රහස් ප්‍රදේශයේ සඟවාගෙන ආ රත්තරං හා අර්ධ කාමුක ප්‍රවෘත්ති කලාව

 

ශරීරයේ රත්‍රං සඟවාගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට අරගෙන.

ඒක මාධ්‍ය වාර්තා කරනකොට මේ වචනවලට වැඩි බරක් දෙනවා ඔබ දුටුවාද?

තරුණිය, රහස් ප්‍රදේශය, තුළ, සඟවා

ඒ මදිවට ඒ කාන්තාවගේ යයි සිතිය හැකි ඡායාරූපයක් ද මුහුණ නැතුව, ඉඟ හා කලවා කෙරෙහි අවධානය යොමු වන පරිදි පළ කරනවා. පොලිසිය එවැනි ඡායාරූපයක් මාධ්‍යයට දුන්නේ ඇයි?

ඒ කාන්තාව සොරකමක් කරන්නට ඇති. එහෙත්, එහි කිසිදු කාමුක දෙයක් නැහැ.

දැන් මේ මාධ්‍ය කරන්නේ කුමක්ද? ඒ කාන්තාවගේ රහස් ප්‍රදේශය යයි ඔවුන් කියන ශරීර කොටස් කෙරෙහි පාඨකයාගේ අවධානය යොමු කර යම් යම් කරුණු පරිකල්පනය කරගැනීමට පෙළඹවීමයි. එසේම, එම කාන්තාව තරුණියක් බවත් අවධාරණය කරනවා. මේ කරන්නේ කාමය ඇවිස්සීමක්.

අර්ධ කාමුක ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක්.

ඔය ප්‍රවෘත්තියේ තියෙන්නෙ මෙච්චරයි: “සිය ශරීරයේ රත්‍රං අඩංගු ජෙලි වර්ගයක පැකට් කිහිපයක් සඟවාගෙන අහවල් විදේශ රටක සිට අහවල් දා අහවල් වෙලාවට අහවල් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

“ඇය විසින් නීති විරෝධී ලෙස රැගෙන ආ රත්‍රං ප්‍රමාණයේ බර අහවල් බරෙකැයි අහවල් නිලධාරියා පැවසීය. එහි වටිනාකම ආසන්න වශයෙන් අසවල් ගණනක් වනු ඇති බව ද ඔහු පැවසීය.

“කාන්තාවට එක්කෝ අහවල් දඩය ගසා නිදහස් කරන ලදී. නැතිනම් අහවල් පොලිසියට වැඩිදුර පරික්ෂණ හා නීතිමය කටයුතු සඳහා භාරදෙන ලදී.”

ඔය අහවල් තැන ගැන වෙන අහවල් දෙයක් කියන්නට නැත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා