මං තනි අලියෙකුය කියන ‘අපි’ ගැන නොදන්න බබාලාට පණිවුඩයක්

 අජිත් පැරකුම් ජයසිංහ

සමාජයක් එක්ක වැඩකරන හොඳම ක්‍රමය තමයි තමන්ගෙ වැඩ කොටස හරියට කරන එක. සමාජයක් එක්ක එකට යන්න සමාජ සපත්තුවේ ගානට තමන්ගෙ කකුල කපාගන්න අවශ්‍ය නැහැ. තමන්ගෙ ගමන යන ගමන් සමාජය එක්ක සන්නිවේදනයක් පවත්වාගන්න.

මං කරන්නෙ එහෙම. සමාජය සංවිධානය කරනවාය කියලා බොරුවට එහෙ මෙහෙ දුව දුව, වෛරී ප්‍රකාශ කර කර, ලෙඩ හදාගන්න බොහෝ දෙනෙකු එහෙම කරන්නෙ ෆේස්බුක් එකේ ෆොටෝ දාන්න, ෆන්ඩ්ස් ගන්න. ඒක වැරදියි කියල මං කියන්නෙ නැහැ. සල්ලි අවශ්‍යයි වැඩ කරන්න. මං කරන්නෙ වැඩ කරලා සල්ලි හම්බ කරලා දේශපාලනය කරන එක.

තමන්ගෙ ගමන යන ගමන් සමාජය එක්ක ඉන්න. සමාජය ඇතැම් විට ඔබට පසුපසින් යයි ඔබට සිතේවි. ඔවුන් ඔබ ප්‍රතික්ෂේප කරාවි.

අනිවාර්යයෙන් සමාජ නායකයෙකු වෙන්න ඕනැ නැහැ. සමාජයේ සාමාජිකයෙකු වෙන්න. ප්‍රීතිමත් සාමාජිකයයෙකු වෙන හැටි ඉගෙන ගන්න. වෙනත් අය නායකයන් වන හැටි බලලා සතුටු වෙන්න පුරුදු වෙන්න. මං පොර නොවී නායකත්වයට ගරු කරන්න. සාධනීය විදියට විවේචනය කරන්න. කඩාකප්පල් කරන්න එපා. ගොඩනගන්න.

සමාජයට උවමනා නම් ඔබව නායකයෙකු කරයි. නායකයෙකු නොවුණත් ඔබට වැඩ කරන්නට පුළුවන්. ඔබේ ඉඩ ඔබම හදාගන්න.

සමාජවාදය ජීවන විලාසයක්.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා