නීච මහජන දේපල සොරුන්ට වඩා වඩු බාස්ලාත්, සෙසු කම්කරුවෝත් ශ්‍රේෂ්ඨ මිනිස්සු ය

මේ උපවාස පලහිලව්ව නිසා විමලුත්, ඉතිරි වී සිටින ඉතා සුළු පිරිසක් වන ඔහුගේ ගෝලබාලයිනුත් වැටී සිටින කණගාටුදායක තත්වය ගැන ඇත්තෙන් ම පව් ය කියා සිතේ. ඒ නිසා කිසිවක් නො ලියා සිටින්නට සිතාගෙන සිටියත් මහින්ද රාජපක්ෂගේ පහත දැක්වෙන මුග්ධ කතාව ඇසූ විට නම් නිකම් ඉන්නට සිතෙන්නේ නැත. 

ඔහු කියන පරිදි විමල් වඩුබාස් කෙනෙකු හෝ කම්කරුවකු නො වේ. ඇත්ත ය. විමල් එහෙම ඵලදායී දෑතේ රස්සාවක් කරන අයෙකු නො වේ. අතීතයේ නම් ඔහුට වානිජ චිත්‍ර ශිල්පයේ හා ලිවීමෙහි කෞශල්‍යයක් තිබිණි. එහෙත්, දැන් නම් ඔහුට එවැනි දෙයක් හෝ ඉතිරි වී තිබේ ද යන්න සැක සහිත ය. 

පසුගිය කාලය මුළුල්ලේ ම ඔහු පොතක්, පතක් කියැවූ, වැදගත් යමක් උගත්, හරවත් දෙයක් කතා කළ, ආදර්ශවත් ජීවිතයක් ගත කළ පුද්ගලයකු ලෙස හැසිරුණේ නැත. ඒ වෙනුවට ඔහු හැසිරුණේ වලව්වක ඉඳුල් කමින්, කුමන්ත්‍රණවලට සහභාගි වෙමින්, වලව්වේ සතුරන්ට ගොරවන බැලයකු ලෙසයි. එවැන්නන්ට වලව්වලින් සාමාන්‍යයෙන් ම සිදු වන පරිදි විමල් අමාරුවේ වැටුණු පසු වලව්වේ ඇත්තෝ ඔහු නො තකා හැරිය හ. 

ඔහු රක්ෂිත බන්ධනාගාරගත වී සිටින්නේ මහජන දේපල සොරකමකට ය. 

නැතුව ඔහු වඩු වැඩ කළ නිසා හෝ කම්කරුවකු ලෙස වැඩ කළ නිසා නො වේ. 

ඇතැමුන් පිළිකුල් කරන, එහෙත්, සමාජයට අත්‍යවශ්‍ය සේවාවක් වන සනීපාරක්ෂක කම්කරුකම වුණත්, මහජන දේපල සොරකම් කිරීමට වඩා ලක්ෂ වාරයක් උතුම් රැකියාවකි. 

කුඩු විකිණීම, කුලියට මිනී මැරීම පවා මහජන දේපල සොරකම තරම් නින්දිත නැත.

රාජපක්ෂලාත්, ඔහුගේ චෞර නඩයත් ඒ බව හොඳින් තේරුම් ගත යුතු ය. එපමණක් නොව, වර්තමාන චෞර පාලකයන්ට ද එය මතක් කර දිය යුතු ය. සමස්තයක් ලෙස, පූර්ණකාලීනව මහජන නියෝජිත දේශපාලනය කරන කොයි එකාත් දැන ගත යුතු දෙයක් වන්නේ තමන් පරපෝෂිත ඌරන් පිරිසක් බවයි. 

දේශපාලකයන් නො සිටියා ය කියා මේ රටට කිසිවක් සිදු වන්නේ නැත. එහෙත්, වඩු බාස්ලා, කම්කරුවෝ නැතිනම් දේශපාලකයන්ට මිනී පෙට්ටිත්, මිනී වලවලුත් නැත.

මහජන දේපල සොරකම් කළ හා කරමින් සිටින නීචයන්ට වඩා වඩු බාස්ලාත්, සෙසු කම්කරුවෝත් ශ්‍රේෂ්ඨ මිනිස්සු ය. 

වඩු බාස්ලා, කම්කරුවන් ආදීන්ගෙන් සමන්විත මේ රටේ ජනතාව ගොන් බාස්ලා ය කියා සිතාගෙන සිටින අයට වැඩි ආයුෂ නැත. 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ හොර තක්කඩි ඌරා, මහජන දේපළ කොල්ල කාලා හිරේ ලැගල සිහිවිකලෙන් පිස්සු කෙලින තවත් ඌරෙක්ගේ සිද්ධියට, අර අහක ඉන්න අහිංසක වඩුබාස්ලයි, කම්කරුවොයි ඇදල ගන්නෙ අහවල් රෙද්දකටද?

    අනික, මූ කියන්නේ අහිංසක වඩුබාස්ලයි, කම්කරුවොයි හිරේ දැම්මට කමක් නෑ කියලද?

    ඕනෙ නම් දැන් ජෙප්පන්ට පුළුවන්, මේ ප්‍රකාශයට විරුද්ධව වඩු බාස්ල හා කම්කරුවො කියල, එක විධියෙ යුනිෆෝම් අන්දවලා, උන්ගෙ 'ප්‍රොෆෙශනල් උද්ඝෝෂකයො' සෙට් එකක් බෝඩ් එක්ක කොලඹට එවල පාරවල් ටික වහල දාන්න.

    මේ වැඩේට අන්තරේ ගොන් රැලත් සෙට් කරගන්න පුළුවන් ලේසියෙන්ම..

    ReplyDelete
  2. සනීපාරක්ෂක කම්කරුවා කරන්නේ ඉතා අත්‍යාවශ්‍ය සේවවාවකි. නමුත් බොහෝ විට සේවයේ යෙදෙන අවශ්ථාවේදී ඔවුන්ගේ සනීපාරක්ෂාව සදහා අවශ්‍ය කිසිදු මෙවලමක් හෝ ඇදුමක් (අත් වැසුම්, මුඛ වාඩම්,ආදිය) ඔවුන් සේවයේ යොදවන අයතන (රජය හෝ පුද්ගලික අයතන) මගින් සපයන්නේ නැත.මේ සම්බන්ධයෙනුත් හඩ නැගිය හැකි නම් එය සනීපාරක්ෂක කම්කරුවන් වෙනුවන් කල හැකි ඉමහත් සේවයකි.

    ReplyDelete
  3. //මහජන දේපල සොරකම් කළ හා කරමින් සිටින නීචයන්ට වඩා වඩු බාස්ලාත්, සෙසු කම්කරුවෝත් ශ්‍රේෂ්ඨ මිනිස්සු ය.//

    මහජන දේපල සොරකම් කර අච්චුගහන පත්තර පඩංගුවල* ගූ කන කරන ඌරන්ට වඩා වඩු බාස්ලාත්, සෙසු කම්කරුවෝත් ශ්‍රේෂ්ඨය.

    *ටීවි,රේඩියෝ,වෙබ්ද ඇතුලුව

    ReplyDelete
  4. { මේ පර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වඩු මහත්තයෙක් වත් කම්කරුවෙක් වත් නෙමෙයි } කියන දේ තමයි ඔහු කියන්න උත්සහ කලේ ඇත්තෙන්ම මේකෙන් නොකියා කියන්නේ පර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වඩු මහත්තයෙක් ට හෝ කම්කරුවෙකුට වඩා උසස් ය කියන අදහසයි නැත්නම් තව විදියකට සාමාන්‍ය මිනිසුන්ට වඩා වැඩි සැලකිල්ලක් පර්ලිමේන්තු මන්ත්‍රී වරයකුට තිබියයුතු බවයි මේ කියන්නේ. දෙසපාලුවෝ ජනතාව අන්දන්න කියන්නේ තමන් ජනතාවගේ සේවකයන් බවයි නමුත් ක්‍රියාවෙන් එකේ අනික් පැත්ත.

    හැබැයි පැරා මේ මිනිස්සු හොරු කරලා තියෙන්නේ අපිම නේද ? මම කලිනුත් කිව්වා නේද ප්ර්ලිමේන්තු මන්ට්‍රිවරයකුට ඉහල වැටුපක් ලැබෙන ක්‍රමයක් සහ සොරකම්කර අසුවුනොත් ඉහල දඩුවම් ලැබෙන ක්‍රමයක් තිබිය යුතු බව.

    ඔබම අවංකව හිතන්න කෙනෙකුට ලක්ෂ 500 ක් වැනි සාමාන්‍ය මුදලක් වැයකිරීම කොච්චර සාදාරණද මන්ත්‍රී වරයකු වීමට, ඔබ කියයි එසේ වැය කලයුතු නැති බව, එහෙම නැත්තනම් ඔහුට මන්ත්‍රීවරයකු වීමට බෑ.

    අනෙක් කාරණය පොදු දේපල අවබවිතය ගැන කිව්වහම පැරා වසර 30 ක යුද්දයක් පැවැත්වීම ම කොච්චර පොදුදෙපල විනාශ වීමක්ද ? හරියට කලානම් වසර 3 කින් ඉවර කරන්න පුළුවන් දෙයක් නේද මෙච්චර කල් ගෙනියල තියෙන්නේ, මේ අතින් රනිල් කියන්නෙත් මහන්දට වඩා මේවට වගකිවයුතු කෙනෙක් නේද?
    හැරත් දැන් කාලේ ගැන කතා කලාම කෘෂිකර්ම අමාත්‍යංශය ට උවමානා නැති ගොඩනැගිලි කුලියට ගෙන කරන අබාවිතය සහ අර්ජුන මගේන්ද්‍රන් ගේ වංචාවත් ගැන සලකුවහම මහින්ද ට වඩා කොච්චර තක්කඩිද මේ රජයේ ඉන්නේ අඩුගානේ මහින්ද කරපුව පෙන්වන්න පුළුවන්, රනිල් මයිත්‍රී කරපු මෙන දේද පෙන්වන්න තියන්නේ මට එකක් කියන්න.

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwili

      සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස 11 ක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පෙරේදා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය විය.

      හිතවත්කම පදනම් කරගෙන සිදු කර තිබෙන බව කියන මෙම ගොඩනැගිලි ගනුදෙනුව සම්බන්ධයෙන් මින් ඉහත විවිධ ආකාරයට මාධ්‍ය වාර්තා මගින් කරුණු අනාවරණයවී තිබුණ නමුත් නිල වශයෙන් රජයේ බලධාරීන් කිසිවෙකු පැහැදිලි කිරීමක් සිදුකර තිබුනේ නැත.

      පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇසූ පැනයකට පිළිතුරු ලෙස ඇමති ගයන්ත මේ ගැන පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කරන ලදි.

      මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි දෙකහමාරට අාසන්න මුදලක් (ලක්ෂ 245) ඩීපී ජයසිංහ සමාගමට ගෙවා ඇති බව එහිදී ඇමතිවරයා පිළිගත් අතර එම මුදල් ඇයවැයෙන් වෙන් කර ඇති ආකාරය නිවැරදි බව පවසා සිටියේ අයවැයෙන් කෝටි 150 කට ආසන්න මාසික කුලී විවිධ අමාත්‍යංශ වලට ගෙවන බව පැහැදිලි කරමිනි.

      කෙසේ වෙතත් මෙම මුදල් නාස්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පාර්ලිමේන්තුවේ එම අවස්ථාවේ නොසිටි අතර පාර්ලිමේන්තුවේ සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ කියා සිටියේ තමා මේ ප්‍රශ්නය ඇමතිවරයාට යොමු කරන බව පමණි.

      2015 ඔක්තෝබර් මාසයේ වැඩ නිම කරන ලද මහල් 10 කින් යුතු අති නවීන පහසුකම් සහිත රාජගිරියේ පාර්ලිමේන්තු පාරේ පිහිටි මෙම අලංකාර ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ ජනපති මෛත්‍රිපාල සිරිසේන අතිනි. වර්ග අඩි ලක්ෂයක පමණ ඉඩපහසුකම් ඇති මෙහි වාහන 100 කට වඩා නවතා තබන්නට හැකි රථ ගාලක්ද තිබෙන බව කියැවේ. ඩීපී ජයසිංහ සමාගම මෙම ගොඩනැගිල්ල රජයේ අමාත්‍යංශයක් සඳහා දරන්නට අමාරු මාසික කුලියකට ලබාදීම අනුමත වූයේ කෙසේද යන්න ගැන පසුව ගැටලු මතු විය.

      2016 ජූලි මස සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙළිදරව් කර තිබෙන ආකාරයට මෙම ගොඩනැගිල්ල බද්දට ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය රජය අනුමත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කර ඇති අතර විගණන පරීක්ෂණ අනුව එය ගැටලු මතු කරන්නකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස දන්වා තිබුනේ මේ සඳහා අගමැතිවරයාගේ අනුමැතිය ලබාගන්නට මෙම හිමිකරුවන් කටයුතු කර තිබුණ බවකි.

      මහජන මුදල් අවබවිතයට දුමින්ද දිසානායක ඇමතිත් හිරේ දැම්මට කමක් නෑද? කෝ මේ අපේ FCID එක?

      වෙනස මෙච්චරයි, සාටක හොර නඩෙන් ටයිකෝට් හොර නඩේට මාරැවෙච්ච එක විතරයි. ඉන්න හොරැටික හිටපු හෙරැ රකිනවා. එතනදි විතරයි මුංගෙ යහපාලනේ. මුං මෙතෙක් කල් කලේ ජනතාවට බදුවැඩි කරමින් හොරා කාපු එකයි කෝටි ගනන් පර්මිට් අනුමත කරපු එක විතරයි. මුං ගෙ හතර වරිගෙටම හෙන වදිනවා !!!

      Delete
    2. //අනෙක් කාරණය පොදු දේපල අවබවිතය ගැන කිව්වහම පැරා වසර 30 ක යුද්දයක් පැවැත්වීම ම කොච්චර පොදුදෙපල විනාශ වීමක්ද ? හරියට කලානම් වසර 3 කින් ඉවර කරන්න පුළුවන් දෙයක් නේද මෙච්චර කල් ගෙනියල තියෙන්නේ, මේ අතින් රනිල් කියන්නෙත් මහන්දට වඩා මේවට වගකිවයුතු කෙනෙක් නේද?//

      ඔන්න මහින්දගෙ නයට ලොවින එකාගෙ රෙදි ලෙහුනා.. මෝඩ පැටියො යුද්ධෙ පතන්ගත්තෙ සිංහල හා දෙමල ජාතිවාදින් නිසා නෙමෙද? ඩොලර් බිලියන 3 කට එහා හොරකම් කල මරාගෙ පව් වහන්න හදන්නෙ යුද්දෙ පෙන්නල ද? මෝඩ පැටියො, ඔහෙ බටහිර විරොදී, එජාප විරොදී, ඇමරිකානු විරොදී පිස්සෙක් උනාට කමක් නෑ, 2030 වෙනකම් රනිල් බලයෙ ඉන්න ව කියන එක විතරක් මතක තියාගෙන දැන්මම එකට ඔලුව හදාගනින්... නැතිනම් ඔහේ ඒ වෙනකොට පිස්සෙක් වෙලා ඉදියි..

      Delete
  5. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉහළ වැටුප් ගෙවීමෙහි වරදක් මම නො දකිමි. එහෙත්, කාර්යසාධනය වැදගත් ය.

    ReplyDelete
    Replies
    1. පැරා,

      //පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉහළ වැටුප් ගෙවීමෙහි වරදක් මම නො දකිමි. එහෙත්, කාර්යසාධනය වැදගත් ය.//

      මෙතක් බ්ලොග් අඩවිවල ඔබ විතරයි මේ අදහසට එකග උනේ, ඔබට වත් මෙය තේරීම හරිම වැදගත්, මන්ට්‍රිවරයකුට ඉහල වටුපල් ලක්ෂ 30 පමණ මසකට ලබාදී ඔහුට ලබාදෙන සියලුම පහසුකම් (ඉන්දන දීමනා, නොමිලේ විදුලිය, ආරක්ෂාව ) වැනි දේවල් තමන්ගේ වියදමින් කරගන්න අරින්න ඕනේ.
      මෙහෙම කලාම ලක්ෂ 50 ක් දුන්නත් රජයට වාසි බව මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ.

      Delete
    2. කීයක් දුන්නත් හොරකම් කරනවා. දැන් මු පව්ලේ අයට වාහන දුන්නේ මැතිවරණ වියදම් පියවන්ටද ? හත්මුතු පරම්පරාවම නඩත්තු කරන්න පුළුවන් පඩියක් දුන්නොත් ටිකක් හොරකම් නැවැත්වෙයි. කරන්න ඕනෑ නීතිය හරියට ක්‍රියාත්මක කිරීමයි. එතකොට හොරම් නොකරන එවුන් ජන්දෙ ඉල්ලයි .

      Delete
    3. ආදායම් වැඩිකරන ගමන් මුදල් අබාවිතාවයේ යෙදෙන යට දැඩි දඩුවම් දෙන්න ඕනේ මේ ක්‍රම 2කම ඕනේ මෙය ක්‍රියාත්මක වෙන්න

      Delete
  6. @ Lankika Sithuwili

    ජනතා නියෝජිතයින්ට ගෙවිය යුත්තේ ඔවුන්ගේ "නියම" මිලයි. "අතින් කයිට් කරගෙන" සේවය කරන්න ඕනෑ තරම් පිරිස් ඉදිරිපත් වීමෙන් පෙනෙන්නේ මහජන තනතුරු පුරප්පාඩු වලට සැපයුමේ අඩුවක් නැති බවයි. ඉදිරිපත් වනවා පමණක් නොවෙයි විශාල ප්‍රචාරක වියදම් දරනවා. ඒ වගේම මිනී මරා ගන්නවා. එහෙමනම් මෙතැන වැටුප් හා වරප්‍රසාද අඩුවීම නිසා පුරප්පාඩු පිරවීමේ ප්‍රශ්නයක් ඇති වී නැහැ. ඔය වරප්‍රසාද සැලකිය යුතු ලෙස අඩුකළත් මේ තනතුරු වලට මිනිස්සු නැති වෙන්නේ නැහැ. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ විට පඩි මදි කියා එකම අපේක්ෂයෙක්වත් ඉදිරිපත් නොවී ඉන්නවනම් ඔබේ තර්කය නිවැරදියි. මේ ඉල්ලුම සැපයුම පදනම. අනිත් පැත්තෙන් සේවයට සරිලන වැටුප් වැනි සංකල්පයක් අනුව බැලුවොත්, මහජන නියෝජිතයෙක්ගේ සේවයේ සැබෑ වටිනාකම තීරණය කළ යුත්තේ ඔවුන්ගේ වියදම දරන බදු ගෙවන ජනතාවයි. ජනමතවිචාරණයක් තබා මහජන නියෝජිත වැටුප් වැඩි කළ යුතුද කියා ඇහුවොත් (ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුවනම් විය යුත්තේ එයයි) රටේ බහුතරයක් එයට එකඟ වෙයි කියා ඔබ හිතනවද?

    කොහොම වුණත් පාරදෘශ්‍ය නොවන විවිධ වරප්‍රසාද වෙනුවට නිශ්චිත, ඉහළ වැටුපක් ගෙවිය යුතුයි කියන අදහසට මම පෞද්ගලිකව කැමතියි.

    //ජනතා නියෝජිතයා කියන එක රටේ අනිත් හැම එකටම වඩා ඉහලින් තියෙන රස්සාවක්.//

    වැරදි අදහසක්. ජනතා නියෝජිතයින් ජනතාවට වඩා ඉහළින් සිටීමේ හැකියාවක් නැහැ. එහෙම වෙනවනම් එය රාජාණ්ඩුවක්.

    //කල යුත්තේ ඔය අනන්මනං වරප්‍රසාද නවත්තල පඩි වැඩි කරන එක.//

    මේ කොටසට එකඟයි. දෙන දෙයක් හැකිතාක් පාරදෘශ්‍ය ලෙස දිය යුතුයි.

    මේ සහනදායී වාහන බලපත්‍ර ක්‍රමයටත් මම එකඟ නැහැ. රටේ හැමදෙනෙකුටම එක භාණ්ඩයකට එකම මිලක් තිබීමයි වඩා යෝග්‍ය. ඒ කරුණ පැත්තකින් තිබ්බොත් වාහන පාවිච්චි කරන අය විසින් මාර්ග නඩත්තුව ආදිය වෙනුවෙන් රජය විසින් වැයකරන මිලත් ගෙවිය යුතුයි. සහනදායී වාහන බලපත්‍ර ලබන අය ගෙවන 50%ක විශාල බදු මුදලිනුත් මේ වියදම් ආවරණය වෙනවා. ඒ අය රටේ වෙනත් අයට වඩා අඩුවෙන් බදු ගෙවීම පමණයි මෙහි ඇති වැරැද්ද.

    දෙසපාලුවෝ 100% බදු සහන ලබන සුළු පිරිස තමයි මෙතැන ඉන්න ලොකුම පරපෝෂිත (free riding) කණ්ඩායම. ඔවුන්ට සාපේක්ෂව 50% බදු ගෙවන අය පරපෝෂිතයන් ලෙස සැලකිය නොහැකියි.

    ReplyDelete
    Replies
    1. //"අතින් කයිට් කරගෙන" සේවය කරන්න ඕනෑ තරම් පිරිස් ඉදිරිපත් වීමෙන් පෙනෙන්නේ මහජන තනතුරු පුරප්පාඩු වලට සැපයුමේ අඩුවක් නැති බවයි.//

      මේකට ඇත්ත හේතුව අවන්කවම කල්පනා කරන්න

      Delete
  7. ලාංකික සිතුවිලි, මහනුවර, සිරිමල්වත්ත මහ විදුහලේ මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් අධ්‍යාපනය ලබමින් සිටි ගොඩනැඟිල්ලේ වහලයේ කොටසක් ඊයේ (2017-03-30දා) පෙරවරු 10.15ට පමණ කඩා වැටීමෙන් ගුරුවරියක සමඟ සිසුන් 21 දෙනකු තුවාල ලබා ඇත.

    රෝහල් ගත කර සිටින තුවාල ලැබූ සිසුන් සිවුදෙනකුගේ තත්ත්වය තරමක් බරපතළ බව සඳහන්.

    ගොඩනැඟිල්ලේ වහලය කඩා වැටෙන අවස්ථාවේ සිසුන් මෙවර වාර විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියමින් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කළා.

    තුවාලකරුවන් මහනුවර හා යක්ගහපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබේ. මහනුවර මහ රෝහලේ ළමයින් 12 දෙනකු ප්‍රතිකාර ලබන අතර යක්ගහපිටිය රෝහලට ඇතුළත් කළ ගුරුවරිය හා ළමයින් ප්‍රතිකාර ගෙන ඊයේ දහවල් රෝහලින් පිටව ගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගොඩනැඟිල්ලේ සිසුන් 43 දෙනකු සිට ඇති බව වාර්තා වෙයි.

    වත්තේගම අධ්‍යාපන කලාපයේ සිරිමල්වත්ත මහ විදුහලේ දශකයක් පමණ පැරැණි මේ ගොඩනැඟිල්ලේ වහලය බෙහෙවින් අබලන්ව තිබී ඇති අතර දිරාපත් වූ වහලේ මුදුන් ලීයට මුක්කු ගසා තිබූ බව සිසුන්ගේ මවුපියෝ පැවැසූහ. මේ වගේ දුප්පත් පාසල් තව කොපමණ ඇත්ද?

    රජයත් දේශපාලුවොත් තවත් මේ වගේ දුක්කිත අපදා වෙන්න කලින් ඒවා දිහා බැලුවොත් නේද හොඳ? බලදාරීන් /දේශපාලුවන්ගේ ගේ ලමයි මේවට යන්නේ නැති නිසා එයාලට මේ වගේ සිද්දි ප්‍රශ්න නෙමයි. මහනුවර ලක්ෂ්මන් කිරිඇල්ල අලුතෙන් ගෙන්නපු Landcruiser V8 Sportsline 2017 වාහනේ වටිනාකම කෝටි 4.5 යි. ටැබ් බෙදන්න කයිවාරු ගහන අගමැති ඇතුලු පොරටෝක් ඔස්තාද්ලා ඊට කලින් පාසැල් වල තියෙන මේ මූලික අඩුපාඩු හදන්න පියවර නොගන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. සිරස නාලිකාවෙන් කිව්වේ වහලේ හදන්න තිබුන සල්ලි පාසලේ තාප්පේ බදින්න යෙදවුව කියල.

      Delete
  8. මහින්ද චින්තනය කියන්නෙ ඔන්න ඕකට තමයි.

    ReplyDelete
  9. I think Para is wrong, given an opportunity almost all Srilankans would resort to corruption.
    Carpenters and labourers are good as long as they dont have opportunities

    ReplyDelete
    Replies
    1. Carpenters and other workers are productive labourers. Politicians in Sri Lanka are clearly not.

      Anyone can be a thief in certain circumstances. But politicians are always thieves in this country.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා