‍‍විභාග ‍කොපිකැට් හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ජංගම දුරකථන ළඟ තබාගෙන විභාග ලියූ සිසුන් කීපදෙනෙකු හසු වී තිබේ. ඔවුන්ගේ විභාග ප්‍රතිඵල අවලංගු කර තිබෙන අතර අදාළ විභාග මධ්‍යස්ථාන භාර නිලධාරීන් හා නිරීක්ෂකවරුන් ඉවත් කර තිබේ. 

ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු රැසක් තිබේ. ප්‍රායෝගික නො වන විෂය කරුණු අධික ලෙස කට පාඩම් කරගෙන උත්තර පත්‍ර මත වමාරන්නට සිදු වීමෙන් අධ්‍යාපන ඵලදායිතාවට දැඩි බලපෑමක් සිදු වී තිබේ.

සමස්තයක් ලෙස ලංකාවේ අධ්‍යාපන බලධාරීන් සිතාගෙන ඉන්නේ විභාග පවත්වන්නේ සිසුන් අසමත් කරන්නට ය කියා ය. උසස් අධ්‍යාපන අවස්ථා සීමිත වීම එයට හේතුවයි. 

එහෙත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු බොහෝ දෙනෙක් පැහැදිලිව දන්නා කරුණක් වන්නේ මේ වන විට සිසුන් විශාල වශයෙන් කොපි කිරීමට නැඹුරු වෙමින් සිටින බවයි. පාසල්වල පහේ ශිෂ්‍යත්වයේ සිට ම දරුවන් කෙටි ක්‍රමවලින් විභාග සමත් වීමට යොමු කරනු ලැබේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන විට සිසුවෝ වෙන මොනවා නැතත් කොපි කිරීම හොඳින් ඉගෙන ගෙන සිටිති. විභාග ප්‍රතිඵලය තමන්ගේ දැනුම මට්ටම පරීක්ෂා කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කරනවාට වඩා ප්‍රදර්ශනාත්මක දෙයක් බවට පත් කර ගැනීම එයට ‍‍හේතුවයි. 

ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සමගාමීව විභාග නීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද මතු වී තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රටට තියන ලොකුම කොඩිවිනය තමා අඥානයන් විසින් සැලසුම් කළ “අධ්‍යාපනය“ නමැති අධයාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට තැත් කිරීම ! ලංකාවෙ වර්තමාන විභාග කියන්නෙ තමන් ගුරුවරුන් යැයි කියාගන්නා පිරිසකට මුදල් හම්බකරන්න හදාගත්තු වැඩ පිළිවෙලක් !! “නූතන ඉැගන්වීම් ක්‍රම පිළිවෙල“ යනු දරුවන්ව විනාශකාරී චරිතායනයකට හුරු කරවන අමන තකතිරුවන්ගේ කුමන්ත්‍රණයකින් බිහි වෙච්ච ඉගෙනුම් ඉගැන්වීම් පිළවෙලක් !!! බොහොම දෙනකුට රිදේවි. අධ්‍යාපන ලේකම් වරයා ලෙසත් ඇමතිවරයා ලෙසත් පත්විය යුත්තේ දාර්ශනිකයෙක්. (“නූතන අධ්‍යාපනයෙන් බිහිවෙච්ච කටපාඩම්කරගන විභාග සහතික ගත්තු“ නරුමයන් නොවන) මේක ඇනොවෙකුගේ කොමෙන්ටුවක් කළේ කන්නංගර වැනි මානව හිතවාදී දාර්ශනිකයන්ට හඳුන් කූරු පත්තු කරගෙන ඔවුන්ගේ පිළිම, පොටෝ ඉස්සරහින්ම තියාගන රටට වින කරන නරුමයන් අධයාපන බලධාරීන් ඉන්න බව පවසන කොමෙන්ටුවක් හින්දයි

    ReplyDelete
    Replies
    1. Now here is a great education minister personally appointed by hero Ranil! He is Akhila Viraj KARIYAWASAM! These guys will do whatever is necessary!

      Delete
  2. "සමස්තයක් ලෙස ලංකාවේ අධ්‍යාපන බලධාරීන් සිතාගෙන ඉන්නේ විභාග පවත්වන්නේ සිසුන් අසමත් කරන්නට ය කියා ය." - 100% එකඟයි
    උසස් පෙළ භෞතික විද්‍යා ධාරාවේ (විශේෂයෙන් රසායන විද්‍යාව) ප්‍රශ්න පත්‍ර දශක දෙකක් විතර පිටුපසට පරිස්සමින් කියැවූවොත් මේ බව හොඳින්ම තේරේ. විෂය කරුණකට අදාල දැනුම පරික්ෂා කිරීමට වඩා සිසුවා පටලැවීමට දරනා උත්සාහයන් මේවා තුල බහුලව දක්නට හැකිය. කණගාටුවට කාරණය නම් මේ ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේද සමස්ත ක්‍රියාවලිය විවේචනය කරන්නවුන්, මීට සමගාමීව අනෙකුත් ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් නිසා විඳවන්නවුන් වීමය.

    ReplyDelete
    Replies
    1. සමත් කරන හේතු සොයා බලනවාට බලනවාට වඩා කරන්නෙ අසමත් කරන්න විදිහක් හොයන එකයි.

      Delete
  3. These problems do not arise when your antihero Ranil privatizes the education system in SL! Don't say that you are going to send me to a psychiatrist! I think rather you need to be sent to a asylum! Do you know Maththala and southern harbour are going to be given to USA? Already it is finalized. You can be very happy! When the health system is privatized like in USA by Ranil, you can be hilarious!

    ReplyDelete
  4. online විභාග සඳහා කාලය උදාවී ඇත, කොපි කිරීම නවීන තාක්ෂණය යොදාගන්නා සිසුන් දක්ෂයන්ය, නිර්මාණශීලී දරුවන්ය, කොපි කිරීමේ තාක්ෂණය භාවිත කර සපයා ඇති පිළිතුරු හඳුනාගැනීමට විශේෂඥයන් යොදාගතයුතු අතර, එසේ හඳුනාගත් පිළිතුරු ඇගයීමේදී අධිභාරයක් තබන්නේ නම් කොපි නොකරන ලද සිසුන්ටද සාධාරනය ඉටුවනු ඇත, එලෙස විභාගය සමත්වන සිසුනට තාක්ෂණ විශය සඳහා ද සාමාර්තයක් ලබාදීම වඩා සුදුසුය. තොරතුරු තාක්ෂණය යොදවාගෙන සපයන ලද පිළිතුරු හඳුනාගැනිමට විශේෂඥයන් අපොසත් වේ යයි සැකයක් පවතින්නේ නම්, කොපිකල බවට විභාග ශාලාධිපති සහතිකයක් නිකුත්කිරීම සුදුසු යයි සිතමි.

    ReplyDelete
  5. මම නම් කියන්නෙ කොපිකැට් ක්‍රමය නීතිගත කළයුතුය කියායි. එහෙම නැතුව කොහොමද නාමල් රාජපක්ෂ නීති විභාගය සමත් උනේ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා