පේරාදෙනිය රෝහලේදී මොකක් වෙන්න ඇතිද?

 

ඊෂා කප්පරගේ

ඕනෑම බෙහෙතකට අධිසංවේදී ප්‍රතික්‍රියා ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. ඒ රෝගීන් බේරා ගෙනත් තියෙනවා.

ඒවාට ප්‍රතිකාර කරන්න සුදුසු ටීම් එකකුත් ඕන වාට්ටුවක ඉන්නවා. බෙහෙතුත් තියෙනවා. ඒවාට අවශ්‍ය උපකරණත් තියෙනවා. මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීමට කලින් සකසා ගත් වෙනම emergency tray කියලා එකක් ඕනැම වාට්ටුවක තියෙනවා. එහි තියෙන ඕෂධ කල් ඉකුත් වෙලාදවල සියලුම උපකරණ තියෙනවද කියලා හැමදාම උදේට හෙදියක් චෙක් කරනවා.

මේවා ගැන වැරදි ප්‍රකාශ කරන එක වැරදියි. මෙතන මොකක්ද සිද්ද වුනේ කියලා හරියට හොයාගන්න ඕනැ. (රෝගියා ඇඳෙන් නැගිටලා දුවලා තියෙනවා)

මේක වැරදීමකින් වුණාද, ඇත්තටම අධිසංවේදී ප්‍රතික්‍රියාවක් නිසා වුණාද කියලා හොයා බලන්නැතුව ඊට අදාළ පුද්ගලයන්ට බනින එක සාහසිකයි.

වෘත්තිය නිසා චෝදනාවන්ට ලක්වන පුද්ගලයන් මානසික අවපීඩනයකට පත් කරනවා. ඔවුන් රෝහල්වල සේවය කරන්න ඕනැ. මෙහෙම දේවල් වෙනවා කියලා සේවය අතහැර යන්න බැහැ.

සමාජයම එකතුවෙලා ගහනකොට ඒ සේවකයන්ට මොකද වෙන්නේ? මේවා පිළිබඳ අවබෝධයක් මිනිස්සුන්ට දෙන්න ඕනැ. මෙහෙම සිදුවීමක් වුණ හැටියෙ සමාජ මාධ්‍ය ඉතා කැත විදියට චෝදනා කරනවා. ඉතා වැරදි අවබෝධයක් මිනිස්සුන්ට දෙන්නේ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා