චීනය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවයි

 


ශ්‍රී ලංකාවෙන් පැමිණෙන මගීන් අතර කොවිඩ්-19 රෝගීන් සිටි හේතුව මත චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

Translations by Creative Content Consultants

ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා පනවා තිබෙන මෙම තහනම පසුගිය සඳුදා සිට සති හතරක කාලයක් සඳහා බලපැවැත්වේ.

පිලිපීනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද චීනය විසින් මෙම ගුවන් ගමන් තහනම පනවා තිබේ. එම රටවලින් පැමිණි ගුවන් මගීන් අතර ද කොවිඩ්-19 රෝගීන් සිටි බව චීනය පවසයි.

ඒ අනුව, එටිහාඩ් ගුවන් සේවය අබුඩාබි සිට ෂැංහයි වෙත සහ චීන නැගෙනහිර ගුවන් සේවය මැනිලා සිට ෂැංහයි වෙත පවත්වාගෙන යන ගුවන් සේවා ද සඳුදා සිට සතියක කාලයකට අත්හිටුවා තිබේ.

චීනය වෙත පැමිණෙන ගුවන් මගීන් ගුවන් යානයට ඇතුළු වීමට පෙර තමන් කොවිඩ්-19න් නිදහස් බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශක දීපාල් පෙරේරා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, කුලී පදනම යටතේ ඩුබායි නගරයේ සිට කොළඹ හරහා ශැන්හායි නගරයට පියාසර කළ ගුවන් යානයේ ගමන් ගත් මගීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවීමෙන් මෙම තාවකාලික තහනමට ලක් වූ බවය.

එම සියළුම මගීන් ඩුබායි ගුවන් තොටුපලේ සිදුකරන ලද PCR පරීක්ෂණ වාර්තාවලින් කොරෝනා වෛරසය ආසාදිතයින් නොවන බව තහවුරු වී තිබූ නිසා ඔවුන් ගුවන්ගත කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය. ගුවන් සමාගමේ ඉහළ කලමණාකාරිත්වය ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා දැනුවත් කළ බවත් ඔහු පැවසීය

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා