා.. මුලින්ම මෙක එකාධිපතියාට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය උදෙස සටනක් උනත් අසාද්ට එරෙහිවෙන ජනයා අතර කුර්දිවරුන්, වගේ ප්‍රජානත්ත්‍රවාදී කණ්ඩායම් වගේම අල් කයිඩා, අල් නුස්‍රා වැනි අන්තවාදී කන්ඩායම්ද සිටිනවා.. මේ සංවිධානවලට අවශ්ය සෙකියුලර් එකාධිපතියෙක් වෙන අසාද්ගේ රජය පෙරලා දමා සුන්නි ඉස්ලාම් ආගමික රජයක් ස්තාපිත කිරීම... මේ සංවිධාන වලට සවුදි, කුවේට්, කටාර්, තුර්කිය වැනි සුන්නි රටවලින් ආධාර ලැබෙනවා... අලවිට්-ෂියා ජාතිකයෙක් වුනු අසාද්ට ඉරානය, පලස්තීන හමාස් සංවිධානය හා ලෙබනනය ආධාර කරනවා බලයේ සිටින්නට..
    බටහිර රටවල් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන්වැදුනු සිත්‍රියානුවන්ත ආධාර කලත් භූමියේ බලවත් වන්නේ අර ඉස්ලාම් අන්තවාදීන්... ඉරාකයේ අල් කයිඩා සංවිධානයේ කොටසක් වූ අයි.එස් සංවිධානය ඉරාකයේ හා සිරියාවේ පලුවක්ම අල්ලා ගන්නවා... මෙය අසාද්ට ආශිර්වාදයක් වෙනවා.. මොකද අයි.එස් සංවිධායනට පහරදෙන මුවාවෙන් රුසියාවත් අසාද්ගේ ආධාරයට එද්නවා.. රුසියාවේ උදව්වෙන් අසාද්ගේ හමුදාවඇලෙප්පෝ නගරයේ සිටින සියලුම අසාද් විරොදී කන්ඩායම් වලට හා සාමාන්‍ය වැසියන්ට දරුනු ලෙස පහරදෙනවා... අනිප්පැත්තෙන් බටහිර රටවල් අදාස්ගේ එකාධිපති රජය පෙරලීම අදහස පසෙකතබා අයි.එස් සංවිධානයට මුහුනදීමට නමින් කුර්දි හා අරාබි හමුදාවක් අරබනවා... දැන් ප්වුන් ඉන්නේ අයි.එස් සංවිධානයේ මූලස්තානය වෙන 'රැකා' නගරය මුදවා ගැනීමට ආසන්නව...

    ReplyDelete
    Replies
    1. සිරියාවේ පඹගාල පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. හෆීස් අල් අසාද් තාත්තාගෙන් පසු බෂාර් අල් අසාද් පුතාට රටේ පාලනය මාරුවුනා. හෆීස් 1971 සිට 2000 දක්වාත් 2000න් පසු බෂීර් පුතා චන්දෙ දිනුවේ තනි අශ්වයෙකුගේ රේස් එකකින්. අසාඩ්ලා ඇරෙන්නට වෙන කාටවත් ඉඩක් නෑ.

      දැන් ලංකාව සිරියාවක් වෙන්න තිබ්බේ මහින්ද මහත්තයා 2030 විතර වෙනකන් ඉඳලා ඊට පස්සේ නාමල් පුතුට පාලනය දුන්නානම් තමයි.

      රනින්-මෛත්‍රී හවුල් ආණ්ඩුව නිසා ලංකාව සිරියාව වෙනවා කියන්නේ සිරියානු අර්බුධය ගැන හරිහමන් අවබෝධයක් නැතුව ඊයේ පෙරේදා සිරියාවේ වෙනදේවල් දිලා බලන අයයි

      Delete
  4. පැරා,

    //ගැඹුරට විහිදී ගිය දේශපාලන පදනමකින් තොරව ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය වෙනුවෙන් ඇති වූ ජනප්‍රියවාදී උද්ඝෝෂණවලින් ඇති විය හැකි නරක ම ප්‍ර‍තිඵලයකට පිළිබඳ හොඳම උදාහරණය ලෙස සිරියාව සැලකිය හැකියි.//

    දැන් කෙනෙක් අහයි රනිල් මයිත්‍රී විප්ලවයත් මේකම නේද කියල.

    හැබැයි මම දකින්නේ මහින්ද කාලයේ පාලනය මිට වැඩ ක්‍රමවත් වීමට හේතු උනේ, රටේ පාලනයේ මුලික තීරණ මහින්ද ගෝටා ඇතුළු පිරිස තීරණ ගැනීමත් සෙසු ඇමතිවරුන්ට වැටුපක් ගෙවල (පින් පඩියක් ) කට වහගන ඉන්න තත්වය ඇතිකළා.

    ReplyDelete
    Replies
    1. "හැබැයි මම දකින්නේ මහින්ද කාලයේ පාලනය මිට වැඩ ක්‍රමවත් වීමට හේතු උනේ, රටේ පාලනයේ මුලික තීරණ මහින්ද ගෝටා ඇතුළු පිරිස තීරණ ගැනීමත් සෙසු ඇමතිවරුන්ට වැටුපක් ගෙවල (පින් පඩියක් ) කට වහගන ඉන්න තත්වය ඇතිකළා."

      ඉහත ප්‍ර‍කාශයෙන් ලාංකික ගතානුගතික වහල්භාවය මැනවින් ප්‍ර‍කාශවේ.

      මහින්ද කාලයේ සියලුම ක්ෂේත්‍ර‍ කඩාවැටෙමින් පැවතියත් මිලිටරි හා ජනමාධ්‍ය මගින් එය කලමනාකරනය කිරීමට සමත්විය.එසේ වුවත් වසර 2 කට කලින් 2015දී මහින්ද ජනාධිපතිවරණයකට ගියේ ඇයි?
      මහින්ද ප්‍ර‍ජාචන්ත්‍ර‍වාදී නිසාද?

      Delete
    2. මහින්ද ඉක්මණට චන්දෙට ගියේ රටේ ඇතිවෙමින් තිබුණු දැවැන්ත ආර්ථික අර්බුධය, ණය බර, ධනවත් රටවලි ඇතිවන පීඩනය නිසා සහන ණය ලබාගැනීමට නොහැකිවීම, අපනයන බරපතල ලෙස කඩාවැටීම ආදිය නිසා ඉදිරියට ගැනීමට බලාපොරොත්තුවූ දැඩි බදු හා සීමා කිරීම් දැමීමට පෙර චන්දය පවත්වා දිනා ගැනීමටයි.

      ඔස්ටෙරිටි හෙවත් දැඩි ලෙස සුභසාධන සීමා කොට, විශාල බදු පනවා ආනයන සීමා කිරීමේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට කලින් යලිත් බලය අල්ලා ගැනීම මහින්ද කල්ලියේ උවමනාව වුනා.

      ඔස්ටෙරිටි ප්‍රතිපත්ති ඉතා ඉක්මණින්ම ක්‍රියාත්මක කිරීමට දැඩි පීඩනයක් තිබුණා. එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලානම් කිසිවිටකත් චන්දයකින් දිනන්නට නොව චන්ද පවත්වන්නට පවා නොහැකිවන බව හොඳින් දන්න නිසයි මහින්ද අවුරුදු දෙකක් තියාගෙන චන්දෙට ගියේ.

      උන්නැහෙට පිස්සු කියලා වටේ හිටි මෝඩයින් පැරදුනාට පස්සේ බැන්නත් මහින්දගේ ඇතුලු කවය තත්වය මැනවින් දැනගෙන හිටියා.

      Delete
    3. අරුණMarch 4, 2017 at 7:48 AM,

      //ඉහත ප්‍ර‍කාශයෙන් ලාංකික ගතානුගතික වහල්භාවය මැනවින් ප්‍ර‍කාශවේ.//

      යමක් තුලනාත්මකව සිතීමට නොහැකි එක්පර්ශවයක් වෙත විශ්වාසය කරන, තම පක්ෂය කරන ඕනෑම දෙයක් හොද ලෙස දකින විරුද්ද පක්ෂය කරන ඕනෑම හොදදෙයක හොදක් නොදකින් කුහක බව නිසා සිදුවෙන්නේ මොකද්ද කියල බොහෝදෙනාට තේරුම් ගන්න බැරිවී තිබෙනවා.

      මම ඉහත ප්‍රකාශයෙන් සදහන් කරන්නේ මහින්ද යුගයේ තිරසාර ලෙස "consistent" යුද්දය කිරීම නිසා ත්‍රස්තවාදය වසර 3 වැනි කාලයකදී ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට හැකිඋනා, මෙය පෙර එක්සත් ජාතික පක්ෂයට කරන්න බැරි උනේ ඇයි ඔවුන් එක කලක යුද්දයට යනවා තවකලක සාමයට යනවා නමුත් මේ වැනෙන ක්‍රමය මහින්ද ඔහුගේ සහෝදරයා සමග ඉවර කරනවා, ඔහුගේ කාලයේ තමයි ආසියාවේ ඉහලම වර්දනය ඇති කොටස්වෙලදපොල තිබුනේ එහෙම උනේ ඇයි ? රට පාලනය සහ තීරණය ගත්තේ කීපදෙනෙක්, එක අමතිකෙනෙකුට එකකුත් තව අමතිකෙනෙකුට තවෙකකුත් කියන්න ඉද්තිබ්බේ නෑ.

      අද වෙලා තින්නේ මොකද්ද ? රටේ අගමැති වරයාම කියනවා රට එකතැන පලවෙනවා කියල රටේ ජනාධිපති කියනවා රට ඇමතිවරු ඇතුළු නිලදාරීන් හොරු කියල, රටේ මුදල් ඇමතිවරයා කියනවා විනිමය අනුපාතිකය 130ට ගෙන එන්න බැරි මහින්ද යුගයේ මහබැංකුවේ ඉන්න නිලදාරීන් ගේ බාදා නිසා කියල, දැන් ඔබ කියයි ඔක තමයි ප්‍රජාත්න්ට්‍රවාදය කියල, හැබැයි වෙන්නේ මොකද්ද මෙහෙම ප්‍රසිද්ධියේ කියන රටක ආයෝජනය කිරීමට විදේශ ආයෝජකයන් පිස්සෝ රැලක්ද ?

      කණ්ඩුළ හස්තිගිරිMarch 4, 2017 at 9:36 AM,

      //ඔස්ටෙරිටි ප්‍රතිපත්ති ඉතා ඉක්මණින්ම ක්‍රියාත්මක කිරීමට දැඩි පීඩනයක් තිබුණා. එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලානම් කිසිවිටකත් චන්දයකින් දිනන්නට නොව චන්ද පවත්වන්නට පවා නොහැකිවන බව හොඳින් දන්න නිසයි මහින්ද අවුරුදු දෙකක් තියාගෙන චන්දෙට ගියේ.//

      සම්පුර්ණ ඇත්ත !!!

      මේක මම නෑ කියන්නේ නෑ, දැන් බලයට පැමිණිලා තියන රජයට විදේශ පීඩනයක් නෑ, නමුත් කනගාටුදේ තමයි මොවුන්ට කිසියම් එක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බැරිවී තිබීම. එක ඇමතිකෙනෙක් එක මතයක් ඉදිරිපත් කරනව ජනාධිපති ඔහු ගේ තීරණය වෙනස් කරනවා.

      මෙහෙම තියෙද්දී විශාල වංචා සිදුවෙනවා, හොරට ගැසට් නිවේදන අච්චු ගසනව (කවද වෙච්ච දේද ?) මහින්ද යුගයේ විශාලා වංචා කලබව කියවෙනවා ඔහු මාර්ග වලින් කෝටිගණන් ගසා කෑ බව කියනවා, දැනට වසර 2ට කලින් මෙවැනි දුෂණ අල්ලන්න පුළුවන් තක්ෂණික විගණනයකින් බව කිවේ පාටලී චම්පක රනවක අද තත්වය කුමක්ද ? ත්ක්ෂනකික විගනනයට නිලදාරී පත්කිරිමවත් සිදුවෙලා නෑ වසර 2කක් ගත වෙලත්, හැබැයි වංචාවලට සම්බන්ද සමාගම් වලටම අලුත් කොන්ත්‍රාත් ලබාදීලා තියනවා, හැමෝම හැමෝටම දොස් කියනවා (ඒ අතින් හරිම ප්‍රජාත්න්ට්‍රවාදී ) හැබැයි කවුරුවත් වරදකරු වී දඩුවම් ලබල නෑ.

      හිටපු ජනාධිපති ඩොලර් බිලියන ගණනක් විදේශවල ඔහුගේ නෑයන් ගේ නමින් ගිණුම් වල තිබුන බව කියන්නේ රජයේ ඇමතිවරයෙක් නමුත් ගතයුතු නීතිමය පියවර වසර 2කක් ගිහිල්ලත් අරගෙන නෑ

      මේ විදියට බලපුවහම රජයන් දෙකේ වෙනස නිර්පාක්ෂිකව බලන්න බැරිකම නෙමෙයිද වහල් කම කියන්නේ ?

      Delete
    4. තව එකක් අපට අධිවේගී මාර්ගයේ යන ගමන් කියන්න පුළුවන් මහින්ද මෙවයෙන් කොටිගණන් වංචාකල බව, නමුත් මහත්වරුනේ මහබැංකු වංචාව නිසා වෙන පාඩුව ගැන කතාකරන විට එම පාඩුව නිසා රටේ මහජනයා බුක්තිවිදින කිසියම් ප්‍රතිලාභයක් තියනවද ? (ඕකට අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ බැන නම් ලබන ප්‍රත්ලාබ ගැන කියල දෙයි )

      Delete
    5. පොන්න ඇනෝනිමස්March 4, 2017 at 8:44 PM

      //මහින්ද යුගයේ තිරසාර ලෙස "consistent" යුද්දය කිරීම නිසා ත්‍රස්තවාදය වසර 3 වැනි කාලයකදී ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට හැකිඋනා, මෙය පෙර එක්සත් ජාතික පක්ෂයට කරන්න බැරි උනේ ඇයි ?//

      2009 යුදමය ජයග්‍ර‍ණය මහින්ද - ගෝඨාභය විසින්ම සිදුකලා යැයි සිතීමට Lankika Sithuwiliට ශුද්ධමය අයිතියක් ඇත.එමෙන්ම රනිල්-මෛත්‍රි විසින්ම ජන 08 ජයග්‍ර‍ණය කලායැයි සිතන්න යහපාලන රසිකයෙකුටද අයිතියක් ඇත. මෙවැනි ජනප්‍රිය මතුපිට තලයේ අදහස් ලංකාවේ මිනිසුන් කෝටි ගනනක් අතර ඇත.
      නමුත්2005 පසු ඉන්දීය සාගර කලාපයේ බලතුලනය ගැන Lankika Sithuwili දැනුවත්ද?
      ප්‍ර‍භාකරන් චීනය ගැන ඇතිකරගත් අවතක්සේරුව හා මහින්ද චීනය ගැන ඇතිකරගත් අධිතක්සේරුව ඔවුන්ට කුමන ප්‍ර‍ථිපල උදාකර දුනිද?
      පැරා සමග ඉදිරියට සංවාදයක් ගෙනයමු.

      Delete
  5. ආණ්ඩුව කරවන වුන් මිනිස්ස්සුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න ඔඅනේ..මොකද ආණ්ඩු පවතින්නේ මිනිස්සු නිසා ..අපේ රටේදී වෙන්නේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වැල හැටියට නෙවෙයි වෙන්නේ ආණ්ඩු කරන දෙස පාලකයන්ගේ සිතුම් පැතුම් තමයි ක්‍රියාත්මක වෙන්නේ..

    අපේ රටේ මිනිස්සුත් චන්දෙ ඩි බලන් ඉන්නවා තමනට කොරයි කියලා..ඒ වුනාට මිනිස්සුන්ට කෙලිනවා ඉවරයක් නැතිව..අපේ මිනිස්සුන් හැමදේම පරම පරම්පරාවට චන්දෙ දීපු මිනිස්සු නිසා තමයි ඔය කියන එකම කොට්ටසේ හැමදාම ඉන්නේ

    ReplyDelete
  6. ලෝක පරිමාණව අද ධනේශ්වර ක්‍රමය සීඝ්‍ර කඩාවැටිමකට ලක්වී තියෙනවා ඇමරිකාවෙී ස්වෝත්තමවාදී ට්‍රමිපි බලයට එන්නෙත් මෙී සංදර්බය තුලයි.මෙය තත්ත්වය වමෙි අය කාලයක පටන් දුටුවත් අනාගත ලෝකය භාර ගැනීමට තරමි ප්‍රාෙයා්ගික වමෙි ව්‍යාපාර නොතිබීම මෙි ව්‍යසනයෙන් ලෝකය බෙීරාගැනීමට ඇති බරපතල අභාග්‍යකි.බොහෝ වමෙ පක්ෂ ධනපති සභාග.අවස්ථාවාදය.බඩගෝස්තරවාදය හා කටිටිවාදය නිසා බරපතල ඛාදනයකට පත්වෙලා.නැවත ගෙඩඑන්න බැරි තරමටම.ඒගොල්ලන්ට කමිකරැ පංතියට ඉදිරිමග පෙන්වනවා තියා එදාවෙිල සොයාගන්නෙත් ධනපති ගුබිබෑයමිවල ඉදුල් වලිනි.

    ReplyDelete
    Replies
    1. ධනේෂ්වර ක්‍රමය කිසිදා වැටෙන්නේ නෑ. ඒකට හේතුව ධනේෂ්වර ක්‍රමයේ ඇති අනුවර්තනය වීමේ හැකියාව. ඇමරිකාව හැමදාම ධනේෂ්වර වුනත්, හැමදෑම ඇමරිකන් ධනවාදය කාළානුරූපව අනුවර්තනය වුනා. සමාජවාදී ආර්ථික ක්‍රම වැනසෙන්නට හේතුව ඒවායේ අනුවර්තනය වීමේ නොහැකියාව.

      ඩෙංෂියාඕ පිංග් මෙය තේරුම් අරගෙන චීනයේ පාලනය කොමියුනිස්ට් ක්‍රමයට යන අතරේ ආර්ථිකය ධනවාදයට හැරෙව්වා. සෝවියට් දේශය කඩා වැටෙද්දී චීනය දැවැන්ත ලෙස ඉදිරියට යාමට හේතුව ඒකයි. අද ධනවාදී රුසියාව ඒදා සමාජවාදී සෝවියට් රුසියාවට වඩා බල සම්පන්නයි.

      Delete
    2. ට්‍රම්ප් බලයට එන්නේ නම් ධනවාදයේ ඉලව් කඩා වැතීමක් නිසා නෙමේ.. අද ඇමරිකාවේ ආර්තිකය සංවර්ධිත රටවලින් ඉදිරියෙන්ම තියෙන එකක්.. අනෙක ඔහු ආරක්ෂනවාදී ආර්තිකයකත කැමැත්තක් ඇත්තෙක් මිස 'ස්වෞත්තමවාධියෙක්' නෙමේ... ට්‍රම්ප්ට චන්දය දෙන්නේ ඇමරිකාවේ වැඩකරන පන්තියේ ජනයාට තවත් රැකියා අවස්තා ලබදීමත ඔහු දුන් පොරොන්දු නිසා හා හිලරි ඇතුලු ඩිමොක්‍රැටික් පක්ෂය තමන්ත චන්දය නොදෙන සුදු ජාතිකයින් 'ජාතිවාදීන් හා නූගතුන්' ලෙස හංවඩු ගැසීමේ ප්‍රතිපලයක් ලෙසට

      Delete
  7. අවුරුදු 30ක දරුණු යුද්ධයක් පහු කරපු රටක්, ආයෙත් ආණ්ඩුවක යම් යම් දුර්වලතා තියෙනවා නිසා අරාජික වෙනවා කියනවනම් එවැනි අය තේ කෝප්පයේ කුණාටු හා බේසමේ මිනීමෝරුන් දකින්නන් ලෙස යෝජනා කරන්නට කැමතියි.

    මේ ආණ්ඩුවේ වගේම මහින්ද ආණ්ඩුවෙත් දුර්වලතා තිබුණා. ඒත් මහින්දගේ ආණ්ඩුවත් අති විශාල වැඩ කොටසක් කලා. ඒවා හොඳනෑ කියලා ඔබතුමාලම අරගල කරලා ගෙනාපු ආණ්ඩුවේ කකුලෙන් අදින්න ඔබතුමාලා සිදුකරන වෑයම විහිලු සහගතයි.

    විවේචනය කරන්න, වැරදි පෙන්නන්න.... ඒත් මේවගේ කතා උඩ ගෙඩි සපයන්නේ ඔබලා කියන ජාතිවාදී, පවුල් වාදී මහින්දටම නේද? මේ ආණ්ඩුවේ හොඳක් දකින්නේම නැද්ද? ඔවුන්ට ඇති අභියෝග ගැන අවබෝධයක් ඇත්තේම නැද්ද?

    දැන් ඉතින් තරහ ගිහිල්ලා මම දාපු අනෙක් කොමෙන්ටු වගේ මේකත් මකා හරින්න පෙතා පැරා මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ඔය ප්‍රොෆයිල් එකෙන් දාපු වෙන කමෙන්ටු නම් මම මකා දාලා නැහැ.

      මේ ආණ්ඩුව සම්බන්ධයෙන් මට කියන්නට තිබෙන්නේ මේකයි. තවමත් කකුලෙන් නො ඇද ඉන්න එක්කෙනා දෙන්නාගෙන් මමත් කෙනෙකු වෙන්නට පුළුවන්.

      හැබැයි ඉතින් ආණ්ඩුව තමන් විසින් ම කකුල මඩේ ඔබාගෙන ඇදලා සෙරෙප්පුව කඩාගන්නකොට ඒක බලන්න ගියොතින් අපට වෙන්නෙ ඇස්වල මඩ වීසි කර ගන්නටයි.

      අපි ඒක කරන්නෙ නැහැ. අනෙක, අපට වැදගත් වන්නේ අරමුණ හා පාලනය හා ජනතා බලවේග ඒ අරමුණ වෙනුවෙන් කරන කාර්යභාරය මිසක් ආණ්ඩු හෝ නායකයන් නොවෙයි.

      නායකයන්ට තමන්ගේ සහායක බලවේගය නො වැදගත් වෙන සංදර්භයක් ඇතුළේ අප මොකට ද කාගෙවත් පාන්වලට හොදි වෙන්නෙ?

      Delete
  8. ඉස්ලාමය යනු ජාති(ක)වාදයට විරුද්ධ දහමක්.
    ලාංකික ජනවාර්ගික අර්බුදය හමුවේ ජාත්‍යන්තරවාදී ලෙස එයට මුහුණ දුන්නේ මුස්ලිම් වරු සහ යෙහෝවාගේ සාක්ෂිකාරයින් පමණයි.
    බෞද්ධයන් සිංහල ජාති(ක)වාදයටත්, කතෝලිකයන් සහ වාමාංශිකයන් දෙමළ ජාති(ක)වාදයටත් සහයෝගය දැක්වූවා.
    සිරියානු අර්බුධයට ප්‍රධාන හේතුව ඉස්ලාමයේ පවතින මෙම ජාත්‍යන්තරවාදය නිසා සිරියානු ජාතිකත්වයක් ගොඩනැඟිම වැලකී තිබීමයි.
    කෙමල් අතා තුර්ක් මහතා මෙම තත්වය දැක ඉස්ලාමීය ජාත්‍යන්තරවාදයට එරෙහිව තුර්කි ජාතිකත්වයක් බිහිකිරීමට කටයුතු කලා.

    ReplyDelete
    Replies
    1. ඉස්ලාම් අන්තවාදය ජාත්‍යන්තරවාදයක් නෙමෙයි. එයට ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් නිර්මානය කරන්නට පුළුවන් වුණාට මුස්ලිම් ජනයා තව දුරටත් ගෝත්‍රවාදයට තල්ලු කිරීම හැර පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමේ හෝ අධිරාජ්‍ය ගොඩනැගීමේ හැකියාවක් නැහැ. කොටින් ම බෝකෝ හරාම් වගේ ව්‍යාපාරවලින් සමන්විත ඉස්ලාම් ජාතිවාදයට කිසිදු ප්‍රගතිශීලී කාර්යයක් කරන්නට බැහැ.

      ඉස්ලාමය ජාතිකවාදයට විරුද්ධ ආගමක් වන්නේ එය ජාත්‍යන්තරවාදී වන නිසා නෙමෙයි, ගෝත්‍රවාදී වන නිසායි.

      ජාත්‍යන්තරවාදය කියන්නේ එවැනි දෙයක් නෙමෙයි. ජාත්‍යන්තරවාදය සේවය කරන්නේ දියුණු, පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනගන්නටයි.

      Delete
    2. //ඉස්ලාමය ජාතිකවාදයට විරුද්ධ ආගමක් වන්නේ එය ජාත්‍යන්තරවාදී වන නිසා නෙමෙයි, ගෝත්‍රවාදී වන නිසායි.//


      Ajith Ehenam Islam Aagamata Shot ekak dunnaa.

      Mathugama Muslims Ayata Honda Muhuna Pennagena Inma Athare Mehe Islam Aagamata Apahaasa karanawa Adai Dakke..

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. //ඉස්ලාම් අන්තවාදය ජාත්‍යන්තරවාදයක් නෙමෙයි. එයට...//

    ඉස්ලාමය තුල ජාත්‍යන්තර මූලයක් නැතුවා නොවේ තියෙනවා. තුර්කියේ එර්ඩොගාන්, ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්ව, ටියුනේසියාවේ එන්නහ්ඩා පක්ෂයට එහෙම ප්‍රවණතාවයක් තිබුණා. නමුත් තුර්කියේ හැර අන් රටවල්වල එය සාර්තක වුනේ නැහැ. ඒ නිසාම ඒ රික්තකය අන්තවාදීන් විසින් පිරවීමේ ලොකු හැකියාවක් තියෙනවා

    ReplyDelete
  12. උපකල්පනයකි

    දෙමල ජනතා නියොජනය විසින් මෙසෙ ප්‍රකාශ කරන ලදී

    අප දන්නවා මෙය සි0හල රටක් කියා අපටත් සම අයීතිවාසිකම් දෙන්න මෙරටෙ ජීවත්වන්න......


    හිතන්න දෙමල ජාතිය මෙවචනය කියාගන්න බැරිතරම් පෞඞ නිසා තමා
    සියල්ල වන්නෙ.

    නමුත් ඔවුන් වෙනත් ජාතීන් ඉදිරියේ ඓලෙස නොවෙ.

    මෙය අනෙක් දිශාවට සිදුවූවත් ප්‍රශ්නය ඉවරය......නමුත් 2100 වනතුරු ප්‍රායොගික නොවනු ඇත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා