ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම අපේ ප්‍රමුඛතාවක් ද?

2004 මහ මැතිවරණය හා 2005 ජනාධිපතිවරණය දෙස ආපසු හැරී බලමු. 2000 මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණ යන්තමින් ජය ගත්තේ ය. ඒ වන විට යුද්ධයෙන් රජය දැවැන්ත පරාජයන් කීපයකට ගොදුරු වී තිබුණු අතර ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගත්තේ ය. ජවිපෙ, ශ්‍රීලනිපය සමග එක් වී පරිවාස ආණ්ඩුවක් නම් විකාරයක් කර අවසානයේදී එය ද අසාර්ථක වී නැවත මැතිවරණයකට යන්නට සිදු විය. 2001දී පැවැත්වුණු මහ මැතිවරණයෙන් ජය ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. 2002 පෙබරවාරි 20 දින අගමැති රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානයත් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේ ය. සටන් විරාමය අතරතුර සකසුරුවමින් ආර්ථිකයනැවත යථා තත්වයටපත් කරන ලදී. ඇමරිකාව, යුරෝපා සංගම හා ජපානය ලංකාවට ආධාර කරන්නට සූදානම් විය. ඒ වෙනුවෙන් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මක් යෝජනා කරන ලදී. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය, රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීම, බදු ව්‍යූහය විධිමත් කර ගැනීම, සුබසාධනය අත්‍යවශ්‍ය අංශවලට පමණක් සීමා කිරීම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව නැංවීම හා පෞද්ගලික අංශය සංවර්ධනයේ එන්ජිම බවට පත් කිරීම මෙම ආර්ථික ප්‍රතිව්‍යූහගතකරණයේ මූලික අරමුණු විය. එය ඒ වන විට ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය හා ආසියාවේදී ආසියානු සංවර්ධන බැංකුව හරහා දියත් වෙමින් තිබුණු ප්‍රාග්ධන ගෝලීයකරණ වැඩසටහන සමග අනුබද්ධ වැඩපිළිවෙලක් විය.

නවලිබරල්වාදය ලෙස නම් කෙරුණු මෙම වැඩසටහන මුළු ලෝකයේම දිළිඳු, පීඩිත හා කම්කරු පංතික ව්‍යාපාරවල විරෝධයට තුඩු දුන්නේ ය. ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල ආණ්ඩුවලට ද මෙම විරෝධය නො තකා හරින්නට බැරි තරම් විරෝධය දැවැන්ත විය. ලංකාවේ මෙම විරෝධයට නායකත්වය දුන්නේ රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසිනි. පසුව ජවිපෙ හා වෙනත් ජාතිවාදී බලවේග ද ඒ සමග එක් වූ අතර මහින්ද රාජපක්ෂ සිය නැගීම සංකේතවත් කරමින් විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණයට එරෙහි උද්ඝෝෂණයකදී පීප්පයක් උඩට නැග්ගේ ය.

නව ලිබරල්වාදයට එරෙහි උද්ඝෝෂණ ඉතා ඉක්මණින් ම ජාතිවාදය සමග පැටලුණු අතර අවසානයේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර බලතුලනය වෙනස් වෙමින් 2003 නොවැම්බරයේදී ඇමති තනතුරු තුනක් ජනාධිපති යටතට පවරා ගනිමින් ඇරඹුණු ශ්‍රීලනිප-ජවිපෙ ප්‍රතිප්‍රහාරය 2004 අප්‍රේල් මාසයේදී ජවිපෙ ආසන 40ක් ජය ගනිමින් මහ මැතිවරණය ජය ගැනීම හා 2005 නොවැම්බරයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගැනීම දක්වා දිග්ගැසුණේ ය.

2005 නොවැම්බර් වන විට, එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය යටතේ සාම ක්‍රියාවලිය කඩාකප්පල් වෙමින් රට විනාශකාරී යුද්ධයක් වෙත තල්ලු වෙමින් පැවතිණි. සාම කියාවලිය තුළ යුදමය වශයෙන් ද, කරුණාගේ බිඳී යාම නිසා සංවිධානමය වශයෙන් ද දුබල වී සිටි කොටි සංවිධානය ද නැවත වටයකින් ශක්තිමත් වී සාකච්ඡාවලට පැමිණීමේ උවමනාවකින් යුද්ධයට කැමැත්තක් දැක්වූයේ ය. ඔවුන් විසින් ද බරපතල ලෙස සටන් විරාමය උල්ලංඝනය කරන ලදී.

2005 නොවැම්බරයේදී රනිල් පැරදුණේ කොටි සංවිධානය විසින් දෙමළ ජනතාව ඡන්ද වර්ජනයක් වෙත යොමු කරන ලද නිසා ය. රනිල්ගේ සාම ක්‍රියාවලිය, ආර්ථික ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර සම්බන්ධතා හා ලිබරල්වාදී පිළිවෙත් සියල්ල රටේ ජනතාව අනුමත නො කළ ද, මහින්ද, ජවිපෙ හා හෙළ උරුමය විසින් ප්‍රවර්ධනය කරමින් තිබුණු ජාතිවාදයට සැලකිය යුතු විරෝධයක් සමාජයේ තිබිණි. එවකට මේ රටේ වඩා ප්‍රගතිශීලී බලවේගය වූ සිවිල් සමාජය තුළ රනිල්ගේ නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් තදබල විරෝධයක් තිබුණ ද, සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ උවමනාව හා බලය බෙදාගැනීම ඔස්සේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ උත්සාහයට සහයෝගයක් තිබිණි. එදා සිවිල් සමාජය මුහුණ දුන් උභතෝකෝටිකය හමුවේ අවසානයේදී නව ලිබරල්වාදයට එරෙහිව ජාතිවාදයට යටත් වීම සංකේතවත් කරමින් නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු කණ්ඩායමක් මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටිය හ. ජාතිවාදයට යටත් වන්නට අකැමැති වූ සෙසු බලවේග නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලට පැවති විරෝධය නිසා රනිල්ට සහයෝගය දෙන්නේත් නැතිව නිෂ්ක්‍රීය වූ හ. එහෙත්, ඒ අතරින් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ රනිල් ජයග්‍රහණය කරනු ඇති බවයි. එය වැළැක්වූයේ කොටි සංවිධානයයි.

දස වසරකට පසු නැවත 2015 මහ මැතිවරණයේදී රනිල් හා මහින්ද සමාන ප්‍රතිවාදීන් දෙදෙනෙකු ලෙස සම්මුඛ වී සිටිති. කාලය විසින් මේ දෙදෙනා ම වෙනස් කර තිබේ. යුද්ධය සිංහලයන්ගේ ජයග්‍රහණය දෙසට යොමු කළ නායකයා ලෙස මහින්දට තිබුණු ප්‍රතිරූපයේ සායම ඔහුට එරෙහිව පවතින දූෂණ චෝදනාවල සැර නිසා මැකී ගොසිනි. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සාමයේ ප්‍රතිලාභ ජනතවට අහිමි වී අනාගතය අවිනිශ්චිත තත්වයකට තල්ලු වී තිබේ. ඵලදායී නොවන, නාස්තිකාර, සෝබනවාදී සංවර්ධන සංදර්ශනයක් හැර අන් යමක් ඔහුගෙන් බලාපොරොත්තු විය නො හැකි බව ජනතාව දනිති. එහෙත්, සිංහල ජාතිවාදී, බෞද්ධ ආගම්වාදී, පුරුෂෝත්තමවාදී, ස්වෝත්තමවාදී දේශපාලනයේ නායකයා ලෙස මහින්දට තවමත් වෙළඳපොළක් තිබේ.

මේ අතර 2015දී අපට රනිල් හමු වන්නේ 2005ට වඩා වෙනස් සංදර්භයකයි. ලංකාව ඇත්තෙන් ම ලෝක බැංකුවේ ප්ලග් එක ගලවා ඉහළ වෝල්ටීයතාවකින් යුතු චීන පේනුවට සවි කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ආර්ථිකයේ ෆියුස් යන්නට ඔන්න මෙන්න ය. ලෝක පරිමාණයෙන් ම, දිළිඳු රටවල විරෝධය හමුවේ නව ලිබරල්වාදී වැඩසටහන පසුබැස තිබේ. විශේෂයෙන් ම ලෝක වෙළඳ සංවිධානය විසින් ඉදිරියට ගෙන එන ලද ප්‍රාග්ධන ගෝලීයකරණයේ ආක්‍රමණශීලී වැඩසටහන හකුළා ගන්නට සිදු වී තිබේ. සංවර්ධිත රටවල අන්තර් රාජ්‍ය සංවිධානවලට එරෙහිව සංවර්ධනය වෙමින් පවතින ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවල මූලිකත්වයෙන් සංවිධාන බිහි වී තිබේ. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් බලෙන් යෝජිත ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීම් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ප්‍රත්ක්ෂේප කර තිබේ.

මහින්ද විසින් රජය ප්‍රබල ව්‍යාපාරික සමාගමක් බවට පත් කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සේවය, ෂෙල් සමාගම වැනි සමාගම් රජයට පවරා ගන්නා ලදී. මිහින් ලංකා, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය වැනි අධික ලෙස පාඩු ලබන ව්‍යවසාය ආරම්භ කරන ලදී. රාජ්‍ය අංශය පුළුල් කරන ලදී. එහෙත් එහි ඵලදායිතාව ඉතා පහත් මට්ටමක ය. ජවිපෙ වැනි ජාතිකවාදී රාජ්‍ය මූලික ආර්ථික ප්‍රතිපත්තියක් සමාජවාදය යයි පටලවාගෙන සිටින පක්ෂයකට කළ හැකි විප්ලවය මහින්ද විසින් මේ වන විටත් කර තිබේ. ජවිපෙ දූෂණ විරෝධය සිය ප්‍රමුඛ සටන් පාඨය බවට පත් කරගෙන සිටින්නේ මේ ක්‍රමය අසාර්ථක වී තිබෙන්නේ හුදෙක් ම දූෂණය නිසා පමණක් බව අනියමින් පවසමිනි.

රාජපක්ෂ පවුල හා අන්තේවාසිකයන් විසින් කරන ලද දූෂණය හා නාස්තියට තිත තැබීමෙන් දින සීයක් හමාරක් ඇදගෙන යා හැකිමුත්, මහින්දගේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික සංවර්ධන වේගය පවත්වාගෙන යා නො හැකි ය. මහින්දලා ගිනි පොළියට ගෙන නාස්ති කළ ණය ආපසු ගෙවිය යුතු ය. රාජ්‍ය වියදම් අඩු කළ යුතු ය. ආනයන අඩු කළ යුතු ය. අපනයන ඉහළ නැංවිය යුතු ය. දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජන දිරි ගැන්විය යුතු ය. ජනතාවගේ පැත්තෙන් ද යම් ලුහුපෙවතක් අවශ්‍ය ය. ඇත්ත තත්වය එයයි.

රටේ අභ්‍යන්තර සාමය ස්ථාපිත කළ යුතු ය. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම එහිදී අත්‍යවශ්‍ය සාධකයකි. ජාතිවාදය පරාජය කළ යුතු ය. පුළුල් ජාතිකභාවයක් ප්‍රවර්ධනය කළ යුතු ය. ලෝකය සමග යහපත් සම්බන්ධතා වර්ධනය කර ගත යුතු ය.

වාමාංශික, දක්ෂිණාංශික සැමගෙන් මේ මොහොතේ ඇසිය යුතුව තිබෙන ප්‍රශ්නය ඉතා සරළ ය. තව දුරටත් මහින්ද සමග වැනසෙනවා ද? මහින්ද සමග නො වැනසෙන්නට නම් අපි ශක්තිමත් රජයක් ගොඩනැගිය යුතු නේ ද? මේ මොහොතේ එය කළ හැක්කේ කා සමග ද? එසේම, ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම අපේ ප්‍රමුඛතාවක් ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. We already defeated MR.. Now MS will decide next PM. Afetr 8 January MS selected RW as PM with 45 seats, Do not worry about next PM in next govenment. UNP & UPFA jointly announce new government in 18 August.If JVP wins 113 seats then only RW miss his PM post

    ReplyDelete
  2. Yes, you guys want to plunder entire country with Ranil clique! His honesty gas been proved by the Central bank plunder! You suffer from inferiority complex vis à vis Mahinda Rajapaksa, who is the greatest living leader! Marxists are boot lickers of the white!

    ReplyDelete
    Replies
    1. I think you need to see a psychiatrist..

      Delete
  3. ඔය 'ලිබරල් ආර්ථික' යකා කියන තරම් කලු නෑ... හරි නියාමනයක් එක්ක, නිෂ්පාදන ආර්තිකයත් එක්ක එකතුකර ගත්තොත් දියුනුවෙමින් පවතින රටකට සුදුසුම ලිබරල් ආර්ථිකය තමා...
    සිංගප්පූරුව, මැලේශියාව, තායිවානය වගේ රටවල් දියුනුවුනේ ඔය කියන ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරන එක්ක ලෝක බැංකුවෙන්, මූල්‍ය අරමුදලෙන් ණය අරගෙන ඒවා රටේ නිෂ්පාදන හා සේවා ආර්ථිකවල දියුනුවට යෙදවීමෙන් හා පුද්ගලික අංශය ශක්තිමත් කිරීමෙන්...
    එහෙම නැතිව මහ විෂාල රාජ්‍ය අංශයක් හදාගෙන 750ට අරන් 250 ට පොහොර දීම වගේ ගොන්පාට් වලින් නෙමේ...

    ReplyDelete
  4. ජේවීපී කුහකකම පෙන්වන හොද ලිපියක් සුනන්ද දේශප්‍රිය ඊනිවුස් එකට ලියල තියෙනවා.....

    //මෙම අවස්ථාවේදී මහා ජනයාගෙන් ජවිපෙ ඉල්ලා සිටින්නේ ආන්ඩු මට්ටුකරවන බලයක් තමන්ට ලබා දෙන ලෙස ය. කව්රුත් දන්නා බාසාවෙන් කියන්නේ නම් ආන්ඩුවේ රිමෝට් කොන්ට්‍රොල් එක තමන්ට දෙන ලෙසය. කෙටියෙන් තම පක්ෂයේ මංත්‍රීවරුන් ගණන ටිකක් වැඩි කර දෙන ලෙස ය‍.

    මේ කියන රිමෝට් කොන්ට්‍රෝල් දේශපාලනය 2002 වසරට පෙර ජවිපෙ විසින් අත්හදා බලා අසාර්ථක වූ එකකි. එය චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමඟ ඇතිකර ගත් පරිවාස ආන්ඩුව අන්තිමේ දී එජාප ආන්ඩුවකට ඉඩ දී පරාජයට පත් විය. 2005 වර්ශයේ දී මංත්‍රී ආසන 42 ක් දිනා ගැනීමෙන් පසුව පවා ජවිපෙට සිය ප්‍රධාන හවුල්කරුවා වූ රාජපක්ෂගේ අඥාදායක ගමන නැවැත්වීමට නොහැකි විය. මෙම මැතිවරණයෙන් පසු ඊට වඩා දෙයක් කිරීමට ජවිපෙට හැකිවනු ඇතැයි කීමට ඇති සහතිකය කුමක් ද?

    ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය චීනයෙහි මෙන් කොමියුනිස්ට් ධනවාදයක් අරමුණු කරයි. ජවිපෙ ආදර්ශයට ගන්නා රටවල් ලෙස එහි ප්‍රචාරක මාධ්‍යයන්ගෙන් දැක්වෙන්නේ පූටින්ගේ රුසියාව, චීනය, කොමේනිවරුන්ගේ ඉරානය සහ කියුබාව යනාදී රටවල් ය. මෙම කිසිදු රටක සැබෑ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ජනමාධ්‍ය නිදහසක් හෝ අන් සිවිල් දේශපාලන නිදහස් හෝ නැත. ඇමෙරිකාව ඇතුලු ධනවාදී රටවල් පට්ට ගසන නමුත් ජවිපෙ කිසි විටෙක එම රටවල පාලන ක්‍රම විවේචනය කර නැත. තව ද රුසියාව සහ යුක්රේනය අතර ගැටුමෙහි දී ජවිපෙ ඉන්නේ ආක්‍රමනික රුසියාව පැත්තේ ය.

    ජවිපෙට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු අධිරාජ්‍යවාදීන්ගේ උගුලකි. එජා සංවිධානය විසින් ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරිමට යම් යම් සීමා කිරිම් යටතේ වුව කරනු ලබන අරගලය ජවිපෙ සළකන්නේ අධිරාජ්‍යවාදී සැළසුම් ලෙස ය. ජවිපෙට මානව හිමිකම් දැක්මක් නැති බවට හොඳම නිදසුන නම් අතුරුදහන් කරවන ලද දහස් ගණනාවක් වූ සිය පාක්ෂිකයින්ට යුක්තිය ලබා දීමට කිසිදු මැදිහත්වීමක් නොකිරීම යි. ජවිපෙට රාජ්‍ය ආරක්ෂා කිරීම මානව හිමිකම් වලට වඩා වැදගත් ය. මේ අනුව බලන විට බලය ලැබුනහොත් ජවිපෙ වාම අඥාදායකත්වයක් ක්‍රියාත්මක කරනු ඇතැයි බියවීම අහේතුක නොවේ.//

    http://lankaenews.com/news/2430/si

    ReplyDelete
  5. සමහර නුගත් මෝඩයෝ චීන යුආන් ගැන හීනෙන් බය වෙලා මරු කියනවා අතරේ, මෙමෙ ලිපිය දුටු හොද දේශපාලන විශ්ලේෂණයක් !!!!! මම හිතන්නේ ලැබුණු අවස්ථා 2ක්ම අහිමි වු රනිල්ට නැවත අවසාන අවස්ථාවක් දීම ඉතා සුදුසු බවයි. රට ඉදිරියට ගෙනයාමට දැක්මක් ඇති අයෙක් ලෙස දැනට තිරය ඉදිරිපිට සිටින්නේ රනිල් පමණයි (තිර පිටුපස සිටින විශේෂඥයන් කීප දෙනෙක් ගැන කියවුණත් ඔවුන් දැනට පෙන්න නැහැ). අමාත්‍යංශ 4 ක මාස 14ක අත්දක්කෙම් හැරුනා විට ජවිපෙට රාජ්‍ය පාලනයක් සදහා ප්‍රයෝගික අත්දැකීම් නැහැ. දැන් ඒ අත්දැකීම් ඇති අයගෙනුත් කීදෙනෙක්ම පක්ෂය හැර ගිහින්. ඔවුන් කෙසේ කීවත් ජ.වී.පෙ. ට බල ගැනීමට අවශ්‍ය නම් පවතින ආණ්ඩුවක වැඩ කරන රජ්‍යපාලනයේ වැඩකරමින් ලබාගතයුතු අත්දැකීම් සමුදායක් තිබෙනවා. පළපුරුදු රාජ්‍ය පරිපාලන නිලදාරීන් පක්ෂය සම්බන්ධ කරගැනීමෙන් තරමක් මෙය මකා ගත හැකි වුවත් රජයක් පවත්වාගැනීමට එය ප්‍රමාණවත් නැහැ. මේ අනුව බලාපොරොත්තුවක් තැබිය හැක්කේ රනිල් මත පමණයි. දරුවන් පවා නොමැති ඔහුට මුදල් ගසාකෑමට මෙන්ම පවුල් බලයක් සදීමටද හේතුවක් නැහැ. එනිසා ඔහුගෙන් යහපාලනයක් බලාපොරොත්තු විය හැකියි. වසර කීපයකට පෙර යොවුන් වියේ සිටියදී රනිල් දේශපාලනයෙන් අතුග දැමිය යුතු බව සිතු මම, වසර 12 ක පමණ ජයත්යන්තර දේශපාලනයේ ලැබූ ප්‍රයෝගික දැනුම අනුව සිතන්නේ දියුණු රටක් සදහා බලාපොරොත්තුවේ ඇතින් පෙනෙන තනි තරුව රනිල් බවයි. අස්ථාවර තත්වයන් යටතේ පවා මෙරටේ ජනවාරි 8 ට පසු ඇතිවූ වෙනසම ඊට හොද සාක්ෂියක්. කණගාටුවට කරුණ නම්....1994 දී පවතී පාලනය පන්න දැමීමට පෙරට ආ සොබිත හිමි සහ වික්ටර් අයිවන් වැනි අයටම වසර 20 කට පසුවත් 2015 දී මහින්ද පන්නේමට ද සිදු වුනා. 2002 දී ආර්ථිකය හැදු රනිල්ට 2015 දී නැවත ආර්ථික හදන්න සිදු වෙලා. අපිට අලුත් අය නැහැ. අපී පහු ගිය අවුරුදු 20 ඇතුලත මෙවැනි විශේෂඥයන් කී දෙනක් අලුතින් හැදුවද කියන එකත් කල්පනා කරන එක වටිනවා.

    ReplyDelete
    Replies
    1. 2025 දී නැවත රනිල් හෝ 2030 වනවිට සජිත්/රුවන් එළවිමටද මෙලෙසම පිරිසකට පෙරමුණ ගැනීමට සිදුවනු ඇත.

      Delete
    2. නෑ. මම හිතන්නේ නැහැ රනිල් එලවන්න වේවි කියල 2035. එතකොට අවුරුදු 90 ක් විතර වෙනවනේ. එත් ඔය කියපු අනිත් හාදයෝ දෙන්න නම් කියන්න බැහැ.

      Delete
  6. //. අපී පහු ගිය අවුරුදු 20 ඇතුලත මෙවැනි විශේෂඥයන් කී දෙනක් අලුතින් හැදුවද කියන එකත් කල්පනා කරන එක වටිනවා.//

    විශේෂඥයෝ නැත්තේ ඇයි..

    1. 87-89 කාලයේ ජෙප්පෝ තමන්ගේ මතයට එරෙහිවෙච්ච දකුනේ උගත්, බුද්ධිමත් මිනිස්සුන්ව ඝාතනය කල නිසා.. අවසානයේ ඉතුරුවුන බහුතරය 'තමන් පොරවල්ය' කියා හිතාගත්ත ජේවීපී වාදී වම්මු ටිකක් විතරයි..

    2. යුද්ධය නිසා උතුරේ දෙමල විද්වත්තු රට හැර ගියා, නැතිනම් ඝාතනය වුනා.. 2009න් පස්සෙත් රාජපක්ෂ මර්ධනය නිසා මේ තත්වය වෙනස් වුනේ නෑ.

    3. 2002න් පස්සේ රටේ තීරක බලය වුනේ 'සිංහල ජාතිවාදය'..
    සිංහල ජාතිවාදී මතයක නොහිටිය බුද්ධිමත් මිනිස්සු දේශපාලනයෙන් පමනක් නෙමේ රාජ්‍ය අංශවලිනුත් කොන්වුනා.. ගෝටාගේ භීෂනයට බයවුනා. ඒ අයට දේශපාලනය එපාවුනා..

    4. 80 ගනන්වල ජේවීපීය කෙලපු පිස්සුවෙන් පස්සේ 'ඉගෙනගත්තු දෙයින් රස්සාවක් කරගෙන කීයක් හරි හොයාගෙන කට වහගෙන පැත්තකට වෙලා ජීවත්වෙනව' කියන ඇටිටියුඩ් එක මිනිස්සුන්ට ආව... සිවිල් සමාජයේ ක්‍රියාකාරීවීම කියන එක මිනිස්සුන්ට අප්‍රසන්න දෙයක්බවට පත්වුනා..

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට එකගයි

      Delete
  7. ඔබ විසින් ඉදිරිපත්කර ඇති කරණු බොහෝමයක් හා එකගවිය හැකි වුවද රනිල් ප්‍රමුඛ පෙරමුණකින් මෙම කරුණු බලාපොරොත්තුවීම පදනම් විරහිතය.

    මහින්ද ප්‍රමුඛ සංධානය නැවත බලයට පැමිණිම මගින් ජාතින් සහ ආගමික කණ්ඩායම් අතර දුරස්ථභාවයක් ඇතිවිය හැකි අතර ජාතිවාදය ඉදිරියටවිත් ජාතීන් අතර සංහිඳියාව බිදි යාමටත් ඉඩතිබේ. එමෙන්ම රනිල් ප්‍රමුඛ පෙරමුණකින්ද ජාතීන් අතර සංහිඳියාව ඇතිවන බවට සහතිකයක් නොමැති අතර ඔවුන් යම් බලය බෙදිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යැම හරහා සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිවාදී දේශපාලන කණ්ඩායම්වලට නැවත වටයකින් පිබිදිමට අවස්ථාවක් ලබාදීම තුල ජාතීන් අතර සංහිඳියාව බිදි යාමටත් රනිල්ට නැවත බලය බෙදිමේ ව්‍යාපෘතිය හකුලා ගැනීමටත් ඇතිවීමේ ඉඩක් ඇත. මේ දෙයාකාර ක්‍රියාවලිය තුලම ජාතීන් අතර සංහිඳියාව වෙනුවට ජාතින් අතර පරතරය තව දුරටත් ඉහල යාමේ යම් ඉඩක් ඇත.

    මහින්ද විසින් ක්‍රියාත්මක කරනලද ණය ලබා ගනිමින් මිනිසුන්ගේ ක්‍රශක්තිය ඉහල දැමිමේ ආර්ථික ක්‍රියාවලිය එහි උපරිමයකට පැමිණ ඇති අතර තව දුරටත් ණය ලබා ගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරිම හා රජය සේවය පුලුල් කිරිම හරහා මිනිසුන් අතරට එම මුදල් සම්ප්‍රේශනය කිරිම වෙනුවට ආයොජනයන් තුලින් රටතුල ස්ථාවර ආර්ථිකයක් ඇතිකල යුතුය.

    රටතුල සංවර්ධනය කලහැකි ක්ෂෙත්‍රයන් හදුනා ගනිමින් ක්‍රියාත්මක කල හැකි වැඩපිලිවලක් රනිල් ඇතුලු ආර්ථිකය හැසිරවීමට ඔහු සමග සිටින පිරිසට තිබේද යන්න පිලිබදව කිසිදු සහතිකයක් ලැබි නොමැත. ඔහු විසින් විටින් විට කරනු ලබන ප්‍රකාශයන් අනුව ඔහු පිලිබදව විශ්වාසයක් තැබිමට පමණක් සිදුවී ඇත. මහින්ද ප්‍රමුඛ සංධානයට නිසි පරිදි ආර්ථිකය සංවර්ධනය කල නොහැකි බව ඉතාමත් පැහැදිලි වුවද රනිල් ප්‍රමුඛ පෙරමුණ එය නිසි මගට ගනු ඇතැයි යන්න පිලිබදවද කිසිදු විශ්වාසයක් නොමැත.

    ඉහත දෙපාර්ශවයම බලය ගෙන ඒම තුලින් අද දිනයේ ඇති කිසිදු ගැටලුවකට විසදුමක් නොලැබෙන අතර ඉහත ගැටලු මතුවන එක් එක් මොහොතේදි තමන්ට වාසි පරිදි ජාතිවාදය, දුෂණ විරෝධය, උගත්කම, ආදි සමාජය තුල කතිකාවට එන කරුණු තදින්ම අල්ලා ගනිමින් එක් එක් මොහොතෙ පැන නැගෙන ගැටලු අනුව දේශපාලනය තොරන එදාවේල ටුවර්ස් බවට පත්වි ඇති ජවිපෙට වැඩි බලයක් ලබා දීම හරහා හෙට දවසේ බලය බෙදීම, ආර්ථික ප්‍රතිසංස්කරනයන් කිරිමේදි ඔවුන් අනිවාර්යයෙන්ම ඔවුන්ට වාසිසහගත ස්ථානයකට තල්ලුවී යනු ඇත. ඒ හරහා නැවත ජාතිවාදය හෝ වෙනත් කරුණක් ඔවුන්ගේ මුලික සටන් පාඨය වනු ඇත.


    ReplyDelete
  8. පාඨකයන් රැවටීම සඳහා මෙම ලේඛකයා මහින්ද රාජපක්ෂගේ 'නරක' විවේචනය කලත් ඔහු විරුද්ධ මහින්දගේ 'හොඳට' බව සලකන්න.

    ReplyDelete
  9. 94 දී සාකච්ජා කරනු ලැබුයේ
    රත්තරන් පුටු ඇදන්
    රිචට් සොයිසා, ලියනාරච්චි
    60000ක් සිංහල තරුණයන්
    මාධ්ය නිදහස, ප්රකජාතන්ත්රිවාදය බලය බෙදීම පිලිබදවය

    2015 දී

    ලැම්බෝගිනි, ඇපල් වතු
    ලසන්ත, එක්නැලිගොඩ
    උතුරේ සිදුවු යුධ අපරාධ
    මාධ්ය නිදහස, ප්රකජාතන්ත්රිවාදය බලය බෙදීම පිලිබදවය

    94 දී සිදුවුයේ විප්ලවයක්යැයි ඒ දිනවල කියන ලදී
    2015 සිදුවුයේ විප්ලවයක්යැයි ඒ දිනවල කියනු ලැබේ

    94 විප්ලවයට පසු මහින්ද බිහිවිය
    2015 විප්ලවයට පසු,.........................????

    නැවතත් අපි රැවටිය යුතුද?


    UNP (රනිල් ප්‍රමුඛ යහපාලන නඩය) UPFA (මහින්ද ප්‍රමුඛ දුෂිත සංධානය) යන දෙපාර්ශවයම බලය ගෙන ඒම තුලින් අද දිනයේ ඇති කිසිදු ගැටලුවකට විසදුමක් නොලැබෙන අතර
    ගැටලු මතුවන එක් එක් මොහොතේදි තමන්ට වාසි පරිදි ජාතිවාදය, දුෂණ විරෝධය, උගත්කම, ආදි සමාජය තුල කතිකාවට එන කරුණු තදින්ම අල්ලා ගනිමින් එක් එක් මොහොතෙ පැන නැගෙන ගැටලු අනුව දේශපාලනය තොරන එදාවේල ටුවර්ස් බවට පත්වි ඇති ජවිපෙට වැඩි බලයක් ලබා දීම හරහා හෙට දවසේ සිදුවන ප්‍රතිසංස්කරණ වලදී ඔවුන් සමාජය පිටුපසට තල්ලු කරනු ඇත.
    ඒ හරහා නැවත ජාතිවාදය හෝ සමාජයතුල ඇති පසුගාමී අදහස් ඉදිරියට එනු ඇත.

    එමෙන්ම ඉහත කොටස් තුනම යම් සීමාවක් දක්වාම පමණක් සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, සමාජ සාධාරණත්වය ලබා දෙනු ඇත.

    සැබෑ සමාජ සාධාරණත්වය සහ නිදහස දිනා ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු....

    ReplyDelete
    Replies
    1. මල්ශාලා දේශපාලනයAugust 8, 2015 at 12:02 AM

      මහින්ද ඡන්දෙට නාවානම්, තාජුඩීන්ලා,එක්නැලිගොඩලා ගොඩඑන්නෑ පුල් සුවර්.
      එමෙන්ම තාජුඩීන්ලා,එක්නැලිගොඩලා ගොඩ ඉන්නේ 17වෙනිදා වෙනකම් පමනයී.
      එකිනෙකාට ගරු නොකරන ප්‍රාථමික සමාජ බලරටා සහිත රටක මළවුන්ට මොන සාධාරණයක්ද?
      ප්‍රධාන පක්ෂ (SLFP,UNP,JVP,TNA) සියල්ලම මිනී විකුනං කනවා ඇරෙන්න...

      ඝාතනයන් හා සමාජ අසාධාරනයන්ට අප එරෙහි විය යුතුය.
      ඊටත් වඩා, මිනී කාක්කන්ගේ දේශපාලනය අප සමාජයෙන් අතුගාදැමිය යුතුයි.

      Delete
  10. “..සංවර්ධිත රටවල අන්තර් රාජ්‍ය සංවිධානවලට එරෙහිව සංවර්ධනය වෙමින් පවතින ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවල මූලිකත්වයෙන් සංවිධාන බිහි වී තිබේ...“
    මේ කියන්නේ “බ්‍රික්ස්“ සහ ඊට අදාළ ජාත්‍ය්න්තර බැංකුව ගැනද? ඒක ආරම්භ කළ චීනයේ නම හැලුනේ කොහොමද? රුසියාව සහ චීනය තමයි ඒකේ ප්‍රධාන ආයෝජකයෝ. මේ කියන්නේ BRICS නොව වෙනත් සංවිධාන ගැන නම් උදාහරණයක් දෙන්න පුළුවන්ද?
    රනිල්ලා මංගලලා වැඩකරන්න යන්නේ ඔය කියන (Bබ්‍රසීලය Rරුසියාව Iඉන්දියාව Cචීනය සහ Sදකුණු අප්‍රිකාව යන රටවල් විසින් ජාත්‍යන්තර මුල්‍ය සංවිධානයේ සහ ලෝක බැංකුෙවේ ආධිපත්‍යයට විරුද්ධ හදපු සංවිධාන එක්ක ද නැත්නම් ලෝක බැංකුව සහ ජා මු. අ. එක්ක ද?

    ReplyDelete
  11. 18 වෙනිදාට පසු UNP (රනිල් ප්‍රමුඛ යහපාලනය) UPFA (මහින්ද ප්‍රමුඛ දුෂිත සංධානයෙන් කොටසක්) යන දෙපාර්ශවයම එක්වී අණ්ඩුව පිහිටයනු ඇත. පැරාට යමක් ලැබේදැයි සැක සහිතය ඒ අනුව ටික දිනකින් රනිල් පරදවීමට අවශ වන්නේ ඇයි ? කියා ලිපි ලියන්නට පටන් ගනීවි.

    මේ වගේ විකල්ප බො‍ලොග් කියවන්නේ දේශපාලනකය ගැන පුංචි හරි උනන්දුවක් තියෙන මේ සිස්ටම් එක ගැන කලකිරීමක් තියෙන නමුත් එවුන් තමනක්ගේ ජීවිත කාලයේ සමාජවාදය ඇතිවේයයි විස්වාස කරන්නේ ද නැති එවුන් ය උන්ගේ ඡන්දය මොල හේදීමෙන් පැරාට තියා වයිමාටවත් වෙනස් කල නොහැක ඒවා තීරනය කර හමාරය

    විය හැකි එකම දෙය ??? මේක ලියපු පැරා ඇතලු අප සැම කවුරැන්දැයි එකිනෙකාට තේරැම් ගැනීමට හැකි වීම පමනි

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. /* ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම අපේ ප්‍රමුඛතාවක් ද? */

    ඔව්!
    එසේ නොවුණු කාලවකවානු තමයි, 1970-77, 1977-94, 2010-2015.

    ReplyDelete
    Replies
    1. ඔව් ශක්තිමත් විපක්ෂයක් හදමු. ඊට පස්සෙ ඒ ශක්තිමත් විපක්ෂය ශක්තිමත් කොරලා.......කොරලා....කොරලා....කොරලා......කොරලා.....කොරලා...දුර්දාන්ත ආණ්ඩුව පරද්දලා බලයට පත්කරමු.. ඊට පස්සෙ ඊට පස්සේ ඒ ආණ්ඩු පක්ෂේ හිටපු එවුන් විපක්ෂයට ගියාට පස්සේ ඒ විපක්ෂේ නැවතත් ශක්තිමත් කොරලා කොරලා කොරලා කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.ශක්තිමත් විපක්ෂයක් හදමු. ඊට පස්සෙ ඒ ශක්තිමත් විපක්ෂය ශක්තිමත් කොරලා.......කොරලා....කොරලා....කොරලා......කොරලා.....කොරලා...දුර්දාන්ත ආණ්ඩුව පරද්දලා බලයට පත්කරමු.. ඊට පස්සෙ ඊට පස්සේ ඒ ආණ්ඩු පක්ෂේ හිටපු එවුන් විපක්ෂයට ගියාට පස්සේ ඒ විපක්ෂේ නැවතත් ශක්තිමත් කොරලා කොරලා කොරලා කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.ශක්තිමත් විපක්ෂයක් හදමු. ඊට පස්සෙ ඒ ශක්තිමත් විපක්ෂය ශක්තිමත් කොරලා.......කොරලා....කොරලා....කොරලා......කොරලා.....කොරලා...දුර්දාන්ත ආණ්ඩුව පරද්දලා බලයට පත්කරමු.. ඊට පස්සෙ ඊට පස්සේ ඒ ආණ්ඩු පක්ෂේ හිටපු එවුන් විපක්ෂයට ගියාට පස්සේ ඒ විපක්ෂේ නැවතත් ශක්තිමත් කොරලා කොරලා කොරලා කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.කොරලා......කොරලා.....කොරලා.

      Delete
  14. "ජාතිවාදය "අවුස්සනවා යැයි සින්හලයාට තප්වුලමින් බැන වදින අගමැති හොරිකඩයා සින්හලේ විනාශය උදෙසා අන්තෝනමතිකව කටයුතු කරමින් සත්‍ය ජනතාවගෙන් වසන් කරණු වස් ජනමද්‍ය මර්දනය කිරිමට ගන්නා උත්සාහය කුමක් නිසා දැයි ජනතාවට හොදටම පැහැදිලිය ...ඊයේ යාපනයේ සිදුවූ දේ මේයට හොදම උදාහරණයි .උතුරු පලාත් සබාව පැය ගනනකට අත් හිටවමින් දෙමල සන්දාන මන්ත්‍රි වරු ‍යාපන විශ්ව විද්‍යාලීය සිසු සිසුවියන් සමග එක්වෙමින් ‍යාපනය නගරයේ දැවැන්ත උද්ගෝශනයක් අප හමුදාවට එරෙහිව කර තිබේ .,
    වසල පාලනය බලයට ආදා උතුරේ හමුදා කදවුරු තුලට ගල් ප්‍රහාර එල්ල වු‍යේ උතුරේ ඊලාම් කොඩියද ලෙලෙදෙමිනී .එය මාද්‍ය මගින් හෙලි විමත් සමග බලලා මල්ලෙන් එලියට පැන්නේය ..වහා ක්‍රියාත්මක වූ වසල ආන්ඩුව "හමුදා මාද්‍ය ප්‍රකාශක වරයා ඉවත් කොට එම තනතුර ද අහෝසී කොට රාජ්‍ය සේවකයාගේ අදහස් පලකීරිමේ අයිතියටද වැට බැන්දේ නව ආරක්ශ ලේකම් වරයා විසින් හිටපු ලේකම් වර‍යාගේ නිර්දෝශි බාවය ප්‍රකාශ කල හෙයිනී.එහෙයින් නොනැවතුන වසල ආන්ඩුව රාජ්‍ය නාලිකා තුල සිටි නිදහස් මතදාරින් පන්නමින් රාජ්‍ය මාද්‍ය ආන්ඩුකරනය කලේය ..පුද්ගලික නාලිකා බොහොමයක් ඔවුන්ගේ සුකවිහරනෙන් යැපෙනු උන්ටම කඩේ ගිය එවා බව මුලු රටම දනී .
    සත්‍ය වටහා ගත් මුද්‍රිත මාද්‍යන් ආන්ඩුවේ අන්තෝමතික ක්‍රියා කලාපය හෙලා දකිමින් බෙදුම්වාදයට එරෙහිව අභීතව පෑන මෙහය වීම නොරිස්සු වසල අගමැතියා එම පුවත් පත් කතෘවරුන් ජාතිවාදින් ලෙස හන්වඩු ගසා ප්‍රසිද්දියේම තර්ජන‍ය කරමින් සින්හලයාගේ මාද්‍ය නිදහසට වැට බැදි වසලයා පිලිකුල් සහගත ලෙස බෙදුම්වාදය සමාජගත කිරිම උදෙසා ටැමිල් නෙට් වෙබ් අඩවිය නිදහස් කරමින් රේගුව විසින් වැලකූ front line සගරා නිදහස් කරමින් දෙමලාට මාද්‍ය නිදහස දුන්නේ සින්හලයාට වඩා තමාට චන්දේ දෙන දෙමලා ලොකු නිසා විය හැක ..
    මේ වසල තිරිසන් පාලනයේ අන්තෝමතික ක්‍රියාවන් අනුමත කරන්නෙක් නම් ඔහු වසලයෙකී .රටක් ජාතියක් නැති අවජාතකයෙකී ..
    සින්හලුනී ! තවත් පිල් බෙදී පාට පාට කන්නාඩි පැලදගෙන මෝඩයන් උන හොත් මේ රට තවත් සුඩානයක් .ටිමෝරයක් .හයිටියක් වීම වැලැක්විය නොහැක .එබැවින් ඒකීය ශ්‍රි ලන්කාවක් උදෙසා සින්හලේ පැවැත්ම උදෙසා උතුම් සම්බුද්ද ශාසනයේ චිරස්තිය උදෙසා පෙරට වරෙවූ .,,
    නිදාසිටිමෙන් පලක් නොවේ .,..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා