මැරවරයන් ඡන්ද වැඩට යොදා අවුල් නිර්මානය කරන්නන් පරදවමු

පසුගියදා කොටහේන ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීම සාමකාමීව සිදු වූ මැතිවරණ ව්‍යාපාරය නම කිරි කලයට ගොම බිංදුවක් දැමීම නම් විය. සිදුවීමෙන් දිළින්දෝ දෙදෙනෙක් මිය ගිය හ.

බ්ලූමැන්ඩල් ප්‍රහාරය සඳහා පාතාල සාමාජිකයන් පැමිණි හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය මෙවර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කරන අපේක්‍ෂකයන් දෙදෙනකුට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ කාර්යාලයක සඟවා තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාතාල සාමාජිකයන් ඡන්ද ප්‍රචාරය සඳහා යොදා ගැනීම ගැන එජාප අපේක්ෂක රවි කරුණානායක ද දෝෂාරෝපණයට ලක් වී තිබේ.

ඇත්තෙන් ම මේ පාතාල ලෝකය යනු මාධ්‍ය නිර්මානයකි. එහි අමුතු මිනිස්සු කොට්ඨාසයක් නැත. එදිනෙදා ඔබට හමු වන සාමාන්‍ය මිනිස්සු ම යම්, යම් සංදර්භයන්හිදී කුඩු ගහන්නෝ, කුඩු විකුණන්නෝ, මංකොල්ලකන්නෝ, කුලියට මිනීමරන්නෝ ආදීහු බවට ද පත් වෙති. මේ අය දේශපාලකයන්ගේ ඇසුරට ද පත් වෙති. එයින් බලවත් වී අපරාධ හා වැරදි අඛණ්ඩව කරගෙන යති. දේශපාලන හා ධන බලය පාවිච්චි කර පොලිසියෙන් හා නීතියෙන් ගැලවෙති.

පාතාල ලෝකය බවට පත් වන මෙම මැරවරයන් දේශපාලකයන්ට කප්පම් ගෙවති. ඔවුන්ට බැලමෙහෙ කරති. දේශපාලකයෝ ඔවුන්ට මුක්තිය තහවුරු කර දෙති. දේශපාලනයත්, පාතාල ලෝකයත් අතර සම්බන්ධය නිර්මානය වන්නේ එසේ ය. මෙය කලක සිට ම තිබුණු සංසිද්ධියක් වන අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේ උපරිමයට ම නැග්ගේ ය.

කෙසේ වෙතත්, මෙම මහ මැතිවරණයේදී කුමන පැත්තේ සිටියත්, මැරවරයන් ඇසුරු කර අවුල් නිර්මානය කරන දේශපාලකයන් ඡන්දයෙන් පැරදවීමට ජනතාව කටයුතු කළ යුතු ය. එය අනිවාර්යයෙන් ම උගැන්විය යුතුව තිබෙන පාඩමකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරකුම් ගොයියෝ,

    මේක සැර මදි. ඔහොම නෙමෙයි කියපිය මේ මිනීමරුවෝ රාජපක්ස තක්ක්ඩි රැලේ ලඟම හිතවත් මිනීමරු සෙට් එකක්ය, තව රවීගේ රැස්වීමට මුන්ව එව්වෙත් ගෝඨා ඇතුළු රජපක්සලාගේ හොරි ලොවින තක්කඩියො කියල.

    රවී නිර්දෝශීයි. ඔහුගේ පිරිස් බලය සහ ඔහුට ඇති ජනතා කැමැත්ත මේ නිසා ශීඝ්‍රයෙන් වැඩිවෙලා තිබෙනවා කොටහේන ප්‍රමුඛ උතුරු කොළඹ ආසනය පුරාම.

    ReplyDelete
    Replies
    1. දුශ්ඨ කුරිරු මිනීමරු ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහලවූ අති දුර්දාන්ත අති භයානක, ජනඝාතක, වර්ගවාදී, සමූලඝාතක, ඔස්විච්ට්ස් බඳු වධකාගාර පවත්වාගෙන ගිය මුග්ධ මරා කල්ලියේ අති බිහිසුණු මිනීමරුවන්ගේ තවත් මිනීමැරුමක්. මෙම මිනීමැරුම්, ඝාතන, පණ නැසීම්, ස්ත්‍රී දූෂණ ආදී සියළු අපරාධ මෙරටින් මුලිනුපුටා දමා යුක්තිය සාධාරණත්වය, සංවර්ධනය, ස්වභාව සෞන්දර්යය ඇති කිරීමට නම් එජාපය ජවිපෙ ප්‍රමුඛ අවිහිංසාවාදී කිසිදා චෝදනාවක්වත් නොලද සැබෑ මානව හිතවාදී අවංක පක්ෂවලට මෙරට බලය ලබාදිය යුතුයි.

      Delete
  2. මට හිතෙන හැටියට වෙන්නෙ මේකයි;

    18 වැනිඳායින් පසු මොන පාටින් කවුරු දින්නත්...

    ජනාධිපති:- අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා

    අගමැති:- ගරු මහින්ද රාජපක්‍ෂ මහතා (වැඩිම සේවා කාලය මාස 3 යි. ඉන් අනතුරුව ගෞරවාන්විත ලෙස විශ්‍රාම යන්නේ තමාටත් තම පවුලටත් ඇති සියලු චෝදනා විමර්ශනය නොකර යට ගසන බවට ස්ථීර ඩීල් දමාගෙනයි.)

    නියෝජ්‍ය අගමැති:- ගරු රනිල් වික්‍රමසිංහ මහතා (ඉතිරි අවුරුදු 4 3/4 අගමැති ධූරට ඉබේම පත්වී)

    එජාප එජනිස සමගියෙන් සභාග රජයක් - ඇමතිවරු 125-135 අතර ගණනකින් යුත් සුපිරි කැබිනෙට්ටුවක්

    නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්:- ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා

    ප්‍රධාන විපක්ෂය:- ජවිපෙ/ ටී.එන්.ඒ. ඇතුළු කණ්ඩායම්

    විපක්ෂ මන්ත්‍රී: ෆීල්ඩ් මාශල් ෆොන්සේකා මහතා

    සැම එකමුතුව ඝාතන, ස්ත්‍රී දූෂණ ආදී සියළු අපරාධ මෙරටින් මුලිනුපුටා දමා යුක්තිය සාධාරණත්වය, සංවර්ධනය, ස්වභාව සෞන්දර්යය ඇති නූතන යුගයේ සිංගප්පූරුව සේම සමුර්ධිමත් ශ්‍රීලංකාවක් මාස 60 කින් ගොඩනැගීමට... !

    ReplyDelete
    Replies
    1. හීන දැක්ක ඇති. දැන් එළිවෙලා නගිටින්න..

      Delete
  3. අපත ඉන්නේ අම්මා නෙවෙයි අප්පත්ති කෙනෙක් නිතා අප්පත්ති ගැන කවි ලිව්වා.

    අනේ අපේ අප්පත්ති ඔඳ අප්පත්ති
    අපත සීනිබෝල වසීබෝල ගේනවා අප්පත්ති
    විජයකලා ඇන්ති රට බෙදනව අප්පත්ති
    අපිව විජයකලා ඇන්තිගෙන් බේරලා දෙනව අපෙ රත්තරන් අප්පත්ති

    මයිතිරිත් ඔරා රනියාත් ඔරා අපෙ අප්පත්ති
    උන් අබයගිරියේ පින්තූර ඇඳලා දාල මගෙ රත්තරන් අප්පත්ති
    එහෙම කොහොමද කරන්නේ මගෙ අප්පත්ති
    අපේ පන ගියත් අපි ඔබ රකිනවා අප්පත්ති

    අපි පේත්බුක් එකේ කඩේ යනවා මයි අපෙ අප්පත්ති
    නැත්නම් රනියා දිනලා අපට කෙල වෙනවා අප්පත්ති
    යෝතිත අයියාට කෙල උනත් අපෙ අප්පත්ති
    තිරන්ති නැන්දාත් එක්ක සුවෙන් වෙසේවා අපෙ අප්පත්ති

    අපේ ගෙදර හරකා ගොම දැම්මාම අප්පත්ති
    මුලින්ම දමපු බෙටි අපි ඔබට දෙනවාමයි අපෙ අප්පත්ති
    නාමල් අයියාත්, යෝතිත අයියාත්, රෝයිත අයියාත් මතක් කරලා අපෙ අප්පත්ති
    තිරන්ති නැන්දා එක්ක පන්සිල් අරන් නිදා ගන්න අපේ අප්පත්ති

    මේ කවි ලිව්වේ

    තසුස තුසර කුමාර කැකුලාවල පුතා
    සුදීව කොක්කාවල පුතා සහ
    අබීත එදිරිතිංග පුතා

    2 A පන්තිය
    මැදමුලන විද්දියාලය
    වීරකැටිය.

    ReplyDelete
    Replies
    1. නිකන් ගොන් පාට් නොදා හිටපන් පොල් බූරු මොටා. උඹනම් ඇත්තටම දෙකේ පන්තියෙ වැඩ කරන පාහර අවලම් ඩබ්. පී. කෙනෙක්. ඔය කියපු උන් දැන් මේ බ්ලොග් බලන්නෙත් නැතුව ඇති. අනෙක ඡන්දෙන් පස්සෙ යූඇන්පී දින්නොත් මුන් ඒකටත් සෙට්වෙලා ගොඩයාවි. ඕකුන් අන්න ඒවගේ මහ තුප්පහි තක්කඩි ලෝක හොරු ටිකක්. අන්තිමට යූඇන්පියට රෙදි ලිහාන කඩේ ගිය තොපිට හුලං.

      Delete
    2. මෙවැනි චෝදනා කළාට මහින්දවාදී පාර්ශ්වය සැලෙන්නේ නැත. ඔවුන්ගේ කතාව මෙවැන්නකි;

      " 1- රනිල් ආවත් මහින්ද ආවත් දූෂිතයෝ දෙපසේම සිටිති - ලොකු වෙනසක් සිදු නොවේ

      2- යහපාලකයන්ගේ මූලික පොරොන්දුව වූයේ දූෂණය අඩු කිරීමය - මහ බැංකු වංචාව අනුව ඔවුන්ගේ පොරොන්දු ඉටු නොවූ බව පැහැදිලිය.

      3 - දූෂණය වසයෙන් රනිල් හා මහින්ද සමාන වුවද භෞමික අඛණ්ඩතාව සුරැකීම, බටහිර /ඉන්දියානු බලපෑම් කළමණාකරනය කිරීම, බෙදුම්වාදීන් මැඩලීම, සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සුරැකීම ආදිය අතින් මහින්ද ඉදිරියෙන්ම සිටී. එම නිසා මොන දූෂණ ‍චෝදනා ආවත් අපි මහින්ද මහත්තයාට ඡන්දය දෙමු "

      අවාසානාවකට මෙන් ඉහත තර්කය මහින්ද විරෝධී පාර්ශ්වයට නිශේධ කළ නොහැක.

      Delete
  4. MAHINDATA P.M. WENNA DENNE NEHE KIYALA MY 3 KIYALA THIYANAWA NEDA

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා