අඟහරුවාදා රෑ තමයි රෑ

පුංචි කාලෙ මං 
මාර්තු 21, අඟහරුවාදා රාත්‍රී 9.30ට මාත් එනවා ස්වාධීන රූපවාහිනියට බ්ලොග් ගැන කතා කරන්නට. තරහකාරයන්ට, ඉරිසියාකාරයන්ට, කඩාකප්පල්කාරිත්වයට ලොල් අයට, නිර්නාමිකව ආතල් ගන්නා නම ගැන සැලකිලිමත් පඬිවරුන්ට ආදී කොයි කාටත් ආරාධනා කරනවා බ්ලොග්කරණය ගැන කතා කරන්නට. බලන්න කවුද ඇත්ත කියන්නෙ?

පුංචි කතාවක් කියන්නම් දැනට. ජොලියට මිස මනෝ විශ්ලේෂණයට නෙමෙයි. හැබැයි, එක එක විදියේ මිනිසුන්ගේ අත්දැකීම්වලින් ලෝකය තේරුම් ගන්නට කැමති බුද්ධිමත් මිනිසුන්ට මෙවැනි කතා වැදගත් වෙන්නට පුළුවන්. 

මා මේ බ්ලොගය පටන් අරගෙන දැන් අවුරුදු අටක් විතර වෙනවා. ඊට කලින් මා මේ නමින් ම වෙබ් අඩවියක් පවත්වාගෙන ගියා.

හිරු පුවත්පතෙන් ඉවත් වීමෙන් පසුව 2005දී අප කණ්ඩායමක් ලෙස මුලින් ම පටන් ගත්තේ ලංකා ලෙෆ්ට් කියලා වෙබ් අඩවියක්. අන්තර්ජාලය, වෙබ් අඩවි නිර්මානය ගැන මුළුමනින් ම අලුතෙන් ඉගෙන ගත් ඒ දිනවල ඇත්තට ම මට අන්තර්ජාල සම්බන්ධයක්වත් තිබුණෙ නැහැ.

රාජගිරියේ ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කාර්යාලයේ කොම්පියුටර් කාමරයේ රෑ එළි වෙනකල් අන්තර්ජාලය පෙරළමින් අපි තනිව ම තමයි වෙබ් අඩවි හදන හැටි ඉගෙන ගත්තෙ. මුලින් ම ඩුමේන් එකක් මිළ දී ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බ කියන්නේ ආපහු හැරිලා බැලුවා ම ඒවා රසවත් අත්දැකීම් නිසායි. ඒවා කියවන්නට, අහන්නට කැමති අයට රසවිඳින්නට පුළුවන්. මනෝවිශ්ලේෂකයන්ට ඉතින් සුපුරුදු විදියට හීනමානෙ අරවා මේවා කියන්නට පුළුවන්.

ඒ කාලෙ අපට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නට කෙනෙකු හිටියෙ නැහැ. මා බොහොම අමාරුවෙන් ඇපකාරයන් එහෙම ඉදිරිපත් කරලා, මගේ ගුරු පඩිය තැන්පත් කරන ලංකා බැංකුවේ මැනේජර්ට වැඳලා වගේ රු. 10,000 ක්‍රෙඩිට් ලිමිට් එකකට ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා. උගෙ අම්මට, ඌ ඒක දීල තියෙන්න ජාත්‍යන්තර ගනුදෙනු බ්ලොක් කරලා. අන්තිමට ඒකෙන් ඩුමේන් එක ගන්න බැරි වුණා.

දැන් මොකද කරන්නේ කියලා හොයන අතරෙ තමයි සම්පත් බැංකුවේ වෙබ් කාඩ් කියලා එකක් තියෙනවා කියලා දැන ගත්තෙ. ඒ පාර බැංකු මූලස්ථානෙට ගිහින් එයින් එකක් අරගෙන රෑක මොන්ලාර් ඔෆිස් එකේ සැදී පැහැදී තෙපර බාලා නිදි මරගාතෙ ගත්තයි කියමුකෝ ඩුමේන් එකක්. මදැයි කොළා, Lankaleft.org වෙනුවට lakaleft.org කියලා අකුරක් අඩුවෙන් නේ අරගෙන තිබුණේ. මොනවා කරන්නද ඉතින්? ආයෙ ගත්තා හරි එක.

මුලින් ම සයිට් එක ඩිසයින් කළේ WYSIWYG හෙවත් What You See Is What You Get වර්ගයේ අන්තර්ගත කළමනාකාර සිස්ටම් එකකයි. ඒකෙ ඉංග්‍රීසියෙන් ලියලා, සිංහල ලිපි පේජ්මේකර්වල ටයිප් කරලා පී.ඩී.එෆ්. ෆයිල් විදියට අප්ලෝඩ් කරලා පිටුවලට ලින්ක් එක දැම්මා. සිංහල අකුරු පේන්න පොඩි කෑල්ලක ඉමේජ් එකක් දැම්මා.

කොහොමින් කොහොම හරි සයිට් එක මාට්ටු කරගෙන දියත් කළා කියමුකෝ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ. සිසිර යාපා හරහා ඒ කාලෙ ජනමාධ්‍ය ඇමති වුණ ඩිලාන් පෙරේරා අපට සහයෝගය දුන් නිසා එයාට අපි එන්න ය කිව්වා කතාවක් පවත්තන්න. අපේ ආරාධනයක් නැතුව ම, ඒ කාලයේ පාර්ලිමේන්තුවෙන් සමු අරගෙන හිටි ඩලස් අලහප්පෙරුමත් ඇවිත් හිටියා දියත් කිරීම බලන්න.

ලංකා ලෙෆ්ට් කණ්ඩායම විදියට අප ප්‍රවර්ධනය කළේ එක රටක්; දේශයන් දෙකක් කියන සටන් පාඨය. අපේ පෝස්ටරයේත් දැක්වුණේ ඒ සටන් පාඨය. එය කොල්වින් ආර්. ද සිල්වාගේ භාෂා දෙකක් එක රටක් කියමනේ දිගුවක්. අපත් එක්ක සිටි දෙමළ සහෝදරවරුන් එක්ක තිබුණු සංවාදය ඔස්සේ තමයි ඒ සටන් පාඨය නිර්මානය කළේ. එය ජාතික ප්‍රශ්නයට ෆෙඩරල්වලින් එහාට ගිය කොන්ෆෙඩරල් විසඳුමක් යෝජනා කරපු ව්‍යාපාරයක්. 

ඒ දොරට වැඩුමෙදි අන්තර්ජාලය ගැන දන්න තරුණ දෙමළ සහෝදරයෙකු අපට සිංහල යුනිකෝඩ් ගැන ඉගෙන ගන්නට උදව් කරන්නට ඉදිරිපත් වුණා.

ඊට පස්සෙ අපි සයිට් එකට සිංහල යුනිකෝඩ් සහ පී.ඩී.එෆ්. යන දෙක ම දැම්මා. අප ඉලක්ක කළේ වාමාංශිකයන්වනේ. හැබැයි ඉතින් අන්තර්ජාලයට එන්නට වාමාංශිකයන්ගේ උනන්දුවක් තිබුණෙ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු රැඩිකල් වාමාංශික වෘත්තීය සමිති සහෝදරයන්ට අපි මේ වෙබ් අඩවිය ගැන කිව්වාම ඔවුන් විවෘතව ම කිව්වා කම්කරුවන්ට ඉන්ටර්නෙට් වැඩක් නැති බව. හැබැයි, එහෙම කියපු අය දැන් ෆේස්බුක්වලදි නැවත අපට හමු වෙනවා. කාලය මැව් වෙනසක අරුමේ.

කාලයක් යනකොට අපේ දේශපාලන කණ්ඩායම විසිරුණා. මට රට දාලා ගිහින් මාස කීපයක් ඉන්දියාවේ හැංගිලා ඉඳලා, කරමින් හිටපු රස්සාවත් නැතුව ආපහු ලංකාවට එන්නට සිදු වුණා.

හැබැයි මා අන්තර්ජාල මාධ්‍යකරණයේ දිගට ම නියැලුණා. ලංකා පේජ්, කලම්බු පේජ්, ලංකා ඊ නිව්ස් වගේ වෙබ් අඩවිවල පරිවර්තන, අන්තර්ගත රචනා ලිවීම වගේ දේවලින් තමයි ඒ දවස්වල පණ ගැට ගසා ගත්තෙ. මේවායේ රස කතා ගොඩක් තියෙනවා. කියන්නට හිතෙන්නෙ නැත්තෙ ගොන් මනෝ විශ්ලේෂකයන් මෙතන ඇවිත් දාන ගොන් පාට් හින්දයි.

ඒ කාලෙ මගේ ගෙදර අන්තර්ජාල සම්බන්ධයක් තිබුණෙ නැහැ. ඒ නිසා මුලින් ම ලංකා බෙල් CDMA දුරකථනයකින් බොහොම හෙමින් තමයි අන්තර්ජාලයට ලොග් වුණේ. ඒ ඉබ්බාගේ පිටේ FTP ක්‍රමයට ගොනු හුවමාරු කරනකොට තිබුණ ආතල් එක හිතා ගන්නට පුළුවන් නේ.

දේශපාලන කණ්ඩායම විසිරුණාට පසුව මා ලක්මැග් කියලා සඟරාවක් කළා. ඒකෙ ඉංග්‍රීසි පිටුවල ගූගල් ඇඩ් දාලා පොඩි සම්තිං එකකුත් ඒ දවස්වල හොයා ගත්තා. අපේ විජේන්ද්‍රන් නම් කිව්වෙ ලක්මැග් කිව්වා ම ඌට මතක් වෙන්නෙ කුකුළු කෑම වගේ ජාතියක් ය කියලායි. ඒකටත් වැඩි ආයුෂ තිබුණෙ නැහැ.

ඔය කාලෙ මා HTML, CSS එහෙම ඉගෙන ගෙන ඒ කාලෙ තිබුණ හෙරිටේජ් ඉනීෂියේට් වගේ වැඩසටහන්වල එහෙමත් වෙබ් මාස්ටර් වැඩේ ළාවට කළා.

ඒවාත් අවසන් වුණාට පසුව තමයි W3Lanka වෙබ් අඩවිය හැදුවෙ. මුලින් ම මේක සිංහල හෝම් පේජ් එකක් විදියට තමයි හැදුවෙ. ඒකෙ මුල පිටුවෙ සිංහල ලට්ට ලොට්ට ගොඩකට ලින්ක් එක්ක කෙටි පුවත් හා දේශපාලන විශේෂාංග ලිපි පළ කළා.

හැබැයි ඉතින් ඒවා නැගලා ගියේ නැහැ. ඒ කාලෙ සිංහල බ්ලොග් අවකාශය අවදි වෙමින් තිබුණා. කොත්තු හා තවත් බ්ලොග් සින්ඩිකේටර හරහා පාඨකයන් වැඩිපුර ගොනු කර ගැනීමේ හැකියාව ගැන මුලින් ම අපේ අවධානය යොමු කළේ ඒ කාලෙ අදට වඩා සමාජශීලී වූ බූන්දි වෙබ් අඩවියේ තරංගයි.

මහින්ද කොටි සංවිධානය පරදවා යුද්ධය දිනලා ටික දිනකින් මා වෙබ් අඩවිය වසා දමා බ්ලොග්කරුවෙකු වුණා.

ලියන එක මගේ අනුරාගයක් බවට පත් වුණේ මේ බ්ලොග් එක නිසා. තාම මා වෙහෙසට පත් වී නැහැ. ඒ නිසා බොරුවට මා අධෛර්යවත් කරන්නට දඟළන අයට මා කියන්නේ ඊට වඩා හොඳයි තමනුත් බ්ලොග් එකක් පටන් ගත්තා නම්.

හැබැයි එක රැයින් තරු වෙන්නට ඕනැ නම් බ්ලොග් එකක් කරන්නට මහන්සි නො වී ගොසිප් සයිට් එකක් කරන්න.

මා බ්ලොග්කරණයේ ඉන්න හේතුව මා කියන්නම්. මට අවශ්‍යයි දේශපාලනයේ නො නැසී ඉන්නට. අල්ලගෙන ඉන්නට. මොකුත් බලාපොරොත්තුවක් නැතුවත් ක්‍රියාශීලීව ඉන්නට. සොයන්නට. හම්බ නො වුණත් සොයන්නට.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා වැඩි වෙලාවක් නැහැ කමෙන්ට් කරන්න දැන්. තෝ ගුණමකු පාහරයා මෙතන ලියලා තියෙන කෙප්ප ගැන අපි පස්සේ කමෙන්ට් කරනවා. දැනට මේක කියන්නයි ආවේ තොට.

    තෝ ආණ්ඩුවට කඩේ ගිහින් ඒකේ හොරණෑවට පැනන් පුක මූණට නැතුව හිටු. හෙට තමා තොගේ රෙදි ගැලවෙන දවස. තෝ අපේ කෝල් කට් කරන්නේ නැතුව හිටු චන්ඩියා නම්. අපි උඹව ප්‍රශ්න කරනවා හෙට. ප්‍රශ්න කරලා තොගේ කුණු වෙච්ච චරිතේ රටට හෙළි කරනවා. උඹ මොළයක් තියෙන එකෙක් නම් හෙට තෝ ඔය රෙද්දේ වැඩසටහනට යන්නේ නැහැ. අපි කතා කරනවාට උඹ කැමති නැති නිසා අපි උඹෙන් ප්‍රශ්න අහන්න ස්වීට් වොයිස් එකක් තියෙන ලලනාවක් පත් කළා. ඕකේ නේද පැරා? උඹට තවත් වෙලාව තියෙනවා හෙට යනවාද නැතිද කියලා තීරණය කරන්න. තීරණය උඹේ අතේ. අපි සුදානම්. ඩොලර්වලට තමන්ගේ මාතෘභූමිය විනාශ කරන පාහරයා. ගුඩ් ලක්.

    ReplyDelete
    Replies
    1. පැරාට පරණ සගයෙකුගෙන් කුණු බැනුම් නේද? පැරාට මගේ කණගාටුව සහ ඒ පුද්ගලයාට මගේ පිළිකුල.

      පැරා සමාජවාදය නැතුව ධනවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පහුගිය අවුරුදු 25 කැප කළා නම් රටට වඩා හොඳ සේවයක් වෙන්න තිබුණා.

      Delete
    2. දැන් කාලෙක ඉඳන් බාලගිරි වගේ අද නොවෙයි හෙට කියන මගේ රෙදි ගැලවීම මේ වැඩසටහනේදීවත් සිදු වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

      Delete
  2. කණගාටුයි පැරා, මම නම් ඔය රූපවාහිනි නාලිකාවල යන සංවාද වැඩ සටහන් එකක්වත් බලන්නේ නැහැ. ඊට හේතුව තමයි ඒ වැඩසටහන් එකක්වත් වෙලාවට පටන් නොගැනීම. රෑ 9:30 ට පටන් ගන්නවා කිව්වට නියම වශයෙන් පටන් ගන්නේ රෑ 10:00 ට. එතකං අපි ප්‍රේක්ෂකයෝ කට්ට කාගෙන, නීරස වෙළඳ දැන්වීම් බලබලා ඉන්න ඕන. ඊට අමතරව වැඩසටහන මැද්දෙත් දැන්වීම්. වෙලාව පැය කාලෙන් කාලට කියන්නත් දැන්වීම්.

    පැරා, ඔය රූපවාහිනී කාරයින්ට කියන්න කරුණාකරලා ලංකාවේ මිනිස්සුන්ගේ අතේ දැන් හොඳ අත් ඔරලෝසු තියනවා කියලා. දැන් කොළඹ රුපියල් ලක්ෂ 3 සිට ලක්ෂ 40 වගේ විතර මිළ වෙන ස්විස් ඔරලෝසු සාප්පු නම් කීයක් තියනවද? ඒ නිසා අපිට රූපවාහිනී තිරයෙන් වෙලාව දැන ගන්න අවශ්‍ය නැහැ.

    ඔය සංවාද මණ්ඩපවලට එන අයට කියන්න පැරා, වෙලාවට රූපවාහිනී මැදිරියට එන්න කියලා. මොනම ජගතෙක් වුණත් වෙලාවට ඇවිල්ලා ඉන්න බැරි නම් ඒ හාදයාගෙන් ඇති වැඩක් නෑ. දැන් බලන්න, මම ඔය සංවාද නොබලන්න හේතුව කියන වෙලාවට ඒවා ආරම්භ නොවීමයි. එතකොට ඕවට එන අය කියන ඒවා මම වගේ අයට සන්නිවේදනය වෙන්නේ නෑ. ලංකාවේ අයට වෙලාවට වැඩ කරන්න බැරි එක නම් හරිම දුර්වලකමක්.

    ReplyDelete
    Replies
    1. itn එකේ 9.30ට පටන් ගන්නව බං. උපරිම වුනොත් විනාඩි පහක් පරක්කු වෙයි. හැබැයි පැරාලා එන්න පරක්කු වුනොත් තමයි අවුල.

      Delete
  3. පලවෙනි ඇනෝ කොමෙන්ට් එක ලියවෙන්නේ වෛරයෙන්. මට නම් පෙන්නේ බස් ගිනිතියපු කට්ටියගේ එකක් වගේ. මේ රටේ, සමාජවාදය යනු බස් ගිනි තබන්නන්ගේ එකතුවක් බවට මතයක් සමාජගත වී ඇත්තේ ඔය කොමෙන්ට් එක දාපු හුදකලා පුද්ගලයා වැනි අයගේ ක්‍රියා නිසා.

    ReplyDelete
  4. ජයවේවා.

    රෙකෝඩින් එකක්වත් බලන්න උත්සාහ කරන්නම්.

    ReplyDelete
  5. පඩ ෂෝ!!!!!!!! ඔය ෂෝ ඉතින්, අපිට පාන්ද ?

    ReplyDelete
  6. /හිරු පුවත්පතෙන් ඉවත් වීමෙන් පසුව 2005දී අප කණ්ඩායමක් ලෙස මුලින් ම පටන් ගත්තේ ලංකා ලෙෆ්ට් කියලා වෙබ් අඩවියක්./
    "හිරු" පත්තරේ ගැන ප්‍රශ්නයක්...
    සුනිල් මාධව/විනී හෙට්ටිගොඩ ගේ ප්‍රධානත්වයෙන් විමලසිරි ගම්ලත්/රෝහිත භාෂණ/මැනුවෙල් ජයසේකර වැන්නන් කර්තෘ මංඩලයේ සිටි කොල්ලුපිටියේ සී සයිඩ් එකේ කාර්යාලයේ ආරම්භ කළ "හිරු" පත්තරේද...නැත්නම් වෙන පත්තරයකද වැඩ කළේ පරා...???
    මොකද ඒ පත්තර කාර්යාලයේදි නම් අජිත් පැරකුම් කෙනෙක් කවමදාකවත් මුණ ගැහිල නෑ.

    ReplyDelete
    Replies
    1. පඩි ගන්න ගියා බං.
      මතුගම වාර්තාකරු ඔෆිස් එකේ ඉන්න නෑ.

      Delete
    2. මා හිරු පුවත්පතට සම්බන්ධ වුණේ 2000දීයි. ජාතික ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් හිරු පුවත්පතේ ස්ථාරවරය එයට සම්බන්ධ වීමට හා එහි වැඩ කිරීමට හේතු වුණා.

      මේ හිරු පුවත්පත ජවිපෙ සමග සම්බන්ධ වී සිටි යුගය නෙමෙයි. ඒ කාලය වන විට ඔය නම් ලැයිස්තුවෙන් ඉතිරි වී සිටියේ රෝහිත භාෂණ පමණයි.

      සෙරන්ඩිබ් ඔටුවන් ද ඒ කාලයේ හිරු කාර්යාලයේ සිටි බව දැන ගැනීම ප්‍ර‍වෘත්තියකි.

      Delete
    3. ඒ "හිරු" හැර වෙනත් "හිරු"

      Delete
  7. ඔබතුමා විතරද? ආණ්ඩුවේ නලාකාරයින්ම නොවන වෙනත් බ්ලොග් කරුවනුත් එනවද?

    ReplyDelete
  8. රාජිත වගේ බලය වෙනුවෙන් ඕනෑම පාවාදිමක් කරන, අවස්ථාවාදී දේශපාලකයෙක් අතින් තෑගි දෙන්නෙ බ්ලොග්කාරයන්ටත් ආදර්ශයට ගන්නත් එක්කද පැරා? අනෙක් ප්‍රා--- නෑ ඔහෙ ඕනෙ නෑ.

    ReplyDelete
  9. ජුදාස් විසින් රිදී කාසි 30 කට ජේසුස් වහන්සේ පාවා දුන්නා සේ පැරා අද රාත්‍රී 9.30 ට සියළුම අහිංසක සිංහල බ්ලොග්කරුවන් පාවා දීමට නියමිතයි.

    පැරා, උඹ මේ පාප කර්මයට දායක වෙන්න තීරණය කළේ මොන හිතකින්ද?

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි! මං දන්නෙ නැහැනේ මං මෙච්චර කලක් සියලු බ්ලොග්කරුවන්ගේ නියෝජිතයෙකු වෙලා හිටියා ය කියලා. මා හිතාගෙන හිටියෙ මේ බ්ලොග් එක ලියන්නේ මා තනියම ය කියලායි.

      Delete
    2. පැරා, උඹ බ්ලොග්කරුවන්ගේ නියෝජිතයෙක් නොවන වග හැමෝම දන්නවා. මම එහෙම එකක් කිව්වෙත් නැහැනේ... ඇයි උඹ මම නොකිව් දෙයක්, කිව්වා කියලා හිතාගෙන දුම්මල වරම අතට ගත්තේ?

      උඹ කරන්නේ සිංහලෙන් බ්ලොග් ලියන උදවියව ලංකාවේ ජඩ දේශපාලුවන්ට පාවා දීමක්. මෙතුවක් කල් ඔය ජඩ දේශපාලුවන්ට උන්ගේ හොම්බ ඔබන්න බැරි තැනකට තිබුණේ සිංහල බ්ලොග් අවකාශය. උඹලා ඒක උන්ට විවෘත කරලා දුන්නහම වෙන්නේ අහිංසක පුරවැසි මාධ්‍යකරුවන්ට මානසික අල්ලස් දීම, වක්‍ර තර්ජන එල්ල කිරීම ආදී දේවල්.

      ඊට අමතරව උඹ කරන්නේ බ්ලොග්කරුවන්ගේ අනන්‍යතාව හෙළි කිරීම. ඒකෙන් වෙන දේ උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..? අනාගතයේ දසක උඹේ පාවා දීම නිසා සිංහල බ්ලොග්කරුවන්ට තර්ජනය කිරීම, පහර දීම, පැහැරගෙන යෑම, ඝාතනය කිරීම ආදිය සිද්ද වුණොත්, ඒ දේ වෙන්න මඟ පාදා දුන්නු එවුන් හැටියට උඹටයි, අජිත් ධර්මකීර්තිටයි, අර හොර ඔප්පු ලියලා ලන්ඩන්වල හැංගිලා ඉන්න හාදයාටයි වග කියන්න වෙනවා.

      උඹ කැමති නම් අනාගතයේදී උඹේ අත්වල ලේ තවරා ගනින්. උඹ කොහොමත් ලේ රස බලන්න හදපු එකෙක් නේ...

      Delete
    3. අනන්‍යතාව හෙළි කරන්නට අකැමැතිකමයි, සම්මාන පෙරේතකමයි දෙකකට එකට යන්න බැහැ බ්‍රෝ. ඒක හරියට පාරෙ වම් පැත්තෙන් බයිසිකල් පදින ගමන් දකුණු පැත්තෙන් පයින් යනවා වගේ.

      Delete
  10. පැරා,

    //Lankaleft.org වෙනුවට lakaleft.org //

    හෙහ් හේ හෙහ් හේ

    මම වෙබ් කාඩ් පාවිච්චි කරන්නේ 2001 වැනි කාලයක. මම හිතන්නේ ඊට කලිනුත් මේක තිබ්බ.

    // එක රටක්; දේශයන් දෙකක්//

    මේවා මොන සුරංගනා වැඩද පැරා, මහලොකුවට දෙමල දේසපාලුවන් කියකිය හිටියේ අපට සොයන් පාලන අයිතිය දෙන්න වැනි පඩි කතා ඔවුන්ට උතුරු පළාත් සබාව ලැබෙනවා ඔවුන් තමන්ගේ මිනිසුන්ට කරලා තියන සේවය මොකද්ද ? පළාත් සබාවට දුන්න මුදල් නැවත රජයට දෙනවා කිසිම වැඩක් නොකර.

    මම මහින්ද වාදීයෙක් නෙමෙයි නමුත් ඔබ අවංකව සිතල බලන්න 2009 ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු දෙමල ජනයාට වැඩිම සේවයක් කරලා තියෙන්නේ දෙමල දෙසපලක්නයෝන්ද මහින්ද රාජපක්ෂ රජයද ?

    ඔය ප්‍රශ්නයට අවංක පිළිතුරක් දෙන්න පැරා

    ReplyDelete
    Replies
    1. මෙම සටන් පාඨය අප ඉදිරිපත් කළේ 2005දී සටන් විරාමය පවතිද්දී, කොටි සංවිධානය බලවත්ව තිබෙද්දී සහ දේශපාලන විසඳුමක් වෙනුවෙන් වැඩි බලපෑමකින් යුතුව සාකච්ඡා කරන්නට දෙමළ ජනයාට පුළුවන්කම තියෙද්දී.

      ඒක වර්තමානයේ ප්‍රායෝගික නැහැ.

      දෙමළ පළාත් සභාව අසාර්ථකයි. පළාත් සභාවවත් හරියට කර ගන්නට බැරුව තවත් බලය ඉල්ලන එක විහිළුවක් තමයි. හැබැයි ඉතින් ස්වයං නිර්ණ අයිතිය කියන්නේ තමන්ගේ රට විනාශ කර ගන්නට වුණත් ජාතියකට තිබෙන අයිතිය ය කියලා විග්‍ර‍හ කරන්නට පුළුවන් ස්වයං නිර්ණ අයිතිය න්‍යාය මත පදනම් වුණොත්

      මා එවැනි ස්වයං නිර්ණ අයිතියක් පිළිගන්නේ නැහැ. හේතුව ලෝකයේ දූපත් වගේ හුදකලා රටවල් කොහේවත් නැහැ. එක රටක වන දේ අනෙක් රටට අනිවාර්යයෙන් බලපානවා.

      දෙමළ ජනයාට නම් මහින්ද රාජපක්ෂවත්, උතුරු පළාත් සභාවවත් කරපු සේවයක් නැහැ. හැබැයි උතුරේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කළේ මහින්දගේ ආණ්ඩුවයි. ඒකෙන් ජනතාවට ප්‍රයෝජන ගන්නට පුළුවන්.

      Delete
    2. පැරා,

      //දෙමළ ජනයාට නම් මහින්ද රාජපක්ෂවත්, උතුරු පළාත් සභාවවත් කරපු සේවයක් නැහැ. හැබැයි උතුරේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කළේ මහින්දගේ ආණ්ඩුවයි. ඒකෙන් ජනතාවට ප්‍රයෝජන ගන්නට පුළුවන්.//

      බලන්න අවන්කවම ඔබකියන දේ කොච්චර පරස්පරද කියල
      මහින්දගේ ආණ්ඩුව යටතේ යටිතල පහසුකම් දෙමල මිනිසුන්ට ලැබිල තියනවනම් කොහොමද කියන්නේ සේවයක් වෙලා නෑ කියල? මහින්ද මොන තරම් පාහර වැඩ කලත් ඔහු කරපු හොද දේ හොදයි කියන්න ඕනේ පැරා මෙතන පැහැදිලිව මේ වාසිය ලබන්නේ දෙමල මිනිසුන්.

      අද මම SMART සම්බන්දතාවයක් යොදාගෙන 90MBPS වේගයකින් අන්තර්ජාලයට සම්බන්ද වෙනවා මොකද අග නගරයේ මේ පහසුකම තිබෙන නිසා නමුත් දුර පලාතක මා ගෙවන ගාන ගෙවල පුලුවන්ද එවැනි සම්බන්දයක් ලබාගන්න ? මෙතැනදී පැහැදිලිව මේ රටේ අගනගරයේ ජිවත් වෙන මට වැඩි පහසුකමක් ලැබිල තියනවා ගමක් ඉන්න මිනිසෙකුට වඩා එකයි ඇත්ත.

      ඒවගේ අද අනන්ත සිංහල ගම් තියනවා ඒදන්ඩෙන් එතර වෙන, මහින්ද සිංහල ජාතිවාදියෙක් නම් මුලින්ම කරන්න ඕනේ සිංහල සියලු දෙනාට උපරිම පහසුකම් දීල ඉන්පදු අන් ජාතීන්ට සැලකීමයි නමුත් මෙතැනදී අවංකව බැලුවහම මහින්ද ජාතිවාදය මත දෙමල පහත් කරලා සිංහල මිනිහට සලකල නෑ.

      ඔහු ජාතිබේදයෙන් තොරව මේවයින් සොරකම් කරලා ඇති නමුත් අපි ඇත්ත ඇති සැටියෙන් පිළිගන්න ඕනේ.

      Delete
    3. පැරා,

      //පළාත් සභාවවත් හරියට කර ගන්නට බැරුව තවත් බලය ඉල්ලන එක විහිළුවක් තමයි. //

      දෙමල දේසපාලුවෝ අපේ සිංහල කාලකන්නින්ට වඩා අන්ත ජාතියක්, දෙසපාලකයක් හරියට දෙමල මිනිසුන් ගරුකරනවා නම් ගරුකරන්න පුළුවන් එස් තොන්ඩමන් ට විතරයි අනත් උන් නිකන් බල්ලෝ වගේ පිරිසක්. එස් තොන්ඩමන් ( දැන් ඉන්න ඔහුගේ මුණුපුරා නෙමෙයි ) ඇර වෙන මොන දෙමල දෙසපාලකයද දෙමල මිනිසුන්ට සේවයක් කරලා තියෙන්නේ මට එක උදාහරණයක් දෙන්න .

      Delete
    4. ලාං සි...ඇස් තොන්ඩමන් පිලිබඳ මට පේන්නේ මුට්ටි කාසි යූනියන් කාරයෙක් ලෙස බොහෝ දුරට. ඒ මගේ ඇස් වල වරදක් වෙන්නැති. සීඩබ්සී හෙඩ් ක්වාරටර්ස් (ෆ්ලවර් රෝඩ් කිට්ටුව ) සෞම්‍ය භවන් සහ වත්තේ හුලං හෙන ඈතයි මහත්තයෝ. චරිත හොරු අරන් ගොඩක් කල් ලාං සි.

      Delete
    5. Aruna,

      ඔබ බලන්නේ සිංහලයන් වන අපේ පැත්තේ ඉදල, පොඩ්ඩක් දෙමල වතු කම්කරුවකුගේ පැත්තේ ඉදල බලන්න ඒ එඅගේම යාපනේ දෙමල ජාතිකයෙක් ගේ පැත්තේ ඉදල බලන්න දෙමල දෙසපාලකයක් ගෙන් වුන සේවය ගැන. මෙහිදී වතු දෙමල ජාතිකයෙක් ගේ පැත්තෙන් ඔබ දකීවි ඔවුන්ට සිදුවී ඇති සේවය. අනිත් පැත්තෙන් යාපනේ දෙමල මිනිහෙකුට යාපනේ දෙමල දෙසපාලුවෙක් ගෙන් උන සේවය කියන්න පුලුවන්ද ?

      Delete
    6. ලාං සි.....මට අපේ පැත්ත සිංහල නෙමේ මහත්තයෝ. මගේ පැත්ත මනුස්සයෝය. එදත්, අදත්, හෙටත් ඒකේ වෙනසක් නැත. චින්තන, දර්ශන, අහවල් එක, මෙහම එක හදන්නේ අපි මනුස්සයෝය. මම ඒ හදන තැන්වලින් ඉවත් වුනේ මට වැරදුන තැන් වලදීය. මා වරදවා ගත්තේ මගේ චින්තන අප්සට් නිසා මිස, මිනිසුන් මට වරදවා සැලකූ නිසා නොවේය. අපි හැදෙමු කියනවා හැරෙන්න වෙන දෙයක් මම දන්නේ නැත. ඔබට පැටලිලාද, මට පැටලිලාද කියා මම නොදනිමි. ඕ.ඒ. රාමයියා වැනි මිනිසුන් ගැන් කියවන්න. ඔබට ඇස් තොන්ඩමන් පකෙක් කියා වැටහෙනු ඇත. තරහවෙන්න එපා. වතු කම්කරු යූනියන්ස් ගැන කියවන්න. රතු කොඩි තරමට ඔය කොඩි හෘදයාංගම නැහැ. වත්තේ මිනිස්සුන්ට තේරුනේ නැහැ. ඕගොල්ලෝ තේරුම් ගන්න දන්නේ නැහැ. එහෙම මිනිස්සුත් ඉන්නවා. මිථ්‍යාව සහ සත්‍යය දෙකක්. ඕනනම් ගුරු පැරාගෙන් අහන්න. අද මම අහගෙන හිටියා අයිටීඑන් එකේ ගුරු බ්ලොග්ස් ගැන කියනවා තව සෙට් එකක් එක්ක. ආඬවනේ තමයි. ඒ ලෙවල් එකට බහින්න එපා.

      Delete
  11. අතීතය කියන්නෙ මාර රස කතාවක්. අත්දැකීම් තමයි ජීවිතය ඉදිරියට ගෙනියන්නෙ. අපූරුයි. හමුවෙමු හෙට.

    ReplyDelete
  12. මෙතරම් කට්ටක් කා වෙබ්සයිට් ආදිය නිර්මාණය කිරීමට තරම් දේශපාලන උනක් ඒ කාලේ තිබුනා වගේ - දැන් එය බොහෝ දුරට සුවවී ඇතැයි සිතමි
    අද බලන්න බැරිවුනත් පසුව හෝ වැඩසටහන නරඹන බව නම් සත්තයි

    ReplyDelete
  13. Para and Nalaka.. a perfect combination. ATB kiwwa!

    -Dimithri

    ReplyDelete
    Replies
    1. ගිය වසරේ නෙළුම් යාය උත්සවයේ දී පැරා සහ නාලක කළ සාකච්ඡාව.
      මෙහෙයවීම ප්‍රගීත් අනුරාධ
      https://youtu.be/CK32D-FWEUA

      Delete
  14. ටික වෙලාවක් හරි බලන්නම්

    ReplyDelete
  15. මුලින් ම වැඩේ හොදට කරන්න ලැබේවා කියලා අපිත් කියනවා. අද හවසට අනිවා බලනවා.... මොනවා වුණත් හැම දේකම හොද නරක දෙකක් තියෙනවා. මේ වෙලාවේ මධ්‍යස්ථව බැලීම හොදයි කියන තැන තමා අපි ඉන්නේ. මේවා විචාරය කරන්න යෑම කොයිතරම් වැදගත් ද කියලා අපිට වැටහෙන්නේ නැහැ. නමුත් අපි කරන දේවල් වලින් වෙන බලපෑම ගැනත් අපිට අදහසක් තියෙන්න වෙනවා. විශේෂයෙන් ම ඒකෙන් බ්ලොග්කෙරුවාවට වෙන්නේ මොන විදිහේ බලපෑමක් ද කියන එක.

    මේ වෙලාවේ බ්ලොග් ලෝකයේ වෙන සංවාද වල දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අජිත් අයියා පැරා ඇතුළු නෙලුම්යාය විසින් දරන අදහස. දෙවැන්න තමා සරසා හරහා ගොඩනැගී පවතින (ඒ පැත්තට තවත් කිහිපයක් දෙනා ඉන්නවා) අදහස. නමුත් මේ දෙකම අන්ත දෙකක්. යම් කෙනෙක් අනෙකාට බනිනවානං දේශපාලනීකරණය කරනවා කියලා ඒ බනින මිනිහා කරන්නෙත් දේශපාලනික විවේචනයක් ම විතරයි කියලා පේනවා. ඉතින් අපි මේ වෙලාවේ මේ අදහස් සහ චෝදනා දිහා බලාන ඉන්නවා.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා පැරා අයියේ. කවුරුත් හිතපු නැති විදිහට නෙලුම්යායේ වැඩේ නැගලා යද්දි සහ සම්මාන උළෙලටත් එහා ගිහින් මාධ්‍ය වල විවෘත සංවාද වගේ දේවල් වලට ඉඩ ලැබෙද්දි ඒවා ඉවසගන්න බැරිව දුකට අඩන වර්ගයේ විවේචන නම් ඉතින් කිසිත් නොසලකා ඉවතලීම තමා සුදුසු. නමුත් පොඩ්ඩක් අවධියෙන් ඉන්න විවේචනයන් විදිහට එළියට නොඑන නමුත් සැබෑ අනිසි බලපෑමක් වෙන දෙයක් තියෙනවානං ඒක හැකි තරම් දුරට අඩු කරන්න බලන්න.

    මේක අපේ අදහසක් විතරයි....... ඕනෙනං ගන්න. නැත්තං අයින් කරලා දාන්න.

    ජයවේවා........

    ReplyDelete
    Replies
    1. මට ප්‍රශ්න කිහිපයක් පිලිබඳ විමසා ගැනීමට තිබේ. මේවා අසන්නට සිදුව තිබෙන්නේ, ලොවෙත් නැති ලබ්බක් වන සමස්ත ලංකා බ්ලොග්කරුවන් නියෝජනය කරමින් මාධ්‍ය තුල අදහස් දක්වන ඒකපුද්හල බ්ලොග් සංසදයේ සභාපති යැයි කියන කලණසිරි හෝ යාය සංවිධායකයෙක් යැයි සිතනා අටමාගෙන්ය. සංසදයේ මොන වර්ගයේ පක්කිලියන් ඉන්නවාදැයි නොදන්නා නිසා හොඳ මිනිසුන් යැයි අප සිතනා, උඹලා පිලිතුරු දීම සදාචාර සම්පන්නවේ. සරසා වැනි මරාවාදී ජඩයන් මෙන්ම මෙම සම්මාන උළෙල නිසා අහිංසක ස්වාධීන බ්ලොග් කරුවන් රැසක්ද වත්මන් රජයේ සට්ටැඹියන් ගොන්නට වැටීම අතිශය කණගාටුදායකය.

      මේ කෙලින බුලේ හැටියට කාටත් පෙනෙන්නේ, හෙට අයිටීඑන් එක හරහා සෙනසුරාදාට වෝටර්ස් එජ් එක තුලට ගලන්නේ පාලක පක්ෂයේ පල්දෝරු පද්ධතිය බව අමුතුවෙන් කිවයුතු නොවේ. දිනක නුදුරේදී තවත් කංඩායමක් (සාරස ඇතුල මරාට නග්නව කඩේ යන්නන් විය හැකිය) විසින් දෙරණ හරහා කාගේ හරි බඩකඩුත්තු හෝටලයකට තවත් පක්ෂයක පල්දෝරු පද්ධතිය මුදා හැරීමේ ඉඩකඩක් ද පවතී. අද එක් පල්හොරු රැලක් විසින් කරනා දේ හෙට තවත් රැළක් විසින් කරනා බව අප අනන්තවත් දැක තිබේ. මුන් මේ සඳහා පාවිච්චි කරන්නේ අහිංසක බ්ලොග්කරුවන් වීම කණගාටුවකි. දැණුවත්ව හෝ නොදැනුවත්ව ඔවුනුත් ඒ රැල්ලට හසුවී ගලාගෙන යයි.

      ඒ කෙසේ වෙතත් මගේ ප්‍රශ්ණ මෙසේය. කුරුටු ගෑ පවුරේ උඹලාට බැරිනම් බොරු ස්වාධීනකමක් පෙන්වා මෙම හොර මගඩි නාටකයට සම්බන්ධව සිටින සිටින පැරා හෝ බ්ලොග් සංසදයේ හෝ බ්ලොග් උපදංශයේ සභාපති තුමාවත් පිලිතුරු දීම යෙහෙකි.

      1} අප කවුරුත් දන්නා ප්‍රධාන නාළිකාවක ප්‍රයිම් ටයිම් බෙල්ට් එකක් (ප්‍රචාරයට නියමිත ටෙලිනාටකයක් අවලංගු කර බවටද රාවයක් පවති. මම නොදන්නෙමි), හදිසියේම බ්ලොග් සඳහා වෙන්වන්නේ මුදල් ගෙවීමකින්ද, නැත්නම් වෙනත් මැදිහත්වීමක් මතද?

      2} ගෙවීමේ පදනම මතනම් ඒ ගෙවන්නේ බ්ලොග් සංසදයෙන් හෝ වෙනත් ආයතනයකින්ද? වෙනත් මැදිහත්වීමකින් නම් ඒ කෙලෙසින්ද?

      3} JDS Lanka නමැති වෙබ් පිටුවේ පළවූ ලිපියක්, බ්ලොග් සම්මාණයකට නිර්දේශ වන්නේ කුමන පදනමින්ද? ( ඒ ලේඛකයාට අහවල් දෙයක් ලබා දුන්නත් මට අවුලක් නැත ) නමුත් එහි පදනම කුමක් දැයි කිව මනාය. වෙබ් පිටු බ්ලොග් සමග ගැලපෙනවානම් ගොසිප් / නිව්ස් ආදී වෙබ් වලටත් මෙයින්ම සම්මාන දිය යුතුය.

      මේ ප්‍රශ්න වලට පිළිතුරු දී සිටින්න පොර ටෝක් ඉශූ කිරීමට පෙර.

      Delete
    2. යකෝ ඇයි බං මේක මගෙන් අහන්නේ...... මං ඔය ඉහත දක්වා ඇති එකෙක්වත් නොවෙමි...... අනික උඹලාගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න මට මොකේ අමාරුවක් ද බොලව්.....

      Delete
    3. කුරුටු......මේ ප්‍රශ්න සහිත කමෙන්ට් එක මම දැම්මේ මල්ලෙපොල් බ්ලොගේ. නමුත් කවුරු හරි ඇනෝ කෙනෙක් එය යම් යම් විකෘති කිරීමකට ලක්කර මෙසේ පළකර ඇත. මාගේ නියම කමෙන්ට් එක පහතින් පළකරමි. මෙය කිසිවෙකු අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් ලියූවක් නොවේ.

      //////මට ප්‍රශ්න කිහිපයක් පිලිබඳ විමසා ගැනීමට තිබේ. මේවා අසන්නට සිදුව තිබෙන්නේ, ලොවෙත් නැති අටම්පහුරක් වන බ්ලොග් සංසදයේ සභාපති යැයි කියන අපේ මිත්‍ර කමියා හෝ යාය සංවිධායකයෙක් යැයි සිතනා අටමාගෙන්ය. සංසදයේ මොන වර්ගයේ පක්කිලියන් ඉන්නවාදැයි නොදන්නා නිසා හොඳ මිනිසුන් යැයි අප සිතනා,උඹලා පිලිතුරු දීම සදාචාර සම්පන්නවේ.

      මේ කෙලින බුලේ හැටියට කාටත් පෙනෙන්නේ,හෙට අයිටීඑන් එක හරහා සෙනසුරාදාට වෝටර්ස් එජ් එක තුලට ගලන්නේ පාලක පක්ෂයේ පල්දෝරු පද්ධතිය බව අමුතුවෙන් කිවයුතු නොවේ. දිනක නුදුරේදී තවත් කංඩායමක් විසින් දෙරණ හරහා කාගේ හරි බඩකඩුත්තු හෝටලයකට තවත් පක්ෂයක පල්දෝරු පද්ධතිය මුදා හැරීමේ ඉඩකඩ පවතී. අද එක් පල්හොරු රැලක් විසින් කරනා දේ හෙට තවත් රැළක් විසින් කරනා බව අප අනන්තවත් දැක තිබේ. මුන් මේ සඳහා පාවිච්චි කරන්නේ අහිංසක බ්ලොග්කරුවන් වීම කණගාටුවකි. දැණුවත්ව හෝ නොදැනුවත්ව ඔවුනුත් ඒ රැල්ලට හසුවී ගලාගෙන යයි.

      ඒ කෙසේ වෙතත් මගේ ප්‍රශ්ණ මෙසේය. බ්ලොග් සංසදයේ හෝ බ්ලොග් උපදංශයේ සභාපති තුමාවත් පිලිතුරු දීම යෙහෙකි.

      1} අප කවුරුත් දන්නා ප්‍රධාන නාළිකාවක ප්‍රයිම් ටයිම් බෙල්ට් එකක් (ප්‍රචාරයට නියමිත ටෙලිනාටකයක් අවලංගු කර බවටද රාවයක් පවති. මම නොදන්නෙමි ), හදිසියේම බ්ලොග් සඳහා වෙන්වන්නේ මුදල් ගෙවීමකින්ද, නැත්නම් වෙනත් මැදිහත්වීමක් මතද?
      2} ගෙවීමේ පදනම මතනම් ඒ ගෙවන්නේ බ්ලොග් සංසදයෙන් හෝ වෙනත් ආයතනයකින්ද? වෙනත් මැදිහත්වීමකින් නම් ඒ කෙලෙසින්ද?

      3} JDS Lanka වෙබ් පිටුවේ පළවූ ලිපියක්, බ්ලොග් සම්මාණයකට නිර්දේශ වන්නේ කුමන පදනමින්ද? ( ඒ ලේඛකයාට අහවල් දෙයක් ලබා දුන්නත් මට අවුලක් නැත ) නමුත් එහි පදනම කුමක් දැයි කිව මනාය.

      මල්ලෙ පොල් තුමනි, මේ ගැටලුවට පිලිතුරු ලබා ගැනීමට උත්සාහ කරන මෙන් ඉල්ලමි. මගේ මේ කමෙන්ටුව, පෝස්ට් එකක් සේ සකසා හෝ ඔබේ මල්ලේ පළකරාට මගේ විරුද්ධත්වයක් නොමැත.ස්තූතියි.///////////

      Delete
    4. මා නම් ඉහත ප්‍ර‍ශ්න කිසිවකට පිළිතුරු නො දනිමි. මා මෙයට සහභාගි වන්නේ බ්ලොග්කරණය (මගේ බ්ලොගය ද සමග) ප්‍ර‍වර්ධනය කර ගන්නට ය.

      සම්මාන උළෙලක් හෝ රූපවාහිනී වැඩසටහනක් යනු මට නම් මාාාාර එකකුත් නො වේ. එය එකහෙළා ප්‍ර‍තික්ෂේප කරන්නට හේතුවකුත් මට නැත.

      මා බ්ලොග්කරණයේ යෙදෙන්නේ ඒ කිසිවක් නො වේ. මට ඒවා මගදී හමු වෙන මුත්, ඒවා හමු වීම හෝ නො වීම මට වැදගත් නැත.

      Delete
    5. පැරා...මම ඔබගේ පිලිතුරට ගෞරව කරන්නෙමි. මට ප්‍රශ්න ඇසීමේ අයිතියක්ද ඇතිබව ඔබ පිලිගැනීම පවා මහතුන්ගේ ගතියකි. නමුත් මේ සියළු ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ යම්කිසි පදනමක් මත පිහිටා සිටය. කවුරුන් හෝ පිලිතුරු ලබා දුනහොත්, මට මා නිවැරදි කර ගැනීමේ අවස්තාව උදාවේ. එය උඹ වටහාගනු ඇතැයි මම විශ්වාස කරමි.කවුරුන් හෝ බෙදාදුන් පමනින් පිඟාන ,දුටු සැනින් ගිල දැමීමේ අසික්කිත පුරුද්ද පැරාට නොමැති බව මම තරයේ විශ්වාස කරමි.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. මගේ March 21, 2017 at 6:45 PM කමෙන්ට් එක කියෙව්වද පැරා? දැන් ඒක මකන්න නේද හදන්නේ?

      සරසතුමාගේ මහත්මා ගුණය කියන්නේ.. එයා කිසිම කමෙන්ට් එකක් කපන්නේ නෑ. ඒක නිසා තමයි ඒ බ්ලොග් එක ජනතාවට සමීප.

      පැරා, ඔයාට බ්ලොග්කරණයේ තව ගොඩාක් ඉගෙන ගන්න තියනවා. අවුරුදු 8 ක් බ්ලොග් ලිය ලියා හිටියට ඔයා තවම ළදරුවෙක්.

      Delete
    8. මං මහත්තයෙක් නෙමෙයි.

      Delete
    9. මම නම් සහතිකෙන්ම අද වෙනකම් හිතුවේ පැරා මහත්මයෙක් කියලා. එය තව දුරටත් එසේ නොවේ යැයි හිතාගත්තේ ඔය අකුරු වලින් නොවේ, රූපවාහිනි මළ චොරෙන්. සමාවේයන් පැරා. මම උඹට හීනෙන්වත් මෙහෙම කියන්න හිටිය එකෙක් නොවේ. උඹ ආත්මය උඩ පැම්පර් එකක් නැතුවම චූ කරගත්තා. ඔය පාහරයෝ උඹව බ්ලොග් කාරයෝ ඉස්සරහ පිට චූ බබෙක් කරා. ඒකට වග කියන්න ඕන කවුරුත් නෙමේ, උඹට පම්පර්ස් නැතුව තූනි රෙදි ඇන්දවපු නෙලුම් පක්කිලි. මේවාට උන්ට නෙවෙයි බනින්න ඕන උඹට. උඹ පිට රට ඉන්න හාල්පාරුවන් තාම හඳුණගෙන නැහැ. පොඩි කැශුවල් ආතල් එකක් ගනින්. උඹ කලිසම් ඇඳපු දාට නැවත හමුවෙමු. ඉතාම අකැමැත්තෙන් ලියපු කමෙන්ට් එකක්. මට සමාවෙයන්.

      Delete
  16. පැරාගේ දේශපාලනය නොවන මේ වගේ දේශපාලන කතා කොයි තරං දිග උනත් කියවන් යන්න පුලුවන්. අර හාදයොන්ට බම්බු ගහන්න කියල ඉස්සර කාපු කටු ගැනත් ලිව්වනං මරු.. ඈක්කා.. අප බලයි ටීවී.. හැක්..

    ReplyDelete
  17. අජිත් පැරකුම්, තමුසෙලා සිංහලෙන් බ්ලොග් ලියන අයට මේ කරන්නේ වක්‍රව මානසික තර්ජනයක්. තමුසෙලාගේ තව අරමුණක් තමයි රජයට විරුද්ධව නිර්නාමිකව ලියන බ්ලොග්කරුවන් සම්මාන දෙන මුවාවෙන් වේදිකාවට ගෙනත් ෂෝ කේස් එකක දමා ලොවටම පෙන්වීම.

    මේවායේ අතුරු පල බොහොම දරුණු වෙන්න පුළුවන්.

    මේක නිසා ලංකාවේ බ්ලොග් ලියන්නන් ගැන මට බයකුත් එනව.

    ඒ වගේම මේකේ යටි අරමුණකුත් ඇති. තමන්ට නැතිවූ නොතිබූ දේශපාලන සම්බන්ධකම් ඇති කරගැනීම වැනි දේවල්.

    ReplyDelete
    Replies
    1. මා මෙයට සහභාගි වන්නේ ස්වාධීන බ්ලොග්කරුවකු ලෙසයි. මා නම් මුල සිට ම මෙය කළේ මගේ නමින් ම සියලු වගකීම් භාර ගනිමිනි. සම්මාන මෙන් ම අවමාන ද භාර ගත්තේ මේ මා විසින් ම ය.

      නිර්නාමිකත්වය වැදගත් බ්ලොග්කරුවන් සම්මාන ගන්නට ඉදිරිපත් නො විය යුතු ය.

      ඔච්චර බය නම් හැංගී ම හිටිය හැකි ය.

      මේවා කියන මුග්ධයන් බ්ලොග් නො ව කේන්දරයක් ලියාගෙන හිටියා නම් වඩා හොඳ ය.

      Delete
  18. අපේ නෝනා රෑ 9.30 සිරසේද,දෙරණේද මන්දා යන සිංහල හඬ කවපු මගුල් නාට්‍යක් බලනවා.නෝනාව කොහොම හරි කැමති කරවන් මේක බලන්න උත්සහා කොරන්න ඕනේ.බැරි වුනොත් ඉතින් මොනවා කරන්නද ?මොකෝ බ්ලොග් එක නිසා පවුල කඩා ගන්නැයි ...:D

    ReplyDelete
    Replies
    1. website එකේ ස්ට්‍රීම් කරන්න පුලුවන් පසුව වුනත්

      Delete
    2. ලක්ශාන්....මේක වැඩට යන්න තියෙන නිසා බලන්න වෙන්නේ නැහැ. ඔය ස්ට්‍රීම් කිරිල්ල කරන්නේ කොහොමද...මම ඇත්තටම නොදන්න නිසා අහන්නේ. දන්නවානම් අහන්නේ නෑ ලක්ශාන්...පස්සේ අයිටීඑන් වෙබ් එකේ තියෙයිද...

      Delete
    3. අරුණ ඊයේ මෙහෙ වෙලාවෙන් පෙ ව 12.10 ට පමණ අදාළ වීඩියෝව අයි ටී එන් වෙබ් අඩවියේ හෙව්වත් සමුවුනේ නැහැ - කෙසේ වුවත් අයි ටී එන් විකාශය වූ වැඩසටහන් බොහොමයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ තිබෙනවා - පසුව පැරාගේ බුකි වෝලයේ අදාළ වීඩියෝව දුටුමි

      Delete
  19. මේ පෝස්ට් එකට දාලා තියෙන කොමෙන්ට් (සුබ පතලා දාපු කොමෙන්ට් ඇර ) මට ඇත්තටම තේරෙන්නෙ නැහැ! මම නම් දන්න බම්බුවෙ නෙලුම් යායක් නැහැ. (ඒකෙ ක්‍රියාවන් හෙලාදකිනවා නෙවෙයි. මම ඒ ගැන ඇත්තටම දන්නේ නැහැ. අද දැනගන්න පුලුවන් වෙයි.) මම යාව ජීව බ්ලොග කියවන්නෙක්. මම පැරාගෙ බ්ලොගය නොවරදවාමත් රාජ්, මාතලන්, රසික, උඩුවා, ට්‍රාන්සිල්වේනියා, ඉයන්, අසම්මතයා ආදී මෙකී නොකී බ්ලොග ඒ ඒ මාතෘකාවල් අනුවත් කියවනවා. කවුරුහරි හොඳම බ්ලොගය තෝරනවානම් ඒක හරිම හොඳ වැඩක්. බ්ලොග විකල්ප මාධ්‍යයක් විදියට තව තවත් ජනතාව අතරට යාමයි අවශ්‍ය. සමහර විට අනාගතයේ ලියන්න හැකියාව කැමැත්ත තියෙන හැමෝම බ්ලොගයක් ලියාවි. මිතුරු සමාජ හැදේවි. අදහස් දැනුම විනෝදය හුවමාරු වේවි. සංවාද ඇතිවේවි (බ්ලොග බ්ලොග සඳහාද ජනතාව සඳහාද?! ;) ).

    බ්ලොග අතරත් හිරු දෙරන අයිටීඑන් ජාතිකේ වගේ නොයෙක් ලයින් තියෙන්න පුලුවන්. රිමෝට් එක තියෙන්නෙ තමන් අතේ. බ්ලොගත් ඒ වගේ තමයි. මම මරාවාදී බ්ලොග තියෙනවද කියලවත් දන්නේ නැහැ. උඩ කියපු බ්ලොග වගේ තවත් හොඳ බ්ලොග තියෙන්න පුලුවන් මම දන්නේ නැහැ. දැනගන්න විදියකුත් නැහැ. දැනගත්තත් ඔක්කොම කියවන එක ප්‍රායෝගිකත් නැහැ.

    අද රෑ වැඩසටහන ඉතා වැදගත් බ්ලොග ජනප්‍රිය කිරීමේ පියවරක් විදියට. නාලක කොහොමත් අලුත් ට්‍රෙන්ඩ් ගැන ධනාත්මකව පෙනී ඉන්න කෙනෙක්. පැරා ඇතුලු අය එක අතකට බ්ලොග් අවකාශයේ තරු කියලා සලකන්න පුලුවන්.

    සුබ පැතුම් හතර දෙනාටම! (හොස්ට් කරන්නා/කරන්නිය ගම කන එකක් නැහැ කියලා හිතනවා )

    - Dimithri

    ReplyDelete
    Replies
    1. තමුන් මහා ප්‍රාඥයෙක් කියලා හිතාගෙන නිතරම පොර ටෝක් ඉශු කරන Dimithri හෙවත් Demetrius කියන එකා යහපාලන ආණ්ඩුවේ ඇට ලොවින ලොල්ලෙක්ද කොහෙද...

      Delete
    2. බලන්න Dimithri කියන මහත්මය (කව්ද කියල මම දන්නෙ නෑ) කොච්චර මහත්මයෙක් විදියට එයාගෙ මත ප්‍රකාශ කරල තිබුනත් ඊට පහල ඇනෝ විසින් ලියන ලද කොමෙන්ටුව මොන තරම් පහත්ද කියල. ඇයි මේ මිනිස්සුන්ට මෙහෙම වෙලා තියෙන්නෙ. අපේ රටේ විතරමද මන්ද ඔය වගේ මිනිස්සු ඉන්නෙ. අපේ රට තවමත් සහ සදාකාලිකවම මෙතනම තියෙන්නෙ බහුතරයක් මිනිස්සු ඒ වගේ නිසා කියලයි මම හිතන්නෙ.

      Delete
    3. Anonymous March 21, 2017 at 2:14 PM

      දැන් එතකොට මළ පෙරේත මරා කියන කාලකණ්ණි සක්කිලි බල්ලා බලයේ ඉන්නකොට පත්තරකාරයෝ සුදුවෑන් වල කුදලන් ගියේ? එහෙම ගිහිං කලේ අනික් උන්ව බය කරලා මරාට ඕනා එක ලියවා ගන්න. ඒක හොදද? මේ කියන විදියට කීයක් හරි දෙනවා නං එහෙම අරං වැදගත් විදිහට ලියන ඒක නරකද? මටත් බ්ලොග් එකක් පටන්ගත්තොත් කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයි නේද එහෙනං? පව් ඔයි තමුසෙලා.

      -Dimithri

      Delete
    4. @ Dimithri,

      //දැන් එතකොට මරා කියන සක්කිලි බල්ලා බලයේ ඉන්නකොට පත්තරකාරයෝ සුදුවෑන් වල කුදලන් ගියේ. එහෙම ගිහිං කලේ අනික් උන්ව බය කරලා මරාට ඕනා එක ලියවා ගන්න. ඒක හොදද? මේ කියන විදියට කීයක් හරි දෙනවා නං එහෙම අරං ලියන ඒක නරකද? මටත් බ්ලොග් එකක් පටන්ගත්තොත් කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයි නේද එහෙනං? පව් ඔයි තමුසෙලා//

      රාජපක්ශ ඇතුලු කල්ලිය වැරැදි කළ බව ඇත්තය. එසේ නම් දැන් ආන්ඩුව මාරුවී ඇති නිසා ඔහුකල වැරදි සොයා දඩුවම් දීමටද පුලුවන.රාජපක්ශ වැරදිකලා කියා පරනවිතානට වැරදි කිරීමට නොහැක[පෙනෙන හැටියට මේකයට ඉන්නේ පරනවිතානය..]

      නිකන් බ්ලොග් එකක් පටන් ගත්තාටම සල්ලි හොයන්නට බැරිය. ඒ සදහා ආන්ඩුවට ලකුනු දාගත යුතුය. London-Colombo ලන්කාවට ඇවිත් යාමට ඉකොනොමි ක්ලාස් ටිකට් එකක් පවුම් 800කි. රුපියල් ලක්ශ දෙකක් පමන වේ. අජිත් මේවා ගන්නේ කොහොමද කියා හොයාබලන්න.

      Delete
    5. //හොස්ට් කරන්නා/කරන්නිය ගම කන එකක් නැහැ කියලා හිතනවා//

      හොස්ට් කරපු නෙවෙයි ප්‍රෝග්‍රෑම් එක ප්‍රසන්ට් කරපු ඩිල්ශාන් පතිරත්න නම් හොඳට කලා, හිතුවට වඩා හොඳින් ප්‍රශ්න අසමින් පොයින්ට් එකට කතා කලා. හැබැයි ආපු හතර දෙනානම් හයියූ, ගම කාල ආයෙ කෑව. පට්ට චාටර්.

      Delete
    6. ඉහත Anonymous March 22, 2017 at 2:30 AM හි මා නමින් කොමෙන්ට් කර ඇත්තේ වෙන අයෙක්.

      මම කිසිසේත්ම ඔවැනි භාශාවක් භාවිතා කරන්නෙක් නොවෙමි.

      - Dimithri

      Delete
  20. මම පැරාව පෞද්ගලිකව දන්නේ නෑ. ලියන දේවල් වලින් තමයි දන්නේ.

    නමුත් සමහර ඇනෝවන් ඉතාම ද්වේෂසහගතව ලියන කොමෙන්ටු දැක්කහම මට හිතෙනවා ඒ ද්වේශය පිටිපස්සෙ ඉහවහාගිය ඊර්ෂ්‍යාවකුත් තියනව කියල.

    //... පැරා සහෝදරයා තැනකට යන විට ගැළපෙන්න ඇඳලා යන්න පුරුදු වෙන්න. සහෝදරයා අපට කිව්වා නම් අප හොඳ කමිසයක් එවනවානේ. අනික් දේ තැනකට යන කොට ස්නානය කොට සුවඳ විලවුන් තවරා යන්න. සහෝදරයාගේ හම්පඩ ගඳට රාඩයි, කුමුඩුනියි නහයවල් වහන් හිටියේ එතන...//

    පසුගිය දවසක පැරාගේ පෝස්ටුවක් සඳහා තිබුණ, පොස්ටුවේ ප්‍රස්තුතයට අදාළ නොවන ඉහත සඳහන් කොමෙන්ට්ටුවෙන් උතුරා හැලෙන්නේ, එදා පැරා වේදිකාව මත, සුන්දර කාන්තාවන් දෙදෙනෙකු මැදින් වාඩිවී සිටීම ගැන, එම අවස්ථාව නොළද, නෙමේරු ප්‍රානයකින් උතුරා හැලෙන ඊර්ෂ්‍යාව නෙවේද?

    (මම පින්තුර වලින් දැක්ක විදියට, පාරා, ටයි කෝට් නොඇන්දට වැදගත් විදියට කොණ්ඩය සීරුවට පීරා, රැවුල පිළිවෙලට කපා, පිළිවෙලට ඇඳුමක් ඇඳන් හිටියේ.)

    හැබැයි, බ්ලොග් සම්මානයේ ප්‍රධාන අරාධිතයා වශයෙන්,

    මරාගේ අසුචි වලේ ලැගල, එකෙන් ගන්න පුළුවන් දේවල් ඔක්කොම අරගෙන, පස්සේ මරාට කෙලවෙන බව දැනගෙන මේ පැත්තට හේත්තු වෙලා, සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන රටාව නොහඳුනන, පොරක් වෙන්න හිතාගෙන අමන රෙගුලාසි (සිගරට් සිල්ලරට විකිණීම තහනම ආදී) ගෙන්න වලිකන, රාජිතය වගේ බහුබුතයෙක් ගේන එක ගැනනම් බරපතල ප්‍රශ්ණයක් තියෙනවා.

    ReplyDelete
  21. අජිත් පැරකුම් ජයසිංහ ආදිමිතුරාණෙනි,

    ඔබගේ හංසගීතිකා ගැයුමට අපි අපගේ හෘදයංගම සුභාශිංසනය පළ කරන්නෙමු. ඔබ අප හැර පියා ගිය ද අපි ඔබ කෙරෙහි දුටු සිත් නැතිතෙමු. ඔබ රාජ්‍ය මර්දන යාන්ත්‍රණයේ ප්‍රමුඛයන් වූ හමුදාවට අපගේ නම්, ගම් ලබා දී අප නැසීමට තැත් කළ ද අපි ඔබ කෙරෙහි දුටු සිත් නැතියෙමු.

    අද ඔබගේ ජීවිතයේ වැදගත් ම දිනය බව අපි දනිමු. ඔබ මෙතෙක් සැඟ ව සිරිකොත වෙනුවෙන් කළ කාර්යභාරය අද දින ප්‍රසිද්ධියේ ම කරන්නට සැරසෙයි. මෙය ඔබගේ අවසානය මිස ආරම්භය නො වේ. එනිසා ඔබ ගයන්නේ හංසගීතිකාවකි. අදින් පසු ඔබගේ ස්වාධීන පිරුවට ගිලිහෙයි.

    මෙය ඔබගේ අභිමතය යි. අපි ඔබට සුභ පතමු. සමාදානයේ සැතපේවා කුමරුවනි! රංගය අවසන ඔබගේ අවසන් වා පොද අනන්ත විශ්වයේ රැඳේවා!

    වමේ අපි (අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ලාංකික සන්ලකුණ)
    වමැ පැරැණි මිතු කැල
    වාමවාදී ස්ත්‍රී සංසදය
    වෘත්තීය බ්ලොග්කරුවන් නඟාසිටුවීමේ මර්කල් පදනම

    පසු සටහන:

    පැරා ප්ලීස් ටෝක් ටු ද පොයින්ට්. යූ ආර් ගොයින් දෙයාර් ටු ටෝක් සම්තිං පබ්ලික්. යූ මස්ට් කීප් යුවර් ප්‍රයිවට් වේල් ඇට් බේ. ස්මයිල් ඇට් ද කැමරා බට් ‍ඩූ නොට් ලාෆ් යුවර් සිනිකල් ලාෆ්ටර්. ෆෝර් ගෝඩ් සේක් ඩූ නොට් බිගිං විත් අජිත් කුමාසිරි දිස් ටයිම්. මොස්ට් ඉම්පෝර්ටන්ට්ලි ඩූ නොට් ගෙට් එක්සයිටඩ් බයි යුවර් ක්ලොස් ප්‍රොක්සිමිටි ටු රාඩා. ගුඩ් ලක් මේ‍ට්!

    ReplyDelete
  22. Great. Keep up your good work, which will benefit to the society

    ReplyDelete
  23. ශවර් එක ඕපන්ය. නාගැනීම ඔවුන් සතුය. මේතරමට බ්ලොග් එපා කිරීම පිලිබඳ රාධා, ඩබල් අජිත් සහ, නාලක ගොයියන්ට මගේ සම්මාණය. ඩිල්ශාන්ට අපේ ප්‍රණාමය!! මේ කතා තුල ඇත්තේ හැව ඇරීම් සහ පෙනේ පිම්බීම පමනි. බ්ලොග් තුලින් සමුගන්නට හිතුනේ මේ හාල්පාරුවන් අතින් අරන් කටේ ගාගන්නා හැටි පෙනෙනා විටය. මුන්ගේ පරමාර්ථය වෙනස්ම තලයක පවතී. මතුගම අජිත්ට දුක හිතෙන්නේ ඇත්තේ රාධාගේ කෝපරේටිව් ටෝක් එක නිසා කියා නොකිය සිටිනු ඇත. මට පැරා ගැන දුකය. මේ බිස්නස් එක පවරාගත් මා පරන මිතුරා ලන්ඩන් අජිත් පටන්ගත් ලෝටස් යාය , මේ ලෙසින්ම අවසන් වන බව එදා මා දන්නා මිනිසුන්ට කිව්වෙමි. මේ මුදලාලි පරමාර්ථය අද කෝදාගොඩ නෝනා ගෙඩි පිටින් වැමාරීම පිලිබඳ ඇයට ස්තූති කරමි. බ්ලොග් කරුවන්ට කොකා පෙන්වීම පිලිබඳ ඔබ හතර දෙනාට හතර වරම් දෙවි පිහිටයි!!! මම අද වැඩ හෙටට දමා ගත්තේ ජහුටා නැරඹීම ජොබ් එකට වඩා ආතල් නිසාය. නිවාඩුව මාරු කරදුන් මගේ ලොක්කට, දීර්ඝායුෂ ලැබේවා..මේක තමයි මෝට *** සෑ පැරා..අද රෑ තමයි රෑ.

    ReplyDelete
    Replies
    1. කෝපරෙට් ඇන්ඩ් බිස්නස් යනුවෙන් වෙනස්කරගන්න.

      Delete
    2. ඔව් අරුණ. මේ සියල්ල විහිලු. මට මා ගැනම තදබල කලකීර්‍රමක් ඇතිවෙනවා. මිනිසුන් මේ තරම් අවස්තාවදීද යන්න මට තේරුම් ගන්න කාලයක් ගතවුනා.

      මම මින් ඉදිරියට බ්ලොග් ලෝකයට සම්පූර්ණ තිත තියනවා. මම ජීවිතය දකින්නේ බ්ලොග්ස් තුලින් විතරක් නෙමේ. බොක්කෙ බුදුරැස් අයට එසේම පතමින් මම මෙයින් ඉවත් වෙනවා. මේක මට විහිලුවක්.

      Delete
    3. ඇත්තටම මේ වැඩසටහන බලලා මටත් බ්ලොග් එකක් හදන්නට හිතුනා.

      Delete
    4. ඇයි මට? මටත් හිතුනා. අදම පටන් ගන්නවා බ්ලොග් එකක් නෙමෙයි දෙකක්

      Delete
  24. විවාදය අනුව සමස්තයක් ලෙස ගත්කල අජිත් පැරකුම් අත්දැකීම් බහුල පළපුරුදු ජ්‍යෙශ්ඨතම ලාංකික බ්ලොග්කරුවා ලෙස පෙනීසිටි අතර බ්ලොග්කලාව ගැන ඔහු මූලික වශයෙන් කී දේ අනුව බ්ලොග්කරණයේ තව ගොඩාක් ඉගෙන ගන්න තිබෙන අපරිණත අයෙක් බව මෙයින් ඉතාම හොඳින් පැහැදිලි විය. සමාජ මාද්‍ය තුළ නිසි අයුරින් ක්‍රියා කරන අයුරු නොදැන අවුරුදු 8 ක් බ්ලොග් ලියමින් සිටියත් ඔහු තවම බ්ලොග් කලාවට ළදරුවෙක් බව ඉන් මනව ගම්‍ය විය. (ඉන් අනතුරුව වෘත්තීය බ්ලොග්කරුවකු වූ ඔහු මුදල් නොගෙන ආත්ම තෘප්තියට බ්ලොග් ලියන බවට පට්ටපල් බොරු දෙසාබෑවත් ඔහුගේ මුල්කාලීන අත්දැකීම් ගැන කී දේ නම් ඉතා අගනා බව කුහක නොවී පැවසිය යුතුය.)

    නාලක හෙවත් කොලුගැට අංකල්ද සෝශල් මීඩියා ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හොඳහැටි කරක් ගසා සෑහෙන පළපුරුදු අයෙක් බව පෙන්වූවත් ඔහු කී බොරු අතරින් ප්‍රධාන ඔහුගේ දෙමාපියන්ටත් පවුලේ අයටත් නිර්නාමිකයින් මඩ ගැසූ බවයි. නමුත් ඇත්තටම වුණේ ඔහුගේ "සමරිසිසංග්‍රහවාදීත්වය" දැඩි විවේචනයට ලක්වීම බව නොකීම ප්‍රෝඩාවකි.

    අජිත් ධර්මකීර්ති සුපුරුදු පරිදි ප්‍රෝඩාකාරී මුසාබස් දොඩමින් බ්ලොග් යනු "සමාජ සත්කාරයක්" සහ සී.එස්.ආර් ප්‍රවර්ධනය කිරීමට ගොස් කිචවිය. එමෙන්ම බ්ලොග් යන මාධ්‍ය ගැන කීමේදී ස්මාට්ෆෝන් අමතකවීමෙන් කලනසිරි හෝ වෙන අයෙක් බදුල්ලේ සිට දොඩන ගම්බයියෙක් මෙන් පෙනීසිට "ස්මාට්ෆෝන්" සිහි කළේය.

    නෙලුම් ෆවුන්ඩේශමේ ඇන්ටි කබල නම් බ්ලොග් ගැන අන්දෝ සංසාරේ දෙයක් නොදන්නා එන්ජීඕ බිස්නස් ප්‍රොවයිඩර් කෙනෙක් බව පැහැදිලි වුණා. සී.එස්.ආර් වලට අදාලව විවිධ සමාගම් වලින් ඇවිත් බ්ලොග්කරුවන්ගෙන් නෙලුම්යායෙන් අහනවාලු අපෙන් කාටද උදව් ඕනෑ කියා? දැන් පැරාගෙනුත් අහනවාද බන් සී.එස්.ආර්. ප්‍රොජෙක්ට්ස් වලට ඔපොචුනිටීස් ගැන? හරිම ලොල් සහගතයි බන් මේවානම්.

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම් ජයසිංහ හරිහැටි තේරුම නොදන්නා මැදිහත්වීම, අධිනිශ්චය ආදී වචන අතරට එක් වූ අලුත් ම වචනය වන්නේ වෘත්තීය යන වචනය යි. කරුණාකර මේ ගැන සාරස-මයුරවිල-කුදලාගම-කීරාළ ඇතුළු වියුණු ලොව හෙළ හවුල දැනුවත් කරන්න සහෝදරයා. අර නෝනේ ලියන බ්ලොග් එකේ නම දන්න කෙනෙක් කරුණාකර දන්වන්න. සමහර විට CULT එකටම ලියනවද දන්නෙත් නැහැ.

      පැරා පව්. මනොවිශ්ලේෂණයක් කියවන්න ගිහිං නිවේදක ළමයා කපා හැරියා පැරාව. කෝටුකිතයියගේ කටේ පුත්තලම් හොරි දාන්න ඕන කිව්ව බොරුවලට. අජිත් පී. ගැන නොදන්න බයිලා කියන්නට ගොස් නා ගත්තා.

      අර තට්ට අංකල් කවුද අප්පා? කවුසිලේට යන්න හදන කෙනෙක් වගෙයි. වතුර දීල ළමයි හැඟීම්බරයි කිව්වට ඒ පොටෝ එකේ එහෙම එකක් නැහැ.

      අර හොයන් ඇවිත් ස්පොන්සර් කරන සී.එස්.ආර්. අය අර නෝනෙට වෙන්න ඇති එහෙම ස්පොන්සර් කරන්නේ.

      බලං යද්දි අපේ චතුර පුතා හොඳයිනේ මේ හතරට වඩා!


      Delete
    2. Ano 2.10 AM සහෝදරයා

      ඇසිය යුතු ප්‍රශ්න කලින්ම ලියල දීලත් ඩිල්ශාන් ගොයියත් හොඳ අතුරු ප්‍රශ්න දෙක තුනක් ඇහුවම කට්ටියම කොරවෙලා ගියා දැක්කද?

      උදා: දැන් නිර්ණාමික බ්ලොග් ලියන අයගේ අනන්‍යතාව තහවුරු කර ගන්නෙ කොහොමෙයි? හිතන්න එම බ්ලොග් කරු වෙනුවට වෙන කෙනෙක් ඉදිරිපත් වී සම්මාන ගන්නවා, එවිට මොකද කරන්නෙ?

      ගල් කපටි අජිත් - (සුපුරුදු පරිදි අදාළ නැති වැල් බයිලා / බේගල් ගොතමින්) මෙහෙමයි බ්ලොග් එකක් හැක්කරන්න විශේශ තාක්ෂණික හැකියාවක් ඕනෙ. ඇත්තටම.....

      දිල්ශාන් වහාම මැදට පැන "නෑ මා අසුවේ" කියමින් පොඉන්ට් එකට ප්‍රශ්නය අසයි. මෙවිට ගලේ පැහැරූ බිළාලයකු මෙන් කොර වූ අජිත් මහතා එසේ නම් එම පුද්ගලයාට දෙන්න වෙනවා මොකද කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැහැනේ කියයි. මෙයින්ම මොවුන්ගේ ඇති සටකපට අවස්ථාවාදිත්වයත් අසංවිධානාත්මක පුහු බවත් පේනවා නේද?

      දුරකථන ඇමතුම්වලින් මුලින්ම තෝරාගත් පිටකසන්නන් කීපදෙනෙක් (බොහෝවිට කළනසිරි සහ අටමා වියහැකියී) බෝලය උඩ දමා දුන්නත් ඊලඟට "චමීර" නමැති මුල් යුගයේ බ්ලොග් ලිවූ අයෙක් කතා කරමින් "මමත් ඉස්සර බ්ලොග් කීපයක්ම ලියපු කෙනෙක් නමුත් දැන් නම් බ්ලොග් කියන මලහත්තිලව්ව මම බලන්නෙවත් ලියන්නෙවත් කොටින්ම ඒ පැත්තෙ යන්නෙවත් නෑ දැන් ජනප්‍රිය ෆේස්බුක් සහ ට්විටර් ට්විටර් ආදිය ගැන කීවේය. මින් සාකච්චාවට ආපු සෙට් එක බූමිතෙල් කෑ ගැරඬින් මෙන් දඟලමින් තටමමින් බයිලා ගසනු පෙනින. (විවර්ස්ලා අතර තදින් සිනා).

      නන්දන ගුණතිලක නම්වු ජවිපෙ ප්‍රභල සංවිධායකයා පෑරලියේ කොටු පනින කොට අපිට දුක හිතුනා. අපි ඉතිහාසය දන්නවා. අජිත් පැරකුම් අයිටීඑන් එකේ කොටු නෙමෙයි හොටු පෙරන කොට ඒකත් අපි වටහා ගත්තා. මොනවා කරන්නද ඉල්ලං කෑම ඒ ලෙසටම වුනා. පැරා කන කටුවලට ඉන්ජෙක්ශන් ගන්න වෙන්නෙත් නන්දන ගත්ත දිහාවෙන්ම තමයි. දැන්නම් කියන්න නෙමෙයි වයන්න වෙන්නේ.

      Delete
  25. අඩෝ පැරා උඹ නම් තාමත් ඉස්සර වගේම දස කැරියෙක් බන්. තෝ අරුන් එක්ක එක වාහනේ ගිහින් උන් කෙළවාගන්න බව දැනිච්ච ගමන් උන්ව පාවලා දුන්නා නේද පකයා. තෝ නම් ජඩයෙක්.

    මොකක් වුණත් දැන් උඹ චාටර් බෝයි කෙනෙක්. උඹට නිවන් සැප පැරා. උ‍ෙඹ් බබා ටොක් තමයි පකේ ටෝක්. උඹ බබා. උඹ දන්නේ නැහැ එතන හිටිය අනික් එවුන්ගේ ඇජෙන්ඩා එක ? ෆක් ඕෆ් මෑන්.

    උඹලා මාටියා ගහලා අර අහිංසක රාඩා කෙල්ලව මාට්ටු කරන්න එපා. රාඩා ‍බ්‍රේනි. උඹලටම ගේම බූමරැං වෙයි පැරා.

    ෆක් ඕෆ් මෙන්. Complete report will follow soon.

    ReplyDelete
    Replies
    1. හිටපු ජවිපෙ ප්‍රබලයෙකු වූද දැන් එජාප දේශපාලකයකු වූ නන්දන ගුණතිලකගේ ඇමතුම අනුව තවත් පහරක් මෙන්ම රහසක් ද හෙළිවුනි. පහර නම් අජිත් ලොක්කා පාසැලකට වතුර දෙන ප්‍රොජෙට් එකක් මහත් අභිරුචියෙන් බ්ලොග්කරුවන්ගේ මහා වික්‍රමයක් මෙන් පෙන්වා පොර වෙන්නට හදද්දී "මේ දෙතුන් සීයක් බලන බ්ලොග් ලියන ඕගොල්ලො මේ දේශපාලකයො කරන තුට්ටු දෙකේ පීචං බාල වැඩ කරන්න එන්න එපා, ඒව රජයයි දේශපාලකයනුත් අදාළ ආයතනයි බලාගනී, ඕගොල්ලො මේ ඉතා සුළු පිරිසක් බලන ඕගොල්ලන්ගෙ බ්ලොග් ජනප්‍රිය කරගන්න ඒ කාලයයි ශ්‍රමයයි මුදලුයි වැයකරගන්න කියා නිසි පිළිතුරක් දුන්නේය. (විවර්ස්ලා අතර තදින් සිනා).

      එන්ජීඕ ඇන්ටි රාඩාට මේකට මළ පැන්න නමුත් අජිත් පැරකුම් "නන්දන ගුණතිලක මහතා ඉතාම නිවැරැදියි" කියමින් සුපුරුදු පාවාදීමේ යෙදෙමින් නෙලුම් හොර රැල පාවාදී නන්දනට කඩේ යන්නට විය. මින් රහස හෙළි විය. එනම් පැරාට එජාපය වෙනුවෙන් කුලියට ලිවීමට අදාල සබ්-කන්ට්‍රැක්ට්ස් (actually sub-sub-sub-Contracts) ලැබෙන්නේ නන්දන ගුණතිලක හරහා බවය.

      Delete
    2. This lady RADA (Anuradha Kodagoda) seems like clever businesswoman. She has even better masterclass. To host "National Cyber Award Ceremony" for all kind of cyberspace media including gossip sites, websites, Facebook, Twitter, Viber, what's app, imo, sms, emails etc. Includes all kind of social media assessment and awarding system.

      Technically is seems hilarious & stupid but what about the idea? Nice business development idea isn't it?

      Delete
  26. අමාරුවෙන් ලින්ක් එක හොයා ගෙන යූ ටුබේ එකේ බැලුවෙමි.
    - හයියෝ සංසාරේ කියා සිතාගෙන, උඩ තබා තිබූ ප්‍රතිරූප රැගෙන පහලින් තැබුවෙමි.
    - ලන්ඩන් වල පිඟන් හේදුවත් ඒක ලොකුකමක් යයි ලංකාවේ අය සිතන්නේ ඇයි දැයි සිතමින් සිටිමි.
    - ඉන්නේ ලන්ඩන් උනත්, මොලේ ලංකාවේ බව නම් ඔප්පු විය.
    - 'සෑම කෙනෙකුටම මිලක් තිබේ' යන කියුම සිහිවිය.
    - විකිනුනේ එතන ඉඳගෙන සිටි අයද , බ්ලොග් කියවන අපද? යන්න මට තවම පැහැදිලි නැත.
    - ඇජෙන්ඩා කාරයින් ලියන දේවල් සීරියස් ගත්තොත්, ඒක අපේම වරද බව නම් වටහා ගතිමි.

    ReplyDelete
  27. මට මේ ලිපිය හා කමෙන්ට් කියවන්න ලැබුනේ අයි ටී එන් වැඩසටහන බැලීමෙන් පසුවයි. මම මේ එකිනෙකාගේ අතීත කථා ගැන දන්නෙත් නැහැ දැනගන්න උනන්දුත් නැහැ. අජිත් පරාක්‍රම තමන්ව හඳුන්වා ගන්නවා ෆෙඩරල් වාදියෙක් හැටියට. ඒක වඩා හොඳයි තමන් සිංහල බෞද්ධ මතවාදයක් වෙනුවෙන් ඉන්නවා කියලා සුදු රෙද්දක් ඇඳගෙන හොර රහසෙන් ෆෙඩරල් වාදයකට කඩේ යනවට වැඩිය.
    ඉයන් කියන යූ එන් පී කාරයා (ඔහු එලෙස පෙනී ඉන්න නිසා එහෙම කීවට අමනාප වෙන එකක් නැහැ )නෙළුම් යායට ආරාධනා කරන ගමන් මැතිවරන නිසි කලට නොපැවැත්වීමට එරෙහිව නගන හඬට අවමාන කරල තිබුනා. අන්න ඒකෙන් මම වටහා ගත්තා මේ බ්ලොග් සම්මාන කියන්නේ ආන්ඩුවේ මතවාද ඔලුවලට බැස්සවීමේ උත්සහයක් කියන එක. ඒත් එතකොට අජිත් මට කියන්න උත්සහ කලා මේක ස්වාධීන වැඩ පිළිවෙලක් මේකේ දේශපාලනයක් නැහැ කියලා. ඒත් ඉතින් ඇත්ත තත්වය ඊයේ සාකච්චාවෙනුත් මේ තියෙන කමෙන්ට් වලිනුත් හොඳින්ම පැහැදිලි වෙනවා. ප්‍රධාන ආරාධිතයා හා දේශකයා කුප්‍රකට දේශපාලකයෙකු වන රාජිත නම්, ඒ ගැන තවත් කථා කිරීමෙහි ඇති ඵලය කුමක්ද?
    නෙළුම් යාය බෞද්ධයන්ගේ සුපිරිසිඳු බවේ සංකේතයක් වුනු නෙළුම් මලට කරන අවමානයක් විය හැකි බව මේ තුලින් දකිමි.

    බ්ලොග් සම්මාන ආදී විකාර ව්ලින් ඔලුව කුරුවල් කර නොගනිමින් ඉඩ ඇති විටෙක යමක් ලියා, කියවන්නට හිතෙන බ්ලොග් ලිපියක් කියවාගෙන සිටීම වඩාත් හොඳයැයි සිතමි.

    ReplyDelete

  28. මා ඒ වැඩසටහන සම්පූර්ණයෙන් ම නැරඹුවා.

    එහි සිටි බ්ලොග්කරුවන් තිදෙනා ම අවංකව තම අදහස් ප්‍රකාශ කළ අතර. විශේෂයෙන් ම වැඩසටහන මෙහෙය වූ රූපවාහිනී මාධ්‍යකරුවාත් හොඳින් තම කාර්යය ඉටු කළා.

    නිලධාරිණියක යැයි මා සිතන අනුරාධාධා කෝදාගොඩ පවා තමන් ගේ භූමිකාව ඉටු කළා. එතැන දී කියවුනේ නැත්තේ ලංකා-නිව්ස්-වෙබ් යන නමයි.

    ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යයක මේ ආකාරයෙන් බ්ලොග් ගැන සාකච්ඡා වීම ඉතා වැදගත් බව මගේ අදහස යි.

    ReplyDelete
    Replies
    1. දී කිරට බළල්ලුත් සාක්කි? ‍යකෝ පොරටෝක් ඉශූ කරන්න කලින් පොඩ්ඩක් ඔය මෝඩ සාකච්චාව බලල හිටපන්කො බන් තැඹිලි බුද්දා අන්කල්

      Delete
    2. තැඹිලි බුද්ධා වෙන්ඩ සුද්දා

      Delete
    3. දේශපාලන මති මතාන්තර කුමක් වුවත් ජවිපෙ සිටින හිත හොද මනුස්සයෙකු වෙන සමන්ත විද්යාරත්න බ්ලොග් එකක් ලියන විට රටේ නැති පොර ප්‍රශ්න ඇසූ මේ රසික නම් තක්කඩියා මෙතැන මේ කියන කතාවෙන්ම මොහුගේ දෙබිඩි බවහෙලිවේ.

      Delete
    4. Anonymous March 22, 2017 at 5:48 PM

      ඇනෝ,

      කරුණු නොදැන කතා කරන්න එපා!

      1.
      සමන්ත විද්යාරත්න මා ප්‍රිය කරන දේශපාලකයෙක්. මේ සමන්ත විද්‍යාරත්න ගැන සඳහන් කරමින් මා 2015 අගෝස්තු ඡන්දය වෙනුවෙන් ලියූ ලිපියක්-
      http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

      තවත් බොහො දෙනෙකු ගේ මෙන්ම මගේත් අපේක්‍ෂාව වූයේ මේ අපූරු මිනිසා පාර්ලිමේන්තුවට තේරී පත් වේ ය කියායි. එය එසේ නොවූ කළ, අන් අය මෙන් ම, මා ද දුක් වුණා.
      http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

      2.
      ඔහු දුයිෂෙන් ගේ අඩවිය නමින් බ්ලොගයක් අරඹා ඇති බව මට "කවිඳු ජයසිංහ" දැන් වූ විට මා ඒ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමින් ලිපියකුත් ලිව්වා.
      http://rasikalogy.blogspot.com/2016/05/just-my-opinion.html

      ඇත්තෙන් ම, ඔහු ගේ බ්ලොගයේ ප්‍රතිචාරයක් තැබූ මුල් ම පාඨකයා මා යි.

      මා සිතන විදියට ඔහු බ්ලොගය ලියන්න පටන් ගත්තේ ඒ ගැන පක්‍ෂයේ තීරණය නිවැරදිව ලබා ගෙන නොවෙයි. මා ඔහුගෙන් විමසූයේ ඒ බවයි.

      3.
      ඔහු ඌවේ අතීත ශ්‍රී විභූතිය ගැන ලියූ ලිපිය මා ප්‍රශ්න කළේ, රට ජාතිය ඉස්සරහට දමා ගෙන පැරාලාට එවකට සාමාජිකයින් වුණු ජවිපෙ විසින් 88-89 දී කළ විනාශය ගැන ඇති අවුල නිසා යි.

      මං හිතන්නේ සමන්ට බ්ලොග් ලිවීම ගැන පක්‍ෂය විසින් වාරණයක් පැනෙව්වා. එසේ නොවේ යැයි සිතන්න සාධක නෑ.

      ඒ ගැනත් මා ලිපියක් ලිව්වා.
      http://rasikalogy.blogspot.com/2016/09/one-step-forward-two-steps-backward.html

      කරුණු නිසි ලෙස සොයා බලා දැන ගෙන කළ යුතු චෝදනාවක් කරන්න.

      !

      Delete
  29. මම ඒයෙ ඒ වැඩසටහන බැලුවා...හොදට තිබ්බා...

    ReplyDelete
  30. බැලුවේ විනාඩි හතලිස් පහක් පමණයි. අති විශේෂ හොඳක් හෝ නරකක් නොදැක්කෙමි. මං බ්ලොග් ලියන්නෙක් නොවන නිසා එහෙමට ඉන්ටරෙස්ට් එකක් නොතිබුන නිසා වෙන්න ඇති

    ReplyDelete
  31. දේශපාලනය ගැන නම් කිසිම ආසාවක් නෑ, මන් අකමැතිම සබ්ජෙක්ට් එකක්, හැබැයි ප්‍රෝග්‍රෑම් එක බැලුව මන්. ගොඩක් වැදගත් දේවල් දැනගත්ත. බ්ලොග් එකක් පටන් ගත්ත මාසයක්වත් නෑ තව. ගොඩක් දේවල් ඉගෙන ගත්ත, බොහොම ස්තුතියි.

    ReplyDelete
  32. අජිට් පෙරකුම් රෝහල් ගත කෙරෙයි
    “””””””””””””””””””””””””””””””””””””””””””””””””””””

    අජිට් පෙරකුම් ජෙයසින මහතා ඊයේ රාත්‍රියේ පොලිඩෝල් පානය කිරීම නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත. ඔහුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    ඊයේ රාත්‍රියේ රූපවාහිනි සාකච්ඡාවකට පසු ඇති වූ බහින්බස් වීමකින් පසු කලකිරීමට පත් ජයසින මහතා ඔහුගේ මකුගම නිවසේදී පොලිඩෝල් පානය කර ඇත.

    ගුරුවරයකු, පරිවර්තකයකු, කුලී ලියන්නකු සහ පාලක පන්ති ප්‍රශස්තිකරුවකු වූ අජිට් පෙරකුම් ජෙයසින මහතා පනස් දෙවන වියේ පසු විය.

    මටුගම ප්‍රාදේශීය (විශේෂ) වාර්තාකරු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා