මහින්ද විරෝධී ඡන්ද කඩන්න එපා

මහින්ද විරෝධී ස්වාධීන ඡන්ද ජවිපෙට කැඩීමේ ව්‍යාපාරයක් මේ වන විට දියත් වෙමින් තිබේ. එය මෙහෙයවන නිර්මාල් රංජිත් දේවසිරි, සරත් විජේසූරිය වැනි මහත්වරු කරන්නේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක් යයි අපි පවසන්නේ නැත. එහෙත්, යූඇන්පියට ඡන්දය දෙන්නට බැරි ය යන හුදු පුද්ගලබද්ධ ආස්ථානයේ සිට ඔවුන් කරන මෙම ක්‍රියාව නිසා අවසානයේදී සිදු වෙමින් තිබෙන්නේ මහින්ද විරෝධී ඡන්ද කැඩී මහින්දට වාසි වීමයි. එපමණක් නොව, කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල ජවිපෙ, සරත් ෆොන්සේකාගේ පක්ෂය වැනි පක්ෂවලට දෙන ඡන්ද දිස්ත්‍රික් මට්ටමේදී නාස්ති වන්නට ඇති ඉඩ ද වැඩි ය. කෙසේ වෙතත්, එමගින් ඔවුන්ට ජාතික ලැයිස්තු නියෝජනයක් ලැබීමට ඉඩ තිබේ.

ජවිපෙට වඩා එජාපය හොඳ හෝ නරක හෝ බවක් මෙයින් අදහස් කරන්නේ නැත. එහෙත්, මහින්ද පැරදවීමට නම්, මේ මොහොතේ දිනවිය යුතු වන්නේ එජාපයයි. ජවිපෙ හා සරත් ෆොන්සේකා මහ මැතිවරණයේදී කළ යුතුව තිබුණේ එජාපය සමග සන්ධානගත වීමයි. සියලු ප්‍රතිගාමී බලවේග මහින්ද සමග සන්ධානගත වන සංදර්භයක් තුළ, 2004 හා 2005 වසරවල එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහා අපූරුවට සන්ධානගත වූ හා 2010දී එජාපෙ සමග ද සන්ධානගත වූ ජවිපෙට මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී එජාපෙ සමග සන්ධානගත වීම ගැටලුවක් විය යුතු නැත. 

එජාපය සාපේක්ෂව ලිබරල් ධනවාදී ය. අගෝස්තු 18න් පසු අපට ජාතිවාදයෙන් තෙම්පරාදු නො වූ හෝ අඩුවෙන් තෙම්පරාදු වූ වඩා ලිබරල් ධනවාදයක් සමග එක් ව සටන් කරන්නට පුළුවන.

ජවිපෙ ශක්තිමත් කිරීම ගැන නැවත සිතිය යුතු ය. ජනතාව 2004දී ජවිපෙ උපරිම වශයෙන් ශක්තිමත් කළෙමු. ඔවුන් ඒ ජනවරමින් කළ දේ ගැන නැවත සිතන්න. ජනතාව දුන් අවස්ථාවෙන් ජවිපෙ ප්‍රයෝජන ගත්තේ නැත. එපමණක් නොව එදා පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීන්ගෙන් තුනෙන් දෙකක් ම ජවිපෙ නැත. ඒ වැඩි දෙනෙක් මන්ත්‍රීවරු වී සිටියදී කළ දෙයක් ද නැත. 

අනෙක් පැත්තෙන් ජවිපෙ ශක්තිමත් වුණොත් සිදු වන තවත් දෙයක් වන්නේ කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් කරගෙන යන්නට නො ලැබීමයි.

නිදසුනක් ලෙස ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්නා විට ජවිපෙ අනිවාර්යයෙන් ම පෙළඹෙන්නේ සිංහල ජාතිවාදී කිරිපල්ල අත ගා සමාජය කිති කැවීමටයි. ඒ බව බලය බෙදීම සම්බන්ධයෙන් නොබෝදා ජවිපෙ දැක්වූ අදහස්වලින් ම පෙනේ.

සිය පසුගාමී අදහස් වෙනස් කරගෙන, කල්ලිවාදය නැති කරගෙන, නවීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ඉදිරියට එන්නට ජවිපෙට සාධනීය අවස්ථාවක් දිය යුතු ය. නාමයෝජනා දෙද්දී ජවිපෙ විසින් සාර්ථක උපායමාර්ගයක් අනුගමනය කරන ලදී. ඒ වනාහි ජාතික ලැයිස්තුවට සිවිල් නායකයන් පිරිසකගේ නම් ඇතුළත් කිරීමයි. එය සාර්ථක ගනුදෙනුවකි. ඔවුන් දෙන දෙය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීකම වෙනුවෙන් සිවිල් බුද්ධිමතුන්ට ඔවුන්ගේ නිදහස් චින්තනය දන් දෙන්නට සිදු වී තිබේ.  

මෙම උපායමාර්ගය අනුගමනය කිරීම හැර ජවිපෙ පැත්තෙන් පසුගිය වකවානුවේදී කිසිදු සාධනීය වෙනසක් දකින්නට ලැබුණේ නැත. ජවිපෙ මන්ත්‍රීන් පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ දේශපාලනයේදී වඩා දක්ෂ බව නම් මම පිළිගනිමි. එහෙත්, දැන් අවශ්‍ය විපක්ෂ දේශපාලනයක් පමණක් නො වේ. මහින්ද විසින් ස්ථාපිත කරන ලද දේශපාලන ක්‍රමය පැරදවීම සඳහා රාජ්‍ය පාලනයේ මැදිහත්වීමක් ද අවශ්‍ය ය.

මේ අවස්ථාවේ වැදගත් ම දෙය වන්නේ මහින්ද නැවැත්වීමයි. මහින්ද ක්‍රමය පැරදවීමයි. ඒ වෙනුවෙන් කළ යුතුව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීමයි. 

එහි ගැටලු ඇති බවට විවාදයක් නැත. මීගමුවෙන් කතා කළ අපේ පාඨකයෙක් ඇසුවේ රොයිස් විජිත වැනි කෙනෙකුට ඡන්දය දෙන්නේ කෙසේ ද යන්නයි. එය එජාපයේ ගැටලුවකි. මම ගම්පහ හිටියා නම් මට ද විජිත හේරත් වැනි අහංකාර පුද්ගලයකුට ඡන්දය දෙන්නට බැරි ය. කලුතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයකු වන මට නම්, අජිත් පී. පෙරේරා, කීර්ති කාරියවසම් වැනි බුද්ධිමතුන් මෙන් ම පාලිත තෙවරප්පෙරුම වැනි ජාතිවාදයට විරුද්ධ හිත හොඳ චන්ඩි ද තෝරාගැනීමට සිටිති. 

කලුතර දිස්ත්‍රික්කයේදී නම් ජවිපෙ නලින්ද ජයතිස්සට පාවිච්චි කරන ඡන්දයක වටිනාකමක් තිබේ. කොළඹ, ගම්පහ හැර ජවිපෙට ආසනයක් දිනා ගැනීමේ වැඩි ම ඉඩක් තිබෙන අනෙක් දිස්ත්‍රික්කය කලුතරයි. 

ජවිපෙ පාර්ලිමේන්තු බලය වැඩි කිරීමට මම ද කැමැත්තෙමි. එහෙත්, ඒ මහින්ද විරෝධී සන්ධානයක මිස වෙනම තරග කරන මැතිවරණයකදී නො වේ. 


  • කරුණාකර වෛරී ප්‍රකාශ ඔස්සේ අප එක්සත් ජාතික පක්ෂයට තල්ලු කිරීමට උත්සාහ නො කරන්න. අප මෙම ස්ථාවරයට පැමිණෙන්නේ අප දක්ෂිණාංශිකයන් නිසා නො වේ. ඉතා පැහැදිලි හේතු මත ය. අපගේ පළමු ප්‍රමුඛත්වය විය යුතුව තිබෙන්නේ මහින්දගේ දේශපාලන ක්‍රමය පැරදවීමයි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. ඇයි බූරුවෝ ගම්පෙරළියේ ගාමිණී පුන්‍යා තොගේ මහ එවුන්ද අයිකන් එකක් කරගන්න.

      Delete
    2. 2009 ඉදන් තටමල දැන් බිත්තරේ දාන්න වගෙ ලෑස්තිය. කෙකර ගාන හැටි හොදා හොදා.
      අපි දන්නව දැන් බිත්තරේ දැම්ම කියල. ජවිපෙට දෙන ඡන්දය අපතෙ යාමක්ලු. ඒකෙන් මහින්දට වාසිලු.
      ඔබ මෙන් පුද්ගලික න්‍යායපත්‍රවලට ඡන්දය නොදෙන දුරදිග බලන පිරිසක් මේ රටේ සිටිති. ජවිපෙට ඡන්දය දෙන්නේ ඒ අයයි.මේ ඡන්දෙන් එජාපය දිනවා ස්වර්ගය පහළැ වෙනු ඇතැයි අඹ ඇටයක් දේශපාලන දැනුම ඇති කෙනෙක් සිතන්නෙ නැත.
      එජාපයේ කියා නොසිතෙන පරිදි කඩේ ගිය ඔබ නම් සක්විති සේම දක්ෂයෙකි.
      මේ රටේ ප්‍රගතිශීලී ඡන්ද යූඇන්පියට පංගාර්තු කරන ඔබ නියම ගෝනිබිල්ලෙක් බව පැහැදිලිය.
      ප්‍රගතිශීලීන් හා යහපත් මිනිසුන් යූඇන්පියට අල්ලල දෙන ගෝනිබිල්ලෙක් ලෙස මිස ඔබව වෙන ක්‍රමයකින් හැදින්විය නොහැක.

      Delete
    3. අපි කරන්නේ මහින්ද හා ඔහුගේ ක්‍රමය පරදවන දේශපාලනයක්. ඔබ කරන්නේ මහින්ද නැවත දිනවන වැඩක්. ඔබට මහින්ද සමග නැගිටින්නට අයිතියක් තිබේ නම් අපට එජාප සමග එය වළක්වන්නට ද අයිතියක් තිබේ.

      Delete
    4. මරා යනු දැන් අවලංගු කාසියකි. මරා කල්ලියේ බොහෝ අපේක්ශකයෝ මරාගේ තක්කඩි පාලනය යටතේ මරාගෙන් කැපිල්ල වැටුනු එවුන්ය. උන් එන්නේ හුදෙක් තාමත් ජනප්‍රිය මරාව මාකට් කර තමන් ගොඩ යාමට මිස මරා වෙනුවෙන් නොවේ. ඉන් අනතුරුව තමන්ට වාසි පැත්තකට පනිනු ඇත. දැනට කාටවත් බහුතරය නොලැබෙන නිසා බොහෝ විට සිරිසේන ගොයියා දෙපැත්ත බැලන්ස් කර ඇමතිවරු 120 -135 පමණ "ජාතික" රජයක් තනනු ඇත. මෙහිදී එජාපයේ නියෝජය දුර්වල වීමත් සමග උන්ගේ හොරකම් කිරීමේ හැකියාව සහ කේවල් කිරීමේ බලය දුබල වේ. ජවිපෙ කියන්නෙ කිසිසේත්ම විශ්වාසය තැබිය නොහැකි කඩාකප්පල්කාරීන් පිරිසක් වුණත් මේ තනන්නේ ජවිපෙ ආසන ගණන වැඩිකොට කොල-නිල් සහ වෙනත් (බතියුදීන්/ රවුෆ් හකීම් වැනී) හොර තක්කඩින්ට වැට බැඳීමයි. කොළ හොරු අඩු කරමු - හොරකමට බාල්දි පෙරලන ජෙප්පන්ව තාවකාලිකව ටිකක් වැඩිකර කොල හොරුන්ගේ පුක බිම අන්නමු.

      Delete
    5. නිකන් පලයන් අජිත් පැරකුම් නමැති පින් පියෝ බයිල කෙලින්නෙ නැතුව. යූඇන්පී ගෝනිබිල්ලෙක් වෙලා පණ බේරගෙන ටිකකලක් ජනප්‍රිය එන්ජීඕ බයිල ගහල දැන් ආයෙත් රෙදි ගලෝගෙන එජාපයට කඩේ යනව නේද? තොපි වගේ අරගලය පාවාදෙන ද්‍රෝහීන් ඉස්සෙල්ලම මරණ දණ්ඩනයට ලක්කල යුතුයි මේ රටේ ප්‍රගතිශීලී සැබෑ ජනතාවාදී සමාජවාදී රජයකින් මෙම දේශද්‍රෝහී ජනතා ද්‍රෝහී ත්‍රාඩ වැඩ වලට - සාධාරණ නඩු විභාගයකින් තීන්දුවක් ලබාදී. ඔහොම පාදඩ විදිහට සල්ලි වෙනුවෙන් තමන්ගේ ආත්මය පාවාදෙන්නෙ කොහොමද කියල මටනම් හිතාගන්නත් බැහැ. තමුන්ගේ හෘද සාක්ෂියට කණ්දීල අවංකව කතාකරපන් මනුස්සයෝ බලු පාහර කාඩ අවලම් වැඩ නොකර.

      Delete
    6. ඔන්න සහෝදරවරුන්ගේ සමාජවාදේ දිග පළල. "තොපි වගේ අරගලය පාවාදෙන ද්‍රෝහීන් ඉස්සෙල්ලම මරණ දණ්ඩනයට ලක්කල යුතුයි මේ රටේ ප්‍රගතිශීලී සැබෑ ජනතාවාදී සමාජවාදී රජයකින් මෙම දේශද්‍රෝහී ජනතා ද්‍රෝහී ත්‍රාඩ වැඩ වලට - සාධාරණ නඩු විභාගයකින් තීන්දුවක් ලබාදී."

      මේ අදහස් ඉදිරිපත් කරන ජවිපෙ මල්ලිලා නිර්මාල් රංජිත් දේවසිරි හමුවෙලා අහගන්න කොහොමද විවේචනයක් දරාගන්නේ කියලා. මේ ලිපියෙන් නිර්මාල්ව පතුරු ගැහුවට පස්සෙත් නිර්මාල් මට කතා කරලා මේ ලිපියේ වැදගත්කමක් ඇති බව පැවසුවා.

      Delete
    7. සිඟිති පැරා ට තියෙන ලොකුම දේ තමා දේවසිරිල වගේ මිනිස්සු ආස්සරේ කරන එක, හරියි කියලා හිතාගෙන කට උල් කරගෙන ඉංගිරිසිය උගන්නන ඔයා ගෙන් ඊට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද?

      Delete
    8. "ජාතිවාදය "අවුස්සනවා යැයි සින්හලයාට තප්වුලමින් බැන වදින අගමැති හොරිකඩයා සින්හලේ විනාශය උදෙසා අන්තෝනමතිකව කටයුතු කරමින් සත්‍ය ජනතාවගෙන් වසන් කරණු වස් ජනමද්‍ය මර්දනය කිරිමට ගන්නා උත්සාහය කුමක් නිසා දැයි ජනතාවට හොදටම පැහැදිලිය ...ඊයේ යාපනයේ සිදුවූ දේ මේයට හොදම උදාහරණයි .උතුරු පලාත් සබාව පැය ගනනකට අත් හිටවමින් දෙමල සන්දාන මන්ත්‍රි වරු ‍යාපන විශ්ව විද්‍යාලීය සිසු සිසුවියන් සමග එක්වෙමින් ‍යාපනය නගරයේ දැවැන්ත උද්ගෝශනයක් අප හමුදාවට එරෙහිව කර තිබේ .,
      වසල පාලනය බලයට ආදා උතුරේ හමුදා කදවුරු තුලට ගල් ප්‍රහාර එල්ල වු‍යේ උතුරේ ඊලාම් කොඩියද ලෙලෙදෙමිනී .එය මාද්‍ය මගින් හෙලි විමත් සමග බලලා මල්ලෙන් එලියට පැන්නේය ..වහා ක්‍රියාත්මක වූ වසල ආන්ඩුව "හමුදා මාද්‍ය ප්‍රකාශක වරයා ඉවත් කොට එම තනතුර ද අහෝසී කොට රාජ්‍ය සේවකයාගේ අදහස් පලකීරිමේ අයිතියටද වැට බැන්දේ නව ආරක්ශ ලේකම් වරයා විසින් හිටපු ලේකම් වර‍යාගේ නිර්දෝශි බාවය ප්‍රකාශ කල හෙයිනී.එහෙයින් නොනැවතුන වසල ආන්ඩුව රාජ්‍ය නාලිකා තුල සිටි නිදහස් මතදාරින් පන්නමින් රාජ්‍ය මාද්‍ය ආන්ඩුකරනය කලේය ..පුද්ගලික නාලිකා බොහොමයක් ඔවුන්ගේ සුකවිහරනෙන් යැපෙනු උන්ටම කඩේ ගිය එවා බව මුලු රටම දනී .
      සත්‍ය වටහා ගත් මුද්‍රිත මාද්‍යන් ආන්ඩුවේ අන්තෝමතික ක්‍රියා කලාපය හෙලා දකිමින් බෙදුම්වාදයට එරෙහිව අභීතව පෑන මෙහය වීම නොරිස්සු වසල අගමැතියා එම පුවත් පත් කතෘවරුන් ජාතිවාදින් ලෙස හන්වඩු ගසා ප්‍රසිද්දියේම තර්ජන‍ය කරමින් සින්හලයාගේ මාද්‍ය නිදහසට වැට බැදි වසලයා පිලිකුල් සහගත ලෙස බෙදුම්වාදය සමාජගත කිරිම උදෙසා ටැමිල් නෙට් වෙබ් අඩවිය නිදහස් කරමින් රේගුව විසින් වැලකූ front line සගරා නිදහස් කරමින් දෙමලාට මාද්‍ය නිදහස දුන්නේ සින්හලයාට වඩා තමාට චන්දේ දෙන දෙමලා ලොකු නිසා විය හැක ..
      මේ වසල තිරිසන් පාලනයේ අන්තෝමතික ක්‍රියාවන් අනුමත කරන්නෙක් නම් ඔහු වසලයෙකී .රටක් ජාතියක් නැති අවජාතකයෙකී ..
      සින්හලුනී ! තවත් පිල් බෙදී පාට පාට කන්නාඩි පැලදගෙන මෝඩයන් උන හොත් මේ රට තවත් සුඩානයක් .ටිමෝරයක් .හයිටියක් වීම වැලැක්විය නොහැක .එබැවින් ඒකීය ශ්‍රි ලන්කාවක් උදෙසා සින්හලේ පැවැත්ම උදෙසා උතුම් සම්බුද්ද ශාසනයේ චිරස්තිය උදෙසා පෙරට වරෙවූ .,,
      නිදාසිටිමෙන් පලක් නොවේ .,..

      Delete
  2. මේ පාර නම් පැරාට කුට්ටියක් හම්බ වෙලා ඒකාන්තයි

    ReplyDelete
    Replies
    1. තාම ලැබුණෙ නැහැ. ඉක්මන් කරලා ලබා දෙනවා නම් කැමතියි.

      Delete
    2. මට තියෙන ප්‍රශ්නය පැරාල, විමල් වීරවන්ශව විවේචනය කරන්නෙ රෙදි ඇදගෙනද කියන එකයි, සමාජය වෙනුවෙන් කියල පෙනී ඉන්න හුගක් උන් මේ වගේ තමන්ට වාසි වෙනකල් එල්ලිල ඉන්නව වාසිය ලැබුනු ගමන් ඒ පැත්තට හෝයිය

      Delete
  3. 100% එකඟයි. ජනවාරි ජන්දයේදී චන්දය දුන් ලක්ශ 120 මේ පාර වෙනස් නොවේ. පහුගිය අවුරුදු 10 දී ජන මාධ්‍ය මර්ධනය සහ පාලනය නිසා බොරුවට රැවටුන අය මෙවරත් චන්දය මහින්දගේ පාර්ශවයට දෙනු ඇත. යහපාලන චන්ද ජේ වී පී , ටී එන් ඒ, ෆොන්සේකා මහතාගේ පක්ශයට කැඩුනුකල මහින්දට නැවතත් තමන්ගේ පවුල්වාදී පාලනය ගෙන යා හැක. (යම් මට්ටමක අඩුවීමකින්).

    අලියාගෙන් පෙනී සිටියත් යහපාලන පෙරමුණ අද ඉදිරිපත් වන්නේ මෛත්‍රී මහතාගේ නායකත්වයෙන් නොව රනිල් ගේ නායකත්වයෙනි. එය හුදෙක් යූ එන් පී පමණක් කියා චන්ද ජවිපෙට කැඩීමෙන් වන්නේ මහින්ද පිලට රනිල් පිලට වඩා වැඩි ආසන ගණනක් ලැබීමයි. මහින්ද යනු පොඩි ඉඩක් දුන්නොත් නැවතත් පරණ මට්ටමට ගෙනයා හැකි කෙනෙකි. ඒ තත්වයට නැවත ඉඩ දීමට යහපාලන චන්ද ජවිපෙට කැඩීම ඉවහල් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. අනික් කරුණ නම් එක් එක් නායකයන්ගේ අද අරමුණු සලකා බැලුවොත් එය පහත පරිදි වේ.

      මහින්ද - නැවත රටේ බලය අල්ල ජනවාරි 8 ට පෙර තත්වයට ගෙනයාම මගින් නැතිඋන සැමදේ නැවත ලබාගෙන පරීක්ශණ වලින් පවුල බේරා ගැනීම.

      ජේ වී පී. ජනවාරි 8 සිට උත්සාහ කලේ මහින්දට විරුද්ධ චන්ද තමන්ගේ ගොඩට දා ගැනීමටය.

      රනිල් - ඔහුට අගමැතිවීමට අවශ්‍ය වන්නේ ඔහු වෙනුවෙන් යමක් කරගැනීමට නොවේ. අවංක , අතිවිශාල දර්ශනයක් ඇති, ලෝකයේ ඔහුට ඇති පිලිගැනීමෙන් රටට විශාල සංවර්ධනයක් ලබා දිය හැකි අයෙකි.

      පුද්ගලයා නොව රටට වඩාත්ම සුදුසු දේ නොකලොත් වඩාත්ම නොසුදුසු දේ වීමට ඉඩ ඇත.

      Delete
    2. හා හා දැන් රනිල් කියන්නෙ අතින් කයිට් කරගෙන මේ රටේ දුප්පත් අහිංසක මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න එන මහා සුර දූතයෙක්. ජාතියේ ගැලවුම්කාරයා රනිල්.
      අනේ උඹ වගෙ බත්කන හරකෙක්. උඹ උගේ රතු තොල් කල්ලියේ සාමාජිකයෙක්ද කියලත් සැකයි.

      Delete
    3. යූඇන්පියට වැඩි බලයක් දීම යළි 17 අවුරුදු ශාපයක් ඇතිවීමක්. කිසිම පක්ෂයකට වැඩි බලයක් නොදිය යුතුය. ජවිපෙට රිමෝට් කොන්ට්‍රෝල් එක දිය යුතුය.
      නිල් පාටින් කළ හොරකම් කොළ පාටින් සිදුවීම වළක්වා ගත හැක්කේ එවිටය.
      මරාට දැන් බලයක් නැත.
      මරා පෙන්න පෙන්න කොළ කොටි ගෙන ඒමයි පැරාගෙ වෑයම

      Delete
  4. පැරා නොහොත් අජිත් පැරකුම්, ඔබ මහින්ද විරෝධය පාමින් පසුගිය කාලය පුරාවට අනියමින් පෙනී සිටියේ එජාපය වෙනුවෙනි. නමුත් දැන් පසිද්ධියේ එජාපය වෙනුවෙන් පෙනී සිටී. වහෙන් ඔරෝ නැතිව කෙලින්ම තම මතය ප්‍රකාශකර එජාපය වෙනුවෙන් පෙනී සිටීම අගය කරමි. මෙය සිදුවූයේ ටික කලකට පෙර නෙළුම් යායෙන් ඔබට ලැබුණු ඇගයීම නිසා යැයි සිතමි. නෙළුම්යාය මෙහෙයවන එජාප ගැත්තන් ඔබව ඇගයීම නිසා දැන් ඔබත් පොරක් යැයි ඔබට සිතෙන්නට ඇත. තවදුරටත් එජාපය වෙනුවෙන් පෙනී සිටයහොත් ඉදිරි එජාප රජයක් තුල ඔබට බොහේ දුරක් යා හැකි යැයි ඔබට සිතේ. සාමාන්‍ය ඉංග්‍රීසි ගුරු ජීවිකාවෙන් හා බ්ලොග්කරණයෙන් ඔබ්බට ගොස් දැන් පදවන මරුටියෙන්ද වෙනස්වී ප්‍රාඩෝ රථයකට මාරුවීම දකවා ඔබගේ මුළු ජීවිතයම upgrade වනු ඇත. මා මෙසේ කියන්නේ ඔබ අනාගතයේ හොරකම්කරනු ඇත කියා නොව තම දක්ෂතාවයෙන් ඉහලට ගොස් මෙම සැප සම්පත් ලබා ගනු ඇත යන්නයි. ඒ සඳහා හුදු මහින්ද විරෝධය හා ජවිපෙ මතවාද ප්‍රමාණවත් නැත. ඒ නිසා ඉන් ඔබ්බට ගොස් එජාපය වෙනුවෙන් සෘජුවම පෙනී සිටීම අවශ්‍යවනු ඇති. මෙය ඔබ නොව ඔබ මෙන්ම තරුණ කාලයේ විප්ලවකාරී දේශපාලනයට සම්බන්ධවූවන්ට පොදු න්‍යායකි. තම තරුණ කාලයේ අයුක්තිය අසාධරණය දැක, සමාජ සාධරණත්වය උදෙසා සමාජවාදී විප්ලව කරන්න ගිය බොහෝ දෙනෙක්ට බොහෝ දෙවල් නැතිවෙයි. ඔවුන් පශ්චත්තාපවන්නේ තම මැදි වයසේ හෝ ජීවිතයේ සැඳෑ සමයේය.ඉන්පසු තම පුද්ගලික වරප්‍රසාද සඳහා ඔවුන් අති දක්ෂිණාංශික දේශපාලනය තෝරා ගනී. නමුත් ඔවුන්ට තම හෘදසාක්ෂියෙන් ගැලවීමට බැරිය, ඒ නිසා නිදහසට කරුණක් සාදාගෙන ස්වයං ගැලවීමක් ලබයි. වීරවංශ සිදු කළේ රට රැක ගැනීම යන නිදහසට කරුණයි, ඔබ මෙහිදී මහින්ද පැරදවීම කළ හැක්කේ එජාපයට පමණක් යන කරුණ මත එල්බ ගනී. ඇත්තටම මහින්ද පැරදවීමට දෙයක් නැත, ඔහු පැරදුණු පුද්ගලයෙකි. වර්තමාන ජවිපෙ දෙස බැලීමේදී, ඔවුන් දැන් තමන්ගේ කාඩරයන්ගෙන් ඔබ්බට ගොස් පොදු ජනතාවට සමීප වෙමින් සිටී. ඔවුන්ගේ ඡන්ද පදනම දිනෙන් දින පුළුල් වෙයි, මෙය ප්‍රධාන පක්ෂ දෙකටම තර්ජනයකි. ඔවුන් තම ඡන්ද පදනම දියාරු කර ගත්තේ සන්ධාන දේශපාලන නිසාය. දැන් නැවතත් එම සන්ධානවලට නොයා ස්වාධීනව නැගිටිනු පෙනේ. මෙම අනතුර දකින එජාපය, ජවිපෙ ඡන්ද කැඩීමට විවිධ කූට උපක්‍රම, මතවාද පතුරුවා හරී. එය ඔබ වැනි හිටපු ජවිපෙ සමාජිකයන් ලවා කිරීම ප්‍රායෝගිකය. ඒ නිසා ඔබට කොහොමත් එජාපය තුළ ඉහල අගයක් ලැබෙනු ඇත. ඔබගේ පෙර ලිපියෙන් ප්‍රකාශකර තිබුණේ, ඔබට වැඩිපුම කරදර ඇති කළේ මහින්ද රජය බවයි. එලියකන්දේ වසරකට වඩා අන්ත දුක් වින්ද ඔබ, මහින්ද රජයේ මොන කඳවුරේ සිටියා දැයි නොදනිමි. එලිය කන්දේ 8 පාස් සෙබළුන්ගෙන් හැමදාම ගුටිකෑ ඔබ, මහින්දගේ රජයේ පොලිස්කාරයෙක්ගෙන් කණේ පාරකවත් කා ඇත්ද ? මහින්ද යනු ඒකාධිපතියෙක්බව හැබෑය, නමුත් එජාපය යනු ඊට වඩා සිය ගුණයක් දරුණු පුදගලයින්බව ඉතිහාසය ඔප්පු කරයි. එදා 82, ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙ පිබිදීම පාලනය කිරීමට ඔවුන්ගේ පක්ෂය තහනම් කර කැලේට දක්කා 88/89 භීෂණයට සෘජුව වගකිවයුත්තේ ජේආර් පප්පා ප්‍රමුඛ එජාපයයි. යාපන පුස්තකාලය ගිනිබත් කර 83 ජූලි කලබල ඇතිකර රට අවුරුදු 30ක යුද්ධයට ඇද දැම්මේ ජේආර් පප්පා ප්‍රමුඛ එජාපයයි. මේවා මට වඩා හොඳට ඔබ දනී, ඔබ ජවිපෙ පන්ති 5 කළ, මෙම සිදුවීම් යුගයේ තරුණ කාලය ගතකළ අයෙකි. මම මේ සිදුවීම් කාලයේ උපත ලබාවත් නැත. කෙසේ වෙතත් ඔබගේ නව පෙරලියට ජය!!

    ReplyDelete
    Replies
    1. පසුගිය අවුරුදු 10 දී මහින්ද සහ පවුල විසින් කල දේ ඔවුන් බලය ලැබුණොත් යලිත් කරණු ඇතැයි සිතීම සාධාරණය. කිසිවෙකු එස් ඩබ්ලිව් ආර් ඩී, සිරිමා, චන්ද්‍රිකා කල දේවල් මහින්ද විසින් කරණු ඇතැයි තර්ක කරන්නේ නැත.

      එසේ තිබියදී ජේ ආර්, ප්‍රේමදාස කල දේවල් රනිල් විසින් කරනු ඇතැයි තර්ක කිරීම සාධාරණ නොවේ. ජේ ආර්ට සහ ප්‍රේමදාසට නොතිබූ ජාත්‍යන්තර පිලිගැනීමක් රනිල්ට ඇත. එම පිලිගැනීම අද රටට පවතින අවදානම් සමනය කිරීමටත්, අද රටේ පවතින ප්‍රදාන ප්‍රශ්න වන විදේශවල සිට ක්‍රියාත්මක වන බෙදුම්වාදය, රැකියා, සහ උසස් අධ්‍යාපන වැනි ප්‍රශ්න විසඳා ගැනීමටත් ලැබෙන අවස්ථාව යූ එන් පී හිටපු සහ අද ජීවතුන් අතර නැති අය ගේ වැරදි වලට හිලව් කිරීමටත් යාමෙන් වන්නේ රට හානියකි.

      Delete
    2. කෝසල කරුණානායක කියන කාරණය සම්බන්ධයෙනි:

      "එලියකන්දේ වසරකට වඩා අන්ත දුක් වින්ද ඔබ, මහින්ද රජයේ මොන කඳවුරේ සිටියා දැයි නොදනිමි. එලිය කන්දේ 8 පාස් සෙබළුන්ගෙන් හැමදාම ගුටිකෑ ඔබ, මහින්දගේ රජයේ පොලිස්කාරයෙක්ගෙන් කණේ පාරකවත් කා ඇත්ද ? මහින්ද යනු ඒකාධිපතියෙක්බව හැබෑය, නමුත් එජාපය යනු ඊට වඩා සිය ගුණයක් දරුණු පුදගලයින්බව ඉතිහාසය ඔප්පු කරයි. " යන ඔබගේ ප්‍රකාශයෙන් ඔබ හා ජවිපෙ දරන මතවාදයක් නිරූපණය වේ.

      එක්සත් ජාතික පක්ෂයට වඩා ශ්‍රීලනිපය හොඳ යයි ජවිපෙ මෙන් ම, නිර්මාල් රංජිත් දේවසිරි වැනි වාමාංශිකයෝ ද සිතති. මෙය හුදු පුද්ගලබද්ධ අදහසක් මිස මේ පක්ෂ දෙකෙන් එකක්වත් එහෙම අමුතු හොඳක් හෝ නරකක් නැත. 1971දී, 1989දී කැරැලි මර්දනය විෂයෙහි මෙම පක්ෂ දෙකේ හැසිරීම වෙනස් වුණේ කැරැල්ලේ දිග පළල අනුව මිස වෙන අමුතු කාරණයක් නිසා නො වේ.

      සාපේක්ෂ වශයෙන් ගත් කල එජාප නායකත්වය වඩා අගනාගරික (මෙට්‍රොපොලිස් / මෙගාපොලිස්) පුරවැසිභාවයක් ප්‍රවර්ධනය කරන පක්ෂයකි. එසේම, බටහිර රටවල පවතින ආකාරයේ විෂමතාවන් මැද මතුපිට සමානාත්මතාවක් පවතින ඉගලිටරියන් සමානාත්මතාව අගය කරන්නකි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරුවක් දක්වයි. පුද්ගල නිදහස, ප්‍රකාශන හිමිකම,

      එහෙත්, මහින්ද රාජපක්ෂ යටතේ ශ්‍රීලනිපය පරිණාමය වුණේ මේවායේ ප්‍රතිපාර්ශ්වය දෙසටයි. එය තනිකරම රාජාණ්ඩුවාදී, සමානාත්මතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත, ප්‍රතිගාමී පක්ෂයකි. එසේ නොවේ යයි තර්ක කරන්නට ජවිපෙ සාමාජිකයකුට පුළුවන් යයි මම නො සිතමි.

      සමාජවාදය ගොඩනැගිය හැක්කේ දියුණු සමාජයන්හි මිස කුණු වූ වනචාරී සමාජයන්ගේ නො වේ. මහින්ද යටතේ ලංකාව යමින් තිබුණේ රෝසා ලක්ෂම්බර්ග් කියූ ම්ලේච්ඡත්වය දෙසටයි. ඒ පාරේ කිසි කලෙක සමාජවාදය හමු වන්නේ නැත. එහෙම නම් සමාජවාදී රුසියාවේ ආධාර ලැබූ ආණ්ඩු තිබුණු ඇෆගනිස්තානයේ හා ඉතියෝපියාවේ ද සමාජවාදය හැදෙන්නට තිබිණි.

      එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්නැයි කීමෙන් උත්සාහ කරන්නේ මේ ගමන ආපසු හරවන්නට ය. ජවිපෙට ඡන්දය දීමෙන් සිදු වන්නේ මහින්ද ජයගැනීමයි.

      අපේ ජීවිතය පිළිබඳ ඔබ පළ කරන අදහස ගැන අප නම් කණගාටු වන්නේ නැත. හේතුව ඔබගේ පක්ෂය විසින් ඔබට උගන්වා තිබෙන්නේ විමල් වීරවංශ, සෝමවංශ අමරසිංහ වැනි අයගේ උදාහරණ පමණි. මා ජවිපෙන් ඉවත් වුණේ 1992 පමණ වකවානුවක ය. එයින් ඉවත් වී මා එක් වුණේ හිරු කණ්ඩායම සමගයි. එයින් ද ඉවත් වී දැන් සත් වසරකි. අපි තවමත්, දේශපාලනිකව පවතින්නෙමු. එජාප සමග වැඩ කිරීමට අපි ඔබ මෙන් බිය නැත. හේතුව අපි ඔබට වඩා ජීවිතය විඳ ඇති නිසා ය. ඔබ ඔය මහා ලොකු දේවල් ලෙස කියන දේ මහා ලොකු දේ නො වන බව වටහා ගත හැකි අන්දමින් අපි ජීවිතය විඳ තිබේ. ඒ නිසා එජාප ගැන නොව මොන යකා සමග එකට වැඩ කළත් අපේ ගුණයන් ආරක්ෂා කර ගත හැකි බවට අපට විශ්වාසයක් තිබේ. අප සම්බන්ධයෙන් ඔවැනි කාරණා විවිධ වකවානුවල කියූ අය සිටිති. ආසන්න වශයෙන් හිරු කණ්ඩායමේ රෝහිත භාෂණ අප සම්බන්ධයෙන් ඔවැනි දේ කියා දැන් වසර හතක් ගත වී තිබේ.

      අපි එජාප පසුපස නො ගියෙමු. එජාපය සමග සංවාදය ඇති වුණේ එජාප අප ළඟට පැමිණි නිසා ය.

      Delete
    3. කෝසල සමග එකඟයි. මුන් ඔක්කොම එකයි. ඉස්සර මරාගෙ තක්කඩි අශීලාචාර පාලනය යටතේ ජැකාල ප්‍රමුඛ කලාරිටවල් ටික වන්දිභට්ට කම් කරල මරාව මුරුංග අත්තෙ තියල මහජන මුදලින් උන් ගොඩ ගියා. අලුත් පාලනය ඔස්සේ අලුත් පරපුරේ මැටි මෝල්ලු ටිකත් ඒවගේ සෙල්ලමක් දාන්න හැදුවත් අන්තිමට උන්ගෙ ගොන් පාට් නිසා නිකන්ම බලු වෙලා ගියා. ඊට පස්සෙ පුරවැසි බලය කල්ලිය මුලින් ස්වාධීන බවක් පෙන්නගෙන හිටියත් රවියගෙ සීන් එකෙදි මරාට මඩ ගහන්න ගිහින් රෙදි ගලෝගත්ත. පැරකුම් ගොයියත් යම් පමණකට අපේ ගෞරව දිනාගෙන හිටියත් දැන් සල්ලිවලට විලි සංගෙ නැතිව පට්ටපල් බොරු ලියන තවත් හඩ්ඩෙක්, මහින්ද අබේසුන්දර වගේ තක්කඩියෙක් බව ඔප්පු කරල ඉවරයි.

      Delete
    4. @කෝසල
      අනේ ගොනෝ, රාජපක්ශ රජයේ සෙබලුන්ගෙන් ගුටි නෙමේ ශෙල්වෙඩි, බෝම්බ කාපු උන් හොයාගන්න ඔනෙනම් උතුරට පලයන්...
      හරි දැන් පැරා "88/89 දී අටපාස් සෙබලු යොදා" ජෙප්පන්ට ගහපු යූඑන්පියට වර්ථමානයේ සහයදීම ගැන ඔච්චර අමාරුනම් ඒ "අටපාස් සොල්දාදුවන්තම" 2002-04 කාලෙ මානෙල් මල් ගැහැව්වෙ උබල වගේ ජෙප්පො නෙමේද?

      Delete
    5. AnonymousAugust 5, 2015 at 10:15 AM

      ආ එල් ටී ටී කාරයෙකුත් කොමෙන්ට් කරල තියෙන්නෙ. උබල නිසා අපි ඉස්සර බස් එකක ගමනක් ගියෙත් පරිස්සමෙන්. රාක්කෙ බෑග්වත් තිබ්බෙ බෑ. ලග ඉන්න එකත් සැකයි. උඹලට දෙන්න තිබ්බෙ ශෙල් වෙඩි නෙමේ න්‍යෂ්ටික බෝම්බ. අදටත් මිනිස්සු මහින්දට ආදරේ යුද්දෙ ඉවර කළ නිසා.

      Delete
    6. අජිත් පැරකුම් මහත්තයගෙන් නොදන්න කමටයි අහන්නෙ. සමාජවාදෙ ඇතිනොවෙච්ච නොදියුණු රටවල උදාහරණ උජාරුවෙන් පෙන්නුව වගේ සමාජවාදෙ ඇතිවෙච්ච දියුණු රටවල උදාහරණ දෙක තුනකුත් දෙන්න පුලුවන්ද?

      Delete
    7. dan mahinda rajapaksha paradi hamaraya... mahindage pilath ranilge pilath me wana wita uthsaaha daranne kese ho balayata pamina rata ulaa kannataya... mahinada parlimenthu aawath ohuta agamathi weema sihinayak pamanayi... eyata hethu dekak maa dakinawa ekak ohuta athi wyawasthamaya awahira thaawa deka ohuta dan piris balayak nomathi weemay.. danatamath paraada wi athi mahindage boru bhuthayek mawala ajith parakum namathi awasthawadi swarthakami narumaya darana uthsahaya gagata ini kapimak wani deyaki... rusiyaawe samaaja wadaya athikale apa lankaawe danata thibena samajayata wadaa daha gunayak pasugaami samajayakayi... dan rate siyalu buddimath janathaawa kalayuthu wanne janathaa wimukthi peramune wadi pirisak yawwa rata mema dawantha agada yen goda ganimatayi...

      Delete
    8. දයාබර පැරකුම්, ඔබ ප්‍රසිද්ධියේ එජාප මතවාද දැරුවත් මා ඔබ එජාප පාක්ෂිකයෙක් යැයි කියන්නට ඉක්මන් නොවුණෙමි. එහෙත් මගේ මතවාදය බලා, ඔබ මා ජවිපෙ කාඩර්වරයෙක් කිරීම ගැන දුක් වෙමි. මා කොළඹ ප්‍රදේශයේ ඉහළ මධ්‍යම පන්තික පවුලක ඉපදී, කුඩාකල සිට රාජකීය විද්‍යාලයේ ඉගෙනගත් පුද්ගලයෙකි. කොළඹ ඉගෙනගත් නිසා දශම ගණනක Z Score අගය මදිවීමෙන් ඉංජිනේරු පීඨය අහිමිව, පසුව පියාගේ මුදලින් විදේශ අධ්‍යාපන ලැබ දැන් විදේශයකම ජීවත්වෙන ලාංකික පුරවැසියෙකි. මා කුඩාකල සිටම, දෙමව්පියන් අපගේ ඉංග්‍රීසි දැණුම වැඩි කිරීම සඳහා ගෙදර කථා කළේ ඉංග්‍රීසියෙනි. මේ නිසා එකල අප ඉගෙනගත් පාසැලේ සියලුම ළමුන් සිංහලෙන් ඉගෙනගෙන ඉංග්‍රීසියෙන් කතා කරන සමාජයක් තිබුණි. ඔබ උසස් පෙල හෝ විශ්ව විද්‍යාලයේ ඉගෙනගත් පන්ති සටන මම දැක්කේ අප 6 වසරට පැමිණීමත් සමග ශිෂ්‍යත්ව විභාගයෙන් පැමිණි ගමේ ළමුන් සහ අප අතර වෙනසෙනි. අප දෙගොල්ලන් පැහැදිලිවම පන්ති දෙකකට බෙදී තිබුණි. මෙය සිදු වුණේ බලගතු ඉංග්‍රීසිය නිසාය. මෙම ළමුන් වැඩි හරියක් කාලයක් සමග ඉංග්‍රීසි ඉගෙන අප සමග උරෙන් උර ගැටුණත්, අපගේ බොහෝ අය ඔවුන් පහත දමා අප කුඩාකල සිට පැමිණි අයිතිය ඔස්සේ මෙම පාසැලේ අයිතිකරුවන්වීමට උත්සාහ කළහ. මෙය බොහෝවිට පහව ගියේ උසස් පෙල සමයේය. නමුත් අදත් මෙය OB වැනි අවස්ථාවල පවතී. කෙසේ වෙතත් මේ සියලු දෙනා දැන් සමාජයේ ඉහළතැන්වල හා විදේශවල ජීවත්වෙති.

      මගේ මිතුරන් හෝ දන්න කිසිවෙක් ජවිපෙට ඡන්දයක්වත් නොදෙයි. මමද උසස් පෙලින් පසු විදේශගත වීම නිසා කිසි දිනෙක ඡන්ද රැස්වීමක් අසන්නටවත් ගොස් නැත. ජවිපෙ නියෝජනය කරන පීඩිත පන්තියට මම අයත් නොවෙමි, නමුත් වර්තමාන දේශපාලනය තුළ ඔවුන්ගේ ඇති කැපවීම සහ අවංකත්වය ඔවුන්ගේ ක්‍රියාවන් තුලින් දකිමි. ඔවුන්ගේ කතා සහ මතවාද මම FB සහ youtube හරහා දකිමි. සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය ගැන ගැඹුරු දැනුමක් මා තුල නොමැත. එහෙත් සමජවාදය පටන්ගත් රටවල් ක්‍රමයෙන් ඒකාධිපතිවාදයට ගොස් බිඳ වැටුණු හැටි අන්තර්ජාලයෙන් කියවා ඇත. මම සිතන්නේ හොඳම ක්‍රමය බටහිර රටවල පවතින නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය බවයි. ඔබ කියන දියුණු සමාජ ක්‍රමයක් ලෙනින් විප්ලවකරන සමයේ හෝ මාඕ විප්ලවකරන සමයේ රුසියාවේ හා චීනයේ පැවතුණාදැයි මාහට සැකයක් ඇත. ඔවුන් සමාජවාදී විප්ලව කරන්නේ රාජාණ්ඩුවලට එරෙහිවය. එම රාජාණ්ඩු (මම අසා ඇති ආකාරයට ) සාමන්‍ය ජනයා තලා පෙලා දැමූ නිසා ගොවියන් සහ කම්කරුවන් එක්ව එම රාජාණ්ඩු අවි බලයෙන් පෙරලා සමාජවාදය ඇති කළහ. නමුත් ඔබ සහ ජවිපෙ කාඩර්වරු එම විප්ලවවලින් ස්වයං මෝහනයවී ප්‍රජාතන්ත්‍රවාදීව (100%ක් නොවුණත් ඡන්දවලින් ලංකාවේ ආණ්ඩු පෙරලේ ) පත්වුණු ලංකාවේ ආණ්ඩු පෙරලීමට අවි බලය යොදවා ඉල්ලන් කෑහ. සමාජවාදය ඇතිවූ රටවල ගොවි කම්කරු පිරිස් සමග අති බහුතරයක් එම විප්ලවවලට එක්වනවිට, ලංකාවේ ශිෂ්‍යන් ප්‍රමුඛ ඉතා සුළු පිරිසක් පමණක් එක්විය. මෙය ඔබලා වැනි පරණ පරම්පරාවේ ජවිපෙ සමජිකයන්ට නොතේරිණි. නමුත් ඔබ දැන් කියන්නේ මහින්ද යුගය සාර් යුගයටත් වඩා දරුණු රාජාණ්ඩුවක් බවයි. "සමාජවාදය ගොඩනැගිය හැක්කේ දියුණු සමාජයන්හි මිස කුණු වූ වනචාරී සමාජයන්ගේ නො වේ" ඔබ කියන ආකාරයට, ලංකාවේ සමාජවාදය ගොඩනැගිය නොහැක. මා දන්න තරමින් ප්‍රජතන්ත්‍රවදය සමාජවාදයට වඩා දියුණු ක්‍රමයකි. බොහෝ සමාජවාදී රටවල් සමජවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණියා මිස, ප්‍රජාතන්ත්‍රවාදී රටක, අවි බලයෙන් සමාජවාදය ගොඩ නැගූ එක රටක් හෝ නැත, ඇත්නම් පෙන්වන්න. වර්තමාන ජවිපෙය මෙය තේරුම්ගෙන නිවැරදි මාවතේ යන බව මට හැඟේ, නමුත් පැරණි කාඩර්වරුන්ට මෙය දිරවන්නේ නැති නිසා (විශේෂයෙන් සෝමවංශ ) ජවිපෙට ඡන්ද ඒමට වැලැක්වීමට ක්‍රියා කරති. අපට අවශ්‍ය සෝමවංශ මෙන් විප්ලවයෙන් මොලේ කුරුවල් කරගත් නායකයන් නොව අනුර කුමාර වැනි ඉදිරි දැක්මක් ඇත්තන්ය. මෙය විදේශයක සිට මම දකින අතර නාගරික ඉහල පැලැන්තිය නියෝජනය කරන බටහිර ගැති සුනිල් පෙරේරා වැන්නන්ද මෙය ලංකාවේ සිට දකී. නමුත් ඔබ වැන්නන් කුණුවූ එජාපය දිනවීමට කත් ඇදීම කණගාටුවකි, නමුත් එය ඔබේ මතවාදයයි, මම එයට ගරු කරමි.

      Delete
    9. මහා බලගතු මහින්දව ජනවාරි 08 දා ලාංකීය ජනතාව විසින් පරදවන ලදි.මාස 06 ක කාලයක් තුල UNP ය ක්‍රියාකල අන්දම ගැන ඔවුනට යම් අවබොධයක් ඇත.ඔවුන් චන්දය දෙන අන්දම ඉදිරියෙදි අපට දැකගත හැකිවනු ඇත.නමුත් " මහින්දගේ දේශපාලන ක්‍රමය පැරදවීම" නැමති පිදුරු ගසේ එල්ලි පැරා UNP ට රෙදි නැතිව කඩේ යාම ගැන මගේ බලවත් කණගාටුව.
      A. Fernando.

      Delete
    10. Kosala Karunanayaka ගොං බිජ්ජෝ , ලංකාවේ ඉතිහාසය ගැන හසරක් දන්නේ නැති , FB සහ youtube හරහා දේශපාලනය දකින උඹ අම්මගෙන් අප්පගෙන් අහගනින් ගිහිල්ල ජෙප්පන්ගේ ඇති කැපවීම සහ අවංකත්වය ගැන. 71 උඹල වගේ කජු කිරි හරක් ටිකක් රැස් කරගෙන මිනී කඳු ගොඩ ගැහුවා. 88 තව ඉතිහාසය දන්නේ නැති කජු කිරි හරක් ටිකක් රැස් කරගෙන බටලන්දේ පොනිල එක්ක 60000 ක මිනී කඳු ගොඩ ගැහුවා. දැන් අයි උඹල වගේ කොලු හරක් ටිකක් රැස් කරගෙන ජෙප්පෝ දේශපාලනේ කරනවා. උන් ගැන පොඩ්ඩක් වත් තේරුම් යන වයසට ආපු එවුන් උන්ව අත ඇරලා දාල යන හින්ද. ලංකාවේ කැම්පස් එහෙකට වැස්සකටවත් ගොඩවෙලා නැති උඹ දන්නවද ජෙප්පෝ කැම්පස් වල කරන නිරුවත් දේශපාලනය ගැන. !

      ජෙප්පන්ට දැන් වාමාංශික කඳවුරේ බලයක් නැහැ. උන්ගේ නිරුවත් අවස්ථාවාදී දේශපාලනය දන්න ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු අතරත් තැනක් නැහැ. දැන් අනුර ප්‍රමුඛ CIA ජෙප්පන්ගේ අවසාන චන්ද කොටහ රැඳිලා තියෙන්නේ උඹල වගේ බත් කන FB , youtube හරක් අතලොස්සක් අතර විතරයි. උඹල වගේ හරක් ගැන ඇත්තටම දුකයි.

      මහින්දට දෙන එවුන් මහින්දට දීපල්ලා. UNP එකට දෙන ඒවුන් හොඳ UNP කාරයෝ තෝරාගෙන දීපල්ලා. ගෙම්බන්ට දෙන්න එපා. JVP එකට දෙන එවුන් තමන්ගේ චන්දෙ පුකේ උලා ගනිල්ලා.

      Delete
    11. මහසොහොන් පිල්ලිය, සිංහල භාෂාවේ අමු කුණුහර්ප ඇති තරම් දන්නා නමුත් මෙවැනි ප්‍රසිද්ධ මාධ්‍යක සංවර භාෂාවෙන් උත්තර බැඳීමට මා උගත් ශිල්ප සහ විශේෂයෙන් පාසැල තුලින් ලද හික්මීම මා පොළඹවයි. ඒ නිසා උත්තර සංවරව මෙසේය. මා වැස්සකටවත් ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොඩ නොවීම නිසා ජෙප්පන්ගේ කැම්පස් නිරුවත මා නොදන්නා බව කියයි. මා වැස්සකට කෙසේ වෙතත් මේ පිල්ලිකාරයා නම් හරිහමන් පාසැල් අධ්‍යාපනයක්වත් නොමැතිබව කථා විලාශයෙන් මට හැඟේ. කෙසේ වෙතත් මා ලැබූ ලකුණු අනුව හිමිවූ කොළඹ විශ්ව විද්‍යාලයට මා ඇතුළු නොවීම නිසා වෙනත් දක්ෂයෙක්ට, විශේෂයෙන්ම පිටරට අධ්‍යාපනයට මුදල් නොමැති අයෙක්ට මගේ අවස්ථාවෙන් විශ්ව විද්‍යාලයට ඇතුල්වී විද්‍යාවේදී උපාධියක් ලබා තම ජීවිතය ජය ගන්නට හැකියාව ලැබීම ගැන සතුටු වෙමි. අනෙක මාහට මුදල් හා සුදුසුකම් ඇතිනම් ලොව පිලිගත් විශ්ව විද්‍යාලයකට ඇතුල්වීම මට ඇති අයිතියකි, ඒ නිසා මට මෙවැනි පිල්ලි සුනඛයන්ගේ කතා අදාල නැත. අනෙක ජෙප්පන්ගේ විශ්ව විද්‍යාල නිරුවත දැන ගැනීමට විශ්ව විද්‍යාලයට යාමට අවශ්‍යෙ වෙයි නම්, ලංකාවේ දේශපාලන නිරුවත ගැන කතා කිරීමට පාරිලිමේන්තු යාමට අවශ්‍ය වෙනවා යනුවෙන් කෙනෙක්ට තර්ක කළ හැක. මෙය ඉතාම බොළඳ ගණයේ පුහු තර්කයකි. මේ පිල්ලි සුනඛයාට අනුව ජවිපෙ දැන් කජු කිරි කොල්ලො ටිකක් වට කරගෙන දේශපාලනය කරයි. මේ රටේ නිර්මාල් වැනි උගතුන් පෙල ගැහෙන්නේ වැඩිම උපාධිදාරීන් පිරිසක් තමන්ගේ ලැයිස්තුවලට ඇතුල්කළ ජවිපෙ වටාය. මේ පිල්ලි සුනඛයාට අනුව මෙවැනි උගතුන් කජු කිරි කොල්ලන්ය. නමුත් බහුතර සාමාන්‍ය පෙල හෝ උසස් පෙල අසමත් නූගත් වාචාලයන්, නිලියන් යැයි කියාගත් ගණිකාවන්, කුඩු ව්‍යාපරිකයන් ඇතුළු මැරයන් ප්‍රධාන දේශපාලන පක්ෂවලින් එනවිට ඔවුන් පරිණත දේශලපාලකයන් ලෙස මේ සුනඛයාට පෙනේ. ප්‍රශ්නය නම් මේ සුනඛයා නියෝජනය කරන පිරිස ලංකාවේ බහුතරයවීම නිසා, මොවුන්ට පොඩි ටොෆියක් දී මෙවැනි දේශපාලකයන්ට පාර්ලිමේන්තුවට ගොඩවී, තමන්ට සුර සැප ලබා ගැනීමට, පරම්පරා 7කට අවශ්‍ය මුදල් සොයා ගැනීමට හැකියාව ලැබීමය. මෙවැනි සුනඛයන්ට බත් පැකට් එකක් සහ කසිප්පු බාගයක්දී දුන් පමණින් මනාප සහ තමන්ගේ රැස්වීමට ජයවේවා කියමින් සෙනග රැස්කර ගැනීම සුළු දෙයකි.මල් වීරවංශ වැනි 9 වසර පන්තිය සමත් නූගත් දේශපාලකයින්ගේ විදෙස් කුමන්ත්‍රණ කතාවලට මෝහනයවී නන් දොඩවන මොහු, හොඳ යුඇන්පී සහ හොඳ සන්ධානකාරයින් සොයා ගැනීමට ඡන්දදායකයන්ට උපදෙස් දෙයි. මෙවැනි වෘක්ෂ සුනඛයින් කසිප්පු බාගයක් ගැසුවාම මෙවැනි විහිළු කතා කියයි. එවැනි හොඳ දේශපාලකයන් ප්‍රධාන පක්ෂ දෙකෙන් සොයා ගැනීම නොමල ගේකින් අබ මිටක් රැගෙන එනවාට වඩා අමාරු දෙයකි. අවුරුදු 67ක් මෙවැනි දේශපාලකයන්ට කතිරෙ ගසා, අපේ රටට අත්වී ඇත්තේ මොනවාද ?

      Delete
  5. "අපගේ පළමු ප්‍රමුඛත්වය විය යුතුව තිබෙන්නේ මහින්දගේ දේශපාලන ක්‍රමය පැරදවීමයි."

    සම්පූර්ණයෙන්ම එකඟයි... ඉන්අනතුරුවත් අරගලය ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අවකාශය නිර්මාණය කරගැනීමේ තීරණාත්මක අවස්ථාවක් මේ...

    ReplyDelete
    Replies
    1. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු... මේ මොහොතේ එක්සත් යහපාලන පෙරමුණ වෙනුවෙන් පෙනී ඉන්න උග්‍ර පාක්ෂික නොවන වැඩි දෙනෙක් ඒ බව නොදන්නවවත්, අමතක කරලවත් නෙවෙයි...

      Delete
  6. මහින්ද පරදා අවසානය...

    සිරිසේනගේ හාල්පාරු ආන්ඩුවෙන් ජනතාවට ලැබුන රෙද්දක් නැත..

    එජාපයද රට මංකොල්ල කෑම රාජපක්ෂලාටත් වඩා හොඳට කරනා බව මේ සුළු කාළය තුල මනාව පෙන්නුම් කළේය... උන් බලය ඉල්ලන්නේ රට හැදීමට නොව, අනාථ වූ ඇත් පරපුර ස්විස් බැංකු හිමියන් පිරිසක් කිරීමටය...

    හාල්පාරූ ආන්ඩුව නිසා දේශපාළණය හා ඡන්ද අයිතිය එපා වූ පිරිස බොහෝ වැඩිය.. උන් යහපාලනයක් බලාපොරොත්තුවෙන් නිහඬ විප්ලවයක් කල ජනතාවගේ පුකට පයින් ගසා ඒ උතුම් මිනිසුන්ට සරම උස්සා පුක පෙන්වන ලදි..

    මෙළෝඅ දැක්මක් නැති හාල්පාරූ ජනපති කෙනෙක් යටතේ මේ රටට අත්වන සුගතියක් නම් නැත..

    අප උත්සාහ කරන්නේ එසේ කලකිරුන ඡන්ද දායකයින්ගේ වටිනා ඡන්දයට වටිනාකමක් අත් කර දී ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීමටයි..

    අලියාගේ නැට්ටේ එල්ලෙනා උන්ට එය වහ කඳුරු විය හැක.. එහෙත් මිනිසුන්ගේ ඡන්ද ප්‍රකාෂ කිරීමේ කළකිරීම ඉක්මනින්ම ඉවත් කළ යුතුමය..

    ReplyDelete
    Replies
    1. ඔය කතාව ද 2004දී පාවිච්චි කර පරණ වූ වයින් අලුත් බෝතලයක දැමීමක් පමණි.

      2004දී ජවිපෙන් පත් වූ මන්ත්‍රීන් 39 දැන් ඉන්නේ කොහිදැයි සිතා බලන්න.

      මේ පක්ෂ තුනේ ම වෙනසක් නැත.

      අපි ඒ ඒ පක්ෂය තෝරා ගන්නේ ඒ ඒ සංදර්භයන් අනුවයි. ඔබට තේරෙන භාෂාවෙන් නම් ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි ය.

      පක්ෂ එක්ක දේශපාලනය කළ කාලය ඉවර ය. අපි දේශපාලනය කරන්නේ අරමුණු සමග ය.

      මේ වෙලාවේ අපේ අරමුණ මහින්දට හා මහින්දගේ ක්‍රමයට තිත තැබීම ය. අපේ අරමුණ අපට ක්ලියර් ය.

      ඔබේ අරමුණ හා මහින්ද දිනවීම කියන දෙක නො පැටලෙන ආකාරය ඔබ පැහැදිලි කර ගන්න.

      අපි එය සෙසු ජනතාවට පැහැදිලි කර දෙන්නෙමු.

      එච්චරයි.

      Delete
    2. එකඟයි. යළිත් මහින්දට බලය ගන්නට බැහැ. මෙවර එජාපය දිනන බව හැමෝම දන්නවා. ජනාධිපතිවරනෙදි ජවිපෙ වෙනම ඉල්ලල මෙහෙම කීවනම් තර්කය සාධාරණයි. දැන් අභියෝගය ප්‍රබල විපක්ෂයක් නිර්මාණය කිරීම.
      මෙතනදි ඒ අභියෝගය ජයගන්න ජවිපෙට දෙන ඡන්ද එක දෙක හරි වළැක්වන එකයි වැරදි.
      අපි ජවිපෙට ඡන්දය දෙන්නෙ සමාජවාදය හදන්න නෙමෙයි. මේ මොහොතෙ ප්‍රබල විපක්ෂයක් හදන්න. සමාජවාදී පරන තැටි ගහන්න ආවොත් අපිත් ජවිපෙට දෙන්නෙ නෑ. ඒක වෙනම කතාවක්.

      Delete
    3. ඔනෙන් මාතෙගේ මෝඩ අශික්ෂිත දේශපාලන කියවීම...
      මීහරකො, සිරිසේන හාල්පාරුවාය කියන්නේ මරා වගේම සුදුවෑන් න්‍යාය, බෝම්බ ගසා බයකිරීමේ න්‍යාය, දේශද්‍රෝහී ලේබල් ඇලවීමේ න්‍යාය වගේ ඒව නම මම ඒ හාල්පාරුවට කැමතියි....
      මොකද ලංකාව යන්න ඔනෑ නීතිය මිස අවනීතිය නැති, ප්‍රචන්ඩත්වයෙන් ඈත්වූ ශිෂ්ට රාජ්‍යක් දිහාට මිස ගෝත්‍රික රාජ්‍යක් දිහාට නෙමේ...

      උබල වගේ උන් ගැනනම් කථාකරල වැදක් නෑ.. අපිත මතකයි උබත් ඒ කාලෙ ගොනා වගේ "යුද්ධෙ යුද්ධෙ යුද්ධෙ" කියකියා මරාටයි ගෝටටයි චියර්කල හැටි..

      Delete
    4. මාතලන්,

      ඔබ ලෙසටම කියා තිබෙනවා. මරා යනු දැන් අවලංගු කාසියකි. මරා කල්ලියේ බොහෝ අපේක්ශකයෝ මරාගේ තක්කඩි පාලනය යටතේ මරාගෙන් කැපිල්ල වැටුනු එවුන්ය. උන් එන්නේ හුදෙක් තාමත් ජනප්‍රිය මරාව මාකට් කර තමන් ගොඩ යාමට මිස මරා වෙනුවෙන් නොවේ. ඉන් අනතුරුව තමන්ට වාසි පැත්තකට පනිනු ඇත. දැනට කාටවත් බහුතරය නොලැබෙන නිසා බොහෝ විට සිරිසේන ගොයියා දෙපැත්ත බැලන්ස් කර ඇමතිවරු 120 -135 පමණ "ජාතික" රජයක් තනනු ඇත. මෙහිදී එජාපයේ නියෝජය දුර්වල වීමත් සමග උන්ගේ හොරකම් කිරීමේ හැකියාව සහ කේවල් කිරීමේ බලය දුබල වේ. මේ තනන්නේ ජවිපෙට ඡන්ද කැඩීම වැලැක්වීමයි. කොළ හොරු වැඩි කරමු - හොරකමට බාල්දි පෙරලන ජෙප්පන්ට කෙළවමු.

      Delete
    5. මෙවර එජාපය දිනන බව හැමෝම දන්නවා යි ඔබ කියයි. එය එසේ නම් ජවිපෙට ඡන්දය දීම හා ජවිපෙ ප්‍රධාන විපක්ෂය බවට පත් කිරීම ගැන මට කිසිදු ගැටලුවක් නැත.

      එහෙත්, ලංකාවේ ඡන්දදායකයන් ගැන මට නම් ඒ හැටි ෂුවර් එකක් නැත. ඒ නිසා මම නම් රිස්ක් ගන්නේ නැත.

      Delete
    6. යුද්ධය සමයේ මාතලන් බොග දැම්මේ නැත...

      කෙසේ හෝ යුද්ධය ගැන මාතලන් උන්නේ චම්පික රණවක යුද්ධය ගැන දැරූ මතයේය... ඒ නිකමට නොවේ... හමුදාවේ උන් නිර්භීත නිළදරුවන් නිසාවෙනී.... අවශ්‍ය වූයේ එවන් නායකත්වයක් පමණි... එයට ගරු කිරීම ලාංකිකයකු වශයෙන් මට මහත ආඩම්බරයකි...

      Delete
    7. @ පැරා

      බය වෙන්න එපා රනිල් දිනනවා.... මේ රටේ මිනිස්සු දැන් මෝඩයෝ නෙමෙයි...

      ජවිපෙට දෙන්න කියන්නේ, වෙන බනානා ෆ්ලවර් එකකට නෙමෙයි.. ප්‍රකාෂිත ඡන්ද ගනන වැඩි කර ගැනීමට පමණි...

      Delete
    8. මාතලන්ගෙ ප්‍රකාශයෙන් මම අවුල් වුනා. ජවිපෙට දෙන්න කීවාම ඒ අදහස එක්ක එකඟ වෙන්න පුළුවන්. ඒක තාර්කිකයි. ඒත් අන්තිමට කලේ බින්ද වගෙ මේ කියපු කතාව මොකක්ද
      ප්‍රකාශිත ඡන්ද වැඩිකරගන්න නෙමේ. ප්‍රබල විපක්ෂයක් හදන්නයි ඕන.ප්‍රකාශිත ඡන්ද වැඩිකරගන්න නම් ජනසෙත පෙරමුණට හරි බොදුජන පෙරමුණට හරි දෙන්න බැරියැ

      Delete
    9. 81% උන ජනවාරි චන්ද ප්‍රතිශතය තව වැඩිවීමට අවකාශ අඩුය. එම චන්දයේ දී ඇත්ත නොදත් සහ තිබූ ක්‍රමයෙන් යැපුණ චන්ද අද යහපාලනයට හැරේ යැයි සිතිය නොහැක. චන්ද පරතරය ලක්ශ 5 ක් විය. උතුරේ චන්ද නැවත දෙමල පක්ශ කරා යනු ඇත. ජේවී පී චන්ද ජේ වී පී කරා යනු ඇත. තව වැඩිපුර ජේ වී පී වෙතට යොමුකිරීමෙන් වන්නේ යූ එන් පී ප්‍රමුඛ යහපාලන පෙරමුණට චන්ද අඩුවීමයි. එවිට එයට ලැබෙන චන්ද මහින්දට වැටෙන චන්ද වලට වඩා අඩු නොවේ යැයි සහතිකයක් නැත. එවන් විටක මහින්ද අගමැති කිරීමට ජනාධිපතිට බල කිරීමට ඔහුගේ ගෝලයන්ට හැකිය.

      Delete
    10. මෙන්න බොලේ සිරිසේනට කඩේ ගියමු මාතලන් නාකියා දැන් කියන දේවල්.....//අලියාගේ නැට්ටේ එල්ලෙනා උන්ට එය වහ කඳුරු විය හැක.. එහෙත් මිනිසුන්ගේ ඡන්ද ප්‍රකාෂ කිරීමේ කළකිරීම ඉක්මනින්ම ඉවත් කළ යුතුමය..// බොල කාලකන්නි මෝඩ නාකියෝ....තෝ කියන දේ තොවත් දන්නවද ? උදේට ඇහැරෙනකට ඇදෙන් නැගිටින පැත්තේ හැටියටද කොහෙද මේ මාතලන් නාකිය දේශපාලනේ කතා කොරන්නේ. උදේ එකක් කියන හවස එකක් කියන, මේ රට කවදාවත් හදන්න බෑ කියන උබ වගේ කාලකන්නියෙක් කොහොමද බන් ඡන්ද ප්‍රකාෂ කිරීමේ කළකිරීම ඉක්මනින්ම ඉවත් කරන්නේ ? සිහියෙන් ලිපිය කස්සිපු ගහල ලියන්නේ නැතුව. උබලවගේ මරුකියවන මෝඩයෝ නිසා මිනිස්සුන්ගේ ඡන්දෙට තියෙන උනන්දුවත් නැති වෙනවා. නොදකින් මෙහෙම මෝඩයෝ. මු කිසිම දෙයක් දන්නේ නැහැ කියන්නේ, අඩුම තරමේ මු මොකුත් දන්නේ නැති බවවත් දන්නේ නැහැ නේ!! නොදකින් මේ වගේ වසංගත කාරයෝ!! කාට චන්දෙ දුන්නත් රට හදන්න බැහැ කියලද චන්දෙට උනන්දුව වැඩි කොරන්න හදන්නේ ? මේවා කියවනකොට අපේ රටේ වැඩිහිටි පරම්පරාව ගැන තනි නෙතගට කදුලක් එනවා අප්පා!!!!

      Delete
    11. පුක පිහින ටොයිලට් පේපර් එකකින් පිහ ගනින් මචං...

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. ඇයි පුක නොපිහින ටොයිලට් පේපරුත් තියෙනවද කාලකන්නි බේබදු නාකියෝ ? සමහර විට උබ වගේ මී හරක් කෑම මෙසේ අත පිහිදාගන්න තියනවා ඇති පුක නොපිහින ටොයිලට් පේපර්. කොහොම වුනත් ඔය පුක පිහින්නේ වැලි කඩදාසියකින් නේද කිරි පණු අමාරුව තියෙන නිසා ?

      Delete
  7. ඔන්න පැරාට සම්‍යදෘශ්ටිය පහලවෙලා.. රට අවුරුදු 10 (2015-2025) එජාපයට දෙන්න.... දකුනු ආසියාවේ ස්විට්සර්ලන්තය බිහිවෙන හැටි බලාගන්න...

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස්වල එක්කෙනෙක් කිව්වා ගඩාෆි ලිබියාව අරාබියේ ද අප්‍රිකාවේ ද ස්විට්සර්ලන්තය කළා ය කියලා.

      Delete
  8. ජවිපෙ හැමදාම නිවැරදි තීරණ ගනිමින් ජනතාව ගැන හිතපු පක්ෂයක්.ජවිපෙ ආණ්ඩුවෙන් එළියට ගියෙ ජාතික වශයෙන් වැදගත් කරුණකට

    ReplyDelete
    Replies
    1. ජවිපෙ හැමදාම නිවැරදි තීරණ ගනිමින් ජනතාව ගැන හිතපු පක්ෂයක්.ජවිපෙ ආණ්ඩුවෙන් එළියට ගියෙ ජාතික වශයෙන් වැදගත් කරුණකට

      ප්‍රශ්නය - චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ ඔබට ඇමති තනතුරක් ලැබුණා. ඒ වගේම පක්ෂයට ඇමැතිකම් නියෝජ්‍ය ඇමැතිකම් ලැබුණෘ. පසුව ඔබලා එය අත හැරියා. ජනතාවට සේවය කරන්න ලැබුණු අවස්ථාවක් මගහැරුනා කියලා ඔබලාට දැන් හිතෙන්නේ නැත්ද?
      පිළිතුර - අපි එදා ඇමැතිකම් අතහැර එළියට බැහැපු නිසා තමයි සුනාමි සහන මණ්ඩලය ක්‍රියාවට නංවන්න චන්ද්‍රිකාට බැරි වුණේ. ඒක ක්‍රියාවට නැගුවානම් මේ වන විට රට දෙකට කැඩිලා. රනිල්ගේ ඊනියා සටන් විරාමයටත් වඩා දරුණුයි. එකට ඇතුළු වී හිටපු නියෝජිතයින් පස් දෙනාගෙන් එක්කෙනයි සිංහල. මුස්ලිම් සාමාජිකයන් හිටියා කොටිත් හිටියා. විගණන නිලධාරියෙක් පත් කරලා හිටියා. මිනිහා පාර්ලිමේන්තුවට වග කියන්නෙත් නැහැ. අනික විදේශ ආධාර කෙලින්ම උතුරට ගෙනියන්න පුළුවන්. මේවා ගැන හොඳට හිතලා තමයි අපි එළියට බැස්සේ. එදත් අදත් අපි රට ජනතාව ගැනයි හිතුවේ. නැත්නම් අපිට තිබුණා ඇමැතිකම් අරගෙන ගල් කොරියක් ,බාර්, ලයිසන්, කොමිස් ගගහා සැප විදින්න. අපි විනයක් හික්මීමක් ඇති ආදර්ශවත් පක්ෂයක්.

      Delete
    2. මේ වෙලාවේ කොටි හා කොටින්ට පක්ෂපාතී පිරිස්අපට කිව්වෙ ජවිපෙට පිං සිද්ද වෙන්න අපි මර උගුලකින් ගැලවුණා කියලායි.

      ජවිපෙ කළේ ඒක පාවිච්චි කරලා ආණ්ඩුවෙන් එළියට එන එක.

      මේ දෙගොල්ලොම එක ජාතියේ කට්ටිය. කොටින්ට ඊලම. ජවිපෙට සමාජවාදය. දෙගොල්ලොම නො කෙරෙන වෙදකම් එක්ක තමයි හිටියෙ.

      සුනාමි සහන මණ්ඩලයෙන් රට කැඩෙනවා යි කියන එකත්, නො ගැඹුරු ජනප්‍රිය ප්‍රකාශයක්. ඒවායින් අරමුණු කළේ කොටින්ව සිස්ටම් එක ඇතුළට ගන්න. මුන් දෙගොල්ලොම සිස්ටම් එක ඇතුළට එන්න බයයි. ආවොත් උන්ගෙ බැරිකම එළි වන නිසා.

      අන්තිමේදි දෙමළ කොල්ලන් දහදාහක් විතර මරලා දැම්මා නේ. දැන් ජවිපෙට හරි සතුටු ඇති.

      Delete
  9. Dollar speaks! Dollar barks at Mahinda! Leftist politics! Batalanda 60000 butcher is the best leader for these leftists! Central bank plunderer Ranil is the real symbol of Yahapalanaya! LTTE death squads will start to work. Then desperate socialists and leftists will rejoice! Dollars will be active in every corner.

    ReplyDelete
    Replies
    1. Call me. I can give you my account number to transfer those dollars.

      Delete
  10. ඔය චේගුවේරා ක්ණඩායම සීඅයිඒ කෙමණක් ලු නේද?

    ReplyDelete
  11. 81% උන ජනවාරි චන්ද ප්‍රතිශතය තව වැඩිවීමට අවකාශ අඩුය. එම චන්දයේ දී ඇත්ත නොදත් සහ තිබූ ක්‍රමයෙන් යැපුණ චන්ද අද යහපාලනයට හැරේ යැයි සිතිය නොහැක. චන්ද පරතරය ලක්ශ 5 ක් විය. උතුරේ චන්ද නැවත දෙමල පක්ශ කරා යනු ඇත. ජේවී පී චන්ද ජේ වී පී කරා යනු ඇත. තව වැඩිපුර ජේ වී පී වෙතට යොමුකිරීමෙන් වන්නේ යූ එන් පී ප්‍රමුඛ යහපාලන පෙරමුණට චන්ද අඩුවීමයි. එවිට එයට ලැබෙන චන්ද මහින්දට වැටෙන චන්ද වලට වඩා අඩු නොවේ යැයි සහතිකයක් නැත. එවන් විටක මහින්ද අගමැති කිරීමට ජනාධිපතිට බල කිරීමට ඔහුගේ ගෝලයන්ට හැකිය.

    ReplyDelete
  12. මරාට ක දෙන ඔක්කොම එවුන් ලැස්ති වෙයල්ලා 18 උදේ මරාගේ දේශපාලන මළගමට සහභාගී වන්න.

    ReplyDelete
  13. මහින්ද පාර්ලිමේන්තු ආවත් (නාවත්) වරදක් නැත, වරද මහින්ද ගේ පානින් එන කුණු ගොඩය, දින 100 ඇතුලේ ව්‍යවස්තා වෙනසට අන්ච් ඇද්දේත් උන්ය, රට ඉදිරියට ගෙනයාමට කළයුතු ව්‍යුහාත්මක ආර්ථික වෙනස්කම් රාශියකි, කෘෂිකාර්මික දියුණුව අවරෝධ කරන සහ සහනාධාර මත යැපෙන යැපුම් කෘෂිකාරමාන්තයට හේතුවන ඉඩම් සහ ජල කළමණාකරණ ප්‍රතිපත්ති ඒවායින් ප්‍රධාන ඒවා වෙනවා, එහිදී ජවීපේ පසුගාමීන්ගේ තේරීම මොකක්ද කියා ආයේ අමුතුවෙන් කියන්න අවශ්‍යවෙන්නේ නෑනේ. අනිවාර්යෙයන් ජවිපෙ මහින්දගේ කුණුගොඩත් එක්ක එකතුවෙලා පාර්ලිමේන්තුව පලක් නැති විවාද මණ්ඩපයක් බවට පත්කරනවා. ප්‍රතිපලය මොනවගේ වේවිද?

    ReplyDelete
    Replies
    1. ලංකාව ග්‍රීසියක් කරන්න හොඳම ක්‍රමය හැකිතරම් ජෙප්පෝ පාර්ලිමේන්තු යැවීමයි. ජෙප්පෝ 10ක් හොඳටම ප්‍රමාණවත් ලොකු සද්දයක් දාන්න, ජෙප්පන්ට චන්ද වැඩිවුනොත් වෙන්නේ චන්දුිකාගේ සභාග ආණ්ඩුවකාලේ වෙච්ච සන්තෑසියමයි, ඒකේ අනුරල ඉන්නේ ටිකයි වැඩිපුර ඉන්නේ වීරවංශලා, ලාල් කාන්තත් වීරවංශ කෙනෙක්ම තමා.
      විවෘත චින්තනයක් ඇති අවංකව රට වෙනුවෙන් යමක් කරන්න තැත් කෙරූ දේශපාලකයන්ගේ / රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ බොහොමයක් නැවතුනේ එජාපයට ගිහිල්ලා, දිනේ්ශ් ගුණවර්ධලගේ පරපුරේ ශ්‍රේෂ්ඨයා ෆිල්ප් ගුණවර්ධන (බණ්ඩරණායක ඉඩම් ප්‍රතිපත්තිය හැදූකෙනා?) ඉන් කෙනෙක්, ජවිපේ ජාතික ලයිස්තුවටත් ඒකම වෙන්න පුළුවන්.

      Delete
    2. කලයුත්තේ ව්‍යුහත්මකවම අාර්ථික සාධකයන් ෙවනස් කිරීමය. මේ සදහා කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම වෙනුවෙන් ගොවින්ගේ අාකල්පමය වෙනසක්ද, ඉඩම් හා ජල කළමනාකරණයේ ව්‍යුහත්මක වෙනසක්ද කල යුතුය. ගොවියා ඉඩමට හා යැපුම් කෘෂිකර්මයට බැදතබා අැති අාර්ථික ව්‍යුහය ෙවනස්කල යුතුය. මෙම වෙනසෙ දිශානතිය තිරණය කල යුත්තේ දුෂිතයින්ට හම්බකිරීමට හෝ චන්ද ලබාගැනීම වෙනුවෙන් නොව ගොවින්ගේ සමාජ ජිවිතය සංවර්ධනය වන පරිදිය

      Delete
  14. මහින්ද ප්‍රමුඛ සංධානය පරාජය කිරීම අද දවසේ මුලික කරුණ ලෙස ඉදිරිපත්කිරීම විකාර සහගතය. මහින්ද ප්‍රමුඛ සංධානය ජයග්‍රහනයතුලින් සමාජයට අහිමිවේයැයිද ඒම අහිමිවන දෑ රනිල් ප්‍රමුඛ සංධානය ජය ලැබීම තුලින් සමාජයට ලැබෙන බවද පැවසීම විහිලු සහගතය. ඒමෙන්ම විරුද්ධ පක්ෂය ශක්තිමත් කිරීම උෙදසා ජවිපෙ ශක්තිමත් කිරිම පිලිබදවද ගැටලුවක්ද අද සමාජයතුල කතිකාවට පැමිණ අැත. අද දවසේ දේශපාලනය ඉහත සදහන් පටු කරුණු කිහිපයකට ලඝු කිරීම මගින් ජනතාව ලබාගන්නා ජයග්‍රහණය කුමක්ද යන්න පැහැදිලිව දක්වා නැත්තේ අැයි.

    මහින්ද ප්‍රමුඛ සංධානයේ ක්‍රියාකලාපය දිගටම ක්‍රියාත්මක කිරීම තුලින් හෝ රනිල් ප්‍රමුඛ ඒජාප නඩය යෝජනා කරන පරිදි ක්‍රියාත්මකවීම තුලින් රටේ අමුතු සංවර්ධනය හෝ ඔබ යෝජනා කරන ප්‍රජාතන්ත්‍රවාදි ජයග්‍රහණයන් කිසිවක් අත් නොවනු අැත. මිට පෙර මෙන්ම හෙට දවසේද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීක අයිතින් දිනාගැනිම වෙනුවෙන් ජනතාවට පාරට ඒමට සිදුවනු අැත.

    මා දන්නා ඉතිහාසයතුල සියලුම අාණ්ඩු පක්ස මාරුවිම් සිදුවි අැත්තේ සාමාන්‍ය ජනතාවට වැඩි ප්‍රජාතන්ත්‍රීක අයිතිවාසිකම් ප්‍රමාණයක් ලබා දිම උදේසාය. සියලු දේශපාලන පක්ෂ, නායකයන් අපේක්ෂකයින් මැති අැමතිවරුන් ජනතාවට අයිතිවාසිකම් ලබාදීම, මාධ්‍ය නිදහස අාරක්ෂා කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, සෟෙඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන අාදී පහසුකම් සංවර්ධනය නව කර්මාන්ත රැකි රක්ෂා අැති කිරීම අාදි රටේ අාර්ථික හා සමාජීය සංවර්ධනයට අවශ්‍ය සියලු කරුණුවලට පක්ෂපාතිය.
    ඒමෙන්ම දුෂිතයන් ලෙස සමාජය හදුනාගෙන අැති බෙහෝ අපේක්ෂකයන් සාමාන්‍ය ජනතාවතුල ඉතාමත් ජනප්‍රිය අතර ඔවුන් විසින් මිනිසුන් ඉල්ලා සිටින අවශ්‍යතාවයන් සම්පුරණකර අැත. හොරුන්ට, දුෂිතයිනට, කුඩු ඒතනෝල් කරුවන්ට විරුද්ධව කතාකිරීමතුලින් ඔවුන් ලබන මනාප ප්‍රමාණයේ ලොකු අඩුවක් නොවනු අැත.
    අප අවධානයට යොමුකල යුත්තේ බහුතරයක් ජනතාව මෙවැනි පුද්ගලයන් සමග අනන්‍ය වනුයේ අැයිද යන්න පිලිබදවය. ඒමෙන්ම ප්‍රජාතාන්ත්‍රික අයිතින් ජනතාවට ලබාදීමටත් රට සංවර්ධනය කිරීමට පැමිණෙන පාලකයින් දුෂිතයින් වන්නේ අැයිද යන්නය.
    අප විසින් පාර්ලිමෙන්තුවට 225ක් පත්කර යැවුවද සෘජුවම පාලනයට සම්බන්ධවනුයේ මෙම කණ්ඩායමෙන් ඉතාමත් සීමිත කිහිප දෙනෙකි. උදා ලෙස මහින්ද සමයේ සියලු තින්දු ගනු ලැබුයේ මහින්ද, බැසිල්, ගා්ෙඨා ප්‍රමුඛ ඉතා කුඩා කණ්ඩායමකිනි. චන්ද්‍රිකා සමයේද මංගල රත්වත්තේ ඒස්බී ප්‍රමුඛ ඉතා කුඩා කණ්ඩායමකිනි යහපාලන අාණ්ඩුවේද ඒළබෙන පාර්ලිමේන්තුවේද ඒලෙසම කුඩා කණ්ඩායමක් විසින් අාර්ථිකයට අදාල මුලික තින්දු ගනු අැත. ඒම කුඩා කණ්ඩායමේ පැවැත්ම අාරක්ෂාකර ගැනීම සදහා කිහිප දෙනෙකුට අැමති තනතුරුද, අනෙකුත් අයට තම ප්‍රදේශය සංවර්ධන කටයුතු කිරීමට මුදල්ද ලැබෙනු අැත. ඊට අමතරව චන්ද කාලයේ උදවුකල පාක්ෂිකයින් යම් ප්‍රමාණයකට රියදුරු,කම්කරු තනතුරු ටිකක්ද ලොකුවට උදවුකල ව්‍යාපාරිකයින්ට ටෙන්ඩර් ටිකක්ද ලැබෙනු අැත.

    මැතිවරණයෙන් පසු නැවතත් කම්කරුවන්ට තම වැටුප වැඩි කර ගැනීම සදහාද, ගොවින්ට තම අස්වැන්න විකිණිම සදහාද වගාවට අවශ්‍ය ජලය පොහොර ලබා ගැනීම සදහාද, මගීන්ට හොද ප්‍රවාහන ක්‍රමයක් වෙනුවෙන්ද, ශිෂ්‍යයන්ට අධ්‍යපන පහසුකම් වැඩිකර ගැනීම සදහාද, ජනතාවට බඩුමිල අඩුකර ගැනීම සදහාද, රෝගින්ට බෙහෙත් ලබා ගැනීමටද අනෙකුත් ප්‍රජාවන්ට පරිසර දුෂණය. පිරිසිදු පානීය ජලය මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අාදී මෙකි නොකි දේ ලබාගැනීමට පාරට බැසීමට සිදුවනු අැත.

    ReplyDelete
    Replies
    1. වැඩ නොකරන කම්කරුවන්ට /රජයේ සේවකයන්ට පඩි වැඩිකරගන්න සුදුසුම පාලකයා මහින්දයි, ඔහු නොසිටියානම් එජාපය කවරදාවත් එවැනි දෙයක් නොකරනු ඇත, වෙළඳපොලේ ඉල්ලුමක් නැති බෝග වගා කරන ගොවියාගේ අස්වනු මිළදී ගෙන ගබඩාවල කොම්පෝස්ට් / සත්වාහාර බවට පත් කිරීමටද, ලාබදායී ලෙස ගොවිතැන් කිරීමට අසමත් ගොවීන් ගේ ජන්දය ලබාගැනීම උදෙසා සහනාධාර බෙදාදීමටද මහින්ද වැනි පාලකයෙකු අවශ්‍යමය, ඇත්තෙන්ම ජනවාරියේදී ලංකාවේ බහුතරය කර ඇත්තේ මොඩ වැඩකි.

      Delete
    2. ඉදිරිය්දි නැවත නැවතත් සිදුවිමට නියමිත ප්‍රජාවගේ අයිතින් ඉල්ලා කරණු ලබන අරගලයන්හි නායත්වය ජාතිවාදීට, අාගම්වාදිට, සිවිල් සංවිධාන හා පුද්ගල චරිතවලටද හා අරගලය මතින් තමන්ගේ පැවැත්ම අාරක්ෂා කරගන්නා මෙම ක්‍රමවේදය අාරක්ෂා කරණු ලබන සහ තමන්ද ඒ් අාකාරයෙන්ම කටයුතු කරන දේශපාලන පක්ෂවලටත් ලබා ගැනීමට ඉඩ නොදෙමින් ඒම අරගලයන් ජනතාවගේ සැබැ අරගලයන් බවට පත්කල යුතුය. ඒවිට ජනතාව තම අයිතින් හා වගකීම් පිලිබදව අවබෝධයකින් අරගල කරණු අැත.
      මෙවැනි අරගලයන් නිවරදි දිශානතියකට මෙහෙයවිය හැකි නායකයින් සහ මෙහෙයවන නායකයන් අවශ්‍ය පරිදි දැනුවත් කිරීමත් මෙම අරගලයන් හුදු ඒක් ඒක් කරුණට ලඝුවීම වලක්වමින් සමාජ විරෝධයක් දක්වා පතුරවාලීම සදහා සංවීධානය වීම සියලු වාමාංශිකයන්ගේ වගකීමය.
      නැතහෙත් අද දවසේ ප්‍රමූඛ කාර්ය ලෙස මහින්ද ප්‍රමුඛ දුෂිතයින් ඒලවිමට පෙළගැසි සිටිනා දේශපාලනය පිලිබද යම් හෝ කියවිමක් අැති සහ පවතින ගැටලුවලට ප්‍රයෝගික පිලිතුරු සෙයන සමාජ වෙනසක් පිලිබද යම් හැගිමක් අැති පිරිසට හෙට නැවතත් රනිල් ප්‍රමූඛ සංධානයක් හෝ සජිත් ප්‍රමුළඛ පිස්සන් කැළක් ඒලවීමට සිදුවනු අැත.

      Delete
    3. ඇණයා Nut ManAugust 5, 2015 at 2:16 PM
      වැඩ නොකරන කම්කරුවන් / රජයේ සේවකයින් සහ ඉල්ලුමක් නැති බෝග වගාකිරිමට සිදුවන ගොවින් යනු මෙම ක්‍රමයේ අර්බුදයක්මය. සමෘධිය, පොහොර ලබාදීම, අරක්කු බත් පැකැට්, රජයේ රස්සා ලබාදීම තුලින් සියලුම පාලකයන් තමන්ගේ පැවත්ම අාරක්ෂාකර ගනිමින් අැත. ඒය මහින්ද රනිල් නොව වෙනත් ඔ්නැම මෙම ක්‍රමවෙදය පිලිගන්නා අයකු කරනු අැත.

      Delete
  15. කාලෝච්තව ලියන ලද නිර්භීත ලිපියක්. මෙයයි සත්‍ය.

    ReplyDelete
  16. පැරා, උඩ තියන ටොය්යද / බය්යද වොට් එකේ (ඔබ ඡන්දය දෙන පක්ෂය තීරණය කිරීමේදී සැලකිල්ලට ගන්නේ කුමන කාරණා ද?) යට ස්ක්‍රෝල් බාර් එක පලල් කරන්න, උත්තර එකින් එකට ස්ක්‍රෝල් කරන්නයි වෙලා තියෙන්නේ.

    ReplyDelete
  17. එදා

    රක්ෂණ සංස්ථාව

    අද

    මහා බැංකුව

    හෙට

    ඉතිරි කිරීමේ බැංකුව
    ලංකා බැංකුව
    මහජන බැංකුව

    me karanne Mahinda paradawanawa kiyaa UNP ekata chanda wadi kara ganna. Mahinda paraduna kya kramaya paradinne na.

    ReplyDelete
    Replies
    1. තෝ ඕකම හැම සයිට් එකේම කියා කියා යන්න එපා. අලුත් දෙයක් කියපිය මරාගේ ඇට ලෙවකන්නා

      Delete
  18. සම්පූර්නයෙන්ම එකඟයි අජිත්. //එහෙත්, ලංකාවේ ඡන්දදායකයන් ගැන මට නම් ඒ හැටි ෂුවර් එකක් නැත. ඒ නිසා මම නම් රිස්ක් ගන්නේ නැත.// ජීවිතයේ ප්‍රථම වතාවට අලියට කතිරෙ ගහන්න යන්නෙ මේ වතාවේ. මම ඊට පසුබට වෙන්නේ නැහැ. කොහොමත් මෛත්‍රි පොදු අපේක්ශකයා නොවුනනා නම්, ජනාධිපතිවරනයේදී එක්තරා විදියකට පොදු අපේක්ශකයා විය යුතුව තිබුනේ රනිල්. කොහොමත් මගේ චන්දය දෙන්නයි තීරනය කරලා තිබුනේ කාට වුනත්. වාමාංශික කන්‍යාභාවය (නිර්මාල්ගේ වචනයක් ) තියාගෙන වැඩක් නැහැ මහින්ද සංධානයට ආපහු ඉඩක් තියෙනවනම්.

    මම මේ ගැන මගේ අදහස පසුගිය දවසක රාජ්ගේ බ්ලොගයේ කොමෙන්ට් කලා. හංසයාට වැටුන චන්ද කැඩීම අපි හිතන තරම් සරල කාරනාවක් නොවෙයි. ඔය බලවත් විපක්ශයක් වෙනුවෙන් ඉන්න අය ටිකක් අධිතක්සේරුවක ඉන්නේ. යූඇන්පිය වුනත් එහෙමයි කියලයි මට නම් හිතෙන්නේ. මහින්ද සංධානය ඕල් රෙඩි පැරදිලාය ඉන්නෙ කියලා තමයි ඒ අය හිතන්නේ.

    සමහරු කියනවා මහින්ද ප්‍රමුඛ සංධානය පරාජය කිරීම අද දවසේ මුලික කරුණ ලෙස ඉදිරිපත්කිරීම විකාර සහගතලු. ජන 8 කලින් ඕක ඔහොම නෙමෙයි. දිවි හිමියෙන් මහින්ද පරාජය කිරීමට ඉදිරිපත් වුනේ. ඒ වෙලාවේ ජවිපෙ ගත්ත ආස්ථානය මම වැරදියි කියන්නේ නැහැ. වෙලාවෙ හැටියට ජවිපෙ හිතුවේ දීර්ගකාලීනව ඒ ගොල්ලන්ගෙ අනන්‍යතාවය ගැනයි.

    ඉතා සරලව කිව්වොත්, මහින්ද සංධානය වැඩි ආසන ගනනක් දිනාගත්තොත්, ප්‍රබල අවංක විපක්ශයක් මේ ලංකාවේ තියෙන්න විදියක් නැහැ කියන එක ගිය අවුරුද්දෙ ඉපදුන ලමයෙකුට උනත් කියල දෙන්න ඕනෙ නැහැ.

    මහින්ද සංධානය තීරනාත්මක ලෙස පරාජය කරමු. අලියාට චන්දය දෙමු!

    - Dimithri

    ReplyDelete
  19. Excellent and timely write up! I agree with almost everything in this post. May others also be able to see the light!

    ReplyDelete
  20. පැරකුම් සහෝදරයට සමාජවාදය අමතක වෙලා වගේ ධනවාදී එක්සත් ජාතික පක්ෂය දිනවන්න කතා කරන්නේ. මහින්ද පරද්දන්න සමාජවාදී වස්ත්‍රය ගලවලා ධනවාදයත් එක්ක දීග යන්න උනත් ලෑස්ති වෙන්නේ ජාතිකත්ව විරෝධය කියන කාරනාව පෙරදැරීව නේද?

    ReplyDelete
  21. Be calm guys. Para didnt go to the UNP. UNP came to Para. So nothing to worry or panic

    ReplyDelete
  22. නියම සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය දැන් තියෙන්නේ යූ.ඇන්.පී. එකේ. අපිට රනිල් විශ්වාස යි. අපි මෙදා පාර ඡන්දය දෙන්නේ රනිල්ට.

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. සන්ධානයේ කිනිතුල්ලන්ට අවශ්‍ය මහින්දගේ කර මතින් දියවන්නාව තරණය කිරීම පමණයි. ඔවුන්ට මහින්ද අවශ්‍ය හුදෙක් ඒ කාරිය සඳහා පමණක්මයි. දියවන්නාව තරණය කල පසු ඔවුන් අශුචි රැලකට ලංවන නිලමැස්සන් සේ එජාප නායකත්වය වටේ රොද බඳිමින් ඇමතිකම් වෙනුවෙන් ඔහු වර්ණනා කරනු ඇත. ඒ නිසා වඩාම හොඳ ස්වාධීන ඡන්ද එජාපයටම දැමීමයි.

    ReplyDelete
  26. ප්‍රශ්ණ 05 යී , කිලෝ 50 යීAugust 6, 2015 at 3:23 AM

    1. රනිල් වික්‍රමසිංහ යනු කුමක් ද ?
    2. මහින්දට සිදුවුනේ කුමක් ද ?
    3. ජවිපෙ පිබිදීමට අගෝස්තු 17 පස්සේ වෙන්නේ කුමක් ද ?
    4. අගෝස්තු 17ට පස්සේ රට සුරපුරයක් වේවි යැයි සිතන අයට සිදුවන්නේ කුමක් ද ?
    5. ලංකාවේ වාමාංශිකයන්ට සිදුවුනේ කුමක් ද ?


    ඉහත කුමක් ද ප්‍රශ්ණ 5ට නිවැරදීව උත්තර සපයා, නිවසේ අලංකාරයට තැබිය හැකි මාක්ස්,ඒංගල්ස් හා ට්‍රොස්කිගේ පොත් කිලෝ ග්‍රෑම් 50 ක් දිනාගන්න.(හදිසියට දර නැතිවිට ලිපටද කදිමයී)

    ReplyDelete
    Replies
    1. අන්තිම ප්‍රශ්ණෙට එක්සත් ජාතික පාක්ශිකයෙකු හැටියට පිලිතුරු දීමට කැමතියි. 1951 පෙර සමසමාජ සහ කොමියුනිස්ට් පක්ශ වාමාංශික ව්‍යාපාරයේ පැහැදිලි අරමුණු සහ ඉලක්ක සහිතව සිටියේය. එවකට තිබූ මහ බලවතුන්ගේ සීතල යුද්ධයේ සැලසුම් අනුව එම පක්ශ වලට රට සමාජවාදී ක්‍රමයකට හැරවීමට නොහැකියයි සිතුණු නිසා, අගමැති කමට පෙරේතව සිටි බණ්ඩාරණායක ලවා වම හයි ජැක් කරණ ලදී. සිංහල ලිවීමට වත් බැරි වලව් කාරයෙකු සරමකට බැස සමාජවාදී සටන් පාඨ වලට අමතරව ජාතිවාදයද හා ආගම් වාදය දඩමීමා කරගෙන 1956 'විප්ලවයක්' කරණ ලදී. සෝවියට් පිලේ සැලසුම් ක්‍රියාත්මක කරමින් ඇමෙරිකන් තෙල් සමාගම්, එංගලන්ත සමාගම් වලට අයත්ව තිබූ වරාය, තේ සහ රබර් වතු වැනිදේවලට අමතර ගැලරිය සංතෝස කිරීමට සිංහල ව්‍යාපාරිකයන්ට අයිතිව තිබූ බස්, මිනිරන් පතල්, පොල් වතු ආදිය ජනසතු කොට සිංහල ප්‍රජාවට විශාල හානියක් කරණ ලදී. ඊට අමතර ලංකාවේ ත්‍රිකුනාමලයේ තිබූ බ්‍රිතාන්‍ය නාවික කඳවුරද පිටමන් කළ අතර බ්‍රිතාන්‍ය සම තිබූ ආරක්ශක ගිවිසුමද අවලංගු කරන ලදී. මේ නිසා ඉන්දියාවට ලංකාවට අතපෙවීමට දොරටු විවර කර දෙන ලදී. ජනසතු කළ ව‍යාපාර කළමනාකරණයට ක්‍රමවත් සැලැස්මක් නොවූ බැවින් අතවැසියන් විසින් ඒවා කාබාසිනියා කොට මහජන මුදලින් යැපෙන ආයතන බවට පත්කරන ලදී. කළින් තිබූ වාමාංශික පක්ශවලට යන එන මං නැතිවූ නිසා බණාඩරණායක වාදී ආන්ඩුවලට මුක්කු ගැසීමේ තත්ත්වයකට පත්වන්නට සිදුවිය.

      Delete
  27. ඒකනම් ඇත්ත... අපිට 56 ඉදන් තිබ්බේ ඉන්ග්‍රීසි භාශාව අධ්‍යාපන මාධ්‍ය වුනු බටහිර හිතවාදී රටක් විදිහට බටහිරෙන් උදව් අරගෙන දියුනු වෙන්න.. මැලේෂියාව, සිංගප්පූරුව, තායිවානය, ද.කොරියාව වගේ රටවල් ඔක්කොම කලේ එහෙමයි...
    එහෙමනම් ජාතික ප්‍රශ්නෙත් මෙච්චර ඔඩු දුවන්නෑ, 70 ගනන්වල සිරිමාවෝ බූල් කෙලිය වගේ ආර්ථිකයට කෙලවෙන්නෙත් නෑ, 80 ගනන් වෙනකො ආර්ථිකව බලවත් ජාතිවාදී අරගල රහිත රටක් නිසා ඉන්දියාවට ඇගිලි ගහන්න හම්බවෙන්නෙත් නෑ...
    6 ඉදන් සිංහලයො චූන් කරන්න සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු එකයි, සෝවියට් සංගමය හා උන්ගේ අනුගාමී වම්මු චූන් කරන්න සමාජවාදී හුචක්කුවක් පස්සෙ ගියපු එක තමා අපි වරද්ද ගත්ත තැන්..

    ReplyDelete
    Replies
    1. ඉන්ග්‍රීසි භාශාව අධ්‍යාපන මාධ්‍ය වුනු ද.කොරියාව ??? ඔලුව ගලක වැදුනද ? දකුණු කොරියාවේ කොහෙද යකෝ ඉංග්‍රීසි මාධයෙන් අද්යපනේ දුන්නේ ? පල් මෝඩයෙක් බන් උබ නම්!!

      Delete
  28. nalinda jayathissata nam kalutharadi manaapayak dunnata kamak nee kiyanne eya dosthara kenek nisaa wenna athi neda peraa

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා