ඔටුන්න හිමි කුමාරයාගේ හා නයා කාපු ඇමතිවරයාගේ රස්සා කෝලම

මේ ලියුම මහින්ද රාජපක්ෂ යටතේ මේ රටේ තිබුණු දේශපාලන විකෘතියේ තරම හෙළි කරන්නකි. වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන තම පක්ෂ‍යේ හිතවතුන් යයි කියන පිරිසක් වරායේ පුහුණුවකට බඳවා ගන්නැයි නිකම් ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි. 

රජයේ ආයතනවල රස්සා දීම හා රැකියා පුහුණුවට බඳවා ගැනීම කරන්නේ මේ අන්දමට නම් එය යහපත් තත්වයක් නො වේ. රජයේ රැකියාවලට බඳවා ගැනීම සිදු විය යුත්තේ පාරදෘෂ්‍ය ක්‍රමයකට ය.  රටේ ඕනෑම පුරවැසියකුට ඒවාට ඇතුළු විය හැකි විය යුතු ය. එහෙත්, තමන්ට ඡන්දයට වැඩ කළ දේශපාලන හිතවතුන්ට රජයේ රැකියා දීමේ ප්‍රවණතාව කලක සිට මේ රටේ පැවති තත්වයකි. එක් කලෙක රස්සා දීම සඳහා ඉන්ටවීව් පැවැත්වුණේ රෙස්ට් හවුස්වල බව ද කියැවිණි. 

මෙම ක්‍රමය ඉදිරියට ද පහසුවෙන් වෙනස් නො වනු ඇත. එය වෙනස් කළ හැකි එක් ආකාරයක් තිබෙන්නේ රජය ව්‍යාපාරකරණයෙන් ඈත් වීම තුළ ය. සුබසාධන සේවා හැර රයට අයත් සියලු ව්‍යවසාය ර‍ජ‍ෙයන් ‍නො යැපෙන ස්වාධීන ආයතන බවට පත් කළ යුතු ය. ඒවාට ඇඟිලි ගැසීමට දේශපාලකයන්ට ඉඩ නො තැබිය යුතු ය. රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලි පාරදෘෂ්‍ය කළ යුතු ය. ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීමේ අයිතිය රැකියා අපේක්ෂිතයන්ට ලබා දිය යුතු ය. මෙම නීති රාජ්‍ය අංශයට පමණක් නොව පෞද්ගලික අංශයට ද එක හා සමාන තත්වයෙන් ක්‍රියාත්මක කළ යුතු ය.  

පසුගිය කාලයේ පැවති විකෘතිය ආන්තික තත්වයකි. මහ රජා ලෙස අන්තේවාසිකයන් ලවා තමන් හඳුන්වා ගත් මහින්ද රාජපක්ෂගේ පුත්තු හැසිරුණේ ඔටුන්න හිමි කුමාරවරු ලෙස බවට මේ තවත් නිදසුනකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. තරුණ අසහන කොමිසමට පසු 1990 දී පමණ සියලුම රජයේ රැකියා සඳහා තරග විභාග පවත්වන්නට පටන් ගත්තා නේද?

    ReplyDelete
  2. ow premadasa matha karapu Honda wadak thamai eka

    ReplyDelete
  3. රස්සා කෝලම තමයි ගැලපෙනම නම.. :/

    ReplyDelete
  4. Shamelessly licking again boots of Ranil! You are a socialist! Nalla socialist! Why don't you see the letter issued by Harin Fernando about sand business? He directly orders that the permits be given ONLY to unpers!!! Yahapalana mindset can see only faults of others! You should be ashamed! Guy! But you boast of your socialist ideology! You are only a dollar Kaputa! In order to get more dollar, you have to write more lies!

    ReplyDelete
  5. මේක නම් මහ විකාරයක්. දැකල මට හිනා ගියා.වරාය ඇමති තමන්ගෙ ආයතනයට සේවකයන් බදව ගන්න නිර්දේශකරල නාමල් ගෙන් අවසර ඉල්ලනව. මේ බදවා ගැනීම් වැරදි වුනත් වෙන්න ඕන ඕකෙ අනික් පැත්තනෙ.
    මට මහින්ද එපා වුනේ නාමල් පාරවල් වහල ලැම්බෝගිනි පැදපු දා.
    ඒත් වෙනත් දේශපාලන කරුණු මත මහින්දට කැමැත්ත ක් තිබුන.

    නමුත් මහින්දට කැමති අයගෙන් 90% ක් ම මහින්දලගෙ නාමල් ලගෙ මේ වැඩ වලට කැමති නෑ. මහින්දල ඒක දන්නෙ නෑ . හිතුවෙ රටම රැවටිල කියල.නමුත් ඒ 90% න් යම් පිරිසකගෙ ඉවසීමෙ සීමාව පැන්න. ජනවාරි 8 වෙනිද ප්‍රතිපලය ඒක.මහින්දට ඇත්තටම කැමති ඉතිරි 10% ඔහුව අදහන පිරිසක්. ඒ ප්‍රමානය ඉතා අඩුයි.

    ReplyDelete
    Replies
    1. හානේ ඇත්තද? අපිට නම් මරව එපාවුනේ ප්‍රගීත්ල, ලසන්තල මරපුදා...
      යුද්ධයේ නාමයෙන් සුදුවෑන් ඝාතන සාධාරනීකරනය කරන්න හදපු කාලෙ ඉදන්...
      මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් විවේචනය කරපු කාලෙ ඉදන්...
      දෙමලු ලක්ෂයක් මරල හරි යුද්ධෙ ඉවරකිරීම වගේ මිනීමරු අදහස් සමාජගත කරන්න හදාපු දා ඉදන්...
      ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවලට 'කොටි හිතවාදී රටවල්' කිය කියා අපහාස කරන්න පටන් ගත්ත දා ඉදන්...
      ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව, ජපානය වගේ ප්‍රජාතත්‍රවාදී රටවල් එක්ක ශ්‍රී ලංකාව චීනය, රුසියාව වගේ ඒකාධිපති ගුබ්බෑයම් වලට ණය කරපු දා ඉදන්..

      තමුසෙ ඔය 'වෙනත් දේශපාලනික කරුනු' කියල කියන්නෙ අර උතුරෙ දෙමලු මරපු කානිවල් එක වගේ දේවල් වලට වෙන්නැති නීද...

      Delete
  6. මෙතන හොඳම වැඩේ කියන්නෙ වරාය ඇමතිම වරායෙ රස්සා දෙන්න කියල වෙන මන්ත්‍රී කෙනකුගෙන් ඉල්ලන එක නෙ.

    ReplyDelete
  7. Harin fernando did issue a letter requesting to give sand only to unpers! Yahapalanaya!

    ReplyDelete
  8. මේ තත්වය ඉදිරියේදීද වෙනස් නොවනු ඇත කියන එක ඇත්ත.
    බලන්න බ්ලූමැන්ඩල් වෙඩිතැබීමේ සිද්ධියේදී මියගිය මිත්‍යා දෘෂ්ඨික ගැහැනිය රවී කරුණානායකට ආධාර කලේ රජයෙන් නිවසක් ලබැ

    ගැනීමට බවත්, මියගිය සිංහල බෞද්ධ තරුණයාට අවශ්‍ය වුනේ රවී හරහා රජයේ රැකියාවක් ලබා ගැනීමටත් බව ඔවුන්ගේ ඥාතීන්

    ප්‍රසිද්ධියේම පැවසුවා නමුත් රවී කරුණානායක මහතා තමන් තම ආධාර කරුවන්ට විශේෂ වරප්‍රසාද ලබා නොදෙන බව කීවේ නෑ.
    ඒ වගේම විපක්ෂය රවී මහතාගෙන් "මේකද යකෝ යහ පාලනය" කියා ප්‍රශ්න කලෙත් නෑ.
    අනිත් අතට ජනතාවත් තවම මේ තත්වයට පරිණාමය වී නෑ.
    උදාහරණයක් හැටියට සජිත් ප්‍රේමදාස හෝ හජ්ජි මරික්කල් ආධාර බෙදනවිට ඕවාට සල්ලි කොහෙන්ද අහන කෙනෙක් නෑ. ඒ වගේම
    අපේ ගම්මන්පිල මහතා රුපියල් 100 බැගින් එකතු කිරීම නිසි සංවාදයකට ලක්වුනේ නෑ. ඒ මදිවාට හෙල උරුමයේ වාචාලයා ගම්මන්

    පිලගෙන් සල්ලි ආපසු ඉල්ලන්නත් කටයුතු කලා. "දීපු දේවල් ආපසු ඉල්ලන්නේ රොඩියෝ" කියා කියන්නත් ගම්මන්පිලට සිදුවුනා.

    ReplyDelete
  9. රෝහිත වරාය ව්‍යාපෘති ඇමති විතරයි ..වරාය ඇමැති ලෙස හිටියේ මරා. වරාය සභාපති හොරාචාර්ය වික්‍රම තමයි මහින්ද ගෙන් කෙලින්ම උපදෙස් ගත්තේ. ඔම රෝහිතයා නාමල් හරහා ලියුම යවලා ඇත්තේ වරාය සභාපති වික්‍රමට. වරායේ සේවකයෝ දන්නවා රෝහිතයාට බලයක් තිබුනේ නෑ කියලා. හැබැයි උෘටත් ඔය කටු ටිකක් කන්න ඉඩ දීල තිබුනා. වරායට Prime mover(lorry) එකක් දාන්න ඕනනම් රෝහිතයාට පගාවක් දෙන්න ඕනෑ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා