අපි යූඇන්පියට කඩේ යනවා ද? ඒ ඇයි?

අපි යූඇන්පියට කඩේ යන බව ඇතැමෙක් පවසති. 1989දී එජාප රජයක් යටතේ අන්ත මර්දනයකට මුහුණ දුන් අපි යළි එජාපයට වාසි සහගත අන්දමින් වැඩ කරන්නේ ඇයිදැයි ඔවුහු ප්‍රශ්න කරති.

මෙ ප්‍රශ්නයට පිළිතුර එතැන ම තිබේ. අපි 1989න් පසු එජාපය පැරදවීමටත් මේ අන්දමින් ම වැඩ කළෙමු. එජාපය පරදවා, වසර 20ක් විපක්ෂයේ තබා කිසියම් දුරකට පුනරුත්ථාපනය කළෙමු.

දැන් ඒ සබ්බුව ම මහින්දර රාජපක්ෂවාදී බලවේගයටත් දෙන්නට කාලය හරි ය.

අපි වඩාත් ම තිරශ්චීන මර්දනයකට ලක් වුණේ 1989දී නොව මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ය. 1989 කැරැල්ලේදී නම් ජවිපෙ අත ද වැරදි තිබිණි. එහෙත්, මහින්ද රාජපක්ෂ කාලයේ අප කළ වැරදි වුණේ ඔහුගේ යුද්ධයට, දූෂණයට හා ප්‍රජාතන්ත්‍ර විරෝධයට එරෙහිව නැගී සිටීමයි. මහින්ද අප නො මරා මැරුවේ ය. අපි නව වසරක් බියෙන් ජීවත් වුණෙමු.

මේ ලියන මම ද මරණ බිය නිසා මාස ගණනක් රටින් බැහැර වී සිටියෙමි. මගේ රැකියාව ද අහිමි විය. නැවත රැකියාව ලැබුණේ දඬුවම්වලට යටත්ව ය. වෘත්තීය ඉදිරි ගමන නැවතිණි. අප සමග සිටි ක්‍රියාධරයෝ විශාල පිරිසක් රටින් පළා ගිය හ. තවත් විශාල පිරිසක් දේශපාලනය, මාධ්‍යකරණය අතහැර දැමූ හ. අප ද ක්‍රියාත්මක වුණේ දැඩි බියකින් හා ස්වයං වාරණයකිනි. අපි කිසියම් දුරකට වාසනාවන්ත ය. ලසන්ත වික්‍රමතුංග අමු අමුවේ මහ මග මරා දැමුවේ මොට්ට ආයුධයකින් මුහුණට පහර දීමෙනි. ප්‍රගීත් එක්නැලිගොඩ ආගිය අතක් නැත. පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් අතපය කඩා දමන ලදී. සාධාරණත්වය වෙනුවෙන් සටන් කිරීම නිසා වෙඩිතැබීම්, පහරදීම්, පැහැරගැනීම් හා අතුරුදහන්වීම්වලට ලක් වූ පිරිස අතිමහත් ය. 

ජාතික ප්‍රශ්නයට විසඳුම් නො දී, යුද්ධයකට තල්ලු වූ මහින්ද රාජපක්ෂ රජය මේ රටේ සහෝදර දෙමළ ජනයා දස දහස් ගණනින් මරා දැමුවේ ය. මේ මහා ලේ වැගිරීමට මහින්ද රාජපක්ෂ මෙන් ම කොටි සංවිධානය ද වගකිව යුතු ය.

ජාතික ප්‍රශ්නයට සාමකාමී, සාකච්ඡාමය විසඳුමක් සොයා ගත යුතු බව කී අප දැඩි මර්දනයකට ලක් කරන ලදී. ජන ඝාතක යුද්ධයක් වෙත තල්ලු නො වී සාකච්ඡා කරන්නැයි දෙපාර්ශ්වයට බල කිරීමෙහි ඇති වරද කුමක් ද? මහින්ද අප මර්දනය කළේ ඒ නිසා ය.

මහින්ද අප පසුපස හඹා එන්නට තවත් හේතුවක් වූයේ අප ඔහුගේ පවුල විසින් රට සංවර්ධනය කිරීමේ මුවාවෙන් කරන ලද දූෂණයට, රාජෝන්මාදයෙන් කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට විරුද්ධ විමයි.

1989දී ජවිපෙ අත ද වැරදි තිබිණි. එහෙයින් 1989 මර්දනයට අප ද වගකිව යුතු ය. එහෙත්, යුද්ධයට, දූෂණයට හා රාජෝන්මාදයට එරෙහි වීම කිසිදු වරදක් නො වේ. මහින්ද අප මර්දනය කළේ කිසිදු සාධාරණ හේතුවක් නැතිව ය.

අප මුළු හදින් ම මහින්දට එරෙහි වන්නේ හා ඔහු සහ ඔහුගේ ක්‍රමය මුළුමනින් ම පැරදවීමට මෙතරම් කැප වන්නේ ඒ නිසා ය. මේ ලියන මම කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව දවසකට දෙක ගානේ බ්ලොග් ලියන්නේත්, ෆෙස්බුක් හා ට්විටර් භාවිතාවෙන් ප්‍රචාරණයේ යෙදෙන්නේත්, ඉරිදා පත්තර තුනකට ලිපි ලියන්නේත් ඒ නිසා ය. මහින්ද හා මහින්දගේ ගෝලබාලයන් මේ කාරණය තේරුම් ගත යුතු ය. මහින්ද නැති සංදර්භයක යළි දේශපාලනය කරන්නේ නම් ඔවුන්ට මේ කරුණු වැදගත් වනු ඇත.

ඇත්ත ය. අපි එක්සත් ජාතික පෙරමුණට පක්ෂව වැඩ කරන්නෙමු. එහි සඟවන්නට දෙයක් නැත. හේතුව පැහැදිලි ය. මහින්ද හා මහින්ද ක්‍රමය පරදවන්නට නම් අපි කවුරුන් හෝ දිනවිය යුතු ය. මේ මොහොතේ ඒ කර්තව්‍යය කිරීමේ හැකියාව තිබෙන එක ම බලවේගය එක්සත් ජාතික පෙරමුණයි. එහෙත්, එක්සත් ජාතික පෙරමුණේ දේශපාලනය තුළ ද මහින්ද විසින් උත්කර්ෂයට නංවන ලද දේශපාලන ක්‍රමය බලවත් බව අපි වටහාගෙන සිටින්නෙමු. අගෝස්තු 17දා මහින්ද පැරදවීමෙන් පසු අපි අපගේ උපායමාර්ග වෙනස් කළ යුතු ය.

අප ජවිපෙ හෝ තමන් අති පිරිසුදු යයි සිතා සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂයක් වෙනුවෙන් ඍජුව ප්‍රචාරණයේ නො යෙදෙන හේතුව ඉතා පැහැදිලි ය. මහින්ද ක්‍රමය පැරදවීම සඳහා මේ මොහොතේ අවශ්‍ය ශක්තිය ලබා දීමට ඔවුහු ඉතා පැහැදිලිව අසමත් ය. එපමණක් නොව, මේ වනාහි මහින්ද චින්තනයේ කර්තෘකම් කරමින්, දෙමළ ජන සංහාරක යුද්ධයට පක්ෂව ප්‍රචාරණයේ යෙදෙමින්, මහින්දගේ දූෂණ හා ප්‍රජාතන්ත්‍ර විරෝධය පවා යුද්ධයෙන් ආවරණය කළ ප්‍රමුඛ ම බලවේගයක් බව ඔවුන්ට අමතක වී සිටිය ද අපට නම් අමතක වී නැත. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය තවමත් ජාතිවාදී වන අතර එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය ඔවුන්ට වඩා යුගයක් ඉදිරියෙන් සිටින බව පිළිගත යුතු ය. ජවිපෙ හා පෙරටුගාමී පක්ෂයට අපට කියන්නට තිබෙන්නේ ඔබ තවම පුනරුත්ථාපනය වී නැති බවයි. එහෙත්, ශ්‍රීලනිපයට දී නාස්ති කර ගන්නා ඡන්දය ජවිපෙට හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට දීමෙන් එජාප විරෝධීන්ට අඩු ගණනේ සැබෑ විපක්ෂයක් දැක ගන්නට හැකි වනු ඇත. මන්ද, එජාප විරෝධීන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු යන පිරිසෙන් බහුතරය එක්සත් ජාතික පෙරමුණත් සමග සන්ධානගත වන හෙයිනි. එහිදී ඉඩක් ලැබුණොත් ඉදිරියෙන් ම සිටිනු ඇත්තේ වර්තමාන මහින්දවාදීන් බව අපි කැට තබමින් කියන්නෙමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නිකන් පලයන් පැරකුම් බයිල ගහන්නෙ නැතුව. දැන් උඹ එජාපෙන් 1989දීත් ඊට පස්සෙ උන්ව පරද්දල පත්කොරගත්ත මරාගෙනුත් අම්බානට කාපු බව ඇත්තක් නම් ආයෙත් රනිල දිනෙව්වම උගෙන් නොකා බේරෙන්න පුලුවන් කියල ඌ උඹට සහතිකයක් දීල තියෙනවද? මේ දවස් ටිකේ අධිකරන ක්‍රියාමාර්ග හරහා රනිල් විරෝධීන් කොච්චර හිර කලාද? රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කලා දැක්කෙ නැත්ද? මරා කියන්නෙ දුශ්ට ඒකාදිපතියෙක් බව හැබෑව. නමුත් උඹ වගේ හැලපයෙක්ට මරා ඔහොම ගේමක් දුන්න කියලනම් අවංකවම පිලිගන්න අමාරුයි. නමුත් ලසන්ත, ප්‍රදීප්, ජයන්තලට කරපු දේට ඌට එරෙහිවීම අනුමත කරමු. නමුත් දැන් තට්ටුමාරු ක්‍රමේට මුන් දෙගොල්ල මාරු කර කර පොඩ්ඩ බැරිවෙනකොට උන්ගෙන්ම කන්නට සිදුවෙන මේ ක්‍රමයට විරුද්ධව සියලු වමේ බල්වේග ස්වාධීනව එක්කහු කරගෙන වඩා බලසම්පන්න සිවිල් සංවිධානයක් හදන එක නේද වඩාත් ප්‍රායෝගික?

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම් කියන්නෙ සිරිකොතෙන් යැපෙන තවත් අසරණවෙච්ච හිටපු වමෙක් විතරයි. කොටින්ම වික්‍රමබාහුලට වෙලාතියෙන්නෙත් මේකම තමයි. මුන් ඉස්සර හොඳ තරුණකාලෙ සමාජවාදී කොමියුනිස්ට් පිස්සුව තදවෙලා විප්ලව කොරන්න ගෙහුන් කඳවුරුවල මාස ගනන් දුක් විඳල කට්ට කාපු උන්. පස්සෙ කාලෙක රජයේ රස්සාවක් සෙට්කරගෙන ඊට අමතරව එන්ජීඕ මගුලකුත් අටෝගෙන යුද්ධය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, මාධ්‍ය නිදහස වගේ කාරණා අලෙවි කරගෙන එන්ජීඕ හරහා ලැබුනු අරමුදල් වලින් යැපුණු උදවිය. දැන් යුරෝපය සහ එක්සත් ජනපදයේ ආධාර ලබාගැනීමට නම් ඔවුන් කැමති දේශපාලන ප්‍රවාහයකට සහය දිය යුතුයි. ඉතින් දැන් ඔවුන් මේ කරන්නෙ ඒකයි. එජාප රජයක් ආවත් ඊට පස්සෙ මුන් ඒකෙත් වැරදි අඩුපාඩු මාකට් කරමින් එන්ජීඕ හරහා සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන බවක් පෙන්වා අරමුදල් සපයාගෙන ගොඩයනු ඇත. කෙසේ නමුත් ඔබගේ බොරු වාමාංශික හැව හැර සිටියානම් වඩාත් සුදුසු බව අපේ අදහසයි.

      Delete
    2. මේකෙම අනිත් පැත්ත තමයි වාසුල ඩිව්ල තිස්ස විතාරණල වගේම හිටපු ජෙප්පො වෙච්චි විමලයල කරන්නෙ. උන් ඇමරිකන් විරෝධය වඩා සීරියස් අරගෙන. ඉතින් උන්ට ඇමරිකන් සහ ධනවාදී යුරෝපා මුදල් ගන්න හිරිකිතයි. උන්කරන්නෙ නමට සමාජවාදී ඒකාධිපති චීන ගැති මරා හරහා රජයේ මුදලින් නඩත්තු වීමයි. උනුත් මුන් වගේම මරා කියන ලුම්පන් ඒකාධිපතියාට කඩේ යනව එකසිය ගානට. පුදුමෙ කියන්නෙ මුන් දෙගොල්ල මරා-රනිල් ටත් වඩා එකිනෙකා එක්ක ජන්මාන්තර වෛරක්කාරයො වෙච්චි එක. අද ජවිපෙ විතරක් එජාපය සමග හිඳිමින්ම කෙසේ හෝ තනිව බලය ඇල්ලීමේ ඉදිරිගාමී මෙහෙයුමකුත් ක්‍රියාත්මක කරනව ඒ අවු අස්සෙ.

      Delete
    3. "සියලු වමේ බලවේග ස්වාධීනව එක්කහු කරගෙන වඩා බලසම්පන්න සිවිල් සංවිධානයක් හදන එක" ගැන තියෙන ප්‍රශ්නය තමයි ඔය වමේ බලවේග කියන ඒවා හඳුනගන්න නිශ්චිත ක්‍රමවේදයක් නැති වීම. ඒවා එකතු කරලා සිවිල් සංවිධානයක් හැදුවයි කියමුකෝ. ඒකට ඉතින් අර ‘වඩා බලසම්පන්න' කියන විශේෂණ පදය දාගන්න වෙන්නෙ භාෂාවෙන් විතරයි.

      ඔබගේ විසඳුම ඒක නම්, අපි නැතිව ඒක හදාගත්තාට අපේ නම් කිසිදු අමනාපයක් නැහැ. මේ මං කියන්නෙ පුද්ගලයෙක් විතරයි නේ. අර වඩා බලසම්පන්න මොකක් ද එකට මාව මක්කටැයි?

      Delete
    4. මම නම් ජීවිතේට සිරිකොතට පය ගහලා නැහැ. ඒ වගේ ම කිසිදු එන්ජීඕ එකකට සම්බන්ධත් නැහැ. නමින් ඉදිරිපත් වෙලා මා සම්බන්ධ ය කියන එන්ජීඕ පිළිබඳ කරුණු හා සිරිකොතෙන් වැටුප් ලබන පේරෝල් ප්‍රසිද්ධ සභාවකදී සාක්ෂිකරුවන් ඉදිරියේ ඉදිරිපත් කරන්න පුළුවන් ජගතෙක් ඉන්නවා නම් මං මේ මේ බ්ලොග් එක වහනවා.

      ඇනොනිමස් ඇවිත් ෆොටෝෂොප් පිංතූර දාන්න ලැහැස්ති වෙන්න එපා. මොකද කියන්නේ ඔට්ටුවක් දාලා කොළඹ කිසියම් තැනකට ඇවිත් ඔය කියන දේවල් පෙන්නන්න ඉදිරිපත් වෙනවා ද?

      Delete
    5. හඃ හඃ හා ! මෙන්න මෙයා ඔට්ටුවකුත් අල්ලලා? ඕක ඔප්පු කරන එක ඉතින් මරා, විමල් ලා හොරකම් කරපුවා, බැසිල් කොමිස් ගහපුවා ඔප්පු කරනව වගේ තමයි. මොකෝ ඉතින් පැරාලා සිරිකොතින් මුදල් ගන්නෙ ප්‍රසිද්ධියේ ගිහින් රිසිට් පතකුත් සමගයැ? අනෙක ඉතින් පැරාගෙ ෆොටෝ ගහන්න ඇනෝලට ඕකට වෙලා බලා ඉන්න වෙනවා.

