ශ්‍රී ලංකාවට ණය ගෙවන්න ඉන්දියාවෙන් අවුරුදු 12ක සහන කාලයක්


 ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට තිබෙන ඩොලර් බිලියන 1.6ක ණය වසර 12ක් දක්වා කාලයක් තුළ ආපසු ගෙවීමට අවස්ථාව ලබාදීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව India’s Export Credit Guarantee Corporation (ECGC) Ltdහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්.සෙන්තිල්නාදන් පවසයි.

ECGC යනු ඉන්දියානු අපනයනකරුවන්ට ණය අවදානම් රක්ෂණ සපයන රාජ්‍ය සංස්ථාවකි.

ECGC විසින් කළමනාකරණය කරනු ලබන ජාතික අපනයන රක්‍ෂණ ගිනුමට Covid-19 න් පසු දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් ශ්‍රී ලංකාව, සැම්බියාව, සුරිනාම් සහ ඝානාව වැනි රටවල ණය පැහැර හැරීමට මුහුණ දී ඇති රටවලට අපනයන සිදුකළ අපනයනකරුවන්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 4,500කට ආසන්න වන්දි ඉල්ලීම් ලැබී ඇති බව සෙන්තිල්නාදන් පවසයි.

ශ්‍රී ලංකාව, ද්විපාර්ශ්වික ණය හිමියන්ට ඩොලර් බිලියන 7.1ක් ණයය. චීනයට ඩොලර් බිලියන 3ක්, පැරිස් සමාජයට ඩොලර් බිලියන 2.4ක් සහ ඉන්දියාවට ඩොලර් බිලියන 1.6ක් වශයෙනි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු වෙමින් පවතින බව පවසන ඔහු භාණ්ඩ 286ක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කර ඇති බව පෙන්වා දෙයි. මුලදී, ශ්‍රී ලංකාව මුහුදු ආහාර, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ සංගීත භාණ්ඩ ඇතුළු භාණ්ඩ 3,200කට වැඩි ප්‍රමාණයක් ආනයනය සීමා කරන ලදී.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ වන අතර විශාලතම ආනයන ප්‍රභවය වේ.

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන ප්‍රමුඛතම කාණ්ඩ පහ වන්නේ තේ, කුළුබඩු, මැණික් සහ ස්වර්ණාභරණ, මාළු සහ මාළු නිෂ්පාදන සහ රබර් ය.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ප්‍රමුඛතම කාණ්ඩ පහ වන්නේ ඛනිජ තෙල් නිෂ්පාදන, යන්ත්‍රෝපකරණ සහ උපකරණ, රසායනික ද්‍රව්‍ය, යකඩ සහ වානේ සහ රෙදිපිළි ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ අතිරික්තය ඩොලර් බිලියන 3.9 කි.

ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISLFTA) දෙරට අතර වෙළෙඳ වර්ධනයේ ප්‍රධාන සාධකයක් වී ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා