රජයේ ලොක්කන් තවමත් පැන්ෂන් අරන් ගෙදර යන්නෙ නිල වාහනෙත් අරගෙන

අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යන විට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එහෙත්, මෙම තීරණය එම වරප්‍රසාදය හිමි රාජ්‍ය නිලධාරීන්ට තවමත් හිමිවන බව ද එය අහෝසි කර නොමැති බව ද අපගේ අධ්‍යයනයෙන් හෙළිදරව් වේ.

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් විශ්‍රාම යන විට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීමට අදාළ 22/99 හෙවත් 1999 අංක 22 දරණ චක්‍රලේඛය අවලංගු කර ඇති බවක් දැනගන්නට නැත.

රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් දේශපාලකයන්ට වඩා බලවත් පිරිසක් වන රාජ්‍ය පරිපාලන නිලධාරීන් විසින් සම්පාදනය කරගෙන තිබෙන මෙවැනි දූෂිත වරප්‍රසාද ගැන ඔවුන් කටක් අරින්නේ නැත.

දූෂණ නැති කර රට හදන හැටි ගැන කයිවාරු ගසන ඇතැම් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මේ අන්දමින් වාහන ගෙදර ගෙන ගිය අයයි. මෙවැනි දූෂණයකට නීත්‍යානුකූල අවස්ථාව දේශපාලකයන්ටවත් ලැබෙන්නේ නැත. පරිපාලන නිලධාරීන් කිසිවෙකු මෙවැනි දූෂිත වරප්‍රසාද අවලංගු කිරීම ගැන තබා එවැනි වරප්‍රසාද තිබේද කියාවත් කවදාවත් කතාකරන්නේ නැත.

මෙම අවස්ථාව ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීම සඳහා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තම සේවා කාලය තුළදී කොහොම කටයුතු කරනවා ඇද්දැයි සිතාගත හැකිය. එවැනි ජ්‍යේෂ්ඨයන් සිටින රාජ්‍ය සේවයක් දේශපාලනීකරනය වීම හා මේ අන්දමින් අකාර්යක්ෂම වීම ගැන පුදුම විය යුතුද?

රජයේ සමාගම්වල ප්‍රධානීන්ගේ මෙම වරප්‍රසාදය අහිමි කිරීම ද රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කුහකකමකි. ඔවුන් එසේ කරන්නේ තමන්ගේ වරප්‍රසාදය රැකගෙනය.

මෙම වරප්‍රසාදය ලැබෙන ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරින්ගේ ලැයිස්තුවක් පහත රූපසටහන්වල දැක්වේ. අදාළ චක්‍රලේඛයට සබැඳිය >>

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න