      නමුත් පැරකුම් ඔබ ලියන ආකාරය සහ සුප්‍රකට බොහෝ හිටපු වම්මුන්ගේ ජීවිත කතාව අධ්‍යනය කරලා මුන් නිරීක්ෂණ ඇසුරින් කරපු නිගමනයක් වෙන්න බැරිද පැරකුම් සහෝ?

      Delete
    6. //දැන් උඹ එජාපෙන් 1989දීත් ඊට පස්සෙ උන්ව පරද්දල පත්කොරගත්ත මරාගෙනුත් අම්බානට කාපු බව ඇත්තක් නම් ආයෙත් රනිල දිනෙව්වම උගෙන් නොකා බේරෙන්න පුලුවන් කියල ඌ උඹට සහතිකයක් දීල තියෙනවද?// එය ගටුළුවක් නොවේ. ජනපති මෛත්‍රී බලයේ සිටින තෙක් නීතියෙන් යම් ආරක්ෂාවක් සහ සාධාරණත්වයක් බලාපොරොත්තු විය හැකි නිසා.

      Delete
    7. මෙම බ්ලොග් එකේ කතෘ එජාපය වෙනුවෙන් පෙනී සිටින්නෙක් බව තේරුම් ගැනීමට මටද මුලින් හැකිවුනේ නැත. ඔහුම වරෙක පැවසුවේ රනිල්ට බැක් කරන්නෙ ස්ත්‍රී පුරුෂ සමාජභාවයද මොකක්ද එකක් ගැන ඔහු දරන සුළුතර මතය නිසා බවයි.

      එදා පැවති තත්වය අනුව යුද්ධයට විරුද්ධවීම යනු කොටින්ට පක්ෂවීමකි. මොහුගේ සහෝදර සටන් සගයෙකු වූ රෝහිත භාෂන කිසි වංක කමක් නැතිව එය ඍජුවම ප්‍රකාශ කර දෙමළ කාන්තාවක්ද විවාහ කරගෙන අද ඊළාම්වාදියෙක් ලෙස පෙනී සිටී.

      1989 ගැන සමහර කොමෙන්ට් මම දුටුවෙමි. 1989 දී දිවි බේරාගත්තේ කවුදැයි දන්නෝ දනිති. එදා තිබූ මර්ධනයට සැබවින්ම ලක්වුනානම් වැඩිකලක් ජීවත්වීමටද බැරිය. ( එම වධහිංසා ලබා අවුරුද්දක් ජීවත්වීමත් ප්‍රාතිහාර්යයකි ).

      යහපාලනය මිථ්‍යාවකි. එය කොටහේනේදීම සනාථවිය. කිසිදු යහපාලන හොරෙක් නීතිය ඉදිරියට නොගෙනේ. මහින්දගේ දූෂිත පාලනය මෙයින් සාධාරණීකරනය නොකෙරේ.

      එහෙත් එජාපය පැරණි වාමාංශිකයන් සිය සේවය සදහා යොදාගැනීම 1999 න් පසු දැකිය හැකිවිය. ඇත්තෙන්ම අද එජාපයට හොරපාරෙන් ගොස් ඇති ඇමතිවරුද එදා ජවිපෙ අයයි.ඔවුහුද උපක්‍රමශීලීව දිවි ගලවාගත් අයයි (සීරීමක්වත් නැතිව ).

      ඔබ එජාපය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රසිද්ධියේ පෙනී සිටීම සතුටකි. එය එසේ නොකර බැරිවන්නට ඇත.

      ඔබ පසුගිය මර්දනකාරී යුගයේ සුරක්ෂිතව නොබියව මෙම බ්ලොගය කරගෙන ආවේද එජාපයේ සහාය නිසා බව පැහැදිලිය. එකළ හුදකලා සටනක් ගෙනගියානම් ලසන්තට , එක්නැලිගොඩට වූ දෙය සිදුවේ.

      කෙසේ වෙතත් ඔබ අවසානයට කියා ඇති දේ 100% ක් සත්‍යය.ශ්‍රීලනිපයට දෙන ඡන්දය නාස්තියකි. මුලින්ම ආණ්ඩුවට එක්වන්නේ මහින්දවාදීන්ය. ඔවුන්ගේ වංකකම මහින්දද දන්නවා විය හැක.

      එහෙත් මෙයින් එක් හොදක් සිදුවේ. එජාපයට විශාල බහුතරයක් නොළැබී යාමයි. එය සිහිවී තවත් 17 අවුරුදු ශාපයක් ගැන ඇති බිය ටිකක් අඩුවේ.

      Delete
    8. "ජාතිවාදය "අවුස්සනවා යැයි සින්හලයාට තප්වුලමින් බැන වදින අගමැති හොරිකඩයා සින්හලේ විනාශය උදෙසා අන්තෝනමතිකව කටයුතු කරමින් සත්‍ය ජනතාවගෙන් වසන් කරණු වස් ජනමද්‍ය මර්දනය කිරිමට ගන්නා උත්සාහය කුමක් නිසා දැයි ජනතාවට හොදටම පැහැදිලිය ...ඊයේ යාපනයේ සිදුවූ දේ මේයට හොදම උදාහරණයි .උතුරු පලාත් සබාව පැය ගනනකට අත් හිටවමින් දෙමල සන්දාන මන්ත්‍රි වරු ‍යාපන විශ්ව විද්‍යාලීය සිසු සිසුවියන් සමග එක්වෙමින් ‍යාපනය නගරයේ දැවැන්ත උද්ගෝශනයක් අප හමුදාවට එරෙහිව කර තිබේ .,
      වසල පාලනය බලයට ආදා උතුරේ හමුදා කදවුරු තුලට ගල් ප්‍රහාර එල්ල වු‍යේ උතුරේ ඊලාම් කොඩියද ලෙලෙදෙමිනී .එය මාද්‍ය මගින් හෙලි විමත් සමග බලලා මල්ලෙන් එලියට පැන්නේය ..වහා ක්‍රියාත්මක වූ වසල ආන්ඩුව "හමුදා මාද්‍ය ප්‍රකාශක වරයා ඉවත් කොට එම තනතුර ද අහෝසී කොට රාජ්‍ය සේවකයාගේ අදහස් පලකීරිමේ අයිතියටද වැට බැන්දේ නව ආරක්ශ ලේකම් වරයා විසින් හිටපු ලේකම් වර‍යාගේ නිර්දෝශි බාවය ප්‍රකාශ කල හෙයිනී.එහෙයින් නොනැවතුන වසල ආන්ඩුව රාජ්‍ය නාලිකා තුල සිටි නිදහස් මතදාරින් පන්නමින් රාජ්‍ය මාද්‍ය ආන්ඩුකරනය කලේය ..පුද්ගලික නාලිකා බොහොමයක් ඔවුන්ගේ සුකවිහරනෙන් යැපෙනු උන්ටම කඩේ ගිය එවා බව මුලු රටම දනී .
      සත්‍ය වටහා ගත් මුද්‍රිත මාද්‍යන් ආන්ඩුවේ අන්තෝමතික ක්‍රියා කලාපය හෙලා දකිමින් බෙදුම්වාදයට එරෙහිව අභීතව පෑන මෙහය වීම නොරිස්සු වසල අගමැතියා එම පුවත් පත් කතෘවරුන් ජාතිවාදින් ලෙස හන්වඩු ගසා ප්‍රසිද්දියේම තර්ජන‍ය කරමින් සින්හලයාගේ මාද්‍ය නිදහසට වැට බැදි වසලයා පිලිකුල් සහගත ලෙස බෙදුම්වාදය සමාජගත කිරිම උදෙසා ටැමිල් නෙට් වෙබ් අඩවිය නිදහස් කරමින් රේගුව විසින් වැලකූ front line සගරා නිදහස් කරමින් දෙමලාට මාද්‍ය නිදහස දුන්නේ සින්හලයාට වඩා තමාට චන්දේ දෙන දෙමලා ලොකු නිසා විය හැක ..
      මේ වසල තිරිසන් පාලනයේ අන්තෝමතික ක්‍රියාවන් අනුමත කරන්නෙක් නම් ඔහු වසලයෙකී .රටක් ජාතියක් නැති අවජාතකයෙකී ..
      සින්හලුනී ! තවත් පිල් බෙදී පාට පාට කන්නාඩි පැලදගෙන මෝඩයන් උන හොත් මේ රට තවත් සුඩානයක් .ටිමෝරයක් .හයිටියක් වීම වැලැක්විය නොහැක .එබැවින් ඒකීය ශ්‍රි ලන්කාවක් උදෙසා සින්හලේ පැවැත්ම උදෙසා උතුම් සම්බුද්ද ශාසනයේ චිරස්තිය උදෙසා පෙරට වරෙවූ .,,
      නිදාසිටිමෙන් පලක් නොවේ .,..

      Delete
  2. ඒ 88-89 කාලේ මහින්ද වාසු හිටියේ පැරාලාගේ සිම්පතයිසර්ස්ලා පිලේ නේද?

    ReplyDelete
    Replies
    1. මහින්ද පෙනී සිටියේ එහෙම තමයි. ඒත්, මහින්දගේ මැරයෝ ජවිපෙ පිට දාලා හම්බන්තොට පැත්තේ තමන්ගේ හතුරන් මැරුවා. තලාව පැත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පැහැරගෙන යද්දි හමුදාවට අහු වුණ මහින්දගේ ඩ්‍රයිවර්, විතාරන්දෙනියේ උක්කුවාගේ මල්ලි ඇතුළු සිව්දෙනෙක් හමුදාවෙන් පොලිසියට භාර දීමෙන් පසු වීරවිල රැඳවුම් කඳවුරට එවා තිබුණා. සෑහෙන කාලයක් ඇතුළෙ හිටියා.

      Delete
  3. lasanthawa maruwe meken widala

    http://vignette1.wikia.nocookie.net/battlefield/images/8/82/Speargun.jpg/revision/latest?cb=20121118211041

    ReplyDelete
    Replies
    1. Ajith Parakum is a shameless liar without a backbone. Shame on your bloody so called false "Citizen Journalism" you moron;

      //ලසන්ත වික්‍රමතුංග අමු අමුවේ මහ මග මරා දැමුවේ මොට්ට ආයුධයකින් මුහුණට පහර දීමෙනි.//

      Wickrematunge was shot while he was on his way to work around 10:30 a.m. on 8 January 2009. Four armed assassins riding motorcycles blocked Wickrematunge's vehicle before breaking open his window and shooting him. He was taken to the Colombo South General Hospital (Kalubowila). It was initially planned with a helicopter on standby to transfer him to the Colombo National Hospital. A specialist team of 20 of medical personnel were called in for the surgery. Despite surgery lasting nearly three hours, Wickrematunge died from his head wounds.

      Delete
  4. හරි හරි දැන් ඔයාල තමයි පක්ෂ පුනරුත්ථාපනය කරන්නෙයි, ඒව පුනරුත්ථාපනය වුණු ප්‍රමාණය තීරණය කරන්නෙයි . මරු ජොබ් එකනෙ . කව්ද බාර දුන්නෙ. අනේ පැරෝ නිකම් බයිල ගහන්නෙ නැතිව හිටු. කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා කරනවා.

    ReplyDelete
  5. It is very clean that you guy receive dollars! According to what you get you have to bark at Mahinda. 89 terror unleashed by UNP and JVP is lesser than what Mahinda did? Your nakedness is very well seen, man! The biggest ever theft in SL was perpetrated by your hero Ranil! Central bank was plundered by your great hero! You are shamelessly barking at Mahinda because of the Dollar notes you get! It's crystal clear!

    ReplyDelete
    Replies
    1. Ayyo... At least say sonething new. What a pathetic bunch of bayyas.

      Delete
    2. Yes, Bayyas don't get dollars! dollar kakkas those who don't take dollars see as pathetic lot! This guy is writing exactly what his dollar master wants him to write! Once Vociferous Marxists have become boot lickers of the dollar master! It is really pathetic!

      Delete
  6. රට ගිනි තිබ්බේ කවුද ?

    77 සිට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය රට ගිනි තිබ්බා. මේක වහන්න හදනවා අවස්ථාවාදී කුහක බොගර්ලා .
    ජාතිවාදී කෝලාහල ඇති කරලා දෙමල මිනිසුන්ගේ දේපල මංකොල්ල කන්න අවස්තාව දුන්නේ එක්සත් ජාතික පක්ෂය .
    ඒ වාගේම කොටින්ට ආයුධ මුදල් විතරක් නොවෙඉ හමුදා පුහුණුව දුන්නා . නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වෙන්න කියලා එන කලේකවුද ?
    මේ සල්ලි වලට කඩේ යන එකෙක්.

    88-89 පාරවල් පාරවල් ගානේ කොල්ලෝ මරල පිච්චිවේ. ජේවීපී එකට යුධ ගන්න වැඩ කරේ කකවුද ?

    අහු වෙන්න වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයට ඕකුන් පට්ට හොරු. කලින් වතාවේ රනිල් අවා ගමන් කර ලොකු චොම්පය් වලට බදු සහන දුන්නා. ඒ බදු සහන වලින් ජනතාවට කිසිම සුගතියක් උනේ නෑ .

    ReplyDelete
  7. එදා

    රක්ෂණ සංස්ථාව

    අද

    මහා බැංකුව

    හෙට

    ඉතිරි කිරීමේ බැංකුව
    ලංකා බැංකුව
    මහජන බැංකුව

    ReplyDelete
    Replies
    1. ලංකා බැංකුව ganna deyak na.. eka kala ewarai mahinda? :P e kale ahakana piyan inna aththe ekai dakinna nathuwa aththe.. anikwa kamak na :P
      ane gono.. :P

      Delete
  8. ME BAYILA ....
    MEKA DANNA DESHAPALANAYAK NA ...
    UMBAAA KIYANAWA WITHARI

    ReplyDelete
  9. ප්‍රශ්නය තියෙන්නේ රනිල්, මහින්ද වගේ ‘පුද්ගලයන්‘ එක්ක ම නෙවෙයි නේද ? අහවල් පුද්ගලයා ‘පාරිශුද්ධයි; අරූනම් ‘අජුතයි‘ වගේ නිගමනවලට එළඹීම තාමත් වැඩවසම් යුගයේ රජවරුන් හොයන ඔළුගෙඩිවලට හරි වුණාට, අපේ මෑත් අත්දැකීම් ටිකෙන්වත් තේරෙනවා නේද, ඒව පට්ට වැරදියි කියලා. එහෙම බලන කොට රාජපක්ෂගේ පාලන ක්‍රමවේදය හරි කියන්න පුළුවන්, මනුස්සකම, මනුස්ස අයිතිවාසිකම් පයිසෙකට ගණන් නොගන්නා, මොන විදියෙන් හෝ බලය ගැනීමත්, රැකගන්න ඕනෑම දෙයක් කිරීමත් නිවැරදියි කියන කෙනෙකුට විතරයි. මම හිතන්නේ ක්‍රමවේදයක් හැටියට ඒක පරාජය කළ යුතුමයි. රාජපක්ෂලාගේ ඒ වෙනුවෙන් සූදානමක්වත් පේන්න නැහැ; අවංක පදනමකින් එහෙම වෙන්න පුළුවන්කමකුත් ඔවුන්ට නැහැ. ඒහෙම වෙනවානම් අතිවිශාල වන්දියක් ගෙවල, ලොකු නිවැරදි කරගැනීමකට ඔවුන්ට යන්න වෙනවා. ඒත් ඔවුන් ආපු පාරෙම ඉස්සරහට යනව මිස එහෙම ගමනක් යන්නේ නැති බව තේරුම් ගන්න සිහිය, මතකය හොඳින් තියෙනවනම් ඇති. ඒත්, රාජපක්ෂලාගෙන් බිමට වැටුණු කටු රස වැටුණු කට්ටියගේ සිහියට ඒවා බලපාන විදිය ගැන අපි කල්පිත මවා ගන්න ඕනත් නැහැ නේ... http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දැන් දේශපාලන ඔස්තාර් ල බිහිවෙනව හතු පිපෙනවා වගේ. හැබැයි බොහේ දෙනෙක් ලියන දේශපාලනික සටහන් බැලුවම ඒ කට්ට්යිය ගොඩ දර්ශනිකයෝ බව පේනවා. දේශපාලනය ගැන ලියන්න කලින් politics කියන වචනේ තේරුම, ලංකාවේ ඇත්තටම දේශපාලනයක් කෙරෙනවද කියන දේවල් වත් නොදැනයි මේවා ලියන්නේ ගොඩක් අය. මේවා ලියන්න කලින් ජ්‍යාත්‍යන්තර මට්ටමේ දේශපාලන සටහන් කියවලා දැක්මක් ඇතුව ලිවේ නැතිනම් මේවා දේශපාලනේ ගැන දන්නා මිනිස්සුන්ට විහිලු බවට පත් වෙනවා. පරිලේම්තුවේ වසර 10 ඇතුලට එකම වචනයක් කතා නොකළ මත්රී වරු 2 සිටින රටක ජනතාවට දේශපලනය ගැන දැනීමක් නැති වීම පුදුමයක් නොවේ. දේශපාලනය කරනවා කියල කරන්නේ මොකක්ද ඇහුවොත් අපේ බොහෝ මිනිස්සු කියන්නේ චන්දෙට අපේක්ෂකයෙකුගේ කැන්වසින් වලට යනවා කියන එක. එහෙව් රටක මෙහෙව් කතා ගැන පුදුම වෙන්න ඕනේ නැහැ cyber heart. පැරකුම් ලියන මතවාදයන් ගැන සම්පූර්ණයෙන්ම එකග නොවුනත් ඔහුගේ දේශපාලනික සවිඥානික බව මම අගය කරනවා. ප්‍රියන්ත හේවගේ නොහොත් මාතලන් වැනි සිල්ලර දේශපාලනික ඔස්තාර් ල හිතන්නේ දේශපාලන විශ්ලේෂණය හරියට තැඹිලි කරත්තෙක තැඹිලි විකුනනවා වගේ ඇගේ හයියට කරන සිල්ලර වැඩක් කියල. මිනිසුන් දේශපාලනය ගැන සවිඥානික වීම වැදගත් වගේම ගොඩ පෙරකදොරුවන්ගෙන් දේශපාලනය ඉගෙන නොගෙන එය හරියට වටහා ගැනීමත් වැදගත්. දේශපාලනයත්, ගීත ඇසීම, චිත්‍රපටි බැලීම, වැනි ජනතාවගේ විනෝදාංශයක් බවට පත්කිරීමන් තමයි මේ සවිග්නෛක බව ඇතිකරන්න පුළුවන්. එයට හොදම අවස්ථාව දැන් බව මම හිතෙනවා. ගොඩ පෙරකදෝරු සටහන් නොලියා අත්දැකීමෙන් කියවීමෙන් ලැබූ නව දැනුම රසවත් ආකාරයෙන් ජනතාවට ගෙනයාමෙන් පමණයි මෙය වෙනස් කල හැක්කේ. රට හැදෙන්නටම නම් ජනතාවගේ දේශපාලනික සාක්ෂරතාවය අනිව්ව්ර්යේන්ම වැඩිවිය යුතුයි.

      Delete
  10. මොකා මොනවා කිව්වත් එක්සත් ජාතික පෙරමුණ ආසන 114 ක් දිනාගනිමින් මැතිවරණය ජයගන්නවා. රනිල් අගමැතිවෙනවා. මරාට පුකෙන් යන්න වෙනවා.

    ReplyDelete
  11. "ලසන්ත වික්‍රමතුංග අමු අමුවේ මහ මග මරා දැමුවේ මොට්ට ආයුධයකින් මුහුණට පහර දීමෙනි. "

    පැරා මොංගල් වුනාට කමක් නැහැ මොංගල් කෙබර කෙලින්න එපා
    ලසන්තව මරල තියෙන්නේ කිචි කවල නෙමෙයිද, මම හිතාගෙන හිටියේ දේශපාලන වාසි ගන්න හිතාගෙන ගූ ඇණ පී එකේ පොනිල් ගොයියා ලසන්තව කිචි කවල මරල දාල කියල

    කටට එන පළියට බොරු කියන උඹල වගේ මිනිස්සු ගැන දැන් රටේ මිනිස්සු හොඳට දන්නවා
    ලසන්ත මළේ කොහොමද කියල දැනගන්නම ඕනෙනම් මේ ලින්ක් එක බලපන්

    https://en.wikipedia.org/wiki/Lasantha_Wickrematunge

    ReplyDelete
  12. බයියෝ යූඇන්පීය ගැන මොනවා කිව්වත් අපි ඡන්දය දෙන්නේ යූඇන්පීයට.

    ReplyDelete
  13. මහින්දගේ පස්ස ලොවින බයියෝ යූඇන්පීය ගැන කියන දේවල්වල සම්පිණ්ඩනයක් තමයි මේ:

    (1) රනිල් රට ඇමරිකාවට පාවා දෙනවා.

    (2) රනිලුයි සම්බන්ධනුයි එකතු වෙලා ගිවිසුමක් ගහලා තියෙනවා රට බෙදන්න.

    (3) රනිල් ආවොත් ඊළම බිහි වෙනවා.

    (4) රනිල් 88/89 දී මිනී මැරුවා.

    (5) රනිල් මහ බැංකුව කොල්ල කෑවා.

    (6) රනිල් ආවොත් රටේ සංවර්ධනය නවතිනවා.

    (7) රනිල් 29 වතාවක් පැරදුණා.

    (8) රනිල් ආවොත් රාජ්‍ය ආයතන විකුණනවා.

    (9) රනිල් සමලිංගිකත්වය පතුරනවා.

    (10) රනිල් අධිරාජ්‍යවාදී ගැත්තෙක්.


    මේ කැළෑ බයියන්ට කියන්න තියෙන්නේ, උඹලාගේ මාසික ගිගා බයිට් කෝටාව නාස්ති කර ගෙන රනිල් සහ යූඇන්පීය ගැන පඩ දාගෙන මොනවා ලිව්වත්, අපි ඡන්දය දෙන්නේ රනිල්ට කියලයි.

    ReplyDelete
  14. "ජාතිවාදය "අවුස්සනවා යැයි සින්හලයාට තප්වුලමින් බැන වදින අගමැති හොරිකඩයා සින්හලේ විනාශය උදෙසා අන්තෝනමතිකව කටයුතු කරමින් සත්‍ය ජනතාවගෙන් වසන් කරණු වස් ජනමද්‍ය මර්දනය කිරිමට ගන්නා උත්සාහය කුමක් නිසා දැයි ජනතාවට හොදටම පැහැදිලිය ...ඊයේ යාපනයේ සිදුවූ දේ මේයට හොදම උදාහරණයි .උතුරු පලාත් සබාව පැය ගනනකට අත් හිටවමින් දෙමල සන්දාන මන්ත්‍රි වරු ‍යාපන විශ්ව විද්‍යාලීය සිසු සිසුවියන් සමග එක්වෙමින් ‍යාපනය නගරයේ දැවැන්ත උද්ගෝශනයක් අප හමුදාවට එරෙහිව කර තිබේ .,
    වසල පාලනය බලයට ආදා උතුරේ හමුදා කදවුරු තුලට ගල් ප්‍රහාර එල්ල වු‍යේ උතුරේ ඊලාම් කොඩියද ලෙලෙදෙමිනී .එය මාද්‍ය මගින් හෙලි විමත් සමග බලලා මල්ලෙන් එලියට පැන්නේය ..වහා ක්‍රියාත්මක වූ වසල ආන්ඩුව "හමුදා මාද්‍ය ප්‍රකාශක වරයා ඉවත් කොට එම තනතුර ද අහෝසී කොට රාජ්‍ය සේවකයාගේ අදහස් පලකීරිමේ අයිතියටද වැට බැන්දේ නව ආරක්ශ ලේකම් වරයා විසින් හිටපු ලේකම් වර‍යාගේ නිර්දෝශි බාවය ප්‍රකාශ කල හෙයිනී.එහෙයින් නොනැවතුන වසල ආන්ඩුව රාජ්‍ය නාලිකා තුල සිටි නිදහස් මතදාරින් පන්නමින් රාජ්‍ය මාද්‍ය ආන්ඩුකරනය කලේය ..පුද්ගලික නාලිකා බොහොමයක් ඔවුන්ගේ සුකවිහරනෙන් යැපෙනු උන්ටම කඩේ ගිය එවා බව මුලු රටම දනී .
    සත්‍ය වටහා ගත් මුද්‍රිත මාද්‍යන් ආන්ඩුවේ අන්තෝමතික ක්‍රියා කලාපය හෙලා දකිමින් බෙදුම්වාදයට එරෙහිව අභීතව පෑන මෙහය වීම නොරිස්සු වසල අගමැතියා එම පුවත් පත් කතෘවරුන් ජාතිවාදින් ලෙස හන්වඩු ගසා ප්‍රසිද්දියේම තර්ජන‍ය කරමින් සින්හලයාගේ මාද්‍ය නිදහසට වැට බැදි වසලයා පිලිකුල් සහගත ලෙස බෙදුම්වාදය සමාජගත කිරිම උදෙසා ටැමිල් නෙට් වෙබ් අඩවිය නිදහස් කරමින් රේගුව විසින් වැලකූ front line සගරා නිදහස් කරමින් දෙමලාට මාද්‍ය නිදහස දුන්නේ සින්හලයාට වඩා තමාට චන්දේ දෙන දෙමලා ලොකු නිසා විය හැක ..
    මේ වසල තිරිසන් පාලනයේ අන්තෝමතික ක්‍රියාවන් අනුමත කරන්නෙක් නම් ඔහු වසලයෙකී .රටක් ජාතියක් නැති අවජාතකයෙකී ..
    සින්හලුනී ! තවත් පිල් බෙදී පාට පාට කන්නාඩි පැලදගෙන මෝඩයන් උන හොත් මේ රට තවත් සුඩානයක් .ටිමෝරයක් .හයිටියක් වීම වැලැක්විය නොහැක .එබැවින් ඒකීය ශ්‍රි ලන්කාවක් උදෙසා සින්හලේ පැවැත්ම උදෙසා උතුම් සම්බුද්ද ශාසනයේ චිරස්තිය උදෙසා පෙරට වරෙවූ .,,
    නිදාසිටිමෙන් පලක් නොවේ .,..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා